සජ්ජා යොදාගත්ත පින්තූරේ |
මේ පෝස්ට් එක ලියන්න හිතුනේ සජ්ජා ගේ ගුරුවරු පෙරේතයි යනුවෙන් පළ කල මේ පෝස්ට් එක නිසා . රටේ අධ්‍යාපනය හරි ගැස්වීම මගේ ඇති උණක් නිසා මේකට පිළිතුරක් පෝස්ට් එකකින්ම දානවා. මට හිතෙන්නෙ සජ්ජාත් රටේ අධ්‍යාපනය කරවන අය සහ දේශපාලකයින් වගේම ප්‍රශ්ණයේ වැරදි පැත්තෙන් අල්ලගෙන කියලයි. ගුරුවරයෙකුගේ වැටුප ගැන සජ්ජා ගෙන එන්නේ කාලීන ප්‍රශ්ණයක් බව පිලිගත යුතුයි. එහෙත් එම ප්‍රශ්ණයට දීර්ග කාලීන සහ හොඳ ප්‍රතිඵල දෙන විසඳුමක් නිර්මාණය කරගන්න නම් ගැටළුවේ input පැත්තෙන් නොව ouput පැත්තෙන් සිට සිතිය යුතුයි.
අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාවය උසස් අධ්‍යාපනයට සුදුසු, එසේත් නැත්නම් රැකියාවක් කිරීමට සුදුසු එමෙන්ම වැඩිහිටියන් ලෙස ජීවත් වීමට දත් අනාගත පරපුරක් පුහුණු කිරීම කියල හිතමු. මෙතෙන්දි පාසැල්, ගුරුවරු, අනිකුත් පහසුකම් ඔක්කොම inputs වෙනවා. outputs වෙන්නේ එසේ පුහුණුව ලබන සිසු සිසුවියන්. එතකොට ප්‍රශ්ණයට විසඳුම සොයන්න ඕන ඒපැත්තෙන්. සිසුන්ට වඩාත් හොඳ පුහුණුවක් ලැබෙන පැත්තෙන් ගුරුවරුන්ගේ ආර්ථික ප්‍රශ්ණ විසඳන්නේ කොහොමද කියල හිතුවොත් මේ ප්‍රශ්ණයට අමතරව අධ්‍යාපන ක්‍රමයේ තිබෙන ප්‍රශ්ණ වැලම හඳුනා ගන්න පුළුවන්.
පාසැල් යන කාලෙදි ගණිත ගැටළුවක් විසඳන හැටි අනික් අයට කියල දෙන්න කියල ටීචර් කෙනෙක් කියන්නෙ පන්තියේ ගණිතයට දක්ෂම ළමයාට. ඒවුණාට එම ළමයින් වැඩිහිටි වුණාම එම ගණිතයට දක්ෂ ළමයා වෙන වෘත්තියකට යොමුවෙනවා. එතකොට ගණිතය උගන්නන්න එන්නේ ගණිතය ඉගැන්වීම ගැන පුහුණුව ලබපු ගුරුවරු. අතීතයේ මෙන් නොව අද ඒ ගොල්ලන්ගෙන් වැඩි දෙනෙක් ගුරු වෘත්තියට එන්නේ ලැබිච්ච රැකියාව ඒක නිසා. එහෙම නැතුව ඔවුන් ගණිතයට දක්ෂ අය නිසාවත් ඔවුන් ඉගැන්වීමට ආසා නිසාවත් නෙමෙයි. ඔවුන් එන්නේ රැකියාවට.
රැකියාවක වුණත් යම් පුද්ගලයෙකුගේ output එක මත තමයි වැටුප් වැඩිවීම්, උසස් වීම් විතරක් නෙමෙයි රැකියාව පවත්වාගෙන යාම වුණත් රඳා පවතින්නේ කියලා පෞද්ගලික අංශයේ රැකියාවල් වල නිරත වෙන අය දන්නවා. එතකොට දැන් රැකියාවක් ලෙස ගැණෙන ගුරු වෘත්තියට එහෙම නිර්ණායක තියෙනවාද? ඔව් මම පිළිගන්නවා රජයේ සේවයේ කිසිම වෘත්තියකට නිර්ණායක නැහැ නැත්නම් ඒවා හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. ඒ වුණාට මේ ප්‍රශ්ණයට අදාලව එලෙස නිර්ණායක නැතිවීමත් ප්‍රශ්ණයට හේතුවක්. මේවා නිසා අද සිදුවී තියෙන්නේ බොහෝ සිසුන් 5 වසර ශිෂ්‍යත්වයේ සිටම පෞද්ගලික පන්ති කරා යාමයි. එම පෞද්ගලික පන්ති වල නම් කලින් වසරේ ප්‍රතිඵල ප්‍රදර්ශණය කිරීමෙන් තමයි ඊලඟ වසරේ ගොඩ වැඩි කරගන්නේ.
මේ ප්‍රශ්ණ ටික ඔක්කොම එකට ගෙන සලකා බැලුවොත් වැඩ වර්ජන වලින් සේවකයන් ස්වාමියාව මෙහෙයවන මේ රටේ ප්‍රායෝගික වීම නොවීම කෙසේ වෙතත් විසඳුම නම් පැහැදිලි වෙනවා. මට පෙනෙන විසඳුම් ටික ලියල පෝස්ට් එක දික්ගැස්සෙන එක අඩු කරන්නම්.
සජ්ජා කියන විදිහට ගුරුවරුන්ගේ වැටුප් වැඩි කල යුතුයි. එය කල යුත්තේ උගැන්වීමට කැමති ඉහල ප්‍රතිඵල ලබන උපාධිධාරීන් සහ වෙනත් හැකියාවන් ඇති අයවළුන් (උදාහරණයකට ඉංග්‍රීසි භාශාවෙන් උගත් අය ඉංග්‍රීසි ඉගැන්වීමට හෝ ඉංග්‍රීසියෙන් විෂයයන් ඉගැන්වීමට) ගුරුවෘත්තියට පැමිණීමට හැකිවන සේ වැටුප් ඉහල තත්ත්වයට ගෙන ඒමයි. එවන් දෙයක් කළොත් වන්නේ අනික් සියළුම ගුරුවරුන්ට එම වැටුපම ලබා ගැනීමට වැඩ වර්ජනයක් ඇතිවීමයි. පෞද්ගලික ආයතනයක නම් වැඩි හැකියාවන් ඇති අයව වැඩි වැටුපකට බඳවා ගැනීමට හැකියි. රජයේ සේවයේ එය කල හැකිද යන්න ගැන සැකයි. මිල මුදල් ඇති දෙමව්පියන් සිටින පාසැල් වල නම් ඉහල ප්‍රතිඵල සහ දක්ෂතා පෙන්වන ගුරුවරුන්ට ඊට අනුකූල අමතර දීමනා පාසැල් සංවර්ධන සමිති හරහා ගෙවීමට සලසන්න පුළුවන්. නමුත් මෙයින් දුෂ්කර පළාත්වල පාසැල්වල දක්ෂ ගුරුවරුන්ට එම වාසිය නැතිවෙනවා.
