Sunday, October 22, 2017

දරුවන් සමඟ අත්දැකීම් 1

මේ පෝස්ට් එක ලිවීමට හිතුනේ නයනේගේ මේ පෝස්ට් එක  කියවීමෙන්. එහි අදහසෙන් වෙනස් වුණත් මගේ කුඩා කාලයේ අත්දැකීම් සහ මගේ දරුවන් සමඟ අත්දැකීම් කිහිපයක් ඇසුරෙන් සාර්ථක ප්‍රතිඵල ලැබුණ නිසා කුඩා ළමයින් සිටින අයගේ ප්‍රයෝජනයට උපදෙස් ලෙසින් ලියනවා. 

අපේ සමාජයේ විවිධ අංශ වල දැනීම, උපාධි ආදිය ලබා ගැනීමට හැකියාව තිබුණත් ජීවිතය ගෙනයාමට අවශ්‍ය දැනීම ලැබෙන අවස්ථාවල් ගොඩක් අඩුයි. එම නිසා අපි බොහෝ දෙනෙක් ජීවිතය ගෙනයන්නේ අත්හදා බැලීම් කරමිනුයි. එහෙම නැත්නම් තමන්ගේ දෙමව්පියන් කරන දේවල් දැකීමෙන් මේදේ හරි හෝ වැරදි යැයි ලැබුණු 'පුහුණුවෙන්'. මේ ක්‍රමයෙන් දිවි ගෙවීමෙන් එයින් වන වාසි සහ අවාසි වන්නේ අපටම නිසා ඒකෙන් කාටවත් ගැටළුවක් නැති යැයි ඔබට හිතෙන්න පුළුවන්. ඔබ ජීවිතය ගෙවන්නේ තනියම නම් එය බැලූ බැල්මට වරදක් නැහැ. ඔබ විවාහක කෙනෙක් නම් ඔබ ඔබ හරි යැයි හිතන ආකාරයට ජීවත් වීමෙන් ඔබගේ සහකරුට හෝ සහකාරියට කරදරයක් වෙනවානම් එයට ඔවුන් අකමැතිනම් ඔබව අත්හැරයාමට ඔවුන්ට හැකියාවක් තිබෙනවා.

ඔවුන්ගේ කැමැත්තෙන් ඔබව හැරයාමට හැකියාවක් නැති පිරිසක් ඔබගේ පවුලේ ඉන්න පුළුවන්. ඒ ඔබේ කුඩා දරුවන්. දරුවන් සම්බන්ධ කටයුතුවලදී ඔබ හරි යැයි හිතන දේට එහා ගිහින් වඩා සුදුසු දේ කිරීම වඩා හොඳ බව ඔබට වැටහෙන්න පුළුවන්.

මෙතනින් එහාට තිබෙන කාරණා ගැන හිතා බලා ඔබගේ දරුවන්ට එයින් යහපතක් වෙයි කියා සිතනවානම් ඒ දේවල් අත්හදා බලන්න. 

දරුවෙකු අවුරුදු 12 ක් පමණ වන විට යමක් සිතා බලා අදහසක් ප්‍රකාශ කිරීමේ හැකියාව ලැබෙනවා. මේ කාලයේ ඔවුන් සියළු දේ ගැනම අපෙන් යැපෙන අය කියා නොහිතා ගෙදරදොර කටයුතු සහ තීරණ සඳහා ඔවුන් සහභාගී කරගන්න.  පවුලේ ආදායම ඔවුන්ට නොසඟවා එම අදායමෙන් මාසය තුල අදාල වියදම් කිරීම් සැලසුම් කිරීමට ඔවුන්ව සහභාගී කරවා ගන්න. ආදායම වියදමට වඩා අඩුනම් එයට මුහුණ දීමට කලයුතු දේවල් ඔවුන් සමඟ සාකච්චා කරන්න. ඔවුන්ගේ අදහස් මෝඩ අදහස් කියා ඉවත නොදමා එම අදහස් ක්‍රියාත්මක කරන්න. එවිට එම අදහසෙන් බලාපොරොත්තු වුන ප්‍රයෝජනය නොලැබුණත් එය අසාර්ථක වීම ඔවුන්ට අත්දැකීමක් වෙනවා. එයිනුත් ඔවුන් ඉගෙන ගන්නවා. ගෙදර ආදායම සහ වියදම සැලසුම් කිරීම වැනි දේවලට ඔවුන් සම්බන්ධ කරගැනීමෙන් විශාල වාසි අත්වෙනවා. එයින් ප්‍රධානම දේ තමයි ආදායම යනු දෙමව්පියන්ට සීමාවකින් තොරව ලැබෙන දෙයක් නොවන බව ඔවුන්ට හැඟීයාම. එමෙන්ම සෑම වියදමක් ගැනම ඔවුන්ටත් වගකීමක් සහ 'say' එකක් තිබෙන බව දැනීමෙන් තමන්ගේ අනවශ්‍ය වියදම් පාලනයට පුරුදුවීම පමණක් නොව ඔවුන් තනියම ජීවිතයක් ගෙවන දවසක එම පුහුණුව සහ විනය ප්‍රයෝජනවත් වීම විශාලතම වාසියක්.



