දියුණු රටවල මට්ටමට ආසන්න මට්ටමක ඇති සන්නිවේදන තාක්ෂණය යොදාගෙන රටේ ප්‍රශ්ණකාරී අංශ නිවැරදි කිරීමට යෝජනා කිහිපයක් ඔබලාගෙ අදහස් සඳහා කොටස් වශයෙන් ඉදිරිපත් කරමි.
තාක්ෂණය යොදාගෙන විසඳිය හැකි රටේ ප්‍රශ්ණ (1)
තාක්ෂණය යොදාගෙන පාසැල් වලට ළමුන්
ඇතුලත් කිරීමේ මධ්‍යගත ක්‍රමය
පාසැල්
වලට ඇතුලත් කරගැනීමට ඉල්ලුම්පත් වෙබ් හරහා ලබාගැනීම. අයැදුම් කිරීම පලමු වසරය
ඇතුලත් වල වර්ෂයට වර්ෂ දෙකකට කළින් ආරම්භ කිරීම. අන්තර්ජාල පහසුකම් නැති අයට ප්‍රාදේශීය
සභාව හරහා නොමිලේ හෝ පෞද්ගලික වෙලඳසැල් හරහා සුළු මුදලකට වෙබ් හරහා අයැදුම් කිරීමට
සැකසීම. එසේ ලැබෙන අයැදුම් පත් ලොතරැයි ක්‍රමයකට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මධ්‍යගත
පාසැල් අනුයුක්ත කිරීමේ ක්‍රමයක් හරහා පාසැල් ලබාදීම. ජංගම දුරකථන හරහා අයැදුම්පත
ලැබීම පාසැල අනුයුක්ත කිරීම ආදිය දෙමව්පියන්ට දැන්වීම. අනුයුක්තකල ලැයිස්තු වෙබ්
හරහා ප්‍රසිද්ධ කිරීම.
5 වසර බුද්ධි පරීක්ශණයෙන් ලබන ලකුණු අනුව සිසුන් නැවත ප්‍රති අනුයුක්ත කිරීමක් කිරීම. එමෙන්ම අ.පො.ස (සා.පෙ) විභාගයේ ප්‍රතිඵල මත නැවත ප්‍රති අනුයුක්ත කිරීමක් සිදුකල හැක.
මෙම ක්‍රියාවලිය කලින් ආරම්භ කිරීමෙන් පාසැල අනුයුක්ත කරන දිනවල සිට පළමු ශ්‍රේණියට ඇතුලත් කර ගැනීමට අවුරුදු 2 ක් පමණ කාලය ඇතිවන බැවින් එම කාලය තුල සුහද මාරු කර ගැනීම්, අභියාචනා සලකා බැලීම ආදිය කිරීමට කාලය ඇත.
මෙමඟින්
පාසැල් වලට ඇතුලත් කරගැනීමේදී විවිධ මට්ටම වල සිදුවන අක්‍රමිකතා විශාල වශයෙන්
අඩුවනු ඇත.
තාක්ෂණය යොදාගෙන ඔන්ලයින් ලොතරැයියක් මඟින් රජයේ ආදායම වැඩි කිරීම
අද පවතින ලොතරැයි
ක්‍රමය වඩා ප්‍රචලිත මධ්‍යම පන්තියේ අය අතරය. විශාල ලෙස මුදල් වියදම් කල හැකි අය
බොහෝ විට ලොතරැයි මිලදී නොගනී. දියුණු රටවල මුද්‍රණය කර ඇති ලොතරැයි වර්ගම අන්තර්
ජාලය හරහා මිලදී ගැනීමට අවකාශ සලසා ඇත. මේ සඳහා කලින් ලියාපදිංචි විය යුතු
අතර වයසින් අඩු පුද්ගලයින් ලියා පදිංචි
වීම වැලක්වීමට ආරක්ෂක විධිවිධාන ඇත.
