Friday, April 14, 2023

ජවිපෙ /මාලිමාවේ සිහින නිෂ්පාදන ආර්ථිකය

මීලඟ ජනපති අනුර කුමාර


මාලිමාව වෙසින් එන ජවිපෙ දැන් කියන එකක් තමයි නිෂ්පාදන ආර්ථිකයක් හදනව කියන එක. ඊට අමතරව ණය ගන්නෙත් නිෂ්පාදනයන් කරන්න කියන එක. මහින්ද වගේ කිසිම වැඩක් නැති ව්‍යාපෘති වලට ණය නොගන්නව කියන්න එක අතකින් හොඳයි.

ඒත් ඒ අයට නොතේරෙන එහෙම නැත්නම් තේරිලා වුනාට මෝඩ චන්දදායකයින්ව මුලා කරන කරුන නම් ලංකාව වගේ ඉතා කුඩා ජනගහණයක් ඉන්න රටවලට අපනයනය පදනම් වෙච්ච නිෂ්පාදන ආර්ථිකයක් සාර්ථකව හදන්න බැහැ කියන එක. රටේ පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණය හදා ගන්න පුළුවන් වුනත් රටේ අවශ්‍යතාවය කුඩා නිසා ඒකට ගැලපෙන ප්‍රමාණයක් හැදීමෙන් අවශ්‍ය කරන පරිමාණ වාසියක් (economies of scale) ගන්න බැරි එක මුන්ට තේරෙන්නෙ නැහැ. මේවගේ ක්‍රමයක් තමයි 1970-77 දක්වා රටේ තිබුණෙ. ඒවුනාට ඒකාලෙ ලංකාවේ හදපු කිසිම දෙයක් (තේ පොල් රබර් හැර ) අපනයන කරන්න බැරි වුනා. මේවගේ නිෂ්පාදන ආර්ථික ගැලපෙන්නේ විශාල ජනහහණයක් (දේශීය වෙලඳපොලක්)  සිටින රටවලට. ඒ රටවල දේශීය වෙලඳ පොලට අවශ්‍ය ප්‍රමාණය හැදුවත් ඒ ප්‍රමාණය විශාල නිසා අඩු ඒකක නිශ්පාදන වියදමක් ගන්න  ගන්න පුළුවන්. රට තුල පරිභෝජනයෙන් ස්ථාවර වියදම් පියවා ගන්න පුළුවන් නිසා තරඟකාරී මිලකට අපනයනය කරන්න පුළුවන්. කොහොම හරි විදේශ මුදල් ලැබෙන  ප්‍රමාණයට අඩු ගණනක් තෙල් සහ අනික් ආනයන සහ පිටරට අධ්‍යාපනයට වියදම් වෙන්න ඕන. එහෙම අතිරික්තයක් ලබාගත්තොත් විතරයි වසරක් පාසා ඉහල යන විදේශ ණය අඩු වෙන්න පටන් ගන්නේ.

අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කරනවානම් එය සිදුවන්නේ එම රටවල වෙලඳ පොලට සපයන විදේශ ආයතන මේ රටේ ආයෝජනය කිරීමෙන්. එවැනි විශාල අයෝජන අද කාලයේ ලංකාවට එන්නේ නැහැ. ඒකට හේතු කීපයක් තියෙනවා.

1. 1970-80 දශක මෙන් නොව අද එවන් අයෝජන ලබා ගැනීමට උත්සාහ කරන රටවල් විශාල ප්‍රමාණයක් තිබීම සහ ලංකාවේ කම්කරු නීති ආදිය නිසා ලංකාව අයෝජකයින්ට ආකර්ශණීය තැනක් නොවීම. 1977 නිදහස් වෙලඳ කලාප හැදුවේ රටේ කම්කරු නීති බල නොපාන විදිහට. ඒත් 1994 පත් වෙච්ච චන්දිරිකා ආණ්ඩුව ඒක වෙනස කලා.

2. ලංකාවේ ශ්‍රම වියදම එම ආයෝජන ගන්නා අනික් තරඟකාරී රටවලට වඩා වැඩිවීම. උදාහරණයකට බංග්ලා දේශයේ වැටුප් ලංකාවට වඩා ඉතා අඩුයි. ඒ නිසා නුපුහුණු ශ්‍රමය අවශ්‍ය අය යන්නේ ඒ රටවලට.

3. උසස් අධ්‍යාපන අවස්ථා නිසා පුහුණු ශ්‍රමිකයින් ලංකාවේ අඩුයි. ඒ නිසා තාක්ෂණික නිෂ්පාදන සමාගම වලට ලංකාවට එන්න හේතුව නැහැ. උදාහරණයකට මෘදුකාංග සමාගම් වලට අවශ්‍ය මෘදුකාංග ඉංජිනේරුවන් ලංකාවේ වසරකට 10,000 ක පමණ හිඟයක් තියෙනවා. ඒ නිසා ඔවුන්ගේ වැටුප් ඉන්දියාවට වඩා වැඩියි. අඩු වැටුපකට විශාල මෘදුකාංග ඉංජිනේරුවන් සිටින ඉන්දියාවේ අයෝජනය නොකර වැඩු වැටුපකට සුළු මෘදුකාංග ඉංජිනේරුවන් සැපයුමක් තියෙන ලංකාවට විදේශ මෘදුකාංග අයෝජන එන්නේ නැහැ.

අනික ජවිපෙ කියන විදිහට ගමක ඉන්න 1,000 දෙනෙකුට මී මැසි පෙට්ටි 10 ගානෙ බෙදල මී පැණි හැදුව කියල ලෝකේ මී පැණි හදල විදේශ විනිමය හොයන්න බැහැ. ඒක වෙලඳ කලමණාකරණයේ උගන්නන  Production orientation කියන එකට හොඳ උදාරණයක්. නිෂ්පාදන කරනවනම් අපනයන ඉල්ලුම තියෙන දෙයක් හදනව මිසක් අපිට ඕන දේවල් හැදුවට ගැණුම් කාරයෝ පෝලිමේ එන්නේ නැහැ. 

ලංකාව වගේ කුඩා රටවලට කරන්න පුළුවන් සේවා අර්ථිකයක්. උදාහරණයකට අපිට අධ්‍යාපනය වගේ දේවලින් මුදල් හොයන්න පුළුවන්. ඒකට පුද්ගලික විශ්ව විද්‍යාල ඇතිකිරීම කලයුතුයි. අදටත් මැලේසියාව, බංග්ලාදේශය විතරක් නෙවෙයි ඔස්ට්‍රේලියාව වගේ රටවලුත් අධ්‍යාපනයෙන් බිලියන ගණන් හොයනවා. ඒවගේම ඒවගේ ක්‍රමයකින් පිටරට අධ්‍යාපනය සඳහා වසරකට පිටරට ඇදෙන ඩොලර් බිලියන දෙකෙන් කොටසක් හරි ඉතුරු කරගන්න පුළුවන්. අනික සිසු ණය ක්‍රමයක් සමඟ පුදගලික විශ්වවිද්‍යාල ඇතිකිරීමන් අද ත්‍රිරෝද රථ පදින හෝ මැද පෙරදිග කඹුරන අය වෙනුවට මෘදුකාංග ඉංජිනේරුවන්, සහ ලොව පුරා ඉල්ලුමක් තියෙන මෝටර් කාර්මිකයින්, සිවිල් ඉංජිනේරුවන් බිහි කරන්න පුළුවන්. එහෙම පුහුණු ශ්‍රමිකයන් සැපයුම වැඩි කලොත් සමහර අපනයන නිශ්පාදන කර්මාන්ත කිහිපයක් වත් අයෝජනය සඳහා එන්න පුලුවන්. එහෙම නොආවත් පුහුණු ශ්‍රමිකයන් රට රස්සා වලට යාම මඟින් නුපුහුණු ශ්‍රමිකයන් ප්‍රෙශණය කරන මුදල වගේ හතර පස් ගුණයක් රටට ඩොලර් ලැබෙන්න පුළුවන්.

ජවිපෙ / මාලිමාවෙ හැම රැස්වීමකදිම මහින්ද. බැසිල්, සිරන්ති, නාමල් කරපු හොරකම් ගැන කියව කියව ඉන්නව ඇරෙන්න බලය අරගෙන කරන දේ ගැන පැහැදිලිව නොකියන්නේ එහම් කිසිම සැලැස්මක් නැති නිසයි. අනික තමයි ජවිපෙ හොරු අල්ලල හොරකම් කරපු සල්ලි ආපහු ගේයි කියල දෙන පොරොන්දුව. 1980 ගණන් වල පිලිපීනේ හිටපු මාකෝස් එකාධිපතියා හොරා කාපු සල්ලි වලින් 2% ක් වත් අවුරුදු 30-40 ක් ගිහිල්ලත් හොයාගෙන නැහැ. ඒ මදිවට මාකෝස් ගෙ පුතා දැන් ජනාධිපති වෙන තත්ත්වයටකට පිලිපීනෙ පත්වුනේ මේ වගේ හොරු අල්ලන පොරොන්දුවක් දීල ඒක කරගන්න බැරිවුන නිසා තමයි. 

