Wednesday, March 23, 2016

1989 කැරැල්ල මර්ධනය තවමත් විකිණිය හැකිය

නොකී කථා  විසින් පලකරන ලද අනූනමයෙන් බේරුන අනූවේ පරපුර ලිපිය සහ සිව්වැනි මානය විසින් එම ලිපියේ තබා තිබූ කමෙන්ට් කියවීමෙන්  ඔවුන් මවන සුරංගනා කථා වල අනික් පැත්ත ගැන එම කාලය ගැන අඩු දැනීමක් ඇති අය වෙනුවෙන්  ලියමි. එකල ජේ.වී.පියට අනුකම්පාව දක්වන්නන් (sympathizers) සහ එම කැරැල්ල මර්ධනය තම වාසියට හරවාගත් සහ තවමත් එය පාවිච්චි කරන එ.ජා.ප විරෝධීන් ගේ මතය බොහෝ ප්‍රසිද්ධය. මා නම් සිතන්නේ මොවුන්ගේ උපාය මිනිසුන්ගේ ඇති අනුකම්පාව සහ  දුර්වලයා කෙරෙහි ඇති බැඳියාව (favoring the underdog) තම මතය ගෙනයාමට ක්‍රියා කිරීමක් පමණක් බවයි.

1971 දී අසාර්ථක කැරැල්ලක් මෙහෙයවා තරුණ තරුණියන් දහස් ගණනකගේ ජීවිත විනාශ කිරීමට කටයුතු කල රෝහණ විජේවීර ඇතුළු කල්ලිය සිරෙන් නිදහස් කලේ 1977 දී බලයට පත් එ.ජා.ප රජයයි. මහජනයාගේ කැමැත්ත ඇතුව ක්‍රම ක්‍රමයෙන් හෝ තම දේශපාලන මතය ප්‍රසිද්ධ කිරීමට ඔවුන්ට එයින් අවකාශයක් ලැබිණි. ඒ අනුව 1982 දී පැවැති ජනාධිපතිවරණයේදී (ප්‍රජා අයිතිය නොතිබූ බණ්ඩාරණායක මැතිණිය ඉදිරිපත් නොවන පසුබිම යටතේ) සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට හැකියාව තිබිණි. එහෙත් ඔවුනට ලැබුණ ඡන්ද ප්‍රමාණය දෙලක්ශ හැත්තෑදාහක් (4.19%)  පමණකි. එයින් පැහැදිලි වූයේ ඊට කලින් අවුරුදු පහේදී දක්ශිණාංශික පාලනයක් ගෙනගිය රජයට විරුද්ධව සමාජවාදී හෝ ඔවුන්ගේ ඉගැන්වීම් අනුව සිදුකල යුතු ආර්ථික ක්‍රමය රටට සුදුසු යැයි ඒත්තු ගැන්වීමට ඔවුන්ට නොහැකිවුණ බවයි. නැත්නම් එම සමාජ ක්‍රමය සහ අදාල පුද්ගලයින් මහජනතාව ප්‍රතික්ශේප කල බවයි.

1987 දී පමණ සිදුවූ ජේ.වී.පී තහනම ඔවුන් අවි අතට ගැනීමට හේතුව බව පුන පුනා ප්‍රකාශ කරයි. පිලිපීනයේ මාකෝස් කල පරිදි හෝ බුරුමයේ අන්සන් සූකී ගේ පක්ශය වැනි බහුතර මහජනයාගේ පිළිගැනීම තිබූ පක්ෂයක් තහනමකට ලක්වූවානම් ඔවුන්  නියෝජනය කරන ජනතාව වෙනුවෙන් කැරලි ගැසීම සාධාරණ දෙයක් වන්නට තිබිණි. උතුරේ එල්.ටී.ටී.යී යට තරමක් හෝ තිබූ මහජන පිලිගැනීමවත් සාපේක්ෂව දකුණේ නොතිබූ ජේ.වී.පිය තහනම් කලා යන හේතුව මතම (සහ උතුරේ රට බෙදීමේ යුද්ධයක් පවතිද්දීම)  මනුශ්‍ය ඝාතක කැරැල්ලක් නිර්මාණය කිරීම හේතු සහගතද යන්න තීරණය කිරීම කියවන ඔබට භාර කරමි.

1988-1989 කැරැල්ල ඔවුන් ක්‍රියාත්මක කලේ රජයේ තනතුරු දරන්නන් තුවක්කුවේ බලයෙන් ඉල්ලා අස්වීමට සැලැස්වීම වැනි ක්‍රම වේදයක් හරහාය. ගමේ ග්‍රාමසේවක, විවාහ රෙජිස්ට්‍රාර් වරුන්ට මරණ
විජය කුමාරණතුංග
තර්ජනය කර ඉල්ලා අස්වීමට කටයුතු කිරීම කෙලවර වූයේ තවමත් යුද්ධයක් පවතින රටක හමුදා නිලධාරීන්ට අස්වීම හෝ මරණය තෝරාගන්නා ලෙස බල කිරීමකිනි. ඉල්ලා අස්වීම නොකල නිසා හෝ ඔවුන්ට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීම නිසා මෙම කාල සීමාවේදී ඔවුන්
කොටිකාවත්තේ සද්ධාතිස්ස ස්වාමීන්වහන්සේ 
විසින් මරාදමන ලද අය අතර විජය කුමාරණතුංග, තේමිස් ගුරුගේ, සාගරිකා ගෝමස්, කොටිකාවත්තේ සද්ධාතිස්ස ස්වාමීන්වහන්සේ වැනි අයද දහස් ගණනින් වූ අනික් අයද විය. ජ.වි.පෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ 1988-1989 දී මිනිසුන් 6,000 ක් මරා දමන ලද බවට පිළිගෙන තිබේ. ඔහු පිළිගන්නා ලද ප්‍රමාණයට වඩා පිරිසක් ඔවුන් ඝාතනය කල බව මගේ හැඟීමයි. එහෙත් 1988 සිට 1989 නොවෙම්බර් දක්වා කාලය තුල ඝාතන 6,000 ක් යනු අඩුම වශයෙන් මාසයකට ඝාතන 200 කට වැඩිය. 


ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් බලය අල්ලා ගත නොහැකිවුණු ජ.වි.පය රටේ බලය අල්ලා ගැනීමට උත්සාහ කලේ මැතිවරණ වලට ඉදිරිපත්වන්නන්, ඡන්ද නිලධාරීන්, ඡන්දය පාවිච්චි කරන අය ආදීන් ඝාතනය කරමින් වීම සරදමකි. අද දේශපාලනයේ දක්නට ලැබෙන මදාවියන් හා චන්ඩීන් දේශපාලනය පැමිණීමද ජේ. වී.පිය එම කාලයේ සිදුකල දේශපාලකයන් ඝාතනය කිරීමේ ඍජු ප්‍රතිඵලයකි. මෙම කාලයට කලින් වැඩිපුර දේශපාලකයින් බිහිවූයේ උගත් පවුල් වලිනි. මැතිවරණයකට ඉදිරිපත්වීම මරණයට කාරණයක් ලෙස සැලකූ සහ එවන් කිහිප දෙනෙකු ඝාතනය කළ ජ.වි.පෙ නිසා මැතිවරණ වලට ඉදිරිපත් වීමට පරාර්ථකාමී අරමුණු ඇතිව දේශපාලනය කල හෝ පිවිසෙන බොහෝ දෙනෙක් අදිමදි කලහ. මෙම භීශණයට මුහුණ දීමට හැකි සහ ඒ සඳහා ඉදිරිපත් වන්නන් මැතිවරණ වලට ඉදිරිපත් කිරීම හැර වෙන විකල්පයක් දේශපාලන පක්ෂ වලට නොවීය. අදටත් දක්නට ඇති මන්ත්‍රීන්ට සහ ඇමතීන්ට ආරක්ෂකයන්, එම ආරක්ෂකයින්ට වාහන, පඩි නඩි ආදිය අවශ්‍යවීමත් සිදුවූයේ මොවුන් එම කාලයේ කල දේශපාලකයින් ඝාතනය නිසාය.

දරුණු භීශණය හමුවේ මැතිවරණ සංවිධාන කටයුතු වලින් අයින් වන පිරිස නිසා  එක්තරා ප්‍රදේශයක සංවිධාන කටයුතු වලට සහය දීමට මටද සිදුවිය. එම කාලයේ අත් දුටු දේවලින් කරුණු දෙකක් පමණක් මෙහි සඳහන් කරමි. ජේ.ආර් ජයවර්ධන මහතාගේ රියැදුරකු වශයෙන් සිට විශ්‍රාම ගිය අයකු ප්‍රචාරක කටයුතු සඳහා වූ වාහනයක් පැදවීමෙන් අපට සහය වුණි. දින දෙකකින් පසු මම ඔහු දුටුවේ ඔහුගේ ගෙයි මැද සාලයේ වෙඩි තබා මරාදමා ඇති අයුරුයි. ඉතාමත් කරුණාවන්ත අහිංසකයෙකු වූ ඔහුගේ දේහය දැකීම මා සසල කරවීය. ඔහුගේ අතුනු බහල් මුලු සාලය පුරා විසිරී තිබුණේ එම පුද්ගලයා  ඝාතනය කිරීමට විශාල උණ්ඩ සංඛ්‍යාවක් ඔහු වෙත එල්ල කර තිබීම නිසාය. මෙලෙස ම්ලේඡ ලෙස ඝාතනය කිරීමේ අදහස ඔවුන්ගේ එම ම්ලේඡත්වය ගැන අන් අය වෙත දැන්වීමට සහ එමඟින් අන් අය දේශපාලනය කිරීමෙන් අයින් කිරීමයි. දෙවෙනි උදාහරණය නම් තම රැකියාවලින් ඉවත්වී සංවිධාන කටයුතු වලට සහය දුන් කලා හැකියාවන් වලින් පරිපූර්ණ තරුණයන් පස් දෙනෙක් ගැනයි. ජනාධිපතිවරයා පැමිණෙන නගරයේ පැවැත්වීමට නියමිතවූ රැස්වීමකට තොරණක් ඉදිකරමින් තිබෙන තැනකදී රාත්‍රී 10 ට පමණ අවසන් වරට ඔවුන් සමඟ කථා කොට කොලඹ බලා පිටත්වුණ මට ඊට පැයකට පසු ආපසු යාමට සිදුවූයේ ඔවුන් පස් දෙනාම දණගස්වා නලලට වෙඩි තබා මරා දමා තිබූ අකාරය දැක ගැනීමටයි. මරණ දඬුවම ලැබීමට ඔවුන් කල එකම වරද තම කලා හැකියාවෙන් ඔවුන් විශ්වාශ කරන පක්ශයකට සහය දැක්වීමට වෙහෙස වීම පමණි. 

ඔවුන් පාවිච්චි කල රට අඩපණ කිරීමේ තවත් ක්‍රමයක් වූයේ සතියකට දවස් කීපයක් හර්තාල් දින ලෙස නම් කිරීමයි. ඒ දිනවල කඩ සාපු සහ කර්මාන්තශාලා වසා දැමිය යුතුය. බස් ධාවනය කිරීම තහනම් විය. හර්තාල් නිසා නිෂ්පාදන කටයුතු කරගත නොහැකිවූ කුඩා, මධ්‍යම සහ විශාල කර්මාන්තශාල වසා දැමිණ. එයින් රැකියා නැතිවූයේ එදිනෙදා ජීවත් වූ සාමාන්‍ය මහජනයාටය.  පාසැල් දරුවන් පාරට බස්සමින්, විදුහල්පතිවරුන් මරමින් කොටි සංවිධානයවත් නොකල ලෙස අධ්‍යාපනය කඩාකප්පල් කලේය. 

මීට උතුරු නැගෙනහිර හැර අනෙක් ප්‍රදේශවල ලංගම බස් රථ දහස් ගණනක් ගිණි තබා විනාශ කරමින්, රජයේ ආයතන, බැංකු ගිණි තබමින්, විදුලි ට්‍රාන්ස්ෆෝමර් වල සිසිල් කරන තෙල් රහසේ මුදාහැර දහස් ගණන් ට්‍රාන්ස්ෆෝමර් පිපිරීමට සැලැස්වීමෙන් කල සම්පත් හාණිය අතිවිශාලය. මොවුන්ගේ ක්‍රියා නිසා බොහෝ ප්‍රදේශ වල සති ගණන විදුලිය නොතිබුණ අතර රැකියාවට යන්නවුන් හැතැප්ම ගණන් පයින් යනු දැකීම සුලභ දර්ශනයක් විය. රටින් පිටවිය හැකි බොහෝ දෙනෙක් තමන්ගේ වත්කම් කුණුකොල්ලයට විකුණා දමා රටින් පිටවූහ. 



ජනරාල් රන්ජන් විජේරත්න මහතා
මේ අවස්ථාවට මාස ගණනක් මුහුණ දුන් රජයට කල හැකිව තිබුණේ කුමක්ද? රට තවදුරටත් ඉදිරියට ගෙනයාමට නොහැකි රටේ ජනයාගේ එදිනෙදා ජීවිත ගෙවීමට තර්ජනයක් වන මෙම පිළිලය අයින් කිරීමද? එසේත් නැත්නම් නවගුණ වැල ගණිමින් හමුදා නීති රීති පිලිපදිමින් රට විනාශ වී යන්නට ඉඩ දීමද? මෙහිදී සිදුවූයේ මෙම පිළිලය ඉවත් කිරීමේ වගකීම නියොජ්‍ය ආරක්ෂක ඇමති ජනරාල් රන්ජන් විජේරත්න මහතා තම කර මතට ගැනීමයි.  නිව්යෝක් හී ලෝක වෙලඳ මධ්‍යස්ථාන පුපුරවා හැරීමෙන් පසු මානව හිමිකම් ගැන දේශණා කල ඇමෙරිකා එක්සත් ජනපදයත් පාවිච්චිය ගත් තොරතුරු සොයා ගැනීමේ ම්ලේඡ ක්‍රම භාවිතා කිරීමට 1989 දී විජේරත්න මහතා ප්‍රමුක ආරක්ශක මණ්ඩලය ක්‍රියා කරන්නට යෙදිනි.  ත්‍රස්තවාදීන් වූ ජවිපෙ සාමාජිකයින් යුධ හමුදා නිලධාරීන් මෙන් නිල ඇඳුම නොඅඳින බැවින් ත්‍රස්තවාදී ක්‍රියාවක නිරත වී සිටියදී අත්ඩංගුවට ගතහොත් හැර එවන් ක්‍රියාවක් කර හානියක් කිරීමට පෙර ඔවුන් හඳුනා ගැනීමට හැකිවන ක්‍රම තොරතුරු තාක්ෂණය එවන් අවදියක නොතිබිණි. අල්ලා ගත් කැරලි කරුවන් ගෝනිබිල්ලන් ලෙස යොදාගනිමින් අනික් කැරලි කරුවන් අල්ලා ගැනීම, අනිකුත් කැරලි කරුවන්ගේ විස්තර ලබා ගැනීමට ශාරීරික වද හිංසා කිරීම, දන්නා කැරලි කරුවන් ගැන තොරතුරු දෙන මෙන් මන්ත්‍රී වරුන්ට දැන්වීම ආදි  සහමුලින්ම නිත්‍යානුකූල නොවුණත් වැඩි දෙනාගේ යහපතට යම් මට්ටමකට හෝ සාධාරණීකරණය කල හැකි ක්‍රම භාවිතයට ගැණිනි.   

