Wednesday, June 29, 2016

තාක්ෂණය යොදාගෙන විසඳිය හැකි රටේ ප්‍රශ්ණ (1)



දියුණු රටවල මට්ටමට ආසන්න මට්ටමක ඇති සන්නිවේදන තාක්ෂණය යොදාගෙන රටේ ප්‍රශ්ණකාරී අංශ නිවැරදි කිරීමට යෝජනා කිහිපයක් ඔබලාගෙ අදහස් සඳහා කොටස් වශයෙන්  ඉදිරිපත් කරමි.  


තාක්ෂණය යොදාගෙන රජයේ ආයතන, පලාත් පාලන ආයතන වල ගෙවීම් කටයුතු මධ්‍යගත කිරීම

ස්ථාන කිහිපයක ශාඛා ඇති ආයතන සහ ආයතන කීපයක් ඇති සමූහ ව්‍යාපාර ඔවුන්ගේ ගෙවීම් මධ්‍යගත කිරීම මඟින් නාස්ති සහ හොරකම් බොහෝ දුරට අඩුකරගෙන ඇත. දුරකථන ජාල හරහා ශාඛා සහ ආයතන සම්බන්ධ කිරීමටත් අධි වේගයෙන් දත්ත යැවීමටත් හැකි මේ කාලයේ මෙම Shared Services ක්‍රමය රජයේ ආයතන වලට හඳුන්වා දීමෙන් විශාල නාස්තියක් වලකා ගත හැක. රජය විසින් මධ්‍යගත ගෙවීම් දෙපාර්තමේන්තුවක් (Central Payments Dept) ආරම්භ කිරීම සහ ඊට අනුබද්ධව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ශාඛාවක් ස්ථාපනය කරන්නේ නම් රටේ විවිධ ස්ථානවල දැනට කරන සියළුම ගෙවීම් කටයුතුව ගෙවීමට පෙර විගණනයක් සිදු කිරීම කල හැක.

මෙවන් ක්‍රමයකින් අන්‍යවශ්‍ය වියදම් කිරීම්වැඩි මිල ගණන් වලට මිලදී ගැණීම්සේවාව ලබා නොගෙන ව්‍යාජ ලෙස මුදල් ගෙවීම්වැය ශීර්ෂ වල ඇති වෙන්කිරීම් අදාල නැති කටයුතු සඳහා යොදා ගැනීමඅල්ලස් ලබා ගෙන අනික් අයගේ මිලගණන් වෙන අයට ලබා දීම, අනුමැතියකින් තොර මුදල් ගෙවීම්අනුමැතියකින් තොර වියදම්අසාමාන්‍ය ලෙස අධික පරිභෝජනයසැපයුම් කරුවන් ආදායම් බදු නොගෙවීමතොග තිබියදී අනවශ්‍ය ලෙස ඇණවුම් කිරීමආදී විශාල රජයේ මුදල් නාස්ති වන අවස්ථා විශාල ප්‍රමාණයක් අඩු හෝ අවම කරගත හැක.

එකම පරිඝණකගත ජාලයක් හරහා මෙය කල හැක. ගෙවීම් කරන ආයතනය ගෙවීමට අදාල ලිපිද්‍රව‍ය  ජාලයට අප්ලෝඩ් කලවිට එම ගෙවීම විඝණක අංශය මඟින් පරීක්ෂා කර අනුමත කල හැක. එසේ අනුමත කල ගෙවීම් මධ්‍යගත ගෙවීම් අංශය එය ගෙවීමට යොමුකර ගෙවීම ලබන කෙනාගේ ගිණුමට කෙලින්ම මුදල් බැර කල හැක.   ඊට අමතරව යම් කිසි ගෙවීමක් ගැන සැක සහිතනම් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ශාඛා හරහා අදාල ආයතනය ගොස් මුල් පිටපත් පරීක්ෂා කිරීම, ගෙවීමට අදාල කාර්‍යය නිසි ලෙස නිම කල ඇත්දැයි පරීක්ෂා කිරීම කල හැක.

මිල ගණන් කැඳවීමේ සිටම මෙම පරිඝණක ජාලය හරහා කල හැකිවේ. රාජ්‍ය ආයතනයකට හෝ පළාත් ආයතනයක අදාල සියළුම මිලගනන් කැඳවීම් එම ජාලය හරහා කල හැකි අතර මිල ගණන් ඉදිරිපත් කිරීමද අදාල ජාලයේ කොටසකට අන්තර් ජාලය හරහා සම්බන්ධ වී කල හැක. අදාල ප්‍රදේශයේ සැපයුම් කරුවන් මෙම ජාලය හරහා ලියාපදිංචි වී ඇතිවිට ආයතනය ටෙන්ඩර් එකක් ඇතුලත් කල පසු සියළුම සැපයුම් කරුවන්ට ඊමේල් මඟින් හා SMS මඟින් ස්වයන්ක්‍රීයව දැනුම්දෙනු ඇත.