මෙමඟින් ලොතරැයි වර්ග වල විකිණීම විශාල ලෙස ඉහල යනු ඇත. දිනීම් ආදියද ඊමේල් මඟින්ම දන්වන බැවින් මුදල් ඇති අය බැංකු ස්ථාවර් නියෝග මඟින් සෑම දිනුම් ඇදීමකටම සහභාගී වීම දක්නට ලැබෙනු ඇත. එමෙන්ම විදේශ වල වසන ශ්‍රී ලාංකිකයන්ටත් ලොතරැයි මිලදී ගැනීම කල හැක. ඔවුන්ට ලංකාවට ඇවිත් යාමය ගුවන් ටිකට් පත් ආදිය තෑගි ලෙස ඉදිරිපත් කරමින් විශේෂ ඔන්ලයින් ලොතරැයිද හඳුන්වා දිය හැක. දිණුම් වාරයකට අවම ලොතරැයි මුදල රු. 2,500 ලෙස පවත්වා 30,000 ක් දෙනා මෙම ක්‍රමයට ඇතුලත් කර ගතහොත් එක වාරයකට රු මිලියන 75 ක අමතර ආදායමක් ලැබෙනු ඇත. තවද ටිකට්පත් මුද්‍රණය හා විකිණීමේ වියදම නැති බැවින් මුළු මුදලම රජයට ලැබේ.
මුල්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීමට රජයේ දෙපාර්තමේන්තු, සංස්ථා, සහ රජයට අයත් සමාගම් වල සහයෝගය ලබා ගැනීම. මේ සඳහා මෙම ආයතනවලට අයත් වාහන සහ රියැදුරන් රජය අළුතින් පිහිටුවන එක ප්‍රවාහන සමාගමකට පවරාගෙන අදාල ආයතන වල කාර්‍යයන් සඳහා වෙබ් අඩ්වියක් හරහා කරන ඇණවුම් මඟින් අවශ්‍ය ගමන් සඳහා වාහන ලබාදීම.
රජයේ ආයතන වල වාහන විශාල ප්‍රමාණයක්, රියැදුරන්, ප්‍රවාහණ කළමණාකරුවන්, ගරාජ, අමතර කොටස් තොග ආදිය සඳහා විශාල මුදල් ප්‍රමාණයක් යෙදවේ. එහෙත් වාහන ප්‍රයෝජනයට ගන්නේ දවසෙන් කුඩා කාලයක් වන අතර ඵලදායීතාව අතින් ඉතාමත් අකාර්යක්ෂම ක්‍රමයකි. රජයේ ආයතන වල පාවිච්චි කරන්නාට පෞද්ගලිකව ලබා දී ඇති වාහන හැරුණු කොට අනික් වාහන, රියැදුරන්, අමතර කොටස් තොග සියල්ල රජයට හෝ ලංගමට අයත් විශේෂිත ප්‍රවාහණ සමාගමකට අනුයුක්ත කිරීමෙන් වඩා කාර්යක්ෂමාතාවයක් ලබා ගත හැක.
මෙම නව සමාගමේ වාහන අංගන ඉල්ලුම අනුව විවිධ නගර වල ස්ථානගත කල හැක. අන්තර්ජාලය හරහා පෙරදින කරන ඇණවුමක් මඟින් අවශ්‍ය ස්ථානයට අවශ්‍ය වෙලාවට රියැදුරෙක් සමඟ අවශ්‍ය ප්‍රමාණයේ වාහනයක් ලබා දීම නව සමාගමේ වගකීමයි. ප්‍රාවාහන සේවා අවශ්‍යවන පෞද්ගලික ආයතන වලට සහ මහජනයාටත් මෙම සමාගමෙන් තමන්ගේ බිමන් සඳා වාහන ඇණවුම් කිරීමට හැකිවනු ඇත.
මෙයින් වාහන, ඉන්ධන පාවිච්චියේ විශාල කාර්‍යක්ෂම බවක් ලබා ගත හැකි අතර නාස්ති සහ දූශණ අවම වේ. මෙමගින් වාහන අතිරික්තයක් ඇතිවන අතර එම වාහන ප්‍රසිද්ධ වෙන්දේසියකදී විකුණා ලැබෙන මුදල් රජයේ ණය සුළු ප්‍රමාණයක් ගෙවීමට යෙදවීම.