මෙම කාලයේ තවත් හාස්‍ය ජනක දේවල් කිහිපයක් සිදුවිය. 1989 දී මනව හිමිකම් කඩ කිරීම ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් , වාසුදේව නානායක්කාර මහතාත්ය. ඉන්දියන් හමුදා ඉවත්ව ගිය දිනෙක යුද්ධ කිරීමට හමුදා වලට ආයුධ සහ ජාත්‍යන්තර සහය ගැනීමට මෙම චෝදනා බලපාන බව අස්ථාවාදියෙකු ඔහුට ප්‍රශ්ණයක් නොවීය. ජ.වි.පෙ මර්ධනය ගැන කණගාටුවෙන් පසුවන අයගෙන් ලකුණු දමාගැනීමට ක්‍රියා කරමින් සිටි රාජපක්ෂ මහතා පාර්ලිමේතුවේදී රන්ජන් විජේරත්න මහතාට විරුද්ධව කථා කරන විට නැගී සිටි විජේරත්න මහතා පැවසුවේ කැරලි කරුවන්ගේ ලැයිස්තු ලබා දුන් මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේදී නම් කිරීමට තමන් සූදානම් බවයි. එලෙස නම් ලබා දුන් අයෙක් වූ රාජපක් මහතා වැඩේ ගැස්සෙන බව තේරී වහා වාඩි විය. පසු කාලයකදී නීතීඥ විජෙදාස ලියනආරච්චි හමුදා වලට අල්ලා දුන් එවකට මන්ත්‍රී වරයා කවුදැයි බොහෝ දෙනෙකු දැනගති.  


මේජර් ජනරාල් ජානක පෙරේරා
මෙම ත්‍රස්තවාදය මර්ධනය කිරීමේ තීරණාත්මක සිද්ධිය වූයේ එල්.ටී.ටී.ය විසින් පසුව මරාදැමූ අතිදක්ෂ හමුදා නිලධාරීන් දෙදෙනෙකු වූ මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා සහ මේජර් ජනරාල් ලකී අල්ගම මහතා විසින් උලපනේ ප්‍රදේශයේ අත්තනායක යන නමකින් සුඛෝපභෝගී දිවියක් ගෙවමින් සිටි රෝහණ විජේවීරව අත්ඩංගුවට ගැනීමයි. විජේවීර ඔහුගේ ජීවිතය බේරා ගැනීමට සිතා ප්‍රධාන පෙලේ නායකයින් සියළු දෙනාම සිටිනා තැන්  හමුදාවටට හෙළිකරන ලදී. එම තොරතුරු මත සෝමවංශ අමරසිංහ හැර අන් සියලු දෙනාම අත්ඩංගුවට ගෙන ඝාතනය කර දැමීමෙන් ලංකා ඉතිහාසයේ රට දණගැස්වූ අඳුරුම කාල පරිච්චෙදයක් නිමාවිය. 

මේජර් ජනරාල් ලකී අල්ගම
ජනරාල් රන්ජන් විජේරත්න උතුරේ ත්‍රස්තවාදය එලෙසම අවසන් කිරීමට සැලසුම් කරනවාත් සමඟම එල්.ටී.ටීය ඔහුව තුන්මුල්ලේදී ඝාතනය කරන ලදී. එලෙසම 
මේජර් ජනරාල් ජානක පෙරේරා සහ මේජර් ජනරාල් ලකී අල්ගම යන අය එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනය පිවිසි පසු ඔවුන්ගේ දක්ෂතාවය සහ කැපවීම ගැන හොඳින් දත් එල්.ටී.ටිය ඔවුන් දෙදෙනාද පසුව ඝාතනය කරන ලදී. රට විනාශ මුඛයට ගෙන යමින් සිටි එක් ත්‍රස්තවාදයක් අවසන් කල මේ ලක් පුතුන් අනෙක් ත්‍රස්තවාදයත් එලෙසම අවසන් කිරීමට නොහැකි වන ලෙස ඔවුන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවූහ.

උතුරේ යුද්ධය අවසන් කිරීමට හැකියාවත් උවමනාවත් මෙම අයට තිබිණි. එහෙත් දකුණේ ත්‍රස්තවාදයක් ඇති කර යුධ හමුදාව සහ එහි සම්පත් විහිදුවීමට (stretch) ක්‍රියා කල ජ.වි.පය සහ ඔවුන්ගේ මර්ධනය සහ සුදු නෙළුම් විකුණමින් බලයට පැමිණ අදක්ශයන් යොදවා යුද්ධය අනාථ කලවුන් නොවන්නට උතුරේ යුද්ධය අවසන් වන්නේ මීට කලිනි. එසේම යටින් ඔත්තු දෙමින් උඩින් මානව හිමිකම් කථා කල තවත් එවැනිම ම්ලේඡ ත්‍රස්තවාදීන් කොටසකට පඬුරු දී බලයට පැමිණ රටතුල, ඉන්දියාව සහ ලෝකයේ ඇතිවූ ත්‍රස්ත විරෝධී තත්ත්ව නිසා සහ හමුදා දක්ශතාව නිසා අවසන් වූ යුද්ධය අවසන් කිරීමේ ගෞරවය අහම්බෙන් ලැබී එය විකුණමින් රට උලා කෑ වුන් බිහිවීමට ඉඩ නොතිබිණි.

රජය රටේ යහපතට ගෙනගිය ත්‍රස්තවාදී මර්ධනය ආර්ත්මාර්ථකාමී අරමුණු මුදුන් පත්කරගැනීමට පාවිච්චි  කල අයද සිටියහ. පාසැලක විදුහල්පතිවරයෙකු සහ හමුදා අණු ඛ්ණ්ඩයක සමාජිකයින් කිහිප දෙනෙකු එකතුවී කල සූරියකන්දේ පාසැල් ශිශ්‍යයන් 31 දෙනා ඝාතනය  එවැන්නකි. එයට රජයේ කිසිම සම්භන්ධයක් නොතිබුණි. 1994 දී එජාප විරෝධී රජයක් බිහි කිරීමට මෙම සූරියකන්දේ ඇටකටු බොහෝ ලෙස උපකාරී විය. එවකට පැවති එ.ජා.ප රජය පැරදීමට හේතුවූයේ කැරැල්ල මර්ධනය ගැන කඳුලු සලමින්, මව් සංගමයක් ඇතිකිරීම, ඇටකටු ගොඩ ගැණීම් වැනි බයිස්කෝප් රඟ දක්වා මහජනයා මුලා කිරීමට ශ්‍රි.ල.නි.ප ඇතුළු සංධාන වලට හැකි වුණේද නොකරම බැරි අවස්ථාවක රටේ දීර්ඝ කාලීන යහපත වෙනුවෙන් එජාප රජය කල 1989 කැරැල්ල මර්ධනයයි. සාධාරණ ඡන්දයක් ලෙස පිළිගන්නා 1994 මහමැතිවරණය සංධානය ජයග්‍රහණය කළේ එක ආසනයකින් පමණක් වීමත්  එම මැතිවරනයේදී ජ.වි.පෙ ලබා ගතහැකිවූයේ එක් ආසනයක් පමණක් වීමත් රටේ පොදු යහපත සඳහා 1989 කැරැල්ල මැඩ පැවැත්වීම කැරැල්ලෙන් බැටකෑ පොදු මහජනයා අනුමත කල කාරණයක් බවට සුළු සාධකයකි.

 1989 ජවිපෙ කැරැල්ල මර්ධනය ගැන කඳුළු සලන්නවුන් අද පෙන්වන්නට උත්සාහ කරන්නේ මේ කැරලිකරුවන් රටට කිසිම හාණියක් නොකර බුරුතු පිටින් මහජනයා නොමරමින් දේපල විනාශ නොකරමින් සාමකාමීව තිබූ විටක රජය නිකරුණේ ඝාතන සිදුකල බව පෙන්වන චිත්‍රයකි. ත්‍රස්තවාදී යුද්ධයකදී සිදුවන අහිංසකයන් මියයාම ( Collateral damage ) සැමවිටම සිදුවේ. ජනරාල් රන්ජන් විජෙරත්න ප්‍රමුඛ ආරක්ෂක අංශ 1988-1989 දී දකුණු ලංකාව දණගැස්වූ එම ම්ලේඡ ත්‍රස්තවාදය අවසන් නොකරන්නට 1975-79 දී කාම්බෝජයේ පොල්පොට් පාලනය සමයේ සිදුවූවාක් මෙන් සාමාන්‍ය මිනිසුන් දස දහස් ගණනින් ඝාතනය වන පාලනයක් ඇතිවී, උතුරේ යුද්ධයට අමතරව රට සුණු විසුණු වී යාමට ඉඩ තිබිණි.

ජ.වි.පෙ සාමාජිකයන්ගේ නොමඟ යාම නිසා වූ ඔවුන්ගේ මරණ, හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ මරණ, කලා කරුවන් සහ සංඝයාගේ මරණ  සහ ජ.වි.පෙ සහ හමුදා අතින් ඝාතනය වූ අහිංසකයන්ගේ මරණ යන සියළුම මියගිය අය ගැන අපි දුක් විය යුතුය. එවන් ජන ඝාතන අවස්ථාවන් දෙකක්ම නිර්මාණය කල රෝහණ විජේවීර වැන්නවුන් හේතු කුමක් වුවත් නැවතත් ඇතිවීමට ඉඩ නොතැබිය යුතුය. තවමත් මල මිණී විකුණමින් හොරුන්ට යළිත් පාර කපන්නට උත්සාහ කරන්නන්ද හෙලා දැකිය යුතුය.

(වියාචනය: මෙය කිසිසේත්ම අද පවතින දූෂණ විරෝධී එමෙන්ම පඬුරු පාක්කුඩම් ලබාගෙන රජයයන්ට සම්බන්ධ නොවූ ප්‍රජාතන්ත්‍රවාදය පිලිගන්නා ජනතා විමුක්ති පෙරමුණ ගැණ විවේචනයක් නොවේ. )


110 comments:

  1. හෙන්රිගේ ලිපියේ ජවිපේ ගැන වචනයක් ලියා නෑ. කමෙන්ටුවලින් ඉඟි කරනවා පමණයි.

    ඉයනුත් කරන්නේ රන්ජන්ලාගේ මිනීමැරුම් සාධාරණිකරණය කිරීමයි.

    මට නම් ඔවුන් දෙගොල්ලෝම මිනීමරුවෝ.

    ත්‍රස්තවාදයක් කළ ජෙවීපීය නොව රජයක් විදියට නීතියෙන් පිට ක්‍රියාකරමින් ආණ්ඩුව මිනීමැරීම නම් කිසිසේත්ම අනුමත කරන්න බෑ. නීතිය, අධිකරණය තියෙන්නේ මොකටද?

    ReplyDelete
    Replies
    1. ඔව් රසික රන්ජන්ලගෙ මිනීමැරුම් අපට අනුමත කරන්න බෑ. දෙගොල්ලොම තුච්ඡ මිනීමරුවො

      Delete
    2. යමෙකු තවකෙනෙකු ඝාතනය කිරීමට සැරසෙන්නේ නම් එයින් බේරීමට සටන කිරීම හෝ ප්‍රතිවාදියා මරා දැමීම ආත්මාර්ක්ෂාවයි. එසේ සටන් කල නොහැකි මහජනයා වෙනුවෙන් හමුදා මෙහෙයවා සතුරා විනාශ කිරීම මිනී මැරුමක් වුවත් ජනරාල් රන්ජන් විජේරත්න එය කලේ පෞද්ගලික වාසියකට නොව රටේ යහපතටයි. ඔහු ඉතා අවංක දරදඬු පාලකයෙකු ලෙස ප්‍රසිද්ධව සිටියා.

      Delete
    3. ජවිපෙ මර්ධනය වරදක් නෙමෙයි. එතනදි ඔබ හා එකගයි.අත් අඩංගුවට ගෙන නඩුවිභාග පවත්වා අපරාධ කල බව හෝ අඩු තරමින් ජේවීපී කලබව හෝ හරියටම තහවුරු කර ගෙන වෙඩි තැබීම් බලකායක් මගින් ඝාතන කලානම් මෙච්චර අහිංසකයො මැරෙන්නෙ නෑ. උස්සල මරල පුච්චන ක්‍රමය භයානකයි.මට හිතෙන්නෙ 88 දි ප්‍රේමදාසල වෙන්න අැති ඕක පටන් ගත්තෙ.අැඹිලිපිටි නඩුවෙදි කියවුනා නේද.කැපිල පේන ලමයි උස්සමු කියල විදුහල්පතිවරු අමතා දේශපාලන අධිකාරිය දුන් උපදෙස් ගැන.

      Delete
    4. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නන් මෙවන් අවස්ථාවලදී ඇතිවනවා. එවන් අවස්ථාවාදීන්ට දඬුවම් නොකිරීම ගැන එජාපය වග කිව යුතුයි. කැපී පෙනෙන ළමයි තෝරා මරා දැම්මේ සූරියකන්ද සිද්දියේදී. එය පෞද්ගලික කෝන්තරයක් මත සිදුවූ දෙයක්. එය කිසිසේත් සාධාරණීකරණය කරන්න බැහැ. එවන් දේවල් සිදුවන පසුබිම් තත්ත්වය නිර්මාණය කලේ ජවිපෙයි.

      Delete
    5. ඉයන්,

      පහත ඇත්තේ රසික ඉදිරිපත් කරන අදහසයි
      //ඉයනුත් කරන්නේ රන්ජන්ලාගේ මිනීමැරුම් සාධාරණිකරණය කිරීමයි.//
      මමනම් දකින්නේ රසික වැනි බොහෝ කරුනාවන්තයන් අපේ සමාජයේ සිටියා, නමුත් යුද්දයක් සමග කරුණා කරන්න ගිහිල්ල තමයි මිනිසුන් ලක්ෂ ගණනක ගේ ජිවිත නැති උනේ.

      අපි සිංගප්පුරුව ගැන බැලුවොත් මෙවැනි තත්වයක් නිර්මාණය වෙමින් පැවතුනා, ලී කවන් යු කියන්නේ රසික තුමා වගේ කරුණාවන්ත කෙනෙක් නෙමෙයි, ඔහු සිදුකලේ සැකකරුවන් වසර 10 ක් 15 ක් හිරේ දැමීමයි. මෙය සිදුකල වහාම රටේ අපරාධ නැති වුනා. නමුත් ඔහුව විවේචනය කලේ ප්‍රජාත්න්තර විරෝදී මිනිහෙක් ලෙසයි.

      JR ජයවර්දන උන්නැහේ විජේවීරව එලියට දමන්නේ අපේ රසික වගේ කරුණාව පෙන්වමින්, නමුත් සිදුවුනේ විනාශයක්.

      පහත දැක්වෙන්නේ කොමෙන්ටුවක මා සදහන් කලේ පසුගිය මැතිවරණයට පෙරයි //
      1990 පසු ඉපදුන දැන් තරුණයන් 1989 වකවානුව ගැන කිසිවක් නොදනී. එක උදාහරණයක් පමණක් ගෙනහැර දක්වමි.
      1989 දී පස්සර නගරයේ සිදුවූ සිද්දියකි. මෙය මගේ නැන්ද කෙනෙකු මගේ පියාට විස්තරකරේ අප සියලුදෙනා නිවාඩුවට
      ගමේ ගිය විටයි.

      සිද්දිය මට මතක ලෙස :- පස්සර නගරයේ රජයේ සේවකයෙක් ජනතා විමුක්ති පෙරමුණේ අණ නොතකා ක්‍රියාකරන ලදී (මතක හැටියට තුන්ඩු කල්ලෙන් රැකියාවට නොයන ලෙස සදහන් කරනලද කරුණ නොසලකා හැරීමයි ) මිට දඩුවම ලෙස ඔහුව T56 වෙඩිතබා මරාදමන ලද අතර සංවේග ජනක දෙය සිදුඋයේ එයට පසුවයි,

      එනම් ජනතා විමුක්ති පෙරමුණ පැවසුයේ ඔහුව පෙට්ටියක නොදමා පොලිතින් වලින් ඔතා වලදමන ලෙසයි. ඔහුගේ පවුලේ අය ඔහුව පෙට්ටියක දමා වලදැමූ අතර දින කීපයකට පසු ඔජස්ගලන මිනිය ඔවුන්ගේ නිවාස මිදුලේ ගෙන ගොස් දමා තිබුණි.

