රටින් මත්ද්‍රව්‍ය නැති කිරීමට අළුත් වැඩ පිළිවෙලක් ගැන අසන්නට ලැබෙයි. බොහෝ රටවල මෙන්ම වැඩි කථාවක් යොමුවන්නේ මත්ද්‍රව්‍ය ගෙන්වන්නන් සහ බෙදා හරින්නන් ගැනය. වසර කීපයකට පෙර පිලිපීනයේ ගෙන්වන්නන් සහ පාවිච්චි කරන්නන් ඝාතනය කිරීමෙන් මෙම උවදුර නැති කිරීමට උත්සාහයක් ගන්න ලදී. එමෙන්ම සෑම දියුණු නොදියුණු රටකම මෙම උවදුර නැතිකිරීමට දශක ගණනාවක් තිස්සේ විවිධ ක්‍රම භාවිතා කරමින් පැවතුනත් ඒ කිසිම රටක එම උවදුර සාර්ථක ලෙස පාලනය වීමක් දකින්නට නොලැබෙයි.
මගේ අදහස නම් මෙම උවදුර දීර්ඝ කාලීනව නැතිකිරීමට සාර්ථක ක්‍රමයක් තවමත් කිසිම රටක ක්‍රියාත්මක වී නොමැති බවය. බොහෝ රටවල මෙන් ලංකාවේද අද කථා කරන ක්රමයේ පාලක පක්ශයට ලකුණු දමා ගැනීම හැර විශාල වශයෙන් භාවිතය අඩු කිරීමක් ගැන උපායමාර්ගීක අධ්‍යයනයක් නැති බව මගේ හැඟීමයි.
එය පාලනය කිරීමට අවංක උවමනාවක් ඇත්නම් අවධානය යොමු කලයුතු වන්නේ සමාජයේ කොටස් දෙකක් එරෙහිය.
වඩාත් වැදගත් කොටස වන්නේ අද මත්ද්‍රව්‍ය භාවිත නොකරන එහෙත් අනාගතයේ ඒවාට ගොදුරු විය හැකි අය වෙතයි. වයස 12-15 කාලයේ පාසැල් තුලදීම ඒ පිලිබඳව දැනුම ලබා දීම ඉතා පහසුවෙන් කල හැක. සමාජයේ ජීවත් වීමට අවශ්‍ය දැනීම සහ දක්ශතා කිසිවක්ම ලබා නොදෙන අධ්‍යාපන ක්‍රමයෙන් වෙනස්වීම එක ක්රමයකි. අනික නම සිසුන් සහ තරුණයන් අතර මත්ද්‍රව්‍ය වලට පෙලඹීමට වැඩි ඉඩක් ඇති ඉගෙනීමට නොහැකියාව ඇති ලමුන්, දෙමව්පියන් ගෙන් අවශ්‍ය ආදරය නොලැබෙන ලමුන්, මානසික රෝග ලක්ෂණ පෙන්වන ලමුන් හදුනාගෙන සහ ඔවුන්ට අවශ්‍ය චිකිත්සාවන් ලබා දීමෙන් ඔවුන් මත්ද්‍රව්‍ය වලට පමණක් නොව අනිකුත් සමාජ විරෝධී ක්‍රියාවලට යොමුවීම අවම කරගත හැක.
ලමා සහ තරුණ පරපුර මේවා සඳහා යොමු වීම පාලනය කිරීමට දෙමව්පියන්ගේ සහභාගිත්වයද අත්‍යාවශය. කලයුතු හෝ නොකලයුතු දේවල්, ඇබ්බැහිවීම් වල ලක්ශණ ගැන සැලකිලිමත් වීම සඳහා දෙමව්පියන් දැනුවත් කිරීමද උවදුර මැඩලීමට අධ්‍යාපනය යොදා ගැනීමට ඇතුලත්ය. උවුන්ට උපදෙස් දීමට පැය 24 ක්‍රියාත්මක වන hotline එකක් ස්ථාපිත කල හැක.
