Wednesday, March 30, 2016

ඒක අමුතුම ඉවෙන්ට් එකක්

වසරේ බ්ලොග්කාරිණිය යශෝධා සම්මානී 
හැමෝම තරඟෙට නෙලුම්යාය ගැන පෝස්ට් දාන එකේ මමත් එකක් දානවා, හැක්. මෙවන් උත්සවයකට සහභාගී වූ මුල්වතාව කියල කියන්න පුළුවන්. ඒකට හේතුව ඒක මම සහභාගී වූ මුල්ම හයිබ්‍රිඩ් ඉවෙන්ට් එක. ඒක සම්මාන උත්සවයක් විතරක් නෙමෙයි, ඒක මිතුරන්ගේ හමුවක්, එක්තරා විදිහක එක පවුලක කට්ටියක් එකතුවුණු පවුලේ උත්සවයක්, අවංකව එකිනෙකාගේ හැකියාවන් ඉදිරිපත් කරන්න සහ අගයන්න අවස්ථාවක්. ඒක නිසා ඒක අමුතුම ඉවෙන්ට් එකක්.

අනික් අය ලියල තියෙන ඒවයේ එහෙන් මෙහෙන් අඩුපාඩු තිබුණ වගේ දේවල් කියල තිබුණා. අඩු පාඩු තිබ්බා කිය එක මම නම් පිළිගන්නේ නැහැ. එකම එක අඩුපාඩුවක් වත් මම නම් දැක්කේ නැහැ. මගේ වෘත්තීය ජීවිතයේ මිලියන 10 -20 වියදම් කර පවත්වමු සම්මාන උත්සව සංවිධානය කරල තියෙනවා සහ තවත් විශාල ප්‍රමාණයකට සහභාගී වෙලා තියෙනවා. ඒවා සරුව පිත්තල උත්සව. ප්‍රේක්කයින් ලෙස සහභාගී වෙන අයටවත් ඒවායේ මුදලට පර්ෆෝම් කරන අයටවත් එච්චර ගැම්මක් නැහැ. සමහරු එන්නේ නෑවිත් බැරිකමට. රාජකාරියේ වගකීමක් නිසා. සමහරු එන්නේ නොමිලේ කාල යන්න නැත්නම් බීල යන්න, සමහරු ඉවර වෙන්නේ කීයටද කියල බලගෙන ඉන්නෙ.

නෙලුම්යාය මම දැකපු නිර්ව්‍යාජ සම්මාන උළෙලවල් ඉතාමත් සුළු ප්‍රමාණයෙන් එකක්. නිර්ව්‍යාජම උත්සවය කිව්වත් වැරදි නැහැ. සංවිධානය කලේ, ඉදිරිපත් කලේ, (කරු හැර අනෙක්) ත්‍යාග දුන්නේ, ඔක්කොම බ්ලොග් ලියන අය. හේතුපාඨ  ලියපු අයත්, හේතුපාඨ කියවන්නාත්, ත්‍යාග දෙන්නාත් ගන්නාත්, ඔල්වරසන් දෙන්නාත් යන සියළු දෙනාම එකම ගොඩේ අය. ඔක්කොම එකිනෙකාගේ දක්ෂතාවන් දන්නා, අගය කරන,  බ්ලොග් කාරයෝ. තත්ත්ව තරාතිරම් නැති එක ගොඩේ එක රැහැනකින් බැඳුණු අය. සම්මාන දෙන්නාත් ගන්නාත් අතර ආදරයක්, බැඳීමක් එකිනෙකා ගැන ගෞරවයක් තිබුණා විතරක් නෙමෙයි ඒක බලාගෙන ඉන්න අයට හැඟුණා.  සහභාගී වුණ අය ඔක්කොම එතෙන්ට ආවේ කිසිම බලකිරීමක් නැතු ස්ව කැමැත්තෙන් සහ මහත් ඕනෑකමින්. බලන් ඉන්න අය අත්පුඩි ගැහුවේ ගහන්න ඕනවට නෙමෙයි. හිතෙන්ම නැඟෙන සතුටට.

මේවගේ නිර්ව්‍යාජ උත්සවයකදී කවුරුවත් කාටහරි වැරදෙනකන් හිනා වෙන්න ඇඟිලි දික් කරන්න බලාගෙන ඉන්නෙත්  නැහැ හිටියෙත් නැහැ. ඒක නිසා සජ්ජා වෙන ෆෝරම් එකක කිව්ව සංගීතය ගැන ප්‍රශ්ණයවත් කල්යාණ මිත්‍ර ගේ පොස්ට් එකේ  කියන ඩිලාගේ ඉදිරිපත් කිරීමේ ප්‍රශ්ණයක් වත් මම නම් දැක්කේ නැහැ.ඔවුන් දෙදෙනා ගේ ඉදිරිපත් කිරීම මට නම් ගව් ගණනක් ඉදිරියෙන්. මුදල් ගෙවා ගන්නා වෘත්තීමය ඉදිරිපත් කරන්නන්ට වඩා ඉවාන් සහ ඩිලා කරපු ඉදිරිපත් කිරීමේ මම කිය නිර්ව්‍යාජ බව හොඳටම පෙණුනා . ඒක මුදල් ගෙවා ගන්න බැහැ. 