මෙමඟින් ලොතරැයි වර්ග වල විකිණීම විශාල ලෙස ඉහල යනු ඇත. දිනීම් ආදියද ඊමේල් මඟින්ම දන්වන බැවින් මුදල් ඇති අය බැංකු ස්ථාවර් නියෝග මඟින් සෑම දිනුම් ඇදීමකටම සහභාගී වීම දක්නට ලැබෙනු ඇත. එමෙන්ම විදේශ වල වසන ශ්‍රී ලාංකිකයන්ටත් ලොතරැයි මිලදී ගැනීම කල හැක. ඔවුන්ට ලංකාවට ඇවිත් යාමය ගුවන් ටිකට් පත් ආදිය තෑගි ලෙස ඉදිරිපත් කරමින් විශේෂ ඔන්ලයින් ලොතරැයිද හඳුන්වා දිය හැක. දිණුම් වාරයකට අවම ලොතරැයි මුදල රු. 2,500 ලෙස පවත්වා 30,000 ක් දෙනා මෙම ක්‍රමයට ඇතුලත් කර ගතහොත් එක වාරයකට රු මිලියන 75 ක අමතර ආදායමක් ලැබෙනු ඇත. තවද ටිකට්පත් මුද්‍රණය හා විකිණීමේ වියදම නැති බැවින් මුළු මුදලම රජයට ලැබේ.
තාක්ෂණය යොදාගෙන රජයේ ප්‍රවාහන වියදම් අඩුකිරීම
මුල්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීමට රජයේ දෙපාර්තමේන්තු, සංස්ථා, සහ රජයට අයත් සමාගම් වල සහයෝගය ලබා ගැනීම. මේ සඳහා මෙම ආයතනවලට අයත් වාහන සහ රියැදුරන් රජය අළුතින් පිහිටුවන එක ප්‍රවාහන සමාගමකට පවරාගෙන අදාල ආයතන වල කාර්‍යයන් සඳහා වෙබ් අඩ්වියක් හරහා කරන ඇණවුම් මඟින් අවශ්‍ය ගමන් සඳහා වාහන ලබාදීම.
රජයේ ආයතන වල වාහන විශාල ප්‍රමාණයක්, රියැදුරන්, ප්‍රවාහණ කළමණාකරුවන්, ගරාජ, අමතර කොටස් තොග ආදිය සඳහා විශාල මුදල් ප්‍රමාණයක් යෙදවේ. එහෙත් වාහන ප්‍රයෝජනයට ගන්නේ දවසෙන් කුඩා කාලයක් වන අතර ඵලදායීතාව අතින් ඉතාමත් අකාර්යක්ෂම ක්‍රමයකි. රජයේ ආයතන වල පාවිච්චි කරන්නාට පෞද්ගලිකව ලබා දී ඇති වාහන හැරුණු කොට අනික් වාහන, රියැදුරන්, අමතර කොටස් තොග සියල්ල රජයට හෝ ලංගමට අයත් විශේෂිත ප්‍රවාහණ සමාගමකට අනුයුක්ත කිරීමෙන් වඩා කාර්යක්ෂමාතාවයක් ලබා ගත හැක.
මෙම නව සමාගමේ වාහන අංගන ඉල්ලුම අනුව විවිධ නගර වල ස්ථානගත කල හැක. අන්තර්ජාලය හරහා පෙරදින කරන ඇණවුමක් මඟින් අවශ්‍ය ස්ථානයට අවශ්‍ය වෙලාවට රියැදුරෙක් සමඟ අවශ්‍ය ප්‍රමාණයේ වාහනයක් ලබා දීම නව සමාගමේ වගකීමයි. ප්‍රාවාහන සේවා අවශ්‍යවන පෞද්ගලික ආයතන වලට සහ මහජනයාටත් මෙම සමාගමෙන් තමන්ගේ බිමන් සඳා වාහන ඇණවුම් කිරීමට හැකිවනු ඇත.
මෙයින් වාහන, ඉන්ධන පාවිච්චියේ විශාල කාර්‍යක්ෂම බවක් ලබා ගත හැකි අතර නාස්ති සහ දූශණ අවම වේ. මෙමගින් වාහන අතිරික්තයක් ඇතිවන අතර එම වාහන ප්‍රසිද්ධ වෙන්දේසියකදී විකුණා ලැබෙන මුදල් රජයේ ණය සුළු ප්‍රමාණයක් ගෙවීමට යෙදවීම.
ඉයන්, බැරිද මේක කොහෙන් හරි රිංගවලා කැබිනට් ඇමති කෙනෙකුගේ ඔලුවට දාන්ඩ?