අවධානය යොමුවිය යුතු දෙවන සමාජ කොටස වන්නේ අද මත්ද්‍රව්‍ය භාවිත කරන අයයි. ඒ අයගේ දෙමව්පියන් සහ පවුල් වල අයටත් ඔවුන් මුදා ගැනීමට උවමනවාක් ඇති බැවින් ඔවුන් හරහා භාවිතා කරන්නන් හඳුනා ගැනීමට පහසුය. ඔවුන්ට කරදර හෝ ලැජ්ජා නොවන ආකාරයෙන් පුනරුත්ථාපන භාරයට ගෙන ඇබ්බැහිවීමෙන් මුදා ගැනීමට තැත් කිරීමෙන් ඔවුන්ගෙන් විශාල ප්‍රතිශතයක් භාවිතයෙන් මුදාගත හැක. පුනරුත්ථාපනය වෙන අතර ඔවුන්ගේ කැමැත්ත හෝ හැකියා අනුව රැකියා පුහුණු ලබා දීමද කල යුතුය.
ඉහත ක්‍රම දෙකෙන් අනාගතේදී මත්ද්‍රව්‍ය භාවිතය යොමු විය හැකි අය අඩු කිරීමෙන් සහ අද භාවිතා කරන්නන් මහ පරිමානයෙන් පුනරුත්ඨාපනය කිරීමෙන් මත්ද්‍රව්‍ය වලට ඇති ඉල්ලුම විශාල වශෙන් අඩු කල හැකිය.
තුන්වන එමෙන්ම වැදගත්ම පියවර විය යුත්තේ ගංජා නීතිගත කිරීමයි. නීතීගත කිරීමෙන් ගංජා මිල විශාල වශයෙන් පහල යන නිසා අනිකුත් මිල අධික මත්ද්‍රව්‍ය වලට ඇති ඉල්ලුම පහල යනු ඇත. කැනඩාව වැනි දියුණු රටවල් ගංජා තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර නියාමනයක් යටතේ ගංජා සහ ඒවායින් නිපදවන දේවල් විකිණීම නීතිගත කිරීමෙන් රජයද විශාල ආදායමක් උපයා ගනී. ඇමෙරිකාවේද ප්‍රාන්ත 20 ක පමණ විනෝදය සඳහා ගංජා භාවිතය නීත්‍යානුකූල කර ඇත.
රටට මෙම උවදුර පාලනය කිරීමට අවංක වුවමනාවක් ඇත්නම් මෙලෙස භාවිතය සහ ඉල්ලුම අඩුකිරීම සහ ගංජා නීතිගත කිරීම වැනි දේවල් ඇතුලත් සම්පූර්ණ වැඩ පිලිවෙල සකස් කොට සියළුම පක්ෂ සහ සමාජයෙඔ අනික් ඔටස් වල සහයෝගය ලබා ගෙන විස්තීරණ වැඩ පිලිවෙලක් ක්රියාතමක් කිරීමයි.
හැප්පිලා බලමු !!

ඉතා හොඳ ලිපියක් ඉයන් . ගංජා නීතිගත කිරීමට ඩයනා ගමගේ යෝජනා කල කාලෙත් මම සහය දුන්න .බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ සුද්දෝ අරක්කු විකුනන්න ඕනේ නිසා තහනම් කල දෙයක් නේ . බෙහෙතක් නමුත් දිගට ගන්න හොඳ නැහැ කියනවා Schizophrenia වගේ හැදෙනවා කියල . නමුත් පාලනය කරලා කරන එක හොද්නයි . ලංකාවට ඩායමක් ගන්නත් පුළුවන් . නිකන් වැවෙන ශාකයක් . අයිස් වගේ දේ අනිවාර්යයෙන් අල්ලන්න ඕනේ . 100% කරන්න පුළුවන් වෙන එකක් නැහැ . නමුත් අඩු කරගන්න පුළුවන් වෙයි
ReplyDeleteගංජා නීතිගත කීරීමෙන් ඒවටා වවන්නන්, ආශ්රිත නිශ්පාදනය කරන්නන්, බෙදාහරින්නන් ජාලයෙන් රැකියා හැදෙනවා මෙන්ම සුළු බද්දක් පනවා ආදායමක් ලබා ගන්න පුළුවන්. වඩා වටින්නේ වියදම අධික වඩා හානිකර අනික් මත්ද්‍රව්‍ය වලින් බොහෝ කොට්සක් ඉවත් කර හැකිවීම.ස්තූතියි අජිත්.
DeleteThis comment has been removed by a blog administrator.
Deleteටිල්වින් ස්ත්‍රී දුෂකයෙක් බව නන්දන යලිත් තහවුරු කරයි.
