Friday, June 9, 2017

හම්බ රටේ යාළුවා


අපි වෙනුවෙන් හම්බයන්ට තර්ජනය කරන ඥාණසාර හාමුදුරුවෝ 


නාන සාර හාමුදුරුවන්ට බුදු බව ලැබෙන්න ඕන. එතුමා නිසා තමයි මට ඇත්ත තේරුණේ. මේ හම්බයන්ට බෞද්ධයෝ නැතිකරන්න දෙන්න පුළුවන්ද? හම්බයොන්ගෙ කඩවල් කඩල පල්ලි ගිනි තියල වුන් ඔක්කොම ඝාතනය කරන්න තමයි මටත් හිතිල තියෙන්නෙ. ඒකට කියන්නෙ වෛරය - ද්වේශය කියල නෙමෙයි. ඒව බෞද්ධාගම වෙනුවෙන් අපෙන් වෙන්න ඕන යුතුකම්. ඒ යුතුකම් ටික ඉෂ්ඨ කරල ඔය යන්න කියන මාර්ග වල නොගියත් මොකද? අනික හම්බයො විස්ස ගානෙ පැටව් ගහල ලංකාවේ බහුතරය වෙනවලු.  ටිකක් තරුණ කාලේ  මේක දැනගත්තනන් ළමයි දෙන්නෙක් විතරක් හදන්නෙ නැතුව විසි තිස් ගාණක් හදන්න තිබ්බ. හම්බයෝ බහුතරය වුනාම 'පින්කෙත හෙළ ලක්දෙරණේ යළි උපදින්නට හේතු  වාසනා වේවා' කියල බීගත්තම කිය සිංදු ඇත්ත වුණොත් ඊලඟ ආත්මෙ හම්බයෙක් වෙලා තමයි ඉපදෙන්න වෙන්නෙ. එතකොට බෞද්ධයන්ගෙන් පල්ලි බේරගන්න කියල මටත් ජිහාඩ් එකකට යන්න වෙයිද? ඊට වඩා හොඳයි බෞද්ධාගම රැකගන්න කියල හම්බයෙක් මරල අපාගත වෙන එක.

මේ ආණ්ඩුවෙන් මේවට උත්තර ලැබෙන්නෙත් නැහැ. ගෝඨාභය ගොයිය වත් ආපු දවසක කියන්න ඕන අපි සිංහල බෞද්ධ කට්ටිය වැඩි කරගන්න බේබි ෆාම් එකක් වත් දාමු කියල. එතකොට මටත් බැරියැයි බෞද්ධාගමට මගේ යුතුකම ඉෂ්ඨ කරන්න ඉදල හිටල ඒ ෆාම් එකට ගිහින් ජනගහණය වැඩි කරන්න උදව්වක් කරල එන්න. හොඳ වෙලාට මේ වයසට ප්‍රයෝජනේට ගන්න වයාඝ්‍රා එහෙම තියෙන්නෙ.  ඒ අස්සෙ ක්‍රිස්තියාණි කාරයො සල්ලි දීල මිනිස්සුනව ක්‍රිස්තියාණි කරනවලු. මේකත් බුද්ධාගමට තර්ජනයක්. උන්ගෙ පල්ලි ටික ගිණි  තියල ෆාදර්ලට සිස්ටර්ල ටිකකුත් මරල දැම්මනම් බුද්ධාගමට වෙන සේවෙ හිතාගන්නවත් පුලුවන්ද? 

මේව කරකර කාලෙ ගෙවන අස්සෙ මැද පෙරදිග හම්බයන්ට වහල් සේවෙ කරන යාළුවෙක් මාත් එක්ක ලොකු විවාදෙක. ඌ කියනවා බුද්ධාගම තියෙන්නෙ වෛර කරන්න නෙමෙයිලු. මෛත්‍රී කරන්නලු. ඉතින් ඒකනෙ අපි ජනවාරි 8 වෙනිද කලේ කියල මම කිව්වම ඌ මට ගහන්න පැන්න.  ඌ කියනවා හම්බයන්ට බැන බැන, සමන්තබද්‍ර ට බැන බැන අපි කරනේ වෛර කරන එකලු. බුද්ධාගම රැකගන්න සරම උස්සන් යන්න ඉස්සෙල්ල ඒකෙ කියල තියෙන දේවල් තේරුම් අරගෙන ඒ විදිහට ඉන්න බලන්නලු.  ඌ තව කියනව බොහොම අමාරුවෙන් මිනිහෙක් වෙලා ඉපදිලා මම කරන්නෙම කාටවත් වැඩක් ඇති වැඩ නම් නෙවෙයිලු.  අනුන්ට මිථ්‍යා දෘශ්ඨිකයො කිය කිය ගියාට මමලු මිථ්‍යා දෘශ්ඨිකයා.  මෙච්චර වටින ජීවිතයක් ලැබිල මම කරන දේවල් වලින් එක්කො මට ප්‍රයෝජනයක් තියෙන්න ඕනලු. එහෙම නැත්නම් වෙන කාට හරි ප්‍රයෝජනයක් තියෙන්න ඕනලු.  බුද්ධාගමෙන් මම ගන්න ප්‍රයෝජනයක් නැහැලු. එකේ තියෙන්නෙ වෙනම දේවල්ලු. වෛර කරන්න එපා කියල තියෙන දහමක් රැක ගන්න ඕන වෛර කිරීමෙන්ද කියල  ඌ අහනව. මම හිතන්නෙ ඌට පිස්සු. එහෙම නැත්තන් හම්බයන්ගෙ රටේදි උගේ මොලේ මකල මේ කඩාකප්පල්කාරී අදහස් ඌට දාල. ම රැවටෙයි ඕවට.


පාන තියන්නත් වෙලාව හරි. මං යනවා. බුද්ධං සරණං ගච්ඡාමි ! හම්බයෝ මරලා පුච්ච..මී !!


නාමල් උඩුගමත් කියන පිස්සු අදහසක් මේ වීඩියෝ එකේ





මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

24 comments:

  1. මට නං තේරෙන විදිහට බුද්ධාගම කියල එකක් නෑ. හැබැයි බුදුහාමුදුරුවො කියාපු කොයි කාලෙටත් ගැලපෙන තියරි ටිකක් තියෙනවා. ටිකක් හිතල බැලුවොත් ඕන මිනිහෙක්ගෙ මොලේට ඒව තේරුං ගන්න පුළුවං. ඒ ඇරුණම ක්‍රිස්තියානි, හින්දු, සායි, ආදී ඕනම ආගමක් අදහන මිනිහෙක් එක්ක වලි දාගන්නැතුව ඉන්න මට පුළුවං. උං එක්ක වලි දාගන්නෙ නැතුව මාස ගානක් උණත් එකට කාගෙන බීගෙන ඉන්න පුළුවං.

    හම්බයො එක්ක නං බෑ. මූනෙං බේරෙන අසීමාන්තික කපටිකම ඕන හම්බෙක්ගෙ මූනෙ තියෙනවා. නූගත් මුස්ලිම් මිනිස්සු දුසිං ගනං ළමයි ගොඩගහන බවත් ඇත්ත. පර්චස් දෙකේ ගේ කාමරේ අට දෙනා ඉන්නව මූනු වහගෙන. හැබැයි ඉතිං ඒ විදිහට පැටවු ගොඩගහල රට අල්ලන්න හදනව නං එව්ව හඳේ. තව අවුරුදු විස්සක් යන්න කලිං මං ඇමති මණ්ඩලේට ගිහිං හීං නූලෙ ගේමක් ගහලා පවුලක ළමයි ගාන දෙකකට සීමා කරනව. තලේබාන්වෙලා ඉන්නවට වඩා නං මැරෙන එක යහපතක්.

    ReplyDelete
  2. ඉයන්,කන්ජි හම්බුනා නෝම්බි අරින්න.රස්නෙ පිට තියෙන්නෙ.බොනා නම් එන්න.හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බිපං බීපං ... සවානකුත් ගෙන්නාගන කාපං

      Delete
  3. බලන් ආවේ අදත් ලියමන හිත පුරාවට තුටු වෙමින්
    තියන් ඉන්නේ තාම බොදු බැති කමක් මාගේ හිත් පෙමින්
    කියන් මට ඒ ළදරු ගොවිපල අරඹනා දිනයක් හෙමින්
    ඉයන් මමත් එහෙ එනව යුතුකම ඉටුකරන්නට දිරි දෙමින්.....

    ජයවේවා!!!

    ReplyDelete
  4. මට ඔය කියන ආගම් හතරෙම අයව මං ආශ්‍රය කරනවා. මං ලබපු අත්දැකීම් අනුව ඔය ආගම් හතරෙම අන්තවාදී තමන්ගේ ආගමික දර්ශනය හරිහැටි තේරුම් ගත්තේ නැති අය ඉන්නවා . ඒවගේම මොන ආගමෙ වුණත් මනුෂ්‍යත්වයට මුල් තැන දෙන මිනිස්සු ඉන්නවා .