ටොයි බයි නාට්‍යයේ තිබිච්ච අවස්ථාවට සහ ඕඩියන්ස් එකට නුසුදුසු බව  අති උසස් රා.සේ.පී නාට්‍යයෙන් කැපිල ගියා. අජන්ත පීරිස් ගෙන්න ගත්තේ ගීත කිහිපයක් කියන්න. මුළු වෙලාවෙම එතන ඉඳලත් ඔහුට හැකි වුණේ බ්ලොග් ලියන නුවන් වර්ණකුලසූරිය රචනා කල ගඟ නුඹට මා පෙම් කලා ගීතය කියන්න විතරයි. ඒ වුණාට එයා කොච්චර නෙලුම්යාය ගැන සතුටුද කියනවනම් ඉවර වෙනකම්ම ඉඳල බ්ලොග් ගැන ප්‍රශ්ණ මහ ගොඩක් ඇහුව. නොමිලේම සහභාගී වුණු ඔහුත් එතන හිටපු අයට සහ දැකපු දේට එච්චර බැඳුන.

තව පොඩි එකක් . ක්‍රිකට් තරඟ වගේ දේවල් වලදී තරඟයෙ වීරයා තෝරන කොට තරඟයේ සාර්ථකත්වයට විශාල වශයෙන්ම බලපෑ කෙනෙක් තෝරනවා කියා දන්නවනේ. මේකේ සංවිධාන කටයුතු වලට එහෙන් මෙහෙන් (වැඩි මාන්සියක් නැතුව ) සයිඩ් එකෙන් සම්බන්ධ වුණ නිසා මට පුළුවන් මේ සම්මාන උලෙලේ වීරයා උළෙලේ සාර්ථකත්වයට වඩාත්ම වැඩි දායකත්වය දුන්න උත්සවයේ කොඳුනාරටිය වුණ වීරයා කවුද කියල කියන්න. 


  වීරයා තමයි මේ.

අජිත් රැගත් ගුවන් යානය කවදා ගොඩ බහී දැයි බලා සිටින කමියා

අවසන් කාරණය නම් ඉයන්ගේ අඩවිය තරඟ වලින් ඉවත් කරගැනීම. එලෙස තරඟ වලින් බ්ලොග් ඉවත්කරගන්නා අය සහ එසේ ඉවත් කර ගැනීම ගැන විවිධ මත බස්සිගේ අඩවියේ කමෙන්ට් වලත් වෙනත් තැන් වලත් මම දැක්ක. මම සිංහල බ්ලොග් වලට ආධුනිකයෙක්. අනික සම්මාන වලට සුදුසු පෝස්ට් මම ලියල තිබුණේ නැහැ. එම නිසා අයින් වීමෙන් කාටවත් වාසියක් නම් වුණේ නැහැ. අනික ජයග්‍රාහීන් වන බස්සි, රවී, කෞශි, කුරුටු, ශ්‍රංග ඉකොනොමැට්ටා වගේ බ්ලොග් සමඟ මගේ එක ලඟකින් වත් තියන්න බැහැ කියල කියන්න මට කිසිම ලැජ්ජාවක් නැහැ. අයින් වීමට පැහැදිලි හේතුවක් තිබුණා කියල විතරයි කියන්න පුළුවන්.

මා මිත්‍ර චන්දිම විතානටත් කොලඹ ගමයාටත් හැමෝගෙම ස්තූතිය හිමිවෙන බව දන්නවාමම හමුවෙන්න ආසාවෙන් ඉන්න රවී වීරසිංහ, ඉකොනොමැට්ටා , නුවර කුමාරි, සිංදු ඇනෝ වගේ අයත් ආවනම් මේ හැන්දෑව මීටත් වඩා හොඳ වෙන්න තිබුණ. වෙන නම් කියන්න දෙයක් නැහැ.

එදා පලමු වරට මූණට මූණ කථා කරන්න ලැබුණු කසුන්, ඔමා, ඩ්‍රැකී, සුරංග, පැරා, රසික, හංසියා, විදානේ, මනෝ, විචා, ගිම්මි, ජීවන, මහේෂ්, ඒවගේම කලින් හමුවෙලා තිබුණ මාතේ, නාකි චෙෆා, බස්සි, ඉවාන්, අජිත්, කමියා, සජ්ජා, අටමා, ලොකු පුතා, කම්මලයා, සුදීක, කසුට්ටා, ඇනෝප්ලීස්, ප්‍රාජේ,  දවස ලස්සන කරපු ඔක්කොටම බොහොම ස්තූතියි.