ReplyDeleteඑහෙනම් ඉතින් ඉස්සල්ලම නවීන තාක්ශනය යොදාගන ඇමතිට ඔළුවක් දෙන්න වෙනවා ඉස්සල්ලම....
Deleteදවසේ කතාව :)
Deleteබොහොම ස්තූතියි විචා. මම උත්සාහ කරන්නම්. කටුසු කියන එකත් ඇත්ත.
Deleteඔබේ මේ ධනාත්මක චින්තය පිරුන සටහන් වලට මම බොහොම කැමතියි ඉයන්...මේ ප්‍රවාහනය ගැන ලියල තියන කරුණු රටක දියුණුවට බොහොම වැදගත්...උදාහරණයක් විදියට Air port shuttle services වගේ ප්‍රවාහන පහසුකම් වෙබ් අඩවි හරහා ඇණවුම් කරන විදියට සැලසුම් සකස් කරන්න පුළුවන්..මම දන්නේ නැහැ මෙහෙම දෙයක් දැනට ලංකාවේ ක්‍රියාත්මක වෙනවද නැද්ද කියනඑක..නමුත් බොහෝ වෙලාවට ලංකාවේ මේ වගේ දේවල් වලට පාලන මිලක් නැහැ...කස්ටමර්ගේ තනතුරු සහ සමාජ තත්වය සලකලා බලල හිතට එන ගානක් කියන එක තමයි ඔය වගේ දේවල් වලදී සිද්ධ වෙන්නේ වැඩිපුරම...
ReplyDeleteඅනිත් ප්‍රශ්නේ තමයි ඔය වගේ අන්තර්ජාලය හරහා ඇනවුම් කල හැකි ප්‍රවාහන සමාගම් ක්‍රියාත්මක වෙන්න නම්, එයට සම්බන්ධ වන රියදුරන්ගේ පළපුරුද්ද, විශ්වාසනීයත්වය වගේ දේවල් පරීක්ෂණයට ලක් කරන්න ක්‍රම වේදයක් සකස් වෙන්න ඕනේ...ඒ වගේම් වෙබ් හරහා ගෙවීම් කරන්න ඉහල ආරක්ෂාව සහිත ක්‍රෙඩිට් කාඩ් පත් මූලික කරගත් ගෙවීම් ක්‍රම සකස් වෙන්න ඕනේ...ක්‍රෙඩිට් කාඩ් භාවිතය මිනිස්සු අතරේ ප්‍රචලිත කරන්න ඕනේ එක් එක් ආර්ථික මට්ටමට ගැලපෙන්න..ඒවාට බැංකු වල සහයෝගය අවශ්‍යයි...ආරක්ෂාකාරී ඔන්ලයින් බැංකුකරණය සකස් වෙන්න ඕනේ...මම දන්නා විදියට සම්පත් බැංකුව දැන් ඒ අතින් ඉහලින් ඉන්නවා...මොකද ව්‍යාජ ගනුදෙනුවක් උනොත් බැංකුව ඒ සැනින් ඒ ගැන දැනුවත් විය යුතුයි, ඒ කාඩ් පත අවලංගු කරන්න..මෙහෙ මට ඒ දේ පුද්ගලිකව අත් විඳලා තියනවා, දෙතුන් වතාවක්ම අලුත් කාඩ් එකක් ගෙදරට ඇවිත් තියනවා ව්‍යාජ ගනුදෙනුවක් උනා කියන සැකය නිසා, මගෙන් කිසිම පැමිණිල්ලක් නැතිව..
උදාහරණයක් විදියට UBER ටැක්සි සේවයට රියදුරන් බඳවා ගනිද්දී ඔවුන්ගේ driving records බලනවා..background checking එකක් කරනවා..නමුත් වැඩි උන තරඟකාරිත්වයත් එක්ක අද වෙද්දී යම් යම් අයතා සිද්ධි ලෝකයේ හැමතැනින්ම වාර්තා වෙලා තියනව UBER රියදුරන් සම්බන්ධයෙන්...දියුණු රටවලුත් එතනට පත් වෙනවා නම් ලංකාව ඉන්නේ ඊට බොහොම ඈතින්..
