දොස්තර රුවන් සන්නස්ගල ගැන පෝස්ට් එකක් දාල. දැන් මටනම් සන්නස්ගල කිවම මතක් වෙන්නේ මුණුපුරාගෙ හෙයා ස්ටයිල් එක කොපි කරගෙන නෙළුම් යායෙදි නිවේදිකාව රාජිත සේනාරත්නට නූතන සේනක බිබිලේ කිව්ව කියලා කෝචොක් දාපු නළුවාව. එයා කොච්චර වීරයෙක්ද කියනවනම් රාජිත උත්සවෙන් පිටවෙලා ගියායින් පස්සේ තමයි එහෙම කිව්වෙ.
මේ වගේ ළදරු විකටයින් ගැන කියන්න නෙමෙයි මේක. නූතන සේනක බිබිලේ කරපු වැඩක් ගැන කියන්න. ඒ ගැන මම ලියපු රාජිතට සන්නස්ගලක් ගහමු පෝස්ට් එකේ මම කිව්වා වගේ තව ලාංකික සමාගම් 23 කට රටට අවශ්‍ය ඖෂධ මේ රටේම නිපදවන්න සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අනුමැතිය දීල. ඒ ගැන පුවතක් මේ සුමානෙ ලංකාදීපෙ පළවුණා.
මීට කලින් අනුමැතිය දුන් කර්මාන්තශාලා දෙක තුනක් නිෂ්පාදනය පටන් ගෙන කියන ආරංචියි. මෙවර අනුමැතිය දුන් සමාගම් කර්මාන්තශාලා හදල නිෂ්පාදනය පටන් ගන්න වසරක් දෙකක් යයි. ලංකාවට අවශ්‍ය ඖෂධ වලින් 80% ක් 2020 වෙනකොට ලංකාවෙම නිපදවන්න තමයි ඔවුන්ගේ ඉලක්කය. මේ නිෂ්පාදන සමාගම් වලට අවුරුදු 15 ක කාලයකට සැපයුම් සඳහා මිල නියම කරනවා. ඒකෙන් රටේ මුදල් විශාල ප්‍රමාණයක් පිටරට යන එක වැලකෙනවා වගේම ඩොලරය ඉහල නැඟීම වගේ හේතු නිසා ඖෂධ මිල ඉහල යාමෙන් වළකිනවා. ඒවගේම වසරක් පාසා ඖෂධ මිලදී ගැනීමේ ටෙන්ඩර් වල වන මඟඩි නවතිනවා.
අවුරුදු කීපෙකින් ඔය වැඩිමිල ඖෂධ ලංකාවට ගේන එක අඩු කරන්න බදු වගේ දේවල් වලින් මොනව හරි වෙයි. ඖෂධ බූවල්ලාගෙන් කොමිස් කන දොස්තරල GMOA එක හරහා ඉක්මනට හිටපු අයව බලය ගේන්න කියල මතක් කරන්න ඕන.
ලංකාදීපෙ පළවුණ ප්‍රවෘත්තිය
ඖෂධ කර්මාන්ත ශාලා 23කට අනුමැතිය
රංජන් කස්තුරි)
ශ්‍රී ලංකාවේ ඖෂධ කර්මාන්ත ශාලා 23ක් අලුතින් ආරම්භ කිරීමට ගිවිසුම් අත්සන් කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
2020 වසර වන විට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධවලින් 80%ක්ම මෙරටදී නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ එම කර්මාන්ත ශාලාවලට අනුමැතිය ලබාදෙන බවද අමාත්‍යංශය පවසයි.
එම කර්මාන්ත ශාලාවල කටයුතු නුදුරේම ආරම්භ වීමට නියමිතය.
මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.
මේ ලිපියේ පිළිවෙලක් නෑ...
ReplyDeleteමට මතක් වුණේ පොඩි කාලෙ හිටපු ටීචර් කෙනෙක්. "මේ ළමයගෙ වැඩ වල කිසි පිළිවෙල නැහැ" කියල තමයි කියන්නෙ. මට ඔය පිළිවෙල කියන්නෙ මොකද්ද කියල අදටත් තේරෙන්නෙ නැහැ.
