Wednesday, January 3, 2018

දරුවන් සමඟ අත්දැකීම් 2

දරුවෙකු සමඟ සිටින දෙමව්පිය යුවලක්
දරුවන් සමඟ අත්දැකීම් 1

2018 අවුරුද්ද සියළු දෙනාටම සර්වාකාරයෙන්ම සාර්ථක සහ සතුට ගෙනදෙන වසරක් වේවා කියලා තමයි මගේ ප්‍රාර්ථනය. අවුරුද්දේ පළමුවෙනි පෝස්ට් එක ලෙස කාට හරි ප්‍රයෝජනයක් වෙන දෙයක් ලියන්න හිතුනම මතක් වුනේ ඔක්තෝබර් මාසෙ ලියපු දරුවන් සමඟ අත්දැකීම් වල පලමුවෙනි කොටස. ඒ නිසා ඒකේ දෙවෙනි කොටස තමයි 2018 පළමුවෙනි පොස්ට් එක වෙන්නේ. 

සාමාන්‍යයෙන් ලංකාවේ සිදුවෙන විදිහට අවුරුදු 5 පොඩි එකාගේ සිටම උසස් පෙල සහ විශ්ව විද්‍යාල ප්‍රවේශය අරමුණු කරගෙන පාඩම් කිරීම් සහ ටියුෂන් පන්ති වලට යොමු කිරීමේ ප්‍රයෝජනයක් තිබෙනවාදැයි සිතා බලන්න. එයින් සිදුවන්නේ කුඩා කාලයේ ඉගෙන ගත හැකි මුළු ජීවිත කාලයේදීම ප්‍රයෝජනවත් වන බොහෝ දේවල් ඉගෙනීම ඔවුන්ගෙන් මඟ හැරීමයි. සාර්ථක පුද්ගලයෙකු වීමට තවත් බොහෝ හැකියාවන් ඔවුන් ලබා ගත යුතුයි. එමෙන්ම සමබර ජීවිතයක් ගෙනයාමට ඒවා පුහුණු කල හැකිකාලය නම් අවුරුදු 3 සිට 14 දක්වා කාලයයි. එසේ ලබා ගත යුතු ජීවිතයේ ඉතාමත් ප්‍රයෝජන වන හැකියාවන් සමහරක් මේවායි.

සිංහල හැරුණු විට වෙනත් භාෂාවක් කථා කිරීමට සහ ලිවීමට පුරුදු වීම. වැඩිහිටියෙකුට වඩා, කුඩා දරුවන්ට නව භාෂා ඉගෙන ගැනීම හරිම පහසුයි. විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව සහ දමිල භාෂාවන් භාවිතය පුහුණුවීම අත්‍යවශ්‍ය දෙයක්. භාෂාව භාවිත නොකරන ඉංග්‍රීසි පුහුණු ගුරුවරුන්  විසින් සිලබස් එක කවර් කිරීමට, ගණන් උගන්නනවා වගේ  පාසැලේදී උගන්නන ඉංග්‍රීසියෙන් කවදාවත් භාෂාව භාවිතා කිරීමේ හොඳ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉංග්‍රීසියෙන් ඉගෙනගත් කෙනෙක් හෝ භාවිතා කරන කෙනෙක් එහෙමත් නැත්නම් යූ ටියුබ් භාවිතයෙන් ගෙදරදීම හෝ භාෂා හැකියාව කුඩා කාලයේදීම ඇතිකල යුතුයි. ඔවුන් එසේ ඉගෙනගන්නා අන් භාෂාවෙන් ඇති පුවත්පත් කියවීමට, වාර්ථාමය හෝ අනිකුත් චිත්‍රපටි නැරඹීමට හෝ එම භාෂාවෙන් ගුවන් විදුලියට සවන් දීමට යොමු කිරීමෙන් භාවිතාමය හැකියාව වැඩි දියුණු වෙනවා. 



භාෂාව වගේම ජීවිතයේ තවත් ප්‍රයෝජනවත් වෙන හැකියාවන් තමයි දක්ෂ ලෙස පිහිණීමට ඉගෙනීම සහ ආත්මාරක්ෂක සටන් ක්‍රමයක් පුහුණු වීම. හදිසි අනතුරකදී ජීවිතය ගලවාගන්න පිහිණීමේ හැකියාව අත්‍යාවශ්‍යමයි. එය කුඩා කාලයේදී පුහුණුවීම පහසුයි. එම හැකියාව දුවනවාට වඩා ශරීර සුවතාව පවත්වා ගැනීමටත් හොඳයි.  ඒවගේම තමයි කරාටේ වැනි ආත්මාරක්ෂක සටන් ක්‍රමයක් පුහුණු වීම. අද සමාජයේ කුඩා ගැහැණු ළමයෙකුටවත් ආරක්ෂාවක් නැති තත්ත්වයක් තිබෙනවා.  එමනිසා කරාටේ වැනි දක්ෂතා ගැහැණු දරුවන්ටත් ප්‍රයෝජනවත් වෙනවා. මෙවන් සටන් ක්‍රමත් කුඩා කාලයේදී පුහුණුවීම පහසුයි. එවන් දක්ෂතාවයක් පිහිණීම වගේම ජීවිත කාලය පුරාම ඔවුන්ට ප්‍රයෝජනවත් වේවි. මෙහිදී බොක්සිං වැනි අනාගතයේදී ආබාධ ගෙනදිය හැකි සටන් ක්‍රම වලට යොමු නොකිරීමත් වැදගත්.


