ප්‍රවාහන මාධ්‍ය කිහිපයක්ම සම්බන්ධ කරන වියානා දුම්රිය ස්ථානය |
මේ පෝස්ට් එකට inspiration එක ලැබුණේ පැරාගෙ මෙන්න මේ පෝස්ට් එකෙන්. ප්‍රවාහණය ගැන සැලසුම් කරන අය අදට වඩා ග්ලෝබල් විව් එකක් මේ සම්බන්ධයෙන් දැරිය යුතුයි කියන එකයි මගේ නිගමනය. එහෙම බලනවනම් ඇති කල හැකි සහ ඇතිවිය යුතු වෙනස්කම් නම් බොහොමයක්.
ප්‍රධාන නගරවලට ප්‍රවාහන ක්‍රම යොදාගෙන මිනිසුන් පැමිණෙන හේතු නම් රැකියා සඳහා, පාසැල් සිසුන්, පාස්පෝට් ආදී රජයේ සේවාවන් ලබා ගැනීමට, සහ බඩු මිලදී ගැනීමට යන ඒවායි. මෙම ගමණකදී අඩුම වශයෙන් බස් රථ දෙකක හෝ තුනක සේවය ලබා ගැනීමටත් සැලකිය යුතු වේලාවක් ඒ සඳහා යෙදවීමත් සිදුවෙනවා. අඩුම වියදම් ප්‍රවාහණ ක්‍රමය දුම්රිය වුණාට වැඩිපුරම භාවිතා වෙන්නේ බස් රථ, ත්‍රිරෝද රථ සහ පෞද්ගලික වාහන. ප්‍රවාහණය වැඩි දියුණු කිරීම ගැන හිතනකොට බොහෝ දෙනා හිතන්නේ ඒ සඳහා වැඩිපුර පාරවල්, වැඩිපුර බස් රථ යෙදෙවීම තමයි පිළිතුර කියල. ඒ ඔක්කොම විශාල වියදම් යන දේවල්. ඒවගේම ඒවට තිබෙන ඉල්ලුම වැඩිවීමක් මිස අඩුවීමක් වෙන්නේ නැහැ. ප්‍රවාහණ සේවා වලට තිබෙන ඉල්ලුම අඩු කිරීම මේකට විසඳුමක් කියන එක හිතන්න කාලෙ හරි.
රජයේ සියළුම දෙපාර්තමේන්තු සහ මහජනයා සම්බන්ධීකරණය කරන්න ඒ හැම දෙපාර්තමේන්තුවෙන්ම පුහුණු අය අරගෙන එක ආයතනයක් හදල ඒකෙන් රට වටේම පාරිභෝගික සේවා මධ්‍යස්ථාන ඇතිකලා නම් ප්‍රධාන නගර වලට මහජනයා ඇදී ඒම සීමා කරන්න පුළුවන්. එක එක රජයේ දෙපර්තමේන්තුවකට එක කාර්‍යාලය බැඟින් නම් නෙවෙයි. සියළුම සේවා සැපයිය හැකි රාජ්‍ය පාරිභෝගික සේවා දෙපාර්තමේන්තුවක් ඇති කිරීම තමයි කළ යුත්තේ. ඒක මහජනයාට පහසුවක් සහ ඔවුන්ගේ කාලය සහ වියදම් ඉතිරි කිරීමක්. අද තිබෙන තාක්ෂණයත් එක්ක මේක කරන එක හරිම ලේසියි. 2005 රජයේ සේවකයෝ 750,000 වෙනුවට අද ඒවගේ දෙගුණයක් නැත්නම් මිලියන 1.5 ක් ඉන්නව. ඒ අයව යොදාගෙන රටේ නගර හැම එකකම සේවා මධ්‍යස්ථාන පිහිටුවන්න විශාල වියදමක් යන්නේ නැහැ. එම මධ්‍යස්ථාන වලින් පාස්පෝට්, හැඳුණුම්පත්, මෝටර් වාහන ලියාපදිංචිය, විශ්‍රාම වැටුප් කටයුතු, ප්‍රාදේශීය සභා වලින් සිදුකර ගතයුතු දේවල් වැනි සියළුම මධ්‍යම රජයේ සහ පළාත් සභාවල රජයේ සේවා එක වහලක් යටදී ලබා ගන්න සලස්වන්න පුළුවනි.