මෙවන් පරිගණක ක්‍රමයක් කොළඹ විශ්ව විද්‍යාලයේ පරිඝණක අංශය වැනි රජයේ ආයතනයකට ඉතා කුඩා කාලයකින් නිර්මාණය කල හැකි විය යුතුය.



61 comments:

  1. මගේ යාලුවෙක් තාක්ෂණය අවභාවිත කරලා මලා.

    ReplyDelete
  2. ඉයන් දන්නවනේ රට කරපු අයයි කරන අයයි ඉදිරියේදි කරන්න ඉන්න අයයි ඔක්කෝමලා ඔය ක්‍රමවේද, සංකල්ප දන්නවා කියලා...ඔය වගේ දේවල් ක්‍රියාත්මක කලොත් කිසිකෙනෙක් දේශපාලනය කරන්න එන එකක් නෑ, කිසිම ලාබ ප්‍රයෝජනයක් නැති නිසා...!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චෙෆා. මේ ක්‍රමයේ අදහස මුදල් ඉතිරිය හා නාස්තිය වලක්වා ගැනීම. එවන් ක්‍රමයක් ඉල්ලා සිටීමට අපට හැකියි. එතකන් ඔවුන් එවන් අම ස්ථාපිත කරන එකක් නැහැ.

      Delete
    2. ඉල්ලා සිටින්නේ කාගෙන්ද යන්නයි මගේ ප්‍රශ්නය....?

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. //ඉල්ලා සිටින්නේ කාගෙන්ද යන්නයි මගේ ප්‍රශ්නය....?//

      චෙෆා ඉල්ලා සිටිය යුත්තේ කවුරුන්ද? කියලා තමයිඅපි හිතන්න ඕන. ඉල්ලා සිටිය යුත්තේ අපි ඇතුලු මහජනයා. ඉල්ලීම කලයුත්තේ ප්‍රසිද්ධියේ. අප පෙන්නා දිය යුත්තේ තිබෙන තාක්ශණය අනුව කල හැකි වැඩක්. කලොත් නාස්ති අවම කර ගත හැකි නිසා කල යුතියි කියන එක.

      Delete
  3. මචං, අදත් ආණ්ඩුවෙ කාර්යාලවල කහ ගැහිච්ච ෆයිල් පිරිලා තියෙනවා දකින්න පුලුවන්. නමුත් පරිගණක භාවිතය ආවේ අපි ලංකාවෙ වැඩ කරපු කාලෙ. ඒ කියන්නෙ අනූ ගනන්වල මුල. මුලින්ම අපිට පඩි දෙන එක පරිගනක ආධාරයෙන් කරන්න ගත්තා. ඒත් කාර්යක්ෂමතාවය නම් කලින් වගේමයි. හැබැයි වෙන සියලුම වැරදි වලට 'ආ ඒක කම්පියුටරේට වැරදිලා' කියන ගොං උත්තරේ දීලා වහගත්තා.

    දැනුත් මචං පරිගණක තිබුනට වෙලාවකට පුදුම හිතෙනවා මොනවා කරනවද කියලා මේ යක්කු. අද ළමයි දෙන්න ගිහින් විසඳගෙන ආවා බැංකුවට ගෙවපු ඉන්ටනෙට් බිල SLT එකට ගිහින් නැතිව ඊ ලඟ බිලට එකතු වෙලා ආපු කේස් එකක්. හැබැයි ජාල ගත කරලා තියෙන්නේ.

    අපි ඩියුටි ‍ෆ්‍රී එකෙන් ගත්ත බඩුවක රිසිට් එක නැති වෙලා ඒ බඩුවෙ සීරියල් නම්බර් එක කිව්වට ඒ කොම්පැණියට ඒකහොයාගන්න බැරි වුනා. පාස්පෝර්ට් නම්බර් එකෙනුත් හොයාගන්න බැරි වුනා. ගත්ත වෙලාව සහ දවස කිව්වත් බැරි වුනා. කාඩ් එකෙකින් ගෙවලත්. අන්තිමට ඒක හොයාගත්තෙ, විස්වාස කරපං. ජාතික හැඳුනුම්පත් අංකෙ ගහලා. ඕං තාක්ෂණේ පාවිච්චි කරන හැටි.

    උඹ දන්නවද සමහර online payment වෙරිෆයි කරන්න පස්සෙ ගිහින් එක එකාට කතා කරන්න ඕනෙ කේයලා ලංකාවෙ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩූඩි, කවුරුහරි බයියෙකුට අයිති සමාගමක් වෙන්න ඇති. ඔයිට වඩා ගොඩක් දේවල් අද පිළිගත් පෞද්ගලික සමාගම් පරිහරණය කරණ සිස්ටම් වලින් පුළුවන්.

