Wednesday, July 6, 2016

අපි වංචක වීරයන්ද?


සාධාරණය සඳහා පෙනී සිටින්නෙකු ගේ වඩාත්ම වටිනා ලක්ෂණය වන්නේ පෞද්ගලිකව තමාට ලැබෙන ලාභය හෝ පාඩුව නොතකා තමා විශ්වාශ කරන අරමුණ වෙනුවෙන් පෙනී සිටීමයි. එම ලක්ෂණය පමණක්ම ඔවුන් වීරයන් ලෙස සැලකීමට ප්‍රමාණවත්ය. අද සමාජයේ එවන් අය ඉතිරිවී සිටිනවා දැයි මට සැකයක් ඇත. මෙය ලෝකයටම පොදු දෙයක් දැයි කීමට අන් බොහෝ සමාජ ගැන දැනීම මට නොමැත.

අපේ රටේ සිදුවීම් ගැන බලන විට නම් එය පුහු වීරයන් පිරි සමාජයක් බවට පත්ව ඇතැයි කීම අතිශෝක්තියක් නොවේ. රට වෙනුවෙන් ජීවිතය දුන් අය සිටි සමාජයක් මෙසේ පුහු වීරයන්ගේ සමාජයක් ලෙසට පරිවර්ථනය වූවාද? එසේත් නැත්නම් එය මධ්‍යම පන්තියට පමණක් සිදුවූ දෙයක්ද යන්න මම නොදනිමි. රාජකීය, ශාන්ත තෝමස් හෝ ට්‍රිනිටි විද්‍යාල වලින් යුද්ධය ඇරඹීමට පෙර නිලධාරී ඉන්ටේක් වලට ආවත් යුද්ධය පටන් ගත් පසුව සෙබල සහ නිලධාරී ඉන්ටේක් වලට බොහෝ විට ආවේ ගම් වලිනි. එයත් සමහරවිට වෙනත් රැකියාවක් සොයා ගැනීමේ තිබූ දුෂ්කරතාවය නිසා දැයි මට සිතෙයි.

මේ ප්‍රවේශය ගත්තේ හමුදාව ගැන කථා කිරීමට නම් නොවේ. අද හැම තැනම දක්නට ඇති පොඩි මිනිහා බිල්ලට දී තමන්ගේ අරමුණු කරා යන අය ගැන කථා කිරීමටයි. විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීමට පෙර බොහෝ දෙනෙක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධ නැත. වෛද්‍ය සිසුවෙක් වූ වහාම පෞද්ගලික ඒවා කඩ බවට පත්වේ. වෙනත් රැකියාවක් කරන හෝ රැකියාවක් නැති අයට ආගමන විගමන නිලධාරීන් ගේ සී.සී.ටී.වී කැමරා වලට විරුද්ධ ක්‍රියාකලාපය අපුලකි. එහෙත් ඔවුන් ගෙන් එකෙක් හෝ ආගමන විගමන නිලධාරියෙක් වුණොත් ඔවුන් වෛද්‍ය වරුන් වැඩ වරනවාට විරුද්ධ වුවත් ආගමන විගමන නිලධාරීන්ගේ අසාධාරණ ක්‍රියා සියල්ල සාධාරණ ක්‍රියා ලෙස දකියි.

අරක්කු වලින් රජයට එන ආදායම කොල්ල කෑමට උදව් දෙන සුරාබදු නිලධාරීන් බොහෝ දෙනෙකුට පෙන්නන්නට බැරිය. ඔවුන්ගේ හොරකම් පාලනයට වෙනම කඩා පණින හමුදාවල් ස්ථාපනය කිරීමට රජය උත්සාහ කරණ විට එයට විරුද්ධ වීම සාමාන්‍ය ජනතාව දකින්නේ පිළිකුලෙනි. එහෙත් ඔවුන් ගෙන් එකෙක් සුරාබදු දෙපාර්තමේන්තුවේ රැකියාව ලබා ගත් දින සිට ඔහුත් ඔහුගේ පවුලේ අයටත් සුරා බදු නිලධාරීන් සර්ව සාධාරණ අයයි.

සේවය කරන ස්ථානවලදී තමන්ට අසාධාරණ කම් වන විට එවන් දේ ගැන ඉතාමත් සංවේදී වන අයම තමන්ට තත්ත්වයක්, නිලයක් හෝ බලයක් ලැබුණු දා සිටම උත්සාහ කරන්නේ ඔවුන්ම කලින් විවේචනය කල අය කලාක් මෙන්ම අන් අයට කරදර කරමින් තම බලය විදහා පෑමටය. 

තවත් හොඳම උදාහරණයක් නම් සාමාන්‍ය ජනයා අතර පවතින දේශපාලකයින්ගේ අසමක්ජාති ක්‍රියා සම්බන්ධයෙන් පවතින අපුලයි. ප්‍රාදේශීය සභාවකට හෝ වුන්ගෙන් එකෙක් තේරී පත්වුණොත් එදා සිට ඔවුන්ද එම ජරා වැඩම කරන්නේ කිසිම ලැජ්ජාවක් නැති ලෙසය. පුවත්පත් කලාවේදියෙකු වූ ඩලස් අලහප්පෙරුම  මීට හොඳ නිදසුනකි.