දරුවෙකුට අවශ්‍ය තව දෙයක් තමයි ක්‍රීඩාව. මෙහිදී ඔහු කැමති ක්‍රීඩා එකක් හෝ දෙකක් තෝරාගෙන ඒ පිළිබඳව ප්‍රවීනයෙකු හරහා පුහුණුව ලබා දීම වැදගත්. උදාහරණයකට ක්‍රිකට් ක්‍රීඩාවේ පිතිකරුවෙකු වීමට බෝලයකට පිත්තකින් ගැසීමට වඩා තාක්ෂණික කරුණු සහ ඉරියව් බොහොමයක් ඉගෙනීමට තිබෙනවා. කුඩා අවදියේ සිට පුහුණුවීම ක්‍රීඩාවට අවශ්‍ය විදිහට ශරීරය වර්ධනය කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ශාරීරික ක්‍රීඩාවකට අමතර මනස දියුණු වීමට චෙස් වැනි ක්‍රීඩාවකට අවශ්‍ය තාක්ෂනික පුහුණුව ලබා දීමත් වැදගත්.



සමබර ජීවිතයකට කලාව අත්‍යවශ්‍යම දෙයක්. එම නිසා ගායනය සහ වාදනය හෝ චිත්‍ර සහ මූර්ති ශිල්පය පුහුණු කිරීමත් කුඩා කාලයේ කිරීම පහසුයි. මෙතෙන්දි හැමෝටම ඒක පුහුණු වෙන්න බැහැ කියන එක මතක තබාගන්න. සමහර අයට tone deaf වැනි තත්ත්ව නිසා සංගීතය හදාරන්න බැහැ.


ඇමෙරිකාව සහ කැනඩාව වැනි දියුණු බටහිර රටවල කුඩා දරුවන් coding පුහුණු වීමට අවුරුදු 3 ක් වැනි කුඩා කල සිටම යොමුකරනවා. අනාගතයේදී කුමන රැකියාවකට යොමුවුණත් මේ පුහුණුව ඔවුන්ට බොහෝ සේ ප්‍රයෝජනවත් දෙයක් වේවි.මෙවන් දේකට යොමුවීම ඔවුන්ගේ මොළය තර්කානුකූලව සිතීමට වයර් වෙනවා. මේ ගැන අන්තර් ජාලයෙන්  කියවා ඒ සඳහා සුදුසු පුද්ගලයෙකු සොයාගෙන එම පුහුණුව ලබා දී එම අංශය ඔවුන් තුල දියුණු කිරීම වැදගත්. 

මෙහිදී තව දෙයක් අවධාරණය කරන්න කැමතියි. ඉංග්‍රීසි භාෂාව, පිහිණීම, ආත්මාරක්ෂක සටන් ක්‍රම පුහුණුව, සංගීතය වගේ දේවල් දරුවන්ට පුහුණු කිරීම ඔවුන්ගේ අනාගත ප්‍රයෝජනය සඳහායි. එය උගන්නන අයට තරු දාගන්න හෝ දෙමව්පියන්ට  නෑදෑයන් හෝ හිතවතුන් සමඟ පම්පෝරි ගහන්න  ළමයින් යොමුකල යුතු දේවල් නෙවෙයි. එම නිසා එම අංශ වලින් ඔවුන් තරඟ වලට හෝ විභාග වලට යොමු කිරීම නම් කරන්න එපා. එසේ කිරීමෙන් වන්නේ ඔවුන්ට පාසැලේ විභාග වලට අමතරව තවත් බරක් පැටවීමයි. ඒවායෙන් තරඟ වලට ඉදිරිපත් කිරීමට වඩා මුල් තැන දිය යුත්තේ ඒ හැකියාවන් අත්පත් කරගෙන ඒවා කුඩා කාලයේ සිටම සමබර එමෙන්ම ආරක්ෂාකාරී ජීවිතයක් ගෙවීමට යොදා ගැනීම පමණමයි.

ඒවගේම මේ සියළු දේ එකවර කිරීමට උත්සාහ නොකර ඒ අංශයක මූලික හැකියා අත් කරගත් පසුව ඒවා වැඩි දුර පුහුණුව නිවසේදීම කරන අතර ඊලඟට අනෙක් අංශයට යොමුකිරීම තමයි ඔවුනට වඩා පහසු වන්නේ.  

මෙවන් දේවලට අනාවරණය වෙන දරුවෙකු අවුරුදු 14 පමණ වනවිට පරිණත භාවයක් සහ ආත්ම විශ්වාසයක් ලබා ගන්නවා. එවිට ඊට වසර දෙකකට පමණ එන අපොස විභාග වලට සැලසුම් සහගතව සූදානම් වීම ඔවුන්ගේම පුරෝගාමීත්වයෙන් ඔවුන්ම කරගන්න තිබෙන ඉඩකඩ බොහෝ වැඩියි. 

දරුවන් සමඟ අත්දැකීම් 3


මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

52 comments:

  1. හොඳ අවවාද ටිකක්... ආස හිතුනා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අරූ. එහෙනම් ඉක්මනට බඳින්න වෙයි. ඒවගේම බ්ලොග් මිතුරන්ටත් ආරාධනා කරන්න. හෙහ් හෙහ්. මදැයි අහගත්ත ටික නේද?

      Delete
    2. අන්න එදාට මම දන්න අක්කා කෙනෙක් ඉන්නවා කකුලුවො රහට උයන එයටත් එන්න කියලා අඩියක් ගහමු

      Delete
    3. හී හී.. ඉයන් මාමා කලින් පෝස්ට් එකේ දුකක්, වදයක් කියලා දැනගෙන ඇයි විහින් අමාරුවෙ වැටෙන්නේ කියලා අහලා, දැන් කියනවා බඳින්නලු ඉක්මනට... අයියෝ ඒකෙත් හැටි..