වසරේ බ්ලොග්කාරිණිය ලෙස සම්මාන ලැබූ ක්ශේත්‍ර බොහොමයක දස්කම් පාන බස්සීට හැමෝගෙන්ම සුභපැතුම්


109 comments:

  1. මේ මොනව කියනවද ඉයන්. නැද්ද මං අහන්නෙ. වෙන කියන්න දෙයක් ඉතුරු කරල නෑනෙ මේ නෙලුම් අජියල.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කසුන් ඒකනේ

      Delete
    2. බ්ලොග්කරුවන්ගේ ජවය හයිය තව තවත් වැඩෙන උත්සවයක් වේවායි පතමි.

      Delete
  2. Replies
    1. :D උඹටනම් එන්නමයි තිබ්බෙ

      Delete
    2. // :D උඹටනම් එන්නමයි තිබ්බෙ //

      :D :D :D
      ඊලඟ එකේ දී....

      Delete
    3. ඊලග එකේදිත් ඔච්චර තමා , බලහං එක බයියයි එතන හිටියේ

      Delete
    4. ඇත්තටම ඊලඟ එකේදී දෙබයියා ම සහබාගී වෙමු!

      Delete
    5. ලොකු දෙයක් සා රස තුමා.

      Delete
    6. මමත් ඊලග එකේදී සරසව හමුවෙන්න අසාවෙන් බලාගෙන ඉන්නවා

      Delete
  3. ---------------------------------------------------


    දුෂණය පවුල්වාදය තුරන්කර ශ්‍රි ලංකාව ලෝකයේ දියුණු රටක් බවට පත්කල ජනවාරි 8 විප්ලවයේ පෙරගමන් කරුවෙකු වන ප්‍රවීන ලේඛක "මාතලං" ප්‍රියන්ත හේවගේ මැතිදුන් බ්ලොග් සම්මාන උළලේ නිසි ඇගයීමකට ලක් නොකිරීම පිළිබද අපගේ බලවත් කණස්සල්ල...!


    "මාතලං" ලේඛකයාණෙනි අතිගරු රනිල් වික්‍රමසිංහ අගමැතිදුන් , ජනාධිපතිතුමා ඇතුලු ප්‍රගතිශීලී ජනතාව ඔබ සමගයි...!


    ------------------------------------

    ReplyDelete
    Replies
    1. මේක මාතෙම ඇනෝ ඇවිත් දාපුඑකක් කියලා මට විතරමද හිතෙන්නේ.....?

      Delete
    2. හෙහ් හෙහ් මචං

      Delete
    3. අනේ බං බලහන්කෝ උඹට විතරයි මගේ වේදනාව තේරුනේ.... එකම කොමෙන්ට් එක කීප තැනක දාලා මේ දෙන සපෝට් එකට මගේ හද පතුලෙන් නැගෙනා මෙව්වා එක පිලිගන්න මෙයා....

      Delete
    4. සිඟිති ආතල් ගන්න අයට ඉඩ දෙමු මාතෙ

      Delete
    5. මාතල්ට හිමි සම්මණය වහාම ලබාදෙනු.
      මාතලන් අපි ඔබ සමගයි.

      Delete
    6. මාතලං සමඟ නැගිටිමු .!!!!!!

      Delete
    7. කොල්ලනි මාතලන් සමග නැගිටිමු
      කෙල්ලනි මාතලන් සමග ............
      මාතේ උබ විහිළු දන්නවනේ

      Delete
    8. මේ ඇනෝ ගැන හිතල ලබන අවුරුද්දෙවත් මාතලන්ට මොකක් හරි සම්මානයක් නයට හරි අරන් දෙමු.

      Delete
    9. ++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    10. maathalange blog eka diha baluwama penawa eyata thiyena samanaya.

      Delete
  4. මම කලිනුත් කමෙන්ටුවක සඳහන් කලා නෙළුම්යාය කියන්නෙ මගේ ජීවිතේ නම් අමතකම නොවෙන දවසක්.ඒ සම්මාන බලාගෙන ආපු ගමනක් නෙවේ.දැකලම නැති සහෝදර සහෝදරියො ගොඩක් දැක බලාගෙන කතා කරන්න තිබ්බ ආසවටමයි ආවෙ.දවසේ අවසානෙ වෙද්දි උපරිම සතුටක් ලැබුව.සම්මාන උළෙල අඩුපාඩුවක් මට පෙනුනේ නැහැ.හැබැයි මට එක දෙයක් නම් හිතුන. නිර්දේශිත සම්මාන වලින් ඉවත් වෙච්ච අය ඉවත් උනේ නැතිනම් හොඳයි කියන එක.මොකද එතන ගොඩක් හොඳ නිර්මාණ තිබ්බ ඒ නිර්මාණ වලට සුදුසු ඇගයීම ලැබෙන්න ඕන.අනෙක් පාර සම්මාන උළෙලක් නැතිව බ්ලොග් සුහද හමුවක් තිබ්බත් කමක් නැහැ.මොකද උත්සව ඔක්කොම ඉවර වෙලා අන්තිමට හැමෝම එක්ක කතාකර වෙලාව තමයි දවසේ හොඳම මොහොත :)

    ReplyDelete
  5. මේක කියවනකොට ඉරිසියයි .ඊළඟ පාරනම් මේ වගේ සුන්දර දවසක් මිස් කර ගන්නේ නැතිව මාත් එනවා

    ReplyDelete
    Replies
    1. මුණගැසීමට මඟ බලා සිටිනවා

      Delete
  6. බොහොම උණුසුම් සුන්දර හැඟීම් අතර ගෙවුනු සැඳෑවක් වෙලා තියෙනවා..ලබන වසරේ සහභාගී වෙන්න ලෝබකමක් ඇති කරන ලියවිල්ලක්.
    ජයවේවා..!!