රටේ තිබෙන ප්‍රධාන ප්‍රශ්ණය වෙන විදේශ ණය ප්‍රමාණය දැනට තියෙන සාකච්චා මඟින් යම් ප්‍රමාණයක් හෝ කපා හරවගෙන ඉතුරුණය දීර්ඝ කාලීන ණය වලට පරිවර්ථනය කරල, ආනයන සීමා කරගෙන රට ගෙනියන ගමන් සේවා ආර්ථියකකින් පමණයි අපිට එලිය ඒමක් තියෙන්නේ. 

මේ කිසිම දෙක නොදන්නා කමින් හෝ නොමඟ යැවීමේ අරමුණෙන් ගෙනියන ජවිපෙ/මාලිමා චන්ද ව්‍යාපාරය සාර්ථක වුණොත් ඒ අයගේ පුහු නිෂ්පාදන ආර්ථිකයෙන් මී පැණි රට යවල, මහින්ද හොරකම් කරපු සල්ලි හොයාගෙන ණය බරෙන් ගැවෙන විදිහ ගැන හීන බල බල දෙන දෙයක් කාල ඉන්න කියුබාවෙ , වෙනුසුවෙලාවේ අනික් සහෝදර රට ලංකාව වෙන ගැන හැමෝටම බලාගන්න පුළුවන්.

මට හිතෙන විදිහට රට බේරගන්න ගෝඨා ගේන්න කවි ලියපු මෝඩ රැල තව පාරක් රටට කෙලවන්න මාලිමාවක් ගේන්න හීන මවනව කියල තමයි මට නම් පේන්නේ. ඒකාලෙ අපි ඒ කැම්පේන් එකට විරුද්ධව කියපු දේවලට හිනා වුනු උන්ම තමයි අදත් හිනාවෙන්නේ. 


මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

42 comments:

  1. ණය ගන්නෙත් නිෂ්පාදනයන් කරන්න විතරයි කියන එක වගේම නිෂ්පාදන ආර්ථිකයක් හදනව කියන එකෙත් වරදක් මම දකින්නෙ නෑ.

    ඔබ කියන වගේ ඒක සාර්ථක වෙයිද කියන එක ප්‍රශ්ණයක්. ඒත් " සැකයේ වාසිය විත්තියටයි" කියන්නැහෙ, තාම අවස්ථාක් නොලැබුණු ජවිපෙට චෝදනා කරන්න ඉක්මන් වැඩියි කියල හිතෙන්නෙ නැත්ද? පැහැදිලිවම , තාමත් වැල යන අතට මැස්ස ගහනවා මිසක, රනිල්ට විකල්ප ආර්ථික ප්‍රතිපත්තියක තියනවාද?

    ලංකාවට සේවා අර්ථිකයක් වුනත්, අසාර්ථක වෙන්න ඉඩතියනවා. අපි බොහොම ලොකුවට හිතාගෙන හිටියට, අපිට කාර්‍යක්ෂම සහ දියුණු ඉහල අධ්‍යාපන ක්‍රමයක් නෑ. විවි ආචාර්‍යවරු හැමෝම, ලක්ස ගාණක පර්යේෂණ දීමනාවක් නං ගත්නවාලු, ඒත්......
    අපට අධයාපනයට විදෙස් සිසුන් ගෙන්න ගන්න තියා, අධයාපනයට රටයන අපේ සිසුන්වත් නවත්තගන්න බැරි ඒ නිසා වෙන්ටෑ. මෙච්චර කල් ණයට කෑව වගේම, ජාතියක් විදිහටත් අපට තියෙන්නෙ "ෆ්‍රී ලෝඩින්" මානසිකත්වයක්. හැමෝටම ඕනෙ තමන්ගෙ දරුවො ඉංජිනේරුවො, දොස්තරලා කරන්න. නැත්නම අඩුම ගානේ "වයිට් කොලර්" ජොබ් එකක්වත් අරං දෙන්න. විවි ගිහින් අධ්‍යාපන නොකර අරගල කරන "සහෝදරවරු" පවා ඉල්ලන්නෙ ආණ්ඩුවෙ රැකියා - ඒ අරගෙන අයිස් කෙලින්න. ඉතිං කොහොමද රටක් දියුණු වෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බස්සා. නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ලංකාවට අවශ්‍ය සාධක නැහැ කියන එකයි මම කියන්නෙ. හදන්න පුළුවන් නම් හොඳයි. දැනට ලෝකේ නිෂ්පාදනය කරන දේවල් ගොඩක් නිෂ්පාදනය කරන්නේ චීනයේ. මම හිතන්නේ ඉන්දියාවේ ජනගහනයත් එක්ක ඒගොල්ලෝ ඒක ගොඩක් කාලයක් තිස්සේ කරනවා. යුරෝපයෙත් අධිතාක්ෂනික නිශ්පාදන වෙනවා. නිෂ්පාදනයට ඕන කරන දේවල් අමුද්‍රව්‍ය හැටියට විශේශ දේවල් ලංකාවේ නැහැ. තාක්ෂණික පුහුණුව ලත් ශ්‍රම බලකාය සීමා සහිතයි. ඒකට හේතුව ජනගහනය අඩුවීම සහ උසස් සහ තාක්ෂණික අධ්‍යාපනයට අවස්ථා අඩු එක. ජවිපෙ නොකියන්නේ අපිට මොනවද අපනයන වෙලඳපොලට හදන්න පුලුවන් කියන එකයි. සාර්ථකව අපනයන කරන්න පුලුවන් දෙයක් සහ ඒකට අවශ්‍ය පුහුණු ශ්‍රමය සහ වෙලඳපොල තියෙනවනම් රජයකින් ඒක කරන්න ඕන නැහැ. දේශීය සහ විදේශීය පුද්ගලික අංශ ඒවා කරයි. යමක් කරන්න පුලුවන් නම් ඒකට ප්‍රාග්ධනය යොදන්න හෝ හොයාගන්න ක්‍රම ඕන තරම් තියෙනවා. ලංකාවේ ඩොක්යාඩ් සමාගමට විවිධ නාවික යාත්‍රා හදන්න පුළුවන්. ඒත් ඒ හැකියාව තියෙන තව බොහෝ රටවල සමාගම් තියෙනවා. ඒ නිසා ඩොක්යාඩ් සමාගමට ලැබෙන්නේ සීමිත ඇණවුම් ප්‍රමාණයක්. තර්කානුකූලව නිෂ්පාදන ආර්ථිකයකින් අපනයන ආදයම් හොයාගන්නවා කියන එක ලස්සන අදහසක් තමයි. මම කියන්නේ ප්‍රායෝගික දෙයක් නෙවෙයි කියන එකයි. තරඟකාරීට වඩා හොඳ දෙයක්, තාක්ෂණිකව දියුණු දෙයක්, අනික් අයට වඩා අඩු වියදමකින් සපයන්න බැරිනම් මොනව හැදුවත් විකුණගන්න බැහැ. ඒ නිසා වෙන්නේ ගෝඨාගෙ සිස්ටම් චෙන්ජ් එක වගේ රැවටීමක් විත්‍රයි.

      Delete
    2. අඩු-වැඩි වශයෙන් ඔබ සමඟ එකඟයි. අන්‍රයියා වංගු ගහන්න දෙයියා නිසා මටත් සැක නැතුව නෙමෙයි. ඒත් නිෂ්පාදන, සේවා මොන ආර්ථිකයකින් හරි ගොඩ යන්න ඕනෙ නෙව? අපි යුද්ධ කරද්දි, සංචාරකයො ගෙන්න ගෙන මාලදිවයින ගොඩ ගියා. අපේම ගාමන්ට් ක්ෂේත්‍රයේ මොල ටික ගෙන්න ගෙන, බංගලාදේසෙ ගොඩගියා. කපුටා ආඩම්බරෙන් පාත්තරේ අරං බංගලාදේසෙ ගියා. මේ විශම චක්‍රයෙන් මිදෙන එක අමාරු වුනත් කල නොහැක්කක් නොවේ. චීනෙත් එක්ක තරඟකරන්න බෑ කියල නොයිඳ, ඉන්දියාව කොලිටිය අඩු ඒත් ලාබ ඖෂධ-pharmaceutical මාකට් එක අල්ලගත්තා.

      රට වටේම මූද තියෙන මාලු ටිකවත් කලමනාකරණය කරගන්න අපට බෑ. නාස්තිය, දූෂණය වංචාව මුළු සමාජයේම ඔඩු දුවල. ඉස්සෙල්ලම හදන්න ඕනෙ සමාජ ආකල්ප.

      Delete
    3. සුභ අලුත් අවුරුද්දක් වේවා!

