(ලංකා ඊ නිව්ස් -2017.සැප්.06, පෙ.ව.10.05) බ්‍රසීලයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජගත් ජයසූරිය නමැති හිටපු හමුදාපතිවරයාට ‘ජාත්‍යන්තරයේ යුද අපරාධ නඩු දැම්මා‘ යයි කීමත් ඊට පසු ඒ හා බැඳුනු ලංකාවේ විවිධ පුද්ගලයන්ගේ ප්‍රතිචාරත් සියල්ල ‘වලිගේ පාගා ගැනීමක්‘ බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
ජගත් ජයසූරිය යුද අපරාධ කළා කියා ඔහුට එරෙහිව බ්‍රසීලයේ නඩු පැවරීමක් සිදුකර නොමැත. අන්තර්ජාතික සත්‍ය හා යුක්ති ව්‍යාපාරය නමැති මානව හිමිකම් සුරැකීමේ සංවිධානයක් විසින් නඩු පවරා ඇත්තේ බ්‍රසීල රජයට විරුද්ධවය. ඒ නම් යුද අපරාධ කළැයි චෝදනා ඇති පුද්ගලයෙකුට එරට තානාපතිවරයෙකු වශයෙන් අක්ත පත්‍ර ලබා දීමට එරෙහිව බ්‍රසීල රජයට එරෙහිව නඩු පවරා තිබේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී බ්‍රසීල නීතිඥයා ලංකා ඊ නිව්ස් වෙත පවසා සිටියේ මුක්තිය ඇති තානාපතිවරයෙකුට එරෙහිව නඩු පැවරීමට තරම් අපි මෝඩයන් නොවන බවයි.
ප්‍රථමයෙන්ම නඩු පැවරුවේ කාට ද? කුමකට ද? යන්න සොයා බැලීමේ වගකීම තිබුනේ එරට තානාපතිවරයා වූ ජගත් ජයසූරියට ය. උපතින්ම මැට්ටෙකු වන ඔහු ඒ සඳහා ක්‍රියාත්මක නොවී ‘මට නඩු දැම්මා, මාව බේරාගනිල්ලා‘ යි කෑ ගසමින් වරද ලංකාවේ ආණ්ඩුව පිට පැවරීමට කටයුතු කෙළේය. පාලකයෝ ද නොසොයා නොබලා ගිරිය පුප්පාගෙන කෑ ගැසුවේය.
කෙසේ වෙතත් මෙම සිද්ධිය මත යුද අපරාධ කළ වුන් ගැන කතිකාවක් සමාජයේ ඇතිවිය. එහිදී රටේ යුක්ති ගරුක පුරවැසියාට වැදගත් වූයේ යුද්දය ජයගත් කීර්තිමත් හමුදාපතිවරයා වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ මතය යි. ඔහු පසුගියදා කිරිබත්ගොඩ පැවැති උත්සවයකදී මෙසේ කීය.
‘නිල ඇඳුමක් ඇඳගත්ත පළියට, රණවිරුවකු යැයි කියාගත්ත පළියට වැරදි කරන අය ආරක්ෂා කිරීම ජනතාවට කරන අසාධාරණයක්. සෑම දේශපාලනඥයකුම, සෑම රාජ්‍ය නායකයකුම එය තේරුම් ගන්න ඕනෑ.
අතීතයේ ස්ත්‍රී දූෂණ, මිනීමරුම් කළ හමුදාවේ අයට දඬුවම් දුන්නා. එල්ලුම් ගස් යැව්වා. එදා හිටපු රාජ්‍ය නායකයන් ජනතාවගේ පැත්තේ ඉඳගෙන වැරදි කරපු අයට දඬුවම් දුන්නා.
ප්‍රේමවතී මනම්පේරි දූෂණය කර ඝාතනය කළ අයත් ඇඹිලිපිටියේ ශිෂ්‍ය ඝාතන සිදු කළ අයත් එල්ලුම් ගස් යැව්වා. දේශපාලකයන්, රාජ්‍ය නායකයන් සැමවිටම ජනතාවගේ පැත්තේ ඉන්න ඕනෑ.
සමහරු මට දේශද්‍රෝහියා යැයි කියනවා. එසේ කියන කිසි කෙනෙක් එදා යුද්ධය කාලයේ අනුරාධපුරයෙන්, පොළොන්නරුවෙන් එහාට යන්න බය වුණා. මේ රටේ මිනිස්සු අදටත් හුස්ම ගන්නේ, නිදහසේ ඉන්නේ අපි යුද්ධය ඉවර කළ නිසයි. ජනමාධ්‍ය අද මේ විදියට නිදහසේ ලියන්නේ ඒ නිසයි. යුද්ධය ඉවර කරපු අපි දේශද්‍රෝහීන් නම් මුළු රටම හොරා කාපු එවුන්, මිනීමරපු, සුදු වෑන් දාලා මිනිස්සු උස්සපු, දූෂණය, වංචා කළ ගෝල බාලයෝ දේශප්‍රේමීන්ද?
