Friday, November 7, 2025

ජනාධිපතිතුමා රටට කර ඇති සේවය




අද අය වැය කථාවෙදී මුදල් ඇමති සහ ජනාධිපති තුමා කියා සිටියා බංකොලොත් රටක් ගොඩ ගැනීමට අඩුම වශයෙන් වසර 10 ක් ගත වෙන බවත් එහෙත් ඔහුට එය මාස දොලහකින් කල හැකි වූ බවත්. මේ අදහස ගැන ෆේස්බුක් එකේ කිහිපදෙනෙක් අදහස් දක්වා තිබුනා. ඒවායින්  කීප දෙනෙක්ම කියා තිබුනේ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා ඉතිහාසයේ රටේ දියුණුවට විශාල වැඩ කොටසක් කර ඇති බවත්, එයින් රට බංකොලොත් බාවයෙන් මුදා ගැනීම ගැන පමණක් සඳහන් කිරීම ඔහුගේ නිහතමානිත්වය පිලිඹිබු කරන බවත්ය. ඔවුන් එම පෝස්ට් වල දක්වා ඇති පරිදි ගරු අනුර කුමාර ජනාධිපති තුමා රටට කර ඇති කාර්‍යභාර්ය අඩංගු ලැයිස්තුව මෙහෙමලු.


