සතුටින් සිටීමට සියළු දෙනාටම අයිතියක් ඇත. යමෙක් අනුන්ගේ සතුට පැහැර ගැනීමට උත්සාහ කරන විට නිහඬව සිටීම නිවට කමකි.
Monday, December 12, 2022
යකෝ හූ කිව්ව තමයි
Friday, November 11, 2022
ලිබරල් බෝසත්තු, ආගමික රහත්තු සහ දිළිඳු නොබෝසත්තු..!
(ලංකා ඊ නිව්ස් -2022.නොවැ.11, ප.ව.5.40) ආර්ථික අර්බුදයේ ගිලී, බංකොලොත් රටක් වී බහුතරයක් හාමතට වැටී සිටින රටක් බේරා ගැනිමට දැන් පැරණි බෞද්ධ සම්ප්‍රදායේ “බෝධිසත්වවරු” බුරුතු පිටින් කලඑළි බසිමින් සිටිති. බෝධිසත්වයෙක් කරන්නේ සියලුම සත්වයන් සසරින් එගොඩ කිරීමෙන් පසු තමන් නිවනට යාමය. මේ බෞද්ධ ආගමික විශ්වාසය ලංකා සමාජය තුලට කොතෙක් කා වැදුනේ ද කීවොත් අනුරාධපුර යුගයේ සෙල්ලිපිවල මෙසේ සඳහනක් එයි.
“මේ ලක් හි නොබෝසත්තු නොරජ් වෙත්වැ”
මෙහි අර්ථය ‘බෝධිසත්වයෙක් නොවන කිසිවෙකු මේ රටේ රජ නොවිය යුතුය එසේත් නැත්නම් පරාර්ථයටම කැපනොවූ කිසිවෙක් මේ රටේ පාලකයා නොවිය යුතුය’ යන්නය. මේ නිසා බොහෝ රජවරු ස්වකීය නාමය ඉදිරියට ‘සිරි සඟබෝ’ යන ගෞරව නාමය එකතුකර ගැනිමට පුරුදු වූහ. මේ පරාර්ථය වෙනුවෙන් රාජ්‍ය කිරීම වර්තමානයට ගෙන එන්නේ 1956 දී ය.
“බෝසත් බණ්ඩාරනායක”
ඒ වසරේ දී සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයේ නියෝජිතයා වීමට උපතින්ම ඇංග්ලිකන් ක්‍රිස්තියානියෙක් වූ, සිංහල කියවීමට ලිවීමට නොදත්, ඇස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක [සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් ] ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් විය. ඔහු 'වීරයා' හැටියට කරේ තබාගත් පංච මහා බලවේගය [සඟ, වෙද, ගුරු, ගොවි. කම්කරු] මේ ක්‍රිස්තියානි බණ්ඩාරනායක “බෝසත් බණ්ඩාරනායක” නමින් නම් ගන්වා වෙස් ගැන්නුවේ ය. අනතුරුව ඔහු නූතන දියසේන කුමාරයා [දුකට පත් රටවැසියන් ඉන් මුදවා ගැනීමට එන වීරයෙක්] බව ප්‍රචාරය කළහ.
කෙසේ වෙතත් බෝසත් බණ්ඩාරනායක, 1959 සැප්තැම්බර් 25 වෙනිදා වෙඩි තබා මරා දමන්නේ ඉහත කී “පංච මහා බලවේගයේ” පලමු බලවේගය වු සංඝ බලවේගයේ නායකයා හා ඔහුගේ අනුගාමිකයෙක් එකතුවීමෙන් ය.
'ලිබරල් බෝසත්තු'
ලංකාව බඳු බෞද්ධ රටක ණයට ගැනීමෙන් හෝ ආර්ථිකයේ උත්පාතයක් පවතින විට භික්ෂූහු රහතුන් බව කියන්නට පටන් ගනිති. බැතිමත්තු සෝවාන් හො වෙනත් මාර්ග ඵල ලබා ගැනීමට පොර කති. ආර්ථික අවපාතය නාසයට උඩින් යන විට ජිවිත කාලයම බඩ වඩා ගැනීමට යොමු වූ පෘතග්ජනයෝ බෝසත්තු බවට පත්වෙති. රට හා එහි හාමතට වැටුණු ජනයා බේරා ගන්න දැන් දැන් 'අලුත් බෝසත්තු' වර්ගයක් එළියට බැස සිටිති. ඔවුහු 'ලිබරල් බෝසත්තු' ය.
නම් හැටියට කීවොත් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ “ලිබරල් දහම්” දෙසන මේ බෝසත්තු අතරේ කැපී පෙනෙන්නේ පැතුම් කර්නර්, රසික ජයකොඩි, රෝහාන් සමරජීව වැන්නවුන් ය.
මෙයින් කැපී පෙනෙන ඉතිහාසයක් තිබෙන්නේ ආචාර්ය උපාධියක් ද ඇති රෝහාන් සමරජීව ය. සමරජීව 1990 දශකයේ මැද පටන් ලංකාවේ විවෘත ආර්ථිකයට මානුෂීක මුහුනුවරක් දෙන්නට බලයට පත් වූ අනුප්‍රාප්තික වු ආණ්ඩුවල උපදේශකයෙකු හා කළමණාකරුවෙකු හැටියට මේ විනාශයට හවුල් වූවෙකි.