කොලඹ ගමයාගේ ලිපියක සඳහන් කල ආසියාතික සංක්‍රමණිකයන් මහා බ්‍රිතාන්‍යට යුරෝපීය සංක්‍රමණිකයන් පැමිණීමට විරුද්ධ වීමත් මීට සමානයි.

වෛද්‍ය වර්ජන, බස් වර්ජන, ගුරු වර්ජන, ආදිය ගැන තරයේ විරුද්ධවන ඔබ, වැඩ වැරුවොත් මහජනයාට අපහසුතාවයකට පත්වන රැකියාවක නිරත වන්නේ නම් ඔබගේ ඉල්ලීම් සඳහා වැඩ වැරීම යොදාගන්නට සහයෝගය දෙන කෙනෙක්ද? නැත්ද?

මේ කරුණු සලකා බලන විට පැහැදිලි වන්නේ බොහෝ පුද්ගලයින් සමාජය නිවැරදි කිරීමට හෝ අන් වෘත්තිකයන්ගේ කියාවන් හෝ වැරදි ගැන කථා කරන්නේ ඔවුන් අසාධාරණ ලෙස මුදල් ඉපයීමට විරුද්ධ නිසා නොව ඒ ගැන ඉරිසියාව නිසා පමණක්ම වන බවයි. එය ඔවුන්ටවත් නොතේරෙන බව මගේ හැඟීමයි. ඔවුන් හිතන්නේ ඇත්තටම සමාජ අසාධාරණයකට ඔවුන් විරුද්ධ වනවා කියායි. එහෙත් එය ඉරිසියාවක් නිසා හටගන්නා හැඟීමක් පමණක්ම වන බව පැහැදිලිය. 

මෙවැනි දෙයකට සමාන කල හැකි දෙයක් වන්නේ බුදු දහමෙහි උගන්වන වංචක ධර්මයි. වංචක රාගය පිළිබඳව වූ ලියවිල්ලක් මෙතනින් කියවිය හැක. එහි කියවෙන්නේ වංචක රාගය ගැන පමණි. 

එයින් උපුටාගත් ඡේදයක් මෙයට ඇතුලත් කරමි.

උපුටා ගැනීම

පරාභිවෘද්ධිකාමතා වේශයෙන් වඤ්චක රාගය  -


 අනුන් ගේ දියුණුවට කැමති බව පරාභිවෘද්ධිකාමතා නමි. සමහර විට රාගය පරාභිවෘද්ධි කාමතා වේශය ගන්නේය. එයින් වඤ්චිත වූ තැනැත්තේ ස්ත්‍රීන්හට ඉගෙනීමට උපකාර කිරීම, රක්ෂාවල් සොයා දීම යන ආදිය අනුන් දියුණු කිරීමේ කැමැත්තෙන් කරන දෙයක් සැටියට කරන්නේ ය. ස්ත්‍රීන්ට පමණක් නොව සමහර ළමයින්ට ද පරාභිවෘද්ධි කාමතා ප්‍ර‍තිරූපක රාගයෙන් සංග්‍ර‍හ කරති. රාගය බොහෝ වෙස් ගන්නා ධර්මයකි. ප්‍රිය වාදිතා, ධර්ම දේශනා කාමතා, ධර්ම ශ්‍ර‍වණ කාමතා, දාතු කාමතා, පරීක්ෂණතාදී රාගය ගන්නා වූ තවත් බොහෝ වේශයෝ ඇත්තාහ.

උපුටා ගැනීම අවසන්



සියළුම වංචක ධර්ම ගැන රේරුකාණේ චන්දවිමල හිමියන් පොතක් පල කර ඇත. එය මෙතනින් බාගත හැක.


බොහෝ සමාජයයීය සහ දේශපාලන කරුණු ගැන විවේචනාත්මක අදහස් බ්ලොග් ලියන සහ ෆේස්බුක් පාවිච්චි කරන අය අතර ප්‍රකටය. අපි මෙසේ සිතන්නේ ඇත්ත වශයෙන්ම අපි සාධාරණ ලොවක් පතන නිසාද එසේත් නැත්නම් අපට නොලැබෙන දෙයක් බැවින් ඇතිවන ඉරිසියාව හෝ ද්වේශය වෙනත් ස්වරූපයකින් අපගේ ලියවීම් හා අපගේ මතය හරහා එලියට එන්නේද යන්න පෞද්ගලිකව සිතා බැලීම අපටම ප්‍රයෝජනවත් විය හැක.

රේරුකාණේ හිමියන් වංචක ධර්ම ගැන ලියා ඇති පොත සොයාගෙන හෝ ඉහ ලින්ක් එකෙන් බාගත හැකිනම් එය කියවීමෙන් ඊටත් වඩා ප්‍රයෝජනයක් ඔබගේ ජීවිතයට අත්විය හැක.

(අහිංසකයන් බිල්ලට දී පෞද්ගලික හෝ ආර්ත්මාර්ථකාමී අරමුණු සඳහා පෙනී සිටින වෘත්තිකයින්ගේ එවන් ක්‍රියා සාධාරණීකරණය කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ. එයට විරුද්ධව හඬ නගන්නන් ඔවුන්ට පෞද්ගලිකව බලපාන ප්‍රශ්ණයකදී ගන්නේ අහිංසකයනේ පැත්තද නැත්ද යන්න සිතින් විමසා බැලීමට කරන ආරාධනයක් පමණි.)



