Friday, July 22, 2016

වැඩකට ඇති දෙයක් නෙමෙයි



මේ ලිපිය ලියන්න හිතුනේ සම්මානනීය බ්ලොග්කරුවෙක් එක්ක කෙරුණු සතුටු සාම්ච්චි කථාවකදී. අධ්‍යාපන කටයුතු අතපසු කරමින් වීඩියෝ සහ පරිගණක ක්‍රීඩා වලට ඇබ්බැහියක් පෙන්නුම් කරන පාසැල් දරුවකු ගැන කථාවක් අතරදී තමයි මේ අදහස මතුවුණේ. ඔබට එවන් තත්ත්වයකට විසඳුමක් දෙන්න සිදුවුණොත් මොකද්ද දෙන විසඳුම?

බොහෝ මව්පියන් මෙවන් අවස්ථාවන් පාලනය කරන්න බලන්නේ අවවාද දීමෙන්, නීති දැමීමෙන්  හෝ තරවටු කිරීමෙන්. කුඩා ප්‍රතිශතයකින් එවන් ප්‍රවේශයක් සාර්ථක වෙන්න පුළුවන්.  එහෙත් බොහෝ විට වන්නේ එවන් ක්‍රියා නිසා සිත්වල ඇතිවන ද්වේශය නිසා පළිගැනීමේ චේතනාවෙන් ළමුන් තවත් නරක අතට හැරීමත් පවුලක පැවතිය යුතු සමගියට බාධා ඇතිවීමත්.   

ලංකාවේ සමහර විශාල ව්‍යාපාරිකයින් පවා බොහෝ විට තමන්ගේ ව්‍යාපාර පාලනය කරන්නේ නීති රීති මඟින්, අවවාද කිරීම මඟින් සහ දඬුවම් කිරීම් මඟින්. මෙම ක්‍රමයේ ඇති ප්‍රධාන අවාසි නම්;

1) සේවකයා සහ සේව්‍යයා අතර ඇතිවන තරහව සහ කලකිරීම.

2) තාවකාලිකව සේවකයා තම හැසිරීම වෙනස් කරගත්තත් සේව්‍යයාට නොපෙනන අවස්ථාවලදී වැරදි හැසිරීම නැවත කිරීම.
3) වෙනත් ආකාරයකින් සේව්‍යයාගෙන් පළිගැනීමට පෙලඹීම.
4) නිශ්පාදනය කරන දේවල හෝ සේවාවේ තත්ත්වය පහළ වැටීම.
5) හොඳ සේවකයින් වෙන රැකියාවන් සොයා ගැනීමට පෙලඹීම.


මේ වගේ අවස්ථා වඩා හොඳින් පාලනය කිරීමේ ක්‍රමයක් පීටර් ඩ්‍රකර් 1954 දී ඔහුගේ The Practice of Management නැමැති පොතෙන් හඳුන්වා දුන්නා. ඉහත පින්තූරයේ ඉන්නේ ඔහු තමයි. ඔහු එය නම් කලේ අරමුණු මඟින් කළමණාකරණය (Management by Objectives) කියලා. එයින් කියන්නේ සේවකයා සහ සේව්‍යයා අවශ්‍යකරණ නිශ්පාදනය එහි තත්ත්වය, නිශපාදනය නිම කල යුතු කාලය, ඒ සඳහා පාවිච්චි කල හැකි ද්‍රව්‍ය ප්‍රමාණයන් ආදිය ගැන ගණනය කල මිමි වලින් එකඟතාවයකට පැමිණ එම කාර්‍යය නිම කිරීමට සේවකයාට සම්පූර්ණ නිදහස දීමයි.  

මෙහිදී සේවකයා එකඟතාවය අනුව භාණ්ඩ ප්‍රමාණය නිශ්පාදනය කරනා තෙක් ඔහු සේවයට පැමිණි වේලාව, පිටව ගිය වේලාව, සේවයට නොපැණිනි දින ගණන, වැඩ කල කාලය, කැන්ටිමේ ගතකල කාලය, ආදිය ගැන සොයා බැලීමට කරදර විය යුතු නැහැ. එම නිසා නිශ්පාදනාගාරයක නම් සේව්‍යයාට අවශ්‍ය ප්‍රමිතියෙන්, අවශ්‍ය වියදම් සීමා තුල, අවශ්‍ය කාලයක් තුල, අවශ්‍ය භාණ්ඩ ප්‍රමාණය සේවකයා ලවා නිශ්පාදනය කරවා ගත හැකි වෙනවා. ඊට අමතරව අනවශ්‍ය සේව්‍යයාගේ හෝ ඔහුගේ නියෝජිතයන්ගේ  ඇඟිලි ගැසීම්, නීති දැමීම් වලින් තොරව තමාට කැමති ආකාරයට තමාගේ කාර්‍යය කර ගැනීමට හැකි නිසා සේවකයන්ට තෘප්තිමත් රැකියාවක් කිරීමට ලැබෙනවා. මෙවන් ක්‍රම ඇති ස්ථානවල හොඳ සහ පුහුණු සේවකයන් ඉවත්වී යාම ආදිය වෙනවා බොහොම අඩුයි. 