      Delete
    2. SLT හරි Mobile බිල හරි ගෙවනවනම් හොදම දේ තමයි super market එකකින් ගෙවන එක SLT එකට යන්න බැරිනම්. මම නම් මගේ SLT සහ Dialog බිල ගෙවන්නේ සම්පත් බැංකුවේ ගිණුමෙන් online. තවම නම් කිසි කරදරයක් වෙලා නෑ.
      අද පරිගණක සුලබ වුනත්, පරිගණක සාක්ෂරතාව අතින් ආණ්ඩුවේ කන්තෝරු තියෙන්නේ ගල් යුගයේ. පරිගණක වලින්, පරිගණක ජාලයකින් කරන්න පුළුවන් දේවල් එයාලා දන්නේ නෑ. පරිගණකයකින් කරන්න පුළුවන් දේවල් මේ රටේ හරියට කරන්න තව ශතවර්ෂයක් යාවි.

      Delete
    3. සහතික ඇත්ත ඉසුරු. ඒ අන්තිමට කිව්වටික තමයි වෙලා තියෙන්නෙ

      Delete
  4. විදුලි, ජල බිල්පත් ආදියවත් තවම අන්තර්ජාලය හරහා ගෙවීමේ හැකියාවක් නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. ඉකොන් සමහර දේවල් කල හැකියි. උදාහරණයකට වාහන අදායම් බලපත්‍ර ලබා ගැනීම වගේ දේවල්.

      Delete
    2. විදුලිබිල ගෙවන්න පුළුවනි, කන්වීනියන්ස් පේ කියලා අමතර ගාණක් එකතුකරනවා, අපිට කන්වීනියන්ස් වෙන එක එයාලට ඉන්කන්වීනියන්ස් වෙන්න ඇති.

      Delete
    3. මමත් ලයිට්බිල් ගෙවන්නෙ ඔන්ලයින්.

      Delete
    4. යකෝ ඒක මාර වැඩක්නේ.අපිට නම් කඩදාසි බිලක් එවනවට වෙනම ගානක් ගන්නවා.ඊ බිලක් නම් ඒ ගාන ගෙවන්න ඕනනෑ. ඇත්ත තමයි ලංකාවේ කන්තෝරු වල ඉන්න එකාලාට කම්පියුටර් අරහං.

      Delete
    5. විදුලි, ජල, දුරකථන බිල් ඔන්ලයින් බෑන්කින් හරහා ගෙවන්න පුලුවන්නෙ. මමනං ගෙවන්නෙ එහෙමයි.

      Delete
    6. මහජන බැංකු ගිණුම් හිමියන්ට අන්තර්ජාල බැංකු සේවාව හරහා අපි ඒ පහසුකම ලබා දීලා තියෙනවා. මම හිතන්නේ අනෙකුත් රාජ්‍ය සහ පුද්ගලික බැංකුත් මේක කරනවා. අපි ගාස්තු අය කරන්නේ නෑ.

      Delete
  5. පිස්සු හැදෙයි.... ඊයේ ආන්ඩුවෙන් කරන ගෙවීමක් කරන්න... අර විජිතමුනි සොයිසා ගිහින් ඒකත් දීලා එතන දීපු ටෝක්ස් ටික දැක්කේ නැද්ද... හිනා කාලා මැරෙනවා... ඊයේ දෙරන නිව්ස් බැලුවා නම් පෙනෙයි...

    මම හිතුවේ නෑ ඉයනුත් චෙෆාකී වගේ කියලා... මුන් දෙන්නා ආස්සරේ කරන්න පටන් ගත්තයින් පස්සේ චින්තන මාරු වෙලාද කොහෙද...

    ReplyDelete
    Replies
    1. //මම හිතුවේ නෑ ඉයනුත් චෙෆාකී වගේ කියලා.//

      ස්තූතියි මාතෙ, මාව චෙෆාකිට කම්පෙයා කරන්නේ කොහොමද? මට ගඟ ලඟ මන්දිරයක් නැහැ, හෝටල් අයිති නැහැ, රේන්ජ් රෝවර් එකක් නැහැ, බල බල ඉන්න ගිරි දුර්ග නැහැ, හැක්

      Delete
    2. චින්තනය.... චින්තනය.... ඔහේට මතක නැතෙයි දුප්පත් මිනිස්සු ගැන සංවාදය...