ජනාන්දෝලන ගංවතුරෙන් මතු වූවෝ..
පැතුම් කර්නර් බටහිර වෛද්‍යවරයෙකි. මොහු අඩුම තරමින් පසුගිය දශක කීපය තුල ලංකාවේ හෙදියන්ට උපාධි දිමට හතුරු වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සමාජිකයෙකි. ඔහු මේ "ලිබරල් බෝසතාණන්" කෙනෙක් වන්නට පෙරුම් පුරද්දී මේ ජරා දොස්තර ප්‍රතිපත්තියට වචනයකින් හෝ විරුද්ධ වූ බවට වාර්තා නැත. මහජනයා හිතු මනාපේ ගසා කන පුද්ගලික වෙදකම පාලනය කිරීමට පක්ෂයව කට හොලවා නැත. නමුත් ඔහු හිටි අඩියේ ‘ගෑස්- තෙල් ජනාන්දෝලනයේ’ ගංවතුරේ පිහිනා බෝධිසත්වයෙක් වී ජනයා ගලවා ගැනීමට ලිබරල් දහම් දෙසමින් සිටින්නේ ය.
රසික ජයකොඩි පාසල් යද්දී තමාට ‘දේශපාලන හැඟීම්’ තිබුනු බව කියන්නේ ය. ඔහු ද මෙ ජනාන්දෝලන ගංවතුරෙන් මතු වූවෙක් මිස රටක් හෝ ජනතාවක් ගලවා ගැනීමේ වෙනත් බෝධිසත්ව ඉතිහාසයක් නැත්තෙකි.
ලිබරල්ලු අමතක කරන විජිතවාදය හා එයටම බැඳුනු යුද්ධ ඉතිහාසය..
මේ තිදෙනා ප්‍රමුඛ ලිබරල් බෝසතුන් පිරිස පසුගිය වසර 74 පාලනයේ ‘ලිබරල් ආර්ථිකය’ නොතිබුණු බව පුන පුනා කියති. මේ කිසිවෙක් ලංකාව වසර 500 කට ආසන්න කාලයක් යුරෝපීය යටත් විජිතයක්ව පැවති බව නොකියන්නේ ය. එයින් සිදු වූ බලපෑම එක්කෝ නොදැන සිටින්නෝ ය. නැතිනම් පැරණි යටත් විජිත හිමියන්ගේ ‘ලිබරලය’ යටත් විජිතවාදය හා එයටම බැඳුනු යුද්ධ ඉතිහාසය සමඟ ගමන් කරන නිසා හිතාමතාම අමතක කරමින් සිටින්නේ ය.
බ්‍රිතාන්‍යයන් ගෙන් නිදහස ලැබී වසර 5 ගෙවෙන්නට පෙර බංකොලොත් වෙමින් තිබූ රටක, හාමතට වැටුණු ජනයා 1953 අගෝස්තුවේ දී මාරාවේශයෙන් මහපාරවල්වල වාඩි ලා ගත්තේ ය. මේ අර්බුදය එන්නේ දෙවන ලෝක යුද්ධයේ නිරත වු බටහිර ධනවත් රටවල් ද ආර්ථික අහේනියෙන් පෙලෙන්නට ගැනීමත් සමඟ ය. 1956 වෙද්දී ලංකාවට අත්‍යාවශ්‍ය ඖෂධ ආනයනයටවත් මුදල් නොතිබුනේ ය. 1953 සිට 1978 දක්වාම තිබුනේ සාගතය හා අහේනිය පැතිරෙමින් ය. 1978 සිට ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලේ උපදෙස් අනුව ණය ගැනීම ආරම්භ වුනේ ය. ඒ වන විට බටහිර රටවල් දෙවන ලෝක යුද්ධයේ පාඩු මකා ගෙන ය. ණය දෙන්න සැදී පැහැදී සිටියේ ය. ආර්ථිකය විවෘත කෙරුණේ ය. ළූණු ගෙඩියේ පටන් හිම සපත්තු දක්වා සියල්ල ආනයනය කෙරුණේ ය. 1983 වෙද්දී ලිබරල් විවෘත ආර්ථිකය රට සිවිල් යුද්ධයක් කරා ගෙන ගියේ ය. ඉතින් එතැන් පටන් යුද්ධ කෙරුනේ ණයට ගනිමින් ය.
නොබෝසත් දිළිඳු ජනයාට 'ලිබරල් නිවන' විකිණීමට..
දැන් මේ ලිබරල් බෝසත්තු එක් වටයකින් කෙළවුණු විවෘත ලිබරල් ආර්ථිකය යලිත් මේ නොබෝ සතුන් ආර්ථික කතරෙන් එතෙර කිරිමට විකුණමින් සිටිති. මොවුන් දෙවැනි වන්නේ පසුගිය කාලයේ මාර්ග ඵල විකුණු රහතුන්ටම පමණි. මන්ද මේ නොබෝසත් දිළිඳු ජනයාට තවත් වටයක් "ලිබරල් නිවන" විකීනීමට මොවුන් සමත් වූවහොත් මේ රට තවත් වටයකින් එක තැන කැරකෙනු ඇත. සමහර විට එය අවුරුදු 74 නොව 174 ක් වීමටත් ඉඩ ඇත.
