![]() |
| අළුත විවාහවූ ජෝඩුවක් |
'බඳිනවා' කියන එක බොහෝ ලාංකිකයන්ගේ ජීවිතේ කල යුතු දේවල් වල තිබෙන ප්රධානතම අංගයක්. ඒකේ තර්කානුකූල පැත්ත ගැන තමයි මගේ කුකුස. බොහෝ දෙනෙක් කිරි ආහාර වර්ග වලට කැමතියි. අද සුපර් මාකට් එකෙකට ගියොත් විවිධ රසැති කිරි, කිරි වලින් තැනූ චීස්, බටර්, යෝගට් වැනි නිශ්පාදන, යෝගට් ගත්තත් විවිධ රසැති යෝගට් ආදී වශයෙන් කිරි ආහාර වර්ග හැටහුටාමාරක් තියෙනවා. එහෙම තියෙද්දී තමන්ගේම කිරි පරිභෝජනයට එළ දෙනෙක් ගන්න හිතන කෙනෙක් ඉන්න පුළුවන්ද?
විවාහවීම එළ දෙනෙක් ගැනීමට සමාන කිරීම ගැන අමනාප වෙන්න එපා. ආදරය, ආදරය කරන දෙදෙනෙකුගේ එක්වීම වගේ දේවල් වල අලංකාරයක් තියෙන බව මම පිළිගන්නවා. මේ පෝස්ට් එකේදි මම හිතුවේ එවන් එක්වීමක තිබෙන දීර්ඝ කාලීන තර්කානුකූල බව පමණමයි. එම නිසා හදවතින් නොව ඔළුවෙන් සිතා ප්රතිචාරයක් දක්වන මෙන් ඉල්ලා සිටිනවා.





