      Delete
    4. ඔබටත් එසේම වේවා. පුළුවන් නම් කස්ත්‍රෝ කියුබාව අල්ලා ගත් පසු සීනි නිශ්පාදන කථාව කියවල බලන්න. ඔවුන් හිතුවෙත් මේවගේම දේශීයව සීනි හදල දියුණු වෙන්න.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. මුලින්ම මම කියුබාව ගැන ලියූ ලිපි දෙකක් දාන්න අවසර දෙන්න ඉයන් ල වගේ යහළුවෝ මේ වැරැද්ද නිතර කරන නිසා මේක නැවත නැවත කියන්නව වෙනව. කියුබාව සමාජවාදීද 2 ?https://kolambagamaya.blogspot.com/2015/09/2.htmlවෙනවා.

      Delete
    7. කියුබාව සමාජවාදීද 1?https://kolambagamaya.blogspot.com/2015/07/1.html

      Delete
    8. කියුබාව, සත්‍යය සහ කැමරාකරු https://kolambagamaya.blogspot.com/2020/12/blog-post_6.html

      Delete
    9. කෙටියෙන්ම තර්කය මේකයි. කියුබන් ක්‍රමය සමත් නම්, ඒකෙන් නිෂ්පාදනය තියා මොකවත් කෙරෙන්නේ නැත්නම් අමෙරිඅක්ව බය මොකද ? සම්බාධක දාගෙන දඟලන්නේ මොකද? ඇත්ත නම් සීනි ටික ඔක්කොම අඩු මිලට ගත්තේ සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී රටවල්. සම්බාධක නොතිබුනා නම් වෙන රටවලට යවනව. සම්බාධක (කියුබාවට වෙන නිදහස් ලෝකයේ කිසිම රටකට දේවල් විකුනන්න නොදී, ඇමෙරිකානු සමාගම් , කොටින්ම යුරෝපයේ සමාගම් වලට පවා තහනම් කර ) දාල උන්ගේ නිෂ්පාදන ආර්ථිකය අසමත් කියන එක හරියට කෙනෙක් ගේ අත් දෙක බැඳලා , ආ වරෙන් ගහගන්න , කියනව වගේ නෙමෙයිද?

      Delete
  2. සමාජවාදී සමුහ ආණ්ඩුවක් ගොඩ නැගීමෙන් පසු ද්‍රෝහීන් එක පෙළට සිටුවා වෙඩි තැබිය යුතුය.

    ReplyDelete
    Replies
    1. ඉන්පසු අන්‍රයියාට "Kim Jong-un" කියා ඇමතිය හැක.

      Delete
    2. එක පෙලට නැතුව පේලි කීපෙකට තිබ්බොත් ප්‍රශ්ණයක් වෙයිද?

      Delete
  3. අන්රෛයල කියන්නෙ අපිට බලේ දෙන්ඩ (මද්දුම බණ්ඩාර වගේ) කරනා සැටි අපි පෙන්වන්නෙමු! කියලානේ.
    අර පක්ෂ අරමුදලෙ තියෙනවෛ කියන බිලියන ගානක සල්ලි වලින් අපනයන කර්මාන්තයක් කරලා පෙන්නුවනං හොඳ නැතිවෙයිද? හා හා එතකොට ලාල් ඓයලාට නිවාඩු ගන්ඩ බැයි වෙනවනේ. සොරි!

    ReplyDelete
    Replies
    1. රජයේ වියදමින් ව්‍යාපාර කරන එක 1956 සහ 1970 අත් හදා බැලුවා. වැඩිපුරම කලේ පුද්ගලික ආයතන පවරාගෙන එහෙම කරන එක. හොඳට තිබ්බ වතු ටික විනාශ කලේ එහෙම තමයි. මේ කථාවල් බලය ගන්න කරන ඒවා. අට විපත්මඟ ගෝඨාභය ගේන්න කල ඒවා වගේ. එක දියුණු රටකවත් බලෙන් නිෂ්පාදන ආර්ථික හදල දියුණු වෙලා නැහැ. රජයකින් කරන්න ඕන යටිතල පහසුකම් සහ අවශ්‍ය පරිසරය ඇති කරන එක. උදාහරණයකට සුදුසු නැති සේවකයන් හෝ කර්මාන්තය ගෙනයා නොහැකිනම් සේවයකින් අස් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවනම් ව්‍යාපාර පටන් ගෙන රස්සා දෙන්න ව්‍යාපාරිකයො මැලිවෙන එක නැහැ. ජවිපෙ තියෙන වෘත්තීය සමිති එක්ක ඒවගේ දෙයක් කොහොමටවත් ඒගොල්ලන්ට කරන්න බැහැ.

      Delete
  4. //තාම අවස්ථාක් නොලැබුණු ජවිපෙට චෝදනා කරන්න ඉක්මන් වැඩියි// - ඇතුළු බස්සා කියල තියෙන සේරෝටම මගේ අදහස සමානයි.
    ඒ වගේම මට හිතෙන්නෙ... අන්රයියා/ මාලිමා ආවා කියලා අතිශයින් සමාජවාදී හෝ කලින් ආණ්ඩු වල හිටි අයට අර උඩ අනෝ කියන තාලේ වැඩ කරන්න හම්බුවෙන එකක් නෑ. මොකද දැන් ලෝකෙටම මේ රට ඇතුලේ වෙන දේවල තොරතුරු යනවා. පොදුරාජ්‍යය මණ්ඩලද, මානව හිමිකම්ද අරව මේවා එක්ක ගැටගැහිල, ඒ හැමදේටම සම්පූර්ණයෙන් පිටුපාල යන්ට බෑ. එතකොට එන සම්බාදක අරව මේවා අස්සේ මාලිමාවටත් දිසා හොයාගන්න බැරි වෙයි. ඒ හන්ද මට හිතෙන්නේ රතු ඇත්තන්ට වැඩිමනත් බියක් දක්වන්නට ඕන නැහැය කියල. හැබැයි මේ කියන්නෙ උන්දලව වැඩිමනත් විස්සාසයි කියල හෙම නෙවේ ඔන්.
    ජහමනයා සබුද්ධික හා තීරකයා වනතාක් ඕන පාලක පැලැන්තියක් ජල්ලි අල්ලයි.

    ReplyDelete
    Replies
    1. ඔන් මගෙනුත්... අවුරුද්දට සුබ පැතුම්. ජය !

      Delete
    2. මියන්මාරයේ හමුදාව බලය අල්ලගෙන කරන දේවල් බලන්න. විදේශ රටවලින් සම්භාධක පනවනවට වඩා දෙයක් කරන්නේ නැහැ. බලය ගත්තයින් පස්සෙ තමයි මේ ගොල්ලන්ගේ කෙරුවාව පේන්නේ. සමාජවාදී ප්‍රතිපත්ති කරන්නේ නැත්නම් එලිපිටම ඒක කියන්න පුළුවන් වෙන්න ඕන නේද? එහෙම කියන්නෙත් නැහැ. කිව්වත් විශ්වාස නැහැ. 2019 දිත් 3% තිබ්බ කට්ටියට ගෝඨා කරපු පිස්සුවෙන් පස්සෙ තමයි සමහර මිනිස්සු හැරුනෙ. ඒකයි හොරුන් අල්ලනවා කියන එක විතරක් කියන්නේ. මම කියන්නේ හොරු අල්ලන එක පෙන්නලා බලයට ආවට රාජපක්ෂල පිටරට හංගල තියෙන සල්ලි හොයාගන්න වෙන්නේ නැහැ. ඒ වුනාට හොරු අල්ලන්න ආපු අයගේ සමාජවාදී ක්‍රියා නිසා රට නැතිවෙනවා කියන එකයි. ඔබටත් සුභ අළුත් අවුරුද්දක් වේවා.

      Delete
  5. කල් බල බලා හිඳුමය ඉතිරිව ඇත්තේ
    මොනවා වෙයිද නෑ දන්නේ මේ වැත්තේ
    අවුරුදු කුමරු වැඩියා නෙව අපෙ පැත්තේ
    සුබ වේවයි පතමු හැමගේ අනාගතේ!

    ReplyDelete
  6. සුබ අලුත් අවුරුද්දක් වේවා කිව්වා ඉයන්, ඔබටත් පවුලේ හැමෝටමත් ලංකාවේ සහ ලොව පුරා සියලුම දෙනාට සුබම සුබ සෞභාග්‍යමත් නව වසරක් වේවා කියල මුලින්ම ප්‍රාර්ථනා කරනවා.