නොයෙකුත් අබාධිත තත්වයන් වලට ලක් උන අයට මෙහෙ තියනවා විශේෂ ප්‍රවාහන සේවයක්...රියදුරන් සම්බන්ධ නීති ඉතාමත් ඉහලයි..මම පුද්ගලිකව දන්නා කෙනෙක්ගේ සේවය අහිමි උනා, ඔහු අතින් උන ඉතා සුළු රිය අනතුරකින්...
ලංකාවටත් මේ වගේ ප්‍රවාහන සේවයන් ඇති වෙන මධ්‍යගත සමාගම් බිහි වෙනවා නම් ඒක බොහොම වටිනවා..හැබැයි ඉතා ඉහල මට්ටමේ තත්ව පාලනයක් තිබිය යුතුයි...ළමයිව පාසල් දාන්න කියල බෙල්ලේ වැල දාගන්න පාලකයින් ඉන්නා රටකට මෙවන් දෑ තව බොහෝ දුරයි ඉයන්...ඒකයි කණගාටුවට කරුණ...
පොකුරු, බොහොම ස්තූතියි දීර්ඝ කමෙන්ට් එකට. මේක කල යුත්තේ රජයේ ආයතන වල දැනට ඉන්නා පළපුරුදු රියැදුරන් යොදා ගනිමින්. මේකේ මූලිකම දේ රජයේ ආයතන වල සහ සමාගම් වල ප්‍රවාහණ අවශ්‍යතා සැපිරීම. පුද්ගල ප්‍රවාහණය, භාණ්ඩ ප්‍රවාහණය වගේ. නමුත් ප්‍රධාන අදහස හැමතැනම පල් වෙන වාහන රියැදුරන් , අමතර කොටස් ආදිය පාවිච්චි වෙන වඩා කාර්යක්ෂම ක්‍රමයක්.
Deleteමේකෙන් ටැක්සි වගේ සේවයක් කරන්න ගියොත් අද ටැක්සි, ත්‍රිරෝද රථ ආදිය සපයන අයට ආර්ථික වශයෙන් පාඩුවක් වෙනවා.
රජයේ ආයතන වලට වාහන මිළචී ගැනීම නවතා. පෞද්ගලික අංශයෙන් මිළ ගණන් ටෙන්ඩර් කැඳවා ලියාපදිංචිවූ තැන් වලින් එදිනෙදාට අවශ්‍යතාවට අනුව වාහන කුලියට ලබා ගැනීම ඉතාම හොඳ දෙයක්, හමුදාවට හැර අනෙත් සියළු ආයතන වලට එය ප්‍රායෝගිකයි. රජයේ නාස්තිය වලැකීම වගේම පෞද්ගලික අංශයේ රැකියා විශාල ගණනක් බිහිවේවි, එය වැඩේ රනිල්ගේ 2002 ආණ්ඩුව කරන්න හැදුවා. කරන්න ගියොත් රජයේ වාහන අවභාවිතා කරන සියල්ලෝම තදින් විරුද්ධවේවි, ඉතින් මෛත්‍රී හිටං තුමා එක්ක ඕකත් කරන්නත් බෑ.
ReplyDeleteදැනට රජයේ තියන වාහන ටික ජේ ආර් ගේ ආණ්ඩු කාලේ (?) ලංගමට කළා වගේ ඩයිවර්ලාටම දීලා එයාලවත් ගෙදර යැව්වා නම් හොඳයි, සී ටී බි යටත් අදාලයි, මොකද සී ටී බී ඩිපෝ ටික වහල දාන්න පුළුවනිනම් ඒකම සෑහෙන දෙයක්, කෝච්චි නම් ගෙදර ගිනියන්න දෙන්න බැරිවෙයි :)
Deleteස්තූතියි ඇණයා. කෝච්චි ගෙදර ගෙනියන්න දෙනවනම් ඒකටත් කැමති වෙන අය ඉන්න පුළුවන්. හෙහ් හෙහ්
Deleteඉයන්, මම 2009 වෙනකන් රැකියාව කලේ ERP solutions හදන තැනක... අපි මුහුණ දුන්න අත්දැකිම එක්ක තාක්ෂනය තරුණ අයත් එක්ක ලේසියෙන් මුහු වෙනවා.. හැබැයි වැඩිහිටි අයත් එක්ක ලේසි නැ.. එක්ක ඔවුන්ට වඩා පහළ කෙනෙක්ගෙන් ඉගෙන ගන්න අකමැත්ත.. වෙනස් වෙන්න අකමැත්ත, හරිහැටි නොදන්නා දෙයක් සම්පූර්ණයෙන් විස්වාස කිරිමේ ගැටලු.. එකෙත් සිංහල අයත් අයත් එක්ක තවත් අමාරුයි, මුස්ලිම් අයත් එක්ක හරිම ලේසියි... ඔවුන් ව්‍යාපාරික පැත්තෙන් බලන නිසා..හැබැයි වැඩිහිටි පරිණත අයගේ සහයෝගය නැතුව ඒ දැනුම නැතුව ERP එකක් Develop කිරිමත් හරියාකාරව සථාපිත කිරිමත් අපහසුයි.. කටු කන්න වුනේ ගොඩක් වෙලාවට පහළ ශ්‍රේණි වල අයට..