1) ලංකාවට නිදහස ලබා දුන්නේ මෙතුමා.
2) විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නෙත් මෙතුමා
3) නිදහස් අධ්යාපනය ලබා දුන්නේත් මෙතුමා
4) නිදහස් සෞඛ්ය සේවා ලබා දුන්නේත් මෙතුමා
5) වෘත්තීය කාර්මික විද්යාල හඳුන්වා දුන්නේ මෙතුමා.
6) අපේ රටේ විශ්වවිද්යාල ප්රමාණය වැඩිකර දුන්නේ මෙතුමා.
7) පිරිවෙන අධ්යාපනය ක්රමය හඳුන්වා දුන්නේ මෙතුමා.
😎 බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළ නිර්මාණය කිරීම මේතුමා.
9) මත්තල ජාත්යන්තර ගුවන්තොටුපළ නිර්මාණය කරේ මෙතුමා.
10) කොළඹ සහ මත්තල වරාය නිර්මාණය කිරීම මේතුමා.
11). සර් ජෝන් කොතලාවල ආරක්ෂක විද්යා පීඨය නිර්මාණය කළේ මෙතුමා.
12) මහපොළ ශිෂ්යත්ව වැඩසටහන නිර්මාණය කෙරෙ මෙතුමා.
13) STF ( පොලිස් විශේෂ බලකාය) නිර්මාණය කළේත් මෙතුමා.
14) විවෘත විශ්වවිද්යාලය නිර්මාණය කළේත් මෙතුමා.
15) මහවැලි ව්යාපාරය නිර්මාණය කිරීම මෙතුමා .
16) ගල්ඔය ව්යාපාරය නිර්මාණය කළෙත් මෙතුමා.
17) වික්ටෝරියා / මහවැලි/ රන්දෙණිගල/ රන්ටැඹේ/ උඩවලව/වෙහෙරගල/ මොරගහකන්ද/ සේනානායක සමුද්රය/ වැනි මහා ජලාශ ව්යාපෘති නිර්මාණය කරේ මෙතුමා.
18) 30 අවුරුදු කිරුළු යුද්ධය නිමා කෙරෙත් මෙතුමා.
19) අධිවේග නිර්මාණ මෙතුමාගේමයි.
20) ත්රිපිටකය ලෝක උරුමයක් කෙරේ මෙතුමා.
21) සිංහරාජ වනාන්තරය ජාතික උරුමයක් කෙරේ මෙතුමා.
22). 1818 ජාතික නිදහස් සටනේ අපගේ මුතුන් මිත්තන් ජාතික වීරයන් වශයෙන් ගැසට් පත්රයකින් නම් කෙරේ මෙතුමා.
23) කොළඹ පෝට් සිටි එක නිර්මාණය කළේ මෙතුමා.
24). ලෝකයේ ප්රබල හොටෙල් ආයෝජක ආයතනයක් වන ශ්රැන්විලා සමාගම ලංකාවට හඳුන්වා දුන්නේ මෙතුමා.
25). සුව සැරිය ව්යාපෘතිය හඳුන්වා දුන්නෙත් මෙතුමා.
26). ජර්මානු කාර්මික පාසල නිර්මාණය කලේ මෙතුමා.
27). බණ්ඩාරනායක සම්මන්ත්ර ශාලාව නිර්මාණය කළේත් මෙතුමා.
28) විදේශ ආයෝජකයන්ට මහා පරිමාණ කෘෂි ව්යාපෘති සහා ඇගලුම් කාර්මාන්ත ආරම්භ කිරීමට අවස්ථාව ලබා දී රැකී රක්ෂා දහස් ගණනක් නිර්මාණය කර තිබෙන්නේ මෙතුමා .
29). දේශීය ගොවියන් සඳහා ආර්ථික මධ්යස්ථාන නිර්මාණය කෙරෙ මෙතුමා.
30) නොරොච්චෝලේ සුළං බලාගාරය නිර්මාණය කළෙත් මෙතුමා.
31) ගම්උදාව /ගම්පෙරළිය වැනි කෙටි කාලීන වේගවත් සංවර්ධන නිර්මාණය කළේ මෙතුමා.
32) පාසල් සහ විශ්වවිද්යාලවල අනද්ය කාර්ය මණ්ඩලය නිර්මාණය කළෙත් මෙතුමා.
33) විද්යා පීඨ නිර්මාණය කළෙත් මෙතුමා.
34).යොවුන් සේනාංක සහ තරුණ සේවා ආයතනය නිර්මාණය කළෙත් මෙතුමා.
35) ශ්රී ලංකාව තුළ ආයෝජන කලාප නිර්මාණය කළේත් මෙතුමා.
36). පක්ෂ අරමුදලින් පාසල් වලට බස් ලබා දුන්නෙත් මෙතුමා.
37) මහින්ද වොදය තාක්ෂණික විද්යාගාර පාසල් තුල නිර්මාණය කරෙත් මෙතුමා.
38) ශ්රී ලංකාවට සෝලා ව්යාපෘතිය හඳුන්වා දුන්නෙත් මෙතුමා.
39) ශ්රී ලංකාව තුළ හරිත කෘෂි ව්යාපෘති හඳුන්වා දුන්නෙත් මෙතුමා.
40) පාසල් දරුවන්ට නිල ඇඳුම් නොමිලේ ලබාදීමේ නිර්මාණයත් මෙතුමාගේමයි.


මට තියෙන එකම ප්‍රශ්ණය මේ පෝස්ට් එක දාපු අය එතුමාගෙන් වෙච්ච තවත් ඉතා වැදගත් කාර්‍යභාර කීපයක්ම හිතාමතාම මඟ ඇරල තියෙන එක.

මම දන්න පරිදි 1971 රජයට විරුද්ධව ක්‍රියාත්මක වෙච්ච්ච ත්‍රස්තවාදී කැරැල්ල මැඩ පවත්වා තවත් ජීවිත හානි වැලැක්වීමට අනුර කුමාර ජනාධිපතිවරය ක්‍රියා කලා. ඒවගේම 1988/89 කැරැල්ලෙන් රජයේ දේපල රැක ගැනීමට ඒ වගේම රජයට අනුබද්ධ සේවකයින් සහ හමුදා නිලධාරීන්ගේ ජීවිත රැක ගැනීමටත් ඒතුමා විශාල කාර්‍යභාරයක් ඉටුකලා. 