-නන්දන වීරරත්න
Saturday, October 22, 2022
බදු ගෙවන්නන් සහ අපනයන කරුවන් නොමරා පරිශීලක ගාස්තු බඟින් රජයේ වියදම් ප්‍රමාණයක් අයකරගැනීම
The case for the user pay principle |
උපුටා ගැනීම මෙතනින්
සේවක ආදායම සඳහා ඉහළම අනුපාතය 18% සිට 36% දක්වා වැඩි කර ඇති අවස්ථාවක රාජ්‍ය සේවයන්හි පිරිවැය ජනතාවගෙන් අයකර ගන්නේ කෙසේදැයි දියුණු රටවලින් ඉගෙන ගැනීමට මෙරට ආදායම් සැලසුම්කරුවන්ගේ අකමැත්ත පෙනී යන්නේ ඔවුන් තවමත් ආදායම් බදු අය කිරීමේ සම්ප්‍රදායික ක්‍රමවලට ඇලී සිටින හෙයිනි.
රජයේ සේවාවල වියදම් අයකර ගැනීමට වෙනත් ක්‍රමයක් යොදා ගත් විදේශ ගමන් බලපත්‍ර කාර්‍යාලය සාර්ථක අන්දමින් සුළු මුදලකට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට මිනිසුන්ට සති කිහිපයක් බලා සිටීමට සිදු වූ කාලය වෙනස් කරමින්, ඉහළ ගාස්තුවක් සමඟ එක් දින සේවාවක් සාර්ථකව හඳුන්වා දෙන ලදී.
මෙම ක්‍රමය මඟින් විදේශ ගමන් බලපත්‍රය ක්‍රියාත්මක කිරීමේ පිරිවැය අයකර ගන්නා අතර දෙපාර්තමේන්තුවට අතිරික්ත මුදලක් ලැබීමේ සම්භාවිතයක් ද ඇත. මේ හැර භාණ්ඩාගාරයට හෝ ආදායම් සැලසුම්කරුවන්ට සීමාවෙන් පිටත සිතීමට නොහැකි වී ඇත.
රාජ්‍ය අංශයේ කිසිඳු සේවකයකු තම රැකියා ආදායම මත කිසිඳු බද්දක් නොගෙවන අතර, පෞද්ගලික අංශයේ සේවකයන් (විශ්‍රාම යාමේදී කිසිඳු විශ්‍රාම වැටුපක් සඳහා සුදුසුකම් නොලබන) තම ආදායම මත බදු ගෙවිය යුතුය. මෙහි ඇති අසාධාරණය වන්නේ රජය සෑම කෙනෙකුටම ලබාදෙන සේවාවන්ට සහනාධාර ලබාදීමට පෞද්ගලික අංශයේ සේවකයන්ට පමණක් නීතිය ක්‍රියාත්මක කිරීමයි.
දැනට පවතින බදු රහිත සීමාව මසකට රු. 100,000 වන විට රජයේ සේවකයන්ටත් ආදායම් බදු අදාළ නොවන්නේ ඇයි දැයි යන්න ගැටළුවකි. වැටුප රු. 100,000 සාමාන්‍ය රාජ්‍ය අංශයේ සේවකයෙකුට ලැබෙන මුදලට වඩා වැඩිය. ඒ අනුව පෞද්ගලික අංශයේ බදු අය කරනු ලබන්නේ ඉහළ ආදායම් ලබන පුද්ගලයන්ගෙන් පමණක් බැවින් කිසිවකුගෙන් ප්‍රතිරෝධයක් මතු නොවනු ඇත. එමෙන්ම රාජ්‍ය අංශයේ සේවකයකු මෙන් මසකට රු. 100,000 ට වැඩියෙන් උපයන පෞද්ගලික අංශයේ සේවකයකු ද ගෙවිය යුතු මිලම භාණ්ඩ හා සේවා සඳහා ගෙවිය යුතුය.
බොහෝ රජයන්ට වියදම් අයකර ගැනීමට ක්‍රම තුනක් තිබේ. එනම් එකතු කළ අගය මත බද්ද (වැට්), ආදායම් බදු වැනි සෘජු බදු, ආහාර සහ අනෙකුත් ආනයනික ද්‍රව්‍ය සඳහා වන වක්‍ර බදු සහ පරිශීලක-ගෙවීම වන අතර මෙය විදේශ ගමන් බලපත්‍ර සහ මෝටර් රථ භාවිතය සඳහා හැර ශ්‍රී ලංකාවේ කලාතුරකින් භාවිතා වේ. අනෙකුත් බදු මෙන් නොව, ගෙවන්නන් විසින් ගෙවන දෙයට සෘජු ප්‍රතිලාභයක් ලැබෙන බැවින් ද අනෙක් අයට සපයනු ලබන සේවාවන් සඳහා සුළු පිරිසක් සහනාධාර ලබා දීමක් සිදු නොවන බැවින් මෙය සාධාරණ ක්‍රමයකි.