එම නිසා අඩුම වශයෙන් අද ඉන්න ගුරුවරු අතරින් සුදුසුකම්, ඉගැන්වීමේ හැකියාව, දක්වා ඇති ප්‍රතිඵල ආදිය විතරක්ම සලකා තෝරාගෙන ඉහල වැටුපක් ඇති ගුරු ශ්‍රේණියක් ඇතිකිරීමයි. එම ශ්‍රේණියේ වැටුප අනාගතයේ ඉහල දක්ෂතා දක්වන අය ආකර්ෂණය කර ගැනීමට තරම් විය යුතුයි. මෙයත් මුදල් අතින් සහ ප්‍රායෝගික කම අතින් ප්‍රශ්ණ ඇතිවිය හැකි ක්‍රමයක් බව පිලිගන්නවා.
වියදම පැත්තෙන් සහ ඵලදායීතාවය පැත්තෙන් කරන්න පුළුවන් හොඳම දෙයක් තමයි උසස් පෙල විභාගයෙන් හොඳම ප්‍රතිඵල ගත් සිසුන්ට විශ්ව විද්‍යාලයට ඇතුළුවීමට පෙර අවුරුදු දෙකක් ගුරු වෘත්තියට යෙදවීම. මෙම ක්‍රමයේ නම් වාසි බොහොමයක් තිබෙනවා. එකක් නම් උසස් පෙල පන්තිවල සිසුන්ට තමන්ට වඩා අවුරුදු 10-20 කට පෙර උසස් පෙල කර ඇති ගුරුවරුන්ට වඩා ආසන්නම කාලයේ උසස් පෙල කළ අයගේ විභාගයට සූදානම් වීමේ හා මුහුණ දීමේ දැණුම වඩා යෝග්‍ය වීම. මොවුන්ට දීමනාවක් ගෙවීමට යන්නේ සුළු මුදල් ප්‍රමාණයක්. මෙවන් ක්‍රමයකින් වෙන විශාලම වාසියක් තමයි ටියුෂන් වලට යාම අවශ්‍යතාවය අඩුවීම. උසස් පෙල පන්තිවලට නම් මෙය අමතර පන්ති ක්‍රමයකට කල හැකියි.
මෙම ක්‍රමයෙන් වෙන අනික් වාසිය තමයි ගුරු හිඟය කියන ප්‍රශ්ණය නැතිවීම. තරුණ ළමයි ගෙන් සමහරක් වත් දුෂ්කර ප්‍රදේශවල පාසැල් වලට යාමට අකමැත්තක් දක්වන එකකුත් නැහැ. ගුරුවර අවශ්‍යතාවයෙන් 30% පමණ මෙම ක්‍රමයෙන් පුරවා ගත්තොත් ඉතිරිවන් මුදල් අනික් ගුරුවරුන්ගේ වැටුපට එකතු කරනවානම් මෙම ක්‍රමයට දැනට ඉන්නා ගුරුවරු අකමැති වෙන එකකුත් නැහැ.
මේ ක්‍රමයෙන් විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීම ප්‍රමාද වෙනවා කියන එක පිළිගන්නවා. එයට විසඳුම නම් පළමු වසරේ අධ්‍යයන කටයුතු තාක්ෂණය හරහා දුරස්ථව කිරීමට මෙම ක්‍රමයට ඉදිරිපත්වන අයට ඉඩ සලසා දීම.
අවසානයේ මගේ තර්කය වන්නේ දක්ෂ ගුරුවරුන්ට ඔවුන් පුහුණු කරන සිසුන් දක්වන දක්ෂතා මත පදනම්ව වැඩි ආදායමක් ලබා ගැනීමටත් දක්ෂයින් ගුරුවෘත්තියට ඒමට පෙලඹවන ක්‍රමයකුත් තමයි සිසුන්ගේ පැත්තෙන් දිය යුතු විසඳුම කියන එකයි.
දැං මෙහෙමනේ ඉයන් කැම්පස් යන්ඩ ට්‍රයි කරනවා , බැරුව යනවා ....දැං ඉතින් මක් කරන්ඩද ....ටීචිංවත් යනවා ...බැරුවගියොත් නර්සිංග්...
ReplyDeleteඉතින් ඔය දෙගොල්ලොම රස්සාව කරන්නේ ආදරෙන් සතුටෙන් නෙමෙයි , අකමැති දෙයක් ජීවිතකාලයම කරන්ඩ උනහම අවුට්පුට් එකගැන කවර කතාද
Delete// අකමැති දෙයක් ජීවිතකාලයම කරන්ඩ උනහම අවුට්පුට් එකගැන කවර කතාද//
Deleteඔන්න ඕක තමයි පුළුකුණාවෙ තත්වෙ. ස්තූතියි අටමෝ
ඒක ආකල්ප පිලිබඳ ගැටළුවක් නේද ?
Deleteප්‍රේම සම්බන්ධ වලින් බඳින සමහරවිට අයත් ඩිවෝස් වෙනවා, පොලිසියෙන් අල්ලලා බන්දන අයත් සමහරවිට හොදට පවුල් කනවා.
ඉයන් කියන එක හරි.. මේක සිස්ටම් අවුලක්
ReplyDeleteවිසඳුම නම් හිතාගන්න පුළුවන්. ඒ වුණාට ගුරුවරුත් දොස්තරලා තරම්ම නැතිවුණත් වෘත්තීට සමිතියක් වශයෙන් තියෙන බලය නිසා මේවා ඉම්ප්ලිමෙන්ට් කිරීම පහසු වෙන්නේ නැහැ. බොහොම ස්තූතියි දේශක
Deleteමුළුමනින්ම කුණු වූ සිස්ටම් එකක, හිච්චිකිතර චූටීම චූටී කුණු කෑල්ලක් පමණයි..