      Delete
    4. ඒක නම් ඇත්ත අරූ. ප්‍රතිපත්තියක් නැතිකමම තමයි ප්‍රතිපත්තිය. හෙහ් හෙහ්. එහෙම නෙමෙයි අරූ, මම ආදරය, සහ ඒකේ තිබෙන මිහිරියාව වගේ දේවල් අත්දැකපු නැති කෙනෙක් නෙවෙයි. ඒවගේ අපි සංවේදී වෙන දේවල් ගැන වුණත් ඉඳ හිටල සංවේදී නොවී ඔළුවෙන් හිතන්න ඕන. අපේ වයසේ අයට විවාහයේ තිබෙන හොඳ සහ නරක යන දෙකේම අත්දැකීම් තියෙනවා. අපිත් ඔය වයසෙ ඉන්නකොට දැක්කේ ඒකේ එක පැත්තක් විතරයි. ඉතින් ඒකෙ අනික් පැත්ත ගැන තරුණ අයගෙ හිත්වල ඒ පැත්තත් හිතන්න පොඩි ඉඟියක් දීම පමණමයි ඒ පෝස්ට් එකේ අරමුණ.

      Delete
    5. හැමදේම අපි දැනගෙන ගියත්, වැටෙන්න තියනවා නම් වලට වැටෙනවා... ඒ නිසා ඕවා ඔන්න ඔහේ වෙද්දෙන් මාමේ.. මං ඕවා හිතන් නෑ..

      Delete
  2. යංකිසි අනාගතකාලෙක ගස්ලබු පැටව් ආවොත් ලොවෙත් මේ රූටින් එකේ තමා යැවෙන්නෙ.. ඉයන් සීය ලියපුවා තමා කියලා උන්ට මේ කොමෙන්ට් එක පවා පෙන්නනාවා.
    ඉයන්ලගෙ අත්දැකීම් අකුරු වෙන එක නම් සිද්ධවෙන්න ඕනම දෙයක් ඕන්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගස්. ඔබගේ අනාගත දරුවන් සමබර, සාර්ථක ජීවිත ගෙනියන, ආත්ම විශ්වාසයෙන් හෙබි දරුවන් වන බව නොඅනුමානයි.

      Delete
    2. ගස්,,,
      සම්ප්‍රදායික අදය්පන්න කරමෙයන් ලමයව එලියට ගන්න ඉස්සර වෙල්ලම උබට ගෙදර උන්දා එක්ක තුන්වෙනි ලෝක සන්ගරමෙන් බගයක් පෙන්නන්න වෙනවා..

      Delete
    3. ලම්යි බොක්කෙන් කෑමති පොතෙ පතෙ තියන දනුමට එහයින් ගිය දැනුමක් ගන්න..අපි ඌට එකට ඉඩ නොදි උන්ව ලස්සන කාන්නඩියක හිර කරන්නවා..

      Delete
    4. මම හිතන් හිටියේ ගස් ට පැටව් ඉන්නවා කියල

      Delete
    5. ඔව් අජිත් ඒකනම් වෙන්න පුළුවන්. ඔය උප්පැන්න සහතික වල නම දාන්නේ DNA පරීක්ෂණ කරලම නෙමෙයිනෙ. වැඩ කරපු තැන් අවට ගස් පැටවු ඇති.

      Delete
    6. බලමු මෙණ්ඩෝ ගේම ගහන්න නේද?

      තාම නෑ අජිත් අයියෙ. නඩත්තුකරගන්න පුළුවන් කියල පොඩි හරි ශුවර් එකක් ආපු දාට සොකර් ටීම් එක හදනවා

      Delete
    7. ස්ස්ස්ස්ස්ශ්ශ්..... ඉයෑ....ං.... මෙව්වා දැක්කාම පොඩි උන් බයවෙයි

      Delete
    8. ටේබල් ටෙනිස් ටීම් එකක් හදා ගත්ත නම් ඊට කලින් හේ හේ

      Delete
  3. කලින් පෝස්ට් එකේ කියුව විදියට අපේ ලොකු කෙලී තමයි දැන් මාසේ විය හියදම් ලියනෙක කරන්නේ.. ප්‍රතිපලේ සෑහෙන්න හොඳයි.. ඉස්සර සල්ලි වියදම් වෙනවා කියනඑක ගැන කිසි හැඟීමක් තිබ්බේ නැති උන්දා දැන් මොනවා කියුවත් අහන්නේ අප්පච්චි ඒක කියක් වෙනවද කියල.. මේ ලඟදි බිස්කට් පැකට් එකක් කඩලා කන්න කලින් බිස්කට් ගාන ගැනලා 'එක බිස්කට් එකක් මෙච්චර වෙනවා.. අපෝ වැඩියි වැඩියි' කියුව වෙලේනම් මටත් හිනා ගියා..
    සංගීතය/ නැටුම්/ ස්විමිං වලටනම් දැනටමත් පණ ඇරලා තුන් දෙනාම.. ක්‍රීඩා කටයුතු වලට හා ආත්මාරක්ෂක සටන් කලාවකටත් යොමු කරන්න ඕනි.. ස්තුතියි අලුත් අවුරුද්දේ අලුත් උපදෙස් වලට.. 2018 සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කමී. කෙනෙක් හෝ ප්‍රයෝජනයක් ගත්තා කියන එක මට ලොකු හිතට සතුටක්.