ලෝක ප්‍රසිද්ධ   Hewlett Packard (HP) තමන්ගේ සාර්ථකත්වයට මෙම ක්‍රමය හඳුන්වාදීම විශාල පිටුවහලක් වූ බවට ප්‍රකාශ කොට තිබෙනවා. ඒවගේම ලෝක ප්‍රසිද්ධ  DuPont  සහ Intel  වැනි සමාගම්ද මෙම ක්‍රමයේ සාර්ථකත්වය පිලිබඳව අදහස් ප්‍රකාශ කර තිබෙනවා.  ඔබත් Output හරහා නොව හරහා නොව input හරහා පාලනය කරන අයකුනම් මෙම ක්‍රමය අත්හදා බලන්න.  ලෝකය පුරා ව්‍යාපාරික කටයුතු කරන විශාල සමාගම් අයිති කරුවන් ඔවුන්ගේ සීමිත කාලය යොදවාගෙන සාර්ථක ව්‍යාපාර පවත්වාගෙන යන්නේ මෙවන් ක්‍රමවලින්. එතරම් විශාල ව්‍යාපාර කලත් විනෝද වීමට, පවුලේ අය සමඟ කාලය ගත කිරීමට ඔවුන්ට කාලය ඉතිරි වන්නේත් එම නිසාමයි.


ඔබගේ දරුවන්ගේ අධ්‍යාපන අරමුණු සහ ඔවුන්ගේ අන් ක්‍රියාකාරකම් ගැනත් මෙවන් ක්‍රමයකින් පාලනය කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලැබීමට හැකියාවක් 
තිබෙනවා. ඔහු හෝ ඇය යොමුවීමට කැමති රැකියාවට අදාල සුදුසුකම් ලබා ගැනීමට තිබිය යුතු විභාග ප්‍රතිඵල ගැන ඒ අංශ වල දැනුවත් අයත් එකතුකරගෙන සුහදව සාකච්චා කොට, ඔහු  ලබා ගැනීමට අදහස් කරන ප්‍රතිඵල ගැන එකඟතාවයකට ඒම මඟින් එය කල හැකියි. ඒ සඳහා ඔබගෙන් අමතර උදව් අවශ්‍යනම් ඒවා අවශ්‍ය වෙලාවේදී ඉල්ලා සිටීමට හැකි බව ඔහු දැනුවත් වී සිටීමත් වැදගත්. එතනින් එහා ඔහු පාඩම් කරනවාද යන්න අසමින් කරදර කිරීම නම් නොකල යුතුයි. 

මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් දරුවන්ගේ පැත්තෙන් ඔවුන්ගේ ආත්ම විශ්වාසය වැඩිවීමත්, සතුටින් එම අරමුණු කරා යාමත්,  සැලසුම් කර ඒ සැලසුම අනුව යමක් කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමේ පුහුණුවත් ඔවුන්ට නිරායාසයෙන්ම ලැබෙයි.




49 comments:

  1. ඔය ක්‍රමයට වැඩ කරන්න තියෙනව නම් ඇත්තටම වාසනාවක්. දැනට ලංකාවෙත් මේ ක්‍රමේ ක්‍රියාත්මක වන පෞද්ගලික අංශයේ රැකියා තියෙනවා.

    ඒවගේම ලංකාවෙ සමාජ ක්‍රමයත් එක්ක බොහෝ ආයතනවල මේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න බැරි වෙන්න සාධාරණ හේතුත් තියෙනවා. ( අපේ මිනිස්සු නිදහස අයුතු විදියට ප්‍රයෝජනයට ගැනීම එක හේතුවක්).

    ළමයින් ගැන කිව්ව කතාව ට සම්පූර්ණයෙන් එකඟයි. අම්ම තාත්තගෙන් ආදරය ලබන දරුවෙක් වරදට පෙළඹෙනවා අඩුයි. ආදරය නැති තැන, නීති වලට වහල් වෙලා සතුට අහිමි වෙන තැන, එයාල නිදහස ලැබෙන මොහොතේ තාවකාලික සතුටක් වෙනුවෙන් නොදැනුවත්වම වැරදි මාර්ග තෝරා ගන්නවා.

    ReplyDelete
    Replies
    1. //අම්ම තාත්තගෙන් ආදරය ලබන දරුවෙක් වරදට පෙළඹෙනවා අඩුයි.// ++++++

      බොහොම ස්තූතියි නිදහසේ නවාතැන පළමුවෙනි කමෙන්ට් එක දැම්මට

      Delete
  2. අපේ අයියලා එක්ක කරන්න පුලුවන් වෙයිද

    ReplyDelete
    Replies
    1. උත්සාහ කරලම බලන්න ඕන අටමෝ

      Delete
  3. මම හිතන්නෙ තේරෙන වයසක ඉන්නවානම් දරුවාව දැනුවත් කළ යුතුයි.අනවශ්‍ය ඇඟිලි ගැසීම් කරදර කිරීම් වලින් වෙන්නේ දරුවාගේ ආත්ම විශ්වාසය අඩුවීමයි. එහි ප්‍රතිපලය අසාර්ථකත්වය.