විශේෂයෙන් වැසි කාල වලදී දුම්රියෙන් පැමිණ බස් රථයකට මාරුවීමට ඉතා අපහසුයි. ඒවගේම තමයි රාත්‍රියට දුම්රිය ගමනාන්තයට ගියාම බස් රථයකට මාරුවීමට සිදුවන අපහසුව. එම නිසා දුම්රිය භාවිතා කිරීම කරදරයක් ලෙස සිතීම අරුමයක් නෙවෙයි. දුම්රිය සේවයත් ගමනා ගමන මණ්ඩලයත් එකම ප්‍රවාහණ ආයතනයක් බවට පත්කර දුම්රිය කාල සටහන් සහ බස් කාල සටහන් එකිනෙකට සමගාමී කිරීමත් කල හැකි දෙයක්. බස් රථයකින් පැමිණ අඩු කාලයකින් දුම්රියකටත්, දුම්රියෙන් පැමිණ අඩු කාලයකින් බස් රියකටත් සම්බන්ධ වීම පහසුවෙන් සම්බන්ධීකරණය කරන්න පුළුවන්. එමෙන්ම එකම day-pass එකකින් හෝ වාර ප්‍රවේශ පත්‍ර වලින් දුම් රියෙන් සහ බස් රියෙන් ගමන් කල හැකිවීම හඳුන්වා දිය හැකියි. ඉලෙක්ට්‍රොනික් ප්‍රවේශපත්‍ර කියවීමේ යන්ත්‍ර දුම් රිය සථානයට ඇතුළුවන/පිටවන් තැනත් බසයට ගොඩවා තැනත් ඇත්නම් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ වියදම, ඒ සඳහා යන කාලය, ප්‍රවේශ පත්‍ර නොමැතිව යාමෙන් වන පාඩුව ආදිය අඩුවෙනවා.
දියුණු රටවල දුම්රිය භාවිතය අපිට වඩා වැඩියි. ඒ සඳහා මොනෝ රේල් හෝ පොළව යටින් ගමන් ගන්නා දුම්රිය ආදිය ලබා ගන්න යන වියදම ඉතා විශාලයි. ඒ වෙනුවට කල යුත්තේ රටේ දුම්රිය ස්ථාන බහුකාර්‍ය මධ්‍යස්ථාන කිරීමයි. දුම්රිය ස්ථාන වල ඇති ඉඩ යොදවාගෙන රජයේ බැංකු වලට අනුබද්ධ ඉදිකිරීම් සමාගම් හරහා මෙම බහුකාර්‍ය මධ්‍යස්ථාන පිහිටවන්න පුළුවනි. ඒවායේ පහල මාලය දුම්රිය නැවතුම පලකට අමතරව බස් රථ නැවතුම් පොල, ත්‍රිරෝද රථ සහ අනිකුත් කුලී රථ සේවා නැවතුම පලක් විය යුතුයි. එවිට එක් ප්‍රවාහණ මාධ්‍යයකින් අනිකට මාරු වීම පහසුයි. එවිට දැනට නගරයක විවිධ ස්ථාන වල තිබෙන දුම්රිය ස්ථානය, බස් නැවතුම් පොල, කුලී වාහන නැවතුම් පොල වෙනුවට එකම ස්ථානයක බහු ප්‍රවාහන සේවා නැවතුම් පොලක් තිබීමෙන් මහජනයාට විශාල පහසුවක් වෙනවා.