      Delete
  4. 10000% එකෙන්ම එකගයි ඉයන්. ඊළඟ පරම්පරාවටවත් මේ තියෙන සිස්ටම් එක කුඩු කරන්න වාසනාව ලැබේවා...
    🙏

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ටිලාන්. ඔබටත් දරුවන් සිටින දවසක මේවා ප්‍රයෝජනයට ගන්න. කුඩා දරුවන් සිටින අයව මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න. අපි අපේ පොඩි කොටස කළොත් කවදාහරි සමාජය ගොඩ එයි.

      Delete
    2. ටික්කො...වර ලන්කවට උබව කසදයක් බන්දලා මිසක් ආය යවන්නෙ නැහ

      Delete
    3. උඹ අමාරුවේ වැටුන කියල මේ ශපාන් එකේ ඉන්න ටික්ක වත් අමාරුවේ දාන්නනෙ උඹ හදන්නේ මෙන්ඩො.

      Delete
    4. ඕකටම තව දෙයක් ඇඩ් කරන්න හිතුන ඉයන්. ළමයි වගේම දෙමව්පියන් එකිනෙකා සමග සමීප සම්බන්දතාවයක් තියාගන්න එක. ළමයින්ට ඕනෑවට වඩා තහංචි දාන එක. ළමයිනුත් තමන් කරන කියන දේවල් හැකිපමණින් දෙමව්පියන්ට කියන එක. දැන් තාක්ෂනය දියුණුයි. දෙමව්පියන්ගෙ කනින් රිංගල දරුණු දේවල් කරන්න එක ක්ලික් එකකින් පුළුවන්. මගේ දෙමව්පියන් එක කාලයක ගොඩක් නීති දමල මාව ආරක්ෂා කළා. වරදට දැඩි දඬුවම් දුන්න. ඒත් කාලයාගේ ඇවෑමෙන් අපි යාළුවන් වගේ උනා. අදටත් එහෙමයි.
      දැන් අවුරුදු බර ගානකට කලින් ක්‍රිස්මස් පාටි එකක සුද්දො සුද්දියො එක්ක බරටම ගත්ත ෆන් එකක ෆොටෝස් මම ෆේස්බුක් එකට දැම්ම. දවස් ටිකකට පස්සෙ මම සහ අපේ ගෙදර අය දන්නා කියන ඒත් මට හොයාගන්න බැරි උන කෙනෙක් ලැප්ටොප් එකක් උස්සගෙන අපේ ගෙදරටම ගිහින් අම්මට ඒ ෆොටෝස් පෙන්නල කියල තියෙනව “මේ බලන්න ඇන්ටි. ටික්ක ලංඩන් වල කෙලින පිස්සු. ඇන්ටිලා පොඩ්ඩක් කියල හදාගන්න කියල. අම්ම ගත් කටටම කියල “ඔව් ඊයෙ අපි දුවලගේ ගෙදර ගිය වෙලේ ඔය ෆොටෝස් ඔක්කොම දැක්ක. ටික්ක මට කතා කරලම කියල තියෙන්නෙ ෆොටෝස් එවනවට වඩා අක්කගේ ගෙදර ගිහිල්ල අක්කගේ ෆේස්බුක් එකෙන් ටික්කගේ ෆොටෝස් බලන්න කියල. අනික පුතේ ටික්ක ඉන්නෙ එංගලන්තයේ නේ. එහේ ඉන්නෙ සුද්දො සුද්දියො තමයි. නැතුව ටික්ක ඉන්නෙ සෞදි අරාබියෙ නෙමෙයිනෙ.” කියල.
      ඉයන් කොහොමද ඒක..?? 😂

      මෙන්ඩෝ..!! දැන් මට ගෙදරින් මගුල් කතා කරන එක මම එක්ක කතා කරන එක, කතා කරල ඇති වෙලාම නිසා ඒ ගැන කතා කරන එක නවත්තල තියෙන්නෙ.😂😂😂😂

      Delete
    5. කවුද ඔය කේලම් කාරයා. ඉරිසියා කාරයෙක් වගේ. අම්මට කියපන් උගෙන් ප්‍රවේසම් වෙන්න කියලා. උඹේ මවගේ approach එක නියමයි. දරුවන් සහ දෙමව්පියන් අතර පරම්පරා වෙනස තියෙනවා. ඒ වෙනස අඩුකරන්න ළමයි කුඩා කාලයේ දෙමව්පියනුත්, ලොකු වූ පසු දරුවනුත් උත්සාහ කරන්න ඕනෙ. මෙතෙන්දි නම් ඒ වෙනස අඩුකරන්න උඹේ අම්මාම උත්සාහ කිරීම එයාගේ පරිණත බව පෙන්නුම් කරන දෙයක්. එවන් මවක් ලැබූ අය වාසනාවන්තයි.

      Delete
  5. උබ ලියපන් මෙ වගෙ ලිපි...එල කියන්නෙ එල ද බ්‍රා ඩබල් පුශ්ප්

    ReplyDelete
  6. සුපිරි උපදෙස් ටිකක්, පොඩ්ඩාගේ කරාටේ පන්තියත් අපි නොදන්නා චෙස් එකත් චකබ්ලාස් තමුන්ගේ කලපරිච්චේදයේ බයිලා කෙලලා හවසට අමතර පන්ති කරන්න යන උනන්දුවෝන්ගේ එරටික් වැඩ හින්දා, ඒවා මග ඇරෙව්වොත් පවත්තනු ලබන දේශනා වලට ගත වෙන කාලය රිකවර් කරන්න තවත් අමතර හවස පන්තිනේ. කොටිගනනක් වැය කරලා ගෝටා හදල දුන්නු ස්විමින් ෆුල් එකත් තරඟ වලට යන පිහිනීමට දක්ෂවුන්ට දුසිමකට විතරක්ම සින්නක්කර ලියදිල, ඉස්කෝලේ උනන්දුවෝ කීපදෙනෙකුට මේ පොස්ට් එක ප්රින්ට්කරලා දෙන්න හිත ඉන්නවා එත් වැඩක් වේද මන්ද, මොකද උන් පිරිණු කලගෙඩිනේ.