53 comments:

  1. එක නම් සත්‍ය කරුනක. කියන්න තියෙන්නෙ ඕක ඉරිසියාව නිසා සිදුවෙන දෙයක්. තව තමන්ගෙ ලොකු කම පෙන්වන දෙයක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සලිත

      Delete
  2. ඔවා දෙනු පරහට
    තමා සම්මතයෙහි පිහිටා සිට
    දුසිරිත් දනන් දෙන
    ඔවා වැද්දන් දෙසන බණ වැන

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ චෙෆා.
      Thank you Sir !!

      Delete
    2. හරියට චෙෆා වගේ.

      Delete
  3. මට නම් ඉරිසියාවක් නැහැ ඉයන්. හැබැයි ඔයාගේ කතාවේ සත්‍යයක් නැතුව නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අජිත්

      Delete
  4. ඔය රේරුකාණේ චන්දවිමල බ්‍රෑන්ඩ් එක ප්‍රමෝට් කරනවා මේ දක්වා මා දැක ඇති අයගේ අනෙකුත් වැඩ-කිඩ ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. ඉයන් ඒ ගොඩේ යැයි නොසිතමි.

    ReplyDelete
    Replies
    1. එහෙම වුණොත් මම අරන් තියෙන්නෙත් වංචක position එකක්. උන්වහන්සේ ගැන සඳහන් කලේ මීට හාත්පසින්ම සමාන තමන්ට කෙලින්ම නොවැටහී තිබෙන චිත්ත තත්ත්වයන් ගැන බුදුදහමේ එන වංචක ධර්ම ගැන ලියා තීබීම නිසා පමණයි.

      ස්තූතියි රසික

      Delete
    2. රසික:
      එතැන බ්‍රෑන්ඩ් එකක් ඇතිඋනේ මෑතකදී වෙන්න විතරයි. මොකද ඒ පොත් 60 ගණන්වල ලියවෙච්ච දේවල් උනත් මෑතකදී තමයි වැඩියෙන් සංසරණය වෙන්න පටන් ගත්තේ. අසපු බ්‍රෑන්ඩ් අයත් එක්ක එකපෙලට ඉන්න 'ආස' අයට ඒ පොත් වල බෑන්ඩඩ් ගතියක් පෙනෙන්නට තියෙනවා ඇති. නමුත් එවැන්නක් නැහැ. ඒ නිසා පොත සහ පොත කියවන්නන් අතර පරතරයක් තියෙනවා. එක් අයෙක් නෙවෙයි, උදාහරණ වලට ගන්න දුසිමක් උනත් දෙන්න පුළුවන්.

      Delete
  5. අපි වංචක වීරයන්ද?

    අපි? නෑහ්, ඒ එයාල.

    ‘අවංක වීරයෝ‘ ඉන්නේ සුරංගනා කතා වල විතරයි, අවංක නම් වීරයෙක් වෙන්න බෑ, වීරයෙක් නම් අවංක වෙන්න බෑ.


    ReplyDelete
    Replies
    1. //අවංක නම් වීරයෙක් වෙන්න බෑ, වීරයෙක් නම් අවංක වෙන්න බෑ.//

      මරු තර්කය. ඇත්තම තමයි. බොහොම ස්තූතියි ඇණයා

      Delete
  6. ඉස්සර තිබුනේ ceremonial හමුදාවක් නේ. සමහර රෙජිමේන්තු වලට බඳවාගත්තේ රදළ පෙලපතක් තියන අය පමණයි. මම මෙතන නම් සඳහන් නොකලාට ඔබ හොඳින්ම දන්නවා.

    අපි කුඩා කාලයේ ගම් 10 කට 15 කට එක්කෙනෙක් වගේ තමා ත්‍රිවිධ හමුදා සොල්දාදුවකු හිටියේ. ඔහුට ගමේ ආරච්චි මහත්තයාටවත් නැති ගෞරවයක් තිබුණා. නිලධාරීන් නම් ගම්වල හිටියේම නැහැ. 1971 න් පසු, තමා ගමේ කොල්ලන්ට හමුදාවට යන්න වැඩි අවස්ථා ලැබුනේ. 1980 දශකය වනවිට එය තවත් වැඩිවුනා. රස්සාවක් නැතිකමට යන්න තියන එකම තැන වුණේ හමුදාවයි.

    යුද්දෙට බයවුනත්, ජීවත් වෙන්න විදිහක් නැතුව හමුදාවට බැඳුණු බොහෝ දෙනෙක් සටනේදී මියගියේ බයෙන් බයෙන් යුද්ද කරපු නිසා.

    මම හිතන්නේ නැහැ, යුද්දෙදි මම වත් 100% ක් අවංකයි කියා. අවංකව ඉඳිමින් යුද්ධ කරන්න බැහැ. විවිධ බොරු කපටිකම් කරන්න වෙනවා, තමන්ගේ හමුදාවේ චිත්ත ධෛර්යය නැංවීමට, සතුරාගේ ක්‍රියාකාරකම් වලට එරෙහිව සහ තමන්ගේ රටේ ජනතාවගේ චින්තනය වෙනස් කරන්නට.

