ඩොලර් මිලියන් 15000 ක් වියදම් ණයට ගෙන වියදම් කර ඉදිකෙරුණු හම්බන්තොට වරාය චීන රජයට අයත සමාගමකට අවුරුදු 99 කට බලපාන පරිදි විකිණීමට රජය ගෙන ඇති තීරණය රටේ පැත්තෙන් බලනවිට ඉතා නරක එකකි. රටේ සම්පත් විකුණාගෙන කෑමට එජාප ආණ්ඩු රුසියෝය. පසුගිය ආණ්ඩුව කලේ ණය ලබාගෙන හෝ රටට සම්පත් එකතුකිරීමය. දවසකට කන්ටේනර් තුන්හාරසීයක් බෑමට හැකියාව ඇති බහාළුම් පර්යන්තයකින් කන්ටේනර් දහයක් පහලොවක් බෑවත් එම කන්ටේනර් පර්යන්තය රටේ සම්පතකි. වඩාත්ම ප්‍රයෝජනයට ගන්නා නැව්මාර්ගයක් ආසන්නයේ පිහිටා ඇති හම්බන්තොට වරායට නැව් ගෙන්නා ගැනීමට රජය අපොහොසත් වී ඇත්තේ ඔවුන්ගේ අකාර්‍යක්ෂමතාව නිසාය. හම්බන්තොට වරායක් ඇතිබව නොදන්නා නැව් සමාගම් සහ කැප්ටන් වරුන්ට පෙනෙන ලෙස අඩුම ගණනේ හම්බන්තොට මුහුදේ බෝඩ් ලෑල්ලක් වත් ගැසීමට ආණ්ඩුව කිසිම පියවරක් ගෙන නැත.
(LankaNewsweb) 2015 ජනවාරි 08 වනදා යහපාලන රජය බලයට පත් වූ අළුත ම එවකට ඩුබායි රාජ්‍යයේ සේවය කළ බැංකු කළමනාකරුවකු විසින් එක්තරා බැංකු ගිණුම් 3ක ගිණුම් ශේෂයන් සඳහන් ඡායාරූප ( Screen shots ) 3ක් ලබාගෙන තිබිණි. ඉන් පළමුවැන්න නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ය. එහි තැන්පත් කර තිබුණු මුදල ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 1.086 ක් (රුපියල් බිලියන 163 ක් පමණ) සටහන් වී ඇත. දෙවැන්න කුඩාබාලගේ පියදාස සහ රාජපක්ෂ පවුලේ සමීපතමයෙකුට අයත් හවුල් ගිණුමකි. එහි ඇමරිකානු ඩොලර් බිලියන 1.80 ක (රුපියල් බිලියන 270 ක් පමණ) මුදලක් තැන්පතු ලෙස සටහන් ව ඇත. තුන්වැන්න හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ගේය. එහි ඇමරිකානු ඩොලර් මිලියන 500 ක (රුපියල් බිලියන 75 ක් පමණ) මුදලක් තිබී ඇත. මෙම මුදල් ප්‍රමාණය එක් වරම සිතා ගැනීමට අපහසු තරම් විශාල වෙතත් රාජපක්ෂ පවුල් හවුල වසර නවයක සිය පාලන කාලය තුළ දී මෙතරම් මුදලක් ඩුබායි රාජ්‍යයෙහි ඉතුරුම් ලෙස තැන්පත් කිරීමට සමත් වී තිබිණි.