Delete" චම්පික කියන විදිහට ටිල්වින් IRC කාරයෙක් විතරද " නමින් ඊයේ රටේ රාළ වෙබ් පිටුවේ පලවු පුවතට ටිල්වින් සම්බන්ධව ජවිපෙ හිටපු දේශපාලන මණ්ඩල සභික සහ 1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂක නන්දන ගුණතිලක දමා ඇති කමෙන්ටුව පහත දැක්වේ..
තමංගෙ ගෑනිව මොරටුවෙ ලක්ෂ්මන්ගෙ ලී මඩුවෙ ඇසිඩ් බාත් එකකට දාල මරන්න සැලසුම් කරල මුල් හවුල් කාරයො අකැමැති වුනහම අත් හැරල දාන්න වුනා.ලක්ෂ්මන් පස්සේ මලා. ටිල්වින්ගෙ නෝන නතරවෙලා හිටපු තැන ලකී එක්ක ඔත්තු බලන්න ගිය එක්කෙනෙක් පදිංචි ජපානෙ.
මූ මේ ලී මඩුවටම,අම්පාරෙ නංගි කෙනෙක්ව ( පක්ෂෙ සහෝදරියක් - දැං විවාහ වෙලා ඉන්නෙ පෙරටුගාමී ජ්‍යේෂ්ඨ ක්‍රියාකාරිකයෙක් එක්ක ) බෝලෙ බස්සල අරන් ගිහින් අතවර කරන්න හදද්දි ඒ නංගි ළතෝනි දීගෙන පාරට පැන්නා.ගම්මු මඩුව වටකරා.මුගේ හොඳ වෙලාවට ලක්ෂ්මන් ආවා.ඌ බොරුවක් කියල නංගිවත් ෂේප් කරගෙන ටිල්වියව බේරගත්තා.නැත්තං මූ ගම්මුංගෙන් ගුටිකාල මැරෙන්නෙ එදා.. !!!
😡 මේ ගැන සැකයට සුජාතා සහෝදරී ලියාපු ලියුමක් තියෙනවා.
😡 දිමුතු ලියාපු ලියුමකුත් තියෙනවා මුගේ " සහෝදරාත්මක " .ලිංගික බලහත්කාරය ගැන...!!!
දිමුතු දක්ෂ සහෝදරියක්.මූ ඇයව විනාශ කලා..
ඇය මූ නිසා සිය දිවි නසාගන්න ගියා.පස්සෙ චීනෙත් එක්ක කථාකරල භාෂා පාඨමාලාවකට යවනව කියල දිමුතුව ලංකාවෙ හංගල තිබ්බා.මුං දේශපාලන මණ්ඩලෙත් ඇන්දුවා - සෝමවංශ ටිල්වින් හවුල.
භාෂා පාඨමාලාවට ගියැයි කිව්ව දිමුතු මාස 5 කින් විතර ආපහු ආවා.
කොහොම හරි අන්තිමට " අංග විකල " පොරකගෙ ගෙදරට අළුත් දරුවෙක් ලැබුනා.ඇරපු අතක් නෑ ,ඒ කූනිස්සම තමයි.
සෝමවංශ මූව ආරක්ෂා කලා.ඔය සිදුවීම් 2004 - 2005 අතර සිද්ධ වුනේ..
( අන්තිමට එහෙව් කරපු සෝමවංශට පක්ෂෙ දාලයන්න ගේම් ගහල,ගියහම පිස්ස කිව්වෙත් මූයි අනුරයි )
වරෙං ටිල්වින් ස්ත්‍රී දූෂකය.. උසාවි.
මේ කාන්තාවො ඔක්කොම උසාවි එනව උඹට එරෙහිව ...!!!...
■ රටේ රාළගේ සටහන.
විල්වින් මොන යුනිට් හදලා අපිව මරන්න හැදුවත්,
ඊට ඉස්සෙල්ලා සියල්ල හෙලිවේවී.
ටිල්වින්ලා වර්තමාන ජවිපෙට කළ අපරාධය
ජවිපෙ ඉතිහාසයට කළ අපරාධය
සහ ටිල්වින් විසින් අපයෝජන කරපු සහෝදරියන් හෙට දවසේ කතා කරාවි.
අපිට කරපු පහරදීම් එකින් එක එලියට ඒවි.
අසුච්චි පැකට් උස්සගෙන ගෙවල්වලට ආපු ටිල්වින්ගේ අසූචිචි බලකායේ නම් එලියට ඒවි.
හැප්පිල බලමු.