      Delete
    3. සංවාදය වෙලාවේ බීපු ඒව මතකයි. කථා කරපු ඒව තමයි පොඩ්ඩක් අවුල් වගේ ,

      Delete
    4. මම නම් තාම කියන්නේ දුප්පත් මිනිස්සු නැහැ...විහින් දුප්පත් වෙච්ච අය මිස..හැමදේම අතපාලා ඉල්ලන්නේ නැතුව , අත පය හෙල්ලුවාම තමන්ගේ හැකියාවෙන් හරි පුරුදු පුහුනු වෙච්ච කරුමාතෙකින් හරි ජීවත්වෙන්න පුලුවන් රටක් මේක..බලන්නකෝ අර රාජ්‍ය සම්මානලාභී කවියා, ටිම්රාන්, යසට කිරිඑකතු කිරීමේ මද්‍යස්තානෙක අත පය හොල්ලලා වැඩ කරන්නේ..
      මාතෙට ඩෝප් ඒක කියන වෙලේ අඹ වලට..ගත්තනේ රෝන්ග් සයිඩ් එකෙන්...:) :)

      Delete
    5. ඉයන් FCID එකට ඔක්කොම ලිස්ට් එක මම දුන්නා, උඹ ඕවා පත්තරේ දාන්න ඕනි නෑ..ගිරිදුර්ගේ සමතලා උනා ගිය සුමානේ වෝටර්ස් එජ් එකේදි...!

      Delete
    6. දැන් මම වැඩියේ ආගිවුමන්ට්ස්වලට යන්නේ නෑ.... නායක හාන්දුර්වෝ කිව්වා ජන්ම ඒරාෂ්ඨකෙයි ලග්න ඒරාෂ්ඨකෙයි දෙකම එකටලු යන්නේ... ඒ නිසා හරකෙක් වගේ ඔළුව පහත් කරගෙන ඉන්න කියලා.. වෙච්ච සිඳුවීම් කීපයකින්ම හාන්දුරුවෝ කියන්නේ ඇත්තෙයි කියලා හිතුනා...

      Delete
    7. මාතෙ ඕනවට වැඩිය ඔළුව පාත් කරලා අර උඹම කිව්ව වගේ එළුවා රැවුල බාන්න කියයිද?

      Delete
    8. කරුමේ කියන්නේ ඉයන් මහත්තයෝ... හාන්දුරුවෝ අවවාද කොලාට... ජන්මෙට වඩා පුරුද්ද ළොකුයිනේ.. අසාධාරනේ, හොරකම, වංඤ්ඤාව පේන්නම බෑ....

      Delete
  6. /*
    මෙවන් පරිගණක ක්‍රමයක් කොළඹ විශ්ව විද්‍යාලයේ පරිඝණක අංශය වැනි රජයේ ආයතනයකට ඉතා කුඩා කාලයකින් නිර්මාණය කල හැකි විය යුතුය. */

    This should be open tender.

    I think Universities should concentrate on research rather than maintenance or services.

    Universities will have to set up a commercial arm and bid if they want to get the contract. But that will be lost productivity.

    ReplyDelete
    Replies
    1. Uni of Moratuwa already work on commercial projects as consultants. Its done by an indipendent commercial entity established within the framework of the Uni...
      http://www.uniconsultancy.com/

      Delete
    2. ස්තූතියි රසික සහ චෙෆා. රජය හැම එකකකටම සල්ලි නැහැ කියන නිසා රජයේ ආයතනයකින් කරගැනීම ගැන සිතුවා. එමෙන්ම මෙවන් සිස්ටම් එකක් නිර්මාණය කිරීම එතරම් අමාරු කාර්‍යයක් නෙමෙයි. එමෙන්ම ටෙන්ඩර් හරහා යාමට ගතවන කාලය කොලඹ විශ්ව විද්‍යාලය හරහා කරගැනීමෙන් අඩු කර ගත හැකියි.

      Delete
    3. ලංකාවේ තියෙනවා ICTA කියල එකක්. ඒක තියෙන්නේ ඔය වගේ වැඩ වලට තමයි. ආණ්ඩුවේ වෙබ් එක කරේ එයාලා තමයි. semi government නිසාද කොහෙද maintenance නෑ.

      Delete
    4. මාත් ලංකාවේ ඉන්න කාලේ අපේ දෙපාර්තමේන්තුචේ කීප දෙනෙකු එක්ක කන්සල්ටින් වැඩ කළා. නමුත් ඒවා අති බහුතරය කන්සල්ටින් වැඩ පමණයි Fair Trading, UNIDO වගේ තැන්වල.

      ඒක පාරක් ඩේටාබේස් වැඩකට අත ගහන්න වෙලා සෑහෙන කට්ටක් කන කොට තමයි තේරුනේ එවැනි වැඩ අප බාර ගැනීම කොච්චර ද කියලා!

      ආකි ෆැකල්ටියේ අය ටවුන් ප්ලෑනින් වගේ ලොකු වැඩ කරන එකයි, මේ ඩේටාබේස් වෙබ් සර්විස් වැඩයි සම කරන්න බෑ.