මේ අනුව පරිශීලක වැටුප් ක්‍රමයකට මාරුවීම සහ අපනයනකරුවන්ගෙන් සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගෙන් ලැබෙන ඉහළ ආදායම් බදු මත යැපීම අවම කිරීම සඳහා පද්ධතිය වෙනස් කළ හැකි ආකාරයන් බොහොමයක් ඇත.ඒ අතර,
- රජයේ ප්‍රධානතම වියදම්වලින් එකක් වන අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය හදාරන 1-12 ශ්‍රේණි අතර පාසල් සිසුන් මිලියන 4.2 ක් පමණ සිටිති. මෙම සිසුන්ගෙන් අවම වශයෙන් 15% ක් වත් පවුල් මාසික ආදායම රු. 100,000 හෝ වත්කම් රු. මිලියන 25 ක් වේ. එසේ එම සිසුන් සඳහා රුපියල් 5,000ක් අධ්‍යාපනය සඳහා මසකට ගෙවීමට සැලැස්වීමෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මුළු ආදායම වසරකට රු. බිලියන 37.8 ක් තෙක් වර්ධනය වනු ඇත. මෙයට සමඟාමීව රජයට සෑම පෞද්ගලික පාසලකම ආසනයක් සඳහා රු. 5,000 ක් අය කළ හැකිය.
- ප්‍රධාන මාර්ග භාවිතය සඳහා භාවිතා කරන්නන්ගෙන් කිලෝමීටරයකට ගාස්තුවක් අය කිරිම තුළින් රජයට අවම වශයෙන් මාර්ග නඩත්තුව හා ප්‍රතිසංස්කරණයෙන් කොටසක් පියවා ගත හැකිය. අපගේ අධිවේගී මාර්ගවල මෙන් කාර්ය මණ්ඩලයක් සහිත කුටි වෙනුවට ඉලෙක්ට්‍රොනික පරිශීලක ගාස්තු අය කිරීමේ පද්ධති මේ සඳහා යොදා ගත හැකිය.
- රජය පළාත් පාලන ආයතන සඳහා ද සැලකිය යුතු මුදලක් වැය කරයි. කෙසේ වෙතත්, රු. මිලියන 50 ක් වටිනා මහල් නිවාසයක් හෝ නිවසක් සඳහා ගාස්තු ලෙස වසරකට 2,500 ක් අය කිරීම හා සාපේක්ෂව පළාත් පාලන ආයතන විසින් අය කරනු ලබන ගාස්තු පිරිවැය නොසැලකිය හැකියි. රජයට පහසුවෙන් දේපල වටිනාකමෙන් 0.5%ක් අය කළ හැකි අතර එය වසරකට රු. 250,000 හෝ මසකට රු. 20,000 වන අතර එය දැනට පවතින ගාස්තු මෙන් 100 ගුණයකි. ඔවුන් එකතු කරන මුදලින් 30%ක් අනුපාත ලෙස තබා ගැනීමටත් ඉතිරිය ඔවුන් නඩත්තු කළ යුතු යටිතල පහසුකම් පිරිවැය පියවා ගැනීමටත් රජයට ඉඩ දිය හැකිය. ඒ වගේම රජය පළාත් පාලන ආයතනවලට දරන වියදමත් මේ හරහා අඩු වෙයි.
- දැනට මෝටර් රථ සඳහා අයකරනු ලබන ආදායම් බලපත්‍ර ගාස්තුව ද ඉතා කුඩාය. 70 දශකයේ ආචාර්ය එන් එම් පෙරේරා විසින් හඳුන්වා දුන් සුප්‍රසිද්ධ SRI බද්දට අනුව SRI 6 ලියාපදිංචි අංකයක් සහිත මෝටර් රථයක් සඳහා රු. 600 ක් අය කරන අතරතුර ප්‍රාඩෝ රථයක හිමිකරුවෙක් ආදායම් බලපත්‍රය සඳහා රු. 4000 ද වසරක් සඳහා රක්ෂණය කිරීමට රු. 300,000 ද ගෙවිය යුතු වේ. මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ආදායම් බලපත්‍රය සඳහා අවම වශයෙන් 0.2%ක් අය කළ යුතු අතර මෙමඟින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හි ආදායම දස ගුණයකින් වැඩි කරයි.
- රජයට විශ්ව විද්‍යාල උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කළ හැකිය. උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු වසර දහයක් සඳහා පොලිය නොමැතිව ණය මුදල මාසිකව ගෙවිය යුතුය. මෙමඟින් රජයේ පිරිවැයෙන් සැලකිය යුතු කොටසක් අයකර ගනු ඇත. ඉන්පසුව, ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය පෞද්ගලික විශ්වවිද්‍යාල ද ඇතුළත් කිරීමට දීර්ඝ කළ හැකිය. මෙය ක්‍රියාත්මක කිරීම තුළින් සිසුන් උපාධිය සම්පූර්ණ නොකර විශ්ව විද්‍යාලයේ රැඳී සිටිනවාට වඩා නියමිත වේලාවට උපාධිය සම්පූර්ණ කිරීමට උනන්දු කරවයි. ඒ සෑම මසකම ඔවුන්ගේ වියදම රු. 10,000 කින් වැඩි වන බැවිනි.