කාලීන ලිපියක්. බොහොම හොඳ යෝජනාවක්. ඉස්සෙල්ලාම මේ පද්මෙලා, ඉෂාරලා පුම්බන එක නවත්තුව නං හොඳයි. දැඩි දඩුවම් දෙන්න ඕනෙ.
ReplyDeleteදිනපතා ප්රවෘත්ති මැවීමට හැර ඇත්තටම ප්‍රශ්ණයට විසඳුමක් හොයන්න ප්ලෑන් එකක් නැහැ වගේ. ඇබ්බැහි වූවන්ට භාර වෙන්න කියන්න ඉස්සෙල්ල මහා පරිමානයෙන් පුනරුත්තාපනය කරන්න තාවකාලික පහසුකම් වත් හදාගෙන ඉන්න ඕන.
Deleteකාලෝචිතයි ලියලා ඇති කරුණු ඉයන්
ReplyDeleteඇසට වැටේවා මේවා- පාලකයන්
ලොකු අනතුරක් දුරලන්නට පොඩි දෙයකින්
හැකි බැව් නොවැටහෙන්නේ ඇයි අපට ඉතිං
ස්තූතියි නිදී.
Deleteහොඳ ලිපියක්.
ReplyDeleteහොඳම දේ ලංකාවෙ ඒව නීතිගත කරන එක තමයි.
අරක්කු අඩු කරනවනං මිනිස්සු ගොඩ දෙනෙක් ඔය වගේ දේවල් වලට පෙළඹෙන එක අඩුවෙයි.
කොටුවෙන් එහාට පැනල හිතන්න, අවංක අරමුණකින් අවධානමක් අරගෙන තීරණ ගන්න අය පාලකයින් වීම අවශ්‍යයයි. Thank you Praසන්ன
Deleteමත්ද්‍රව්‍ය වලට සිංගප්පූරුව දෙන death penalty එක ලංකාවට හදුන්වා දුන්නොත් මේ කුඩු අයිස් වසංගතේ අඩුකරන්න පුලුවන් වෙයි. හැබැයි මේක තරහාකාරයින් හිරේ යවන්න එල්ලුම් ගස් යවන්න යොදාගන්නේ නැතිව.
ReplyDeleteදැන් ඔය අල්ලන්නේ තරහකරයෝද එතකොට ?😁 මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ නැති මත්ද්ර්වය්ස් චෝදනා දාලා අත් අඩංගුවට ගත්ත තරහකාරයෝ දෙතුන් දෙනෙක් නම් කරන්න බලන්න ? ඕනේ ඊයෙත් නෙවි එකෙන් කිලෝ 350ක් අල්ලලා . මිනිස්සු දැන් ඔත්තු දෙනවා ගජරාමෙට
Deleteඅසංග මත්ද්‍රව්‍ය වලට දැඩි දඬුවම් හැම රටකම වගේ තියෙනවා. ඒත් මත්ද්‍රව්‍යත් තියෙනවා. මගේ අදහස භාවිතා කරන්නන් පුනරුත්තාපනය කිරීම මහා පරිමනයෙන් කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම සහ අළුත් කස්ටමර්ස් ලා එකතු වීම අඩු කිරීමෙන් විශාල පාලනයක් කල හැකියි කියන එකයි. ඒ වගේම අයිස්, හෙරොයින් වැනි විනාශ කාරී දේවලට තියෙන ඉල්ලුම අඩු කරන්න ගංජා නීතිගත කිරීම හොඳයි කියන එකයි.
Deleteඉයන් මේ මාතෘකාවට පොඩ්ඩක් වෙනස් එකක් මේක, ඇත්තටම රජය සතොස වෙළෙඳසැල් 100ක් වසා දැමීමේ තීරණයක සිටින බවට පවතින ආරංචි ඇත්ත ද?
ReplyDeleteවර්තමාන රජයේ සමීප හිතවතෙකු ලෙස කටයුතු කරන ධම්මික පෙරේරා අලුත් සුපිරි වෙළදසැල් 100ක ජාලයක් ඇරඹීමට නියමිත මොහොතක, සතොස වෙළෙඳසැල් විශාල ප්‍රමාණයක් වසා දැමීමට තීරණය කර ඇති අවස්ථාවක, රට තුළ ව්‍යාපාරික මොනෝපොලි එකක් නිර්මාණය වෙමින් පවතින බව හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ ප්‍රකාශ කර සිටියි.ඒ ඔබුගේ YouTube නාලිකාව හරහායි.
