Saturday, January 20, 2018

දරුවන් සමඟ අත්දැකීම් 3

කලින් කොටස්

දරුවන් සමඟ අත්දැකීම් 1

දරුවන් සමඟ අත්දැකීම් 2



Father hugging a child


මීට කලින් පල කරපු ඔය ඉහල කොටස් දෙකට නම් හැමෝම වගේ එකඟ වුණා. මේ කොටස නම් විවාදාත්මක එකක් වේවි. ඒක නිසා කියෙව්වම පොඩි එකඟ වෙන්න බැරි කමක් තිබුණොත් ඒ ගැන අන්තර් ජාලයේ කියවීමෙන් හෝ ඒ ගැන වැඩි විස්තර හොයන්න සහ ඒ අනුව මේ දේවල් අනුගමනය කරනවද නැත්ද යන්න තීරණය කරන්න කියල ඉල්ලා සිටිනවා. 

අවුරුදු 3 ක් පමණ වන තුරු දරුවෙක් කරන්නේ තමා ගැනම ඉගෙනීම. ඒ කියන්නේ කුඩාම කාලේ ඔවුන්ට ඔවුන් සහ ඔවුන්ගේ ශරීරය කියන්නේ දෙකක් කියල තමයි හිතෙන්නෙ. ඒක නිසා තමයි ඔවුන් "මට බඩගිනියි" කියන්නෙ නැතුව සමහර විට "බබාට බඩගිනියි" වගේ දේවල් කියන්නේ. ඔවුන් ඒකාලයේ ඔවුන්ගේ ශරීරය සහ අවයව ගැන කෙමෙක් ඉගෙනගන්නවා. ඊට පසු කාලය ළමයෙකුගේ මානසික සංවර්ධනයේ crucial කාලයක්. මෙම කාලයේදී ඔවුන්ට ආදරය කියන දේ තමා තුලින්ම නොව තමාට පිටින් සිටින අයගෙන් එන බව ඒත්තු ගැන්විය යුතුමයි. එම නිසා අවුරුදු 4-8 කාලයේදී ඔවුන්ව නිතර hug කිරීම  අති වැදගත්. දෙමව්පියන් කරන විශාල වරැද්දක් තමයි ඔවුන් දරුවන්ට කොතරම් ආදරය කලත් එය ඇතිතරම නොපෙන්වීම. අනික ඒ කාලයේදී "මම ඔයාට ආදරෙයි" කියා වචන වලින් පමණක් කීම පමණක් සෑහෙන්නේ නැහැ. ඒවා ඔවුන්ට වචන පමණයි. ඔවුන් ඔබගේ ආදරය තේරුම් ගන්නේ ඔබ ඔවුන්ට ලංකර ගන්නා විදිහ, ඔවුනට අමතන ආකාරය, ඔවුන්ව වඩාගෙන ඔබගේ ශරීරයේ ඉහල කොටස සහ ඔහුගේ ඇයගේ ශරීරය එකිනෙකාගේ උණුසුම දැනෙන පරිදි ආදරයෙන් වැලඳ ගැනීම ආදිය මඟින්. ඔබ යමක් කරන ගමන් ඉඳ හිට ඔවුන්ව මොහොතකට වැලඳ ගැනීමකට වඩා ඒ සඳහාම පූර්ණ අවධානය යොදවමින් ඔබගේ දකුණු කම්මුල දරුවාගේ දකුණු කම්මුල සහ කන් ආදිය තදින් වැලඳ ගැනීමෙන් එකිණෙකාගේ උණුසුම අනෙකාට දැනෙන ලෙසම දිනකට කිහිපවාරයක් වරකට විනාඩි කිහිපයක් ලෙස එය කල යුතුයි.

Two kids in 'love'