    ගෙවල් ළඟ ඉන්නවා ටීචර් කෙනෙකුගේ සුපිරි බ්‍රයිට් පොඩි කෙල්ලෙකුයි කොල්ලෙකුයි, අපේගෙදර හවසට සෙට් වෙන පුංචි හෝම් වර්ක් ගැන්සියේ ගණන්/ අකුරු බැරි අයට කුප්පි දුන්නේ උන්දෙන්න. මම එයාලව කොඩින් සයිට් එකක රේජිස්ටර් කරලා දවස් කීපයක් පොඩ්ඩාගේ ලැප අතගාන්න දුන්න, දැන් ඒ ටීචර් පොඩිවුන් දෙන්න අපේ ගෙදර පැත්ත පළාතේ එවන්නේ නෑ පොඩිවුන්ට ඉන්ටර්නෙට් යන්න දුන්න කියල, අහල පහල මෝඩ ළමයින්ට උගන්න උගන්න ඉන්න ගියොත් ඒ දෙන්නට සිස්සත්තේ හොඳ රෑන්ක් එකක් ලැබෙන එකක් නෑලු.

    ගෙවල් ළඟ පවුලක් අවුරුදු කීපෙකට ඉස්සරින් නිව්සිලන්තෙට ගිය, යන්න ඉස්සරින් ඒ අම්ම මුළු කළෙම ගත කලේ ළමයි තුන් දෙන ටියුෂන් ගිනියන්න, එත් ඒ ළමයි හරිම මැට්ටෝ වගේ හිටියේ, දැන් නිවාඩුවකට ඇවිත් ඉන්නවා තුන් දෙනාම හැම අතින්ම සුපිරියි, ඉස්කෝලෙ ගිහින් අවට පස්සේ සම්පුර්ණ කාලෙම යොදන්නේ පොඩි වුන්ගේ ක්ලබ් වල වැඩ වලටලු, අම්මට ළමයින්ගේ කිසිම බරක් නෑලු.

    ReplyDelete
    Replies
    1. පොඩි මෙන්ඩා..මම වැඩ කරන දිහා බලගෙන ඉදලා කොම්පිඋටරෙ වඩ්ටික ගොඩක් දුරට අල්ලගෙන..ඒත් සදු මගෙ එක්ක වලි..
      එයගෙ මතය එය ලම්යින්ට කොහෙත්ම සුදුසු නෙත කියලා. ඒත් ඌ මදුර ඩික් එකෙන් තනියම වචන හොයා ගන්නවා.., මම පැක්ට්‍රි එකකට ගිහින් ආවහම ඌ ඒ පැක්ට්‍රි එකට තියන දුර, යන්න ගතවන කාලය, ලගම පාර ගුගල් වලින් හොයලා මට කියන්නකොට කෝහමද බන් උගෙන් ඒක උදුරලා ගන්නෙ.
      පාස් වඩ් එක වෙනස් කරන්න විදිහ ඌ මට කියලා දුන්න දවසෙ මට පු‍ටුවෙන් නැගිට්ටවුනා (ඒක ඌ අල්ලගෙන තියෙන්නෙ නන්ගි පුතගෙන්) (මම දන්නෙත් නැහැ ඔය බඩකඩිත්තුව වෙනස් කරන්න විඩිහ)
      අපෙ ගෙදර ටි වි එකක් නැති නිසා ඌ සමහර වෙලවට සිඩි එකක් දගෙන බලනවා ඒක තම්යි දැන් නඩුව වෙලා තියෙන්නෙ.ඒත් මට දැනේනවා ඌ එකෙන් දෙයක් අල්ල ගන්නවා කියලා. මම කියන්නෙ අදයාපනය නෙමයි...යමක් තනියම හොයලා පොඩි අත්හදාබලිමක් කරන එක.
      මගෙ පොඩි මෙන්ඩා තවම 4 වසරෙ

      Delete
    2. ඔව් ඇණයා. නවසීලන්තයේ අධ්‍යාපන ක්‍රමය ගැන මම හොඳින්ම දන්නවා. ඇත්තටම මේ පෝස්ට් දෙකේම එහේ පාසැල් වල කුඩා වයසේ දී උගන්නන දේවල් ගැන තියෙනවා. මගේ පුතා උයන්න, ගිටාර් වාදනය කරන්න, බාස්කට් බෝල් ක්‍රීඩා කරන්න, ශාරීරික ශක්තිය ගැන උනනන්දුව ඇතිකලේ ඒ රටේ පාසැල. වාහන වලින් පාසැල නොපැමිණ පයින් ඇවිදගෙන පාසැලට ඒම උනන්දු කරනවා. උඹ ස්විමිං පූල් එක තරඟ වලට සහභාගී වන අය බදු අරන් කිව්ව එක මේරටේ වෙන දෙයක්. එම රටේ සියළුම දරුවන්ට ක්‍රීඩා අවස්ථා දීම මිස ඒ ක්‍රීඩාවේ හොඳම අයට නොව සියළුම දෙනාට අවස්ථාව ලැබෙනවා. පන්තිය හතරට බෙදලා එහි බාස්කට් බෝල් කණ්ඩායම් හතරක් තිබෙනවා. දක්ෂතාව මොකක වුණත් හැමෝම ක්‍රීඩා කරනවා. සමර් එකට ක්‍රිකට් වුණත් එහෙමයි. රග්බි පමණක් අනිවාර්‍යය නැහැ කියන එක තමයි මගේ මතකය. ඊට අමතර පිහිණීම ඉගෙන ගැනීම ඒ රටේ හැම දරුවෙක්ම බිලිඳෙක් කාලයේ සිටන්ම කරනවා.