    ReplyDelete
    Replies
    1. ඔව් හැලපේ හරියටම හරි. බොහොම ස්තූතියි.

      Delete
  4. දරුවා සමග යහළුවකුමෙන් සහයෝගීව එක්ව කටයුතු වල නියැලීමෙන් ඔහුගේ ගමන්මග සාර්ථක වන බව සාර්ථකත්වය ලැබූ දෙමාපියන්ගේ අත්දැකීම බව පෙනී යනවා. මේ සම්බන්ධව සාකච්ඡා කළ අවස්ථාවක තමන්ගේ දරුවාගෙන්ම පරිගණකය ඉගෙන ගනිමින් ඔහු සමග සහයෝගීළුිම දරුවා එ් අංශයෙන්ම විශාල ජයග්‍රහණයන් ලැබීමට හේතු වූ බව පෙන්වා දුන්නා. දරුවන් සමග සහසම්බන්ධතාව, වගකීම් පැවරීම ඒවා සම්බන්ධ අභියෝග වලදී උදව්වීම වැනි දැයින් දරුවන් ජීවිතය ගොඩ නගා ගන්නට සමත්වන බව පෙනී යනවා.

    ReplyDelete
    Replies
    1. //තමන්ගේ දරුවාගෙන්ම පරිගණකය ඉගෙන ගනිමින් ඔහු සමග සහයෝගීළුිම දරුවා එ් අංශයෙන්ම විශාල ජයග්‍රහණයන් ලැබීමට හේතු වූ බව පෙන්වා දුන්නා.//

      නියම අදහස ගුණසිංහ මහත්මයා. කොහොමත් ළමයි අපට වඩා ඒවා ගැන දන්නා නිසා ඔවුන්ගෙන් ඉගෙනීමෙන් ඔවුන්ට ආත්ම විශ්වාසයත් අපය දැනීමත් ලැබෙනවා. Win - Win

      Delete
  5. මේ ප්‍රශ්නය ම මටත් මේ දිනවල තියෙනවා. දරුවන් සඳහා ඔය විසඳුම අනුගමනය කිරීම ලේසි නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත රසික. මේව කියන්න ලේසියි හැබයි කරන්න විශාල ඉවසීමක් අවශ්‍යයි.

      Delete
  6. i have tried this wit a co worker and he misused it to the maximum, thought im aware that he has dis satisfaction over the current role from my point of view the only way to get out of this situation is to make sure he completes what he is assigned with and take on extra stuff but he has chosen to ignore, any suggestions ?

    ReplyDelete
    Replies
    1. Hi Ano, Thank you your comment. MBO is best to avoid employee dissatisfaction. However it may not work as a solution with an employee already dissatisfied with his job. Hence that issue will have to be addressed before venturing in to MBO. Employee's agreement and acceptance on the output and the reward is critical for the success of MBO. It is hard to come in to an output/reward agreement with an already dissatisfied employee. Hence its better to try this with the new recruits.

      Delete
  7. වැදගත් පෝස්ට් එකක් ඉයන්...
    මේ ක්‍රමේ යම් මට්ටමකට අත්හදා බලන්න ඕනේ අපේ කම්පැණි එකේ වැඩ වලටත්...

    ///බොහෝ මව්පියන් මෙවන් අවස්ථාවන් පාලනය කරන්න බලන්නේ අවවාද දීමෙන්, නීති දැමීමෙන් හෝ තරවටු කිරීමෙන්. කුඩා ප්‍රතිශතයකින් එවන් ප්‍රවේශයක් සාර්ථක වෙන්න පුළුවන්. එහෙත් බොහෝ විට වන්නේ එවන් ක්‍රියා නිසා සිත්වල ඇතිවන ද්වේශය නිසා පළිගැනීමේ චේතනාවෙන් ළමුන් තවත් නරක අතට හැරීමත් පවුලක පැවතිය යුතු සමගියට බාධා ඇතිවීමත්. ///
    අපේ පොඩි එකා තාම සුට්ටන් එකෙක් වෙලත් ඌ කරන්නේ ඌට ඕනේ වැඩ විතරයි, වයිෆ් පුරුදු කරගෙන තියෙන්නේ තග දාල සැර කරලා පොඩි එකාව කන්ට්‍රෝල් කරන්න...
    ඒකෙන් ඌ තවත් ඇට්ටර වෙන බව කිව්වට පිළිගන්නේ නැහැ. ඔයා නෙමෙයිනේ මේ ළමය එක්ක දවසෙම ඉන්නේ, හොඳින් කියල හරි යන්නේ නැහැ, එයාට කියන්න ඕනේ මේ විදිහට තමයි කියල කියනවා...
    ශේප් එකේ කියල සමහර වෙලාවට උගේ සමහර ඇට්ටර වැඩ නතර කරගන්න පුළුවන් උනත් දැන් ලේසියෙන් කියන දෙයක් අහන්නේ නැහැ...
    අන්තිමේදී වෙන්නේ පොඩි එකාට සැර කලාම හොටු පෙරාගෙන අඬ අඬ මගේ ගාවට ආවම මොනා හරි කරල මම ඌව නලවන එක...