      අවසානයේ නිවැසියන්ට සිදුඋනේ එම මිනිය පොලිතින් වලින් ඔතා දණහිසට පහලින් ඔසවාගන නැවත වැලලිමයි.

      ඉහත කරුණ නැවත මතක්කලේ ජනතා විමුක්ති පෙරමුණට අපහස කිරීමට නොවන අතර ඉදිරියේ පලනයකදී ඔවුන් ආර්ථිකය පාලනය කරන විදිය
      බලය ලැබීමට පළමුව ජනතාව හමුවේ ඔප්පුකලයුතු බැවිනි.//

      මේවගේ මෙලෙච්ච රැලක් තමයි සිටියේ, අපේ රසික කියන්නේ මේ සියලුදෙනා අත්අඩංගුවට ගෙන එනම් විජේවීරව අත්අඩංගුවට ගෙන නඩු අසා සිරගත කර වසර කීපයකින් නිදහස් කර නැවත කැරැල්ලක් ඇති කිරීමට අවස්තාව සලසන ලෙසයි.

      මේ උදවිය කිසිවිටකත් අසන්නේ නෑ ඇයි ඔබාමා නඩු විබාගයක් ඔසාමා බින් ලාදිනට ලබාදුන්නේ නැත්තේ කියල.

      මේක තමයි කියන්නේ උස් තැන දැක හැකිළෙන්නේ මිටිතැන දැක පුප්පන්නේ කියල.

      Delete
    6. ලංකා සිතුවිලි හැම වචනයක් ගැනම එකඟයි. ඔවුන් විනාශ කල ජීවිත අපමණයි. මම දන්නා වෘත්තිකයෙකු ම්ලේච මරා දැමීමෙන් එවකට වයස හතරක් වූ ඔහුගේ එකම දරුවා සුවකල නොහැකි මානසික ලෙඩෙක් වී අදටත් ඉතා අපහසුවෙන් පිටරටක කල් ගෙවනවා. ඔහුගේ මව අකාලයේ මියගියා.

      Delete
    7. මට නම් ඔවුන් දෙගොල්ලෝම මිනීමරුවෝ.

      ත්‍රස්තවාදයක් කළ ජෙවීපීය නොව රජයක් විදියට නීතියෙන් පිට ක්‍රියාකරමින් ආණ්ඩුව මිනීමැරීම නම් කිසිසේත්ම අනුමත කරන්න බෑ. නීතිය, අධිකරණය තියෙන්නේ මොකටද?
      hats off rasika.
      its so pathetic how major citizens defend these cruelty. i wonder!

      Delete
    8. ඇයි JVP සැක කරුවන් අල්ලලා හිරේ දාලා ඒ තත්ත්වය පාලනය නොකළේ...
      නඩු අහන එක ප්‍රමාද උනත් එහෙම උනානම් මේ ජීවිත හානිය වෙන්නේ නැහැ නේද...
      හිරගෙවල් වල ඉඩ මදිනම් වධක කඳවුරු විදිහට පාවිච්චි කරපු තැන්වල හරි ඔවුන්ව හිර කරගෙන ඉන්න පුළුවන් කමක් තිබ්බ නේද...
      LTTE එක වගේ කෙලින්ම ආයුධ අරගෙන සටනට එන අය ඝාතනය වීම නතර කරන්න බැරි උනත් බිල්ලෙක් පෙන්නපු පළියට අත්අඩංගුවට ගත්තු නිරායුධ තරුණයින්ව මරල පුච්චලා දාපු එක අනුමත කරන්නේ මොන මානසික මට්ටමකින්ද...
      මරන්නේ නැතුව සැක කරුවන් විදිහට හිරේ දැම්මනම් පසුව හෝ ඔවුන්ට විරුද්ධව නඩු අහල නිවැරදිනම් නිදහස් කරන්න තිබුන බව පිළි නොගෙන එම ඝාතන අනුමත කරන්නේ කොහොමද...

      Delete
    9. දෙවනි කැරැල්ලට හේතු උනේ, පක්ෂ තහනම නෙමෙයි.... අද වගේම ඉන්දු ලංකා ගිවිසුමට සිරි ලංකා නිදහස් පක්ෂය පිටකොටුවේ බෝධිය ගාවින් පටන් ගත්ත ව්‍යාපාරය... සිරි ලංකා කාරයෝ පැනලා දුවලා ආන්ඩුවට හේත්තු උනා... ජෙප්පෝ සිරි ලංකා කාරයන්ගේ ගුලිය ගිලලා රටත් විනාශ කරලා උනුත් විනාෂ වෙලා ගියා....

      අදත් බෙංගමුවේ ආලවකලා පාතාලය මේ ගැන විමසීමෙන් ඉන්නවා කියන්නේ නිකන් නෙමෙයි... මොකක්ද ර පසුගාමි පක්ෂයක් කියලා ජෙප්පන්ගේ නැටි කෑල්ලක් තාම තියෙනවානේ...

      Delete
    10. ඕන්න රනිල්නං හොදයි නේද ගෝතලං

      රුපියල් විසිපහට පොල් ඉඩං අක්කරේ අරගෙනත් නැ
      ලමා අපචාර කරපු පාතාලයො හිරෙන් නිදහස් කරගෙන සාමදාන විනිස්චයකාර කම් දීලත් නෑ
      බටලන්දෙ වදකාගාර ගැන දන්නෙත් නෑ.....

      Delete
    11. ලොකු පුතා,
      //ඇයි JVP සැක කරුවන් අල්ලලා හිරේ දාලා ඒ තත්ත්වය පාලනය නොකළේ//
      ඇයි නැත්තේ ඔය බුස්සේ කදවුරේ බොහෝදෙනා එහෙම නිදහස් කළා.

      නමුත් ඒ කාලේ එක්කෝ ඔබට මතක නෑ නැත්නම් ඔබ 1980 වට පසුව ඉපදුන කෙනෙක්, ඒ කාලේ රජයට කිසිම පාලනයකින් තොරව රජයේ නිලදාරීන් මරන්න පටන්ගත්ත, මෙය තේරුම් ගැනීමට ඒ කාලේ බයිලා එකක් තියව "මට දෙන්න හදනවා මම එපාකියනවා " මේ දෙන්න හදන්නේ ඇමති පට්ටමක්, ඔය මාතා කියල තියන දේ තමයි උනේ ඒ කාලේ තාප්ප වල රතු පාටින් සීල් එකක් ගහල තිබුන "මව්බිම නැත්නම් මරණය"

      මම කියන්නේ අත්අඩංගුවට ගෙන මරාදැමීම නෙමෙයි විජේවීරව අවුරුදු 20ක් විතර සිරබාරයේ තබා ගත්තනම් මේ වින්නැහිය වෙන්නේ නෑ.

      එකයි ලී කවන් යු ගැන කිව්වේ ඔහු මෙවැනි අයව අවුරුදු 20 ක් සමහරුන්ව 30 ක් කිසිම නඩු විබාගයකින් තොරව අත්අඩංගුවේ තබා ගත්ත.

      රටේ කැරලි නිකන් තල කැරලි වගේ නැති උනා අද වනවිට ලෝකයේ හතර වැනි පෝසත්ම රට.

      Delete
    12. තව කියන්න දෙයක් තියනවා, JVP කරපු මලෙච්ච දෙයක් තමයි ඔබ රජයේ පොලිස් සේවය තුල රාජකාරී කරනවා නම් ඔබේ දරුවන් ව මරාදැමීම. මෙන්න මේ වැඩ නිසා රජය ඉතා අමානුෂික ලෙස මෙය මර්දනය කළා.

      පොලිසියේ සිටි ප්‍රේමදාස උඩුගම්පලගේ මුළු පරම්පරාවම මැරුව මට මතක විදියට ඔහුගේ මවත්
      මැරුව. මෙවැනි දේවල් නිසා ඕනෑම මිනිසකුගේ මනස විකුර්ති වෙනවා, මෙහි ප්‍රතිපල තමයි ජෙප්පන්ට දසවද දී පණපිටින් මරා දැමීම, අවසානයේ ප්‍රේමදාස උඩුගම්පොල කියනොකොට ජෙප්පෝ මරුවිකාරෙන් දගලන්න ගත්තේ ඔවුන්ට දසවද දීම ඔහු කල නිසා.

      මෙවැනි තත්වයක් බාගිරින් බලල මේ රජය හරි අමානුශිකයි වැනි වචන කියන කරුනාකාරයන් දකිනකොට තමයි හොදවයින් දෙකක් කියන්න හිතෙන්නේ.

      මේ මිනිස්සු තමන්ගේ දරුවන් මෙවැනි තත්ව වලට මුහුණ දෙන විට ඔය නවගුණ වැල අතට නොගැනීම විශේසයි

      Delete
    13. //මේ මිනිස්සු තමන්ගේ දරුවන් මෙවැනි තත්ව වලට මුහුණ දෙන විට ඔය නවගුණ වැල අතට නොගැනීම විශේසයි//
      ++++++++++

      Delete
    14. ///මෙවැනි තත්වයක් බාගිරින් බලල මේ රජය හරි අමානුශිකයි වැනි වචන කියන කරුනාකාරයන් දකිනකොට තමයි හොදවයින් දෙකක් කියන්න හිතෙන්නේ.///

      දෙපැත්තෙන්ම කරපු දේවල් හොඳහැටි දැක්කා ලංකා සිතුවිලි. අපේ පැත්තේ සිද්ධ වෙච්ච භිෂණය ගොඩක් වැඩියි. ඒකට හේතුව ප්‍රබල jvp බල කඳවුරක් බවට ඒ ප්‍රදේශය පත්වෙලා තිබ්බ නිසා...

      ජෙප්පෝ අපේ ලොකු තාත්ත කෙනෙක්ගේ බෙල්ල කපලා කඳ ගෙදර තියෙන්න ඇරලා ඔළුව හන්දියේ කණුවක ඉන්දල තිබ්බ ඒවත් දැක්කා. හේතුව ඔහු විදුහල්පති වශයෙන් වැඩ කරපු ඉස්කෝලේ ගේට්ටුවේ ගහපු බැනර් එකක් ළමයි ලව්වා ඉවත් කරවීම...

      ආමි කෑම්ප් එකේ කුණු අදින්න හැමදාම ගිහින් ආමි කාරයෝ හොඳට අඳුරන මනුස්සයෙක් හිටියා අපේ ගෙදර කිට්ටුව. එයාගේ දුලා දෙන්නට ඒ වෙද්දී වයස 15 සහ 16 යි. ඒ දෙන්නව ගෙදරට ඇවිත් ආමි එකෙන් අරගෙන ගියේ අච්චර අඳුරන මනුස්සයව වෙඩි තියල මරල දාලා...
      අර කෙල්ලෝ දෙන්නව ගෙනිච්චේ JVP කරපු කමකට නෙමෙයි, උන්ට ආතල් ගන්න. ඒ දෙන්නගේ පුච්චපු මිනීවත් හොයා ගන්න ලැබුනේ නැහැ...

      ///තව කියන්න දෙයක් තියනවා, JVP කරපු මලෙච්ච දෙයක් තමයි ඔබ රජයේ පොලිස් සේවය තුල රාජකාරී කරනවා නම් ඔබේ දරුවන් ව මරාදැමීම. මෙන්න මේ වැඩ නිසා රජය ඉතා අමානුෂික ලෙස මෙය මර්දනය කළා.///
      කරදරයක් නැතුව පොලිසියේ හමුදාවේ වැඩ කරපු අයත් ඕනේ තරම් හිටියා. අපේ ගෙවල් ඉස්සරහ හිටපු අපේ නෑ වෙන එක මාම කෙනෙක්වයි නැන්දා කෙනෙක්වයි ජෙප්පෝ මැරුවා. එයාලගේ පොඩි පුතා පොලිසියේ. ලොකු එකා කලේ ගමේම ඉන්න කොල්ලෝ ජෙප්පෝ බවට කිය කියා උන්ව පොලිසියට හමුදාවට අල්ලලා දෙන්න කේලම් කියපු එක...
      ඌ නිසා තමයි අර මහ දෙන්න මැරුම් කෑවේ, ටික දවසකට පස්සේ මිනිහවත් මැරුවා...

      නමුත් ජෙප්පෝ අර පොලිසියේ හිටපු පුතාට මුකුත් කලේ නැහැ...

      අනිත් එක තමයි ඔය හමුදාවේ පොලිසියේ අයගේ පවුල් වල උදවිය මරලා ජෙප්පන්ගෙන් පෞද්ගලිකව පළිගන්න මට්ටමක් ඇති කරන්න "කහ බළල්ලු", "ප්‍රා" වගේ සෑහෙන සංවිධාන තොගයක් ජෙප්පන්ගේ එකවුන්ට් එකට වැටෙන විදිහට ගේම් ගහපු බවත් හරි ප්‍රසිද්ධයි...

      අල්ලාගෙන කුඩුවට දැම්මට පස්සේ ආපහු එළියට ගිහින් රට අවුල් කරන්න බැරි තරමේ කාලයක් හිරේ දාල තිබ්බත් පුකේ එස්ලෝන් බට ගහලා, කටු කම්බි දාලා දසවධ දීල පස්සේ මරලා ටයර් උඩ යවන එක මට මොන හේතුව උඩවත් අනුමත කරන්න බැහැ...
      මොකද ඒ වෙද්දී උන් හිටියේ අත්අඩංගුවේ, බල රහිත වෙලා...

      Delete
    15. බොරු තොරතුරු දීම නිසා වන හානි, විනය නීති වලට විරුද්ධව ක්‍රියා කරන හමුදා නිලධාරීන් නිසා ඇතිවන ස්ත්‍රී දූෂණ ආදිය බොහෝ යුද්ධ අවස්ථාවල සිදුවෙනවා. සාම්ප්‍රදායික නොවන් යුද්ධයකදී හතුරා නිල ඇඳුම් නොඅඳින බැවින් ඔවුන් හඳුනා ගැනීමට අල්ලාගත් කැරලි කරුවන් ගෙන් තොරතුරු ලබාගන්නවා. මෙහිදී බොහෝ කැරලි කරුවන් කැමැත්තෙන්ම තොරතුරු නොදෙන බැවින් සහ බොරු තොරතුරු දෙන බැවින් වද දීම් සිදුවෙනවා. කැරලි කරුවන් මරාදමා මහමග දමා යාම කැරලි සංවිධාන වලට තව තරුණයන් බැඳීමට බය කිරීමට කරන දෙයක්. මේවා සිදු නොවූ යුද්ධයක් විශේෂයෙන්ම සිවිල් යුද්ධයක් ඉතිහාසයේ සිදුවී නැහැ කිව්වොත් වැරදි නැහැ. උදාහරණයකට ආණ්ඩු විරෝධී කැරලි කරුවන් දේවත්වයෙන් සලකන චේ ගුවේරා ඔවුන් අල්ලාගත් අය අමානුෂික ලෙස මරා දැමීම ගැන කියවා බලන්න.

      මේවා වලක්වා ගැනීමට කල හැක්කේ මෙවන් යුද්ධ අවස්ථා ඇතිවීම වලක්වා ගැනීමයි. මේවා මර්ධනය නොකරන්න මාසෙට එකක් වගේ සටන් කණ්ඩායම් බිහි වුණොත් මොකද වෙන්නේ. ඒවායින් පීඩා විඳින්නේ ඔවුන් පෙනී සිටිනවා යැයි කියන පීඩිත දුප්පත් පන්තියයි. ඕනෑම රටක යුද්ධයක් හෝ කැරැල්ලක් ජන ජීවිතයට බලපාන තත්ත්වයට එන විට මුදල් ඇති අය විදේශ ගත වෙනවා. දුප්පතුන් දෙපැත්තෙන්ම ගුටි කනවා. කැරලි මර්ධනය කිරීම ඉක්මනින් කරන තරමට දීර්ඝ කාලීන හානිය අඩුයි. උදාහරණයකට 1987 වඩමරච්චි සටන ඉවරකිරීමට ඉන්දියාව ඉඩ දුන්නානම් කී දෙනෙක් ගේ ජීවිත සහ දේපල ඉතිරිවෙනවාද. රටේ මුදල් කොපමණ ප්‍රමාණයක් ඉතිරි වෙනවාද?