      Delete
    5. රසික ආකිටෙක්චරල් කන්සල්ටන්සි යුනිට් එක CECB එක කරනව වගේ ප්‍රොජෙක්ට්ස් දැන් කරනවා, හැබැයි රාජ්‍ය ආයතන වල ප්‍රොජෙක්ට්ස්...IT ගැන දැනුමක් මට නැති නිසා රසික කියන කතාව හරි ඇති...නමුත් සංකල්පයක් හැටියට ඉයන් යෝජනා කරන්නේ කොළඹ IT ෆැකල්ටි එක හරි ICTA එක හරි මුල්වෙලා මේක කරනවා නම් හොඳයි කියලා..විද්‍යුත් හැදුනුම්පත් ප්‍රොජෙක්ට් එක ඕපන් ටෙන්ඩර් එකකින් සොෆ්ට්ලොජික් ආයතනයට දීලා මේ දවස්වල කරගෙන යන බවනම් ඇහුවා...ඒ වගේ මේ යෝජනාවත් ඕපන් ටෙන්ඩර් ක්‍රමයට දෙන්න පුලුවන්, සමහර විට ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කරන්න, මොකද කරප්ෂන් අඩු කරන්න පුලුවන් හොඳම ක්‍රමයක් නිසා..

      Delete
    6. පොඩ්ඩක් විතර හිනත් යනවා...

      සොෆ්ට් ලොජික් වලින් කෝට් කරනකොට අපේ ඇස්නම් උඩ යනවා, මේවා IT වැඩද කියල. කෝටේෂන් එක අනුව ඇමරිකාවේ හදනවා වගේ. නමුත් කොලිටිය නම් යහපත් නැහැ. ලංකාවේ මෘදුකාංග සමාගම් තියෙනවා ඕනේ තරම් මේ වැඩවලට. නමුත් පොලිටික්ස් ජරාව නිසා වැඩකරන්න අකමැතියි. අත්දැකීමෙන් කියන්නේ

      Delete
    7. ලංකාවේ තිබෙන හොඳම IT සප්ලයි කම්පනිය කියල රෙකමන්ඩ් කරපු නිසා සොෆ්ට් ලොජික් එකෙන් තමා අපේ ලංකාවේ කොම්පැනියට පරිගණක ගත්තේ. කස්ටමර් සර්විස් ඇත්තෙම නැහැ ලු . වෙලාව ගන්නවාලු පොඩි දේටත්. වෙලාවට සප්ලයි නැහැලු. වැරදි ඒවා සපල්යි කරනවලු. ඕවගේ චෝදනා ගොඩක් කරා අපේ ටෙක් ඩිරෙක්ටර්. නෙට්වර්කින්ග් වැඩ වලට දැන් සොෆ්ට්ලොජික් එකට කතා කරන්නේ නැතිව මෙහෙන් වියදම් කරලා ඉන්ජෙක් යවනවා.

      Delete
    8. සොෆ්ට්ලොගික් පටන් ගත්ත දවස් වල නම් හොදයි. කොහොමත් හැමදෙයක්ම පටන් ගත්ත දවස්වල හොදයි. සමාගම ලොකුනම් හොදම දේ තමා in-house ටෙක්නිෂන් කෙනෙක් තියාගන්න එක. විද්‍යුත් හැදුනුම්පත් කොහොම chip එකක් බාවිතා කරලා හදනවද දාන්නේ නැ. මොනවගේ security measures තියෙනවද දන්නේ නෑ. ඒත් chip එක විතරක් නම් දාන්න වෙන්නේ SLE4418,SLE4428,SLE4432,SLE4442 වගේ card එකක්. ඒවා copy කරන්න හරි duplicate කරන්න හරි ලේසියි. card එකක වටිනාකම Rs 25ක් වගේ වෙන්නේ.

      Delete
  7. ඉයන්, මම පොඩි වැඩක් කියන්නද. ඔයා ගිහින් බලන්න අපේ රටේ රාජ්‍ය ආයතන වල වෙබ් සයිට් වලට. ඔයාටම පෙනෙයි ඒවායින් කීයෙන් කීයද හරියට අප්ඩේට් කරලා තියෙන්නේ කියලා.

    ඔන්ලයින් සම්බන්ධවෙලා වැඩ කරගන්න එක කොච්චර පහසු වුනත්, ඔය රාජ්‍ය ආයතනවල ඉන්න රාජ්‍ය චක්‍රලේඛ වලට කොටුවෙච්ච ලේකම්ලා, ගණකාධිකාරිලා, සහ පරිපාලන නිලධාරීන් බොහොමයක්, තොරතුරු තාක්ෂනය ගැන මෙලෝ හසරක් නොදන්නා නිසා, ඔය වගේ වැඩවලට විරුද්ධ වෙනවා. කොහොමහරි පටන් ගත්තොත්,එයට අකුල් හෙළනවා. අන්න ඒ වසංගත ටික මුලින්ම වඳ කරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. රාජ්‍ය ආයතනවල වෙබ් සයිට් හදල තියෙන්නේ ICTA එකෙන් එයාල හදලා අදාළ ආයතනවලට බාරදුන්නාට පස්සේ යාවත්කාලීන කිරීම අදාළ ආයතනයේ වැඩක්. මට හොදටම විශ්වාසයි සමහර ආයතන දන්නෙ නැතිව ඇති එයාලට එහෙම එකක් තියෙනවා කියල.
      ලංකාවේ පවතින පරිපාලන පද්දතිය එහෙම්පිටිම්ම අනික් පැත්ත පෙරලන්න ඕනේ තොරතුරු තාක්ෂනය පරිපාලනයට සම්බන්ද කරන්න නම්.