දෙවන කරුණ තමයි ගෙදර අළුත්වැඩියා කිරීම වලදී උදාහරණයට පින්තාරු කිරීම වලදී අඩුම වශයෙන් අමුත්තන්ට නොපෙනෙන ප්‍රදේශ වල පින්තාරු කිරීම ඔවුන් හා හවුල් වී ඔබම කරන්න. ඔහුගේ කාමරයේ පහල ප්‍රදේශවල පින්තාරු කිරීම ඔබගේ අධීක්ෂණය යටතේ ඔහුට හෝ ඇයටම කරගන්න උනන්දු කරවන්න. මෙයින් වෙන ප්‍රයෝජන කිහිපයක්ම තිබෙනවා. එකක් ඔවුන් පොත් පත් වලින් පිටත කාර්‍යයක් කිරීමට දැනුමක් ලබා ගන්නවා. අනික එය ඔවුන්ට ඔබ සමඟ හොඳ තත්ත්වයේ කාලයක් (quality time) ගෙවා දැමීමක් වෙනවා. තමන්ම යමක් කරගත්තා යන හැඟීම සහ තමන් ගැන ආත්ම විශ්වාසය ඔවුන්ට ඇතිවෙනවා. ඒ වගේම ඔවුන් පින්තාරු කලබිත්තිය කිළුටු නොවී රැක ගැනීමට ඔවුන් පෙලඹෙනවා. එයින් පින්තාරු කරුවෙකුට ගෙවන මුදලක් ඉතිරිවීමටත් ඉඩ තියෙනවා. වත්ත පිරිසිඳුව තබා ගැනීම, මල් වැවීම, පළතුරු වැවීම, ආදී වැඩවලින් ඔවුන්ට විශාල තෘප්තියක් මෙන්ම අනාගතයේ දෙමව්පිය රැකවරණයෙන්  එහා ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය ආත්ම විස්වාශය, පුහුණුව ආදිය ඔවුන්ට ලැබෙනවා. 




ඉහත කරුණටම සම්බන්ධ එහෙත් වෙනම කිවයුතුම දෙයක් තමයි ඉවුම්පිහුම් කටයුතු. ඉවුම්පිහුම් සහ ගෙදර පිරිසිඳු කිරීම ගෙදරක මව විසින් කල යුතු දේ යැයි බොහෝ රටවල අද පිළිගන්නේ නැහැ. එය පවුලේ සියළු දෙනාගේම වගකීමක්. ඒවගේම තමන්ගේ ආහාර සකසා ගැනීමේ හැකියාව දරුවන්ගේ අනාගතයට අවශ්‍යම කරන හැකියාවක්. කුඩා කල සිටම ඔවුන  ආහාර පිසින අන්දම උගන්වා අවුරුදු 14-16 කාලය වන විට තනියම කෑම වේලක් පිළියෙල කරගැනීමේ හැකියාව ඔවුන්ට කෙසේ හෝ ලබා දෙන්න. මුල් කාලයේදී එතරම් රසක් නැති කෑමක් වුවත් ඔවුන් විසින් පිළියෙල කරන ලද්දක් නම් සියළු දෙනාම එය ආහාරයට ගන්න. අඩුපාඩු කියා දීම වරදක් නොවේ. අවන්හලකට ගොස් ආහාර ගැනීමකට වඩා තෘප්තියක් ඔවුන්ටත් ඔබටත් මෙයින් ලැබෙයි. එමෙන්ම ලෝකයේ ඕනෑම තැනකදී ඕනෑම අවස්ථාවකදී යොදාගත හැකි හැකියාවක් ඔවුන් ලබා ගනීවි.