    ReplyDelete
  5. යාළුවා කියන එක හරි.. ඒත් ඇයි එයා ගහන්න පැන්නේ... මෛත්‍රී කරන්න තිබ්බනේ. හැබැයි අපි වගේ බෞද්ධයෝ නිසා තමා බුද්ධාගම වැනසෙන්නේ. ඇයි අපි කිසිම රැකිල්ලක් නෑනේ. අපේ හිත හදාගන්නවා මිසක. not worried about letting go coz nothing is permanent, nor consistent, even buddhism !

    ReplyDelete
  6. 'As you sow,so will you reap' 'වැපුරූ තරමට අස්වැන්න ලැබේ' කියා කියමනක් තිබෙනවානේ. ඒ කාලේ හොඳ සරු කෙතක ඔය ජාතිවාදී බිජ වැපුරුවා. දැන් තමයි අස්වැන්න ලැබෙන්නේ. ඊළඟ කන්නයට ශෂ්‍ය මාරුවක් කළ යුතුයි

    ReplyDelete
  7. නානසාර හාමුදුරුවෝ ෆේස් ටු ෆේස් ගේම ඉල්ලද්දි අන්තවාදි හම්බයෝ සද්දනොකර හින් නුලෙන් සුක්ෂමව වැඩේ දෙනවා. කෑගහන නානසාරට අපේ අය බැන්නාට සුක්ෂමව වැඩේ දෙන කපටි අන්තවාදි හම්බයන්ට කවුරුත් මොනවාත් කියන්නේ නෑ. අන්තවාදය හා ව්‍යාප්තවාදය හෙලා දැකලා විතරක් බෑ නතරකරන්නත් ඔනේ. හැබැයි හැම බෞද්ධ හිමි නමක්ම හැම බෞද්ධයෙක්ම විතරක් නොවෙයි හැම මුසල්මානියෙක්ම අන්තවාදියෝ නොවන බවත් තේරුම් ගන්නත් ඔනේ.

    ReplyDelete
    Replies
    1. නනාසාර වැරදියි මල්ලි. ඕක කරන්නේ ඔය විධිහට නෙමෙයි. හීන් නූලෙන්. සවුදිය අනිත් රටවල ප්‍රශ්න ති කරන බව රහසක් නෙමෙයි. නමුත් සවුදි තෙල් වලට යටවෙලා ඒ රස්සාවලට යටවෙලා ඕක කරන්න බැහැ. ඉන් අයින්වෙන්න ඕනේ ඉස්සෙල්ල.

      Delete
  8. අනේ මන්දා ඔහොම යං .... දුකායියි

    ReplyDelete
  9. මුස්ලිම් අයට අපි එයාලා නැති තැන කිවුවේ තම්බි කියලා ඒත් අපේ අම්මලට හොරෙන් , හම්බයෝ කියන්නේ ඇයි? ඒ වචනේ හැදිලා තියෙන්නේ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. සම්පන් කියන මැලේ වචනෙන් කියලයි කියන්නේ.
      https://abdulhalik.wordpress.com/2013/04/18/you-can-call-me-a-hambaya/

      Delete
  10. හෙහ් හම්බයන් හම්බයන් කිය කිය යන්නෙම ඩීසල් වාහන වල

    ReplyDelete
  11. සිරස් මිනිසුන්
    තිරස් මිනිසුන්
    එකට හමුවන ඡේදන ලක්ෂ්‍යකට
    තිබේද ඛන්ඩාංකයක්..

    සිරස් තීරයේ ඉහළට
    තිරස් තීරයේ ඈතට
    සිහින සොයමින් දිව යන මිනිසුනි,

    ඔය රේඛාව ඔස්සේම වරෙල්ලා ආපසු
    හමුවේවි ඡේදන ලක්ෂ්‍යක්
    ඛංඩාංකයක් හිමි මිනිස්කමේ

    වාසනාවන්ත නම් අනාගත
    සිරස් තිරස් මිනිසුන්.....