      Delete
    2. විචා සහ ඉසුරු. බොහොම ස්තූතියි. මධ්‍යගත ගෙවීම් කියන අදහස රාජ්‍ය ආයතන වලින් කරන ලෙස ඉල්ලා සිටිය යුතු දෙයක් නෙමෙයි. විගණනයෙන් පසු කරන ගෙවීම් වලින් යම් තාක් දුරට නාස්ති අවම කරගන්න පුළුවන්. ඒ නිසා මෙවන් මධ්‍යගත විගණනයකින් පසුව රජයේ ගෙවීම් කිරීමට මහජනයා වන අපි බල කල යුතුයි. අද තියෙන තාක්ෂණයත් එක්ක එය කරන්න පුළුවන්.

      Delete
  8. රාජ්‍ය ආයතන වල තියන වේබ්සයිට් නිකං සෝබනේට තියන ඒව විතරයි. ICTA එක හදල දීල නිලධාරිනුත් පුහුණු කරල තිබුණත් වැඩ කෙරෙන්නෙ නෑ. ලොක්ක හණමිටිය කරේ තියාගන නැත්නම් සොක්කො ටික හරි හණමිටිය අතාරින්නෙ නෑ.ඔක්කොටම ඉස්සෙල්ල මේ ලොක්කන්ගෙය් සොක්කන්ගෙයි ආකල්ප හදන්න ඕන. හොරාකන්න බලාගෙන වෙනස් වෙන්නැතුව ඉන්න එවුවො පන්නන්න ඕන.
    තාක්ෂණික දැනුම වගේම ශිල්පීය හැකියාව පිළිබඳ කිසිම හිඟයක් රටේ නෑ. නැති එකම දේ ඕනෑකම

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගුණසිංහ මහත්මයා. මේ යෝජනාව රජය මූලික වෙලා කල යුතුදෙයක්. රටේ මුදල් නාස්තිය අවම කරගන්න පුළුවන් ගෙවීම් මධ්‍යගත කරල විගණනයකින් පසුව ගෙවන ක්‍රමයක් හදාගත්තම.

      Delete
  9. cctv දාන්න එපා කියල වර්ජන කරන රටේ. ඉයන්ට පිස්සුද මන්ද ? ඕකටත් වර්ජනයක් කරයි රස්සා නැති වෙනවා කියල.

    ReplyDelete
    Replies
    1. ගුවන් තොටුපොලේ දැනට තියෙන බවත්, ඒ විරෝධය පළ වෙන්නේ විවේක කාමරයේ කැමරා සවි කිරීම ගැණ බවත් හිටපු බ්ලෙග්කරුවෙකු සහ දැන් කස්ටම් නිලධ්රියෙකුවන ප්‍රවීන් ඉන්ද්‍රනාම පවසා තියෙනු දුටුවෙමි!

      Delete
    2. ඇත්තටම. මම නම් එහෙම එකක් දන්නේ නැහැ. පත්තර වල තියෙන්නේ centralised සිස්ටම් එකකට විරුද්ධව කියල.

      Delete
  10. මේ ඔක්කොම කලාම ඉයන්, කට්ටිය කොහොමද හිතුමනාපෙට හොරකම් කරන්නේ ?

    මේ ලියා ඇති සියලුම දේ වැදගත්...කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ කාටද මේ වගේ දෙයක් කරලා රට දියුණු කරන්න උවමනාවක් තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොකුරු. කාට වුවමනාවක් නැතුවුණත් මහජනයාට තියෙන්න ඕන. ඔවුන් එකතුවෙලා ඉල්ලා සිටියොත් එය නොකලොත් ඔවුන්ගේ අරමුණු පැහැදිලි වෙනවා. අද මහබැංකු අධිපති අයින් කරන්න කියනවා වගේ මහජනයා ඒ කියන්නේ අපි ඉල්ලා සිටිය යුතුයි.

      Delete
    2. අපි ට්‍රයි කරමු ඉයන් මහජනයාව එකතු කරන්න...බැරිවෙන්න බෑ...මහ බැංකු අධිපති පත් කරනාකාරය බලමු..එතකොට අපිට හිතාගන්න පුලුවන් වේවී..එතනත් ඩීල් එකක් දැම්මොත් ඉතින් අපි ඉවරයි...වැරදුනාම වැරැද්ද පිලිගන්න පුල්වන් වෙන්න ඕනි ඉස්සරවෙලාම...වැරදි වෙන එක කා අතිනුත් වෙන නිසා...!