- සෞඛ්‍ය සේවා සඳහා පවා වැඩි ආදායම් ලබන පවුල් වල සාමාජිකයන් ගෙන් උපදේශනයක් සඳහා රු. 100, රෝහල් ගත කිරීම සඳහා දිනකට රු. 500 සහ ශල්‍යකර්ම සඳහා රු. 5000 ක් අය කිරීම අසාධාරණයක් නොවේ.
- පරිශීලක-ගෙවීම් සේවාවක් සඳහා උදාහරණයක් නොවුනත්, රජයට අඩු වියදමක් දරමින් දරිද්‍රතාවය තුරන් කිරීමේ යෝජනා ක්‍රමයක් ඉදිරිපත් කළ හැකිය. දිළිඳු ජනතාවගෙන් සැලකිය යුතු කොටසක් ඔවුන්ගේ තත්ත්වයෙන් පිටතට ඇද ගැනීමට දරිද්‍රතාවය තුරන් කිරීමේ පද්ධති අසමත් වී ඇත. මේ අනුව ජනතාව සහ සමාගම් ස්වේච්ඡාවෙන් මසකට රු. 10,000 සපයමින් අසරණ පවුලක් රැකබලා ගන්නා ආකරයේ යෝජනා ක්‍රමයක් රජය විසින් ඉදිරිපත් කරනුයේ නම් එවැනි යෝජනා ක්‍රමයක වඩාත්ම තීරණාත්මක කොටස වන්නේ වසර කිහිපයකට පසු බොහෝ පවුල් දරිද්‍රතාවයෙන් මිදීමට හැකි වන පරිදි අඩු ආදායම්ලාභී පවුල්වලට මඟ පෙන්වීම සහ තවදුරටත් වැඩිදුර උපකාර ලැබීමයි.
දැන් නොමිලයේ හෝ කුඩා ගාස්තුවකට සපයන රාජ්‍ය සේවාවන් බොහොමයක් තිබිය හැකිය. අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහනාධාර ලබා දීම ඕනෑම සමාජයක සැමවිටම යුක්ති සහගත ය. නමුත් ගෙවිය හැකි අයට නොමිලේ හෝ සහනාධාර සේවා සැපයීම සහ පෞද්ගලික අංශයේ සේවකයන් තම ආදායමට වැඩි බදු ගෙවීමට සැලැස්වීම දැඩි අසාධාරණයකි.
එම නිසා මසකට රු. 100,000 ක ආදායමක් හෝ වත්කම් රු. මිලියන 25 කට වඩා අඩු පවුල් සඳහා රජය නොමිලේ සේවා කාඩ්පතක් හඳුන්වා දිය යුතුය. එයින් ඔවුන්ට නොමිලේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය පහසුකම් ලබා දිය හැකිය. ගෘහ මූලිකයා විසින් අත්සන් කරන ලද දිවුරුම් ප්‍රකාශයක් මත පදනම්ව මෙය සිදු කළ යුතුයි.
තවද අයදුම්කරුවෙකු තම ආදායම සහ වත්කම් පිළිබඳ ව්‍යාජ දිවුරුම් ප්‍රකාශයක් ලබා දෙන්නේ නම්, ඔවුන්ට එරෙහිව නඩු පැවරිය හැකි අතර, නොමිලේ සපයනු ලබන සේවාවන්හි පිරිවැය මෙන් කිහිප ගුණයක දඩයක් අයකර ගත හැකිය.
වර්තමානයේ සංවර්ධිත රටවල සාධාරණ සාර්ථකත්වයක් සහිතව මේ හා සමාන පද්ධති ක්‍රියාත්මක වේ.
පරිවර්ථනය ඕවින්දි විෂ්මිකා
www.lankanewsweb.net
Thursday, September 29, 2022
ජවිපෙ ගමන නිමයි, නායක අනුර කියයි..! (from LankaeNews)
(ලංකා ඊ නිව්ස් -2022.සැප්.29, ප.ව.9.45) රටේ රාළ ජවිපෙ ගැන ලියපු පහුගිය ලිපිවලින් දිගටම කිව්වේ ජවිපෙට දැන් නිශ්චිත න්‍යායික ස්ථාවරයක් වගේම සංවිධාන මඟපෙන්වීමක් නෑ කියලයි. ඔය මොකක් හරි කියවන එකක් ඇති. රටේ රාළ ඒකට කියන්නේ වැඩවසම් සමාජවාදය කියලා. ඇත්තටම දැන් ජවිපෙ ගොඩක් දුරට සමාන රාජපක්ෂලාට. ඒ කියන්නේ වැඩවසම් ධනවාදයට. බලන්න දෙගොල්ලන්ටම තියෙන්නේ වහසි බස් දෙඩවීම, පුරසාරම් දෙඩවීම, පම්පෝරි ගහන එක විතරයි. අන්ත දෙකක ඉඳන් පම්පෝරි ගහන හින්දා සමහරුන්ට අරකට විකල්පය මේක කියලා හිතෙන්නත් පුළුවන්. එහෙම නැතිව අනුරගේ ජවිපෙන්වත් මහින්දගේ පොහොට්ටුවෙන්වත් මේ රටේ ප්‍රශ්නවලට උත්තරයක් නෑ. රටට සිද්ධ වෙච්චි යහපතකුත් නෑ. එහෙම එකක් තියනවා නම් හොයලා කියන්න.