මේ කොටස තරමක් විවාදාත්මක වේවි. ඒ තමයි කුඩා කාලයේ සිටම ඔවුන්ට ඔවුන්ගේ විරුද්ධ ලිංගික සම වයසේ අය සමඟ යාළුකම් පවත්වාගෙන යාමට උනන්දු කරවීම. එම කාලයේ මොන්ටිසෝරියේ, පාසැලේ හෝ ඔවුන්ට වෙනත් ස්ථාන වලදී හමුවන සම වයසේ විරුද්ධ ලිංගික අය ගැන කුඩා ආකර්ෂනයක් සමහර විට ඇතිවෙනවා. ඒවා ගැන ඔවුන් සමඟ කථා කිරීමෙන්, විහිළු කිරීමෙන් හෝ ඔබගේ එම වයසේ අත්දැකීම් ඔවුන් සමඟ කථා කිරීමෙන්  එය සාමාන්‍ය දෙයක් බව ඔවුන්ට ඒත්තු ගැන්වීම හොඳයි. ඒවගේම දැරියන්ට ඔවුන්ගේ ශරීරය ආරක්ෂා කරගැනීම ගැන දැනුවත් කිරීම සහ කිසිම වයසක අයකුට ඔවුන්ගේ ශරීරයේ අත්ල සහ හිස ප්‍රදේශය හැරුණු කොට අන් ස්ථාන ස්පර්ශ කිරීමට ඉඩ නොදීම ගැන දැනුවත් කල යුතුයි. එමෙන්ම පිරිමි දරුවන්ට ඔවුන් කැමති දැරියගේ ශරීරයට අත නොතැබීම සහ අන් කෙනාගේ පෞද්ගලිකත්වයට ගරු කල යුතු ආකාරය කියා දීම අති වැදගත්.

මෙය මේ නොකිරීමෙන් සිදුවන දේ ගැනත් හිතන්න. එම වයසේ දරුවන්ට ලිංගික හැසිරීමකට ආසාවක් ඇතිවීම වෙන්නේ නැහැ. සිදුවන්නේ ඔවුන්ට වඩා වෙනස් ලිංගයක කෙනෙකු ගැන ඇතිවන ක්‍රශ් පමණයි. ඒවා ස්වාභාවික සිදුවීම්. එසේ ඇතිවීම ලෙඩක් හෝ කල නොයුතු දෙයක් ලෙස හඟවන්න ආසියාතික දෙමව්පියන් උත්සාහ කරනවා. මෙයින් ඇතිවන්නේ ඔවුන්ගේ ස්වභාවික දෙයක් ගැන ඔවුන් confuse වීම. ඒකට හේතුව ඔවුන් ගේ කැමැත්ත වැඩිහිටියන් නරක දෙයක් හෝ ලැජ්ජා විය යුතු දෙය ලෙස ඒත්තු ගන්නන්න උත්සාහ කිරීමයි.


Innocent puppy love 

ඊලඟට වඩාත්ම විවාදාත්මක විය හැකි කොටස. අවුරුදු 12-13 කාලයේ විරුද්ධ ලිංගිකයන්ට තදින්ම ආකර්ශණය වන කාලයයි. එම කාලයේ ගැහැණු දරුවන් වැඩිවියට පත්වීම සහ පිරිමි දරුවන්ද කෙනෙන් 'මිනිසෙකු' වන කාලයයි. එම කාලයේදී ඔවුන්ට ආදර සම්භන්ධතාවක් ඇතිකර ගැනීමට ආසා කරන කාලයයි. එමෙන්ම මේ කාලයේදී දෙමව්පියෙකු, වැඩිහිටියෙකු හෝ වෛද්‍යවරයෙකු හරහා ලිංගික අධ්‍යාපනය ලබා දීම අති වැදගත්. එමෙන්ම ආදර සම්බන්ධතා නිසා විය හැකි ලිංගික ක්‍රියාවලින් වලින් ඇති විය හැකි දරුඵල ලැබීම, කුඩා වයසේදී දරුවන් ලැබීමේ ඇතිවන සංකීර්ණතා, එවන් හදිසි අවස්ථාවකදී කල යුතු දෑ, එවන් අවස්ථාවකදී පිරිමියෙකුගේ වගකීම, වැනි දේවල් ගැන වැඩිහිටියන් සමඟ සංවාද කරන ආකාරයේ සංවාද ඔබගේ දරුවන් සමඟ ඇතිකර ගැනීම දෙමව්පියෙකුගේ ප්‍රධානතම වගකීමක්. 

මේ කාලයෙදී ආදර සම්භන්ධතාවයක් තිබීම වැරැද්දක් නොවන බව මගේ පෞද්ගලික හැඟීම. එහෙත් ආසියාතික සමාජයක කන්‍යාභාවය වැනි ප්‍රශ්ණ නිසාත්, ආරක්ෂාකාරී ලෙස එවන් දෙයක් නිරතවීමට අවශ්‍ය දේවල් ලබා ගැනීමට ඇති අපහසුව නිසාත්, ස්වභාව ධර්මයට එහායින් යන සමාජයීය වැට කඩොළු නිසාත් මේවා කිරීම අතිශයින් අපහසු වන්නට පුළුවන්. පුහු දේවල් වලට වටිනාකමක් නොදෙන සමාජ වල නම් මවුන් සහ පාසැල් පද්ධතිය තම දියණියන්ට ආරක්ෂාකාරී ලෙස හැසිරීමට අවශ්‍ය දැනීම සහ අවශ්‍ය දේවල් ලබාදීම තමයි සිදු කරන්නේ.  