මේ බහුකාර්‍ය මධ්‍යස්ථානය හුදෙක් ප්‍රවාහණ මධ්‍යස්ථානයකට එහා ගිය ආර්ථික සහ වෙලඳ මධ්‍යස්ථාන විය යුතුයි. තට්ටු කීපයකින් සමන්විත විය යුතු මෙම බහුකාර්‍ය්ය මධ්‍යස්ථාන වලට එම පළාතේ තිබෙන සියළුම රජයේ කාර්‍යාල සහ සේවා ස්ථාන ගෙන ඒමෙන් ඒවායේ සේවය ලබාගන්නා අයට පමණක් නොව ඒවායේ සේවය කරන අයටත් විශාල පහසුවක් වෙනවා. පෞද්ගලික ගොඩනැඟිලි වලට ගෙවන කුලීත් රජයේ සමාගමකට ලැබෙනවා. කලින් සඳහන් කර රජයේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානත් මෙම බහුකාර්‍ය ගොඩනැඟිල්ලේම පිහිටුවන්න පුළුවන්. එම ගොඩනැගිල්ලේම අනික් මහල් වලින් රජයේ/ පෞද්ගලික බැංකු වල ශාඛා, ලීසිං කොම්පැණි, රක්ෂණ කොම්පැණි වැනි මුල්‍ය සේවා සඳහා එක් මහලක්, සියළුම සුපිරි වෙලඳ සැල් වල ශාඛා සඳහා එක් මහලක්,, සිනමා හල් කීපයක්, නාට්‍ය ශාලාවක් සඳහා එක් මහලක්, ආහාර සපයන ස්ථාන, ව්‍යායාම මධ්‍යස්ථාන සඳහා එක් මහලක්, පෞද්ගලික පංති සඳහා දේශන ශාලා සඳහා එක් මහලක්, ආදි වශයෙන් එක් එක් ක්ශේත්‍රය සඳහා මහල් වෙන් කල හැකියි. මෙම ව්‍යාපරික ආයතන වලට වෙලඳාම පිණිස ගෙන එන බඩුද දුම්රිය යොදාගෙනම ගෙනවිත් ඉහල මහලවල් වලට රැගෙන යාම නිසා අද මෙන් බඩු බෑම සඳහා මාර්ග අවහිර වීමක් වෙන්නේ නැහැ. එම ස්ථානයට දුම්රියෙන් හෝ වෙනත් එහිම පහල මහල මධ්‍යස්ථාන කරගත් බස් වලින් පැමිණෙන අයට එම ගොඩනැඟිල්ලේම තමන්ට අවශ්‍ය සියළුම සේවා ගත හැකියි. කාලගුණයෙන්, අධික රස්නයෙන් හෝ වැසි සුලං වලින් කරදරයක් නොවී දුම්රියෙන් හෝ බස් රථයකින් පැමිණ තමන්ගේ සියළුම අවශ්‍යතා ඉටුකරගත හැකි මෙවන් මධ්‍යස්ථාන ඇත්නම් පෞද්ගලික වාහන භාවිතයත් අඩුවෙන්න පුළුවන්.
නගර තුල ධාවනය කල හැකි බස් රථ |
වාහන තදබදයට තව හේතුවක් තමයි 1970-80 ගණන් වලින් පසුව බස් මාර්ග ප්‍රතිනිර්මාණයක් කර නොතිබීම. උදාහරණයකට බත්තරමුල්ල- ජයවර්ධනපුර අවට ජනගහණය විශාල ලෙස වැඩි වී තිබුණත් අදටත් ක්‍රියාත්මක වෙන්නේ ඒ කාලේ කඩුවෙල ආදී ස්ථාන කිහිපයකින් ආරම්භ වල බස් මාර්ග පමණයි. ඔබ අන්තර්ජාලයේ ජයවර්ධනපුර සිතියමක් බැළුවොත් පෙනෙයි නාවින්න දුම්රිය ස්ථානයේ සිට ජයවර්ධනපුරට ඇත්තේ කිමි 4 ක පමණ සුළු දුරක් බව. එමෙන්ම එම සිතියමෙන් නාවින්න සහ ජයවර්ධනපුර අතර දුම්රිය පාරක් සෑදීමට ගොඩනැඟිලි අඩු තීරුවක් තිබෙන බව. එලෙස කිමි 4 ක දුම්රිය මාර්ගයක් සාදා නාවින්න සහ කොළඹ අතර තිබෙන කැලණි වැලි මාර්ගයට තව ට්‍රැක් එකක් එකතු කිරීමෙන් කොළඹ සිට ජයවර්ධනපුර දක්වා ගමන් ගන්නා මඟීන් 50% පමණ ප්‍රමාණයක් බස් සහ අනිකුත් වාහන පාවිච්චියට ගැනීම අඩුකර ගත හැකියි. ආනන්ද විද්‍යාලය සහ විසාකා විද්‍යාලය වගේ විශාල පාසැල් දෙක තුනකවත් ඒකාබද්ධව 1-10 ශ්‍රේණි සඳහා පන්ති පැවැත්වෙන විශාල පාසැල් සංකීර්ණයක් බත්තරමුල්ල, වත්තල, රත්මලාන ප්‍රදේශවල පිහිටුවීමත් ආශ්‍රිත නගර සහ කොළඹ අතර ඇති වාහන තදබදයට දීර්ඝ කාලීන විසඳුමක කොටසක්.