අනුර දැන් වීරප්පන් වගේ..
මේ දවස්වල ජවිපෙ පට්ට සටන්කාමී වෙලා. පහුගිය දවසක කරපු ජවිපෙ සමාජවාදී තරුණ සංගමයේ උද්ඝෝෂණ පෙළපාලියෙන් පස්සේ, ඒ වගේම හඳුනෙත්තිගේ අකුරැස්ස ජාතික ජන බලවේගයේ ආසන සභාවෙන් පස්සේ, අනුර කුමාර හරියට වීරප්පන් වගේ වෙලා. අනුර දැන් කොච්චර සටන්කාමීද කියනවා නං මේ අනුර කුමාරමද කියලත් හිතෙනවා. අනුර ළඟදී මෙහෙමත් කිව්වා " මතක තියාගන්න දෙවන ජනතා නැගිටීම එන්නේ ජාතික ජන බලවේගයේ නායකත්වය හා මෙහෙයවීම යටතේ " කියලා. 88/89 යේ ඉඳන් ජවිපෙ තෝරපු හැම සටනකින්ම පෞද්ගලික බය නිසාම පැනලා ගිය අනුරට එක අතකින් එහෙම කියන්න හරි ගටක් ආපු එක ගැන නං සතුටුයි. හැබැයි අනුරගේ ඒ කතාවෙන් රටේ රාළ දිගටම ජවිපෙ ගැන කියපු එක කතාවක් ඔප්පු වෙලා තියනවා. දෙවෙනි අරගලය එන්නේ ජාතික ජන බලවේගයේ නායකත්වයෙන් නං පළවෙනි අරගලය ආවේ කාගේ නායකත්වයෙන්ද? ඒකට මොකද උනේ? කියන ප්‍රශ්නය එනවා. ඇත්තටම එහෙනම් කියන්න තියෙන්නෙ දෙවෙනි අරගලය වෙනුවෙන් ජවිපෙ පලවෙනි අරගලය පාවා දුන්නා කියලා.
ජවිපෙ අරගලය හයි ජැක් කරන්න බැරි වුනාම අල කළා..
ජවිපෙ අරගලය සම්බන්ධව පලවෙනි මොහොතේ ඉඳන්ම හිටියේ ඒකට ජනතාව නොයා යුතුයි කියන ස්ථාවරයේ. මිරිහානෙන් අරගලය පටන් ගත්ත අප්‍රියෙල් තුන් වෙනිදා ඉස්සෙල්ලා දවසෙත් ජවිපෙ කිව්වේ අසංවිධානාත්මක අරගලවලට යන්න එපා කියලයි. ලාල් කාන්ත ඒක පැහැදිලිවම කිව්වා. අනුර ටිල්වින් ඩබලත් ඒකම කිව්වා. හැබැයි රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ගොඩ නැගූණ ජනතා විරෝධය ජවිපෙට එහෙම කියලා නවත්තන්න බැරි උනා. ජනතාව සටන්කාමීව අරගලයට ආවා. ඒක නතර කරන්න බැරි බව දැක්ක ජවිපෙත් තමන් අහෝසි වෙයි යන බයට මහරගම ඇතුළු තැන් කීපයකින් පාරට බැස්සා. ඊට පස්සේ අරගලය ගෝල්ෆේස් එක කේන්ද්‍ර කරගෙන පටන් අරන් පිම්මක් විදිහට ඉදිරියට යනකොට ජවිපෙ කළේ අරගලය හයිජැක් කරන්න හදපු එක. ඒක බැරි වෙනකොට අරගලය අල කරන්න ජවිපෙ මැදිහත් උනා. රටේ රාළත් පිලිගන්නවා ජවිපෙ තරුණ සංගමය, කාන්තා සංගමය, කලා සංගමය අරගල භූමියේ හිටියා කියලා. හැබැයි එයාලා වැඩ කළේ නිර්පාක්ෂික කාලසටහනට අනුව නෙවෙයි ජවිපෙ කාලසටහනට අනුවයි. ජූලි 09 වෙනිදා ගෝඨාභය පන්නන සටනට ජවිපෙ ලොකු දායකත්වක් දුන්නේ නෑ. හැබැයි සටන ගෝඨාභය එලවන තැනට පරිවර්තනය උනාට පස්සේ ජවිපෙ තමන්ට වෙච්චි ලැජ්ජාව මකාගන්න ජූලි 10 වෙනිදා දියත උයන ලඟට ජවිපෙ සාමාජිකයින් කැඳවලා පාර්ලිමේන්තුව අල්ලන්න යන්න මෙහෙව්වා.
Friday, August 12, 2022
පොරොන්දුවක් කඩ කිරීම
ගලක් උඩ හිරවුනු ඔරුවක් හබල් ගාන අනුර කුමාර |
Wednesday, August 10, 2022
(ජවිපෙ) අරගලය ගොයින් හෝම්
ෆොන්සේකා කියපු සෙනඟත් නෑ ෆොන්සේකාත් නෑ
අද අවසන් අරගලය සඳහා කොළඹ වැටලීමට ජන සුනාමියක් පැමිණෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් පැවසුවද මේ වන තෙක් සැලකිය යුතු ජන පිරිසක් කොළඹ කිසිම තැනකට ඒකරාශී වී නැත.