ඒවගේම 1818 කැරැල්ලට ඔහු විසින් දුන් දායකත්වයත් අතිමහත්. බොහෝ දෙනෙක් නොදන්නා දෙයක් තමයි කැප්පෙටිපොල දිසාවෙ, වාරියපොල ශ්‍රී සුමංගල හිමියන් වැනි ඉදිරියෙන් සිටි අය පිටුපස්සේ ඉඳන් ක්‍රියාත්මක වුන අදිසි හස්තය අනුර කුමාර ජනාධිපති තුමා කියන එක.

ඇත්තටම මේ ගැන තිබ්බ සමහර ෆේස්බුක් කමෙන්ට්ස් දැක්කම ඇතිවන්නේ දුකක්. කෙනෙක් කියල තිබ්බ ගරු ජනාධිපතිතුමා අවුරුදෙන් ගොඩගත්ත රට නම් කර දොර දෙකේ ටෙලිවිශන් එකක් දිනාගන්න කියලා. ඒකට රැවටිච්ච මම දොර දෙකේ ටෙලිවිශන් එහෙ තියෙනවද කියල පිටරටක ඉන්න  අජිත් ධර්මකීර්ති මහත්තයගෙන් අහල නෝන්ඩි වුනා. 


මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

11 comments:

  1. ඕකට කියන්නෙ තක්කඩියා කියලා නෙමේද පුතා...හෙටානිද්දා අලුතෙන් ලියවෙන ඉතිහාස පොක්වල ඕවා ඔහොම ලියවුනොත් පුදුම වෙන්නත් එපා.. මෙයාට ඒ තරමටම නිශ්ශන්කමල්ලේෂියාව.

    ReplyDelete
    Replies
    1. ඔය BOI හොර ගුහාව හදල ඉඳපන් බන්

      Delete
  2. කයියනායක කියන්නේ නිකන්ද මිනිහට

    ReplyDelete
  3. අයවැය මෙහෙමයි:

    රජය හිඟන්නගෙ පාත්තරේ දක්වා හැම යටිබඩකින්ම පුළුවන් තරම් බදු සූරා කනවා. කිසිවක් අඩු කර නැහැ. අඩු කරන්නෑ යකෝ, පුළුවන් දෙයක් කරපල්ලා කියල ජනතාවට මැසේජ් එකක් දෙන අයවැයක්. ඒ විතරක් නෙමෙයි, බලන් හිටපියව්, එදා විරුද්ධ වුණාට මෙදා ඉන්දියාවත් එක්ක සෙට් වෙලා ඩිජිටල්කරණය කරලා තොපේ ආදායම් ඔක්කොම අපේ රේඩාර් එකට දාගත්තට පස්සෙ බලපල්ලකො කියල තමයි සිග්නල් එක දුන්නෙ.

    ඒ වගේම තමයි, බදු සල්ලි බදු ගෙවන එවුන් වෙනුවෙන් වියදං කරන්නෙත් නැහැ. තොපි ණය අරන් මෙච්චර කල් ආතල් ගත්තා මදිද, දැන් ඉතින් නොකා නොබී හරි ණය ගෙවපියව් කියන සිග්නල් එක තමයි දෙන්නෙ. තොපි අපව බලයට පත් කරගත්තනෙ, අපි ණය ගෙවනවා, බලන් හිටපියව්. සමාජවාදී කතා අදාළ නැහැ. බලය තමයි වැදගත්. අපි යන්නේ කොයි පාරේ - යන්න තියෙන එක පාරේ - රනිල් ගියෙත් ඒ පාරේ - අපිත් යනව ඒ පාරේ.