    ReplyDelete
  12. මාත් ලංකාවට ආපු කාලෙක හම්බ විරෝදියෙක් වෙන්නයි හිතාගන ඉන්නේ

    ReplyDelete
  13. අපේ ආගම තමා දවසකටවත් ආගම....නැද්ද හා

    ReplyDelete
  14. ඥානසාර කරනකොට වැරදිය. රිෂාඩ් කරනකොට හරිය. කාන්තන්කුඩි පැත්තේ ගිහින් බලන්නකෝ. එතකොට තේරෙයි.

    ReplyDelete
  15. ආගම් මල කරදරයකි

    ReplyDelete
  16. ඔය "හම්බයෝ කියන ජාතිය පුදුම ඉනොවේටිව් ජාතියක්නෙ.......... බලන්න උන්ගේ නවමු නිර්මාණ, පුදුම හිතෙනවා;

    ගෑණු වඳ කරන්න ජංගියට ඉහින කෙමිකල් එකක් සොයාගැනීම - ආරක්ෂිත උපත්පාලන ක්‍රම හොයන්න කෝටි ගණන් ඉන්වෙස්ට් කරන බටහිර බෙත් කොම්පැණි වල සයන්ටිස්ට්ලට බැරිවුනාට අපේ හම්බ ඩයල් දන්නවා කෙමිකල් එක මොකක්ද කියලා.

    තණපටේ ජෙල්/ටැබ්ලට් වලින් ගෑණු වඳ කිරීම - ඒක ජංගි කෙමිකල් එකටත් වඩා නිර්මාණශීලී...

    හිංගල කොල්ලෝ වඳ කරන ප්ලාස්ටික් හාල්....

    මහාසොහොනාගෙ ෆේස්බුක් පිටුවට ගියානම් තවත් හම්බ ඉන්වෙන්ෂන් ගැන දැනගත්තැකි...

    ReplyDelete
  17. බාගෙට කියවද්දී තමයි තේරුනේ මේක oxymoron කෙස් එකක් කියලා. ඥාණසාර හාමුදුරුවෝ නියෝජනය කරන්නේ වර්තමාන සමාජයේ කොටසකගේ චින්තනය. මම දකින්නේ නම් මෙතන තියෙන්නේ ආගමට වඩා ජාතියට ඇති තැන ගැන ඇතිවූ ප්‍රශ්නයක්. සිංහල දෙමළ ලෙස නැතුව ජාතිය ශ්‍රී ලාංකික ලෙස උප්පැන්න සහතිකේ යොදන්න නීතියක් ගෙන ආ යුතුයි.

    ReplyDelete
  18. ඊයේ මගෙන් එක යාලුවෙක් අහනවා (ෆේස් බුක් ඒකෙ මම දාපු ස්ටේටස් එකක් බලල) උඹට ෆාතිමාලත් ඉන්නවද ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ කියල.. :) ඔන්න සිංහල/ බෞද්ධ හා මුස්ලිම්/ ඉස්ලාම් ජාති-ආගම් සංකල්පය හරහා අපේ චින්තනය ගෙනියල තියෙන තැන.. ඌ ඒ ප්‍රශ්නේ අහනකම් ඈටවත් මටවත් ඒක ප්‍රශ්නයක් වෙලා තිබුනේ නෑ.. වෙන කිසිදු ගැටළුවක් තිබුනෙත් නෑ.. ඇය මගේ එක පැත්තකින් යෙහෙළියක්; තව විදියකින් ගුරුවරියක්; තවත් විදියකින් මගේ කනිෂ්ට නිලධාරිනියක්.. ඉතිං ඇය මගේ ෆේස් බුක් ෆ්‍රෙන්ඩ් ලිස්ට් ඒකෙ ඉන්න බැරිද? :)

    ReplyDelete
  19. ලෝක ස්භාවයට එරෙහිව යන්න කාටවත් බැහැ.. බෝවීම වැඩි ජාතිය ලෝකයේ බහුතරය වීම කවදාක නමුත් සිද්ද වෙන එක වෙනවාමයි. ඒ නිසා කල යුත්තේ බෞද්ධ වෙලා උපන් කුසලයෙන් උපරීම පල නෙලාගෙන සසරින් මිදීමට උත්සහ දැරීම තමා බෞද්ධයාගේ වගකීම විය යුත්තේ.. මොකද කියනවනම් අපේ ඊළඟ උපත සිද්දවෙන්නේ මුස්ලිම් අම්ම කෙනෙකුගේ කුසකද, ක්‍රිස්තියානි අම්මගේ කුසකද, තිරිසන් සත්වයකුගේ කුසකද කියල අපි දන්නේ නැහැ..

    ReplyDelete