ReplyDeleteතාක්ෂනයෙන් වැඩ ගන්න කලින් ඉයන් ,මට හිතෙනවා ඒ ගැන පුළුල් දැනුමක් එකාකාරිව හැම ජන සමාජයකටම ලැබෙන්නත් පහසුකම් සමානව බෙදී යාමත් වෙන්න ඔනේ කියලා..
ඒ වගේම තාක්ෂනයෙන් රිංගලා යන්න, වැඩ අවුල් වෙන්න හරි ලේසි හරිහැටි ආරක්ෂන ක්‍රියාමාර්ග අරන් නැත්තම්...මිනිසුන්ට වගේ තාක්ෂනේට දුර පෙන්නේ නැ , වෙන දේ අනූව ( කපටිකම්) වෙනස් වෙන්න බැ..මගේ අතින් වැරදිලා ආයෙත් ප්‍රොග්‍රම්ස් ලියලා data හදලා තියනවා මම පරිපාලනයට කියන්නෙත් නැතුව...සමහර වෙලාවට...
ස්තූතියි චතූ, තාක්ශණයෙක් රිංගල හැකර්ස් ලා ඉන්නවා. ඒ අවදානම තිබුණත් වාහන එකම සමාගමකට දාලා රජයෙ ආයතන වලට පාවිච්චියට ලබා දෙන එක අද තිබෙන ක්‍රමයට වඩා කාර්යක්ෂමයි.
Deleteඔව් ඉයන්, කාර්යක්ශමතාව වැඩි එහෙම කලා නම්..
Deleteමේ කියලා තියෙන දේවල් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. බැංකු වලත් මෙච්චර කල් තිබුණේ පෝලිමේ ගිහින් වැඩේ කරගන්න එක නේ. දැන් අර කෑෂ් ඩිපොසිට් මැෂින් එක නිසා ගොඩක් අය ඉක්මනින් වැඩේ කරගන්නවා..
ReplyDeleteඒත් හැබැයි සමහර අය ඉන්නවා මැෂින් එකෙන් දැම්මොත් සල්ලි එකවුන්ට් එකට වැටෙන එකක් නැති වෙයි වගේ දේවල් හිතලා තාමත් පෝලිමේ ම යන..
ස්තූතියි සිතූ. මේවගේ දෙයක් මුවන් පැලැස්සේ කෝරලේ මහත්තයාටත් වුණා. එයා බැංකුවට සල්ලි දැම්මම සුද්දෙක් ඊට උඩින් සල්ලි දැම්මා. ඉතින් මිනිහට එයාගෙ සල්ලි ගන්න බැරිවුණා. ඒක නිසා පෝලිමේ ඉඳලා සුද්දෙක් පේන්න නැතිකොට ඉකමනට තමන්ගෙ අකවුන්ට් එකට සල්ලි දාන එක නුවණක්කාර කමක්.
Deleteමේ විදියට හිතන මිනිස්සු මේ රටේ ඉන්න එකම වාසනාවක්.... අපි බලමු... මෙයාලට බැරි නම් ඉතින් බෑම තමයි...
ReplyDeleteලොකු ප්‍රසංශාවක් . බොහොම ස්තූතියි මාතෙ.