      අපේ රටේ විභාග අරමුණු කරගත් අධ්‍යාපන ක්‍රමය නිසා මේවා මේ රටේ දරුවන්ට නැතිවෙනවා. එම නිසාම තමයි මේ පෝස්ට් ලිව්වේ.

      Delete
    3. මෙන්ඩා ගෙදර බොස්ව මේ පැත්තට හරව ගන්න බලපං. බොහොම ස්තූතියි.

      Delete
  7. මේ සියල්ලම ජීවිතයට අදාළ වෙන දේවල්. ඒ නිසා 3 - 14 වයස්වල සිටින දරුවන්ගේ පොඩි මොළවලට අසහනයක් නොවන ලෙසට‍ මේ ක්‍රියාකාරකම් සැලසුම් කර ගැනීමට සටහනක් (කාල සටහනක් නොවේ) සකස් කර ගැනීමටත් කුඩා අය යොමු කළ හැකි නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් දයාවී මහත්මයා. ඔබගේ සහ මලී ගේ පෝස්ට් කියවනකොට මට හිතෙන දෙයක් තමයි ඔබ වැනි තරුණ කාලයේම පරිණත භාවය ලැබූ පියෙක් සිටීමට ඇය කොතරම් වාසනාවන්තද කියන එක.

      ඔබ කියන දේ හරියටම හරි. මේ හැමදේම එකට කරන්න ගියොත් ළමයින්ට දුව පනින්න වත් නිදහසක් නැතිවෙනවා. එම නිසා කළයුතු සියල්ල සැලසුම් කර විවිධ කාල වලදී ඒවාට යොමු කල යුතුයි. ඒ සඳහා දීර්ඝ කාලීන කාල සටහනක් සාදා ගැනීම වැදගත්.

      Delete
  8. පෝස්ට් එක නම් සුපිරියි. නමුත් අපේ රටේ මේවා ප්‍රායෝගිකව කොපමණ දුරකට ක්‍රියාත්මක කරන්න පුලුවන්ද කියන එකයි ප්‍රශ්නෙ. රටේ තියෙන අධ්‍යාපන රේස් එක නිසා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැලපේ. අධ්‍යාපන රේස් එකක් තියෙනවා. ඒක ඇත්ත. ඒකට හේතුව උසස් අධ්‍යාපන අවස්ථා වලට තිබෙන සීමිත භාවය. ඒ වුණාට ඒ රේස් එකට ළමයව ඇතුළු කරන්නේ ළමයාගේ මොන වයසේද යන්න දෙමව්පියන්ට තීරණය කල හැකියි. විශ්ව විද්‍යාල වලට බඳවා ගන්නේ උසස් පෙළ ප්‍රතිඵල අනුව මිස 2-3 පන්තිවල ප්‍රතිඵල අනුව නොවන බව තේරුම් නොයන දෙමව්පියන් සිටීම ඒ ඒ අයගේ ප්‍රශ්ණයක් ම්ස රටේ ප්‍රශ්ණයක් නෙවෙයි. පහල පන්ති වලදී විභාග වලට තිබෙන තරඟයෙන් ළමයා ටිකකට අයින් වී මේවාට යොමුවීම වන්නේ දෙමව්පියනේ බුද්ධිය අනුව.

      Delete
  9. ඉයන් සෑර්,

    වැඩ ටික නං අගෙයි.
    හැබැයි මගේ අදහස නං තවත් ටිකක් ඉදිරියට යන්නට ඕනේ.
    කෝඩින් වලින් 'ආඩුයිනෝ' කොන්ට්‍රෝලයක් ප්‍රෝග්‍රෑම් කොරන්ඩ වගේ,

    ReplyDelete
    Replies
    1. වික්ටර්ටත් අයිය හැට්ටර් ටත් සුභ 2018ක් වේවා. මේවා ගැන මූලික පුහුණුව දීල , උනන්දුව ඇතිකරල අවස්ථාව දුන්නම බුද්ධිමත් ළමයි ඒක අල්ලගෙන යයි. ඒ ඒ අංශ වලින් යායුතු දුර තීරණය කරන්න ළමයාට දුන්නොත් නේද හොඳ? ප්‍රධානම පණිවිඩය විය යුත්තේ කුඩා කල සිටම පාඩම් වලින් ටියුෂන් වලින් ළමයිව හෙම්බත් නොකර ජීවිත කාලෙයේම ප්‍රයෝජනවත් වෙන දේවල් වලට උනන්දුව පොඩි කාලයේදීම ඇතිකරන එක. ඒකට හේතුව ලොකු වුණාම ඒ සමහර දේවල් වලට පුහුණුවෙන්න තිබෙන අපහසුව.

      Delete
  10. අලුත් අවුරුද්දේ බොහොම වටින අදහස් ටිකක්....