ලංකා සතොස සභාපති සමිත පෙරේරා ඉවත් වී ඇති බවට තොරතුරු ලැබී ඇති අතර, මෙය පුද්ගලික හේතුවක් මත සිදු වූවක් බවට කතා පැතිරී ඇතිබවත් මාධ්‍ය වල අනාවරණය වී තිබුණා.
කෙසේ වෙතත්, සමිත පෙරේරා සතොසට පැමිණීමට පෙර, ඔහු "ස්පාර්" (Spar) සුපිරි වෙළඳසැල් ජාලයට සම්බන්ධ ප්‍රධානියෙක් ලෙස කටයුතු කිරීම හේතුවෙන්, ඔහු පත්වන අවස්ථාවේදීම "කම්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරස්ටස්" (Conflict of Interest) ගැටලුවක් තිබූ බව වරුණ රාජපක්ෂ සිහිපත් කරයි.
සතොස වෙළෙඳසැල් 130ක් වසා දැමීමට තීරණය කර ඇති අතර, ඉන් 30ක් දැනටමත් වසා දමා ඇති අතර තවත් 100ක් වසා දැමීමට නියමිතය. රජයට ව්‍යාපාර කළ නොහැකි නිසා එය පෞද්ගලීකරණය කළ යුතු බවට කතා පැතිර ගියද, වරුණ රාජපක්ෂ පෙන්වා දෙන්නේ ජා-ඇල සතොස වෙලදසල වැනි දිනකට රුපියල් ලක්ෂ පහක හෝ හයක (රු. 500,000ත් 600,000ත්) අතර විකුණුම් වාර්තා කරන වෙළඳසැල් කිසිසේත් පාඩු නොලබන බවයි.
මෙම "පාඩු කතාවක් දාලා ගහන්න යන ගේම් එක" ඇතුළේ වෙනත් කතාවක් ඇති බවත්, පාඩු නැති සතොස වෙළෙඳසැල් පෞද්ගලික අංශයට පැවරීමට මූලිකත්වය දෙන බවත් හෙතෙම සඳහන් කරයි.
සතොස කඩ 100ක් වසා දැමීමට තීරණය කර ඇති අවස්ථාවක, ව්‍යාපාරික ධම්මික පෙරේරා තමන් සිල්ලර ව්‍යාපාරයට පිවිසෙන බවත්, අලුතෙන් සුපිරි වෙළඳසැල් 100ක් විවෘත කරන බවත් ප්‍රකාශ කර ඇත. මීට පෙරද ධම්මික පෙරේරා සතොස මිලදී ගැනීමට කිහිපවරක් විවිධ යෝජනා දමා තිබුණ නමුත් එවකට හිටපු ජනපතිවරු දෙදෙනාම ඒවා ප්‍රතික්ෂේප කර තිබුණා
වර්තමානයේ සතොස පාලනය පිළිබඳව අදහස් දක්වමින් වරුණ රාජපක්ෂ පැවසුවේ, සතොසට ලැබුණු මත්පැන් බලපත්‍ර100න් විවෘත කරන ලද 62ක්ම මෝගේජ් කර, එම ව්‍යාපාර ජාලය උකස් කර රුපියල් මිලියන 800ක් ලබාගෙන ඇති බවත්, දැනට සැලසුම්සහගතව සතොස බංකොළොත් කරමින් පවතින බවත්, සතොස ආයතනය සම්බන්ධයෙන් පැලවත්තේන් ඔපරේට් කරන මුදල් සමඟ දුවන වෙනම ව්‍යාපාරික නෙට්වර්ක් එකක් හදෙමින් තිබෙන බවටත්, සෑම ක්ෂේත්රයකටම අදාළව මොනෝපොලි එකක් නිර්මාණය වෙමින් තිබෙන බවටත් ඔහු අනතුරු අඟවයි.
අනාගතයේදී ඉතිරි වන සතොස වෙළෙඳසැල්, පැරණි "සමූපාකාර තොග වෙළඳ සංස්ථාව" නමින් නැවත සන්නාමකරණය කිරීමට ආණ්ඩුව උත්සාහ කරනු ඇති බවද වරුණ රාජපක්ෂගේ නිරීක්ෂණයයි. මේ ගැන විස්තර සහිතව පැහැදිලි කරන්න පුළුවන්ද?