සමගි ජන බලවේගය මන්ත‍්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුව ඉදිරියේදී විරෝධතාවක් පැවැත්වුනද ජනාධිපති මන්දිරය මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය හෝ පාර්ලිමේන්තුව යන අරගලකරුවන් ඉලක්ක වූ කිසිදු තැනක ලඟ මේ වන විට සැලකිය යුතු මට්ටමේපිරිසක් රැස්වී නැත.
මේ අතර ගාළු මුවදොර සිටින සුළු අරගලකරුවන් පිරිස ඊයේ දිනයේ කියා සිටියේ අද කොළඹ පැටලිමට ජනතාව පැමිණියේ නැතහොත් අරගලය අවසන් කරන්නට සිදුවනු ඇති බවයි.
මේ අතර අද දිනයේ විරෝධතා කිහිපයක් පැවැත්වීමට සූදානම් කර තිබීම හේතුවෙන් ගාලු මුවදොර හා ඒ අවට ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව දැඩි කර තිබේ.
වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත්තේ අද ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් රට පුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරන බවයි. (LankaCNews)
සටහන
මම අප්‍රේල් 30 දින සිට ආරම්භ වුණ නිර්පාක්ෂික අරගලයට සහය දැක්වූවෙමි. මැයි 9 අරගලයට පහර දීම හේතුවෙන් මහින්දට ඉල්ලා අස්වන්නට සිදුවීම සහ පක්ෂ පාට නොබලා ජූලි 9 දින එක්වූ මහජනයා නිසා ගෝඨාභය ඉල්ලා අස්වීම රටට හොඳ බව මගේ අදහසයි. කලින් අරගල සම්ච්චල් කර එයට ඇති ජනප්‍රියත්වය දුටුකල එය පැහැරගත් සහ රාජපක්ෂවරුන් අස්වීමේ ක්‍රෙඩිට් එක බලෙන් ලබාගෙන තිබෙන ජවිපෙ සහ අන්තරය ඔවුන්ට අවශ්‍ය දේ දෙනතුරු අරගලය දිගැස්සවීමට උත්සාහ කිරීමට මම නොකැමතිය. එමෙන්ම ඔවුන්ගේ විදේශීය ජාලයන් උපයෝගී කරගෙන මුල්‍ය අරමුදලෙන් ලැබෙන සහයෝගය කඩාකප්පල් කිරීමට උත්සාහ කරන්නේ ඔවුන්ට බලය ලබා ගැනීමට එයින් අවාසියක් වන බැවිනි. මහජනයා කොමපණ කරදර වින්ඳත් එය ඔවුන්ට ප්‍රශ්ණයක් නොවේ.
අවුරුදු 74 ක රට වලපල්ලට යාමක් ගැන ඔවුන් කියයි. ධම්මික පෙරේරා මහතා කීපරිදි වසරකට ඩොලර් බිලියන දෙකක් පිටරටවල අධ්‍යාපනය ලබන සිසුන් වෙනුවෙන් රට වියදම් කරයි. 1989 සිට පෞද්ගලික විශ්ව විද්‍යාල නැතිකිරීමට ඔවුන් ක්‍රියාකල නිසා අද මුදලින් ඩොලර් බිලියන 60 ක් පමණ රට පටවා ඇත. රටේ මුළු ණය ප්‍රමාණය ඩො. බිලියන 55 කි. එමනිසා රට වැටී ඇති තත්ත්වයට ජවිපෙත් විශාල වශයෙන් වගකිව යුතුය.
Monday, July 25, 2022
බස් ගමනාගමනය ප්‍රතිව්‍යුහගත කිරීම.
රජයේ සහ පෞද්ගලික බස් රථ |
අද පවතින බස් ගමනාගමන ක්‍රමයේ විශාල ගැටළු කිහිපයක් ඇත. එනම් සමහර මාර්ගවල විශාල පුද්ගලික බස් රථ ප්‍රමාණයක් ධාවනය වන විට සමහර මාර්ග වල අඩුප්‍රමාණයක් ධාවනය වීම. රජයේ සහ පුද්ගලික බස් අතර සහ පුද්ගලික බස් දෙකක් අතර තරඟය. අධිවේගයෙන් ධාවනය කිරීම, පුහුණුව නොලත් රියැදුරන්, සහ කාලයකට පෙර නිර්ණය කරන ලද ධාවන මාර්ග, පුද්ගලික බසයක් කාර්මික දෝශයකට ලක්වුණොත් ඇතිවන සංකූලතා ආදියයි.