Teenager in conversation with his dad

එමෙන්ම කාන්තාවන් සහ පිරිමින් ආදර සම්බන්ධතා ගැන සිතන ආකාරය, එකවර එක් කෙනෙකු සමඟ පමණක් එවන් සම්බන්ධතා පැවැත්වීම, ඒවන් සම්බන්ධතා වලදී ආර්ත්මාර්තකාමී වීමෙන් හෝ එකිනෙකා කෙරෙහි විස්වාසය ඇතිවන පරිදි කටයුතු නොකිරීමෙන් ඇතිවන සිත් බිඳවීම් ආදිය ගැන ඔබේ දරුවාගේ පැත්තෙන්  සහ අනික් පාර්ශවය පැත්තෙන් සිතීමට සහ සංවාද කිරීමට ඔවුන්ව උනන්දු කරවීම ඔවුන් එවන් සම්බන්ධතාවලට පරිණත ආකරයෙන් ප්‍රවිශ්ඨ වීම සිදුවීමට බලපෑමක් ඇතිකරනවා.

ආසියාතික තරුණ පරම්පරාව ආත්ම විශ්වාසය අඩු, විරුද්ධ ලිංගිකයන් ඉදිරියේ ලැජ්ජාවට පත්වන, ලිංගික ක්‍රියාකාරකම් ජීවිතයේ විශාලම අංගයක් ලෙස සිතා සිටින අයවළුන් වන්නේ මේ පිළිබඳව ඇති සමාජයීය තහංචි, ආකල්ප නිසා බවයි මගේ අදහස. කෙසේ වෙතත් දරුවන්ගේ ඇතිවන ලිංගික පිබිදීම, විරුද්ධ ලිංගිකයන් වෙත ඇතිවන ආකර්ශණය ලැජ්ජා විය යුතු හෝ සඟවා තබාගත යුතු දෙයක් හෝ මව්පියන් ගෙන් එක් කෙනෙකු සමඟ හෝ  කථා නොකල යුතු දෙයක් ලෙස ඔවුන්ට ඒත්තු නොයන වට පිටාවක් සකසා දීම නම් ඔබගේ ප්‍රධානතම වගකීමක් බව සිතට ගන්න. මෙවන් ආකල්ප වෙනසක් ඇති නොවුණොත් සිදුවන්නේ ඔබගේ දරුවාත් ලිංගික ආකර්ශණය සහ ලිංගික ක්‍රියාවන් මහා ලොකු දේවල් යැයි සිතාගෙන සිටින ලංකාවේ අති බහුල sexually frustrated සමාජයේ සමාජිකයෙකු වීමයි.

බස් රථ වලදී කාන්තාවන්ට හිරිහැර කරන, හොරෙන් sex සර්ච් කරන, තම ලිංගික හැඟීම නිල් චිත්‍රපටි වලින් සනසවා ගන්නා, කාන්තාවන්ගේ අඟ පසඟ ගැන කෙල පෙරමින් බලා සිටින, අයෙක් ලෙස ඔබ දරුවා සමාජයට දෙනවාද යන්න ඔබගේ තීරණයක්. එසේ නැතිව ලිංගික දේවල් මුළු ලෝකයම යැයි නොසිතන ජීවිතයේ අනිකුත් රස විඳීම් වලට විවෘත සිතක් ඇති, පරිණත එමෙන්ම ආත්ම විස්වාසයෙන් පරිපූර්ණ අයෙකු සමාජයට දීම කොතරම් යහපත් දැයි සිතා බලන්න.


මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

25 comments:

  1. හරිම හරවත් ලිපියක් ඉයන් . සිංහල බසින් මේ වගේ ලිපියක් පල කිරීම අද සමාජයට විශාල සේවයක්. මේ කතිකාවත් සමාජගත කිරීම සැබවින්ම කාලෝචිතයි. දෙමාපියන් විදිහට ඒක අපේ යුතුකමක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පොලියානා. ආදරයෙන් පිළිගන්නවා මෙහාට

      Delete
  2. අපේ ගෙදර ඉන්නවා නේ 12, 7, 2 වයස් කාණ්ඩ වල තුන් දෙනෙක්.. ඉතින් මේ කියන ගොඩක් දේවල් ප්‍රයෝගිකවම මේ දවස්වල අත්හදා බලනවා.. ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කමී. ඔවුන් සාර්ථක මිනිසුන් ලෙස සමාජයට ඒම ස්ථීරයි.