    ReplyDelete
  7. මැජර, වන්චනික, හොර, දූශිත ස ර ස තුමා, සින්හල බොග් අවකාසේ එදා සිට ම පෙනී සිටියේ තමන් මෙන් ම මැජර, වන්චනික, හොර, දූශිත උදවිය වෙනුවෙනි! ඉදිරියට පෙනී සිටින්නේත එවැනිම මැජර, වන්චනික, හොර, දූශිත උන්දැලා වෙනුවෙන් ම පමනකි!

    එම නිසා ඉයන් තුමා ගේ ලිපිය අපට අදාල නැත!



    බොලේ මෙන්න අයිවනුත් ඇවිල්ලා ය!

    ReplyDelete
    Replies
    1. ස රසතුමා ගැන මට අවංක ඊරිසියාවක් හිතේ.

      Delete
    2. // ස රසතුමා ගැන මට අවංක ඊරිසියාවක් හිතේ. //

      හැමෝටම ස ර ස තුමා ට මෙන් පබ්ලික් එකේ රෙද්ද ගලෝගෙන පිස්සු කෙලීමේ හැකියාවක් නැත :D

      Delete
    3. ස රසතුමාට වැඩි වැඩියෙන් එසේ කිරීමට ලැබේවායයි අපි පරාභිවෘද්ධිකාමතාවෙන් පතමු

      Delete
    4. // @ Sarasa - eye one elowa gihn melowa awaya //

      මෙලොවට වැල්කම් ය!

      Delete
    5. @Eye-one,
      ස රස තුමාට එලෝ මෙලෝ වෙනසක් නැත.

      Sorry Ian, අප ස රසවාදයෙන් වඤ්චිත වූ තැනැත්තේ වම්හ.තැන නොතැන ගැන ඇත්තේ vaguest of the vague අයිඩියාවකි

      Delete
  8. මෙඩිකල් කොලේජ් එක ගැන නම් තියෙන්නේ ඉරිසියාව හා කුහක බව.... බලන්න සල්ලි තියෙන මිනිස්සු ආමන්ත්‍රනය කරන හැටි... ඒත් එකම ටාගට් එකත් බල්ලෝ මරලා හරි ඒ තත්වෙට එන්න... නෙද්දකින් මෙහෙම කාලකන්නි... උන්ට කවදාවත් අර තත්වෙට එන්න බෑ...

    ReplyDelete
  9. මේ වගත් එසේම: තම ගණුදෙණුකරුවන් රස්තියාදු කරවමින් කාලය කමින් ජරාවට වැඩ කරන අහවල් දෙපාර්තමේන්තුවේ සේවකයා, අහවල් බැංකුවෙන් වැඩක් කරවාගැනීමට ගොස් එතැන වැඩ කරන තම ගණුදෙණුකරුවන් රස්තියාදු කරවමින් කාලය කන බැංකු සේවකයා සමග උරණ වෙයි. ඒ වගත් මෙසේම....

    ReplyDelete
  10. මචන් ඉයන්. ඔය කියල තියෙන දේ තමයි තිත්ත ඇත්ත. 100% එකගයි. මම ඔය ඔක්කොම ලංකාවේදී වගේම මෙහෙදිත් අත්විඳල බැට කාල ඉන්නෙ හොඳම එකෙන්. 😂 නිසා මම දැන් මොන මිනිහ මොන තරාතිරමේ හිටියත් බොහොම පරිස්සමින් තමයි ආශ්‍රය කරන්නේ. සමහරක් අයට තරාතිරමින් උඩට ගියහම ගන්න ඇරියස් එක අම්ම අප්ප උනත් බිල්ලට දෙනවා. මොකද කොහෙන් ආවත් මොන මිනිහ කරන්නෙත් කාගේ හරි බෙල්ල හපල තමන්ගෙ වැඩේ කරගන්ට. මට හොඳ ජොබ් එකක් සෙට් වෙලත් මට යන්ට එන්ට පහසුවට ලොකු බොසා හොඳ ඩයල් එකක් නිසත් පාඩුවේ වැඩ කරගෙන යද්දී මම හිටි තැනම හිටිය එකාට නිල නොවෙන පට්ටමක් ලැබිල මට පඩි නැති වැඩ ටිකක් සෙට් කලා. බෙල්ල සාක්කුවේ දාගෙන එකත් කලා. පස්සෙ උගේ ස්ට්‍රෙස් එක මටත් ෆෝවර්ඩ් කලා. එකත් ඉවසන් හිටිය. බැරිම තැන එක වොර්නින් එකකුත් පැත්තකට එක්කරගෙන ගිහින් දුන්න. වැඩේ හරි ගියෙ නෑ. බලන් හිටිය පඩිය එනකන්. ගත්ත පඩි. පොඩි වැඩක් කියල බොසා ගාවට බුවාව එක්කරගෙන ගියා. බොසා ඉස්සරහම බුවාට කිව්වා "උබට ඕනනම් මට කියල මැනේජ්මන්ට් වැඩ කරගන්ට, මට ගෙවපන් මැනේජර් කෙනෙක්ගෙ පඩිය. එහෙම බැරිනම් උබ දැන් පුක පොලවේ ගහගෙන මැරියන්. දැන් උබ මම මේ කියපු ඔක්කොම බොසාට ට්‍රාන්ස්ලේට් කොරපන්" කියල එවෙලේම ගෙදර ආව.
    ප.ලි මොකද ලංකාවේ උන්ට ප්‍රොෆෙෂනල් ඉන්ග්ලිෂ් තේරෙන්නෙ නැති උනාට සුද්ද සිංහල හොඳට තේරෙනව. ඒ වගේම ප්‍රොෆෙෂනල් කතා කරල තේරුම් කරන්ට බැරි ඇවුන්ට කුණුහබ්බ හොඳට තේරෙනව. අනිත් කාරණාව ඉයන්, පොඩි තැන ඉඳල උඩට යන ඇවුන්ට උන්ට හිටපු තැන තේරුම් කරල දෙන්ටත් ඕන හිටන්.. 😜