    ReplyDelete
  7. සම්පූර්ණයෙන්ම එකඟයි ලිපියේ තියෙන දේවල්වලට.

    මම එදා මුලින්ම ඇවිත් වාඩි වුණේ කැමරාවක් ළඟ. ඒ වෙලාවේ මට එහා පැත්තේ වාඩි වෙලා හිටපු මහත්මයෙක් කීපසැරයක්ම එතනින් එහාට මෙහාට ගියා පුතාට මං හින්ද කරදරේ නේද කියලත් කියල. ඒ ඉයන්ද? මං නිකන් හිතේ සැකේට අහන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. ඔව් අශාන් , බොහොම සංතෝසයි එහෙමවත් කථා කරන්න ලැබීම ගැන

      Delete
    2. කරදරේද කියල ඇහුවම 'ඔව්' කියල ඇත්තම කියන්න එපැයි..
      මම හිටිය නම් බෝනස් එකක් විදියට ටකල් එකක් දානවා. නැත්තම් හොඳ නැහැනේ නෙහ් ?

      Delete
    3. බවලත් උදවිය ටැකල් කරනවට මම කැමතියි. වැරදිලා වගේ ඇඟ උඩටම වැටෙන්න පුළුවන්නේ එතකොට. හෙහ් හෙහ්

      Delete
    4. ෂාහ් අඳුරගත්තේ නෑනෙ ඉයන්. ඊළඟ ඉවෙන්ට් එකෙදිවත් කතාබහ කරමු. මං කොහෙහරි වෙන තැනක කමෙන්ට් කළා එදා බොහොම හිතවත්, සුන්දර මිනිස්සු ගොඩක් අඳුරගන්න ලැබුණ දවසක් කියල. ඒ කතාවට ඉයනුත් අයිතියි මොකද කවදාවත් නොදැකපු අඳුරන්නේවත් නැති කෙනෙක් එක්ක කාලයක් තිස්සේ දන්න කෙනෙක්ට වගේ හිනා වෙලා පුතා කියල කතා කරපු එක මට නෝට් වුණා එවෙලේම.

      මේකනේ උපේක්ෂා, මම ගියපු පළවෙනි බ්ලොග් ඉවෙන්ට් එකනෙ ඕක. ඊළඟ වතාවේ ඔහොම වුනොත් බලාගමුකො. :D කොහොමහරි මම පස්සේ එතනින් වෙන තැනකට ගියා නැත්තන් ඒ පැය තුනම මට වීඩියෝ කරපු කෙනාගේ පිටිපස්ස දිහා බලන් ඉන්න වෙන්නෙ.

      Delete
  8. නෙලුම්යාය සම්මාන උළෙල කියන්නේ බිලොග් සහෘදයන්ට ඉතා වටිනා අවස්ථාවක්. සහෘදයන් අතර ශක්තිමත් බැදිමක් ඇති කරන්න පුලුවන් අවස්ථාවක්.

    උස සුදු එළු රැවුලක් වවාගත්ත හීංදෑරි ඉයන් කියන ඩයල් එක බිලොග් පෝස්ට් වලදි මුන ගැහිලා තිබුනත් හමු වෙන්න අවස්ථාව ලැබුනෙ එදා.

    .... මම සිංහල බ්ලොග් වලට ආධුනිකයෙක්....

    උඹ ලියන්නේ 2009 ඉදලනේ බං. අපිනම් බිලොග් වලට ඇවිත් තවම මාස 8 යි ඔන්න

    ReplyDelete
    Replies
    1. ඊලඟ පාර සිංගල් මෝල්ට් විස්කි එකක් ගෙනව උඹට, මට හීන් දෑරි කිව්ව සන්තෝශයට.

      Delete
  9. ඉයන් රැවුළ කපන්නෙ සබන් පෙට්ටියෙ පියන කටට තියාගෙන නේද? සබන් පෙට්ටි පියන වටේ තියෙන ඔක්කොම හරිය ෂේව් කළහම ඔය වගේ කට් එකක් ලැබෙනව.

    ReplyDelete
    Replies
    1. ඔව් බං කොහොමද ඒක දැනගත්තෙ. හෙහ් හෙහ්

      Delete
    2. මම නොදන්න දේවලුත් තියෙනවද මේ ලෝකෙ?