      ඉක්මනින් මර්ධනය කරන්නේ අත්ඩංගුවට ගත් අය හොඳින් සලකලා නඩු අහලා හිරේ දාලා නම් නෙමෙයි. එය කරන්නේ ඔවුන්ගේ ක්‍රමවලින් ඔවුන්ට සැලකීමයි. නයා ඇතිකර කනවෝ කියනවාට වඩා එවන් දේවල් ඇතිවන විටම දරුණු මර්ධනයක් හරහා ඉවර කර දැමීම තමයි හැම තැනම වෙන ක්‍රමය.

      Delete
    16. ලොකු පුතා,

      මේකේ ඇති වැදගත්ම දේ තමයි අපරාධයක් කල කිසිවෙකුට මැරෙන තුරා කවදාවක් සහනයක් ලැබෙන එකක් නෑ.

      කලකට ඉහත මම කියෙව්වා කදුබොඩ විපස්සනා භාවනා මද්යස්තානයට වයසක සීය කෙනෙක් තමන්ගේ පෝසත් පුතා ගෙනත් බස්සවල තියනවා, මේ සියා භාවනා කරන්න ඉදගත්තහම අඩන්න පටන්ගන තියනවා පසුව ස්වාමනීන් වහන්සේ අහල ඇයි කියල, බලනකොට මොහු ජීවිකාව වශයෙන් කරලා තියන්නේ හරක් මස් කඩයක් පවත්වාගැනීම. භාවනා කරන්න ඉඳගන්න සාම විටම ඔහුට මත්ක්වෙනවලු සතුන් මරපු විදිය.

      මෙවගේ තරුණ කාලේ අහිංසක ගැහැණු ළමයකු දුෂණය කරල මරල දාපු හමුදා නිලදාරියකුගේ අද වයස දලවශයෙන් 55 ක් 65 ක් වෙනවා එදා තිබුන හැගීම නෙමෙයි අද තියෙන්නේ ඔහුට ඉදිරි කාලය තුලදී තම හ්ර්ධ ස්සක්ෂිය විසින් ලබා දෙන දදුවමම ඇති මමනම් හිතන්නේ

      Delete
    17. //මේකේ ඇති වැදගත්ම දේ තමයි අපරාධයක් කල කිසිවෙකුට මැරෙන තුරා කවදාවක් සහනයක් ලැබෙන එකක් නෑ.//

      බුදු දහම අනුව නම් මරණයෙන් පසුවත් සහනයක් නැහැ

      Delete
    18. ඔබ දේ්ශනා කරන ධර්මය රනිල් වික්‍රමසිංහට අදාල නොවේ

      Delete
  2. /* පසු කාලයකදී නීතීඥ විජෙදාස රාජපක්ශ හමුදා වලට අල්ලා දුන් එවකට මන්ත්‍රී වරයා කවුදැයි බොහෝ දෙනෙකු දැනගති. */

    විජේදාස රාජපක්‍ෂ අත්අඩංගුවේ සිටියාද?

    ReplyDelete
    Replies
    1. විජේදාස ලියනාරච්චි ගැනයි ඔය කියන්නෙ

      Delete
    2. බොහොම ස්තූතියි සිව්වැනි මානය , වරද නිවැරදි කලා.

      Delete
  3. සෝමවංශ අමරසිංහ විතරක් බේරුනේ කොහොමද

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අටම්. ඔය එයාම එක එක කථා ලඟදි පත්තර වලට කියල තිබුණේ.

      Delete
    2. සිරිසේන කුරේ ගැන හොයන්න.

      Delete
    3. සිරිසේන කුරේ කියන්නේ සොමවංශයේ මස්සිනා! මෙරටේ හිටපු තරුණ මිහරක් ටික මුන්දුන්න තණකොළ කෑව.

      Delete
    4. ඔය ඔක්කොගෙන්ම රනිල් බේරුනෙ කොහොමද ?

      Delete
    5. 2009 වෙනකන් පිරපාහරන්නුත් බේරිලා තමයි හිටියේ

      Delete
    6. //ඔය ඔක්කොගෙන්ම රනිල් බේරුනෙ කොහොමද ?//

      පාර්ලිමේන්තුවේ කැබිනට් මණ්ඩල රැස්වීමට බෝම්බ ගැසීමෙන් එක ඇමතිවරයෙකු මිය ගියා. ඇතුලත් මුදලි ඇමතිතුමා දරුණු තුවාල ලබා පසුව සුව වුණා. රනිල් බේරුණේ ඔහුගේ ටිකට් එක තාම එවල තිබූ නිසා වෙන්න ඇති. සමහහර අය බේරුණේ උඩින් තර්ස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටින බව පෙන්නලා යටින් පාවා දෙමින්.

      Delete
    7. //සමහහර අය බේරුණේ උඩින් තර්ස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටින බව පෙන්නලා යටින් පාවා දෙමින්.//

      රනිල් තර්ස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටියේවත් පාවාදෙන්නෙක් වුණේවත් නැහැ. ඔහු කෙළින්ම එදා ත්‍රස්තයින්ට විරුද්ධව රජයට 100% පක්ශව සිටියා. පසුව එල්ටීටීය සමග 2001 සාම ගිවිසුම අත්සන් කිරීමේදී මරාවාදීන් කියන පරිදි පාවාදීමක් වුණේ නැහැ. ඔහු කළේ වැටී තිබුණු ආර්ථිකය ගොඩ ගැනීමට තාවකාලිකව යුද්ධ්ය නතර කිරීමයි. මෙයින් රජයට මෙන්ම එල්ටීටීය සන දෙපාර්ශ්වයටම වාසි වුණා.

      Delete
    8. //රනිල් තර්ස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටියේවත් පාවාදෙන්නෙක් වුණේවත් නැහැ. //

      රනිල් ගැන නෙමෙයි කිව්වෙ අර 1989 ජිනීවා ගිහින් රට පාවාදීල මෙහෙදි ජේවීපී ක්‍රියාකාරීන් පාවාදුන් සාටකයක් එල්ලගෙන ඉන්න කෙනා ගැන

      Delete
    9. මෙම ලිපියෙහි අඩංගු බොහොමයක් කරුණු රජයට පක්ෂපාති බව පෙනීයයි,මෙම ලියුම් කරු කියන පරිදි එවක එජාප පාලනය අතිසුන්දර පාලනයක් බව පෙනීයයි..ඉන්දු ලංකා ගිවිසුම හරහා රට බෙදන්න හැදුවේ එවක ජේ ආර් නොව ජවිපේ විසින් විය යුතුයි.අධ්‍යාපන ධවල පත්‍රිකාව හරහා අධ්‍යාපන පෞද්ගලිකකරනය කරන්න හැදුවේ ජවිපේ විසින් වියයුතුය..රට තුල මාධ්‍යවේදීන් විශ්ව විද්‍යාල සිසුන් ඝාතනය කරමින් ඒකාධිපති පාලනයක් ගෙන ගියේ ජවිපේ වියයුතුය.

      Delete
  4. // ජ.වි.පෙ මර්ධනය ගැන කණගාටුවෙන් පසුවන අයගෙන් ලකුණු දමාගැනීමට ක්‍රියා කරමින් සිටි රාජපක්ශ මහතා පාර්ලිමේතුවේදී රන්ජන් විජේරත්න මහතාට විරුද්ධව කථා කරන විට නැගී සිටි විජේරත්න මහතා පැවසුවේ කැරලි කරුවන්ගේ ලැයිස්තු ලබා දුන් මන්ත්‍රීවරයෙක්ගෙ නම පාර්ලිමේන්තුවේදී නම් කිරීමට තමන් සූදානම් බවයි. එලෙස නම් ලබාදුන් අයෙක් වූ රාජපක්ශ මහතා වැඩේ ගැස්සෙන බව තේරී වහා වාඩි විය. පසු කාලයකදී නීතීඥ විජෙදාස ලියනාඅරච්චි හමුදා වලට අල්ලා දුන් එවකට මන්ත්‍රී වරයා කවුදැයි බොහෝ දෙනෙකු දැනගති. //



    88/89 වසර වල හැන්සාඩ් වාර්තා වල මෙය සඳහන් නොවේ.....
    :D
    එම නිසා එම චේදය ප්‍රබන්ද ගනයට අයිති වන බව ඉස්තීරය

    ReplyDelete
  5. දකුනු පලාත් සබා මන්ත්‍රී මාලින්ග ගුනරත්න ගේ පියා වන හර්මන් ගුනරත්නගේ The Suicide Club පොතේ නම් තිබෙන්නේ මහින්ද මහත්තයා එ ජා ප යෙන් පීඩනයට පත් ජ වි පෙ සාමාජිකයින් ද ජ වි පෙ පීඩනයෙන් බැට කෑ එ ජා ප සාමාජිකයි ට ද සහන ගෙන දෙමින් උදවු උපකාර කල බවය....

    ReplyDelete
    Replies
    1. සා රස . බොහොම ස්තූතියි. හර්මන් ගුණරත්න ඉතා විශ්වාශදායක කෙනෙකු ලෙස පිළිගන්නා අය මහින්දවාදීන් අතර මිස පිට සිටිනවාද?

      Delete
    2. // හර්මන් ගුණරත්න ඉතා විශ්වාශදායක කෙනෙකු ලෙස පිළිගන්නා අය මහින්දවාදීන් අතර මිස පිට සිටිනවාද? //

      සිටියෙමි ඉයන් තුමෝ...

      එ ජා පයේ සිටි අති දක්ශ තරුන ඇමති කෙනෙකු වූ ගාමිනී දිසානායක හර්මන් මහත්තයාව විස්වාස කල බව විස්වාසකටයුතු ආරන්චිමාර්ග ගෙන හැර දක්වනවා...

      Delete
    3. ඔව් ඔව් සා රස තුමා මහවැලි ව්‍යාපාරය කාලයේ ගාමිණී දිසානායක මහතා අතිශයින් අවංක බැසිල් රාජපක්ශ මහතාත් විස්වාස කල බව විස්වාසකටයුතු ආරන්චි මාර්ග ගෙන හැර දක්වනවා...

      Delete
    4. // මහවැලි ව්‍යාපාරය කාලයේ ගාමිණී දිසානායක මහතා අතිශයින් අවංක බැසිල් රාජපක්ශ මහතාත් විස්වාස කල බව විස්වාසකටයුතු ආරන්චි මාර්ග ගෙන හැර දක්වනවා... //

      what a wonderful world? :D

      Delete
    5. //what a wonderful world? /
      yes indeed Sa rasa

      Delete
    6. හර්මන් ගුණරත්න,ගාමිණී දිසානායක යටතේ ලොකු තනතුරක් මහවැලියේ දැරුවා නොවේද ?

      Delete
  6. ඉයන් ඔබ වැනි උගත් වැඩිහිටියෙකුගෙන් මෙහෙම ලිපියක් බලාපොරොත්තු වුනේ නෑ.

    කිසිම විනිශ්චයක් නැතිව පුද්ගලයන් පැහැරගෙනගොස් වධදී මරා ටයර් දමා ප්‍රසිද්ධියේ පිලිස්සීම ත්‍රස්ත මර්ධනය නෙමෙයි.ඔබ ඔය කියන මිනීමරු නිලධාරීන් දෙදෙනාට උතුර බාරදුන්නානම් අපට සම්බාධක වැටෙන්නෙ ඒ දවස්වලමයි.
    මහින්ද අවස්ථාවාදිය තමයි.ඒත් ඔය අපරාධ ලෝකෙට රහසක් වුනේ නෑ
    ඉස්කෝලවල ස්ට්‍රයික් කරපු කොල්ලො මැරුවෙ දේශපාලන අනුග්‍රහයෙන් තමයි.
    සූරියකන්දෙ සිද්ධිය රජය අනුමත නොකලානමි අැයි ඒ අාමිකාරයන්ටයි ප්‍රින්සිපල්ටයි දඩුවම් නොකලෙ. ඒ වෙනුවට අපරාධකාරයන් අාරක්ෂා කලා නේද.
    පරීක්ෂන කලේ පොදු පෙරමුන අාවට පස්සෙ.ඒත් ඔවුන්ට ලැබුනෙ සුළු දඩුවම්.දේශීය හා ජාත්‍යාන්තර පීඩනය නිසයි එහෙමවත් වුනේ.
    මේව කතා කල යුත්තෙ යලි මෙහෙම දේවල් වෙන එක වලක්වන්නයි. කවුරුහරි වලිප්පුකාරයෙක් අායෙ විප්ලවයක් ගැන කතා කරන්න අාවොත් ඒකට විරුද්ධ වෙන්න ඕන.අායෙ මේ වගෙ ලේගංගා දකින්න අපට බෑ.
    අන්තිමට කියන්න තියෙන්නෙ ඒ මර්ධනය වැරදියි.ජේවීපී 5000 කට අහිංසකයො 50,000ක් මැරෙනවනම් ඒක මර්ධනය අසාර්ථකයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිව්වෙනි මානය. බොහෝ ලිපි ලියවෙන්නේ ජවිපෙ මිනීමරුවන් සාධාරණීය කරන මතයේ සිට බැවින් ජවිපෙ භීශණයට මුහුණ දුන් කෙනෙකු ලෙස මගේ මතය අනික් අන්තයේ වීම වළක්වන්න බැහැ.

      ඔබගේ 50,000 ක් මිය ගිය දත්ත ඊලාම් වාදීන් උතුරේ යුද්ධයෙන් ලක්ෂ ගනණක් මියගිය බව කියන කට වහර චෝදනාවට වඩා වැඩි වෙනසක් නැහැ.

      Delete
    2. ඔබ වැනි උගත් වැඩිහිටියෙකුගෙන් මෙහෙම ලිපියක් බලාපොරොත්තු වුනේ නෑ.
      at least u could go for better analyze. not this pathetic one side view. the both parties killed many and no one should get credit for handling the issue. jvpers and the above government ware acted very lame.

      Delete
    3. Thank you Buru Babe. The Job of the government is to protect the public from the acts of terrorists. This was not a conventional war we are talking about. Both wars that took place in Sri Lanka were won by fighting fire with fire. Guerilla tactics has to be used in dealing with guerrilla warfare. I agree there were shortcomings. I belive I have a balanced view on this. If one thinks otherwise, I accept that person's right to hold on to his/her view just as I am entitled to have my own opinion. Thank you very mch for commenting.

      Delete
    4. obvious u have ur rights to keep your view. but in a civil society we condemn these barbaric acts even its done by god. specially after thirty years of sufferings and the time we had to reflect about these issues i condemn more and more.

      Delete
    5. Buru Babe @ You are well named.How could you say my analyze is pathetic.I have seen you are sensitive for worthless things in your writing. according to your one side political view killing school children is fair .I pointed out crimes committed by both parties. other thin is what you say is rather contradictory. as a response to Rasika you say government should be genuine is responding rebellions but here you say counter terrorism of UNP government is fair.

      It seems you agree with following things

      UNP government has the right to kidnapping ,torturing in torture-houses and burning dead bodies on tire.
      students who protest should be killed

      war criminals should be protected by the government.

      as a civilized human being I cannot agree with your savage ideas

      Delete
    6. // as a civilized human being I cannot agree with your savage ideas //

      ඔහේ සිවිලයිස් වෙලාය කියලා ඔහේම කියාගන්නවා නේ....

      සුවර් ද??

      මොකද්ද අප්පා ඒ සිවිලයිසම මනිනා මිනුම් දන්ඩ???

      Delete
    7. // but in a civil society we condemn these barbaric acts even its done by god. //

      John 15:6 - If a man abide not in me, he is cast forth as a branch, and is withered; and men gather them, and cast [them] into the fire, and they are burned.

      Delete
    8. @sivvenimanaya, read back please. I quoted ur text since I wanted say above to Ian since I don't have sinhalese there.
      Don't see everything crossed.
      As I see I dint say anything contrary. I hate violence and even it's done by my father I will take him to courts. This is to say even it's my best choice I don't accept brutally killings or crimes.
      Thank u for my name analysis 😉

      Delete
    9. //I hate violence and even it's done by my father I will take him to courts. This is to say even it's my best choice I don't accept brutally killings or crimes. //

      It is wrong however to assume that others who are against terrorism are having the opposite view. In fact terrorists live by violence, brutal killings and crimes. Fighting terrorism is not easy. Hamas, FARC, ISIS etc are still active due to this. In fact they like the constraints state forces have to work within. Hence it never ends. The poor and the helpless continue to suffer. Rich could always escape. Few people take the bull by the horn and end it for greater good. It doesn't mean that they condone killings, or violence day in and day out.

      Delete
    10. so best solution is control terrorism by state terrorism?
      so i have no idea to comment anymore.
      i stand for human rights and i never accept anyone getting right to kill next one

      Delete
  7. ස ර ස තුමාට නම් තැබුවේ පූජ්‍ය කොටිකාවත්තේ සද්දාතිස්ස ස්වාමීන් වහන්සේ ය.මිනීමරු ජෙප්පන් උන්වහන්සේ ව ශාසික ලෙස මරා දැමීය... නඩු ඇසුවානම් ඇසින් දුටු සාක්කි නැහැ කියා මිනීමරු ජෙප්පන් නිදහස් වන බව ඒකාන්ත ය...

    උන්වහන්සේ ගැන සඳහන් කිරීම ගැන ඉයන් තුමාට ඉස්තූතී ය !

    ReplyDelete
    Replies
    1. You are most welcome ස ර ස තුමා

      Delete
    2. සමහර විට ජෙප්පෝ කියයි අපි හාමුදුරුවන්ට උණ්ඩයක් පුජා කළා කියල

      Delete
    3. හෙහ් හෙහ් ලංකා සිතිවිලි

      Delete
    4. සද්දාතිස්ස හාමුදුරුවන්ට කෙලි සැට් එක කොලොන්නාව හන්දියේ පිහිටි ලකී ගේ නිවසටත් පැන්න ඔහුට වෙඩි තියන්න.... මොකද ලකී විජය ගේ ගෝලයෙකු නිසා....
      ජෙප්පා ගේ ගල්කටස් ගැස්සුවාට පත්තු නොවීය... ලකී එම ඇටෙම්ප්ටඩ් මිනීමරු ජෙප්පා ට පහරදී මරා දමන ලදී...

      Delete
    5. ඇත්තටම මෙවැනි ජෙප්පන් ට දඩුවම් දිය යුතුයි.මා ඉහත කී ලෙසින්ම මොවුන් අල්ලාගෙන කෙටි නඩු විභාගයක් පවත්වා වෙඩි තැබීම් බලකායක් මගින් ඝාතනය කලානම් ඉවරයි. මෙම නඩු විභාග යනු සාමාන්‍ය නඩු විභාග නොවෙයි. විත්තිකරුවෙකුට උසාවියක හිමිවන වරප්‍රසාද කිසිවක්ම නැහැ. විත්තිකරු වෙනුවෙන් නීතීඥයන් පෙනී සිටීමත් අවශ්‍ය නැහැ. නඩුව ස්වාධීන කාර්යමන්ඩලයක් ඉදිරියේ පවත්වන්නෙ මොහු කැරලිකැරුවෙක්ද නැද්ද යන්න සෙවීමට පමනයි. දෙවනුව ඔහු බරපතල ප්‍රචන්ඩ ක්‍රියා කර තිබේද යන්න සොයනවා. සාමාණ්ය මිනිසෙකුගේ බුද්ධි සීමාව තුල මොහු වැරදිකරුවෙක්ද නැද්ද කියා තීරනය කරනවා. සාමාන්‍ය උසාවියක දී විත්තිකරුවෙකුට ලැබෙන වරප්‍රසාද නැති නිසා අහිංසකයන් මියයාමට ඉඩ වැඩියි. නමුත් මේ යුද්ධ වාතාවරනයක්.පෝස්ටරයක් ගැහුව කියල මරන්නෙ නැතිව ඌට යලිත් හිතන්න අවස්ථාවක් මේ ක්‍රමය තුල ලැබෙනව. මේ විදියට මර්ධනය කලානම් මැරෙන ප්‍රමානය 5000 ට අඩුකරගන්න තිබුන.
      මිනීමරපු,බස් ගිනිතියපු ,ට්‍රාන්ස්පෝමර් ගිනිතියපු,දේපල හානිකල අය ට නීත්‍යානුකූලව මරන දඩුවම දීමේ ක්‍රමයක් ජේ ආර් 88 දි හදුන්වා දුන්න.ප්‍රේමදාස ආවට පස්සෙ ඒක යට ගියා.

      වරද හමුදාවට පොලීසියට ඉවක් බවක් නැතිව මරන්න බලය දීම.
      නිකම් හිතන්න සේයා සිද්ධියෙදි මේ බලය දුන්න නම් මොකද වෙන්නෙ. අඩුගානෙ විසිපහක්වත් මරනව.

      කිසිම යුද්ධයකදී මරාදැමිය යුත්තෙ කවුද කියන එක හමුදාවට පොලීසියට දෙන්න හොද නෑ. එය කිසියම් ස්වාධීන අධිකාරියක් මගින් කල යුතුයි.

      Delete
    6. මචං උඹ ඒ කලේ හිටියද ? 77 දී ඔය මගුල් කරලා තමයි 88-89 දී අයෙ අවේ. කැරළිකාරයන්ට/ ත්‍රස්තවාදීන්ට මානව හිමිකම් නෑ. දුටු තැන අහවර කල යුතුයි. 88-89 දීත්, 2008 දීත් රජය හා හමුදාව කලේ ඒකයි. නමුත් මෙහිදී යම් ප්‍රතිශතයක් අහිංසක හා කිසිම සම්බන්දයක් නැති මිනිසුන් මියයාම නතර කල නොහැකියි.

      Delete
  8. ඉයන්, ඔබ හා එකඟයි. 88-89 කාලෙ වුනේ මොනවද කියල ඊට පස්සෙ පරම්පරාවෙ අය දන්නෙ නෑ. ඒ හින්ද බොහොම ලේසියි ආණ්ඩුව අරම කරා මෙහෙම කරා ඒ කරපු දේ අන්තිම අමානුෂිකයි කියල ජේ.වී.පී. එක සුද්ද කරන්ට. ඒත් පිස්සු බල්ලෙක් පන්නගෙන එනකොට කරන්ට ඕන මොනවද කියල කියන්ට ඕන නෑනෙ. ආණ්ඩුවත් කලේ ඒක.

    අර මිස්ටර් මෝඩවංස ජේ.වී.පි. එකේ ඉන්න කාලෙ තර්කයක් ගෙනාවනෙ ජේ.වී.පී. කරපු දේවල් සාධාරණීකරණය කරන්ට. අත පය බැඳල ළිඳකට මනුස්සයෙක්ව දාල ඒ මිනිහා ජීවිතේ බේරගන්ට දඟලන කොට වතුර බොර කලයි කියල දොස් කියන එක හරිද? එහෙමනෙ මෝඩවංස කිව්වෙ. ඒත් ඒ තර්කයෙ අනික් පැත්තත් එහෙමමයි. ඒ තර්කයම ආණ්ඩුවටත් අදාලයි. එහෙමනම් වතුර බොර කලාය කියල ආණ්ඩුවට දොස් කියන එකත් වැරදියි.

    ජේ ආර් ජවිපෙ තහනම් කල එක වැරදියි. ඒකෙ තර්කයක් නෑ. ඒත් එහෙම කියල ඔවුන්ට රටම ලේ විලක් කරන්ට අයිතියක් නෑ. අනික ජේආර් ජවිපෙ තහනම් කලා විතරයි. මුල් අවුරුදු දෙකේ වගෙ ජවිපෙ මර්දනය කලේ නෑ. තමන් කරා මර්දනය කැඳවා ගත්තෙ ඔවුන්මයි. ලෝකෙ කොහෙවත් ඒ කාලෙ පැවතුනා වගෙ අති දරුණු භීෂණකාරී තත්වයක් නීති රීති පිළිපැදල මර්දනය කරල නෑ. අපි පිළිගන්ට කැමති වුනත් නැතිවුනත් ඒක තමයි ඇත්ත.

    "We sleep safe in our beds because rough men stand ready in the night to visit violence on those who would do us harm." Winston Churchill Or George Orwell

    ReplyDelete
    Replies
    1. //ජේ ආර් ජවිපෙ තහනම් කල එක වැරදියි. ඒකෙ තර්කයක් නෑ. ඒත් එහෙම කියල ඔවුන්ට රටම ලේ විලක් කරන්ට අයිතියක් නෑ. අනික ජේආර් ජවිපෙ තහනම් කලා විතරයි. මුල් අවුරුදු දෙකේ වගෙ ජවිපෙ මර්දනය කලේ නෑ. තමන් කරා මර්දනය කැඳවා ගත්තෙ ඔවුන්මයි.//

      Thank you !! Ravi

      Delete
    2. පිස්සු බල්ලන් මැරීම ගැන එකඟයි. පිස්සු බල්ලො ටික විතරක් නීත්‍යානුකූලව මැරුවනම් එතනින් එහාට කතාවක් නෑ. 1815 දි මාෂල් ලෝ එක යටතෙ සුද්දත් ඒක කලා. එතන වැරදි වුනා.අහිංසකයො මැරුන. හැබැයි 1815 දි රන්ජන් විජේරත්නල ප්‍රේමදාසල හිටියනම් රටෙන් බාගයක් මරල.
      ජේ ආර් ල ලලිත් ඇතුලත්මුදලිල මේක ශිෂ්ට විදියට හැන්ඩ්ල් කරන්න ගියා. රටේ කරුමෙට 1989 ජනාදිපතිවරනෙන් බලය ලුම්පන් කන්ඩායමකට ගියා.

      පක්ෂය තහනම් කලා කියල කැරලිගහන්න විජේවීරට අයිතියක් නෑ.දකුනෙ විජේවීරත් උතුරෙ ප්‍රභාකරනුත් කලේ තරුන ජීවිත එක්ක සෙල්ලම් කිරීමක්.විජේවීරට ඕන වුනේ විප්ලවය. ඇත්තටම ඔය මිනිහ මේ ලෝකෙ ඉපදුනේ නැත්නම් 1971 ,1989 කදුලු කතා මොකුත් නෑ

      Delete
    3. Thank you Fourth dimension, I agree with you to an extent.

      Delete

  9. ////ජ.වි.පෙ සාමාජිකයන්ගේ නොමඟ යාම නිසා වූ ඔවුන්ගේ මරණ, හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ මරණ, කලා කරුවන් සහ සංඝයාගේ මරණ සහ ජ.වි.පෙ සහ හමුදා අතින් ඝාතනය වූ අහිංසකයන්ගේ මරණ යන සියළුම මියගිය අය ගැන අපි දුක් විය යුතුය. එවන් ජන ඝාතන අවස්ථාවන් දෙකක්ම නිර්මාණය කල රෝහණ විජේවීර වැන්නවුන් හේතු කුමක් වුවත් නැවතත් ඇතිවීමට ඉඩ නොතැබිය යුතුය. තවමත් මල මිණී විකුණමින් හොරුන්ට යළිත් පාර කපන්නට උත්සාහ කරන්නන්ද හෙලා දැකිය යුතුය.///// 87 කියන්නේ මම ඉපදුන අවුරැද්ද ඒත් අපේ තාත්තා ඒ වෙනකොට හිටියේ පොලිසියේ කිසිම අකටයුතු වැඩකට නොගිය තාත්තව අරන් යන්න කිප විටක ආව මිනිස්සු ගැන අම්මා කියලා තියෙනවා.... මොන දේ වුනත් කිසිම දේශපාලන පක්ෂයක් ගැන මගේ පැහැදීමක් නෑ....මේ ලිපිය ලිවිම ගැන බොහොම ස්තූතීවන්ක වෙනවා

    ReplyDelete
    Replies
    1. මෙය දේශපාලන පක්ශයක් ගැන ලියූ දෙයක් නොවේ. රට අකර්මන්‍ය කල කැරැල්ලක් පරාජය කිරීම පිලිබඳව එතරම් ජනප්‍රිය නොවන පැත්තකින් බැලීමක් පමණයි. ස්තූතියි කිඹුලී

      Delete
  10. එකක් මේක ටිකක් ඒකපාර්ශ්වීයයි. අනික පැහැදිලිවම පේනව උග්‍ර ජේප්පො විරෝධියෙක්.. කොටින්ම කියනව නං මේ ලිපියත් ජෙප්පො කරා වගේ විනාසයක් තමයි... හෙහ්...

    මෙය කිසිසේත්ම අද පවතින දූෂණ විරෝධී එමෙන්ම පඬුරු පාක්කුඩම් ලබාගෙන රජයයන්ට සම්බන්ධ නොවූ ප්‍රජාතන්ත්‍රවාදය පිලිගන්නා ජනතා විමුක්ති පෙරමුණ ගැණ විවේචනයක් නොවේ///

    අප්පද බොල එහෙම ජවිපෙකුත් තියේද ඉයන්... කොහෙද දන්නෑ නේ... සැහ් මං දන්නෙ නෑනෙ මේ කියන කං
    අම්මපා... සෑහෙන්න සංතෝසයි....

    ReplyDelete
    Replies
    1. // අප්පද බොල එහෙම ජවිපෙකුත් තියේද ඉයන්... කොහෙද දන්නෑ නේ... සැහ් මං දන්නෙ නෑනෙ මේ කියන කං
      අම්මපා... සෑහෙන්න සංතෝසයි....//

      තියෙනවා.. ඉන්ගලන්තෙ...
      :D

      Delete
    2. //කොටින්ම කියනව නං මේ ලිපියත් ජෙප්පො කරා වගේ විනාසයක් තමයි//

      ඔවුන් කල හානිය ගැන කථා නොකොට මර්ධනය ගැන කවි ලිවීම, සිංදු ලිවීමෙ, පුවත්පත් වල ලිපි ආදිය ඉතාම ලස්සන තමයි. ඒවාට වැඩි දෙනෙක් කැමති වෙන එකත් ඇත්ත. මේවගේ භීශණයකට ගොදුරු වුණ අය ගැන ලියන එක ඇත්තටම ඔවුන්ගේ රෝමැන්ටික් ෆැන්ටසියට හානියක් තමයි.

      Delete
  11. දෙගොල්ලම හරි හරියට මිනී මැරුවා... ඒ හැම කතාවක්ම පිරිසකට වීර කතාවක්... තවත් පිරිසකට ඛේදවාචකයක්.... අවසානයේ දෙපැත්තෙම අය අවියෙන්ම මිය ගියා....

    ආන්ඩුවට හොඳක් කියන්න බැරි... අත් අඩංගුවට පත් වූ අයට කල විනාශය... එය උතුරේද දකුණේද කියා නෑ... ඒක වැරදියි.. කුරිරුයි.. අති අමානුෂිකයි... මානව හිමිකම් හා ළෝකයා පිලිගත් මානව අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංගනය කිරීමක්...

    ReplyDelete
    Replies
    1. //මානව හිමිකම් හා ළෝකයා පිලිගත් මානව අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංගනය කිරීමක්...//

      'අන් රටවල් පීඩා විඳින තෙක් බණ කියන තමන්ගේ රටේ වැසියන්ට ත්‍රස්තවාදය බලපාන විට ඔවුනුත් නොසලකා හරින ' කියල වෙනස් වෙන්න ඕන නැත්ද? මාතෙ

      Delete
    2. මේ තරම්ම මිලේඡ්ච නෑ නේද ඉයන්.... අද දින සිඳුවූ සිඳුවීම වෙනුවෙන් ඊශ්‍රායල් සෝලජර්ට අත් වෙන්න යන ඉරනම ඊට හොඳ උදාහරණයක්... මම මෙහෙත් දැකලා තියෙනවා ඊශ්‍රායලයත් දැකලා තියෙනවා... ඒත් මිනිස් අයිතිවාසිකම් සුරැකීම අතින් ඔවුන් ඉන්නේ අපිට වඩා කෙල කෝටි ප්‍රමාණයක් ඉදිරියෙන්...

      Delete
    3. අල් කයිඩා සාමජිකයින්ට ඇමෙරිකාව සැලකූ ආකාරය ගැන තමයි මම කිව්වෙ. මාතෙ.

      Delete
  12. ඉතිහාසය ප්‍රතිනිර්මාණය වෙන එක කොතරම් ඛේදජනකද? ඊටත් පාඩමක් ඉගෙනගන්නේ නැති එකම? මේ ඔක්කොම කියෙව්වම මට නම් වැටහුනේ එච්චරයි.

    ReplyDelete
    Replies
    1. //ඊටත් පාඩමක් ඉගෙනගන්නේ නැති එකම//

      එකඟයි උපේක්ශා ස්තූතියි

      Delete
  13. ලංකාව මේ විදිහ අදුරු යුග කීපයක් ම පහුකරලා තියෙනවා.... සුද්දන්ගේ පාලනය කාලේ, නිදහසින් පස්සේ 71 88/89 කාලේ, පස්සේ ත්‍රස්තවාදී යුගය විදිහට. ඇත්තට ම මේ ගැන මේ විදිහේ හොද විග්‍රහයන් වැදගත් වෙන්නේ අපි නැවතත් එවැනි මනුෂ්‍ය ඝාතනයන් පාදක කරගත් ම්ලේච්ඡ යුගයකට තල්ලු නොවීමටයි. සමහරුන් මේ තුළ සිටින අය මහා වීරයින් ලෙස දැකිය හැකි වන නමුත් මේවායේ දී සිදු වුනේ මිනිස් ජීවිත විනාශ කිරීම් ඔස්සේ දේශපාලනික අරමුණු වෙත ගමන් කිරීමක්...... ඇත්තට ම ඒවා නොවිය යුතු දේවල්...

    ReplyDelete
    Replies
    1. //අපි නැවතත් එවැනි මනුෂ්‍ය ඝාතනයන් පාදක කරගත් ම්ලේච්ඡ යුගයකට තල්ලු නොවීමටයි//

      හරියටම හරි කුරුටු බොහොම ස්තූතියි

      Delete
  14. 88/89 කාලෙ මරපු කොල්ලො දෙමළ උනා නම් මීට වඩා ගෞරවයක් දීල කතා කරලා.. මිනී මරුවන්ට එරෙහිව නඩු ඉල්ලලා ලස්සන චිත්‍රයක් දකින්න තිබුනා.කරුමෙට උන් සිංහල..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++

      Delete
    2. ස්තූතියි ගස් ලබ්බා. ඔබට මතයක් දැරීමට ඇති අයිතියට ගරු කරමි

      Delete
  15. ඉයන් කියන ආකාරයට ආණ්ඩුව විසින් මිනිසුන් මරා දැමිම ඉතාමත් නිවරදි ක්‍රියාවක් වන අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් මිනිසුන් මරා දැමිම මිලේච්ච ක්‍රියාවක්ය. තවත් සමහරුන්ට අනුව එහි අනිත් පැත්තය, එනම් ආණ්ඩුව මිලේච්ච ඝාතන සිදුකල අතර කැරලිකරුවන් තමන්ගේ ආරක්ෂාවට සටන් වැදුනාය, බොහෝ පිරිසක් තමන්ගේ සිත සනසා ගැනීමටත් මෙවැනි දේ නැවත සිදුවීම වලක්වා ගැනීමටත් දෙපාර්ශවයටම වැරදි කියනවාය....

    ඉයන්ට අනුව රජයට මෙම තත්වය පාලනය කිරීම සදහා තිබුනු හොදම සහ වඩාත්ම ඵලදායි විකල්පය වුයේ කැරලිකරුවන් ලෙස අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් වැරදිකරුවන්ද නිවරදි කරුවන්ද යන්න විනිශ්චය කිරිමකින් තොරව පාරවල් වල මරා ප්‍රදර්ශනය කර රටේ ජනතාව ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කර ගැනීමය. මේ මතය වෙනුවෙන් විවෘතව පෙනි සිටිම පිලිබදව පළමුව ඉයන්ට ස්තුති කරමි. බොහෝ දෙනෙකු විවෘතව මෙම මතය ප්‍රකාශ කිරීමට ලැජ්ජා වුවද බහුතරයක් මිනිසුන් අනුමත කරනු ලැබුයේ ඔබගේ මතයය. ඒ අනුව අපට නිදහසේ සිටිම සදහා මිනිසුන් දස දහස් ගනනක් විනාශකර දැමුවාට බහුතරයකට ගැටලුවක් තිබුනේ නැත. එබැවින් මේ සදහා අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග රජය විසින් ගන්නා ලද අතර බහුතරයක් ජනතාව විසින් රජය සිදුකරන ලද ක්‍රියාවන් එයට ඇති කැමැත්ත මත හෝ විරුද්ධවීමට ඇති බිය හෝ නිසා අනුමත කරන ලදි. අවසානයේදි විජේවිර මියගිය මොහොතේදී සහ ප්‍රභාකරන් මියගිය මොහොතේදී බොහෝ පුද්ගලයින් ප්‍රමාණයක් අතිශය සතුටට පත්විය. එලෙස සතුටට පත්වු බහුතරයකගේ සහ ඔබගේ කිසිදු වෙනසක් මා නොදකිමි.

    මිනිසුන් මරාදමා පාරවල්වල ප්‍රදර්ශනය කිරීම ඉතා හොද වැඩක් ලෙස දකින පුද්ගලයින් (ඉයන් පමණක් නොව මහින්ද වෙනුවෙන් පෙනි සිටින බහුතරයක්ද, රනිල් සමග ලගින බහුතරයකගේද සිතනුයේ මිනිසුන් මරාදමා හෝ තමන්ගේ බලය ආරක්ෂාකර ගත යුතු බව සහ ඒ මගින් පමණක් ජනතාවට යහපතක් වන බවය) සමග රටක ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම සහ සමාජය යහපත් කිරීම සිදුකල හැක්කේ කෙලෙසද යන්න පිලිබදව නැවත සලකා බැලිය යුතුයැයි මම සිතමි....



    ReplyDelete
    Replies
    1. //එනම් ආණ්ඩුව මිලේච්ච ඝාතන සිදුකල අතර කැරලිකරුවන් තමන්ගේ ආරක්ෂාවට සටන් වැදුනාය,//

      ඔය විප්ලවය ගැන සිංදු, සුරංගනා කතාන්දර ලියවෙන්නේ මේ පදනමේ ඉඳන් තමයි , හෙහ් හෙහ්

      Delete
    2. මෙහි කමේනට් ලියා ඇති බොහෝ දෙනෙක් සිටින්නේ ඔබගේම මතයේය... ඔවුන් ප්‍රසිද්ධියේ කියන්නේ ජ.වි.පේ සාමාජිකයින් මරා දැමුවාට කමක් නැහැ අහිංසකයින් මැරුවේ අපරාදේ කියාය, ඔබ කියන්නේ ජ.වි.පෙ. සාමාජිකයින් ගොනිබිල්ලන්, මන්ත්‍රිවරුන්ගේ හා දේශපාලන ක්‍රියාකාරිකයින්ගේ ඔත්තු වලින් හදුනාගෙන මරාදමන ලද බවයි. ඒ හදුනාගැනිමේදි සිදුවු අතපසුවීම් හා වැරදිම් නිසා වැඩිපුර ප්‍රමාණයක් සමහරවිට මිය යන්නට ඇති බවයි. අනෙක් පුද්ගලයින්ටද ඒ අනුව මරා දමනු ලැබු ප්‍රමාණය හා ක්‍රමවේදය පිලිබදව හැර වෙන කිසිවක් පිලිබදව ගැටලුවක් නැත....

      දෙවන කරුණනම් නැවත මෙවැනි තත්වයක් නැවත ඇති නොවිය යුතුයැයි බොහෝ දෙනෙකු මෙහි ප්‍රාර්ථනා කර ඇත. මෙවැනි තත්වයක් ඇතිනොවිය යුතුයැයි ප්‍රාර්ථනා කල පමණින් නැවත මෙවැනි තත්වයන් ඇතිනොවි තියෙන්නේ නැත. ලේ ගැලීමකින් තොරව මෙම පවතින සමාජ තත්වයන් වෙනස් කරවා ගැනීම සදහා අප සක්‍රියව මැදිහත්වන තරමට පමණක් මෙවැනි තත්වයන් නැවත ඇතිවීම වලක්වා ගැනීමට හැකිවනු ඇත.

      එවැනි තත්වයක් ඇතිවීම වැලැක්වීම ඉයන්ලා වැනි මනුෂ ඝාතනයන් අනුමත කරනු ලබන පුද්ගලයින්ගෙන් සැදුම්ලත් එජාපයක් හරහා ඉටුකරවා ගත හැකියැයි මමනම් සිතන්නේ නැත.......

      Delete
    3. //ඉයන්ලා වැනි මනුෂ ඝාතනයන් අනුමත කරනු ලබන පුද්ගලයින්ගෙන් සැදුම්ලත් එජාපයක්//

      එජාපයේ පොදු මතය මම නොදනිමි. මම මනුශ්‍ය ඝාතන වලට විරුද්ධය. රට දණ ගැස්වූ ජන ජීවිතය කඩා කප්පල් කල කැරැල්ලක් පොදු මහජනයාගේ යහපත තකා මර්ධනය කිරීම මනුශ්‍ය ඝාතනයක් නම් මම එයට විරුද්ධ නැත.

      Delete
  16. මට වසරක් ජේශ්ට පොඩිබන්ඩා පේරාදෙනි විශ්වවිද්යාලයෙන් පැහැරගෙන ගොස් අතුරුදහන් විය.

    ඒ ගැන මා ලිපියක් මගේ බ්ලොගේ පල කලෙමි.

    http://mallepol.blogspot.com/2015/02/blog-post_28.html

    කොහෙවත් යන පිස්සු කලාමැදිරියෙක් මා විරු සිසුවෙකුට අපහාස කලා කියා මට දෝස්මුරයක් දමන්නට ආවේය.
    මගේ ලිපිය කියවූ ගවේශනාත්මක පත්තරකාරයෙකු වූ දර්මන් වික්‍රමරත්න මා අමතා වැඩි විස්තර ලබාගෙන පොඩිබන්ඩා ගේ දෙමාපියන් සහ සොහොයුරන් හමුවීමට ගොසින් කදිම ලිපියක් රිවිර පත්තරේට ලිවීය...

    දුක නම්.... හරි හෝ වැරදි හෝ, පොඩිබන්ඩලා දේසපාලනය කර ජීවිත දානය කලේ ජනතා විමුක්ති පෙරමුන වෙනුවෙනි.
    වර්තමාන ජ වි පෙ නායකකාරකාදීන් හට ඔවුන් වෙනුවෙන් දිවි පිදූ සොහොයුරන් ගැන මතකයක් වත් නැත.... එම ජීවිත දානය කලවුන් ගෙන් පැවතෙන්නන්ට කිසිම උදවුවක් උපකාරයක් කිරීමට ඔයි ඇම්ඹිටිල්ලන් කලාමැදිරියෝ කැමති නැත!

    ReplyDelete
    Replies
    1. //මගේ ලිපිය කියවූ ගවේශනාත්මක පත්තරකාරයෙකු වූ දර්මන් වික්‍රමරත්න මා අමතා වැඩි විස්තර ලබාගෙන පොඩිබන්ඩා ගේ දෙමාපියන් සහ සොහොයුරන් හමුවීමට ගොසින් කදිම ලිපියක් රිවිර පත්තරේට ලිවීය...//

      great welldone

      Delete
  17. ඉයන්ගේ තවත් අන්බයස්ඩ් පෝස්ට් එකක්....!

    ReplyDelete
    Replies
    1. http://qualitysafety.bmj.com/content/early/2016/01/29/bmjqs-2015-005014.abstract

      :-D D D

      Delete
  18. ලිපිය කියෙවුවාම මට හැඟුන දේ නම් එවකට පැවති ආණ්ඩුවේ කොටස්කාරයෙක් සිදු කරන ජවිපෙ පතුරු ගැසීමක් වැනි හැගීමක්. විචාරශීලි බුද්ධිමත් රචකයෙක් ලෙස පෞද්ගලිකව මෙයට වඩා මැදිහත් විවරණයක් ඔබගෙන් බලාපොරොත්තු වුණා. කෙසේ නමුත් ඔබ පිළිගන්නා සත්‍ය වෙනුවෙන් පෙනී සිටීමේ ඔබේ අයිතියට ගරු කරමි.

    ජවිපෙට ආයුධ අතට ගැනීමට ඔවුන් අර්ථ දක්වන හේතු තිබුණා. රජයට ජවිපෙ මර්ධනයට ඒ වගේම හේතු තිබුණා. මේ අරගලයේදී දෙපැත්තෙම වැඩිපුර සිටියේ ත්‍රස්තවාදීන්. රෝහණ විජේවීර සිරෙන් නිදහස් කල එජාපයම සිරිමාවෝ බණ්ඩාරණායකගේ ප්‍රජා අයිතිය අහෝසි කරනවා. නැවතත් එම ආණ්ඩුවම රෝහණ විජේවීරව පුළුස්සා මරණවා. මේවා තනිකරම දේශපාලනික කාරණා මිස වෙන කිසිවක් නොවේ. රජයට සැබෑ අවශ්‍යතාවයක් තිබුණා නම් විජේවීර සමග සාකච්චා මාර්ගයෙන් ප්‍රශ්නය විසඳා ගැනීමට ඕනෑ තරම් අවකාශය තිබුණා. එය නැහැයි කියනවා නම් මුසාවක්. මේක කරුණා අම්මාන් පාර්ලිමේන්තු ගිය රටක්.

    ජවිපෙන් සිදුකල මිනීමැරුම් මෙන්ම රජයෙන් සිදුකල ඝාතනයන් ගැන පෞද්ගලිකව ඇත්තේ කලකිරීමක්. ස්තුතියි ඉයන් මේ දේවල් නැවත කතා කරන්න වේදිකාවක් හදල දුන්නාට !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උදය. එජාපෙ ආණ්ඩුව 1971 කැරලිකරුවන් සහ විජේවීර නිදහස් කලේ ඔවුන්ට ප්‍රධාන දේශපාලන ප්‍රවාහට පැමිණීමට. ඔවුන් එය කලා. සාර්ථක වුණේ නැහැ. මහජනයා ඔවුන්ට දුන්නේ 4.17% ක ඡන්දයක් පමණයි. එයට එජාපය පලි නැහැ. එය ඔවුන්ගේ ප්‍රතිපත්ති වල දුර්වල තාවය හෝ එම ප්‍රතිපත්ති මහජනයා පිළි නොගැනීම. උතුරේ යුද්ධයකට හිරවී සිටි රජය සහ හමුදාවට එරෙහිව ඔවුන් කැරලි ගහන්නේ එම අවස්ථාවේදී. ඉන්ඩියන් හමුදාව පැමිණීම සමඟම ලංකා හමුදාවට එම කැරැල්ල මර්ධනය කිරීමට පෙලඹෙනවා. ප්‍රේමදාස රජය ඔවුන් සමඟ සාම සාකච්ච්චා කිරීමට උත්සාහ කලා. කෙලී සේනානායක සිද්ධිය මතකද? ඒවුනත් ජේවීපිය රට අකර්මන්‍ය කිරීම සාර්ථකව කෙරෙනෙ නිසා සාම සාකච්චාවකට ආවේ නැහැ. ඔවුන් ඉවත් නොවන හමුදා නිලධාරීන් මරා දමන බවට තර්ජනය කලා. අවසානයේ ඔවුන් පරාද වුණා. ඔවුන් සාකච්චා ඉල්ලා සිටියේ විජේවීර අත්ඩංගුවට ගත් පසුවයි. එවිට එය සහමුලින්ම විනාශ කර දැමීමට රජය ක්‍රියා කලා.

      Delete
  19. ඉයන් , මම කවුරු මොනව කිවුවත් මේ ලියපු ලිපියෙ වචනයක් ගානෙ එකගයි.
    මුහුනට මුහුන සටනක් නොදෙන, ඝාතනයකදී ප්‍රදේශයේ ඔත්තු කරුවන්ගේ ඔත්තු මතින් ලබාදෙන ඔත්තු මගින් තුවක්කු කරුවන් මගින් ඝාතන සිදුකල පුද්ගල කන්ඩායම් හදුනා ගැනීමට බිල්ලන් වැනි ප්‍රාථමික ක්‍රම මගින් හදුනා ගැනීම් හා පුද්ගලික මට්‍ටමින් ගත් ලයිස්තු වලදී ඇතිවූ පුද්ගලික පලිගැනීම් දැන් කවි සහ චිත්‍ර පටි ලෙස මාකට් කලත් 88 / 89 කාලයේදී හදුනාගැනීම්, නඩු ඇසීම් , දඩුවම් කිරීම් සදහා කාලයක් ගත කිරීමට සිදු උනානම් රටේ ආර්ථිකය සහමුලින්ම කඩා වැටීමට සහ මීට වඩා ජීවිත ගනනක් JVP ය විසින් විනාශ කරනව.
    උතුරෙ යුධයක් කරන ගමන් දකුණෙ භීෂනයකට මෙයිට වඩා ආණ්ඩුවකට කරන්න දෙයක් නෑ,
    සාමයක් තිබුන මහින්ද රාජපක්ෂගෙ කාලෙ ආණ්ඩුවට විරුධව ලියපු වගේම පාතාලෙ කියල නඩු නැතිව , ආයුධ පෙන්නන්න ගිහින් මරපු ඒව හැබැහින් දැක්ක 90 පස්සෙ ඉපදුන එවුන් 88 / 89 ගැන ලියන ඒව නිකන් විහිළු

    ReplyDelete
    Replies
    1. //සාමයක් තිබුන මහින්ද රාජපක්ෂගෙ කාලෙ ආණ්ඩුවට විරුධව ලියපු වගේම පාතාලෙ කියල නඩු නැතිව , ආයුධ පෙන්නන්න ගිහින් මරපු ඒව හැබැහින් දැක්ක 90 පස්සෙ ඉපදුන එවුන් 88 / 89 ගැන ලියන ඒව නිකන් විහිළු//

      ඔන්න බලපං දෙපාරක් දාන්නම ඕන කමෙන්ට් එකක් එක පාරයි වැටිල තියෙන්නේ. බොහොම ස්තූත්ති මචං. අද මේවා ගැන සුරංගනා කථා කියන්න, සිංදු ලියන්න ලේසියි. රටේ නීතිය නොසලකන තුවක්කුවක් අතින් ගත් හේතුවක් ඇතුව හරි නැතුව හරි වෙඩි තියන්න සූදානම් කැරලි කරුවන් ගේ ක්‍රියාකරකම් අත්විඳි අයට විතරක් ඇත්ත තේරෙයි.

      Delete
    2. තාත්තට අම්මට මරණ තර්ජන තියෙද්දි, අපිව safe house වල තියාගෙන ,ඉස්කෝලෙ යන්ඩ නැතිව , ගෙදර හිටියත් නින්ද ගියේ නැති අසුන්දර මතකයක් ඇතිකල ( මරණ බය ඇතිකල ) එවුන් මරද්දි මටනම් ඇතිඋනේ සතුටක්. අපේ මරණය නේද මේ මැරෙන්නෙ කියන සිතුවිල්ල දැනෙන්නෙ ඒක විදපු එකෙක්ම තමයි.
      ආණ්ඩුව වෙනුවෙන් සේවය කල එකට දඩුවම මරණයනම් , ආන්ඩුව ඉක්මන් වී ඒ මරණයෙන් ගලවගන්න එක ආන්ඩුවේ යුතුකම
      ඔය මොන දේ උනත් අපේ තාත්ත අපේ පැත්තෙ එක කොල්ලෙක්වත් මරන්ඩ දුන්නෙ නෑ. ගෙනිච්ච එකම එකාවත් ආපහු ගෙනාව ඌ ඇත්තටම සන්නද්ධ ව JVP එකෙක්.

      Delete
    3. //ආණ්ඩුව වෙනුවෙන් සේවය කල එකට දඩුවම මරණයනම් , ආන්ඩුව ඉක්මන් වී ඒ මරණයෙන් ගලවගන්න එක ආන්ඩුවේ යුතුකම //

      වෙන යමක් කීමට අවශ්‍ය නැත. ස්තූතියි මචං

      Delete
  20. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. //රජය විසින් සිදුකල සියලුම ගාතනයන් සිදුකලේ රජය ආරක්ශාකර ගැනිමටය.//

      මෙය හරිද? තුවක්කු ගත් කණ්ඩායම් නිරායුධ මහජනයා ආණ්ඩුවේ රැකියාවක් කල පමණින් මරා දමනවා නම් ඔවුන් බේරා ගන්නේ කවුද? රජයක් හමුදා නඩත්තු කරන්නේ ඒකට නෙමෙයිද? 1970 ඡන්දයෙන් පත්වූ රජය යටතේ 1971 වෙනවිට සමාජ ක්‍රමය වෙනස් කිරීමට උවමනා වූයේ බහුතර මහජනයාටද අතලොස්සක් වූ කැරලි කරුවන් පිරිසකටද? රාජ්‍ය බලය ලබා ගැනීමට කලයුත්තේ තම මතය ව්‍යාප්ත කර මැතිවරණ තරඟ කිරීම පමණයි. තුවක්කුවෙන් එය කිරීමට ඉඩ දුන්නොත් කණඩායම් කීපයක් එසේ මරාගෙන සෝමාලියාව වගේ තත්වයකට රට ඇදවැටෙනවා. රටක ආර්ථිකය, රැකියා, රටේ ගොඩනැගිලි , ප්‍රවාහන වාහන ආදිය රැක ගැනීමට හමුදාවන්ට සිදුවෙනවා. එය රජයක සහ හමුදාවක කාර්‍යභාරය. එය රජයක් රැක ගැනීමක් කියල කාට හරි පේනව නම් කරන්න දෙයක් නැහැ. මාකෝස් ජනයා මර්ධනය කලේ ඔහුගේ බලය රැකගන්න, බුරුමයේ වුණේ ඒක. ලංකාවේ ජවිපෙ චන්දෙන් දිනල බලය නොදී හිටියනම් රජය රැක ගන්න කියල කියන්න පුලුවන්. රජෑඉ නිලධාරීන්, දේශපාලකයින්, රජයේ ගොඩනැඟිලි ආදිය රැක ගන්නවා කියන්නේ අසාධාරණව රජයක් රැක ගැනීම නම් නෙවෙයි.

      Delete
  21. නිවස වටකර පපුවට ටී-56 එල්ල කෙරෙන විටත්, මරණ තර්ජන මැද මැතිවරණ රාජකාරි කරන විටත් මෙන්ම පිට්ටනි වල පෝලිම් ගස්වා බිල්ලන් ඉදිරිපිටින් යවන විටත්, ඒ කාලයේ හැටියට අත් අඩංගුවට පත් වීමට ප්‍රමාණවත් තරම් දේවල් ළඟ තිබියදී ආරක්ෂක හමුදාවන්ගේ පරීක්ෂාවන්ට ලක්වන විටත් දැනුනු මරණ බියේ ප්‍රභේද වල ලොකු වෙනස්කම් නොමැති නිසා මා රජය විසින් හෝ දේජව්‍ය විසින් කළ මිනීමැරීම් හා ඇති කළ භීෂණය කිසිසේත්ම අනුමත නොකරමි. කිසිදු පාර්ශ්වයකට මා මරා දමන්නට ප්‍රමාණවත් හේතුවක් නොතිබුණත් මරණය ඉතාම ලාභදායක වූ මේ කාලයේ සුළු අත්වැරදීමකින් බොහෝ දේ වෙනස් විය හැකිව තිබුණි. මේ කාලයේ මගේ සමීපතම හා දැනසිටි සෑහෙන දෙනෙක් දෙපාර්ශ්වය අතින්ම දරුණු වධ බන්ධන වලට ලක්වී මිය ගොස් තිබේ. එක පවුලේම ඇතැම් සාමාජිකයින් දේජව්‍ය අතින්ද, තවත් අය රජයේ හමුදා අතින්ද මිය ගොස් තිබේ. රටේ වෙනත් ප්‍රදේශ වල කෙසේවුවත්, මා සිටි ප්‍රදේශයේනම් වැඩිම මරණ සිදුවුනේ දේජව්‍ය පාර්ශ්වයෙනි. ඉතා කුරිරු මරණ වලට මුහුණ දුන් මේ බොහෝ දෙනෙකු අහිංසක සිවිල් වැසියන්ය. ඇතැම් අය පණ පිටින් පිලිස්සුනේ ආරක්ෂක හමුදාවක සේවය කළ දරුවෙකු ඉල්ලා අස් නොවීම නිසාය. එසේ නැත්නම් තමාගේ රැකියාවෙන් ඉල්ලා අස්වී දැන්වීමක් නොදැමීම හෝ නිසි පරිදි මාසික කප්පම් මුදල් නොගෙවීම නිසාය. ආරක්ෂක හමුදා අතින් මියගිය මා දන්නා බොහෝ දෙනෙකු ඇත්තටම ජවිපෙ හා කිසියම් සම්බන්ධයක් තිබුණු අයයි. එහෙත්, මේ බොහෝ දෙනෙකු පෝස්ටර් ගැසීම වැනි කටයුතු හැර මිනීමැරීම් වලට සම්බන්ධ වූ අය නොවේ. එමෙන්ම, ඇතැම් අය ජවිපෙ සාමාජිකයින් වූ බව ඔවුන්ගේ දෙමවුපියන් හෝ දැන සිටියේ නැත. ජවිපෙ කළේ එවැනි රහසිගත දේශපාලනයකි. ඇතැම් විට දෙමවුපියන් උග්‍ර එජාප පාක්ෂිකයින් වෙද්දී දරුවකු ජවිපෙ වෙනුවෙන් කටයුතු කළ අවස්ථාද තිබුණේය. මෙහිදී මා ජවිපෙ වෙනුවෙන් කටයුතු කළ අය කියන්නේ පන්ති පහ කළ අය නොවේ. මේ ඇතැම් අය 'කොකු හරහා' ජවිපෙ යාන්ත්‍රණය හා බද්ධ වූවද ජවිපෙ සමඟ සෘජු සම්බන්ධතාවයක් නොතිබුණු අයයි. මෙවැනි අයෙකු මරා දමනු ලැබූ විට හෝ අත් අඩංගුවට ගත් විට එය ප්‍රසිද්ධ වූයේ ජවිපෙ ලේබලය යටතේ අහිංසක පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් ලෙසින්ය. (කමෙන්ටුව අවසන් නැත.)

    ReplyDelete
  22. මේවා ගැන අපක්ෂපාතී අයුරින් කෙටි විවරණ කිරීම අපහසු දෙයකි. මේ කාලය ගැන පොතක් ලියන්නට තරම් අත්දැකීම් ඇතත් ඒ සඳහා කාලවේලාවක් නැත. ඉයන් විසින් ලිපියේ කරුණු ගොනු කර ඇත්තේ අපක්ෂපාතී විවරණයක් කිරීමේ අරමුණින් නොවේ. වෙනත් ප්කෂග්රාහී විවරණ වලට එරෙහි ප්‍රති-තර්ක ඉදිරිපත් කිරීමේ අරමුණෙනි. එහි වරදක් නැත. මේ ලිපිය දෙපැත්තේම වැරදි කතා කරන අපක්ෂපාතී ලිපියක් බව ඔහු කියා නැත. සිවුවෙනිමානය විසින් ඊට අමතරව මෙහි අනිත් පැත්තද කතා කර තිබේ.

    ජයවර්ධන රජය විසින් ජවිපෙ තහනම් කිරීමට හේතු වූ තර්කානුකූල කරුණු මට තවමත් අපැහැදිලිය. ජවිපෙ 1982දී ලබාගත් ඡන්ද ප්‍රමාණය 273,000 (1982 මේ මැතිවරණ ප්‍රතිපලය එදා සිට අද දක්වාම මගේ කටපාඩමේ ඇති එකකි.) වුවද ඒ වන විට ජවිපෙ වර්ධනය වන ප්‍රවණතාවයක් විය. ජවිපෙ විසින් 1982 වන විට සම්ප්‍රදායික වාමාංශික පක්ෂ වල ඡන්ද පදනම් බොහෝ දුරට ආක්රමණය කර අවසන්ව ශ්‍රීලනිප ඡන්ද පදනමට අතගසා තිබුණේය. මේ අනුව ජවිපෙ තවදුරටත් වර්ධනය වීනම් එජාප-විරෝධී ඡන්ද දෙපිල බෙදීම නිසා එජාපයට දේශපාලනික වාසියක් ලැබිය හැකිව තිබුණි. ජයවර්ධන රජය ජවිපෙ නායකත්වය නිදහස් කිරීමෙන් අපේක්ෂා කළ උපක්‍රමික වාසියද මෙයයි. මේ අනුව, ජවිපෙ තහනම විසංවාදයකි. මා හිතන පරිදි, මේ තීරණයට මුල් වූයේ ජවිපෙ විසින් විප්ලවයකින් බලය ඇල්ලීම පිලිබඳ අපේක්ෂාවන්ගෙන් ඉවත් වී නැති බවට ජයවර්ධන රජයට රහස් ඔත්තු සේවාවන්ගෙන් ලැබුණු වාර්තාවන් බවයි. මුල සිටම දැඩි කමියුනිස්ට් විරෝධියෙකු වූ (1971 දී ජේආර් සමඟි පෙරමුණු රජයට සහාය දුන්නේද මේ පදනමිනි.) ජේආර් ජයවර්ධන නියපොත්තෙන් කඩා ප්‍රශ්නය විසඳිය හැකි වේයැයි සිතන්නට ඇත. (මා සිතන පරිදි කළු ජූලියට ඉඩ දීමෙන් ජේ ආර් බලාපොරොත්තු වුයේද මෙවැන්නකි.) ආර්ථිකය හා අදාළව ජේආර් ඉතා දූරදර්ශී වුවද රටේ ජන විඥානය හැසිරෙන හැටි ගැන ඔහුට තිබුණේ ඉතා දුරස්ථ දැනීමකි (මේ තත්ත්වය රනිල් වික්‍රමසිංහටද යම් තරමකට අදාළය.). ජවිපෙ අභ්‍යන්තරය ගැන මා නොදන්නා නමුත් තහනමින් පසු ඉතා කෙටි කලක් තුළ සන්නද්ධ ව්‍යාපාරයක් ලෙස ඉදිරියට පැමිණීමට හැකි වීමෙන් පෙනෙන්නේ ජේආර්ට ලැබුනේයැයි කියන රහස් ඔත්තු සේවා වාර්තා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත ලෙස සැලකිය නොහැකි බවයි.

    ඉයන් විසින් පෙන්වා දෙන එක් වැදගත් කරුණක් වන්නේ ජවිපෙ තහනම කැරැල්ලට හේතු වූ බව පුහු තර්කයක් බවයි. පළමුව, ජවිපෙ තහනම් කළද ජවිපෙ සාමාජිකයින්ව පන්න පන්නා දඩයම් කිරීමක් සිදුවුනේ නැත. දෙවනුව, ජවිපෙ සමඟ වූ සැබෑ ජනතා පදනම රටේ ජනගහණයෙන් ඉතා සුළු ප්‍රතිශතයකි. ජවිපෙ විසින් මුල සිටම කළේ භීෂණය යොදවා තමන් සමඟ ජනතාව සිටින බව පෙන්වීමයි.