      Delete
  11. මේ ලඟදි යාලුවෙක් මරු කතාවක් කිව්ව. "සම්පත් මහත්තය ගාවට ගියා බං පොඩි කෙල්ලට බෙහෙත් ගේන්න.. මූ බෙහෙත් තුණ්ඩුවේ යටින් 15%ක් වැට් කියල අතින්ම ලියල එකතු කරලා සල්ලි ගත්ත" කියල. ඒක එතකොට සිස්ටම් එකකට යනවද? මූ ඒ ගන්න ගැන අඩුගානේ ආණ්ඩුවට ගෙවනවද? හැම තැනකම සේවාවල් වලදී සිද්ධවෙන සූරාකෑම් , හොරකම් වලට හොඳ උත්තරයක් තමයි ඔය ජාල ගතකරන කතාව.

    ReplyDelete
    Replies
    1. දොස්තර කර ඇත්තේ හොර වැඩක්. ඒ බිල තියෙනවානම් ආදායම් බදු එකට අරින්න. වැට් අයකර ගන්න ඔහුට වැට් ලියා පදිංචියක් තිබිය යුතුයි. එම අංකය බිලේ මුද්‍රණය කර තිබිය යුතුයි. ඒවගේම වැට් ගණන වෙනම සටහන් ක්‍ර දිය හැක්කේ පාරිභෝගිකයා වැට් ගෙවන්නෙක් වුවහොත් පමණයි. ඒවගේම වැට් වලට අයිති වුනේ මාස තුනකට මිල්යන පහක් ද වඩා වැඩි ආදායම ඇති පෞද්ගලික සෞඛ්‍ය ආයතන. ඒකත් අයින් කලා හිටං.

      Delete
  12. හරි. අපි උපරිම... උපරිම... නවීනතම තාක්ෂණය බාවිතා කරල රජයේ කාර්යාල දියුණු කරල ඒ අයගේ කාර් යක් සමතාවාය හොද එකෙන්ම වැඩි කරමු.. කරන්න තියෙන සියළු දේ කරමු.. හැබැයි රාජා් රජයේ උත්තමයෝ ඉන්න තැං වලයි පේරා කැම්පස් එකෙයි නං ලැහැස්ති වෙන්ඩ එපා අර කැමරා අටවන්න... හරි... හැක්

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් දේශක බොහොම ස්තූතියි

      Delete
  13. වෙන රටවල අයි ඩී නම්බර් එක හරි ටෙලිපෝන් නම්බර් එක හරි කම්පියුටරේ එන්ටර් කලාම පුද්ගලයාගේ සියලුම විස්තර එනව බලන්න ආසයි.
    අපේ රටේ ඒ විදියට කවදා වේවිද කියන එක හීනයක් පමණයි.

    ReplyDelete
    Replies
    1. //වෙන රටවල අයි ඩී නම්බර් එක හරි ටෙලිපෝන් නම්බර් එක හරි කම්පියුටරේ එන්ටර් කලාම පුද්ගලයාගේ සියලුම විස්තර එනව බලන්න ආසයි.//

      මෙහේ ඔක්කොම විස්තර දුන්නම ටෙලිෆෝන් නොම්මරයක් දෙනවා

      Delete
  14. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ (රාජගිරියේ) ඉන්න ලොක්කා අමුම අමු බයියෙක්. මේකා මයියන්ගනේ පැත්තේ ඉපදිච්ච වැදි ගති තියන එකෙක්. මූ හිතන්නේ මූ වැද්දන්ගේ මහා හූරා වගේ කියලා. දෙපාර්තමේන්තුවේ ඉන්න ඔක්කොම අය මුගේ යටත් වැසියෝ කියලා හිතාගෙන ඉන්නේ. මූ කරන අසාධාරණ කම් මෙන්න.

    1. හිතුමතේට සේවකයන් තලා පෙළ කතා කිරීම සහ දඬුවම් කිරීම.

    2. පෝය දවස්වලත් භාෂා විභාග පැවැත්වීම.

    3. මූට අභියෝගයක් වන දක්ෂ නිලධාරීන්ට කැපිල්ල දැමීම.

    4. කෑම උයන සුවඳ මුගේ ඔෆිස් එකට එන ගඳක් කියා ආයතනයේ කැන්ටිමේ සේවකයන් වෙනුවෙන් කෑම පිසීම නැවැත්වීම.

    5. තව මාස පහකින් පැන්ෂන් යන්න ඉන්න මූ දැන් මනෝ ගනේෂන් ඇමතිගේ පස්ස ලෙවකනවා එක්ස්ටෙන්ෂන් එකක් හදාගන්න.

    නමුත් අපි මූට ගහලා එලවන දවස වැඩි ඈතක නෙවෙයි.