      Delete
  10. සුන්දර මිනිසුන් සමග ගෙවුණු සුන්දර දවස් කොටස් දෙකක් ගත කරන්න පුළුවන් උනා...

    ReplyDelete
    Replies
    1. ඔව් බං ඇත්තෙන්ම. අර ලිස්ට් එකට උඹේ නම මිස් යුනා, නිවැරදි කලා.

      Delete
    2. මගෙ නමත් නෑ. මේව හිතා මතා කරන දේවල්.

      Delete
    3. හොඳට බලපන් නම තියෙනවානෙ, හෙහ් හෙහ් , සමාවෙයන් මචං. දැන් නිවැරදි කලා.

      Delete
  11. ඔයා එක්ක මං තරහයි හි හි

    ReplyDelete
    Replies
    1. ඒක බොරුවක් බව මම හොඳට දන්නව. හෙහ් හෙහ්

      Delete
  12. ඔයා එක්ක මං තරහයි හි හි

    ReplyDelete
    Replies
    1. මමනම් ඔයත් එක්ක යාළුම යාළුයි. හොඳ වෙලාවට දේශකය මේ පැත්තෙ එන්නෙ නැත්තේ.

      Delete
    2. මේවගේ වෙලාවක ඉතිං දැක්කත් නොදැක්ක සේ යන්න බැහැනේ.. හැක්..

      ඔමරි පාන එක නවත්තල උඹ හැම එකා එක්ක ම තරහ වෙයං පැටියෝ..

      Delete
    3. මලා. දේශක සෑර්, මේ කාපු බීපු වේලාවට පුංචි විහිළුවක් කෙරුවට ...

      Delete
  13. ඉයන්. මට උඹ එක්ක කතා කරන්න බැරි උනානෙ මචං.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕන. ඊලඟ පාර කොහොම හරි කථා කරමි

      Delete
    2. දිනේෂ් ගේ වැඩක් තියෙනවා කිව්වා අප්‍රේල් විසි ගණන් වල...
      එදාට මුණ ගැහෙන්න බැරියැ...

      Delete
    3. නාකි සුද්දියන්ට බම්බු ගහගන්න කියලා මම එනව්ම්යි

      Delete
  14. ඉයන් හරි... අර ටොයියයි බයියයි ගැන නම් කියන්න තියෙන්නේ මොන තරම් රහට බත් තිබුනත් අපේ උන්ට කුණු කරවල කෑල්ලක් නැත්නම් කන්න බෑ නේ කියන කතාව විතරයි... ඒ ශිල්පීන් දෙන්නා ගැන දුක් වෙනවා ඇර වෙන කරන්න දෙයක් නෑ...

    අජියලා ඕක මල විකාරයක් කරන්න ගියේ අනුස්මරණයි අරවයි මේවයි දාලා ඒ වෙලාවේ කැත්තට පොල්ල වගේ උන්න කමියට මගෙත් මෙව්වා එක මෙන්න.. ඇත්තටම තග දාලා ඒවා නවත්ත ගත්තේ...

    ඉයන් කිව්වා වගේ මමත් අනන්ත සම්මාන උළෙලවල් වලට සහභාගි වෙලා තියෙනවා.. කොම්පැනි ඒවට වගේම වෙනත් ඒවටත්.... ඒත් ඒවට සහභාගි වෙන්නේ හදවතින් නෙමෙයි.. ඒත් බොක්කෙන්ම යන උත්සව වර්ගයක් තිය්නවා මොකා තිබ්බත්... ඒ තමයි කොක්ටේල් පාටී... මට නම් සම්මාන උළෙලත් එකම කොක්ටේල් පාටියක්... මොකෝ අර නාලකයි පැරයි ඉවාන් එක්ක සාකච්ඡාව යන අතරේ.. අපි අහගෙන උන්නේ අටමගෙ කතාව... ඒ තරම් නිදහසක් වෙන කොයින්දෝ....

    සම්මාන ප්‍රතික්ෂේප කිරීම ගැන බස්සිගේ එකේ කොමෙන්ට් එකක් දාන්න එන කොට ඒකි වෙන එකක් දාලා... ඒ ගැන මගේ මතය මේකයි...

    කැමති එකෙක් ගනියි.. කැමති එකෙක් ඉවත් වෙයි... ඒක පුද්ගල කැමැත්ත... ඒ නිදහසවත් නැත්නම්... බ්ලොග් කියන එකත් ඕන නෑ... මොකෝ මේක ඒ තරම් නිදහස් මාධ්‍යයක්...

    ReplyDelete
    Replies
    1. ඒ තරම් නිදහසක් වෙන කොයින්දෝ....

      බොහොම ස්තූතියි මාතෙ.

      Delete
    2. මොකක්ද බොල මාතලන් මට බනින්නේ අනුස්මරණ ගැන කියල. මම ඊමේල් කරන්නේ හැමෝගෙම අදහස්. කමිය තග දැම්මත් නැතත් මට ඒක දාන්න ඕනේ වුනා නම් දානවා. මතක තියා ගනින් හිටන්. කමිය නොකී කතා ගැනත් වැරදි කමෙන්ට් එකක් දාල තියනවා. කමිය තග දාල නවත්තන්න ගිය නාට්‍යයට තමයි හැමෝම හොඳ කියන්නේ. අනික සායක්කාරගේ කෙහෙල් මල මම දැම්ම එක්ක නෙමේ.

      Delete
  15. ඇත්තටම මේ පවුලේ උත්සවයක්.. ඉතින් අඩුපාඩු පේන්නෙ නැති තරම්.. පුංචි පුංචි අඩුපාඩු උණත් අපි අපිම ගොඩදාගෙන ලබන අවුරුද්දෙත් මේ පවුලේ උත්සවය තවත් ලස්සනට කරන්න උත්සාහ කරමු.

    ඉයන් එක්ක කතා කරන්න නම් ලැබුණෙ නැහැ.. අඳුනන්නෙ නැහැනෙ ඉතින්..

    ReplyDelete
    Replies
    1. ඔබ සමරු කලාප ලඟටම ගෙනත් දෙනකොට සහ සම්මාන ගන්නකොට දැක්කා. එනපාර කථා කරනවාමයි.

      Delete
  16. මට සහභාගි වෙන්න බැරි උනත් මේක අනෙක් ඒවට වඩා බොහොම සුලු අඩුපාඩු ඇතිව කරපු එකක් කියල පේනව. ඒකට කමියට විසේස ස්තුතිය හිමිවිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. මමනම් කියන්නේ කිසිම අඩුපාඩුවක් තිබුණේ නැහැ, ඒකට කමියට විසේස ස්තුතිය හිමිවිය යුතුයි කියල

      Delete
  17. ඔය උඩ බලං ඉන්න ගොබිල ඉන්නව නේද ? ඌ ගැන වචන වලින් කියන්ඩ තරම් වචන නෑ ,
    සායක්කාරගෙ නාට්ටිය පෙන්වද්දි මම හිතුවෙ මොකක්ද මේ කෙරුවෙ මේ වගේ අවස්තාවක කියල , වෙන නම් කිසිම අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. මට අර සිංදු CD එකක් ඕනෙ

      Delete
    2. කමියා ගාව ටිකක් තියෙනවා. නැත්නම් ඊලඟ පාර හමුවුනාම දුසිමක්ම දෙන්නම්

      Delete
  18. සිංදු 14ම පහුවදාම ඇහුවා... 'කල හොඳ වෙනුවෙන්' එකටයි, 'කිරිදුන් මවගේ' සිදුවටයි මං ගොඩක් ආසයි... අනෙක් ටිකත් සුපිරි.. හොඳ වැඩක්... සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි රොහාන්, ඔබගේ අදහස මට ඉතා වටිනවා.

      Delete
  19. ජීවිතේ පලමුවෙනි වතාවට මම සහභාගි වෙච්ච මොනයම්හෝ දෙයක නාකිම එකා උන එකත් මචෝ මාර ඇචීව්මන්ට් එකක්..ඒකට ස්තුතියි කියන්න ඕනි විචාගේ මස්සිනා පොඩ්ඩට (ඌට නිවන් සැපම ලැබේවා )...කොහොම හරි මමද නාකිම එකා කියල දැනගන්න ආෆ්ටර් පාටි එකේදි කොට අජිත්ව සභාව මැදටම ගෙනල්ලා වයස ඇහුවය කියලා ඌට මලේ හොඳ එකෙන්ම පැන්නා නේද මචං....!
    උඹයි මමයි මාතයයි අජියයි ප්‍රාජේයි කකායි ඇරෙන්න අනිත් උන් ඔක්කොම පොඩි මල්ලිලා වෙච්චි...!

    ReplyDelete
    Replies
    1. //අජිත්ව සභාව මැදටම ගෙනල්ලා වයස ඇහුවය කියලා ඌට මලේ හොඳ එකෙන්ම පැන්නා නේද මචං//
      කොහොම හරි අජිත් නොකියා මඟ හැරියා. අපි දෙන්න වයසින් ලඟ ලඟ වුණාට අවුරුද්දකින් විතර මම තරුණයි. ස්තූතියි චෙෆා

      Delete
    2. එතකොට අර දම්පාට දේදුන්නෙ එකා, ඌ පොඩීද

      Delete
    3. එයත් ඒ බෝට්ටුවෙද?

      Delete
    4. විචාගේ මස්සිනාට නිවනු සුව ලැබේවා..