      Delete
    2. උබගෙ බ්ලොග් එක හරහා තමයි මම අනිත් බ්ලොග් වලට යන්නෙ..උබගෙ පරන පොස්ට් එකක් බල බල ඉදලා මට අලුත් පොස්ට් 2 ක් මිස් වෙලා...අනිත් එක උබගෙ අලුත් පොස්ට් එකෙ කෙමෙන්ට් දාන්න බැහැ.

      Delete
  3. තමා සේම හිතගිය තව කෙනෙකු ගැන
    නිමා නොවන දැණුමක් දෙනු කලක් ගෙන
    යොමා ළමුන් වෙත නුඹගේ නෙත සවන
    ළමා හෙටක් ගැන වැඩ අරඹනු තුටින....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුමී. දරුවන් සමඟ ජීවිතයේදී තමන්ගේ ළමා කාලය සහ ඒකාලයේ අත්දැකීම් දෙමව්පියන් ලෙස අමතක වීම තමයි හේතුව.

      Delete
  4. ඉයන් වඩාත්ම ශ්‍රී ලංකාව ගැන හිතල ලියපු එකක් වගේ

    ReplyDelete
    Replies
    1. ලංකාව විශේෂයෙන්ම සහ ආසියාතික අදහස් සාමාන්‍යයෙන්. මම හිතුව මේකට නම් හොඳට බැනුම් අහන්න වෙයි කියල. බොහොම ස්තූතියි අජිත්.

      Delete
  5. //කිසිම වයසක අයකුට ඔවුන්ගේ ශරීරයේ අත්ල සහ හිස ප්‍රදේශය හැරුණු කොට අන් ස්ථාන ස්පර්ශ කිරීමට ඉඩ නොදීම ගැන දැනුවත් කල යුතුයි. එමෙන්ම පිරිමි දරුවන්ට ඔවුන් කැමති දැරියගේ ශරීරයට අත නොතැබීම සහ අන් කෙනාගේ පෞද්ගලිකත්වයට ගරු කල යුතු ආකාරය කියා දීම අති වැදගත්.//
    මෙ කොටසට සදු එකෙන්ම එකගයි...කියලා කෙමෙන්ට් එකක් දාන්න කියලා ඉල්ලුවා...මෙ කෙමෙන්ට් එක එයගෙ

    ReplyDelete
  6. මම නම් පොඩි මෙන්ඩාට කතා කරන්න ගත්තෙ ඌ බන්ඩියෙ ඉන්න කාලෙ ඉදලා...

    ReplyDelete
  7. අපේ ගෙදර ඉන්නේ ඔය අවුරුදු හතරේ සීමාවේ ඉන්න කෙනෙක්නේ.ඇත්තටම ඔබ කිව්වා හරි ඉයන් එයා බොහොම කැමතී අපි එයාව බදා ගන්නවට කිස් කරනවාට..අපි එහෙම නොකලත් සමහර වෙලාවට එයාම ඇවිල්ලා අපිව බදාගෙන උම්මා දීල යනවා.ඒ වගේම තමා මොන්ටිසෝරියේ එයාට ඉන්න හොදම යාලුවෝ දෙන්න ගැහැනු ළමයි දෙන්නෙක් මේ තුන්දෙනා පුදුම යාලුයි. ඒ යාලුකම ටීචර්ලට වදයක් නිසාම මේ අවුරුද්දේ එයාලව පංති තුනකට වෙන් කරල තිබුනා.හැබැයි ඉතින් දැන් එකට හිටියට හපන් වදයක්ලු මෙයාලගෙන් තියෙන්නේ පොඩ්ඩ ඇත්තන් තුන් දෙනා තුන් දෙනාව හොයන් යනවලු. ඊට පස්සේ එන්න බෑ කියලා අඬනවලු අනිත් අයව දාලා.දැන් ඔන්න ආපහු තුන් දෙනවාව එක පංතියකට දාලා.

    ReplyDelete
    Replies
    1. මොන්ටිසෝරි ටීචර්ට ඉස්කෝලයක් හොයල දෙන්න ආපහු ඉස්කෝලේ යන්න...