    වැඩක් නැහැ බං, ගෑණියෙකුට යමක් කියල තේරුම් කරල දෙනවට වඩා ලේසියි කියනවනේ වඳුරෙකුට අවකලනය උගන්නන එක...

    ReplyDelete
    Replies
    1. ලොක්කා බොහොම ස්තූතියි. මම හිතන්නේ උඹේ පොඩි එකා නම් පොඩි වැඩියි මේක ට්‍රයි කරන්න. ඒ වුනාට බැරිමත් නැහැ. පොඩි පොඩි දේවල් වලින් උත්සාහ කරල බලපන්.

      Delete
    2. පොඩි උන්ට ගුටි දෙන්න ඕනෙ නෑ, පොඩි වැඩ ටිකක් බාර දුන්නම ඇති , ඉස්සලම කිලුටු ඇදුම් දාන බාස්කට් එක දුන්නම ඇති ආයෙ මේස් එකක්වත් කොහෙවත් දාන්න දෙන්නෙ නෑ.
      අපේ කොල්ලට දැන් පොඩිකාලෙ ඉදන් දුන්න වැඩ වගකීමෙන් කරනව, මෑන් ගුටියක් කන එක සලකන්නෙ ලැජ්ජාවක් විදිහට, ඒ ලැජ්ජාව හැම තිස්සෙම ගුටි දුන්නොත් නැතිව යනව. ඔය ටික උඹල දෙන්න සාකච්චා කරල විසදුමකට වරෙල්ල. නැත්නම් ඉස්කෝලෙ යන වයසෙදි අනික් ලමයිට ගහල ප්‍රශ්ණ ඇති කරගන්න පුළුවන්.

      Delete
    3. කොල්ලට කියල පොඩි පොඩි වැඩ කරගන්න ලේසි නැහැ...
      කලාතුරකින් අපි කියන වැඩක් කලත්, ඌ ට්‍රයි කරන්නෙම ලොකු වැඩ කරන්න සහ අපි කරන්න කියන වැඩ නොකර ඉන්න...
      ඌ දැන් මොට්ටසුරි යනවා, එතනින් කියන හැටියට අපේ කොළුවා ළමයි එක්ක කචල් දා ගන්නේ නැතුව බොහොම සංයමයෙන් ඉන්නවලු...
      හැබැයි ඉතින් පුටුවක වාඩිකරවලා එක තැනක තියා ගන්න අමාරුලු, හතර අතේ ඇවිදිනවලු...

      Delete
    4. //කලාතුරකින් අපි කියන වැඩක් කලත්, ඌ ට්‍රයි කරන්නෙම ලොකු වැඩ කරන්න සහ අපි කරන්න කියන වැඩ නොකර ඉන්න..//

      සෙකන්ඩ් වෙන්න කැමැති නැති පොරක් වගේ ලොක්කා. බය වෙන්න එපා මිනිහ සෑහෙන දුරක් යයි.

      Delete
    5. ලංකාවෙ විදිහට සංතෝශම් දීපං,

      Delete
  8. ටාගට් එකක් දෙනවා කියන්නෙත් ඕකයි මම නම් හිතන්නේ.. ඕක මම ඉගෙන ගත්තේ ඉස්කොලෙදිම... ඊට පස්සේ පළමු රැකියාවේ බිස් උන් මනෝ තිත්තවැල්ල යටතේ..

    වැඩ කලේ ෂිෆ්ට් එකට. ඒක තුල කරන්න වැඩ කොටසක් තියෙනවා.. ඒක ඉවර උනාම ඕන නම් ගෙදර එන්නත් පුළුවන්.. එහෙම නැත්නම් තව වැඩ ටිකක් ඉල්ලගෙන කරන්න පුළුවන්.. ඒවට වෙනම ගෙව්වා.. කොහොම හරි මගේ ප්ඩියට වඩා මේ ගෙවීම් වලින් උපයපු මුදල තුන් හතර ගුණයක් උනා..