    හොඳ නිරීක්ෂණයන් ඉයන්, රාජපක්ෂ පාලනය යටතේ ණය ලබා ගෙන කලේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මිසක් රජයේ නිෂ්පාදන කර්මාන්ත ආරම්භ කිරීම නෙවෙයි. ඒ හරහා එම ආණ්ඩුවේ ප්‍රධාන අයට ඇතැම් දූෂණ චෝදනා එල්ල වුණත් ඒවා අමතක කරලා සංකල්පයක් වශයෙන් ගත්තොත් ඒ හරහා රටේ ආර්ථිකය ඉතාවේගයෙන් සංවර්ධනය වුණා. රාජපක්ෂ පාලනය යටතේ ලබාගත් අයි එස් බී ඩොලර් බිලියන පහක් පමණ ප්‍රමාණයක් හැරුණු විට නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය අධිවේගී මාර්ග සංවර්ධනය යාල් දේවී බෙලිඅත්ත ආදී දුම්රිය මාර්ග හම්බන්තොට වරාය වගේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සාර්ථක බවයි පේන්නේ වෙහෙරගල ඉහළ කොත්මලේ ඇතුළු ජලාශ ජලසම්පාදන ජලවිදුලි ව්‍යාපෘතිත් සාර්ථක බව පේනවා, විශේෂයෙන්ම විගණකාධිපති වාර්තාවෙන් පවා නොරොච්චෝලේ අධිවේගී මාර්ග ඉතා ලාභදායී බව වාර්තා කලා ගාමිණී විජේසිංහ විගණකාධිපති විසින් මාධ්‍ය හරහා. නමුත් ඇතැම් කුඩා ව්‍යාපෘති වූ ඩොලර් මිලියන 80 ක නෙලුම් කුළුණ, ඩොලර් මිලියන 35 ක හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව ආදී ව්‍යාපෘති නම් සාර්ථක නැතත් නෙලුම් පොකුණ රඟහල නම් ලංකාවට චීනයෙන් ලැබුණ පරිත්‍යාගයක් ලෙස අවුලක් නෑ නේද?

    මම හිතන්නේ ලංකාවේ පහුගිය කාලෙ අරගලය නමැති උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය කර රනිල් වික්‍රමසිංහ පාලනයට පත් කරපු එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් පක්ෂයේ බලය මේ වනවිට ඉතා බරපතල විදිහට එක්සත් ජනපදය තුල බිඳ වැටීම හමුවේ නැවතත් නන්දසේන රාජපක්ෂලාගේ ඩිමොක්‍රටික් පක්ෂයේ බලය ස්ථාවර වන බව පේනවා, ඒ නිසා බොහෝ දුරට 2024 පමණ වන විට නැවතත් ඔවුන්ගේ රජයක් පිහිටුවීමෙන් අනතුරුව තම පක්ෂයේ බොස්ටන් ටී පාටි සාමාජික ලංකාවේ නන්දේ ගැන ඔවුන් තීන්දුවක් ගැනීමට බොහෝ දුරට ඉඩ තියෙනවා. විශේෂයෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ කට්ටිය නන්දසේනගේ ප්‍රතිරූපය ඉතා බරපතල ලෙස ලංකාවේ දී විනාශ කළ එක ඔවුන් ලෙහෙසියෙන් ගන්න එකක් නැති බව මා මිත්‍ර ඩිමොක්‍රටික් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ අය පවා මා සමග නිල නොවන වශයෙන් පැවසුවා, නමුත් එක්සත් ජනපදයේ ප්‍රධාන ජඩ මාධ්‍ය මාෆියාව වගේම සමාජ මාධ්‍යත් ඩිමොක්‍රටික්වාදී නිසා ඔවුන් ප්‍රචාරණය පැත්තෙන් දුර්වලයි නමුත් ඊලෝන් මස්ක් Twitter එක මිලට ගැනීම ආදිය හරහා ඔවුන් වෙනමම ගේම් එකක් දීලා එම දුර්වලතාවය හදා ගනියි, මතකනේ ඊලෝන් බීබීසී ජඩමාධ්යකාරයෙක් ගේ රෙදි ගලවපු එක; 😏

    https://m.youtube.com/watch?v=XqJKAnN0-gM

    වෙනත් කරුණක් තියෙනවා ඔබෙන් අහන්න, විශේෂයෙන් එක්සත් ජනපදයට සැබැවින්ම තර්ජන එල්ලවන්නේ රුසියාව හෝ චීනයෙන් නොව අමෙරිකා එක්සත් ජනපදයේ අභ්‍යන්තර ත්‍රස්තවාදය තුළින්ම බව එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසපු එක ගැන හිතන්නේ මොකද?

    Contd

    ReplyDelete
    Replies
    1. මේකයි ප්‍රවෘත්තියේ සිංහල පරිවර්තනය

      //අමෙරිකා එක්සත් ජනපදයේ FOX රූපවාහිනී නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් අවධාරණය කළේ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් විශිෂ්ට මිනිසෙකු බවයි.

      වත්මන් එක්සත් ජනපදයේ ප්‍රධාන ප්‍රතිවාදියා රුසියාව හෝ චීනය නොව එම රට තුළම ජීවත්වන අසහනයෙන් පෙළෙන රැඩිකල් අමන විනාශකාරී කණ්ඩායම් බව අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

      හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්,

      "අමෙරිකානු එක්සත් ජනපදයේ ප්‍රධානම ප්‍රතිවාදියා චීනයද? රුසියාවද? උතුරු කොරියාවද? මම කියනවා.. ලොකුම ප්‍රශ්නෙ තියෙන්නේ රට තුළ. අසහනයෙන් පෙළෙන අමනෝඥ ජඩ තක්කඩි රැඩිකල් කණ්ඩායම්. අපිට රුසියාව, චීනය වැනි රටවල් සමග එක්ක ඉතාමත් හොඳින් සහ මනා සහයෝගෙන් ඉන්න පුළුවන්. මං ඒක ඉතාමත් සාර්ථකව කළා. මං චීනයෙන් ඩොලර් බිලියන ගණන් අරගත්තා. එක්සත් ජනපදයේ අපට ඉතාමත්ම වාසිදායක වන පරිදි වෙළඳ ගිවිසුම් ඇති කළා, මේ රටේ එතෙක් මෙතෙක් හිටපු සහ ඉන්න කිසිම ජනාධිපති කෙනෙක්ට බැරි වුණා. ඔවුන්ට මට ගෞරව කරනවා."

      එමෙන්ම පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී නෝර්ඩ් ස්ට්‍රීම් ඉන්ධන ප්‍රවාහන නළ පද්ධතියේ සිදුවූ පිපිරීම රුසියාව සිදු නොකළ බවද ට්‍රම්ප් මෙහිදී සඳහන් කළේය.

      "මම මගේ මවු රටට ගොඩක් ආදරෙයි ඒ නිසා මට අපේ රට අමාරුවේ දාන්න ඕන නැහැ. ඒක නොකළේ කවුද කියලා විතරක් මම කියන්නම්. ඒක කලේ රුසියාව නම් නෙමෙයි. ඩිමොක්‍රටික් පක්ෂයේ මුග්ධ පාදඩයන් කියන විදිහට ඩොලර් බිලියන ගණනක් වියදම් කරලා ඉදිකිරීම් කරලා ක්‍රියාත්මක කරන්න ඔන්න මෙන්න තිබුණ තමන්ගේ වටිනා නල පද්ධතිය රුසියාව තමන්ගෙම නළ පද්ධතිය පුපුරවා ගත්තා. මොන විහිළුවක් ද මේ? මේව පිළිගන්න තරම් මෝඩයෝ කොහේවත් නෑ. ඒ නිසා ඉතාමත් පැහැදිලිව රුසියාව නෙමෙයි කියලා පොඩි ළමයෙක්ට උනත් තේරුම් ගන්න පුළුවන්. රුසියානු නායකත්වය දරන ව්ලැදිමීර් පුටින් ඉතාමත්ම දක්ෂ මනුස්සයෙක්. ඒත් ගිය අවුරුද්ද ඔහුට හොඳ වසරක් නෙමෙයි. එක්සත් ජනපදයේ ද මුග්ධ තීරණ නිසා ආර්ථිකය විනාශ වී ජනතාව සහමුලින්ම මහත් සේ ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇත. අපි එක්සත් ජනපදයේ මේ මුග්ධ අමන අසාර්ථක තක්කඩි පාලනය වෙනස් කර නව රිපබ්ලිකන් පක්ෂයේ පාලනයක් ඇතිකොට ඉතා ඥානවන්ත ලෙස කටයුතු කලොත් පමණක් අපටත් නැවතත් සුපුරුදු පරිදි ශක්තිමත් බලවත් ධනවාදී ලක්ෂණ පවතින සෞභාග්‍යමත් ඇමරිකන් රාජ්‍යයක් දකින්නට පුළුවන් වෙයි නැතිනම් ඉතින් මේ රට ඉතා ඉක්මනින් බිඳ වැටීම තවත් බරපතල ලෙස අවුල් වී රටවල් කීපයක් ලෙස කැඩී බිඳී යයි. එපමණයි."//