    ReplyDelete
  15. වටිනා ලිපියන් ඉයන් අයියා. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ රාජ්‍යය ආයතන වල නවීන තාක්ශණය භාවිතා කරන්නෙ නැති කම. තාක්ශණික උපකරන සපයන තියෙන තැන්වල පවා ඒ දේවල් වලින් හරි ප්‍රයෝජනයක් නොගන්න තැන් අප්‍රමාණයි. මං හොඳටම දන්න දෙයක් තමා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙ සේවක සේවිකාවන්ට, ඉන්ටනෙට්, ඊමේල් භාවිතය වගේම සාමන්‍ය පරිඝනක භාවිතය සම්බන්ධයෙන් වැඩමුලු පවා තියෙනවා. ඒ වුනත් විශ්‍රාමිකයෙක් ඇවිත් පෙන්ශන් එක සම්බන්ධයෙන් දෙයක් අහපු ගමන් කටේ දිවේ නොගෑවි "ආ ඒක වෙබ් සයිට් එකෙන් බලා ගන්න, අපිට මෙතනින් බලන්න බෑ" කියල දානවා. ඒක දැනුම නැති කමද උවමනවාක් නැති කමද කියන්න මං දන්නෙ නෑ.

    ඔය වැඩ මුලු වලට ගියාට අපි ට ඕව තේරෙන්නෙ නෑ දැන් කියන සමහරු ඒ වෙලාවට යූ ටියුබ් ගිහින් අර රන් දෙපැයෙ මිස් වෙච්ච නාට්‍ය බලනවා.

    ReplyDelete
  16. වැඩේනං හොඳයි කියමුකො. ඒත් ඔය වගේ සිස්ටම් එකක් හදල ඒවයෙ වැඩ කරන්න ‍පරිගණක ගැන මෙලෝ දැනුමක් නැති (දැනටත් ඔය රජයේ බැංකු සහ ගොඩක් ආයතනවල කොම්පියුටර් තියාගෙන පොරවල් වගේ හිටියට ඒ සිස්ටම් වලින් වැඩක් කරගන්නෙ කොහොමද කියල දන්න අය ඉන්නෙ බොහොම අඩු පිරිසක්) කට්ටිය දැම්මොත් වැඩක් වෙන්නෙ නෑ. විශේෂයෙන්ම ඔය ආයතන වල ඉන්න පැන්ෂන් යන්න කිට්ටු අය හිතන්නෙ කොම්පියුටරයක් කියන්නෙ එහ ලොකු ආභරණයක් කියල. ඒ මිනිස්සු අයින් වෙලා පරිගණක එක්කම ආපු තරුණ පරම්පරාව ඔතනට එනකල් ඕක සම්පූර්ණයෙන් සාර්ථක වෙන්නෙ නෑ.
    අනික තවමත් ලංකාවෙ තියෙන බොහෝ ආයතනවල පරිගණක පද්දති සහ සර්වර් ඔහේ තියෙනවට තියෙනව මිසක් අවශ්‍යතාවයට සරිලන විදියට වේගවත් නෑ කියලයි මටනං හිතෙන්නෙ. ඕකටත් එහෙම උනොත් ඉතිං බැංකුවට සල්ලි ගෙවුව වගේම තියෙයි. හැක්..

    ReplyDelete
  17. රජයේ සේවය මේ විදියට තක්ෂයනත් එක්ක ගැටගැහුවොත් පොඩි හෝ කාර්යක්ෂමතාවයක් මේවායේ රාජ්‍ය සේවය තුල ඇති වෙන්න පුළුවන්.නමුත් ගැටලුව රජයේ සේවකයන්ට නිසි තාක්ෂණ දැනුමක් නොමැති වීම.රජයේ සේවයට බඳවා ගැනීමේදී වෙනත් භාෂාවකින් වැඩකිරීම ගැන බලනවා වගේ තාක්‍ෂණ දැනුම ගැනත් සැලකිලිමත් විය යුතුයි.

    ReplyDelete
  18. ඉයන් රාජ්‍ය ආයතන මේවට වෙනම මහන්සි වෙන්න ඕනේ නෑ. අපි(මහජන බැංකුව සහ වෙනත් බැංකු) දැනටමත් අවශ්‍ය රාජ්‍ය ආයතන වල කවුන්ටර් පිහුටුවලා තියෙනවා. උදාහරණයකට : ආර්.එම්.වී., කස්ටම්ස්. තවත් බොහෝ තැන්වල. බැංකුවක් මේකට ඉදිරිපත් වුණාම, අයතා ක්‍රම වලට නොවී හරි ක්‍රමයට වැඩේ සිද්ද කරන්න පුළුවන්. මේ ආයතන වලට තියෙන්නේ අපත් එක්ක හෝ වෙනත් බැංකුවක් එක්ක සාකච්ඡා කිරීම පමණයි. මෙයට අමතරම ඔන්ලයින් බෑන්කින් මගින් බොහොමයක් ගෙවීම් කරන්න පහසුකම ලබා දීලා තියෙනවා.

    ReplyDelete