    අපේ රටට හෙන ගහලා තියෙන්නේ දෙන වැඩෙත් කරන්නේ නෑ නේ... ආන්ඩුවේ රස්සාවල් බලන්න.. පටන් ගන්නේ කීයටද..? ඉවර වෙන්නේ කීයටද..? උන්ට වැඩ කරන්න වෙලාවක් තියෙනවද...? වැඩ කරන්න පුළුවන් පරිසරයක් තියෙනවද...? මැති ඇමතිවරුන්ට නිදන කාමරත් එක්ක ඉටැලියන් ෆර්නිචර් එක්ක සැප කාමර.. සේවකයන්ට මකුණෝ ඉන්න පුටු.. උන් කොහොමත් වැඩ කරන්නෙත් නෑ.. අර වගේ පරිසරයක වැඩ කරන්නත් බෑ... හැබයි ටාගට් එකකුත් තියෙනවා... ඒ තමයි පැන්ෂන් එකයි... කෝච්චියේ ජැක් එකක් ගහන එක හරි ජැක් එකක් වද්දගෙන යන එක.. ඕන් අපේ රට..

    ReplyDelete
    Replies
    1. මාතෙ බොහොම ස්තූතියි. අමාත්‍යාංශ වලින් වෙන්න ඕන වැඩ වලට ටාර්ගට් එකක් ඒඅයට වෙන් කරන බජට් එකටම සම්බන්ධ කලොත් මේක කරන්නත් බැරි නැහැ. ඒවගේ ඉල්ලීමක් එහෙම නැත්නම් බලකිරීමක් එන්න ඕන සිවිල් සමාජයයෙන්.

      Delete
  9. සේවකයාගේ චින්තනය මෙන්ම සේව්‍යයාගේ චින්තනයද ධනාත්මක පැත්තට ගැනීම තමයි වැදගත්. අපේ රටේ එය අති දුෂ්කර ව්‍යායාමයක්.

    ReplyDelete
    Replies
    1. //අපේ රටේ එය අති දුෂ්කර ව්‍යායාමයක්//

      විචා ඒක ටිකක් දුරට ඇත්ත. මේකට එක හේතුවක් තමයි 1971 සේවය අවසන් කිරීමේ පණතින් සේව්‍යයාගේ බලය කප්පාදු කර සේවකයින්ගේ බලය වැඩි කර තිබීම. ඒ වුණත් මේ ප්‍රශ්ණ මැද්දෙත් එකඟතාවයන් අනුව වැඩ කරන සමාගම් තියෙනවා.

      Delete
  10. දෙපැත්තම අවංක වෙන්න ඕනැ !!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පත්තරේ. ඒක හරිම වැදගත්. එක පාර්ශවයක් අනෙක් පාර්ශවය ගොනාට අන්දන්න හිතාගෙන මේවගේ එකඟතාවයකට ගියොත් ඒ එකකඟතාවයට වැඩි ආයුෂ නැහැ. බොහොම වැදගත් අංගයක්, දෙපැත්තෙන්ම ආයුතු අවංකකම.

      Delete
  11. සේවකයන්ට වගකීම් පැවරීම සහ තමන් කරන රාජකාරියේ වාදගත්කම අවබෝධ කර දිය යුතුයි.
    ඒ වගේම තනතුරු නාම ආදියේ තිබෙන අඩුපාඩු සකස් කල යුතුයි. සමහර තනතුරු නාම නිසා සේවකයන්ගේ පසුගාමී අදහස් ඇතිවීම එන නාමය වෙනස් කිරීම මගින් නැතිකරගත හැකියි.
    උදා :- සුළු සේවක.
    මෙවැනි වෙනසකින් අපි ලබාගත් ප්‍රතිපල ගැන ලියන්න මගෙ බැටරිය දැන් මදි

    ReplyDelete
    Replies
    1. කම්මලේ බොහොම ස්තූතියි. තමන් කරන කාර්‍යය අවසාන නිශ්පාදන භාණ්ඩයේ හෝ සේවාවේ තත්ත්වය කෙරෙහි ඇතිවන බලපෑම සේවකයින්ට තේරුම් කර දීම සහ තනතුරු නාම යන දෙකම වැදගත්. ඒවා එන්නේ වෙන මාතෘකා යටතේ.

      Delete
  12. මේ දවස් වල අපිටත් තියෙන බරපතලම ප්‍රශ්නයක්. ශිෂ්‍යත්ව විභාගයට ලෑස්ති වෙන දුවයි අම්මයි අතර උග්‍ර ගැටුම්.. මමනම් දීල තියෙන්නේ එක ටාගට් එකයි.. ගාල්ලේ ඉස්කොලෙකට යන්න ඕනි නම් හොඳට පාස් වෙයන් පුතේ කියල.. හැබැයි නිකං එහෙමම අත ඇරියහම වැඩක් කරන්නෙත් නෑ උන්දලා..

    ReplyDelete
    Replies
    1. කමියා. අධ්‍යාපනය ඉහලටම කරගෙන යාමට ප්‍රධාන පාසැලකට යාමේ වැදගත්කම, ඒ දේ සඳහා ශිශ්‍යත්වයෙන් ලබා ගත් යුතු ලකුණු මට්ටම. ඒ සඳහා ගතයුතු උපායමාර්ග (උදා ගණන් වලින් ටික දුර්වල නම් අනික් විෂයයෙන් වැඩි පුර ලකුණූ ආදිය ඔවුන් සමඟම සුහදව ඒවගේම සීරියස් කථාවක් කරල බලපන්.