    අපි පාලකයන් වශයෙන් අමාත්‍යාංශ වාහනවල යනවා. නැති එවුන්ට ඩබල් කැබ් දෙනවා. අනෙක් එවුන් පර්මිට් නම් ඉල්ලන්න එපා. පර්මිට් කතා ඉවරයි. බොක්කෙන්ම ජයවේවා කියල තමයි මට ඒ ගැන නම් කියන්න තියෙන්නෙ. රජයෙන් කන්නන්ගේ පාරිභෝජනවාදයේ දිනක ජය නියත ලොතරැයිය තමයි පර්මිට් එක. ඒක නැති කිරීම කියන්නෙ සිස්ටම් චේන්ජ් තමයි. හැබැයි ඉතින් වාහනවල බදු මට්ටම ඉහළ නිසා සාධාරණව හම්බ කරලා නම් වාහන ගන්නවා බොරු. අහු නොවී කුඩු, අයිස් විකුණගන්න තමයි වෙන්නෙ. අහු වුණොත් සොරි තමයි. බදාගන්න එන්නෙ නැතිලුනෙ.

    පොදු ප්‍රවාහනයත් ඔහොමම තමයි. ඔය යන විදියට බස්වල, කෝච්චිවල පලයල්ලා. ශ්‍රීලන්කන් එක අපි ගොඩගන්න බලනවා. බැරි වුණොත් විකුණනවා. දැනට ගන්න කෙනෙකුත් නැහැ.

    රස්සා, වැඩි පඩි ඉල්ලගෙන එන්න එපා. දැක්කනෙ දාපු නෝන්ඩිය ඒ කාලෙ තමන් කියපු කරපු දේවල් හා දැන් වෙනස ගැන. අම්බිකාලට සොරි තමයි මේ සැරෙත්. මතකද පසුගිය අයවැය කතාවෙදිත්. කිව්වා, වතු කම්කරුවන්ගේ යෝජිත රු. 1,700ක වැටුප ලබා දීමට රජය මැදිහත් වන බව.

    ඔන්න මහපොළ වැඩි කරලා දුන්නා. අන්තරේ එන්න එපා නටන්න.
    පළාත් සභා ඡන්ද නෑ. ඕනැ නම් විපක්ෂෙ එවුන් නීති හදා දීපල්ලා. පළාත් සභාවලට කටුව ගහන්න ජවිපෙ සිරිසේනට ඔපීනියන් දීපු කතා දැන් අදාළ නැහැ.

    අයවැය කතාවේ හරය ‍ඔන්න ඔහොමයි. අනෙක් සුරංගනා කතා හැබෑ වුණොත් හොඳයි. පහුගිය පෙබරවාරියේ කියපු සුරංගනා කතා කීයක් හැබෑ වෙලාද කියලා, 1 කමෙන්ටුවේ තියෙන ලැයිස්තුව පරීක්ෂා කරලා බලලා, මේ සුරංගනා කතා ගැන තීරණයකට එන්න.

    ReplyDelete
  4. හෝරා ස්ථම්භ සංකල්පයත් මෙතුමගෙද?

    ReplyDelete
  5. මලෛගම් ජනතාවට මෙතෙක් ලැබුණු රුපියල් 1350ක දිනක වැටුප රුපියල් 1,750 දක්වා වැඩි කිරීමට ජනාධිපති අනුර දිසානයක ජාතික ජන බලවේග ආණ්ඩුවේ 2026 අයවැයෙන් කටයුතු කළ අතර ඊට සිය ප්‍රතිචාර දක්වමින් මලෛයිගම් ජනතාවට රතිඤ්ඤා දල්වමින් කිරිබත් උයමින් සතුටු වූ අයුරු වතු ආශ්‍රිත ප්‍රදේශවල දක්නට ලැබිණි.

    එම දෛනික වැටුප් වැඩි කිරීම අනුව ඒ අනුව වතු හාම්පුතුන් විසින් දිනකට රුපියල් 200ක් මූලික වැටුපට එකතු කරන අතර, රජය විසින් පැමිණීමේ දීමනාවක් ලෙස තවත් රුපියල් 200ක් වැටුපට එකතු කරනු ලබයි. ඒ අනුව මසකට දින 25ක් වැඩ කරන කම්කරුවෙකු සඳහා මාසයකට වන වැටුප් වැඩිවීම රුපියල් 10,000කි.