    ReplyDelete
    Replies
    1. මලේ මම කළමනාකරු හැටියට වැඩ කල තැනට ගොඩක් සිංහල එවුන් ගත්ත. මම යහළු වෙලා හිටියේ ඒ කාලේ සුදු කෙල්ලෙක් එක්ක. (මගේ බිරිඳ නෙමේ) ගත්ත සිංහල කොල්ලෝ සමහරක් මේකට ඇනුම්පද කීව. එතැන තිබ්බේ ඉරිසියාව. මොකද අර පහල තියන එකෙන් තමයි උන් හිතුවේ. මට විරුද්ධ ව බොසා වුන ගෑනිට කේලම් ගොඩක් ගියා. පස්සේ මම දමල ගහල ගියා . දෙවැනි පාර ගෑණි මාව දැකල ආයේ එන්න කිව්වා. අවුරුද්දකට පස්සේ. මම එතනට දාපු එකෙක්ම ගෑනිට කියල තිබ්බ මාව ගන්න එපා කවුරුත් මට කැමති නැහැ කියල. ඔන්න ඔහොමයි. හැබැයි ඒකෙන් මට හොඳක් වුණා . තව MSC එකක් කරලා software engineer කෙනෙක් වුණා.

      Delete
    2. ඔන්න ඔහොම තමා අජිත් ඇයියෙ උන්න ඕන. 👊🏽 මටත් එතනින් ගියත් හරි හොඳ රස්සාවක් සෙට් උනා. ස්ට්‍රෙස් නැති, පඩි නැති වැඩ නැති ෂපාන් එකේ ඉන්න පුළුවන්. එක දොරක් වැහුනම තව දොරක් ඇරෙන කථාවනම් මම විශ්වාස කරනව.. 👍🏽

      Delete
  11. LTTE එකට පින්සිදු වෙන්න හමුදාවේ රස්සාවක් ලැබුනා. තිබ්බ මෝඩ කමටයි උනටයි හිටපු කාලේ අවංකව වැඩ කලා. බැරිඋනාම දාල එලියට බැස්සා. කවදාවත් වීරයෙක් උනේවත් වෙන්න හිතුනෙවත් නෑ.. ඕනේ තැනකට අනුව වෙනස් වෙන්න පුලුවන්. ඒක ගැන සතුටුයි.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට බන්, කාගෙන් වත් කතාවක් අහන්ට බැරි වෙන්ට උබ රටටත් දෙයක් කරල තියෙන බුවෙක් නේ.. 👊🏽.. අපිට ඕක කොරන්ට බැරි උනානේ.. Hats off lokka..!! 😎

      Delete
  12. මහින්දගේ සෙට් එකත් එක්ක ඔච්චර මල මොකද බන්? ඩලස්ට වඩා කොච්චර අවුල් එවුන් ඉන්නවද? ත්වරප්පෙරුමල, රන්ජන්ලා මහා ගු කැලිනේ?

    වංචක වීරයන් කිව්වහම උඹම බලපන්කො, උඹ රනිල්ව හෝදනවා රනිල් අර්ජුනව හෝදනවා, බලපුවම උඹ අර්ජුනව හෝදලා!

    ReplyDelete
    Replies
    1. විහිළු කොමෙන්ට් දාන්නත් කවුරු හරි බූරුවෙක් ඉන්න එපැයි.

      Delete
  13. බොහොම වටිනා අදහසක් ඔබ මතු කරලා තියෙන්නේ ඉයන්...හැමදාමත් වගේ බොහොම කැමැත්තෙන් කියවපු සටහනක්...

    මධ්‍යස්තව කිසියම් කරුණක් හෝ සමාජ ගැටළුවක් විශ්ලේෂණය කරන්නේ අද කාලේ බොහොම ටික දෙනයි...හැඟීම් වලට වහල් නොවී බුද්ධියෙන් කටයුතු කලොත් විතරයි එහෙම කරන්න පුළුවන්...අනිත් බහුතරයක් දෙනා අදහස් ප්‍රකාශ කරන්නේ තමන්ගේ යටි සිතේ පවත්නා වූ කිසියම් වූ හැඟීමක් විසින් කරන මෙහෙයවීමකින්...ඔබ කියුවා වගේ ඒ අදහස් හරියට විශ්ලේෂණය කලොත් ඒවායේ සැඟවිලා තියන විවිධාකාර ආවේගයන් අපට මතු කරගන්න පුළුවන්...

    බොහොමයක්මි මීනිස්සු නිතරම තමන් අයිති වෙන පරිසරයේ කොටසක් වෙලා තමයි ඕනෑම දෙයක් ගැන හිතන්නේ...ඒක මේ ලෝකේ කොතනටත් පොදුයි...සමහර වෙලාවට ඒකට එක හේතුවක් තමයි දුරින් ඉද්දි නොදැකපු සමහර කරුණු ඒ පරිසරයේම කොටසක් වෙද්දී අවබෝධ වීම...