මේ සඳහා විසඳුම නම් බස් ධාවනය සහ බස් අයිතිය වෙන් කිරීමයි. එනම් රටේ හෝ පළාතක බස් ප්‍රවාහණ පහසුකම් සැපයීම රජයේ ආයතනයකට පැවරීමයි. බස් හිමියන් එනම් පුද්ගලික බස් හිමියන් සහ ගමනාගමන මණ්ඩලය එම ආයතනයට බස් කුලියට දීමක් කරනු ලබයි. අයිති කරුවන් බස් රථය සහ රියැදුරා මෙම ආයතනයට සපයනු ලබන අතර, දෛනික දීමනාවක් සහ ධාවනය වන දුර මත පදනම් වූ ගෙවීමක් බස් හිමියන්ට ලැබේ. බස් හිමියන්ට අසාධාරණයක් නොවන ලෙස පරිගණක පද්ධතියක් මඟින් ඊලඟ දිවීම සඳහා බස් තෝරාගත හැක, එසේම බස් වල සවිකරන ට්‍රැකින් යන්ත්‍ර හරහා බස් ධාවනය වන වේගය ආදිය ලබා දී ඇති කාල වලට සිදුවන බවට තහවුරු කල හැක. එවිට වැඩිපුර ධාවනය ලබා ගැනීමට වේගයෙන් ධාවනය කිරීමට නොහැකිවේ. එමෙන්ම එම ට්‍රැකින් යන්ත්‍ර හරහා බස් නැවතුමේ සිටින අයට බස් රථය කොතරම් දුරකින් පවතින්නේ ද යන්න බලා ගත හැකිවනු ඇත, ප්‍රවාහණය මෙහෙයවන්නේ එක ආයතනයක් බැවින් එකම රීලෝඩ් කල හැකි ඉලෙක්ට්‍රොනික් පාස් එකක් හරහා මහජනයාට ඕනෑම රථයක ගමන් කල හැකි වනු ඇත.
බස් රථ ලබාගන්නේ ප්‍රවාහන ආයතනය විසින් බැවින් විටින් විට රෝද වල තත්ත්වය සහ කාර්මික තත්ත්වය පරීක්ෂා කිරීමටත් රියැදුරන්ගේ බලපත් සහ පුහුණුව පරීක්ෂාකර අනුමත කිරීමට ඔවුන්ට හැකිය.
මේ ක්‍රමයේ ඇති විශාලතම වාසිය නම් ඉල්ලුම අනුව බස් රථ එකම දිනයකදිත් විවිධ මාර්ග වල ධාවනයට යෙදීමට ප්‍රවාහන අධිකාරියට හැකිවේ. දැනට ගමනා ගමන මණ්ඩලය අනුයුක්ත කර ඇති ආකාරයට හෝ රූට් පර්මිට් අනුව මිස බස් ධාවනය කල නොහැක. ඉල්ලුම පාලනය කිරීමට මහජනයා වෙත ඇප් එකක් ලබාදී එයින් ඔවුන් බස් නැවතුමට එන වේලාව සහ ගමනාන්තය ලබා ගත හැකිවේ. එම දත්ත යොදාගෙන පරිගණකය මඟින් ඊලඟට පැමිණෙන බස් රථය සහ එහි ඇති ඉන්ධන ප්‍රමාණය ආදිය සලකා බලා ඉහල ඉල්ලුමක් ඇති මාර්ග සඳහා ඊලඟ ධාවනයට අනුයුක්ත කල හැක.
Wednesday, July 20, 2022
අතිගරුත් නැති සහ කොඩියකුත් නැති ජනාධිපති සහ ජවිපෙ
අනුර සහ අතිගරුත් නැති සහ කොඩියකුත් නැති ජනාධිපති |
Saturday, July 16, 2022
මීලඟ ජනාධිපති ඩලස් අලහප්පෙරුම මැතිතුමා
Tuesday, July 12, 2022
අරගලයෙන් රට පරදියිද?
Friday, May 13, 2022
මේ රනිල්ගේ අවසාන දේශපාලන පත්වීමද?
මූට මේක කටපාඩම් ඇති |
Thursday, May 12, 2022
මොනවද මේ වෙන්නේ ?
Wednesday, April 27, 2022
තමන්ට අදාල නීති තමන්ම සදා ගැනීම
ඔබ යටත් විය යුතු නීති සම්පාදනය කිරීමේ වගකීම ඔබටම පවරා දුන්නොත් එසේ වෙනස් කරගන්නා නීති මොනවාද? මම වෙනස් කරගන්නේ බීමතින් රිය පැදවීමට ඇති තහනමත් ප්‍රසිද්ධ ස්ථාන වල දුම් බීමට ඇති තහනමත් යන දෙකයි. එම නීති වෙනස් කිරීම පාරේ යන අනික් අයට සහ ප්‍රසිද්ධ ස්ථානවල ඉන්නා අනික් අයට අසාධාරණයක් වෙන බව ඇත්තයි. එම නිසා ඒ නීති සම්පාදනය මට භාරදීම කිසිසේත්ම සුදුසු නැහැ. මෙහෙම දේවල් රටේ වෙනව කියල කිව්වොත් ඔබ විස්වාශ කරන එකක් නැහැ. නීතියට අදාල වන අයම තමන්ගේ නීති හදාගන්නා අවස්ථාවක් තමයි ව්‍යවස්ථාව වෙනස් කිරීම.
Monday, April 4, 2022
කවුරු ආවත් රට නැවත ආර්ථික වශයෙන් ගොඩනැගීම ඉතාමත් ආමරුයි
From the internet |