බස් මිලදී ගැණීම, අමතර කොටස් මිලදී ගැණීම වැනි ටෙන්ඩරයෙන් ටෙන්ඩරයට පමණක් සිතන ඇමති වරුන් ඉන්නා තාක් කල් මේවා සිදුවීම නම් සැක සහිතයි. කෙසේ වෙතත් ප්‍රවාහණ ක්ශේත්‍රය දියුණු කිරීම බලපවත්වන්නේ එයට වැඩිපුර මුදල් යෙදවීමම නොව එම ක්ශේත්‍රය සහ එහි භාවිතය ගැන කරන බහු-ක්ශෙත්‍ර සිතා බැලීමකිනුයි කියන එකයි මගේ අදහස.
මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.
machan ube articles godak hodai. wadak tiyanwa ubata set karanna "sri wiki" facebook page ekata msg ekak danna. thanks.
ReplyDeleteThank you Aravinda
Deleteදිනක් තුළදී රටේ ජනතා පාරෙමයි වැඩි වෙලාවක්
ReplyDeleteවැඩක් කෙරුමට බස්වලින්මයි වෙන්නෙ හැමවිට පමාවක්
හෙටක් වෙනුවෙන් දුම් රියේ ගුණ ඉහළ දැම්මොත් වතාවක්
රටක් ලෙස දියුණුවක් ඇතිවී මූනෙ ඇතිවෙයි හිනාවක්....
ජයවේවා!!!
කවියට බොහොම ස්තූතියි දුමී
Deleteඔය මහජනයාට සේවා සපයන ආයතන පැය 24 ම ඇරල තිබ්බනං නරකද? එහෙනං මිනිස්සු දවල්ට තමුන්ගෙ රැකියාව කරගෙන රෑට ඒ ආයතනවලින් සේවය ලබාගනියිනෙ. රෑට නගරවල වාහන තදබදයත් අඩුයි. අනෙක ලොකු වියදමක් දරන්නෙ නැතුව එකවරම පටංගන්න පුළුවන් වැඩක්.
ReplyDeleteඔව් සුරංග. සුමානයට දවස් දෙකක් වත් රාත්‍රී 11 වෙනකම් වත් තියෙනවනම් හොඳයි. බොහොම ස්තූතියි.
Delete+++++++++
ReplyDeleteThank you Dr. Ruwan
Deleteඇත්තටම කල්පනා කරලා බැලුවාම රස්සාවට යන්නයි එන්නයි විතරක් පැය පහක් පාරටයි බස් එකටයි යනවා. එයිනුත් පැය එකහමාරක් ම බස් එකක් එනකම් බලාගෙන ඉන්නවා.
ReplyDeleteඅඩු වියදමකින් කාලය ඉතුරු කර ගන්න පුළුවන් ක්‍රම මෙතරම් තියෙනවා. ඒත් අපි ඉේ කොතැනද කියලා කල්පනා කරද්දි හරිම දුකයි
ඔව් එකඟයි. බොහොම ස්තූතියි යාත්‍රා
Deleteමේ දේවල පංකාවේ කුියාත්මක වෙන්න තවත් බොහෝ කාලයක් යාවි. ඹබේ හරවත් ලිපියට ස්තූතියි.
ReplyDeleteවිචාරක දියණිය
බොහොමත්ම ස්තූතියි විචාරක දියණිය
Deleteවැඩිවන බස් ගාස්තු එක්ක යතුරු පැදියකින් සේවයට යන එක ලාභයි.
ReplyDeleteවැස්ස , අවුව වගේ දේවල් දරාගන්න පුළුවන්නම්. බොහොම ස්තූතියි අසංග
Deleteඔබේ ලිපියත් පැරාගේ ලිපියත් දෙකම කියෙවූවා. ඉතා වැදගත් ලිපියක් ඉයන්! ඔෆිස් එන හැම විටම මට හිතුන දෙයක් තමයි කාර්යාල සහ පාසැල් එකිනෙකට අවම වශයෙන් පැය 3ක වත් පරතරයක් ඇතිව ආරම්භ කරනවානම් දැනට තියෙන මාර්ග තදබදය සෑහෙන්න අඩු වෙයි කියලා.