මේ දේවලින් දරුවන් ලබා ගන්නා අත්දැකීම්, හැකියාවන්, පරිණත බව සහ ආත්ම විස්වාසය ඔවුන්ගේ පරම්පරාවෙන් නොනැවතී ඔවුන්ට දරුවන් සිටින විටදීත් ඔවුන් ප්‍රයෝජනයට ගනීවි. ඒ ක්‍රියාවලියේ  ඇරඹුම දීම ඔබගේ තීරණයක්


දරුවන් සමඟ අත්දැකීම් 2



මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

43 comments:

  1. හම්මේ .... හක්ක පයින වැඩක්

    ReplyDelete
  2. අමාරුවෙන් හරි කරන්න පුලුවන්නං හොඳ වැඩක්.

    ReplyDelete
    Replies
    1. ඒකෙන් වෙන ප්‍රයෝජනය ගැන හිතුවොත් කරන්න අමාරු නැහැ. අනික ඒක දෙමව්පියන්ටත් මිහිරි අත්දැකීමක්.

      Delete
  3. පොඩි කාලෙ මගෙයි මල්ලිගෙයි කාමර පේන්ට් කරන්ඩ කැමති පාට අරන් දීල අනිත් බඩුත් අරන්දීල අපේ තාත්තත් උදව් කරගෙන පාට කරා මට මතකයි. ඒ වගේම අපිට කැමති පාට ගන්ඩ කියුව මම ඉතින් තද නිල් පාටක් ගත්තා ඒ වෙලාවෙ තාත්තා කියුව ඕක තද වැඩියි කියල ඒත් ඒ පාටම මම ගත්තා පාට ගාල ටික කාලෙකින් මට තේරුනා කරපු ගොන් කම.... ඒ වගේම පාට ගාන කොටත් හොඳ අත්දැකීම් ගොඩක් ලැබුවා

    ReplyDelete
    Replies
    1. උඹේ ළමා කාලයත් මගේ වගේ වෙන්න ඇති. මුල් පේන්ට් එකෙන් පසු මම පාට කීපයක් කලවම් කරල එක්ස්පෙරිමන්ට් කරනවා. නිවාඩු කාල වලදි කරනම වැඩක්.

      Delete
  4. පෙමා වඩන පවුලක සෙනෙහස රැදෙනා
    ළමා හැමට දෙන උපදෙස් හරි වටිනා
    නිමා නොවන අත්දැකුමන් ගොඩ ගැසෙනා
    දමා නොයා ජීවිතයම ජය ලබනා....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුමී. Welcome back

      Delete
  5. Good one Ian....but too late for me...:)

    ReplyDelete
    Replies
    1. Ty Chefa. Could try with the grandchildren, in the future.

      Delete
  6. වය්පරෙත් එක්ක බෑනේ අප්පා, කොල්ල අත්වැරැද්දක් කලොත් සද්දෙට කෑගහනවා ඉතින් අයේ කොල්ල ඒ වැඩේටවත්වත් තියන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකනම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඇණයා. පොඩි සාම සාකච්චාවක් දාල බලපන්

      Delete
    2. @ඇණයා

      ///වය්පරෙත් එක්ක බෑනේ අප්පා,කොල්ල අත්වැරැද්දක් කලොත් සද්දෙට කෑගහනවා///

      ඇය දරුවට ආදරය නැතුව නෙමේ නේ.. ඇයට (ඇයගේ මනසට ) ඕන දරුවා තමන්ගේ "වහලෙක්" වෙනවා දකින්න.. ඇය දැකලා තියෙන්නෙත් ඒ විදිහ අවට සමාජයෙන් ඇය වැඩිහිටියෙක් වෙන තුරු..එහෙම උනොත්/කලොත් තමයි හොඳ දරුවෙක් , දරුවන්ට ආරක්ෂාව ලැබෙනවා, දරුවෝ ඉගෙන ගන්නවා... කියන්නේ.. මේ තමයි ලංකාවේ අම්මලාගෙන් 99.99% විදිහ...

      Delete
  7. බොහොම වටිනා කියන පෝස්ට් එකක් ඉයන් තුමෝ..අපේ ගෙදර බිත්ති කොහොමත් දැන් කලාගාරයක් වගේ තමා තාම අවුරුදු හතරයිනේ මම කල්පනා කලේ තව හතරක් විතර ඔහොමම තියලා එයා එක්කම පේන්ට් කරන්න බිත්ති.

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳ අදහසක් ශෂී. බොහොම ස්තූතියි.

      Delete
  8. සමහර වියදං බිරිඳටවත් නොකියන කාලේ පොඩ්ඩන්ට කියන්න ඇහැකිද?

    දැං කාලෙ පොඩි එවුන්ට තියෙන්නෙ වැඩ දෙකයි.
    "ක්ලාස් යන්න"
    "පාඩං කරන්න"

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුරංග. උඹට ළමයින් ඉන්නකොට නම් එහෙම වෙන එකක් නැහැ කියල විස්වාසයි.

      Delete
  9. ඉයන් මහතාණෙනි මේ ලිපිය ඉතා වැදගත් ඔය ටික දෙමවුපියන් තේරුම් නොගැනීම තමයි අද වෙලා තියෙන්නේ. ඔබේ ලිපිය කියෙවුවාමමට මගේ පියා මතක් උණා. එයා එක්ක ගමනක් ගියත් අද්යාපන චාරිකාවක් ගිය වගේ තමා. ඒ වගේම ඇත්ත ඇති සැටියෙන් කියනවා. එයා අතේ සල්ලි නැත්නම් කියනවා අද ඔයාලට මම ගෙනාවේ මෙච්චරයි මට දැන් සල්ලි නෑ. නමුත් අද දෙමවුපියෝ ඇත්ත හංගලා රටට ණය වෙලා කෙරුවත් ළමයින්ට අගයක් නැතිවෙලා තියනවා. උපදෙස් දෙන්ඩ බෑ. හොඳ නරක කියන්න බෑ . එහෙම තත්වයක් තමයි අද ඇතිවෙලා තියෙන්නේ ඒ වගේම ළමයින්ට කුඩා කාලයේම ගෙදර වැඩ පුරුදු කරන්ඩ ඕනෑ. සමාජ දැනුම දෙන්න ඕනෑ.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විචාරක දියණීය , අපේ විචාරක තුමාත් එක්ක අත්දැකීමක් බෙදාගෙනම අගය කලාට.

      Delete
  10. වටිනා ලිපියක් ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලලිත්

      Delete
  11. අලුත් අදහස් සමඟ ලැබෙන නිදහසත් එක්ක දෙමාපිය වැඩිහිටියන්ගේ කනෙනුත් රිංගිය හැකි නිර්මාණශීලි දරුවන් සිටිය හැකි නිසා දරුවාගේ ඊලඟ පියවර ගැන කල්පනාකාරී විය යුතුයි මෙවැනි දේ කරද්දි.. :) :)

    ඒ වගේම ලංකාවට යැපුම්/වහල් මානසිකත්වයෙන් මිදීමට තව බොහෝ සියවස් ගනණාවක් ඇති අතර බහුතර දෙමාපිය/වැඩිහිටියන් කැමති නැ (යටි හිත් වලින්) බාල පරම්පරාව නිදහස් නිවහල් සිතුවිලි දරන තමන්ගේ ජීවිතය තමන් විසින් සොයා යන ස්වාධීන මිනිසුන් වෙනවාට සංස්කෘතියේ ඇති යැපුම් ස්වාභාවයට එයින් බලවත් පහරක් වදින නිසා.. (සහ තමන්ට නොලැබුනු වින්දනීය ජීවිතයක් අනිත් අයට ගත කරන්න ඉඩක් දීමට මනස ඉඩ නොදෙන නිසා , උසස් ආකල්ප දැරීමට ඇති නොහැකියාව )

    "අපි උඹලව දහදුක් විඳලා හැදුවෙ, දැන් උඹලා අපි කියන විදිහට ඉන්න ඕන " කියමින් බාල පරම්පාරව තමන්ගේ කොටුව තුල සිර කිරීමයි දැනට බොහෝ තැන් වල වෙන්නේ..තව බොහෝ කල් වෙන්නෙත් එයයි එවැනි දෙමාපියන්/වැඩිහිටියන් සිටින තුරු.. ආකල්ප වෙනස් වන තුරු යැපුම් මනසකින් ස්වාධීන මනසකට.. එය ඉතා ඈතයි තවම ලංකාවට.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දේ 100% ඇත්ත. ඒ වුණාට 5% වත් එහෙම නොහිතන අය ඉන්න පුළුවන්. බොහොම ස්තූතියි අ.ආ

      Delete
    2. ///"අපි උඹලව දහදුක් විඳලා හැදුවෙ, දැන් උඹලා අපි කියන විදිහට ඉන්න ඕන " කියමින් බාල පරම්පාරව තමන්ගේ කොටුව තුල සිර කිරීමයි දැනට බොහෝ තැන් වල වෙන්නේ//
      ඒ ඉස්සර වෙච්ච විදිය උනාට මමනං හිතන්නේ සහ දැකලා තියෙන්නේ ඒ ආකල්පෙන් එතෙර වෙලා අපේ සමාජේ දැන් වෙනකොට...!
      තරුණවියට එළෙබෙච්ච දරුවන් ඉන්න දෙමව්පියන්ට ඉබේම සිද්ධ වෙලා තියෙනවා ඔය ඉයන් කියනාකාරයේ අත්දැකීම් සහ ජීවිත රටාව දරුවන් සමග බෙදාගන්න මොකද දැන් දරුවන් විශේෂයෙන්ම ටීනේජර්ස්ලා ඉස්සරට වඩා ෆොර්වර්ඩ් නිසා...මට පුදුමයි ඔබගේ මේ ආකල්පයට..මොකද ඔබ දරුවන් ගැන නිතර ලියන නිසා..ඒත් ඔබට ගැටවර වියේ..ඒ කිව්වේ ටිනෙජර්ස්ලා ගැන ජීවිත අත්දැකීම අඩු ඇති කියා උපකලපනය කරමි...!

      Delete
    3. @ඉයන්... ඒ 5% ලංකාවේ රැඳේවිද

      @ චෙෆාකි ... අපි ටිකක් ඉවසලා බලමු නේද ඔබ කියන මේ ටීනේජස්ලා යන පාර..


      මෙන්න මේ විසිරිගේ ලිපියත් අවසානය දක්වා කියවලා බලන්න..

      Delete
  12. මමනම් මගේ දරුවන් සමඟ ඔය තුනම කරන්න පටන් ගත්තේ ඔවුන්ගේ වයස 7-8 පමණ කාලෙදීමයි.

    ReplyDelete
    Replies
    1. කියන්න බලන්න ඔබේ දරුවගේ ආසම පාට, ඔබේ දරුවා තීන්ත ගැවේ තිරස් අතට ද සිරස් අතට ද..නැත්නම් ඕනම අතකට ද.. ඔහු හෝ ඇයගේ උසට වඩා උස අඩු හෝ වැඩි තැනකදි නමන්නේ හෝ ඉස්සෙන්නේ පලමුවෙන් කුමන කකුල ද... ඔබේ දරුවාගේ සිරුර පිහිටින දිශානතිය කුමක්ද වැඩක් කරන කොට..

      ඔබේ දරුවා කලබල වූ විට පලමුවෙන් කරන්නේ කුමක් ද.. ඔබේ දරුවා ප්‍රශ්නයක/සතුටින් සිටින විට එය හඳුනාගත හැකි පලමු ලකුණ කුමක්ද ඔහු හෝ ඇය පවසන්න කලින්.. ..

      ඔබේ දරුවා අකමැතිම දේ/දේවල් මොනවාද.. කැමතිම දේ/දේවල් මොනවාද..ඔබ සහ ඔබේ දරුවාට/දරුවන්ට එකිනෙකාගේ ඇස් දිහා බලාගෙන කතා කල හැකි උපරිම වෙලාව කීයද..

      ඔබේ දරුවාට මහන්සි (කායික සහ මානසිකව ) දැනෙන්න කොපමණ වැඩ ප්‍රමාණයක් කල හැකිද..