මම එදා අණ දුන්නේ ලක්ෂ දෙකක හමුදාවකටයි. ඒ හමුදාවේ හිටපු එක පුද්ගලයෙක් පමණයි ජගත් ජයසූරිය කියන්නේ. ඔහු ප්‍රහාරක මෙහෙයුම්වලට සහභාගී වූ කෙනෙක් නෙමෙයි. මම ලක්ෂ දෙකක හමුදාවකට අණ දෙනකොට ඒකේ ඇතුළේ ජගත් ජයසූරිය වගේ එක්කෙනෙක් ඉඳගෙන මොනවා හරි බියගුලු වැඩ කළා නම් ජනතාව පෙළන වැඩ කළා නම් හමුදාපති ඒකට වගකියන්න ඕනෑ නෑ. හමුදාපති වගකියන්නේ නීත්‍යනුකූලව කරන වැඩවලට පමණයි.
මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

+++++++++++
ReplyDeleteThank you තඩියා
Deleteසරත් ෆොන්සේකා ත් වලිගේ පාගාගෙන නෙවෙයිද? :)))
ReplyDeleteඔව් කමී, ඒකතමයි එයාගෙ පින්තූරෙත් ඒ වෙබ් අඩවියේ දාල තිබුණෙ.
Deleteපිස්සුද එයාගේ වලිගෙ උඩ UNP එකේ අලියා වාඩිවෙලා...
Deleteඒකයි එයා බළලෙක්ගේ වලිගෙ පෑගුනාම ළතෝනි දීල කෑ ගහනවා වගේ මේ දවස් වල හැසිරෙන්නේ... ;)
හොඳ ඒවා මම කලේ. ලසන්ත මරාපු එක මම දන්නේ නෑ
Deleteෆොන්සේකා-ජයසූරිය වලිය රෙජිමේන්තු වලියක් ද, ඉස්කෝල වලියක් ද?
ReplyDeleteThank you Rasika. මට මතක විදිහට ජයසූරියගෙ හැකියාවන් සීමිත නිසා ෆොන්සේකා එයාව කොන් කරල තිබුණ. ඒක නිසා එයා ඊට උඩින් කට්ටිය අල්ලගෙන හිටිය. ෆොන්සේකා අයින්වුණාම අනික් ප්‍රධාන අය 18 දෙනෙක් නොසලකා හැරල ජයසූරිය හමුදාපති කලා. ඒ ප්‍රශ්ණය වෙන්න පුළුවන්.
Deleteහමුදාපතිකම දෙන්නේ පවතින රජයට හිතවත් පුද්ගලයන්ට. එහෙම තියෙද්දි ෆොන්සේකා 18 දෙනෙක් නොසලකා හැරල ජයසූරිය හමුදාපති කලා කියල වල්ගෙ පාගා ගන්නෙ ඇයි? හමුදාපතිකම දෙන්න ඕනි ෆොන්සේකාට ඕනෑ අයටද?
Deleteමෙයලා වලිග පාගෙන පුද්ගලික තරහාමරහවල් එළියට දාන්න ගත්තාම නොදැනිම රාජ්‍ය රහස් යුධ රහස් එළියට එනවා. මේවා අපිට අපේ රටට විනකරන්න බලා ඉන්න උන්ට හොද ආයුධ. මොළයක් ඇති වගකියයුත්තෙක් මේ පිස්සු වැඩ නතර කරන්න ඔනේ.
ReplyDeleteපිස්සු හැදිච්ච උන්ට බලතල දුන්නාම ඔහොම දේවල් තමා සිද්ධ වෙන්නෙ...
Delete“I think the two things most opposed to good counsel are haste and passion; haste usaully goes hand in hand with folly, passion with coarseness and narrowness of mind.”
ReplyDelete― Thucydides
ඔයි ගොඩක් diplomat ලගෙ සුදුසුකම ceremonial punctuality පුහුණුවෙලා තියනෙක විතරයි නේද?
ReplyDeleteමගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6 ක් ගත වූ අතර එය ඉතා භයානක විය, මන්ද මගේ සැමියා මට වංචා කර දික්කසාද වීමට උත්සාහ කළ නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කර ඇති ආකාරය ගැන. සහ ඔවුන්ගේ සබඳතාවලදී මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ ඔහු මගේ නඩුවට මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +13124340555 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් දැනේ. සහ ඔහුගේ ද පරිපූර්ණයි
ReplyDelete1 ආදර අක්ෂර වින්‍යාසය
2 නැවත ජය
3 ගර්භාෂයේ ඵල
4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය