විසිහයේ දින, දෙකයි තිහටලු
එළිදකින්නේ මහ තිරෙන්
යාය පුරවා නෙළුම් පිපිලා
එදා ඇවිදින් එහි පිරෙන්
හැංගි වෙස් බැඳි බ්ලොගේ වුණ් හට
හැංගි වෙස් බැඳි බ්ලොගේ වුණ් හට
නටන්නට දෙති ආදරෙන්
නෙලුම්යායට එන්න කියලා
අජිත් කියනව සාදරෙන්.
ඉවාන් ගොයියා මයික් ටයිසන්
වෙන්න යනවලු ස්පීකරෙන්
සින්දු කවි කර දෙන්න යනවලු
බෙලෙක් කටහඬ මනාගෙන්
බෙලෙක් කටහඬ මනාගෙන්
කන්න දෙනවලු තෑගි දෙනවලු
නැටුම් අයිටමෙ තරූගෙන්
බැන්කි මූනුත් තෑගි එවලලු
ඒවා දෙන්නේ පැරාගෙන්
රවී ගොයියා ආවේ නැතුවත්
පුවක් දෙනවලු ඒ ෂැනෙන්
කවි ලියන්නට පන්ති දාමුලුලෙක්චරේ බට කොස්සිගෙන්
ඉතින් කොහොමද මඟ අරින්නේ
එන්න ඔක්කොම මහ දොරෙන්
අපිත් ඔන්නොහෙ සප් එකක් දෙමු
වෙන් කරන්නට ගොම කිරෙන්
නෙලුම්යායක වැඩේ ඉවරව
බමන මතකට සාදරෙන්
ඉවාන් සහ අන් නොබොන සගයන්
බයිට් වන්නට වත් වරෙන්
බීම නරකයි දන්නවා අපි
එයි විවේචන බර බරෙන්
පිරිමි තනියම නොවී පෙරසේ
එකතුවී අපි බොමු හොරෙන්
(නෙළුම්යාය උලෙලට සම්බන්ධ ඉහත කවි වලින් 1-6 පමණි. අනික් කවි දෙක නෙළුම්යායට හෝ එහි සංවිධායකයන්ට කිසිම සම්බන්ධයක් නොමැත)
\\පිරිමි තනියම නොවී පෙරසේ
ReplyDeleteඑකතුවී අපි බොමු හොරෙන්//
ගුටි කෑමට නියමිතයි.....!
පහෙන් පස්සේ හොඳේ..එදා වගේ දුව දුව බැහැ ඕන්...!
චෙෆාකි බොන්නෙ නැහැනෙ බයිට් කනව මිසක්.
Deleteබයිට් වෙන්නත් කස්ටිය ඕනි නේද?
Deleteඒවා දෙකම ලව්පූස් ඒකාධිකාරයක් වෙන එකක් නෑ
Deleteපූසා ස්ටේජ් එකේදිම බයිට් උනාම මාරයි....
Deleteදෙවියනි ඔබ කොහිද ?
Deleteඅල්ලපු වැටේ...!
Deleteඅන්තිම කවි දෙක කියෙව්වම මුල් ටික මතක නැතුව ගියා.. වැදුනද මංදා.. හෙහ් හෙහ්..
ReplyDeleteපලවෙනි කවිය මෙහෙම කියුවත් කමක් නෑ.. විසි හයේ දින දෙකයි (සෙනසුරාදා හා ඉරිදා) ආපහු එළිවෙන්නේ විසි අට සඳුදටලු.. හිහ් හිහ..
හෙහ් හෙහ් කමියො ඒක වෙන්න පුළුවන් නයිට් එක ගඟ අයිනෙ ගෙදර
Deleteහුකෑස්...!
Deleteආ.. ඒක හොඳයි. පහුගිය ටිකේ සෑහෙන්න ඇරියස් තියෙනවා කවර් කරන්න..
Deleteලුනු අඩු බයිට් කන්න කැමතිද...එහෙනම් වරෙල්ලා...
Delete///හෙහ් හෙහ් කමියො ඒක වෙන්න පුළුවන් නයිට් එක ගඟ අයිනෙ ගෙදර/// x 2
Deleteඑහෙනං උදෙන්ම ඔහෙට එන්නං පහුවදාට ගෙදර යන එකනේ
Deleteකළනය්යේ උතුර දකුන මාරුවෙයිද
Deleteදෝත බරට සම්මාන ලැබෙන හැන්දෑවක් වේවා කිව්ව
ReplyDeleteස්තූතියි උඩුවෝ
Deleteමේ දවස්වල කර්තකොලොම්පන් තියෙනවද දන්නේ නෑ....
ReplyDeleteනැතුව නැතුව
Deleteඒවා නැතුව බෑ මචෝ....අඹ යාලුවා ගානේ ඒවා....!
Deleteචෙෆා , නැතුව නැතුව
Deleteරතු පාට කවියෙන් කියවෙන හරියටවත් එන්න හිතෙනවා.
ReplyDeleteරසික ලඟදිත් ඇවිත් ගිය එක එන්න බැරි වෙයි නේද?
Deleteකවියෙන්ම දීල තියෙනවා ලෙසටම...
ReplyDeleteසතු පාට කවිය තමයි හොඳටම තේරුනේ...
හෙහ් හෙහ් ලොක්කා
Deleteසතු පාටෙහි ආදීනව ඔබේ හය හතර නොදත් දරුවාට කියා දෙන්න
Deleteසතු පාටෙහි ආදීනව ඔබේ හය හතර නොදත් දරුවාට කියා දෙන්න
Deleteහංසමාලි අද අධ්‍යාපනය පොත පතින් දේශණ වලින් නොව ප්‍රායෝගිකව අත්දැකීම් දීමෙන් තමයි සාර්ථක වෙනව කියල තියෙන්නේ. බීමේ ආදීනව ළමයෙකුට කියල දෙන්න හොඳම ක්‍රමය තමයි තාත්තා බීල වෙරි වෙලා පෙන්නන එක. ඕ යේස්
Delete:D aa ehenam matay wArdune ne?
Deleteබොන බණේමයි
ReplyDeleteහැක් හැක්..
වෙරි වේවා
බොන වුන්ට වෙරි වෙරි අනික් වුන්ට වෙරි සොරි
Deleteමුං බීල ම මැරෙන්න හදන්නෙ. හපෝ මංනම් ඕව බොන්නෑ.
ReplyDeleteඑහෙනං බයිට් කන්නත් තහනම්.......
Deleteබිව්ව නොබිව්ව සමාජෙට වරෙන්
Deleteඔය බොරු ඕකා බේබද්දා
Deleteඒකනෙ කසුනෝ අටම වගේ නොබී ඉන්න පුරුදු වෙයන් හැක්
Deleteඅහසෙන් එද්දි ඕවා බැහැ තමාහෙමින් අහසින් වඩින් හොඳෙ
Deleteබයිට් එකට මොනවද දන්නේ නෑ
ReplyDeleteආය මොකවත් මොකට ද උඹ ඉන්නේ........
Deleteබයිට් ස්ෙප්ෂල්.. ලව්පුස් බයිට්
Deleteබයිට් ඇන්ඩ් ඩයට් ටුගෙද
Deleteසෑහෙන කාලෙකින් අළුව කපල ඇවිද්දෙ නෑ.. පෘථිවියේ ඇලේ අංශක ගාන චෙක් කලෙත් නෑ... දෙන්නම් ජම්බු.. හෙහ් හෙහ්
ReplyDeleteජයවේවා..!!
අන්න එහෙමනේ පවුල් ටෙම්පල් වෙච්ච කාලෙ ඉන්න ඕන
Delete2.30ට ආවෙ නැතත් 5ට එනව .....
ReplyDeleteහෙහ් හෙහ් උත්සවේ කොටස් දෙකකට තියන්න තියෙන්නෙ. 2.30 ට නෙළුම්යාය සහ 5.30 ට බෝතල්යාය කියල.
Deleteසෑහෙන්න හිතන්න ඕනේ ප්‍රහ්නයක්.....
ReplyDeleteප්‍රශ්ණ හිතන්න තමයි බං මේ එන්න කියන්නෙ
Deleteඉයන් එදාට එනවද :) ..නෙලුම් යායට එන්න හිත තියනෝ ... පුළුවන් උනොත් අනිවාර්යෙන් එනවා :)
ReplyDeleteහංසියාගේ පෝස්ට් එකකුත් නොමිනේට් වෙලා තියෙන එකේ එන්න බලන්න.
Deleteඉයන් මේ කියනකන් මම මේ විත්තියක් දැනගෙන හිටියේ නැහැ.හොයාගෙන හොයාගෙන ගිහින් දැනුයි පෝස්ටුවක දැක්කෙ. මම අසාවෙන් හිටියේ දැකලම නැති යාළුවො ටිකක් කතාකරල හම්බවෙන්න. ගෙදරින් එන්න දුන්නොත් අනිවා එනව.ඔත්තුවට ස්තූතියි :)
Deleteපවුලෙ කෙනෙකුත් එක්ක එන්න. ඒගොල්ලන්ටත් තේරුමක් එයි බ්ලොගින් ගැන.
Deleteකොළ එළියක් .. ගෙදරින් එන්න දෙන හැඩයි :) :) :)
Deleteෂහ් නියමයි. ඕකනෙ මමත් කොළ පාටට කැමති :)
Deleteමේ කවි පෙළ නිකන් විරිදු වගේ . මට හිතෙනවා විරිදු රබානක් අරගෙන කියා කියා යන්න 138 බස් එකේ. ආ ඒක නාරාහේන්පිට යන්නේ නැහැනේ. නියමයි ඉයන්. තවමත් හොරෙන් කරන්න ඕනෙද කියල කල්පනා කලේ.
ReplyDeleteහෙහ් හෙහ් අජිත් තව වුරුදු 20 ක් විතර යනකොට අර ඔස්කා අවෝඩ්ස් වගේ ඇඩ්ස් දාන්නත් වෙයි.
Deletehttp://nelumyaya.com/?p=5391
ReplyDeleteබොහොම ස්තූතියි අජිත්
Deleteමේ කවි අර අෂ්ටක කියන තාලෙට කියන්නත් පුළුවන් නේද? නියමයි! එදාට එන්න බැරි වෙන එක ගැනනම් බොහොත් කණගාටුයිහේ :(
ReplyDeleteබොහොම ස්තූතියි උදය, ඔබ ඉන්නෙ වෙන රටකද?
Deleteනෑ නෑ ඉන්නේ ලංකාවේ. ගෙදර බොස්ගේ අම්මා (a.k.a නැන්දම්මා) කලින් යොදාගත් වැඩක් නිසා ඒ සති අන්තේ කොළඹින් පිට යන්න වෙනවා රථාචාර්ය විදියට. මල්ලිව වැඩේට සෙට් කරන්න උත්සහාකලත් වැඩේ හරි ගියේ නෑ මොකද මිනිහා එලවනකොට වාහනේ යන උන්ට හාර්ට් ඇටැක් හැදෙන නිසා :(
Deleteනැන්දම්ම නමටම ආරාධනාවක් ගෙන්න ගත්තනම් වැඩි හරියයි.
Deleteහෝල් එකේ ජෙනියක් එහෙම ඇතිනේ හිටං.
ReplyDeleteහැම පුටුවක් යටම ජොනී කොටයක් තියනවා කියන කටකථාවනම් බොරු
Deleteපුලුවන්නම් බෝතලයක් එවන්ඩෝ..මෙහෙ ඇල්කොහොල් තහනම්...
ReplyDelete@Lalith
Deleteඉල්ලනවා වගෙයි කස පහර
හිස් බෝතලයක් තැපෑලට දැම්මෝ !!
Deleteලදිමි ඇරයුම නොවක් තුති හෙම
ReplyDeleteපුදනවා මම මේ සැරෙත්
හමුව හිනැහී ඉතින් දොඩමළු
වෙමුකො අපි හැම සාදරෙන්
මතට තිත නොව මදක් තුටු වී
රහමෙරද ගෙන මද සුවෙන්
ගයා ගීයක් තුටින් හිනැහෙමු
සොයුරු පෙම වැඩිවේ මතින්
මඩේ පිපුනද නෙළුම අගෙමය
පිදිය යුතු උන් හරසරින්
පුදා ධිරි දෙමු මතුත් අගයමු
සදා වැජඹෙයි කිත් ගොසින්
මෙයට මුල්වූ සියළු දෙන හට
පුදමි තුති යළි ඉත සිතින්
ගල්ම පමණක් පුදන සිරිලකෙ
මල් මිටකි ඔබ හට පෙමින්
//මල් මිටකි ඔබ හට පෙමින්//
Deleteහංසමාලී මල් මිටි ඔක්කොම යන්න ඕන මේකේ සංවිධායක වරු වන කොලඹ ගමයා (අජිත්), චන්දිම විතාන, කමියා වගේ අයට. මම මේ සංනිවේදනය කරන්න සහයෝගය දෙනව විතරයි. මල් මිටි වලට අමතර ගල් මිටි ආහ් නැහැ ගල් බෝතල් ටිකක් එහෙම ටිකක් සප්ලයි කරන්න තමයි සිංහල බ්ලොග් ක්ශේත්‍රයේ ප්‍රගමණය වෙනුවෙන් මට තිබෙන භාරදූර කාර්‍යභාරය.
:D (Y)
Deleteබිවුවට පස්සෙනේ ඉතින් කට්ටිය ඒ ගැන හොද හොද ලිපි එහෙම ලියන්නෙත්.
ReplyDeleteඔව් ඔව් එහෙම වෙනවා. ඒ වුණාට ඔය තැන්වල පින්තූර ගැනීම් වලින් පරිස්සම් වෙලා ඉන්න මතක තියාගන්න. එහෙම නැත්නම් මේ ඩිජිටල් අවධියේ අනික් තැන්වල නෝන්ඩි.
Deleteඋඹට කොහමද නම් දන්නේ නැහැ අන්තිම පේලි දෙක තමයි අපිට නම් අදාළ වෙන්නේ...
ReplyDeleteඒ මොකද 18 ට අඩුයිද?
Deleteඅයිෂූ......
ReplyDeleteඅයිෂූ......to you too !මෙතූ
ReplyDeleteමම එන්නේ මහියංගනේ ඉදලා ටිකක් පරක්කු වෙලා හරි එනවා
ReplyDeleteඅන්තිම කවියෙ අන්තිම පදේ තමයි හොඳම කොටස කවුරු්ත් දන්නව උනාට ඔක්කොම බොන්නෙ හොරෙන් -sugv.worpress
ReplyDelete