      ඔබේ දරුවා වෙහෙස නිවා ගන්න කරන්නේ මොනවාද.. හැඟිම් බෙදා ගන්නවා ද ...සඟවනවාද..


      තමන්ගේ/ අනුන්ගේ ගැටලු (ඔබ සමඟ හෝ විස්වාස වැඩිහිටියන් සමඟ ) කතා කරනවාද මඟ හරිනවාද

      කඩේකට ගිය විට පලමුවෙන් යන්නේ කොතනටද.. ඇඳුම් (කෑම වැනි තමන්ගේ අවශ්‍යතා ) තේරීමේදි සැලකිලිමත් වන්නේ පාට ගැන ද භාවිතා කර ඇති රෙදි වර්ගය ගැනද නැත්නම් තම යහලු යෙහෙලියන්ගේ අදහස් ද.. එහෙමත් නැත්නම් කලින් කලට ඇති විලාසිතා ද..

      ඔබේ දරුවාට/දරුවන්ට තරහා ගිය විට පලමුවෙන් කරන්නේ කුමක්ද.. ඔවුන් තරහා නිවා ගන්න භාවිතා කරන උපක්‍රම මොනවාද , කොතරම් කාලයක් තරහ හැඟිම් පවතිනවද..

      ඔබේ දරුවා/දරුවන් වැඩියෙන් ආදරය, අගය කරන්නේ මෙලොව පවතින කුමන දේටද..

      Delete
    2. බොහොම ස්තූතියි ඉකොන්.

      Delete
    3. අඳුරෙන් ආලෝකයට,

      හොඳ ප්‍රශ්න ටිකක්. මේ ප්‍රශ්න බොහොමයකට දරුවන්ගේ පාසැලේ parent teacher conference වලදී පිළිතුරු සපයා ඇති නිසා වැඩි අපහසුවකින් තොරව පිළිතුරු දිය හැකියි. කෙසේ වුවත්, පෞද්ගලික කරුණු නිසාත් කාටවත් ප්‍රයෝජනයක් නැති නිසාත් මෙහි පිළිතුරු සටහන් කරන්නේ නැහැ. ඒ වගේම, එක් එක් දරුවා හා අදාළව පිළිතුරු සැලකිය යුතු තරම් වෙනස්.

      පිළිතුරු දෙන්න අමාරු ප්‍රශ්න කිහිපයකුත් තියෙනවා.

      //ඔහු හෝ ඇයගේ උසට වඩා උස අඩු හෝ වැඩි තැනකදි නමන්නේ හෝ ඉස්සෙන්නේ පලමුවෙන් කුමන කකුල ද... ඔබේ දරුවාගේ සිරුර පිහිටින දිශානතිය කුමක්ද වැඩක් කරන කොට..//
      මෙය සැලකිල්ලෙන් නිරීක්ෂණය කර නැහැ.

      //ඔබ සහ ඔබේ දරුවාට/දරුවන්ට එකිනෙකාගේ ඇස් දිහා බලාගෙන කතා කල හැකි උපරිම වෙලාව කීයද..// මෙයත් පරීක්ෂා කර බැලිය යුතු දෙයක්. කවදාවත් මෙය වෙහෙසකර වන තරමට ගිහින් නැහැ.

      අනිත් ඒවානම් සාමාන්‍ය කරුණු.

      Delete
    4. ඉකෝ මා ඔබට විහිලුවක් කලේ.. උත්තර අවශ්‍ය නැහැ..:) :)

      Delete
  13. හොඳ ලිපියක් ඉයන්. පොඩි උන් එක්ක තීන්ත ගාන එකනම් පණ යන කෙළියක් තමා :)

    ReplyDelete
    Replies
    1. ඔව් උදය. ඒ වුණාට ඒක ඔවුන්ට ඉතාමත් සන්තෝසජනක ඒ වගේම අධ්‍යාපනික දෙයක්. බොහොම ස්තූතියි.