    ReplyDelete
  11. අපූරු උපදෙස් ටිකක්! ඔය මොන plan තිබුනත් පහේ ශිෂ්‍යත්වය ළඟ එනකොට මේවා ඔක්කොම ඉවරයි :)

    සුබ අලුත් අවුරුද්දක් වේවා ඉයන් !

    ReplyDelete
    Replies
    1. උදය ස්තූතියි. 5 ශිෂ්‍යත්ව විභාගය සමත්වීමේ වඩා හොඳ පාසැල් වලට යන්නේ යම් ප්‍රතිශතයක් පමණයි. බොහෝ දෙනෙක් එම පාසැලේම නවතිනවා. එම නිසා ශිෂ්‍යත්වය සමත් වීමට හෝ පන්තියේ පළමුවෙනියා වීමට අවශ්‍යද? ඒවා මෙවන් අවස්ථා මඟ හැරගෙන ලබා ගැනීමට අවශ්‍යද යන්න බුද්ධියෙන් විමසීමට දෙමව්පියන් දක්ෂ විය යුතුයි. 5 ශිෂ්‍යත්වය ඉහලින් සමත් වීම විශ්ව විද්‍යාල ප්‍රවේශයට බල පෑමක් නැහැ. එම නිසා මූද හත්ගව්වක් තියා අමුඩ නොගහ ළමුන් කුඩා කාලයේ මේ හැකියාවන් ඔවුන්ගේ ජීවිතයට එකතු කරන්න කියන එක තමයි පණිවිඩය. ඔබටත් යහපත් 2018 ක් වේවා.

      Delete
  12. ඉයන් ගේ සුත්‍රයට මමයි බිරිඳයි ඒ කියන්නේ වැඩේ හරියට කරගෙන යනවා කියත හැකි දැනට. එක දුවක් taekwondo first dan (බ්ලැක් බෙල්ට්)අනික් එක්කෙනා second dan, අනිත් ඒවටත් හරි ලකුණු දා ගෙන ගිය හැකි. එකම දුක දෙන්නම සිංහලෙන් කතා කරන එක අත ඇරිය එක. දැන් කතා කරන්නම බැහැ . හැබැයි භාෂා දෙකක් දෙන්නටම පුළුවන්. ඔය ක්‍රමය සැහෙන දුරට හ්පංදයි. හැබැයි 100% හරි කියන්න මට තවම කල් මදි. මෙහෙ පාසල් වල එක දේකට මම කැමතියි. ගුරුවරු කවදාවත් එක ළමයෙක් අනික් ළමයෙක් සමග සංසන්දනය කරන්නේ නැහැ.
    ලිපිය හොඳ වැදගත් එකක් ඉයන්.
    එසේම ඉයන්ටත් මේ හැම දෙනාටමත් සුභ අලුත් අවුරුද්දක්.

    ReplyDelete
    Replies
    1. අජිත් බොහොම ස්තූතියි. ඒවගේම ඔබට ඉතාමත් සතුටුදායක සහ ආර්ථක 2018 ක් වේවා කියා හදවතින්ම පතනවා. ළමයින්ගේ ජීවිතයට අවශ්‍යම පොතේ අධ්‍යාපනයෙන් පිට දේවල්, ඔබ සිටිනා රට වැනි රටවල පාසැලෙන්ම හෝ අධ්‍යාපන ක්‍රමයෙන්ම ලැබෙනවා. මේ ගැන සැලකිලිමත් විය යුත්තේ ලංකාව වැනි අධ්‍යාපනය පොතට සීමා වෙච්ච රටවලයි. දෙවන භාශවක අවශ්‍යතාවය උනත් වැඩියෙන්ම තිබෙන්නේ ජාත්‍යන්තර භාෂාවකින් අධ්‍යාපනය නොලබන දරුවන්ටයි. ඒ අතින් එවන් රටවල සිටිනා දරුවන් ලංකාවේ ක්‍රමයේ යන දරුවන්ට වඩා ඉදිරියෙන්.

      Delete
    2. මෙහෙත් අධ්‍යාපනයේ ප්‍රශ්න තියෙනව ඉයන්. රජයේ විදුහල් වලට ආවශ්‍ය විද්‍යා ගුරුවරුන්ගේ හිගයක් තිබෙනවා. පෞද්ගලික විදුහල් හොඳින් ගෙවන නිසා එවල ගුරුවරු ඉන්නවා. දුවගේ විදුහලේ විද්‍යා ගුරුවරු හිඟයක් ආවා . මම ලඟදි මිටින් එකකට ගිය වෙලේ සෙනසුරාදට ෆිසික්ස් උගන්වන්න එන්න පුලුවන්ද කියල සෙක්ෂන් හෙඩ් ඇහුවා. වෙලා නැති නිසා ප්‍රතික්ෂේප කලා.ඉස්කෝලේ අතින් ගෙවල (තියෙන ෆන්ඩ්ස් වලින්) ළමයින්ට සෙනසුරාදට උගන්වනවා. එහම් නැත්නම් අපටත් සමහර විට ටියුෂන් යවන්න වෙනවා.