    ReplyDelete
    Replies
    1. //බහුතරයක් දෙනා අදහස් ප්‍රකාශ කරන්නේ තමන්ගේ යටි සිතේ පවත්නා වූ කිසියම් වූ හැඟීමක් විසින් කරන මෙහෙයවීමකින්...ඔබ කියුවා වගේ ඒ අදහස් හරියට විශ්ලේෂණය කලොත් ඒවායේ සැඟවිලා තියන විවිධාකාර ආවේගයන් අපට මතු කරගන්න පුළුවන්...//

      අනෙක් කමෙන්ට් එක්ක බැළුවාම වංචක කියන එකේ අදහස හරියටම තේරුම් ගත්තේ ඔබ පමණයි වගේ. ස්තූතියි පොකුරු වැහි.

      Delete
  14. පොත සහ එහි අන්තරගතය අනුව නම්, මීට වඩා ගැඹුරු යමකට ඔබට සංවාදය විවෘත කරන්න තිබ්බා නේද?

    වච්චක ධර්ම වලින් පමණක් කල්පනා කිරීම හරියට රුකඩේ එක නුල් පොටක් ගැන කතාකරනවා වගෙයි නේද? මට හිතෙන්නේ පුළුල්ව සිතීමෙන් සරලව අවබෝධයක් ලබන්න පුළුවන් කියල. නැතිනම් අපත් ආලෝකයෙන් අඳුරට යනවා නේද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලිඛිතා. ඔබ හරි. ඒත් මට ඕන වුණේ බුදු දහමේ එන වංඤ්ඤක ධර්ම වගේ දෙයක් කියල කියන්න විතරයි. ඔබ මේ ගැන ලියනවානම් හොඳයි. මේ ඉගැන්වීම සංසාරයේ අතරමං නොවීමට ඉතා වැදගත් දෙයක්.