ReplyDeleteමහ උන්ට විෂන් මිෂන් ටාගට් මුකුත් නැතිව, අනික් උන් ගැන කුමන කතාද?
නිකමට හිතන්නේ පෞද්ගලික අංශයත් එහෙම උනා නම්...
මගේ දැයට දළදා හිමි සරණයි...
//නිකමට හිතන්නේ පෞද්ගලික අංශයත් එහෙම උනා නම්...//
Deleteඑහෙම වුණානම් ඒවා වැහිල යනවා. ආණ්ඩුවේ ඒවා වගේ මහා භාණ්ඩාගාරයෙන් සල්ලි එන්නෙ නැහැනෙ.
ටියුෂන් වලින් සල්ලි හම්බකරන්න පුරුදු වෙච්ච උං ඔය මොකකටවත් කැමති වෙන එකක් නෑ.
ReplyDeleteඔව් ටියුෂන් වලින් සල්ලි හොයන වුන් දෙජාතියක් ඉන්නවා. පාසැල් වල ලඟකදි ඒ ලෙවල් හොඳින් පාස් වෙච්ච අය හරහා අමතර පන්ති දානවා නම් ලොකු ටියුෂන් පන්ති වැහෙනවා. ඒ වුණාට ගෙවල් වලට ගෙන්නගෙන පැයකට රු. 2500 ගාණේ ටියුෂන් දෙන කට්ටිය නම් මේවට කැමති වෙන්නේ නැහැ. ස්තූතියි Praසන්ன
Deleteඉගැන්විය හැකි සහ ආසාවෙන් එය කරන ගුරු පරපුරක් අපහසුවෙන් හෝ නිර්මාණය කර ගැනීම තමයි මට නම් පේන එකම විසඳුම...
ReplyDeleteඔබගේ යෝජනාව අනුව දක්ෂතා අධ්‍යනය කර ශේණි ඇතිකර පඩි වැඩි කිරීම, ඇගයීම් මගින් යමක් කල හැකි බවට මමත් විස්වාස කරනවා...
විශ්ව විද්‍යාලයට තේරී පත්වූ ළමුන් ගුරු සේවයේ වසර 2ක් තියා ගන්නවා කියන්නේ ඔහුගේ හෝ ඇයගේ අනාගතය වසර දෙකකින් කල් දැමීමක්...
දැනටත් අපි නිකරුණේ ඔ ලෙවල් කියල විභාගයක් ලියනවා...
කැම්පස් එකකින් එළියට එන ළමයෙක්ගේ වයස අවුරුදු 21, 22 ක් වගේවෙන්න තියා ගන්න පුලුවන්නම් වැදගත්...
අනිත් එක ජපානේ වගේ ළමයින්ට මුල් අවුරුදු දෙකක් හෝ තුනක් වෙන මුකුත් නැතුව discipline උගන්නන්න පුළුවන්නම් රටට සෑහෙන වැඩක් වෙයි...
ශිෂ්‍යත්වේ තියන්න ඕනේ 7 හෝ 8 වසර වල...
5 වසරේදී තියන එක ළමයින්ට බරක්...
මගේ මේ අදහසට ගොඩ දෙනෙක් එකඟ වෙන එකක් නැහැ,
සමහර ගෑණු ළමයි හොඳට ගිරවා දාල පාඩම් කරලා කැම්පස් යනවා, එහෙම ගිහින් කසාද බැඳලා ළමයි බමයි ලැබෙද්දී රස්සාවෙන් අස්වෙලා ගෙදර නතර වෙනවා...
අපේ ෆීල්ඩ් එකේ හරියට ඒ දේ සිද්ධ වෙනවා...
ඒ වගේ අය කරන්නේ රටේ නිදහස් අධ්‍යාපන අවස්ථාවල් අනිත් අයට අහිමි කිරීම. විශේෂයෙන් පවුලක් නඩත්තු කලයුතු වූ පිරිමියෙකුට ඒ අවස්තාව ලැබුණානම් කොච්චර වටිනවද...
මම ඒකෙන් අදහස් කරන්නේ නැහැ ගැහැණු අයට උසස් අධ්‍යාපන අවස්ථා අවහිර කල යුතු බවක්, නමුත් ඔවුන් තරඟ කර ඒ අවස්ථාව හිමි කර ගන්නවානම් කාටවත් පලක් නොවන සේ නිකම්ම ඒ අවස්තාව විනාශ නොකර ඒ දේට සාධාරණයක් ඉටු කිරීමේ වගකීමද ඔවුන් සතු බව තේරුම් ගත යුතුයි...
///මේ ක්‍රමයෙන් විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීම ප්‍රමාද වෙනවා කියන එක පිළිගන්නවා. එයට විසඳුම නම් පළමු වසරේ අධ්‍යයන කටයුතු තාක්ෂණය හරහා දුරස්ථව කිරීමට මෙම ක්‍රමයට ඉදිරිපත්වන අයට ඉඩ සලසා දීම.///
අපගේ වැනි තාක්ෂණික පාඨමාලා වල කැම්පස් ගියාට පස්සෙ පළමු වසරේ තියෙන තරඟ විභාග වලින් වැඩි ලකුණු ගන්න පිළිවෙලට තමයි පඩි වැඩි ක්ෂේත්‍ර තෝරා ගැනීමට හැකි වන්නේ...
එතනදි තමන් කැමති ක්ෂේත්‍රයකට යන්න හැකි වන්නේ වැඩි ලකුණු ගත් අයට පමණයි...
ඒකත් දරුණු රේස් එකක්, නමුත් මොකක් හෝ ක්ෂේත්‍රයක් ලැබෙන නිසා සම්පුර්ණ නොලැබී යාමක් නැහැ...
//ඉගැන්විය හැකි සහ ආසාවෙන් එය කරන ගුරු පරපුරක් අපහසුවෙන් හෝ නිර්මාණය කර ගැනීම තමයි මට නම් පේන එකම විසඳුම...//
Deleteඒලෙවල් වලින් පසු ළමයින් අවුරුද්දක් හෝ දෙකක් ගුරුවෘත්තිය යොමු කිරීම උඹ කියන විදිහට පොඩි අවුලක් නම් තමයි. ඒවුණාට ගුරු වෘත්තියට ඔවුන් ගෙන් කිහිප දෙනෙකුට වුවත් කැමැත්තක් එන්න මේක බලපාන්න පුළුවන්. ඉගැන්වීම රැකියාවක් ලෙස නොතකන ගුරුවරු හිටියේ ඉස්සර කාලේ ඉතින් අදත් එවන් අයට අවස්ථාව දෙන්න උත්සාහයක් කරන්න ඕන. ස්තූතියි ලොක්කා
ඒලෙවල් වලින් පසු ළමයින් අවුරුද්දක් හෝ දෙකක් ගුරුවෘත්තියට යොමු කිරීමේ ලොකුම අවුල අධ්‍යාපනය ගැන කිසිම පුහුණුවක් නැති අයගෙන් ඉගෙන ගන්න අය අනාගතයේදී සමාජෙට වැඩදායක පුරවැසියෝ වේවිද කියන ගැටලුව.
Deleteමමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වශයෙන් ඉන්නකාලේ වියදම සොයාගන්න රසායනවිද්‍යාව ටියුෂන් කළා. නමුත්, අපි ඉගෙන ගතිපු ටිකම ඒ විදියට උගන්වනවා මිසක් ගුරුවරයෙකුගේ කාර්ය භාරය අපෙන් ඉටු නොවුන බවයි මම සිතන්නේ.
පොඩි අඩුවක් තියෙනවා කියලා පිළිගන්නවා. මේ විදිහට ගන්න ඕන ගුරුවරු සුළු ප්‍රමාණයක් විතරයි. පරිණත ගුරුවරු අතර කීප දෙනෙක් විශයයන් කීපයක් කරන්න හිටියට එතරම්ම පාඩුවක් වෙයිද? ස්තූතියි කෙන්කියුෂා
Deleteමගේ යාලුවෙක් ටියුෂන් වැඩිවෙලා මලා.
ReplyDeleteමගේ යාළුවෙක් ඇනෝ කමන්ට් දාල මලා.
Deleteමචන් උඹේ යාලුවෝ තවත් ඉතුරු වෙලා ඉන්නවද? කවද්ද උඹේ ටර්න් එක එන්නේ?
Deleteමම ඇනෝ කමෙන්ට් නොදාන නිසා ඊලඟට උඹද දන්නෙ නෑ.
Deleteශිෂ්‍ය ගුරු පදවි කියල ඉස්සර තිබුනෙ ඔය ඉයන් යෝජනා කරන ක්‍රමේ නේද...?
ReplyDeleteඔව් චෙෆ් සමානයි. එම ක්‍රමයේ ශිශ්‍ය ගුරුවරුන් හැටියට ආ අය පසුව ගුරුවරුන් උනා නේද? පොඩි වෙනසකට තියෙන්නේ උසස් ප්‍රතිඵල ගන්න සිසුන්ගෙන් ඊලඟ වසර අයට ප්‍රයෝජනයක් ගැනීම.
Deleteරස්සාව විතරක් කරලා ආදායමේ හැටියට වියදම් කරලා ණය නොවී ඉන්න හදන ගුරා ලෝබයාය. එසේ බැරිනිසා අමතර ගානක් හොයා ගැනීමට ටියුෂන් කරන ගුරා පෙරේතයාය
ReplyDeleteDude මේක පර්සනලි අරගෙන වගේ. ඔබ වැනි දක්ෂ ගුරුවරුන්ට ලංකාවේ ගුරු වැටුප් ක්‍රමය ප්‍රමාණවත් නැති නිසා විදේශ ගතවීම එක ප්‍රතිඵලයක්. දක්ෂ ගුරුවරුන්ට ටියුශන් දී අමතර ගාණක් සොයා ගැනීමට ඉඩ හැරීම ගුරුවරයාගේ පැත්තෙන් සාධාරණයි. ගුරුවරයාට අමතරව එයින් ප්‍රයෝජනයක් අත්වන්නේ එසේ වියදම් කිරීමට හැකි දරුවන්ටයි. එවිට වන්නේ ඇති නැති පරතරය ඊලඟ පරම්පරාවටත් යාමට ඉතා කුඩා අනුබලයක්. දක්ෂ ගුරුවරුන්ට අමතර ගෙවීමක් කර එම සේවය පාසැලේ හැමෝටම ලබා දීම වඩා සාධාරණයි. ශ්‍රේණි ක්‍රමයක් හරහා වඩා දක්ෂ ගුරුවරුන්ට යාහැකි පෞද්ගලික අංශයට සමාන වැඩි පඩි මට්ටමක් තිබෙනවානම් ඉන්න දක්ෂ ගුරුවරුන්ටත් හොඳයි එමෙන්ම දක්ශයින් ගුරු වෘත්තියට පැමිණීමට ඇති අවස්ථාව පැත්තෙන් හොඳයි කියන එකයි මෙතන තර්කය. එවන් පසුබිමක් නොමැති තාක් කල් දැනට ඇති දක්ෂ ගුරුවරු පෞද්ගලික ටියුෂන් දීමට ඇති හැකියාව නොවන්න ගුරුවෘත්තිය හැර ගිහින්.
Deleteමම පර්සනලි අරගන නෑ මචං. මුලින්ම මම මාවම ගුරුවරෙයෙක් හැටියට සලකන්නෙත් නෑ. විශේෂයෙන්ම උඹ කියනවා වගේ දක්ෂ ගුරෙක් කියලා කොහොමත්ම හිතන්නේ නෑ. කෙටියෙන්ම කිව්වොත් මට පේන්නම බැරි රස්සාවලින් එකක් ගුරුකම, අවංකවම. අනික මම ලංකාවෙ ගුරුවරයෙක් වෙලා හිටියෙ අවුරුදුදාහතරකට කලින්. මේ රාවල ගුරුකමයි ලංකාවෙ ගුරුකමයි කිසිසේත්ම සසඳන්න බෑ එකට. මේක වෙනම ඩීල් එකක්. ඒ නිසා මම මේක පර්සනලි අරගන්න කිසිම හේතුවක් නෑ.
Deleteමම කලේ සාමාන්‍ය ප්‍රකාශයක් ඒ ප්‍රකාශය ආයෙම කියවලා බලපං මම කියලා තියෙන දේ වැරදිද කියලා.
>>රස්සාව විතරක් කරලා ආදායමේ හැටියට වියදම් කරලා ණය නොවී ඉන්න හදන ගුරා ලෝබයාය.