      Delete
  14. මගෙ පුතා දැන් ඔය කියන වයසෙ නිසා , එයාගෙ අවශ්‍ය තාවයකදි ගෙදර ආර්ථික තත්වය ගැන සැලකිලිමත් වෙනව වගේම නංගිවත් දැනුවත් කරනව. කෑම හදන එකනම් එයා කවද හරි රස්සාව විදිහට තෝර ගනියි කියල තමයි හිතෙන්නෙ.
    පේන්ට් කරන වැඩේ නංගි සින්නක්කරේටම පවරගෙන ඉන්නෙ හැබැයි පාට කරන්නෙ පැස්ටල් වලින්. හැබැයි එයත් අපේ ගෙදර බජට් එජ ගැන හිතන්න දැන්ම පටන් අරන්. ඉයන්ගෙ මේ පෝස්ට් එක දැක්කම ගෙදර උන්දැගෙ තීරණ ගැන ආඩම්බරයක් හිතුන.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නැහැ. හරිම පරිණත කෙනෙක් වගේ. උඹේ දරුවාගේ අනාගතයට සුභ පැතුම්

      Delete
  15. පඩිය ගණං හදන එක ඇරෙන්න අනිත්වා නං ඔක්කොම කරනව.. අපේ ලොකු ඩබලටම 'සල්ලි වියදම් වෙනවා' කියන එක ගැන හැඟීමක් වත් නෑ කියල අපි ජෝඩුව නිතර කතා උනත් ඒකට පිළියමක් හිතා ගන්න බැරුව උන්නේ.. මේ සති අන්තෙම පටං ගන්න ඕනේ ආදායම් වියදම් ලියන්න දෙන වැඩේ.. බොහොම ස්තූතියි ඉයන්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කමී. වියදම අඩු කරන අදහස් ඒ ගොල්ලන්ගෙන් ගන්න ගමන් ලයිට් බිල ටිකකින් හරි අඩු කරගන්න විදි වගේ අදහසුත් ගේන්න. එතකොට ඕන නැති ලයිට් නොවා දමන, කාමරෙන් එලියට යනකොට ලයිට් නිමන, එක වෙලාවකට ඇඳුම් මඳින වගේ අදහස් එගොල්ලන්ගෙන් එන්න පුළුවන්. එහෙම වුණොත් ලයිට් නිමන්න ඒ ගොල්ලන්ටම මතක් වෙයි. උත්සාහය සර්‍රථක වෙන්න සුභ පැතුම්.

      Delete
  16. හොඳ ලිපියක් ඉයන්. මම කොහොමත් කෙල්ලෝ දෙන්නටම ආවුරුදු 14 වගේ ඉඳන් වැඩිහිටි විධිහට සලකල කතා කරන්නේ. උන් කොහොමත් අපි ඒ වයසේ හිටියට වඩා දැනුම් තේරුම් ඇතුවයි ඉන්නේ.

    ReplyDelete
  17. වැදගත් ලිපියක් ඉයන්...
    අපේ පොඩි එකාට කියල තාම වැඩක් පලක් කරවගන්න ටිකක් අමාරුයි, ඌ කර අරින්න බලනවා...
    මොනවහරි ගේන්න කියල පිටත් කලාම එක්කෝ ඒක අමතක කරලා දාල ආයේ හිස් අතින් එනවා...
    මැන්ටල් කෝච්චියක්...
    හැබැයි කුතුහලේ කියන එක උපරිමයි...

    මට මේක කියෙව්වම මතක් උනේ අපේ පුංචි කාලේ...
    මහ පතරංග කමෙන්ට් එකක් ටයිප් කරලා ආපහු මකල දැම්මා...

    ReplyDelete
  18. An excellent post about the ideal situation. Unfortunately, most of us fall far short of the ideal.
    You should take up counselling !

    ReplyDelete
  19. අපේ සඳු ට ඔය ටික කියලා දෙන්න ඕනේ....වැඩක් නැහැ ඊට වඩා හොදයි අල්ලපු ගෙදර බල්ලට සිංහල කියලා දෙනවා

    ReplyDelete
  20. බොහොම ස්තුතී අයියේ, මට වගේම මේ ලිපිය තව බොහොමයක් දෙනෙක්ට වැදගත් වෙවී ඒ නිසා මගේ පොස්ට් එකකට මේ ලිපි දෙකේම ලින්ක් ගන්න අවසරයි අයියේ.

    ReplyDelete
    Replies
    1. Didint yu see this at the bottom of the post ? lol
      //මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. //

      Please link. no worries

      Delete