      Delete
  13. ගොඩ දෙනෙකුට මඟ ඇරිච්ච ලස්සන කවියක් තියෙනවා මෙතන

    ReplyDelete
  14. හා හා පුරා කියලා මාත් මේ පැත්තට ගොඩ වැදුනා. කාලීන ලිපියක් ඉයන්. විශේෂයෙන්ම කියන්න ඕනේ සමහර දෙමව්පියන් තමන්ගේ සිහින හැබෑකරගන්න යන්නේ දරුවන්ගෙන්. ඒත් ඒක දරුවන්ට බලපාන්නේ කොහොමද කියන එක ගැන ඔවුන්ට වැටහීමක් නැද්ද? එහෙම නැත්නම් ඔවුන් ඒ ගැන හිතන්නේ නැද්ද කියන එක ගැටලුවක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. //දෙමව්පියන් තමන්ගේ සිහින හැබෑකරගන්න යන්නේ දරුවන්ගෙන්.//

      මේක ආසියානු සංස්කෘතිවල තිබෙන ලක්ෂණයක්. චීනෙ, ජපානෙ සහ කොරියාවෙ මීටත් වඩා වැඩියි. ඒ රටවල ලමයි පාසැලෙන් පස්සේ ක්‍රෑම් පන්ති යන්න ඕන. ඔවුන් විශාල දුකක් විඳිනවා. බොහොම ස්තූතියි දුමින්ද මේපැත්තට ආවාට. ඉතාම සාදරයෙන් පිළිගන්නවා.

      Delete
  15. මගේ කොළුවාට මා අනුගමනය කරන්නේ ඔය ටාගට් ක්‍රමයයි. උෘ හොඳ phone එකක් ඉල්ලුවා O/Lවලින් පස්සේ. මම කිව්වා O/L සිම්පල්, A/L වලට A3 ක් ගන්න පොරොන්දුවෙන්න කියලා. උෘ එක පාරටම පොරොන්දුඋනා. ඉතිං මමවත් අරගෙන නැති හොඳ phone එකක් උෘට අරංදුන්නා. දැන් ෆෝන එක කෙටනවා වැඩිඋනාම මම මතක් කරන්නේ අපේ පොරොන්දුව. පිළිතුර තමයි " ok, ok ". දැනට නම් උගේ performance ok .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මචං. එයා එයාගෙ කොටස කළොත් ඔක්කොම ගොඩ.

      Delete
  16. Food for thought.
    Am still thinking.

    ReplyDelete
  17. ඒකල පැත්තෙ කොරිගේටඩ් ෂීට් හදන ෆැක්ටරියක කාලයකට කලින් නිෂ්පාදනය කරන ප්‍ර‍මාණය බොහොම පහල වැටිලා තිබුනා. මෙතනට අලුතෙන් ආව කළමණාකරුවෙකුට මේ ප්‍ර‍මාණය වැඩි කරලා දෙන බර පැටවුනා. ඔහු වෙනස් විදියකට කල්පනා කලා. මැෂිමකින් දිනකට නිපදවිය හැකි ධාරිතාව ගැන දැනුවත් වෙලා ඔහු හැමෝටම ටාගට් දුන්නා. ටාගට් එක ඉවරයක් කරපු ගමන් ගෙදර යන්න පුලුවන්. මෙන්න බොලේ සැට් එක ටාගට් ගහනවලු 5 වෙන්නත් කලියෙන්....

    ReplyDelete
    Replies
    1. සිරා බොහොම ස්තූතියි. හොඳම උදාහරණයක්. නායකයෙක් කියන්නේ තමන්ගේ ඥාණයෙන් පාලනය කරන කෙනෙක්. ඔහු කරලා තියෙන්නේ තමන්ට අවශ්‍ය outout එක දෙන්න සේවකයින්ව බොස්ලා කරලා.