      Delete
    2. පොඩි වැරදීමක්

      //නැවතත් නන්දසේන රාජපක්ෂලාගේ ඩිමොක්‍රටික් පක්ෂයේ බලය ස්ථාවර වන බව පේනවා,//

      මෙය ඩිමොක්‍රටික් නොව රිපබ්ලිකන් පක්ෂයේ ලෙස වෙනස් කරන්න ඕන

      ජවිපෙ ජාතික ජන බලවේගයේ මාලිමාව ගැන කතා කරලා වැඩක් නැහැ ඔවුන් කවදාවත් බලයට ඇවිත් වගකීමක් සහිතව කටයුතු කරන්න හැකියාවක් හෝ අවම වශයෙන් එහෙම උත්සාහ කරන්න වත් කැමති නැති බොරුවෙන් ජිවත් වෙන පිරිසක්. ඔවුන්ගේ අරමුණ විපක්ෂයේ සිටින ගමන් ලංකාවේ රජයේ විවිධ ගනුදෙනු වලට එරෙහිව කතා කර බාධා කර ඒවා නැවැත්වීම සඳහා එම ආයෝජකයන් ව්‍යවසායයන් සහ ව්‍යාපාර වලින් කප්පම් මුදල් ලබාගැනීම, තම මන්ත්‍රී වැටුප්, වෙනත් දීමනා සහ වරප්‍රසාද, මහජන ආධාර සහ පක්ෂයේ මෝඩ සාමාජිකයන්ගේ ධනය ශ්‍රමය සූරා කෑම ආදී දේවල් වලින් පූර්ණකාලීන නායකයන් ඉතා සැපට ලක්ෂරි භාණ්ඩ හා සේවා ලබාගනිමින් ජීවත් වීමයි

      ඔවුන්ට බලෙන්ම බලය ලබා දුන්නත් භාර ගන්නේ නෑ මම අභියෝග කරනවා ඕනම කෙනෙකුට ඔවුන් කවදාවත් බලය ලබා ගෙන පාලනයක් භාර ගන්නේ නෑ මේ දැන් ඉන්න කට්ටිය නම්. ඒ නිසා හැමදාම ඔය වගේ බාල්දි පෙරල පෙරල පාලනය කරන ආණ්ඩු පක්ෂයේ අයට බැන බැන නින්දා අපහාස කරමින් ඉඳියි එච්චරම තමයි.

      තව දෙයක් ඉයන්, මට පේන විදියට නම් රනිල් රාජපක්ෂ හවුල රනිල් මෛත්‍රිපාල හවුලට වඩා සාර්ථක බවක් පෙනෙන්නට තියෙනවා නේද? මේ ගැන ඔබේ අදහස් මොනවද?

      Delete
    3. රාජපක්ෂ පාලනය යටතේ වුනේ යටිතල පහසුකම් සංවර්ධනය තමයි. ප්‍රශ්ණය ඒ ව්‍යාපෘති වලට ගිය වියදම. උදාහරණයකට ඔබ සඳහන් කල නෝරච්චෝලේ. ඒ සඳහා තෝරාගෙන තිබූ තාප බලාගාර හැදීම ගැන පලපුරුද්ද ඇති සමාගමෙන් 50% ක කමිශන් ඉල්ලලා නොලැබුණ තැන ඒක කැන්සල් කරලා හතර ගුණයක වියදමින් ඒ සඳහා පලපුරුද්ද නැති සමාගමකින් එය ඉදිකරවා ගැනීම වගේ දේවල්. ආසියානු සංවර්ධන බැංකුව වගේ අඩු පොලියට දීර්ඝ කාලීන ණය වෙනුවට චීනයේ බැංකු වලින් කෙටිකාලීන වැඩි පොලී ණය ලබා ගැනීම. අනික වැඩි වාසියක් ඇති මධ්‍යම අධිවේගය වෙනුවට ගාල්ලේ සිට තමන්ගේ ගමට අධිවේගයට මුදල් වියදම් කිරීම සහ එමඟින් ගසා කෑම. ගාල්ල වරාය සංවර්ධනය තිබ්බ සැලසුම අහෝසි කොට ඒක තමන්ගේ ගමට ගෙනයාම. අනුරාධපුර වගේ තැනක ගුවන් තොටුපල ඉදි නොකොට ඒක හම්බන්තොට ඉදිකිරීම සහ ඒවයින් මුදල් ගසා කෑම. සාපේක්ෂව සුළු පිරිසක් වෙසෙන හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශාල සම්මන්ත්‍රණ ශාලා, ක්‍රිකට් පිට්ටනි විශාල පාරවල් ආදිය ඉදිකිරීම වගේ ආර්ථික ප්‍රතිලාභ නොලැබෙන ව්‍යාපෘති කිරීම.

      Delete
    4. රනිල්ට තමන්ගේ ජනාධිපතිකම රැකගන්න පොහොට්ටුව සහ රාජපක්ෂ වරු නැතිව බැහැ. ඒක රැකගෙන රටට මේ වෙලාවේ අවශ්‍ය කාර්‍යයභාරය ඔහුගෙන් ඉටුවෙනවා. ඇමෙරිකාවේ බලයේ සිටින පක්ෂය ලංකාවේ දේශපාලනයට බලපෑමක් කරනවා කියන එකට වඩා ඩිමොක්‍රටික් පක්ෂය යටතේ ඇමෙරිකාව සහ චීනය අතර බලවත් වෙමින් පවතින සීතල යුද්ධය නිසා රාජක්ෂලාගේ චීන ගැති භාවය උඩ යම් බලපෑමක් වෙනවා කියලා හිතන්න පුළුවන්. අනික 18 සහ 20 වැනි ස්වාධීන කොමිසම් අහෝසි කරමින් ගෙනගිය ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ පිළිවෙල පොදුවේ බටහිර ජාතීන් ගේ විවේචනයට පත්වුනා. 19 සහ 21 සංශෝධන ගෙන ඒම නිසා රනිල්ට බටහිර රටවල පිළිගැනීමක් තියෙනවා. ඉදිරි ලෝක යුද්ධයකදී ලංකාවේ වරායවල් වලට සහ ගුවන් තොටුපලවල්වලට access ලබා ගැනීමට ලංකාව ගැන ඇමෙරිකාවේ උනන්දුවක් තියෙනවා. ඉන්දියාව සහ චීනය ඇති විරසක වලටත් රාජපක්ෂ පාලනයන් යටතේ චීනයට ලංකාවේ කටයුතු ගැන තිබ්බ බලපෑම ගැන ඉන්දියාවට ප්‍රශ්ණ තිබුණා. කොහොමටත් කවදාවත් ලෝකයේ භූදේශපාලනික බල අරගල වලින් සම්පූර්ණයෙන්ම වෙන්වී ලංකාවට ජීවත් වෙන්න බැහැ.

      Delete
    5. ඔබ දක්වා ඇති පරිවර්ථනයේ ට්‍රම්ප් කියන දේට මම එකඟයි. යුක්‍රේන් යුද්ධය ඇතිකලේ ඩිමොක්‍රටික් පක්ෂය සහ යුක්‍රේනයේ ජනාධිපති වන විහිළු කාරයා. යුක්‍රේනයේ තිබ්බේ රුසියානු හිතවාදී රජයක්. ඔබාමා ඩොලර් බිලියන 5 ක් වියදම් කොට එහි කලබල ඇති කර එම ආණ්ඩුව වැට්ටුවා. බයිඩන් කලේ අර විහිළු කාරයා හරහා යුක්‍රේනය නේටෝ සංවිධානයට බඳවා ගැනීමට ක්‍රියා කිරීම. සීතල යුද්ධය අවසන් වූ විට වොර්සෝ එකඟතාවයේ රටවල් කැඩී ගිය පසු නේටෝ සංවිධානය තවදුරටත් පැවතීමේ අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඒත් ඇමෙරිකාව කලේ එය තවත් ප්‍රසාරණය කිරීමයි. ඒ සඳහා කලින් වෝර්සෝ එකඟතාවයේ රටවල් බඳවා ගත්තා. රුසියාවේ අවසාන ඉල්ලීම වුනේ ඔවුන්ගේ අල්ලපු රට වන යුක්‍රේනය එයට බඳවා නොගන්න ලෙසයි. යුක්‍රේනය බඳවා ගැනීම අවසන් වූවානම් රුසියාවට යුක්‍රේනය ආක්‍රමණය කිරීමට බැරිවෙනවා. ඒ එක නේටෝ රටක් යුද්ධයකට පැටළුනොත් සියළුම නේටෝ රටවල් ඒ රට එක්ක යුද්ධයට අවතීර්ණය වෙන නිසා. ඒ නිසයි කලින් රුසියාවේ කොටසක්ව තිබූ ක්‍රිමියාව ඈඳාගෙන පසුව ඔවුන් යුක්‍රේනය ආක්‍රමණය කලේ. මේ යුද්ධය නිසා බලශක්ති අර්බුධය සහ තෙල් මිල ඉහලයාම සහා ඒ හා අනුබද්ධ ආර්ථික අවපාතයකට මුළු ලෝකයම ගොදුරු වුනා. මේකට වගකිව යුත්තේ ඔබාමා සහ බයිඩන් ප්‍රමුඛ ඩිමොක්‍රටික් පක්ෂය තමයි. ට්‍රම්ප් බලයේ සිටියා නම් මෙය වෙන්නේ නැහැ. කබ්‍රාල් මුදල් අච්චු ගහන ගමන් ඩොලර් එක 200 ට අල්ලා සිටීම නිසා ශ්‍රමික ප්‍රේශණ නොලැබීම වෙලා ඩොලර් හිඟ වෙනකොටම තමයි යුක්‍රේන් යුද්ධය ඇතිවෙලා තෙල් මිල ඉහල ගියේ. ඒ දෙකම එක වෙලාවේ සිදුවීම තමයි එක්තරා විදිහකට ලංකාව අනාථ වුනේ.