ReplyDeleteස්තූතියි උදය, කුඩා ළමයි විශේෂයෙන්ම 5-10 දක්වා වයස් සීමාවන්වල අය විශාල දුරක් ගෙවා නගරය තුලට පැමිණීම ඵල රහිත දෙයක්. අනික් පැත්තෙන් අසල ඇති ජනප්‍රිය නොවූ පාසැලට ඔවුන්ව ඇතුලත් කරන්න දෙමව්පියන් දක්වන අකමැත්ත. මේ සම්බන්ධයෙන් දැන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කිසියම් දෙයක් කරනවා. එහෙත් ප්‍රධාන පාසැල් වල ශාඛා නගරයෙන් පිට පිහිටවීම තමයි මේකට හරියන විසඳුම. ඒක දෙමව්පියන්ටත්, දරුවන්ටත්, ගුරුවරුන්ටත් ලේසියි.
Delete+++++++++++++++++
ReplyDeleteThank you PJ
Deleteකාලෝචිත මාතෘකාවක්.
ReplyDeleteලංකාව රටක් හැටියට ඉදිරියට යන්න නම් මේ වගේ සංයුක්ත සංවර්ධන යෝජනා කරම කරලියට පැමිණිය යුතුයි.
මෙවැනි භහු කාර්‍ය දුම් රියපොළ සංකල්පයක් ඩලස් අලහප්පෙරුම ප්‍රවාහන ඇමති කාලයේ ඉදිරිපත් කලා. ඒ සම්බන්ධව බම්බල පිටිය හෝ කොල්ලුපිටිය දුම් රිය ස්ථානය පාදකව සැලසුම් කිරීම් පවා සිදු වුනා ඒත් හේතු රහිතව අමාත්‍යාංශය මාරු වුනා. එතැනින් ඒ සැලසුම නැවතුනු බවකුයි දන්නේ.
කෙසේ හෝ කවුරුන් හෝ මෙවැනි සංකල්ප ඉදිරියට ගෙන යා යුතුයි.
එදා තිබූ බසය එනතුරු මගියා බස් නැවතුමේ සිටින ක්‍රමය අඩු ගනනේ මූලික වැදගත් කමක් ලෙස සලකා ගොඩ නැගිය හැකිනම් අන්න එය විශාල ඉදිරි පිම්මක්.
අද ක්‍රමය වන මගීන් එනතුරු බසය නැවතුමේ නවතා සිටින ක්‍රමය නිසා බසයේ සිටින සියළුම මගීනුත් පාරේ යන අනෙකුත් රථ වාහනත් විශාල ප්‍රමාදයකට ලක් වෙනවා.
ඔබ කියනවා වැනි ප්‍රභල වෙනස් කම් කිරීමකින් මිස මේ පෞද්ගලික බස් මාෆියාවෙන් පොදු ප්‍රවාහනය කියන සේවාව ගලවාගැනීම දුශ්කරයි.
නයනේ - සිතුවිළි
බොහොම ස්තූතියි නයනේ. මහජනතාව වෙනස්කම් ඉල්ලා නොසිටියහොත් දේශපාලනයෙන් වන්නේ අවමය.
Deleteමාර්ගය විශාල කරන්නෙ නැතුව කැලණි වැලි දුම්රිය මාර්ගයට තවත් අතුරැ මාර්ග අමුනලා තේරැමක් නැහැ. කැළණි වැලි දුම්රිය පාර නවීකරණය කරන එක හිතනවාද වඩා සංකීර්ණ ව්‍යාප්රැතියක්. කොළඹට දැනට අවශ්‍ය හොදම දේ තමයි මොනෝ රේල් ක්රමයක්. රිංග් රෝඩ් සිස්ටම් එකක් අනිවාර්යයෙන් කොළඹට එකතු කරන්න ඕනි අංගයක් මීගමු පාර, නුවර පාර, හයිලෙවල්, ලෝලෙවල් සහ ගාලු පාර යා කරලා....
ReplyDelete