      Delete
  18. ඉයන් බොහෝම වටිනා මාතෘකාවක් සාකච්චාවට අරන් තියෙන්නේ.
    මේ ධනාත්මක ක්‍රමයට කණ්ඩායම් මෙහෙයවීම ඉතාම ප්‍රථිපලදායක දෙයක්. මමත් මේ ක්‍රමය ප්‍රායෝගිකවම ක්‍රියාවේ යොදවන්නෙක්.
    මේ ක්‍රමයේම තව කොටසක් තමයි රිවෝඩ් ඇන්ඩ් රෙකග්නිශන් කියන්නේ. සේවකයින්ව කරන කාර්‍යයන් කෙරෙහි හඳුනා ගැනීම හා දිරිගැන්වීම.
    මේ ගැන කථා කරන කොට මම නිතර යොදාගන්නා උදාහරනයක් තියෙනවා ඒකත් කියන්නම්.
    එක් බැංකුවක් ඔබ ගිණුමේ රු 5000 ක අවමයක් පවත්වාගෙන නොගියොත් ඔබේ ගිණුමෙන් මාසික ගාස්තුවක් ලෙස රු.250.00 ක් කපා ගන්නා බවට ඔබට කියනවා. 5000 ට වැඩියෙන් ගුණුමේ ශේශය තිබුනොත් ඔබ ගාස්තුවෙන් නිදහස්.
    තවත් බැංකුවක් කියනවා ඔබ රු 5000 ක අවමයක් ගිනුම් ශේෂය ලෙස තියා ගත්තොත් ඔබ කෝටි ගනනක දිනුම් සහිත ලොතරැයියකට සුදුසු කම ලබනවා කියා.
    දැන් මේ ගිණුම් දෙකෙන් ඔබ වඩා සතුටින් රු 5000 ක ශේෂයක් තියන්නේ කොයි එකේද?

    ReplyDelete
    Replies
    1. නයනේ. හොඳ උදාහරණයක්. මේ උදාහරණේ වැඩිපුර තියෙන්නේ punishment (negative reinforcement) සහ positive reinforcement අතර වෙනස. මේවා බටහිර රටවල් හොයා ගත්තේ 1960 ගණන් වල. B.F ස්කිනර් කියල පුද්ගලයෙක් හැසිරීම වෙනස් කිරීමට punishment යොදා නොගෙන positive reinforcement යොදා ගැනීම ගැන කිව්වා.

      Delete
  19. හැමදාමත් වගේ අපූරුම අදහසක් මතු කරලා තියනවා...සුරංග මල්ලිගේ ලිපිය කියවලා මෙතනට ආවේ...ඒකෙයි,මේකෙයි මතු කරපු යථාර්තය එක ලඟින් යනවා...ඉන්පුට් එකක් දීල අවුට්පුට් එක ගන්න දේ...

    බහුතරයක් දෙනා දරුවෝ විභාග සමත් වීමේ අරමුණ කරා පමණයි යොමු කරන්නේ...ඒත් විභාග සමත් විය යුත්තේ ඇයි කියන දේ ගැන පැහැදිලි අවබෝධයක් දරුවන් තුල හෝ දෙමාපියන් තුල හෝ නැහැ...ඇත්ත වශයෙන්ම සිද්ධ විය යුත්තේ දරුවොයි දෙමාපියෝයි දෙගොල්ලම එකතු වෙලා, දරුවාගේ කැමැත්ත සහ හැකියාව පිළිබඳව නිසි අධ්‍යනයක් කිරීම...ඒ මගින් දරුවා වැඩි කාලයක් මිඩංගු කල යුතු සහ දක්ෂතා පෙන්විය යුතු විෂයන් සහ බාහිර ක්‍රියාකාරකම් හඳුනා ගැනීම...ජීවිතේ අරමුණු වලින් තොරව හැසිරුණ තරුණ තරුණියන්ගේ ජිවිත වලට ලගා වී ඇති අවාසනාවන්ත තත්වයන් පිළිබඳව උදාහරණ සහිතව පැහැදිලි කිරීම...දරුවෝ බොහොම කැමතියි තර්කානුකූලව ඔප්පු කරන දේවල් පිළිගන්න...එයාලගේ ඇබ්බැහි වීම් වලින් මුදවා ගන්න නම් එයාලට යථාර්තය පේන්වා දෙන්න ඕනේ...අපේ රටේ දෙමාපියෝ බොහොම දුක් මහන්සි වෙලා හම්බ කරලා, තමන් නොකා නොබී, දරුවන්ට සියලු සැප සම්පත් ලබා දෙනවා..මේක අන්ධ ආදරයක්...දරුවාට පුරුදු කරන්න ඕනේ ජීවිතේ යථාර්තය දකින්න...නැත්නම් ඒ දෙමාපියෝ නැති උන දාක ඒ දරුවා දන්නේ නෑ තමන්ට උනේ මොකක්ද කියලවත්...

    මේ ටාගට් දෙන දේ කරන්න ඕනේ, ඒක මානසික පීඩනයක් නොවෙන විදියට, උපක්‍රමශිලිව...එහෙම නොවුනම තමයි දරුවෝ විභාග අසමත් උනාම දෙමාපියන්ට මුහුණ දෙන්න බැරිව සියදිවි නසාගන්නේ...කාර්යාලයක්ටත් මේක අදාලයි...සේවකයාට කල හැකි පරිමාව තුල තමයි සියලුම ටාගට් හැසිරවිය යුත්තේ...