Delete///////මේ ලිපියේ පිළිවෙලක් නෑ.../////////
Deleteඒකම තමයි මටත් හිතුනේ....
අපි කාටත් පොදු කතාවක් තියෙනවා.ඒ තමයි "Nanaththa kaya nanaththa sagna (different persons have different capabilities)
" sabbe puthujjana unmaththaka (all ordinary people are mentally deranged)".
අපි කාට කාටත් පිස්සු බං.....
මේ කර්මාන්තශාලා වල අයිතිය තියෙන්නේ කාටද කියලා පොඩ්ඩක් හොයලා බලන්නකො ඉයන්තුමෝ. රාජිත ඇමතිතුමා ධීවර ඇමති වෙලා ඉන්න කාලෙත් ඔයවගේ වැඩ කලා. හැබැයි අන්තිමට රාජිත ඇමතිතුමා ගොඩ ගියා මිසක් රටට වෙච්ච සෙතක්නම් නෑ.
ReplyDeleteඅසංග ස්තූතියි. ගිය පාර අනුමැතිය ලැබුණු සමගම් අතර හේමාස් සමාගම, LOLC සමාගම සහ ලාෆ්ස් සමාගම සිටියා. මේ පාර පුවත්පත් හරහා Expression of interest කෝල් කලේ ගිය අවුරුද්දෙ සැප්තැම්බර් වල විතර. මේ පාර අනුමැති ලැබුණු සමාගම් ගැන හොයල බලල කියන්නම්.
Delete++++
ReplyDeleteThank you Mithila
Deleteඕවනෙ වෙන්න ඕනෙ...හැබැයි ඉතින් අර වොක්ස්වැගන් වගේ වෙයිද දන්නෙ නෑ
ReplyDeleteබලාගෙන ඉමු. ස්තූතියි රොමා
Deleteෆර්මසියුටිකල් කොම්පැනි වලට කෙලවුනොත් දොස්ටරමාත්තුරුන්ට බෙහෙත් ගැන උගන්නන්නේ කවුරුද?
ReplyDeleteඒ විතරක් නොවෙයි ඇයි Overseas trips ?
Deleteබොහොම ස්තූතියි ඇණයා සහ දයාවී. මේකෙන් වෙන්නේ රජයේ රෝහල් වල භාවිතය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මිලදී ගන්නා ඖෂධ වර්ග මේ රටේ නිෂ්පාදනය වීම. ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකේදි ඒගොල්ලන්ගෙ බේත් ලියවගන්න ඩ්‍රග් රෙප්ල දොස්තරලට දාන ටියුෂන් පන්ති එහෙමම තියෙයි. සමහර විට දේශීය නිශ්පාදනයෙ වියදම අඩු නිසා එම කම්හල් දේශීය වෙලඳ පොලටත් නිකුත් කරන්න ඉඩ තියෙන නිසා ඒගොල්ලත් රෙප්ල අරගෙන ඔය කියන දේවල් දොස්තරල දෙයි. ඒකෙනුත් රටේ විදේශ විනිමය ඉතිරි වෙන එක නම් ස්ථීරයි.
Deleteකොහොම හරි පටන් ගන්න දේවල් හරියට කරන් ගියොත් ඇති. සමහර දේවල් පටන් ගන්නත් කලින් වැහිල යනවනෙ.
ReplyDeleteහොඳ අතට සිද්ද උනොත් හොඳ වැඩක්.
ReplyDeleteගෙවල් වල හදලා මෙහෙට එවන ඉන්දියානු ජාරා බෙහෙත් වලට වඩා ප්‍රමතියෙන් යුතු බෙහෙත් හැදෙන එක නම් හොදයි හැබැයි මේ කොයි එකටත් ප්‍රමති සහතිකයක් ඖෂධ සංස්ථාවෙන් දෙනවා නම් අපි කාට කාටත් වඩාත් හොදයි.
ReplyDeleteසිරාවට
ReplyDeleteහොඳයි. නමුත් GMP දැනුම අඩු නිසා සාර්ථක වීම සැකයි.
ReplyDelete