      Delete
    2. ඕක තමයි නොකල යුතුම දෙය, ඔය යාළුකම් හරිම සුන්දරයි.

      Delete
    3. එකට ඉන්න යාළුවෝ කඩන්න හොඳ නෑ. ඒක මහ පවු වැඩක්. මට මතකයි අපේ ඉස්කෝලෙ අපි 6 ඉදල 9 වෙනකල් හිටියෙ එකම ළමයි ටික. ඒත් අපි දහය වසරට යන්කොට මමයි මගෙ යාළුවෝ දෙන්නයි පංති තුනකට දැම්මා. අපේ ගුරුවරු ඒක අපේ මූණත්ම කීවා, ඔයාල එකට ඉන්න නිසා තමයි කඩල දැම්මේ කියලා. මටනම් ඒකට ගොඩාක් විරුද්ය්ධයි. ඒකෙන් උනේ මට මගේ යාළුවෝ දෙන්නා නැති උන එක. මොන්ටිසෝරි යන කාලෙනම් කෑ ගහල අඩල කියන්න ඇහැකි. ඒත් මගේ ඒ වයසට එහෙම කරන්නත් නෑ. මට ඒක තනියම විදගන්න උනා. ඒකාලෙ මම මානසිකව වැටිල හිටියෙ...

      Delete
  8. මේ ලිපිය කියවන් යද්දී මට මතක් උනේ මේ ලඟදි බලපු ටැමිල් චිත්රමපටියක්. චිත්රටපටියේ නම අප්පා. දරුවන්ගේ හැඟිම් එක්ක තාත්තලා ගණුදෙනු කරන විදිහ තමයි චිත්රමපටිය පුරාම තිබුණේ. ඒ චිත්රටපටියත් මේ ලිපිය තරම්ම අපුරුයි. වටිනවා ඉයන්. අපේ සමාජේ ටිකක් මේ දේවල් ගැන කතා කරනවා අඩුයි ඇත්තටම.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යාත්‍රා. ඒ චිත්‍රපටිය බලන්න ඕන. මේවා ගැන සිතීමෙන් සමාජයේ අද පවතින සමහර අසහනකාරී ගතිපැවතුම් අඩු පරම්පරාවක් අනාගතයේදී ඇතිවෙයි කියා හිතනවා.

      Delete
  9. ම්ශ්‍ර පාසැල් සංකල්පය තමයි මෙයට හොදම විසදුම. යහළුකම් මොනවද , පෙම් සබදතා මොනවද ? විරුද්ධ ලිංගිකයන් ගෙ සිතුම් පැතුම් වල වෙනස පියවරෙන් පියවර ඉගෙන ගන්න පුළුවන් මේ මිශ්‍ර පාසැල් වලදි විතරයි. මේ ඉගෙනීම පවුලෙ සහෝදරියන් අතරදි ඉගෙන ගන්න බෑ . ඒ බැදීම වෙනස් ඒ බැදීම විදිහට සමාජයේ හැසිරෙන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් කම්මල. එක උත්තරයක් ඒක. බටහිර රටවල පාසැල් කිහිපයක් හැරුනු කොට සියල්ලම මිශ්‍ර පාසැල් නේද? අඩුම වශයෙන් ප්‍රාථමික සහ ද්විතීය පාසැල් මිශ්‍ර වියයුතු බව මමත් පිළිගන්නවා.

      Delete
  10. //අවුරුදු 3 ක් පමණ වන තුරු දරුවෙක් කරන්නේ තමා ගැනම ඉගෙනීම. ඒ කියන්නේ කුඩාම කාලේ ඔවුන්ට ඔවුන් සහ ඔවුන්ගේ ශරීරය කියන්නේ දෙකක් කියල තමයි හිතෙන්නෙ. ඒක නිසා තමයි ඔවුන් "මට බඩගිනියි" කියන්නෙ නැතුව සමහර විට "බබාට බඩගිනියි" වගේ දේවල් කියන්නේ.//

    ඒ ඔහු/ඈ තමන් හඳුන්වා ගන්නේ අනිත් අය තමාට කතා කරන නමින් (බබා) නිසා නෙමෙයිද?

    මං දන්නවා අවු 2-3 යනකන් මම/ මගේ (I/me/my/mine )නොකියා මල්ලි/ගේ / අක්කි/ගේ කියා තමන් හඳුන්වා ගත් ලමයි

    ReplyDelete