    ඉයන්ගේ ප්‍රති-තර්ක ඉස්මතු කිරීමට උපකාරී වන එහෙත් ඔහුගේ ලිපියේ මතු කර නැති වැදගත්ම කරුණක් වන්නේ ජවිපෙ හා රජය විසින් භීෂණය ඇති කළ අනුපිළිවෙළයි. සිවුවෙනි මානයේ පැහැදිලිව ලියා ඇති පරිදි, භීෂණය ඇරඹුණේ රජය පාර්ශ්වයෙන් නොවේ. ජවිපෙ පැත්තෙන් යම් සාර්ථකත්වයක් ලබමින් අවසන් වූ ලංගම වර්ජනයෙන් ඇරඹුණු වර්ජන රැල්ල ඉදිරියට ගෙනගියේම ජවිපෙ ක්‍රියාමාර්ග වලට එරෙහි වන්නන්ට මරණ තර්ජන කරමින් සහ ඒ තර්ජන ප්ර්දර්ශනාත්මක්ව ක්‍රියාත්මක කරමිනි. (තවත් තිබේ.).

    ReplyDelete
  23. සෝමවංශ විතරක් බේරිලා රට පැන්නේ දේශපාලන ඩීල් එකකින් කියල කියනවා නේද?

    ReplyDelete
    Replies
    1. සෝමවංශම කියන විදිහට ඔහුගේ වාසනාවට හමුදාවට ඔහුව විනාඩි ගණනකින් මිස් වී තිබෙනවා. ඔහු ඒ ගැන දීර්ඝ ලිපි පෙලක් ලඟදී පුවත්පතක පළවුණා. ඒ අනුව එක්තරා රැස්වීමකට ආයුතු කෙනෙක් නොපැමිණීම ගැන ඇතිවූ සැකය මත ඔහු නුවර සැඟවී සිටි තැනින් ඉවත්වී තිබෙනවා. ඒ අනුව විජේවීර ඔහු ඉන්න තැන ගැන විස්තර දුන්නත් ඔහු ඒවනවිට එතනින් ඉවත්වී ගොස් පසුව ඉන්දියාවටත් එතනින් එංගලන්තයටත් පැනගොස තිබුණා. මෙය ඇත්ත කථාව වැසීමට ගෙතූ කථාවක් වීමටත් ඉඩ තිබෙනවා.

      Delete
  24. මේ කාලයේදී සරසවි හා පාසැල් සිසුන්ට අමතරව රටේ සිවිල් වැසියන්ටද ඉන්දීය සාමසාධක හමුදාවන්ට එරෙහි පෙළපාලි වලට සහභාගී වන්නට සිදු වූ බව ලිපි දෙකෙන් එකකවත් ලියවී නැත. ගම්වල සිටි ශ්‍රීලනිප මෙන්ම එජාප පවුල් වල සාමාජිකයින්ටත් ජවිපෙ බැනර් හා පෝස්ටර් ගෙන (ජවිපෙ අනුබද්ධ සංවිධානද ඇතුළුව) මේ පෙළපාලි වල යන්නට වුනේ සාමසාධක හමුදාවට ඔවුන් විරුද්ධ වූ නිසා නොවේ. ප්‍රබල එජාප සාමාජිකයින් ලෙස නම් කළ නොහැකි එජාපයට ඡන්දය පමණක් දුන්, රජයෙන්ද කිසිදු විශේෂ ආරක්ෂාවක් නොතිබුණු පවුල් වලට තමන් ජවිපෙ-විරෝධී රජයේ ඔත්තුකරුවන් නොවන බව පෙන්වන්නට මේ පෙළපාලි වලට සහභාගී වීමට විය. ජවිපෙ නිර්ණායක අනුව රටේ සිටියේ දෙපිරිසක් පමණි. ඒ දේශප්‍රේමින් හා දේශද්‍රෝහීන්ය. දේශප්‍රේමීන්නම් ජවිපෙ ඉල්ලා සිටින දේ කියන පරිදි කළ යුතුය. දේශද්‍රෝහියෙකු වීමට දඬුවම මරණයයි. මෙවැනි පෙළපාලි වල ජවිපෙ සාමාජිකයින් කිසිවෙකු ඉදිරියෙන් ගියේ නැත. ඒ අය සිටියේ පසුපසිනි. පසුකාලයේදී LTTE සංවිධානයටද ආදර්ශයක් දෙමින් පොලිසිය වෙඩි තබද්දී ඉදිරියට යැවුවේ අහිංසක සිවිල් වැසියන්වය. ඉන්පසු ඒ මරණ රජයේ ගිණුමට එකතු විය.

    රජයේ පාර්ශ්වයෙන් භීෂණය ඇරඹුණේ ආරක්ෂක හමුදා සාමාජිකයින්ට ඉල්ලා අස්වෙන්නට නියෝග කර එසේ නොකළ අයගේ දෙමවුපියන් කුරිරු ලෙස ඝාතනය කිරීම ඇරඹුණු පසුවය. ඇතැම් අය මෙය රහස් ඔත්තු සේවා කුමන්ත්‍රණයක් බව පවසති. එය එසේ විය හැකිය. රහස් ඔත්තු සේවා මඟින් උපයෝගී කරගන්නේද පුද්ගලයින්ගේ හෝ සංවිධාන වල නෛසර්ගික දුර්වලතා නිසා මට අනුවනම් එය එසේ වුනාද නැද්ද යන්න වැදගත් කරුණක් නොවේ. මේ කාලයේ රටේ ජනතාවගෙන් බොහෝ දෙනෙකු සිටියේ ගිරයට අහුවූ කරුන්කා මෙනි. මා සේවය කරන්නේ දහදෙනෙකු සේවය කරන තැනකනම්, යම් දිනක වර්ජනය කරන ලෙස ජවිපෙ නියෝග කළ විට වෙනත් අය කෙසේ ක්‍රියා කරනු ඇත්ද යන්න මට තීරණය කිරීමට සිදුවේ. නවදෙනෙකු වර්ජනය කර මා නොකළොත් අනිවාර්යයයෙන්ම මා ද්‍රෝහියෙකු බව කැපී පෙනේ. ප්‍රතිඵලය මරණය විය හැකිය. අනෙක් අතට, වර්ජනය කළේ මා පමණක්නම් ජවිපෙ සාමාජිකයෙකු බවට මා සැකයට ලක්වේ. ඒත් ප්‍රතිඵලය මරණය විය හැකිය. (ඉවර නැත.)

    ReplyDelete
  25. මෙවැනි තත්වයක කැරැල්ල මර්දනය කිරීම ජනතාව වෙනුවෙන් නොව රජය රැකගැනීම සඳහා පමණක් කළ දෙයක් බව කිසිවකු කියනවානම් එය නිවැරදි නැත. ජවිපෙ ක්‍රියාකළ ක්‍රමවේදය අනුව සම්ප්‍රදායික ක්‍රමයකින් කැරැල්ල මර්දනය කිරීමේ හැකියාවක් තිබුණේ නැත. කෙසේවුවද, මේ වන විට ජේආර්ගේද ජනප්‍රියත්වය පිරිහී තිබුණේය. ජේආර්ට මේ වෙලාවේ ප්රේමදාසව නායකත්වයට පත් කරන්නට අවශ්‍යතාවයක් තිබුණේ නැත. ජේආර් ප්රෙමදාසව දැම්මේ පැරදෙන ඡන්දයකටය. (ජේආර්ගේ බලාපොරොත්තුව වූයේ අනුර වැනි පුද්ගලයෙකු ශ්‍රීලනිප බලය ගැනීම හා ද්විපාක්ෂික ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී අනාගත දේශපාලනයකි.) 2005දී ප්‍රභාකරන් විසින් මහින්ද රාජපක්ෂ දිනවූ අයුරින් ජවිපෙ ප්‍රේමදාසව දිනවා බලාපොරොත්තු වූයේ රටේ පැවති එජාප විරෝධය එක්තැන් කරගනිමින් අළුත් ආණ්ඩුව බිඳ දැමීම ශ්‍රීලනිප රජයක් බිඳදමනවාට වඩා පහසු වනු ඇති බවයි. ඇතැම්විට සිරිමාවෝ විසින් 1971දී සිදුකළ මර්දනය ගැන මතකයන් ජවිපෙ තුලින් ගිලිහී නොතිබුණු නිසාද විය හැකිය.

    අන්තිමට ජවිපෙට වුනේ ප්‍රභාකරන්ට පසුව වූ දෙයමය. ජවිපෙට ඇමති ධුර තුනක් දීමට පවා ප්‍රේමදාස සූදානම් විය. ජවිපෙ කළේ සාම සාකච්ඡා කියමින් රජය රැවටීමයි. ජවිපෙ 1971 මෙන්ම 87/90 සාපේක්ෂ සාර්ථකත්වයට හේතුව වූයේ (මෙය ප්‍රභාකරන්ටද අදාලය) එජාප, ශ්‍රීලනිප, ද්‍රඑවිපෙ මෙන්ම සම්ප්‍රදායික වාමාංශික පක්ෂ වල නායකත්වයටද සාපේක්ෂව රටේ බහුතර ජනතාවගේ ජන විඥානය හොඳින් හඳුනාගෙන සිටීමයි. ප්‍රේමදාසද (පසුව මහින්දද) ජවිපෙ මෙන්ම 'සතා අඳුනාගෙන' සිටි නායකයින්ය. ඒ නිසා, භීෂණයට එරෙහිව ප්‍රති-භීෂණය යොදා ගැනුණේය. එය සාර්ථක විය. මානව හිමිකම් වැනි 'බටහිර සංකල්ප' ජේආර්, බණ්ඩාරනායක, අමිර්තලිංගම් වැනි අයට තේරුනත් රටේ සාමාන්‍ය මිනිස්සු වූ ජවිපෙ සාමාජිකයින්ට, LTTE සාමාජිකයින්ට වගේම හමුදා පොලිස් සාමාජිකයින්ටත් (ඇතැම් විට ඉහළම මට්ටම් හැර) මේවා අමු ගොංපාර්ට්‍ය. ගෙවල්වලවත් නැති මානව හිමිකම් 'සතුරන්ට' එරෙහිව ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නට හේතුවක් නැත. භීෂණය ඇති කළ විට කොතනත් වන ටික අන්තිමට සිදුවුණේය. (මා කිසිසේත්ම රජය විසින් ඇති කළ ප්‍රති-භීෂණය සාධාරණීකරනය කරන්නේ නැත. එහෙත්, එය පෙර සිදු වූ සිදුවීම් වල තර්කානුකුල ප්‍රතිඵලයයි.)

    අවසාන කරුණ සංඛ්‍යාලේඛණයි. මෙවැනි ගැටුමක් වන විට රජයට හැමවිටම අවශ්‍ය වන්නේ සිදුවූ මරණ අඩුවෙන් පෙන්වීමටය. ජවිපෙ හෝ LTTE මඟින් මිනීමැරුම් කළත් එයින් පෙනෙන්නේ රජයේ දුර්වලතාවයයි. සිදුවිය යුතු පරිදිම රජය ගණන් පෙන්නුවේ අඩුවෙනි. එහෙත්, රජයට විරුද්ධ පාර්ශ්වයට අවශ්‍ය වන්නේ මරණ වැඩියෙන් පෙන්වීමටය. රටින් පලාගිය හා රහසිගතව ජීවත් වූ බොහෝ අයද මේ රජය විසින් කළ මරණ සංඛ්‍යාලේඛණ වලට ඇතුලත්ය. 1990දී විරු සමරු වල සැමරුණු බොහෝ අය දැන් ප්‍රසිද්ධ දේශපාලනයේ සිටිති. රජයේ හමුදා වලින් කර කුරිරුම දෙය බොහෝ දෙනෙකු නොමරා මැරීමයි. ඒ අතින් LTTE සාමාජිකයින් වඩා වාසනාවන්ත අයයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඉකොනොමැට්ටා මැදහත් විචාරයක් දුන්නාට. ඔබගේ කරුණු සියල්ලම සමඟ එකඟයි. මගේ මැදහත් නොවූ ලිපියට හේතුවූයේ මෛත්‍රී භාවනාව වඩමින් සිටි තරුණයන් අල්ලාගෙන ගොස් වදදී පුළුස්සා දැම්මේ එජාප රජයෙන් යන්න රෝමෑන්ටික් සුරංගනා කථා තලු මර මර ලියන්නන් සහ කියවන්නන්ට ජවිපෙ භීෂණයට මුහුණ දුන් කෙනෙකු ලෙස අත්දැකීම් හරහා අනික් පැත්ත ගැන කීමටයි. ඔබගේ කමෙන්ට් එක පෝස්ට් එකක් ලෙස ඔබගේ බ්ලොග් එකේ පලකිරීම එහි තේමාව අනුව අපහසු බව මම දනිමි. එහෙත් හැකියාවක් ඇතොත් එය පළකරන්න.

      Delete
    2. ඉකොනොගේ කමෙන්ට් කිහිපය ඉතාම විශිෂ්ටයි වගේම ඉතාම හොඳ අවබෝධයක් අපට ලබාදුන්නා. ඉයන් කියන්නාක් මෙන්ම ඉතාම මැදහත් වැදගත් මේ ලිපිය බ්ලොග් පෝස්ට් එකක් ලෙස පළකල හැකිනම් ඉතා සුදුසුයි. ඔබගේ බ්ලොගයේ බැරිනම් වෙනත් බ්ලොගයක හෝ පළකරන මෙන් ඉල්ලා සිටිමි. ස්තූතියි !

      Delete
  26. එකෙකු,අනෙකාට ඇඟිල්ල දිගු කරමින් චෝදනා කෙරුවද මට අනුව නම් දෙදෙනාම නිරුවතිනි.

    ReplyDelete
  27. 48න් හමුවුන නිදහස වදුරට දැලිපිහිය හම්බුනා වගේ තම කාරිය තමාම හානිකරන වැඩ පිලිවෙත් නිසා බොහොම ලස්සනට තිබ්බ දේවල් නැතිකරමින් දේශපාලන වාසි ගනිමින් අපේම මිනිසුන් දඩයම් කරන වල් බිහිවුන සමාජයක් ලැබුන විතරයි......මැරුන ඇටකටු ගොඩ අරන් මිනී කටුවලට කොඩිවින කරන උන් මේ සමාජය විනාස කරන වල් දේශපලුවන්ටයි රට වනසන්න අදිටන් කරගත් සක්කිලි හොර කන්ඩායම් හැදිගෑවිලා යන්න මතුරනවනම් මේ රට සිරිබර පෙර සිරිලංකාවක් වෙන්න වැඩිකල් යන්නෙ නෑ බන්

    ReplyDelete
  28. 48න් හමුවුන නිදහස වදුරට දැලිපිහිය හම්බුනා වගේ තම කාරිය තමාම හානිකරන වැඩ පිලිවෙත් නිසා බොහොම ලස්සනට තිබ්බ දේවල් නැතිකරමින් දේශපාලන වාසි ගනිමින් අපේම මිනිසුන් දඩයම් කරන වල් බිහිවුන සමාජයක් ලැබුන විතරයි......මැරුන ඇටකටු ගොඩ අරන් මිනී කටුවලට කොඩිවින කරන උන් මේ සමාජය විනාස කරන වල් දේශපලුවන්ටයි රට වනසන්න අදිටන් කරගත් සක්කිලි හොර කන්ඩායම් හැදිගෑවිලා යන්න මතුරනවනම් මේ රට සිරිබර පෙර සිරිලංකාවක් වෙන්න වැඩිකල් යන්නෙ නෑ බන්

    ReplyDelete