එසේ බැරිනිසා අමතර ගානක් හොයා ගැනීමට ටියුෂන් කරන ගුරා පෙරේතයාය.<<
ඒ එක්කම, සමහර ළමයින්ට විෂය විතරක් නෙවෙයි, මුලු ඉස්කෝලත් ඒ එක්කම ජීවිතයමත් එපා කරන උනුත් ගුරුවරු බව මම හොඳාකාරව දන්නවා. ඒකෙ සම්පූර්ණ අනිත් පැත්තත් තියෙනවා සුලු වශයෙන්. ඒ නිසා මගෙ නෑ ගුරුකම සහ ගුරුවරු ආරක්ෂා කරගන්න ඕනෙ කියලා හැඟීමක්. අර stereotype කරනවා generalize කරනවා දැක්කාම මට හිතෙනවා ඒක අසාධාරණයි කියලා. ගුරුකම නෙවෙයි, වෙදකම, හමුදාසේවය කොයිකටත් ඒක පොදුයි, එහෙම කරනවා දැක්කාම ඒක වැරදි බව මට හිතෙනවා.
ඩූඩ් , කතාව ඇත්ත , මම සජ්ජගෙ එකේ කටුස්සගෙ කමෙන්ට් එකට මේ ගැන රිප්ලයි කලා.
Deleteමේ අවුල් වුනු නුල් බෝලේ කොන් සෙවීම හරිම අසීරුයි, ඒ නිසා ගැට ලෙහන්න දඟලලා පලක් නෑ, ප්ලැට්වෙලා යන විසඳුමක් ඕනෑ. ටියුෂන් කාරයෝ කැරකිලා ඇඹරිලා යන්න දෙන්න ඕන. විභාග නැතිම නැති ක්‍රමයක් ගෙනාවනම් එයාල හබක්. 100% ඇසයිමන්ට් ක්‍රමයක් සහ ඇසයින්මන්ට් අගයකිරීමට මධ්‍යම ආයතනයක්, පන්තියේ ළමුන්ගේ ඇසයින්මන්ට් දුර්වල නම් ටීචරුත් පේල් ක්‍රමයක්.
ReplyDeleteටීචින් වලට දැන් අවශ්‍ය විශය කරුණු වල නිපුනතාව නොවේ, ළමුන්ගේ ශික්ෂණය, යොමුකරවීම සහ කුසලතා ඔප්නංවන්න දක්ෂ අය වීම, විශය දැණුම සරලවම කියා දෙන්න ජාලෙ භාවිතයෙන් පුළුවන්. කොහොම හරි පංතියක ළමුන් 20කට වත් වෙනම පංතියක් දෙන්න බැරිනම් මොනවා කරත් පලත් නෑ, ඒ සඳහා පාසල් දිනය පැය 8ක් 10ක් වුනාට අවුලක් නෑ, දැනටමත් පොහොමයක් ළමයි පාසල් ඇරිල ටියුෂනුත් ගිහිල්ල එන්න ඊටත් වැඩි කාලයක් වැය කරනවනේ.
ඇණයා බොහොම ස්තූතියි. උඹේ අදහස් අනර්ඝයි. ඇත්තටම පරිප්පු කාගෙන ඉස්කොලෙ යන වුන් පැය කීපෙකින් ආපහු නොයවා පාසැල් කාල සීමව වැඩි කිරීම හොඳ දෙයක්. ප්‍රශ්ණ දෙකක් ගැන හිතුනා. එකක් සිසුන්ට දිවා අහාර වේල දෙන ක්‍රමයක් ඒ සමඟම ඇතිවිය යුතුයි. දෙවෙනි එක ප්‍රවාහණ ප්‍රශ්ණය. ගුරුවරුන් සහ සිසුනුත් අනෙක් සේවකයන් යන වෙලාවටම පාරට ආවොත් විශාල ප්‍රාවජන ප්‍රශ්ණයක් මතුවෙනවා.
Deleteඅපේ ගෙදර 2/3 ඉස්කෝලේ යනවා, 2ම දවල් බත් බැඳගෙන යන්නේ. දවල්ට ඉස්කෝලෙන්ම සෞඛ්‍යදායක කෙටි කෑමක් ගන්න තිබ්බනම් පාන්දර ජරමරෙන් ගොඩක් අහවරයි, වැඩිපුර පැයක් නිදියගන්නත් තිබ්බා. ඉස්කොල කැන්ටින් ඒකාධිකාරේ බිඳලා පිටින් ගේන කෑම විකුනන්න ස්ටෝල් කීපයක් හදලා තිබ්බ නම් වැඩේ ගොඩ, ඉස්කොලේ ගාව රස්තියාදු වෙන බස්කාරයෝ එ් වගකීමත් බාරගනීවි.
Deleteඉස්කෝල ටික නඟර මැද්දෙන් අයින් කරල නිස්කලන්ක තැන් වලට අරන් ගියොත්? නොස්තැල්ජියාව ???
//ඉස්කෝල ටික නඟර මැද්දෙන් අයින් කරල නිස්කලන්ක තැන් වලට අරන් ගියොත්?//
Deleteඒකනම් ඇත්තටම හොඳයි. වාහන සුළු ප්‍රමාණයක් තිබ්බ කාලෙ ඉස්කෝල ව්‍යාපාරික ස්ථාන තිබ්බ තැන් වලම තමයි වාහන මිලියන 4 ක් තියෙන කාලෙත්. ඉස්කෝල අයින් කරන්න ආදි සිසුන් එහෙම ලෙඩ නම් දායි. නැවතත් ස්තූතියි ඇණයා.
ඉස්කෝල නගර වලින් අයින් කරල නිස්කලංක තැන් වල සහ අනාගතයේදී සංවර්ධනය සදහා ඉඩකඩ පවතින ලෙස තමයි මධ්‍ය මහා විද්‍යාල ඇතිකරන්නෙ.
DeleteGrabbed a lot. Thanks Ian.
ReplyDeleteno worries kamiyo, tks vm
Deleteඔබ කියන එක හරි ඉයන්. ගුරුවරුන්ගේ දක්ෂතාවය මත වැටුප වැඩී කිරීමේ යම් ක්‍රමවේදයක් නිර්මාණය වන්නේ නම් එය වඩාත් සුදුසු යැයි හිතනවා. එමෙන්ම සියයට ප්‍රතිසතයක් ලෙස රැගෙන දක්ෂතා දක්වන ගුරුවරුන් හට ප්‍රසාද ගෙවීම් කලහොත් (දිරිගැන්වීම් ලෙසට)ඔවුන්ගේ සේවය වඩා කාර්යක්ෂම ආකාරයට ලබා ගත හැකිවනු ඇති. මෙවිට නාගරික මෙන්ම ග්‍රාමීය වශයෙන්ද ගුරුවරයාට වෙනසක් ඇති නොවේවි. ඒ තුළින් ඇතැම් විට ටියුෂන් සංකල්පයද අතැම්විට දියවී යාමට ඉඩ තිබේ. එමෙන්ම දක්ෂ ගුරුවරයාට ඉදිරියට යාම සඳහා තරඟ විභාග පැවැත්වීමද ඒ හා සමානව වැටුප් වැඩිකිරීම තුලින්ද ගුරුවරයා ඉගැන්වීම් තුලින් මෙන්ම ආර්ථිකමය අතින්ද දියුණුවනු ඇත. එම දියුනුව ශිෂ්‍යයා කෙරෙහිද බලපානු ඇතැයි මා සිතමි.