      Delete
  15. ආණ්ඩුව දිනුවේ බැඳුම්කර මුදලින් ද
    ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන්ට මේ රටේ සංස්කෘතිය මිනිසුන්ගේ හද ගැස්ම නොතේරෙන අය උපදෙස් දෙන බව ඊනියා ඡායා කැබිනට් සිද්ධියෙන් ද පැහැදිලි වෙනවා. මෙරට කලින් ද ඡායා කැබීනට් පත් කර ඇති නමුත් ඒවාට ප්‍රසිද්ධියක් දුන්නේ නැහැ. එංගලන්තයේ ෂැඩෝ කැබිනට් කිව්වම එයට එහි ඉතිහාසයක් හා සම්ප්‍රදායක් තියෙනවා. ඒ වුනත් ඡායා කැබිනට් කිව්වම ඒකෙන් මොකක් ද කියැවෙන්නෙ. එංගලන්තෙ ඉංගිරිසියෙන් කියන දේ මෙහෙ සිංහලෙන් කිව්වම සමහර වෙලාවට විකෘති අදහසක් ගෙන දෙනවා. මහින්දට ඕන වෙලා තියෙන්නෙ ඇමතිවරුන්ගෙ වැඩ ගැන සොයා බැලීමට ඒ ඒ මන්ත්‍රීවරුන්ට පැවරීමට. ඒ වුනත් කාගෙ දෝ නමක් හින්ද රටට ගිය අදහස වෙනත් එකක්. එ ජා පක්‍ෂය එයින් ප්‍රයෝජන ගත්ත. ඉංගිරිසියෙන් දේශපාලන විද්‍යාව ඉගෙනගත් පමණින් මෙහේ දේශපාලනය කරන්න බැහැ.
    බැඳුම්කර මගඩිය ගැන රජිව් විජේසිංහ සිරස නාලිකාවට ජූලි පස්වැනිදා ඉතා වැදගත් ප්‍රකාශයක් කරලා තිබුණා. සිරස නාලිකාවට මගේ කිසිම මනාපයක් නැහැ. ඔවුන් රජිව් විජේසිංහ සමග සාකච්ඡ්වක් පැවැත්තුවෙ රටට හොඳක් කරන්න නම් නෙවෙයි. සිරස රනිල්ට කැමති නැහැ. සාකච්ඡා පැවැත්වුවෙ ඒ නිසයි. ඒ වුනත් රජිව් කිව්ව දේ ඉතා වැදගත්. රජිව් කියන්නෙ ලිබරල් අදහස් තියෙන පුද්ගලයෙක්. ජාතිකත්වයක් ගැන ඔහුට දැනුමක් නැහැ. ඔහු සෑම් විජේසිංහගෙ පුතා. රනිල්ගෙ නැන්දගෙ පුතා. ඔහු කියා සිටි කරුණු මෙහි දක්වා ඇති සබැඳියෙන් අසාගන්න පුළුවන්. ඔහු කියන්නෙ බොරු කියලා හිතන්න බැහැ. ඔහු කියන දේ හා එයින් කියැවෙන දේ පහත පළකරනවා.
    ඔහු කියන්නෙ බැඳුම්කර විකිණීමෙන් අර්ජුන් මහේන්ද්‍රන්ගෙ බෑණා ලැබූ මුදලින් යම් ප්‍රමාණයක් එා ජා පක්‍ෂයට දුන් බවයි. ඒ වගේ ම ඔහුගෙ කතාවෙන් කියැවෙන්නෙ ඒ මුදල් මැතිවරණ ව්‍යාපාරයට යොදාගත්ත බවයි. පක්‍ෂයකට මුදල් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන්නෙ මැතිවරණ කටයුතුවලට. ඒ මුදල් පක්‍ෂවලට විවිධ ආකාරයෙන් ලැබෙනවා. රජිව් කියන්නෙ රනිල් පෞද්ගලික ව අවංක පුද්ගලයෙකු වෙන්න පුළුවන් නමුත් පක්‍ෂයට අනිසි අන්දමින් මුදල් සොයා ඇති බවයි. මේ මුදල් ගනුදෙනුව සිදුවුනාට පස්සෙ තමයි අගෝස්තු මැතිවරණය පැවැත්තුවෙ. බැඳුම්කර වංචාවට කලින් එ ජා පක්‍ෂෙට එතරම් ලොකු අරමුදලක් තිබිලා නැහැ. සිංගප්පූරු වසන්තයටත් ඒ මුදල් යෙදවුව ද කියලා කියන්න බැහැ. රජිව් තවත් දෙයක් කියනවා. විසිවැනි සංශෝධනය ඉදිරිපත් කිරීමෙන් පසුව පමණක් පාර්ලිමේන්තුව විසුරුවා හරින බව කී මෛත්‍රිපාල එය නොකර ම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය බව. එතනදි රනිල් බලපෑම් කරන්න ඇති. රජිව් කියන්නෙ යමකුගේ අවංක බව තිරණය කිරීමේ දී පෞද්ගලිකව අනිසි මුදල් ඉපැයීම් නොකිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව. පක්‍ෂයට අනිසි ආකාරයෙන් මුදල් සොයා ගැනීමත් වංචනික ක්‍රියාවක්.
    මෙහි දී අපට තවත් කරුණු කිහිපයක්් මතක් වෙනවා. එකක් මහා බැංකුවේ ජ්‍යෙෂ්ට නිලධාරීන් කෝප් කමිටුව ඉදිරියේ අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර අලෙවිය සාමාන්‍ය ක්‍රමයට නොකළ බවත් එයට තමන් විරුද්ධ වූ විට අර්ජුන් එය අගමැතිගේ උපදෙසින් කළ බවත් කීම. දෙවනුව රනිල් මේ සිද්ධියේ දී අර්ජුන් වෙනුවෙන් පෙනී සිටි අන්දම හා ක්‍රියා කළ අන්දම කවුරුත් දන්නවා. ඒ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. තුන්වනුව අද රනිල් කෝප් කමිටුවේ එ ජා පක්‍ෂ මන්ත්‍රීවරුන් හසුරුවන ආකාරය. දැන් සුජීව සේනසිංහ එයට පත්කරලා. හඳුන්නෙත්තිව කෝප් කමිටුවේ සභාපති කෙළේ ඔහුත් ජ වි පෙත් එ ජා පක්‍ෂය සමග දීග කාපු කාලෙ. තාමත් දීගය අත්හැරී නැහැ. වෙන්ව වාසය කරනවා පමණයි. දැන් කියන විධියට කෝප් කමිටුවේ එ ජා ප මන්ත්‍රීන් වෙන ම වාර්තාවක් නිකුත් කරන්න යනවළු. කෝප් වාර්තාව කෝපි වාර්තාවක් වෙන හැඩ තියෙනවා.