Deleteබොහොම හරවත් සංවාදයක්.. සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්යංශය වගේ කාර්යභාර අමාත්‍යාංශයක් ප්‍රමුක කිරීම තුලින් රජයේ නාස්තිවෙන මුදල් ඉතුරු කරගන්න පුළුවනි.. උදාහරණයක් විදිහට කියනවනම් අද කාර්පට් දාන පාර හෙට ජලසම්පාදනෙන් කඩනවා.. ආයේ හදන්න මුදල් යොදනව.. ආයෙත් නිද්දට ටෙලිකොම් එකෙන් කඩනවා.. ආයේ හදනවා.. මේ මුදල් නාස්තිය අවම කරන්න සියලු සැලසුම් මධ්‍යගත වෙච්ච සෙන්ට්‍රල්සි ස්ටම් එකක් රන්විය යුතුයි..
ReplyDeleteඊට මතරව ඉයන් ඉස්කෝල ගැන කතා කරපු නිසා මෙහෙම ලියන්න හිතුන..සියලුම පාසල් මධම ආණ්ඩුව යටතට අරගෙන දරුවන්ගේ මාසික ලකුණු මට්ටම් සෙන්ට්‍රල් සිස්ටම් එකකට අප්ලෝර්ඩ් කරලා ඒ ලකුණු අඩු සහ දුර්වල පාසල් වල තිබෙන දෝෂය හඳුනාගෙන ඒවාට නිසි පිළියම් යෙදීමෙන් අද්‍යාපනය ජාතික මට්ටමකට ගෙන එන්න පුළුවන් වෙයි කියල හිතනවා.. එහම උනාම ළමයි අඩු සහ දුෂ්කර පාසල්වල ගුරුවරුන්ට බුල් කෙලින්න බැහැ සෙන්ට්‍රල් සිස්ටම් එකක් හරහා ඉන්ස්පෙක්ට් වෙන නිසා..
// සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්යංශය වගේ කාර්යභාර අමාත්‍යාංශයක් ප්‍රමුක කිරීම තුලින් රජයේ නාස්තිවෙන මුදල් ඉතුරු කරගන්න පුළුවනි//
Delete+++++ thank you
තාක්ෂණය භාවිතාව ගැන පාලකයන්ගේ දැනුම බොහොම යල් පැන ගිය එකක්. අමාත්‍යංශ වෙබ් අඩවියක් ඕපන් කරන්නත් අර පොඩි එකෙක්ට අතින් අල්ලලා අකුරු ලියෝනව වගේ මවුස් එකෙන් බොහොම අමාරුවෙන් වැඩේ කරන්නෙ දේශපාලුව. අන්න එහෙම එවුං ඉන්නකල් සහ වැඩි වැඩ කරන්න ගිහිං මොකටද නිකං ටින්කිරි ගාගන්නේ "කියල ස්ථාවරයෙන් ඉන්න රාජ්‍ය නිලධාරින් ඉන්න කල් මේ රටවල් හදන්න බෑ ඉයන්. මේ කියල තියන දේවල් ක්‍රියාත්මක කලොත් කොච්චර නම් වැඩ පහසු වෙයිද? අඩුම තරමේ මේව කෙසේ වෙතත් රාජ්‍ය ආයතන ටික හරියට ජාල ගත කරගන්න බැරි එවුං මෙහෙ ඉන්නෙ. අන්න ඒකයි කරුමෙ..
ReplyDelete// අඩුම තරමේ මේව කෙසේ වෙතත් රාජ්‍ය ආයතන ටික හරියට ජාල ගත කරගන්න බැරි එවුං මෙහෙ ඉන්නෙ. අන්න ඒකයි කරුමෙ..//
Deleteaththa sajjaa, thanks
දේශපාලුවා තාක්ෂණය නොදැනගෙන සිටීම ප්‍රශ්නයක් නෑ, ප්‍රතිපත්තිමය තීරණ ගත්තට පස්සෙ දේශපාලු ඇඟිලි ගැසීම්වලින් තොරව වෘත්තිකයන්ට වැඩේ කරන්න දෙනව නම්. වෘත්තිමය මට්ටමේ (සුදුසුකම් හා මානසිකත්වයෙන්) නිලධාරීන් සිටිය යුතුයි
Delete