ReplyDeleteබොහොමත්ම ස්තූතියි වැව්. දක්ෂයාට සහ අදක්ෂයාට එක ලෙස සලකන උසස් වීම්, මාරුවීම්, වැටුප් වැඩිවීම් තියෙන එක තරම් ගුරුවෘත්තිය තරම මුළු අනාගතයක් භාරව ඉන්න අයට හානියක් තවත් නැහැ.
Deleteමගෙ යාලුවෙක් ඉන්නව ලක්ෂයක විතර පඩි තියන ජොබක් අත ඇරල ඉස්කෝලෙක කෙමෙස්ට්‍රි උගන්නනව ...
ReplyDeleteටීචිංවලට ආසාවෙන් ...
මේවගේ කීප දෙනෙක් ආවොත් ළමයි ටික ගොඩ. ස්තූතියි මුද්දා
Deleteආවට ඔක්කොම කියවන්න බැරි වුනා ඉයන් අයියෙ.. උඩ ඉදන් පල්ලෙහාට උඩින් පල්ලෙන් බලන් ගියා. දිග පෝස්ට් එකක් කියවන්න තරම් වෙලාවක් නෑ අද, ආයෙ එන්නම් කො..
ReplyDeleteමේක කියෙව්වත නැතත් අර බ්ලොග් එක වේයො කන්න ඉස්සරලා පෝස්ට් එකක් දාන්නකෝ
Deleteනිදහසේ නවාතැනෙත් වෙලාවක් නෑ කියන්නෙ , අනේ මන්ද ....
Deleteනමත් වෙනස් කරන්න වෙයි වගේ..
Deleteසජ්ජගෙ පෝස්ට් එකට දාපු කමෙන්ට් එකම මෙතනත් දාන්නං..නිවාඩු ගිහිල්ල ඇවිල්ල ගුරුවර/ගුරුවරියො ගැන මගේ අදහස ලියන්නං... I am taking a rain check :)
ReplyDeleteGGB ලෙඩේට බේත් හොයාගෙන නැහැලු තාම. හෙහ් හෙහ් ස්තූතියි රවී.
DeleteGGB ලෙඩේ නිටාවට සුව කරන බේතක් මේ ලෝකෙ තියනකම් හොයාගන්න බෑ,
Deleteපසු පාදයේ ආරක්ෂාකාරීව ක්‍රීඩා කරල නොදැවී ඉන්න එක තමයි විකල්පය.
ගුරුවරුන්ගේ පසුගාමී චින්තනය ඉතා අවාසනාවන්ත ලෙස ඉහල මට්ටමක තියනවා. ගුරුවරයාත් මේ සමාජයේම ඉන්න අපි වගේම ලේ මස් ඇට නහර වලින් හැදුනු පුද්ගලයෙක්. ඔහුගේ චින්තනය වෙනස් කිරීමේ අධ්‍යාපන ක්‍රමක් තමයි හැදිය යුත්තේ. එවිට ශිෂ්‍යයා නිකම්ම හැදෙනවා.
ReplyDeleteස්තූතියි විචා. ඔය චින්තන වෙනස් කරන්න බැහැ කියන එකයි මගේ අදහස. ඊට වඩා ලේසියි උගැන්වීමට අවශ්‍ය චින්තනය තියෙන අය ගුරු සේවයට දැමීම.
Delete//උසස් පෙල විභාගයෙන් හොඳම ප්‍රතිඵල ගත් සිසුන්ට විශ්ව විද්‍යාලයට ඇතුළුවීමට පෙර අවුරුදු දෙකක් ගුරු වෘත්තියට යෙදවීම. // අපි ඉගෙන ගනිද්දී කලින් අවුරුද්දේ A 4 ගත්ත ප්‍රදීප් රත්නයකව සමහර වෙලාවට අපට උගන්වන්න දැම්මා ගුරුවරු නැති වෙලාවට. නියමයි. (රාජකීය විද්‍යාලයේ) කොච්චර සාර්ථක වුනාද කියනවා නම් අන්තිමට ප්‍රදීපයා ටියුෂන් ක්ලාස් එකක් දැම්මා. මෙහෙ ඔන්ලයින් නොමිලේ උගන්න අය ඉන්නවා. ප්‍රවීණයෝ.
ReplyDeleteප්‍රදීප් ඉස්කෝලේ අපේ බැච් එකේ. පස්සේ මිනිහා පන්ති ගැන පෝස්ටර් ගැහුවා නේද උසස් පෙල A 4 ගත් කියල? බොහොම ස්තූතිය් අජිත්.
Delete+++++++++++++++++++++++++++
Deleteඒ කියන්නේ කලින් අවුරුද්දේ වෙන්න බැහැ. ඉයන් මට වඩා කොච්චර වයසද ? හෙහ්
Deleteබොහොම පරක්කුයි ඉයන්.. බොහොම ස්තුතියි මට දෙන උත්තරේ පොස්ට් එකක් විදියට වෙනත් මානයකින් බලපු එක ගැන. සංවාදය ඉතා වැදගත්..