      Delete
  13. ඉයන්, බොහොම වටිනා අදහස් ටිකක්. ගොඩාක් දෙමව්පියෝ (වැඩියත්ම අම්මලා) අනිත් අය කරන නිසා රැල්ලට ළමයින්ව එක එක දේට යොමු කරනවා. අන්තිමට කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා මේ කතාවට එකතු කරන්න ඕන දෙයක් තමයි ළමයින්ගේ කැමැත්ත කොයි පැත්තටද කියලා පොඩ්ඩක් විපරමින් ඉන්න කියන එක.මට නම් ඉන්නේ එක කොල්ලායි. මේ ලිස්ට් එකේ ඔක්කොම වගේ හරි දාගෙන යන්න පුළුවන් කියලා හිතුණා මට කියෙව්වාම. මීට අමතරව පුතා පෝතක බාලදක්ෂයෙක්. ඒකට නම් එයා හරිම කැමතියි. බාලදක්ෂයෙක් වුනාට පස්සේ හරි ඉක්මනට basic survival skills ඉගෙන ගත්තා. ඊට අමතරව hiking, camping වගේ ක්‍රියාකාරකම් නිසා බලාගෙන ඉන්දැද්දී සෑහෙන්නම ස්වාධීන වුණා. පීනන එක නම් බොහොම සාර්ථකව කරනවා තාමත්. ඒත් කාලයක් soccer ගහන්න කියලා දැම්මා, මටම තේරුණා මිනිහාගේ ඇඟේ ඒක නැහැ කියලා- ඒ නිසා අල්ලලා දැම්මා. ඒකයි මම කිව්වේ ළමයා අකමැති නම් කෝයි දේට යොමු කළත් අසාර්ථකයි කියලා. සිංහල නම් ලියන්න, කියවන්න, තේරුම් ගන්න පුළුවන්. හැබැයි කතා කරන්න හොරයි. ලේසියෙන් වචන flow වෙන්නේ නැහැනේ පරිසරයෙන් ඇහෙන එක අඩු වුනහම. ලංකාවේදී මේ දේවල් කරන්න අමාරු ටියුෂන් රැල්ල නිසා. ලංකාවේ අපේ නෑදෑ වෙන පුතෙක් english medium montessori එකකට යනවා. ඊටපස්සේ සිංහල වලට ටියුෂන් යනවා. දෙකේම home work කරනවා මහා රෑ වෙනකම්. තාම අවුරුදු තුනහමාරයි.කොතැන හරි වැරදිලා කියලා හිතෙනවා ඒවා දැක්කාම.

    ReplyDelete
    Replies
    1. මලී බොහොම ස්තූතියි. ඔබේ දරුවා ඔස්ට්‍රේලියාවේ පාසැල් යන නිසා සමහර විට මේ බොහෝ දේවල් පාසැලෙන්ම කෙරෙනව ඇති. බාලදක්ෂ කටයුතුත් ඉතාම වැදගත්. Hiking වගේ දේවල් නිසා ශාරීරික ශක්තිමත් භාවය කවර් වෙනවා. දෙවෙනි භාෂාව ඇත්තටම වැදගත් වෙන්නේ ජාත්‍යන්තර භාෂාවකින් ඉගෙන නොගන්නා ලංකාවේ දරුවන්ට. ඒවුණත් කුඩා කලා භාෂාවන් ඉගෙනීම්වේ හැකියාව නිසා අනාගතයේදී ප්‍රයෝජනවත් විය හැකි මැන්ඩරින් වැනි භාෂාවක් ගැන ඔහු උනන්දුවක් දක්වයිදැයි බලන්න. ඔබට නැවතත් ස්තූතියි.

      Delete
  14. ඉයන්ගේ අදහසට එකඟ වන ගමන්ම මූලික ළමා අවදියේදී පිහිනීම, ක්‍රීඩාවක් සමඟ පොත පත කියවීම සහ දැනුම ගවේෂණය තුලින් බුද්ධි වර්ධනයට උපකාර කිරීම කලයුතුයි යන්න මාගේ හැඟීමෙයි. ආත්මාරක්ෂක ක්‍රමයන් වැනි දේ පරිනත ළමා අවදියේදී හඳුන්වාදිය හැකිය.
    ලංකාවේ නුපුරුදු දෙයක් වුනත් දැනුම යනු අද ලෝකයේ තාක්ශණයත් සමඟ ඉතාම විවෘත දෙයක්. එය විෂය දැනුමට පමණක් සිමා වි නැහැ. ඇඳුමක් පිළිවෙලකට ඇඳීමේ සිට තාක්ෂණය භාවිතය දක්වා සෑම දෙයක්ම ඉගෙනගත යුතුව තිබෙනවා. ඒවායින් ඇති ප්‍රයෝජන සහ ඒවා නිසා වෙන බාධාවන්ද දැනගත යුතු වෙනවා. මේ දැනුම පද්ධතිය දරුවන්ට දෙන්නෙ කොහොමද?
    මේවා දරුවන්ටම ඉගෙනගැනීමට මග සකස්කරමින් උනන්දු කරවිය යුතුයි. නැතන්ම් ඔවුන් මේ සන්කීර්න්ණ සමාජයේ අතරමං වීම වලක්වන්න බැරි වෙයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අදහස් අවකාශය. ඔව් එකඟයි.

      Delete
  15. \\එයින් සිදුවන්නේ කුඩා කාලයේ ඉගෙන ගත හැකි මුළු ජීවිත කාලයේදීම ප්‍රයෝජනවත් වන බොහෝ දේවල් ඉගෙනීම ඔවුන්ගෙන් මඟ හැරීමයි.\\

    මේ කතාවටනම් සහතික ඇත්ත. ඔව් කලාව, ක්‍රීඩා, පිහිනුම් ඉගන ගන්න එක හරිම වැදගත්. ඒ මොනා නැතත්, පරිසරයත් එක්ක ඉන්න කාලය ඕනි. මම නම් කොහොමත් ළමයිව අතිරේක පන්තිවලට යනව එකට එච්චර කැමති නැ. ඔන්න උසස් පෙළට හරි ඉන්ගීරීසි වලට හරි නම් කමක් නෑ.

    ReplyDelete