    ReplyDelete
    Replies
    1. //සිද්ධ විය යුත්තේ දරුවොයි දෙමාපියෝයි දෙගොල්ලම එකතු වෙලා, දරුවාගේ කැමැත්ත සහ හැකියාව පිළිබඳව නිසි අධ්‍යනයක් කිරීම...ඒ මගින් දරුවා වැඩි කාලයක් මිඩංගු කල යුතු සහ දක්ෂතා පෙන්විය යුතු විෂයන් සහ බාහිර ක්‍රියාකාරකම් හඳුනා ගැනීම.//

      ඉතාම වැදගත් අදහසක් පොකුරු. බොහොමත්ම ස්තූතියි. ළමයාගේ දක්ෂතා වලට මුල්තැන දුන්නොත් ඔවුන් සාම්ප්‍රදායික රැකියාවල් වලින් එහාට යොමුවෙලා රැකියා සොයන්නන් නොව රැකියා සපයන්නන් වෙන්න පුළුවන්. ඔවුන්ගේ ජීවිත සාම්ප්‍රදායික රැකියා කරන්නවුන්ට වඩා සාර්ථක වෙන ගමන්ම රටට විශාල සේවයක් සිදුවෙන්න පුළුවන්.

      Delete
  20. මගේ කොලුවා නම් තවම පොඩි වැඩි ටර්ගට් එකක් දෙන්න එත් සදු ඌට වාර විබගයට දුන්න ඉලක්ක ඌ ඕනෑවටත් වඩා සම්පුර්ණ කරලා පෙන්නුවා.
    මගේ නංගි ගේ පුතා ක්‍රිකට් ගහනෙත් කෙම්පිවුටෙරෙන් ඒ උනාට පාඩම් වැඩ ගැන අපිට ඇගිලි ගහන්න ඉඩ තියලා නැහැ එත් මට බය ඌ සමාජයට ගිය දවසක අතරමං වෙයි කියලා.
    සමහර සේවකයෝ ඉන්නවා කෝටුව තියාගෙන පස්සෙන් එලවන්ම ඕනේ වැඩ ගන්න..
    ඕනවට වඩා බයිනවට කැගහනවට සමහරු කැමති නැහැ එයාලට පොඩි අවවාදයක් දුන්නම ඇති

    ReplyDelete
    Replies
    1. ඔව් මෙන්ඩ මේව හරියන්නේ 10-12 පන්තිවල ඉන්න ළමයින්ට. එතකං ඔය අල්ලපු ගෙදර නෝනට ටාර්ගට් එකක් දීපන් හෙහ් හෙහ්

      Delete
    2. අල්ලපු ගෙදර නෝනගේ බැදලා මහත්තයා දාලා ගිය දුවට මේ දවස් වල ටර්ග්ට් එකක් දීලා තියන්නේ

      Delete
  21. ඉලක්කයක් දීලා වැඩකරන එක හොඳයි.එතැන ඉලක්කය වගේම ඒ ඉලක්කය සපුරා ගන්න මොනවාද තියෙන පහසුකම් කියන එක ගැනත් සැලකිලිමත් වෙන්න ඕන.මම අහලා තියෙනවා දුම්රිය දෙපාර්තමෙන්තුවේ කර්මාන්ත ශාලාවේ වැඩ කරන අයට යම් ඉලක්කයක් තියෙනවාලු දවසකට සපුරන්න.ඔවුන් ඒ ඉලක්කය පැය කිහිපයකින් සපුරා ඉන්පසු ඔවුන් නිකම් කාලය ගතකරන බවක්.ඉතින් එහෙමනම් ඒ සේවකයින්ට තමන්ගේ ඉලක්කය සපිරීමෙන් අනතුරුව නිවසට යන්න පුළුවන්කම තියෙන්න ඕන.නැතිනම් ඔවුනගේ ඉලක්කය වැඩි කරලා දෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. මනෝජ් උඹ හරි. දෙපාර්තමේන්තුවක් නිසා ප්‍රශ්ණ ඇති. ඒ වුණාට කාලයට ඉවර කරාම බෝනස් එකක් වත් නුදුන්නොත් නම් වැඩි කල් ගෙනියන්න බැරිවෙයි.

      Delete
  22. දරුවොයි දෙමව්පියොයි දෙගොල්ලො ගැනම දුකයි ලිපියයි, කමෙන්ටුයි කියවලා ඉවර උනාම.. මුලින්ම තීරණය කරන් ගන්න දරුවන්ගෙන් තමන්ට ඕන දේ ගන්නවද , තමන් දරුවට ඕන දේ දෙනවද.. එහෙම හිතලා තීරණයක් ගත්තට පස්සේ බලන්න තමන් දරුවෙක් වෙලා ඉන්න කාලේ මේ තීරණේ ඔබේ දෙමාපියන් ඔබ වෙනුවෙන් ගත්තා නම් ඔබ සතුටු වෙනවද අවංකවම.. ඉන් පස්සේ ක්‍රියාත්මක වෙන්න.. රැකියාවක නම් ලැබෙන තැනේ බොසාගේ විදිහ අනූව ගන්න ඕන ක්‍රියාමාර්ගය වෙනස් වෙනවා...අවශ්‍යතා අඩු නම් ගමන පහසුයි.

    ReplyDelete