ReplyDeleteමුලින්ම කියන්න ඕන මම මේ ගැන කතා කලේ එක පැත්තකින් විතරක් හිතල කියල. මනුෂ්‍යයෙක් රක්ෂාවක් කරන්නෙ ඇයි කියන එක ගැන මුලින්ම හිතන්න ඕන. රක්ෂාවක් කරන්නෙ තමන් ආරක්ශාවෙන්න, තමන්ගේ සුභසිද්ධිය, තමන්ගේ සුරක්ෂිත බව වෙනුවෙන්. ඒ කාරණාවේදී අද සමාජයේ මූලිකම වෙලා තියෙන්නෙ මුදල්. මුදල් නැත්නම් මොනවා කලත් වැඩක් නැහැ. එහෙම බැලුවම ළමයෙක් ඉගෙනගෙන රක්ෂාවක් ලෙස තමන් ආරක්ෂා වෙන්න හොයන ආදායම් මාර්ගයෙ සුරක්ෂිත භාවය ගැන හොයල බලනවා. ඔය කාරණාවේදී අද මූලික වෙලා තියෙන්නෙ මුදල්. හොඳ මුදලක් අතට ලැබෙන රක්ෂාවක් කරන එක තමයි මූලික. අනුපිළිවෙලින් එම වෘත්තියට ලැබෙන සමාජ පිළිගැනීම, එම වෘත්තියේ දීමෙන් ලැබෙන තෘප්තිමත් බව වගේ කාරණා මතු වෙනව. අපි දන්නවා දියුණු සමාජයක වෘත්තීය තෘප්තිමත් භාවය තමයි අංක එකට එන්න ඕන. තමන් ආසාවෙන් සතුටින් කරන තමන් දක්ෂතාවය දක්වන අංශය වෘත්තියක් වශයෙන් කරගෙන යන එක තමයි ප්‍රධාන වෙන්න ඕන. හැබැයි ඒක කරනකොට ඊට සාපේක්ෂව ආර්ථික සුරක්ෂිත තාවයත් ඇතිවිය යුතුයි. කොච්චර සතුටින් තමන් දක්ෂ තමන් කැමති දේ කලත් වැඩක් නෑ එකට සරිලන වැටුපක් ඉපයීමක් ලැබෙන්නේ නැත්නම්.
අපේ සමාජයේ ඔය පෙළගැස්ම උඩු යටුකුරු වෙලා තියෙන්නෙ මුදල් නිසා. අපි සල්ලි තියන මිනිස්සු නෙවෙයි. අපට තියන ආශාවල් ඉටුකරගන්න මුදල් අවශ්‍යයි. ඒ සඳහා හොඳ ගෙවීමක් ලැබෙන්න ඕන. ඔය කාරනාව මූලික වෙන නිසා තමන් ඒ තරම් දක්ෂ නොවන, කැපවෙන්නට බැරි, තෘප්තිමත් බවකින් කරන්න බැරි රක්ශාවල් උනත් වැටුප සහ වරප්‍රසාද වෙනුවෙන් කරන්න එපේ මිනිස්සු පෙළඹෙනව. දොස්තර වරයෙක් ඉංජිනේරුවරයෙක් වෙන්නම පොඩි කාලෙ හැමෝම හීන දකින්නෙ ඒකයි. ඒ වෘත්තීය වෙනුවෙන් කැපවෙන්න, ආත්මට්තෘප්තියෙන් රක්ෂාව කරන්න, තමන්ගේ වෘත්තීය වගකීම් ඉටුකරන්න තියන ආසාව නිසා නෙවෙයි. හුදෙක්ම වරප්‍රසාද බලාපොරොත්තුවෙන්. දොස්තර වරු බහුතරයක් තමන්ගේ වගක්ලීම් ඉටු නොකර තමන්ට ලැබෙන්න ඕන වරප්‍රසාද වෙනුවෙන් වැඩ කරන්නෙ උද්ඝෝෂණය කරන්නෙ ඒකයි. ඔවුන් දොස්තර වරු වෙලා තියෙන්නෙ ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්න තියන කැමැත්ත සහ කැපවීම වෙනුවෙන් නෙවෙයි. හුදෙක්ම වරප්‍රසාද බලාපොරොත්තුවෙන්.
ඕක ගුරුවරුන්ගේ කතාවට අදාළ කරගත්තොත් ළමයින්ට උගන්නන්න ආසාවෙන් ගුරු වෘත්තියට එන පිරිසද අද වැඩිපුර ඉන්නේ කියන කාරනාව හොයල බලන්න වෙනව. යම් පුද්ගලයෙක් යම් දෙයකට ආශා වෙන්නෙ, කැපවෙන්නෙ ඒ වෙනුවෙන් ඔහු තුල යම් දක්ෂතාවයක් තියනකොට. උදාහරණයක් විදිහට ගත්තොත් ළමයින්ට උගන්නන්න ආශාවක් කැමැත්තක් දක්වන යම් අයෙක් ඉන්නව නම් ඒ ගුරුවරයා ඒ වෙනුවෙන් කැපවෙනවා සහ ඔහු තුල ඉගැන්නීමේ දක්ෂතාව සහජයෙන්ම එනව. එහෙම පුද්ගලයෙක් බොහොම කැමැත්තෙන් දක්ෂ විදියට උගන්නනවා නම් ඒ මනුස්සයට ඊට නියමිතව වැටුපක් ගෙවන එක අසාධාරණද? වෙන්න ඕන ඒක නෙවෙයිද? එහෙම ප්‍රමාණවත් වැටුපක් ලැබෙනව නම් ගුරු වෘත්තියට උගන්නන්න දක්ෂ සහ කැමැත්ත තියන උදවිය බොහොම කැමැත්තෙන් එක් වෙනව නේද? එහෙම ගෙවීමක් ලැබෙනව නම් සල්ලි දීල ටියුෂන් දෙන්න ඒ මිනිස්සු පෙළඹෙයිද?
අද අපේ සමාජයේ තියන මාහ දුර්වල කමක් තියනවා. දොස්තර වරයෙක් ඉංජිනේරු වරයෙක් වෙන්නම දඟලන හැම කෙනාම ඒ වෙනුවෙන් මහන්සි වෙන්නෙ අර වරප්‍රසාද ටික බලාගෙන. උගන්නන්න දක්ෂ ඒකට ආස අයත් ලෙඩට වෙදකම් කරන්න අකමැති උනත් ට්‍රය් කරන්නේ දොස්තර කෙනෙක් වෙන්න. අනෙකුත් වෘත්තියන වලට අන්තිමට කැරකිලා එන්නෙ අර ලොකු ලොකු වරප්‍රසාද ලැබෙන තැන් වලින් හැලිල ඒව කරගන්න බැරි උනාම. නමුත් ඒ අන්තිමට නවතින වෘත්තියෙන් ඒ මිනිස්සු හොයන්නේ අර මට්ටමෙන් මුදල් සහ සමාජ තත්වය ලැබේවි කියල. අන්න එතනයි ගැටලුව. ප්‍රධාන කාරනාව මුදල්, දෙක පිළිගැනීම.