      Delete
    6. ඩිමොක්‍රටික් පක්ෂය බලයට එන්නේම කළු ජාතිකයින්, ස්පාඥ්ඥ භාශාව කථාකරන අයගේ සහ සමහර ආසියානුවන්ගේ චන්ද නිසා. ඒකට එක හේතුවක් තමයි රිපබ්ලිකන් පක්ෂය අනවසර සංක්‍රමන විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන නිසා. ඇත්තටම කළු ජාතිකයින් වහල් බවින් මුදවා ගත්තේ රිපබ්ලිකන් පක්ෂය. ඒකට ඩිමොක්‍රටික් පක්ෂය විරුද්ධ වුනා. ඒත් ඔවුන් දැන් රිපබ්ලිකන් පක්ෂය ඔවුන්ගේ හතුරා ලෙස සලකනවා. ගිය නොවැම්බරයේ පැවැත්වූ මධ්‍ය කාලීන මැතිවරණ (Midterm elections) වලින් රිපබ්ලිකන් පක්ෂය කොන්ග්‍රසයේ සහ සෙනේට් සභාවේ විශාල ආසන ගාණක් දිනයි කියලා ගොඩ දෙනෙක් බලාපොරොත්තු වුනා.එහෙම වුනා නම් බයිඩන් ගේ යුද්ධය යම්කිසි මට්ටමකට අකර්මන්‍ය වෙන්න තිබ්බා. අවසානාවකට ඇමෙරිකාවේ ශ්‍රේශ්ඨාධිකරණය ගබ්සා කිරීමේ අයිතිය තහවුරු කල Roe Vs Wade නඩු තීන්දුව චන්දයට මාස කීපෙකට පෙර බල රහිත කලා. ඒ නිසා ගබ්සා කිරීමට එකඟ වම්මුන් ඩිමොක්‍රටික් පක්ෂය වටා ආයිමත් එකතු වුනා. මේවා ඒ වෙලාවෙම සිදුවීම නම් යම් කිසි අදිසි හස්තයක් (5th Branch of Govt?)ක්‍රියාත්මක වෙනව කියල හිතන්න හේතු ඉතිරි කරනවා.

      Delete
    7. ඉයන්April 15, 2023 at 11:53 AM - එකඟයි බොලේ

      Delete
  7. මේක හැම චන්දෙකින්ම ෆුල් වෙනසක් කරන්න හදන අමුතුම රටක්.

    ReplyDelete
  8. රනිල්ගේ පොල්කුඩු කන එකෙක්ද මේ බ්ලොක් එක ලියන්නේ

    ReplyDelete
  9. How ever this time I will not vote to anyone connect to Pohottuva.....

    ReplyDelete
    Replies
    1. Sama here. I have never voted for a Bandaranaike or a Rajapaksha.

      Delete
  10. ඉහත කියුබානු කොටස ඇරෙන්න හුඟක් දේට එකඟයි. විශේෂයෙන්ම විද්‍යා විද්‍යාල සහ පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන. ඒ දවස් වල ඉඳන්ම මම ඒකට පක්ෂයි. නමුත් ඉයන් අර මගේ ටිල්වින් සමග සාකච්චාව ලිපියේ දැම්ම වගේ, ජවිපෙ/මාලිමාව දැන් ඒකට පක්ෂයි නේ. "නියමිත යාන්ත්‍රණයක් සහිතව " කියල.
    අනික් කරුණ, මාලිමාවේ වැඩ පිළිවෙල ඔබට ලැබෙන්න නැතිව ඇති. එහි ඇති දේ සහ හරිණි වගේ අයගේ කතා බැලුවහම පෙනෙන්නේ ඔවුන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මගක යන බව/ එහි ඇති අවුල කුමක්ද/ ආර් ප්‍රේමදාස මහතා ගාමන්ට් ෆැක්ටරි දමල කලෙත් නිෂ්පාදනයක් තමයි, එතැන් සර්විස් ඉන්ඩ්ස්ට්‍රි එකක් නෙමෙයි නේ.
    ඊට අමතරව බොහෝ දේ තමන් නිෂ්පාදනය කරනවනම් ඒක ලංකාවට හොඳයි කියල මම හිතන්නේ. රුසියාවේ අද තත්වය ඒකයි . සම්බාධක නිසාම ඔවුන් බොහෝ ආහාර සහ අනිකුත් දේවල් තමන් නිෂ්පාදනය කරන්න ගත්ත. බටහිර පුවත්පත් කලාවේදීන් පවා දැන් ඒක පිලිගන්නවා.
    (මේ කොටස් ඔයාගේ බ්ලොගයේ පල වුනේ නැහැ. කලින් දැම්ම )
    තැචර් බ්‍රිතන්‍යයට කල නරකම දේ නිෂ්පාදන ආර්ථිකය විනාශ කිරීම. ඉතා හොඳ ජර්මනියට පවා චැලේන්ජ් කල හැකි made in UK /England බඩු හුඟක් තිබුන. දැන් ඒ කිසි දෙයක් නැහැ, ඒවා චීනෙට ගිහින්. මම පිලිගන්නවා ඒක විවෘත ආර්තිකය බවත් වෙන තැන් වලින් ලාභෙට ගේන එක පිළිගත යුතු බවත්. නමුත් ජර්මනිය තමන්ගේ නිෂ්පාදන (කාර් වල සිට) බොහොමයක් බේරා ගත්ත. එනිසා අදටත් ඒ හොඳ නිගමනයේ ප්‍රතිපල භුක්ති විඳිනවා. ඇමෙරිකාව සමහර තැන්වලදී සංරක්ෂිත ප්‍රතිපත්තියක් අනුගමනය කලේ නැත්ද?
    එනිස මම හිතන්නේ අපනයන කෙසේ වෙතත් , ආනයනය කරන ඇතැම් බඩු ලංකාවේ නිෂ්පාදනය කළ යුතුයි. ලංකාවේ හදපු බයිසිකල් කාලයකට පෙර එංගලන්තයේ ඉතා ජනප්‍රියව තිබුන.

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබ ගත්තු උදාහරණ දෙක ගැන පැහැදිලි කරන්නම්. ප්‍රේමදාස ගාමන්ට් ෆැක්ටරි දැම්මේ ඇඟළුම් වලට කෝටා තිබ්බ කාලේ. ඒකාලේ ලංකාවට ලැබුණු කෝටා එක පාවිච්චි කරන්න එහෙම ෆැක්ටරි දැම්ම එක වරදක් නැහැ. දැන් කෝටා නැහැ. ජී එස් පී තිබ්බත් ගොඩක් වැඩ යන්නේ බංග්ලාදේශයට ඒ එහෙ දැ කොලිටි ගාමන්ට්ස් හදන්න පුළුවන් වගේම ශ්‍රමය ලාභ නිසා. රුසියාවේ සම්බාධක නිසා ඔවුන්ම නිෂ්පාදනය කරගන්න වෙලා තියෙනවා. රුසියාවේ සිටින ජනහනය විශාල් නිසා ඒක ප්‍රශ්නයකුත් නෙවෙයි. 1970-77 ත් මේ වගේ නිෂ්පාදනය කලා ඒත් ඒවා අපනයන කරන මට්ටමක තිබුනේ නහැ. ලංකාවට අවශ්‍ය දේවල් නිෂ්පාදනය කරගැනීම ප්‍රෂ්ණයක් නැහැ. මම කියන්නේ අපිට අපනයන ආදායම් උපයන්න පුළුවන් සේවා වලින් කියලයි.

      Delete
    2. ලංකාවේ බඩුවක් තමයි දැන් ලන්ඩන් වලට වෙලා ඉන්න ගමන් උපදෙස් දෙන්නේ.

      Delete
  11. ඒ ගොල්ලංගෙ කොහොම වෙතත් අපේ සිහින මේ අවුරුද්දෙවත් සැබෑ වෙයිද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. ණය කාරයෝ ණය වලින් සියට විස්සක් වත් කපා අරින්න සහ කෙටි කලීන ණය දීර්ඝ කලීන කරන්න එකඟ වුනොත් සමහර විට සමහර හීන සැබැ වෙන්න පුලුවන්. ඒත් ඉතින් ආයිමත් සීමවක් නැතිව වාහන ගෙන්නන්න ගියොත් එහෙම ආයිමත් කෙලවෙයි

      Delete
  12. ඉයන් සහ අජිත් ධර්මකීර්ති දෙදෙනාට යොමු කරන්න පුළුවන් නම් මේ දවස් වල ලංකාවේ ගුරුවරුන් සහ සරසවි ආචාර්යවරුන් උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීමෙන් ඉවත්වීම පිළිබඳ ඔවුන් විසින් ඉතා පුළුල් ලෙස විස්තර කර තිබෙනවා, පහත පරිදි ඔවුන්ගේ පැහැදිලි කිරීම ගැනත් ඉයන් ඔබගේ සහ අජිත්ගේ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද මේ පහත කරුණු සහිතව විස්තර කරමින් ?