    ReplyDelete
  16. හතරවනුව ඊයෙ පෙරේදා දැනගත්ත විධියට එංගලන්තෙන් උපදේශකයෙක් ඇවිත් තියෙනවා ඊනියා ජාතික ආණ්ඩුව හැදීම ගැන උපදෙස් දෙන්න. දහනවවැනි සංශෝධනය ඉදිරිපත් කෙළේ ඔහුගේත් උපදෙස් මත වෙන්න පුළුවන්. ඔහු නැවතත් ඊයෙ පෙරේදා ඇවිල්ල කියලා ගිහින් කොහොමටවත් ඊනියා ජාතික ආණ්ඩුව කඩන්න එපා කියලා. දෙවැනි සිංගප්පූරු වසන්තයක් ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. මේ ආණ්ඩුව පත් කෙරුවෙත් පවත්වගෙන යන්නෙත් මූලික ව එංගලන්තය. ඒ වෙන මොනවටවත් නෙවෙයි සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි තැන අහිමි කිරීමට හා හැකිනම් ඒ සංස්කෘතිය නැති කිරීමට. එහි දී ආණ්ඩුව ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුවක් ප්‍රතික්‍ෂෙප කරන්නත් යනවා. ඒ මූලික වශයෙන් ම ජෙනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමට. ඒකත් අර උපදේශකයගෙ ම උපදේශයක් වෙන්න බැරි නැහැ.
    පස්වනුව මෙහි තිබෙන ප්‍රධාන ම වංචාව අපේ මුදල් අපට විරුද්ධ ව යොදා ගැනීම. රටේ මුදල් අනිසි විධියට පක්‍ෂවලට ලබාගැනීම පෞද්ගලිකව ලබාගැනීමටත් වඩා වැරදියි. බලාගෙන යනකොට රජිව්ගෙන් කියැවෙන්නෙ අපට වංචා කරලා තියෙන්නෙ එ ජා ප මැතිවරණ ව්‍යාපාරයත් වෙනුවෙන් බව. ඒ කියන්නෙ අපට වුවමනා නැති ආණ්ඩුවක් පත්කර ගැනීමට අපේ ම මුදල් වංචාවෙන් ලබාගෙන. මීට වඩා වංචාවක් තියෙන්න පුළුවන් ද? සමහරු සිංගප්පුරු යන්නත් ඇත්තෙ සමහරවිට අපෙන් වංචා කරපු මුදලින්. මේවට විරුද්ධ ව මොනවද කරන්නෙ. ඒකාබද්ධ විපක්‍ෂය මෙහි දී ද අනාගැනීමට පුළුවන්.
    කාට හරි හිතෙන්න බැරි නැහැ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට යන්න. ඒක අර ජෙනීවා ගියා වගේ වෙනවා. ඒකෙන් වෙන්නෙ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පිළිගැනීමක් ලැබෙන එක විතරයි. කළ යුත්ත මොකක්ද කියලා ඒකාබද්ධ විපක්‍ෂයට කිව්වට වැඩක් නැහැ. ඒකෙ උපදේශකයන් ඉන්නවා.
    මේ අපට වංචා කරලා අපේ මුදලින් ආණ්ඩු පිහිටුවා ගත්ත ප්‍රථම අවස්ථාව වෙන්න පුළුවන්. මේ ආණ්ඩුවට තවත් මොහොතක්වත් බලයේ ඉන්න අයිතියක් නැහැ. ඒත් සුද්දගෙ නීතිය අනුව අයිතිය තියෙනවා. ඒකට ප්‍රධාන වශයෙන් ම වග කියන්න ඕනෙ මෛත්‍රිපාල හා ඔහුගෙ කණ්ඩායම. කෝප් කමිටුවේ දි ඒ අයටත් ජ වි පෙරමුණටත් පව් හෝදා ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒක කරාවි ද? රනිල් මේක ලෙහෙසියෙන් අත් හරින එකක් නැහැ. හඳුන්නෙත්ති ඔහුට කොහොම මුහුණ දෙයි ද? මේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ දී පරාජය කරන්න බැරි වෙයි. ඒත් ආණ්ඩුවට ඉල්ලා අස්වෙන්න බලකරන ජනතා ව්‍යාපාරයක් ඇති කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මාතෘකාවට අදාල නැතිවුණත් කුණුහරුප සහ අපහාස නැති කමෙන්ට් එකක් නිසා පිළිතුරක් ලියනවා.

      ඔබ සහ මම අන්ත දෙකක සිටින දෙදෙනෙක්. අනික් අයට තෝරාගන්න තියෙන්නේ මේ කට්ටිය හෝ හිටපු කට්ටිය අතරයි. ඒ අය හිටපු කට්ටිය මේතරම් හොර වැඩ කලේ නැහැ කියල හිතනවනම් එම වෙනස වෙයි.

      Delete
  17. ඔය දේට වග කියන්න ඕන ප්‍රධානව ඉරිසියාව සහ කුහක කම. බමුණු කුලයක ගොඩනැගීම . තමක් කරන රක්ෂාව බමුණු කුලයක් කරගැනීමෙන් තමයි ඔය වගේ ආරම්භ වෙන්නෙ. තමන්ගේ පවුලේ කෙනෙක් දොස්තර කෙනෙක් වෙච්ච ගමන් දොස්තර ඉස්පිරිතාලෙ මළපහ කලත් එය සාධාරණීකරණය කරනව ගොඩක් උදවිය. විචාරක තුමා ඔයිට හාත්පසින් වෙනස්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සජ්ජා ඔබ හරි

      Delete
  18. ඔයාගෙ අමුතු අමුතු කතා කියවන්නමයි මං මේ පැත්තෙ එන්නෙ Ian. Ha ha.... දැනුත් මේ අමුත් වචනෙ දැකල පට ගාල නැවතුනෙ.

    ReplyDelete
    Replies
    1. මේක බෞද්ධ ඉගැන්වීම් වල එන වචනයක්. ලියන්නෙ වංඤ්ඤක කියල. ස්තූතියි ලේ.හී

      Delete
  19. අනිවා එකගයි
    වැඩ වර්ජන මටනම් පුරුදු නැති දෙයක්. අර ලිපියනම් කියවලා තේරුම් ගන්න බැලුවට මට බර වැඩි. කමක් නැහැ ඒ වගේ ලිපි උබ කියවලා සරල කරලා අපිට දීපන්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මෙන්ඩා

      Delete
  20. සාධාරණය සාපේක්ෂයි කියලා මට හිතෙනවා ඉයන්...එකම කරුණ වුනත් එක එක අයට සාපේක්ෂව බැලුවොත්..

    ReplyDelete
  21. //සාධාරණය සඳහා පෙනී සිටින්නෙකු ගේ වඩාත්ම වටිනා ලක්ෂණය වන්නේ පෞද්ගලිකව තමාට ලැබෙන ලාභය හෝ පාඩුව නොතකා තමා විශ්වාශ කරන අරමුණ වෙනුවෙන් පෙනී සිටීමයි. //

    මේ කථාව සහතික ඇත්ත. මමත් විශ්වාස කරන්නෙ ඒ විදියට තමයි.

    ReplyDelete