තවත් මේ ගැන කියන්න ගියොත් මේක මාගලක් වෙයි. මම දකින විදියට මේකට තියන හොඳම විසඳුම් ටික මෙහෙමයි. ප්‍රධානව හැම වෘත්තියකම වැටුප් තලය ඉහලට දාන එක. දෙමාපියන් දරුවන්ගේ දක්ෂතා හඳුනාගෙන ඒ දක්ෂ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යවන්න උත්සුක වෙන එක. සමාජයේ පිළිගැනීමක් තියන රක්ෂා කියන දේවල් හුදෙක්ම රක්ෂා මිසක් ලොකු පොඩි කියල භේදයක් නෑ කියන එක දරුවන්ගේ ඔලු වලට කාවද්දන එක.
GMOA බලාගෙන ගුරුවරුන්ටත් විස දුමක් ලබා ගන්න බැරිද?
ReplyDeleteවිද්‍යා පීඨ ගුරුවරුන් තරම් උපාධිදාරී ගුරුවරුන්ගේ ඉගැන්වීමේ ඵලදායීතාව මදි කියන එක පිලිගත් සත්‍යක් ( ඒක නිසා තමයි පීඨ ගුරුවරුන්ගේ වාටුප වැඩි ) පොත පතක දැනුම තිබූ පමනින් තව කෙනෙකුට එය නිරවුල්ව පහදාදීම උපපත්තියෙන් එන දක්ෂතාවයක් නැතිනම් එය විධිමත් ලෙස පුරුදු කල යුතු දෙයක්. විශ්ව විද්‍යාල වලින් පිටවන ළමුන්ගේ අවුරුදු දෙකක කාලයක් ගන්නවාට වඩා , අවුරුද්දක් පාසා පිටවන විද්‍යා පීඨ ගුරුවරුන්ට නිසි ක්‍රම වේදයක් හරහා දුෂ්කර පාසැල් වල සිටින සියලුම ගුරුවරුන්ට ගුරු නිවාස සහ දුෂ්කර දීමනා , යතුරු පැදි , සහ තවත් දිරි දීමනා ලබාදීමෙන් දක්ෂ ගුරුවරුන් ගේ නිසි ඵලදාව ගත හැකියැයි මගේ අදහසයි
ReplyDelete
ReplyDeleteකම්මලේ හරියටම හරි.සමහර ගුරුවරු ඉන්නවා පසේබුදුවරු වගේ. තමන් දන්න දේ වෙන කෙනෙකුට කියල දෙන්න බෑ.සමහරු ඊට විරුද්ද පැත්ත.මගේ පාසැල් කාලයෙන් හොඳ උදාහරන දෙකක් තියනවා.අපිට ඒ ලෙව්ල් පියෝ මැත්ස් කරපු සර්ට උගන්නන්න බෑ.හැබැයි අපි පිටු දෙකක් විතර හදන ගාන පේලි පහකින් විතර හදල පෙන්නනවා.අපේ පිසික්ස් සර් හරියටම අනිත් පැත්ත.කියල දෙන දේ ඉටිකිරිස් වගේ. අටමා කියල තියන එකේ තරමක ඇත්තක් තියනවා.වෙන මොකුත් බැරි වුනහම ටීචින් යන අය.හැබැයි විද්යා පීට අයට ඉගැන්වීම ගැන උගන්වන නිසා ඒ අය උපාදිදාරීන්ට වඩා ඉගැන්වීම ගැන දන්නවා.ලමයා කියන එකාව හදාරන එක උපාදියක් තිබූ පමනින් කරන්න බෑ නේද? ඔය ශිෂ්‍යත්වය මම කලේ හත වසරෙදි.ඕකට කිව්වෙත් හතේ ශිෂ්‍යත්වය කියලයි. ඒක රිසල්ට්ස් වලින් නමය වසරට යන්න පුලුවන් වෙන ඉස්කෝලෙකට. මේ 1972/73කාලේ.
ගුරු පුහුනුව ගැන හොඳ අත්දැකීමක් ලැබුනා අපිට ඕ ලෙවල් පන්තියෙදි.අපිට රසායන විද්‍යාව කරන්න ආවා ඔය පුහුනුවෙන ගුරුවරයෙක් එයාගේ පුහුනුවේ එක කොටසක් ඒක.එයාව පරීක්ශා කරන්න ගුරු විදුහලෙන් එනවා.හොඳම හැකියාවක් තිබුනා එයාට පන්තිය කන්ට්‍රෝල් කරන්න සහ බොහොම පැහැදිලිව වැටහෙන හැටියට පාඩම කරන්න.අන්තිම දවසේ තමයි අපිට එයාගේ නමවත් කිව්වේ. දැන් හොඳ ලේඛකයෙක් වන ඒ.සී.එම් කරාමත් මහත්මයා තමයි ඒ.
බටහිර රටවල නම් ගුරුවරයෙක් වෙන්න අධ්‍යාපනය ගැන උපාදියක් හෝ පලමු උපාධියෙන් පස්සේ අධ්‍යාපනය ගැන ඩිප්ලෝමාවක් තියෙන්න ඕනෑ.
http://nelumyaya.com/?p=6097
ReplyDeletePerformance based salaries කියන එක (අධ්‍යාපනය ප්‍රාදේශීය විෂයයක් වන) ඇමරිකාවේ බොහෝ ප්‍රදේශ වල අත්හදා බලා සාර්ථක වී ඇති ආකෘතියක්. මෙහිදී, නිර්ණායකය වන්නේ සිසුන්ගේගේ standardize test එකක average result එක වාර දෙකක් අතර වෙනස් වන ආකාරය. පසුගිය සයමස තුළ යම් පන්තියක සිසුන්ගේ average score එකේ වැඩි වීම රටේ average score එකේ වැඩි වීමට වඩා වැඩිනම් ඒ වැඩිවීමේ ප්‍රමාණය අනුව මූලික වැටුපට සමසක් වැනි නිශ්චිත කාලයකට යම් පාරිතෝෂික මුදලක් හෝ මූලික වැටුපෙන් යම් ප්‍රතිශතයක් එකතු කිරීම එක් ආකෘතියක්. දෙවැන්න වන්නේ ගුරුවරුන්ගේ annual increments ස්වයංක්‍රීයව සියල්ලන්ටම ලබා නොදී performance අනුව ලබාදීම. ඇමරිකාවේ පවා පාසැල් හා සරසවි වල වෘත්තීය සමිති වල බලපෑම සැලකිය යුතු එකක්.
ReplyDelete