    //පේපර් මාර්කින් කරන්නෙ නෑ කියල උබලගෙ ලමයින්ගෙ අනාගතේ අනතුරේ කියලා මේකේ නටන උන් මේකත් කියවපල්ලා.....

    බිත්තරේ ගන්නෙ නැතුව කහමදේ කන්න හිතන උබලටයි රනිල් වික්‍රමසිංහ ගොබ්බ ආන්ඩුවටයි මේක වැදගත් වෙයි.

    අත්‍යාවශ්‍ය සේවාවන්ගේ පහසුකම් දීල අධ්‍යාපනය අත්‍යාවශ්‍යය සේවයක් කරපල්ලා කිරිපුතේ නැතුව කිසිම පහසුකමක් නොදී වහල් සේවයේ යොදන්න ගුරුවරු කියලා කියන්නේ දාල හරි වගේ වහල් මීහරක් හැත්තක් නෙවෙයි

    හොඳ හුස්මක් අරං මෙන්න මේකට උත්තර දීපල්ලා.

    අත්‍යාවශ්‍ය සේවාවක් කරන්න පේපර් බලන ගුරුවරු කියල වර්ගයක් නෑ😁

    එහෙනම් ගුරුවරු අත්‍යාවශ්‍ය සේවාවක් කරල ඒ ,ot බටා,නිලඇඳුම්,නිල නිවාස,වැටුප් එහෙම දාල තමයි කරන්න ඕනෙ
    බිත්තරේ කහමදේ විතරක් ගන්න බෑ බිත්තරේම ගන්න ඕන 😏😏😏😏

    1. පේපර් මාකින් හෙවත් උත්තරපත්‍ර පරීක්ෂාව කියන්නෙ ගුරුවරුන්ගෙ සේවයෙ කොටසක් (හෙවත් job role එකේ කොටසක්) නොවන බව උඹ දන්නව ද?

    2. පේපර් මාකින් කරනවට වෙනම ඇප්ලිකේෂන් කෝල් කරන බව උඹ දන්නව ද?

    3. ඒ ඇප්ලිකේෂන් කෝල් කරල ඒකට එන මිනිස්සුන්ට තමන් බලන පේපර්ස් ගාණට සහ කාලයට පඩි ගෙවන්න ඕන බව උඹ දන්නව ද?

    4. ගිය අවුරුද්දට කලින් අවුරුද්දෙ පේපර් මාකින් වලට දෙන්න පොරොන්දු වුණ ගාණ දුන්නෙ නෑ කැපුවා කියල දන්නව ද?

    5. ගිය අවුරුද්දෙ මේ කාලෙ කරපු පේපර් මාකින් වලට අවුරුද්දකුත් ගිහිල්ල තාම ගෙවල නෑ කියල උඹ දන්නව ද?

    6. මේ අවුරුද්දෙ පේපර් මාකින් වලට ගෙවන ගාණ කීය ද කියල ගැසට් කරල නෑ කියල උඹ දන්නව ද?

    7. ගැසට් කරල නැතිවා පමණක් නෙමෙයි, ආණ්ඩුව අපේක්ෂා කරන්නෙ ගුරුවරුන්ට පඩි නොගෙවා නිකං පේපර්ස් බලවගන්න කියල උඹ දන්නව ද?

    8. මනුස්සයෙකුගෙ වැඩකරන වෙලාවෙන් පරිබාහිර වෙලාවක ඒ මනුස්සයගෙ රාජකාරියට පිටින් තියෙන අමතර වැඩ කරවගන්නවට පඩි ගෙවන්න ඕන සහ ඒක මූලික කම්කරු අයිතියක් බව උඹ දන්නව ද?

    9. ගිය අවුරුද්දෙ පේපර්ස් බලපුවටත් ගෙවල නැතුව මේ අවුරුද්දෙත් නිකං වැඩ ගත්තම ගුරුවරුන්ට කන්න බොන්න හාල්පොල් දෙන්නෙ පොලිසියෙන් ද?

    10. ගුරුවරුන්ට ගෙවන්න සල්ලි නැති රජයට අලුතෙන් කිරිටොයියා කඳුළුගෑස් වෙනුවෙන් මිලියන 17ක් ගෙවන්න සල්ලි තියෙන බව උඹ දන්නව ද?

    බෝනස් ප්‍රශ්නය.

    උඹට කවුරුහරි කිව්වොත් දවසෙ පැය අටත් වැඩ කරලා තව පැය හයක් පඩි නැතුව වැඩ කරන්න කියල, උඹ කරයි ද?

    බොටම් ලයින්:

    මං ආයෙම උඹෙන් අහන්නෙ. දැන් ගුරුවරුන්ට පඩි නොගෙවා වහල්සේවයක වගේ අතින් කයිට් කාල පේපර්ස් බලවන්න හදන ආණ්ඩුව ද වැරදි, නැත්නම් රාජකාරියට අමතරව කරන දෙවැනි පාර්ට්ටයිම් ජොබ් එකට ගෙවීමක් ඉල්ලන ගුරුවරු ද වැරදි?

    දැණුම බලෙන් ගන්න ජනාධිපතිට හෝ වෙන කාටවත්ම බෑ කියල මෝන්ගල් රනිල් වික්‍රමසිංහගේ සහ රාජපක්ෂ කල්ලියේ පාහර ආණ්ඩුව තේරුම් ගත්තේ නැත්නම් රටේ අධ්‍යාපනය විශාල අනතුරක.....//

    ReplyDelete
  13. ලංකාවේ ජනයා රටේ ආර්ථිකය, IMF, ණය, බැදුම්කර, භාණ්ඩාගාර බිල්පත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනාදිය පිළිබඳ මෙතරම් උනන්දු වූ යුගයක් කවමදාවත් දැක නැති බව ශ්‍රී ලංකා පරිපාලන ආයතනයේ හිටපු ‌‌ජේෂ්ඨ උපදේශකවරයෙකු වන ශාන්ත ජයරත්න පවසනවා. IMF ක්‍රියාමාර්ගයේ ආදීනව තිබිය දී ම, අධ්‍යාපනික වශයෙන් මේ සංවාදය ඉතා යහපත් ප්‍රවණතාවයක් බවයි ඔහු සඳහන් කරන්නේ.

    “මම කියන්නම් තවත් එවැනි ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ගැන. කෙසේ වෙතත් මේවායේ ප්‍රතිඵල අපට භුක්ති විඳීමට සිදුවන්නේ 2023 අවසන් කාර්තුව සහ 2024 පළමු කාර්තුව එළඹීමත් සමඟ යි. එතෙක් ඉවසීමෙන් හා සතුටින් සිටින් පුළුවන්.

    පසුගිය මාර්තු මස 30 වන දින ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් ලංකාවට ණය දී ඇති විදේශීය ණය හිමියන් සඳහා මාර්ග ගත ඉදිරිපත් කරන්නට යෙදුණා. එහි අරමුණ වූයේ ලංකාවේ රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවය මත මෙතෙක් ලංකාවේ රජය අත් කරගෙන ඇති ප්‍රගතිය සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව ණය හිමියන් සමඟ අදහස් හුවමාරු කරගැනීම. ඒ සමඟම සහ ඉදිරි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම සාකච්ඡා කිරීමයි.

    මෙම සාකච්ඡාවේ දී ලංකාවේ මහ බැංකුව සහ රජය මෙතෙක් විවෘතව සාකච්ඡා නොකල සඟවා ගෙන සිටි කරුණක් හෙළිදරව් වුණා. එනම්, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ලංකාවේ වැඩපිළිවෙළ කුමක් ද යන්න එහිදී ඔවුන්ට ඉදිරිපත් කිරීමට සිදුවුණා.

    මේ පිළිබඳ විමසූ සෑම අවස්ථාවකම ලංකාවේ සටකපට මහ බැංකු අධිපතිවරයා හෝ මුදල් අමාත්‍යාංශය කිසිදු පැහැදිලි පිළිතුරක් ලබා නොදී මග හරිමින් සිටියා. එහෙත් දැන් අපට එය හොඳින් බලාගත හැකිය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති පරිදි ලංකාවේ රජය මාර්තු සහ අප්‍රේල් මාස දෙක ඇතුලත දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ තක්සේරුව කළ යුතු වෙනවා. අප්‍රේල් මස ආරම්භ කොට මැයි මාසය අග වන විට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය අවසන් කළ යුතු වෙනවා. මින් පැහැදිලි වන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමකින් තොරව විදේශ ණය හිමියන් කොහෙත්ම ඔවුන්ගේ ණය කපා හැරීමකට එකඟ නොවන බවයි.