      Delete
  20. බොහොම සතුටුයි...
    මේ වැඩේ එක්ක තව ටිකක් බැඳෙන්න තිබුණානම් හොඳයි...
    ඊළඟ පාර තවත් ටිකක් බැහැල වැඩ කරන්නයි ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. නියමයි උඩුවා. ස්තූතියි

      Delete
  21. බලපුවම ඉයන් හොඳ ගායකයෙක් නොවැ.මට උත්සවේට සහභාගී වෙන්නත් නෑ ඉයන්ගේ සින්දු අහන්නත් නෑ.මෙහෙ ඉඳන් දුක් වෙනවා ඇරෙන්න වෙන මොකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. මම ගායනා කලොත් එහෙම සංගීතය තහනම් කරන්න ඉඩ තියෙනවා. මට ගායනා කරන්න කිසිම හැකියාවක් නැහැ හැලපේ. ඇත්තටම මම ටෝන් ඩෙෆ්. ඒ සිංදු ගායනා කලේ , සංගීතය කලේ ජගත් වික්‍රමසිංහ. මම සිංදු ටික ලිව්ව විතරයි.

      Delete
  22. හැබැයි ආෆ්ට පාටිඑකේ හොඳම හරියෙද බොරුවක් කියල කලින් ගිය එක නං හරි වැරදී ......

    ReplyDelete
    Replies
    1. අපි එයාගේ ගෙදර ගියත් ලොක්කා 12 මිඩ් නයිට් වෙනකොට දොයිය පතං වෙනවා...

      Delete
  23. එන්න නොහැකි වෙච්චි නිසා හමුවෙන්න අවස්ථාවක් ලැබුනේ නැහැ.හැබැයි මේ වැඩේට මහන්සි වෙච්චි හැමෝටම මගෙත් සැලියුට් එක.

    ReplyDelete
    Replies
    1. ඔය කල්යාණයා වගේ නේවි කාරයන්ට සැලියුට් ගහන කොට හරියට ඒක ගහන විදිහ දැනගෙන ගහපන්.

      Delete
  24. lokaye hondama (clown) katha nayaka athin sammana labeematha wasanwak

    ReplyDelete
    Replies
    1. ඒ මනුස්සයා ජීවිතේ කරල තියෙන දේවල් වලින් දාහෙන් එකක් කරන්න පුලුවන් වුණොත් මට සන්තෝසයි. එයා දේශපාලකයෙක් වෙන්න ඉස්සර විශාල කොම්පැණියක කලමණාකාර අධ්‍යක්ශක කෙනෙක්. ඒ කාලේ පෞද්ගලික අංශයේ ගොඩක් දෙනෙක් ගරු කරපු. මලබද්ධ කාර හොරුන්ට නැමුණ නැත්තේ මැදමූලන හිටපු පොලිස් සාජන් චමල් කථානායක වගේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් නොදන්න අට පාස් රිලවෙක් නොවන නිසා.

      Delete
  25. ඉයන් අන්කල් සම්මාන ලැයිස්තුවෙන් නම අයින් කර ගත්තා කියල ආරන්චියක් ආවා. අලුත් කෙනෙක්ට අවස්තාව ලබා දෙන්න.... සතුටු වෙනවා හදවතින්ම :)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් අතා, මොන පිස්සුද? මට නොමිනේට් වෙන්නවත් කිසිම චාන්ස් එකක් තිබුණේ නැහැ. අජිත් එක්ක කරපු කතා බහකදි වෙන හේතුවක් නිසා තමයි අයින් වුණේ.

      Delete
  26. එදා යන්තම් හඳුනාගත්තා පමණයි. ඊළඟ වතාවෙදිවත් ටිකක් කතාකරමු.

    ReplyDelete
    Replies
    1. ඔව් විචා ඊලඟ පාර බෝතලයක් එක්ක හෙහ් හෙහ්

      Delete
  27. වීඩියෝ එකට රොම්බ තෑන්ක්ස් ඉයන්... ඔන්න මම මූණු පොතේ වීඩියෝ එක ෂෙයාර් කරා..

    ReplyDelete
    Replies
    1. අජිත් ගෙ එෆ්බී පෝස්ට් එකකින් ඉස්සුවේ

      Delete
  28. උබ කමියා මාත් එක්ක තරහා වෙලාද ?
    දහසක් පෙරුම් පුරාගෙන හිටියා මචෝ එන්න එත් මම එදා හෙන අසරණ උනා ..මොනවා කරන්නද රස්සාව බෙර ගන්නත් එපයි ...
    මම බ්ලොග් වලට සිරාවටම ආදරය කරන එකකේ මට බ්ලොග් නිසා ලැබුන දේවල් ගොඩයි ..
    මම නම් කියන්නේ අලුත් පරන ලියන දේවල් සරලද බරසරද කියලා නැහැ උබලා හැම කෙනෙක්ම ලියන දේවල් වල වටිනාකමක් තියනවා ඒ නිසා කිසිම කෙනකුට සම්මාන එපා කියන්න අයිතියක් නැහැ..
    කමියා උබනම් ඇතටම පොරක් ...උබ්ගේ කැපවීම එලද බ්‍රා

    ReplyDelete
    Replies
    1. අපෝ නැහැ. සති අන්තයේ කථා කරන්නම්.

      Delete
  29. ඉයන් මෙතන නම කියවන්න ඕනෑම එකෙක් අපි හැමෝටම අමතක වෙලා උ ගැන හොයලා බලපං
    මදු මාදවී

    ReplyDelete
    Replies
    1. මමත් බොහොම ආසාවෙන් හිටියේ මදුවව හම්බුවෙන්න. කවුරුහරි කිව්ව අසනීපෙන් කියල.

      Delete
  30. අර මුරුංගා අතු උස වැඩිද මන්දා ඉයන් අපිට.... ඔබේ නිහතමානී චරිතය දැකලා අපි ඒ ගැන කතා කරා.... මොනවා වුණත් හමුවෙලා කතා කරන්න හැකි වුණ එක ගැන සතුටුයි... හදුනාගැනීමට ලැබීම ගැන සතුටුයි..... ආයෙත් හම්බෙමු... තව ටිකක් කතා කරමු.... ඔය හංගන් ඉන්න කවි කාරයා ගැන කතා කරමු... ජයවේවා...

    ReplyDelete
    Replies
    1. නැවත හමුවෙන්න, කථාකරන්න බොහොම ආසාවෙන් ඉන්නවා.

      Delete
  31. ඉයන් කියන බ්ලොග් කෑල්ලට යට ඉන්න නිහතමානි මනුස්ස ජීවිතය අදුරගන්න ලැබීම නං ඇත්තටම ලොකු සතුටක්.ඒවගේම පොඩි එකා වෙච්ච මට හැමෝන්ගෙම නම්,ගම් බ්ලොග් ගැන අදුන්වල දීපු එකට නං ගොඩක් ස්තුති.නැත්තන් ඉතින් මන් කියල අදුරනවයේ ඔය කිසිම කෙනෙක්ව.එදා නෙලුම් යය පවුලේ හමුවීම ජීවිතේ කවදාවත් අමතක නොවෙන හමු වීමක්.සංවිදානය කරපු හැමෝටම ගොඩක් ස්තුති...!!!
    අර සින්දු හැම එකක්ම හරිම ලස්සනයි...පහුවෙනිදම ඒක ඇහුව...:)

    ReplyDelete
    Replies
    1. ගිම්මි නගේ මට සූකිරි සහ නෙල්ලී
      සීඩී එකට මොකටද උඹගෙන් සල්ලී
      කිරුළපනදි උඹ මගෙ බෙල්ලේ එල්ලී
      ගළවා ගත්ත දත් දෙක දීපිය .....

      (හිස්තැනට සුදුසු වචනය යෝජනා කර ඉයන් විසින් ලියන ලද ගීත ඇතුළත් නවතම සීඩී පටය දිනාගන්න)

      Delete
    2. ගිම්මි බොහෝම ස්තූතියි, කථා කලාට, සිංදු ඇහැව්වට. ඔන්න ඔය ඩ්‍රැකීගෙ දත් දෙක දීල දාන්න.

      Delete
    3. මේකනේ උනේ...මෙච්චර කල් ඔය ඩ්‍රැකිය මගේ දත් දෙක ණයට ඉල්ලන් හිටියේ...මන් එදා දැක්ක ගමන් එක ගලවගත්ත...ඔය ඉතින් දුකට කියවෙන කවිනේ අනේ...

      Delete
  32. Replies
    1. විදානේ සර්, බොහොම ස්තූතියි

      Delete
  33. ඉයන්ගේ නිහඩ සේවයට ස්තුතියි .

    ReplyDelete
  34. ඉයන්...ස්තුතියි තිරය පිටුපස කොටසට... අතිශය සාර්ථක වැඩක් මේක මට නම්.. එනපාර වැඩේ ඇට්ටි හැලෙන්නම දෙමු...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සජ්ජා :)

      Delete
  35. යකෝ මම මෙච්චර නැහිගෙන වැඩ කරලා අර කළු කමියටනේ මේ ඉයන් හොඳම විරයා සම්මානය දුන්නේ. තනිකරම අත යටින් ගේම දීලා.
    හේ හේ ඉයන් තේරීම හරි. කමියා ලොකු වැඩ කොටසක කලා . ඒ වගේම ඉවාන් පවුලුෂත් සැහෙන්න මහන්සි වුන. ප්‍රා වත් අමතක කරන්න හොඳ නැහැ. වඩා වැදගත් වෙන්නේ මේ අය ස්වාධීනව මේ උදව් කරපු එක.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් අජිත්. නෙළුම් යායයි අජිත් ධර්මකීර්තියි කියන්නේ දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් නෙ :).

      Delete
  36. අයියෝ මට නම් කෑගහලා අඬන්න හිතෙනවා....

    අනේ දෙවියනේ මට වුණු වියෝයා
    මේ කතරේ තනියම තනි වුණේයා
    නෙළුම් යාය හොඳටම මිස් වුණේයා
    ඉයන් මගේ දුක තව වැඩි කළේයා

    ReplyDelete
  37. ශික් එදා ඇවිල්ලත් හමු උනේ නෑ නොවෑ

    ReplyDelete