    මෙතෙක් කලක් මහ බැංකු අධිපති සහ ජනාධිපති ප්‍රකාශ කරමින් සිටියේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු නොවන බව. එය අසත්‍යක් බව දැන් ඉතා පැහැදිලි යි. නමුත් ජනතාව රැවටීමට ඉතාමත් සටකපට ආකාරයෙන් ඔවුන් නවතම සිංහල වචනයක් මේ සඳහා සොයා ගෙන තියෙනවා. ඒ තමයි ණය ප්‍රශස්තකරණය හෙවත් Debt Optimization. මෙය ණය කපාහැරීම යැයි කීවා නම් ඕනෑම කෙනෙකුට එය පහසුවෙන් අවබෝධ කරගනු ඇතැයි ඔවුන් සිතන්නට ඇති.

    එය සිදුකිරීමෙන් අනතුරුව විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඇරඹීමට නියමිත යි. ඒ මැයි මස ආරම්භයේ පටන්. ජුලි මාසය දක්වා කාලය තුළ විදේශ ණය හිමියන් සමඟ සාකච්ඡා ආරම්භ කරන්න ඕනේ. ජුලි සිට සැප්තැම්බර් කාලය තුළ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. ලංකා මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මූලිකවම මහ බැංකුව විසින් රජයට ලබා දී ඇති සුරැකුම් පත් ණය කපා හැරීමකට ලක් කරන බව. ප්‍රධාන වශයෙන් භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැදුම්කර මේ කපාහැරීමට ඇතුළත් වෙනවා. මෙය ඔවුන් ණය ප්‍රතිලැයිස්තුගතකරණය හෙවත් Debt Reprofiling ලෙස හඳුන්වනවා. අවසානයේ සිදුවන්නේ මහ බැංකුව විසින් රටේ මහජනයාගේ අරමුදල් පාවිච්චි කොට රජයට ලබා දී ඇති රුපියල් බිලියන 13,189 (ඩොලර් බිලියන 36.3) ක ණය මුදල කොටස් වශයෙන් කපා හැරීම.

      භාණ්ඩාගාර බිල්පත් මගින් රජයට ලබා දී ඇති සමස්ත ණය රුපියල් බිලියන 4126ක් හෙවත් ඩොලර් බිලියන 11.4ක්. එයින් 62.4% එනම් රුපියල් බිලියන 2,576.224ක් මහ බැංකුව විසින් ලබා දී තියෙනවා. ඊට අමතරව වාණිජ බැංකු විසින් බිලියන 772.162 ක් ද, රක්ෂණ සමාගම වැනි ආයතන බිලියන 722.15 භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන රජයට ණය ලබා දී තියෙනවා.

      මහ බැංකු අධිපති ප්‍රකාශ කළ අන්දමට මහ බැංකුව විසින් මිල දී ගෙන ඇති භාණ්ඩාගාර බිල්පත් සඳහා දුන් ණය කපා හරින්නේ නම් ඒ ප්‍රමාණය විතරක් රුපියල් බිලියන 2576.224ක්. ඩොලර් වලට හැරවූ විට ඩොලර් මිලියන 8,024ක්. ඒ කියන්නේ ඩොලර් බිලියන 8.024ක්. මම මේ ගණන් ගැනීම කරන්නේ ඩොලර් එකක් රුපියල් 321ක් විදිහට සලකලා.

      2017 යහපාලන රජයේ අගමැති රනිල් වික්‍රමසිංහ, සජිත්, එරාන්, හර්ෂ, කබීර්, රවී එකතු වී හම්බන්තොට වරාය චීන සමාගමට වික්කේ ඩොලර් බිලියන 1.1ක ට. IMF එකඟ වෙලා මේ කපා හැරීමට සූදානම් වන ණය රටේ සංවර්ධන කටයුතු සඳහා යොදා ගත්තනම් හම්බන්තොට වරාය වගේ වරායවල් අඩුම ගානේ 08 ක් රට වටේ හදන්න පුළුවන්. එහෙම නැත්නම් දිනකට තෙල් බැරල් ලක්ෂයක් පිරිපහදු කළ හැකි නවීනතම තාක්ෂණය සහිත පිරිපහදු දෙකක් ගොඩනගන්න පුළුවන්.

      මහ බැංකු අධිපතිවරයාගේ මාර්තු මස 30 දින ඉදිරිපත් කිරීමේදී ප්‍රකාශ කරපු අනෙක් කරුණ තමයි භාණ්ඩාගාර බැදුම්කර ණය කපා හරින ආකාරය. වාර්තා වන අන්දමට බැදුම්කර හරහා රුපියල් බිලියන 8,722 ක් හෙවත් ඩොලර් බිලියන 24 ක් රජයට ණය දීලා තියෙනවා.

      භාණ්ඩාගාර බැදුම්කර හරහා රජයට ලබා දී ඇති ණය බෙදී යන්නේ මෙහෙමයි.

      රටේ බැංකු විසින් මිල දී ගෙන ඇති බැදුම්කර වටිනාකම රුපියල් බිලියන 3880.39ක්. ඒ කියන්නේ මුළු ණය බිලියන 8,722 න් ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 44.5%ක්.

      අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල විසින් මිල දී ගෙන ඇති බැදුම්කර ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 3724.57 ක්. ප්‍රතිශතයක් ලෙස මුළු ණය මුදල වන බිලියන 8722න් 42.7% ක්.

      රක්ෂණ සංස්ථාව රුපියල් බිලියන 782.98 ක්ද, වෙනත් පුද්ගලික අරමුදල් විසින් බිලියන 296.45ක් සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බිලියන 26.166 ක් වශයෙන් රජයට ණය ලබා දී තිබෙනවා.

      දැන් මහ බැංකුව කදිම යෝජනාවක් ගෙන එනවා. ඒ තමයි කැමති කෙනෙකුට ණය කපා හැරීමකට එකඟ විය හැකි බව යෝජනා කිරීම. අධිපතිවරයාගේ වචන වලින් ප්‍රකාශ කරන්නේ නම් ‘ණය ප්‍රශස්තකරණය’ කළ හැකි බවයි. ස්ව කැමැත්තෙන් ණය කපා හැරීමකට එකඟ වන්නට බැංකුවකට ඇති අයිතිය මොකක්ද. ඔවුන් ආයෝජනය කොට තිබෙන්නේ තම ගනුදෙනුකරුවන්ගේ මුදල්. අපේ තැන්පතු මුදල්. අපි අපේ තැන්පතු ඉල්ලා සිටින විට අපිට අපේ මුදල් ලබා දීමට බැංකුව බැඳී ඉන්නවා.

      මහ බැංකුව මෙසේ කපා හරින්නේ අධිපති නන්දලාල් වීරසිංහගේ හෝ රනිල් වික්‍රමසිංහගේ මුදල් නෙමෙයි. රාජපක්ෂලාගේ හෝ සිරිසේනලාගේ මුදල්ද නෙමෙයි. මේ අපේ මුදල්. රටේ මිලියන 22ක් වූ ජනයාගේ මුදල්” බව ජාතික ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ශාන්ත ජයරත්න මහතා සඳහන් කරනවා.

      #shanthajayarathna #NPP #JVP #මාලිමාව #විසඳුම #A5 #a5news #a5newssrilanka #news #NewsUpdate #NewsAlert #SriLanka #hotnews #LatestNews #Alert #sinhalanews #srilankanews #Fastnews

      Delete
  14. ඉයන් ඔය වගේ ගොන් කතා කියන්නට පෙර මේක ගැන කියන්න බලන්න

    ලංකා විදුලිබල මණඩලය 2005 සේවකයන් 14,000යි, 2015 මුලදී 15,000යි, යහපාලන ආණ්ඩුව කාලයේ සිට මේ දක්වා කාලයට පසුව දැන් 22,000 ක් ඉන්නවා

    2014 Automated Billing System එකක් හඳුන්වා දී විදුලි බල මණ්ඩලයේ සහ ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මැනුවල් මනු කියවන මීටර් රීඩර්ස්ලා පිරිස වෙනත් සේවාවන් වලට අනුයුක්ත කිරීමට මණ්ඩල වල ඉහළ නිලධාරීන් සියල්ල සූදානම් කර තිබූ නමුත් රනිල් වික්‍රමසිංහ අගමැති යටතේ යහපාලන රජයෙන් ඒ සියල්ල අත්හැර දමා නැවතත් එජාපයේ ජාතික සේවක සංගමය වෙනුවෙන් පාරම්පරික එජාප පාක්ෂිකයන් බහුතරයක් සහිතව මනු කියවන්නන් දහසක් පමණ බඳවාගෙන ඇත. තම සිරිසේන ගමරාලගේ පක්ෂයේ හෙංචයියන් ටික දෙනෙක් ද මීට අයත්ය

    අපි කිව්වා තොපිට ජව්පෙට රට බාරදෙන්න එපා කියල... ජවිපෙ ජාතික බලවේගයේ වැරැද්ද නේද මේක?

    ReplyDelete