    මෙය මලෛගම් කම්කරුවෙකුට ඉතිහාසයේ ලැබුණු විශාල වැටුප් වැඩිවීමය. මීට පෙර වැටුප් වැඩි කර ගැනීම සඳහා වැඩ වර්ජන උද්ඝෝෂණ කරමින් පීඩාවට පත්වුණු නමුත් මෙවර ජාතික ජන බලවේග ආණ්ඩුව තීන්දුවක් ගෙන මලෛගම් කම්කරු ජනතාව වෙත ලබාදුන් මෙම සහනය සමඟ මෙලෙස මලෛගම් ජනතාව රටේ තැනින් තැන රතිඤ්ඤා දල්වමින් කිරිබත් උයමින් සතුට ප්‍රීතිය සමරමින් සිටිති. youtube.com/watch?v=o9eCDyV3mX8&embeds_referring_euri=https%3A%2F%2Flankatruth.com%2F&source_ve_path=Mjg2NjY

    ReplyDelete
  6. 2026 අයවැය යෝජනා මාලාවේ සුවිශේෂී කරුණු 13ක්
    2026 වසර සඳහා වන අයවැය යෝජනා ජනාධිපති මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක විසින් අද (නොවැ: 06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
    එහිදී, ඔහු ඉදිරිපත් කළ අයවැය යෝජනා අතරින් විශේෂ කරුණු 13ක් පහත දැක්වේ.
    01. රාජ්‍ය ආදායම සහ වියදම
    2026 අයවැය යෝජනා අනුව එම වසර සඳහා ඇස්තමේන්තුගත මුළු රාජ්‍ය ආදායම රු. බිලියන 5305කි.
    ඉන්, රු. බිලියන 4850ක් ම බදුවලින් ඉපයීමට යෝජනා කෙරුණු අතර, බදු නොවන ආදායම රු. බිලියන 455ක් පමණි.
    මේ අතර, ණය සේවාකරණය ඇතුළුව 2026 වසර සඳහා රජයේ ඇස්තමේන්තුගත වියදම රු. බිලියන 8980කි.

    ඉන් රු. බිලියන 4495ක් ණය සේවාකරණය සඳහා වෙන් කෙරේ.

    02. අයවැය හිඟය
    2026 වසරේ අයවැය හිඟය 5.2%ක් දක්වා අඩු කර ගත හැකි වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක අයවැය යෝජනා ඉදිරිපත් කරමින් පැවසීය.
    එහිදී ඔහු ප්‍රකාශ කළේ, 2030 වසර වන විට රාජ්‍ය ණය 87%කින් අඩු කර ගැනීමට අපේක්ෂා කරන බව ය.

    03. මහපොළ ශිෂ්‍යාධාරය රු. 2500කින් වැඩි කෙරේ
    මහපොළ ශිෂ්‍යධාර යටතේ ලබා දෙන මාසික දීමනාව රුපියල් 2500කින් වැඩි කිරීමට යෝජනා කෙරිණි.
    ඒ අනුව ලබන වසරේ ජනවාරි මස සිට මහපොළ මාසික දීමනාව රුපියල් 10,000ක් බවට ඉහළ දැමීමට යෝජිත ය.

    04. අඩු ආදායම්ලාභී පවුල්වල උසස් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් මාසික දීමනාවක්
    අඩු ආදායම්ලාභී පවුල්වල උසස් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් මාසිකව රු. 5000ක් ලබා දීමට යෝජනා කෙරිණි.

    05. වතු කම්කරුවන්ගේ වැටුප
    වතු කම්කරුවන්ගේ වැටුප රු. 1550 දක්වා ඉහළ දැමීමට යෝජනා කරන බව කී ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ, පැමිණීමේ දිරි දීමනාවක් ලෙස තවත් රු. 200ක් රජයෙන් ගෙවන බව ය.

    ඔහු ප්‍රකාශ කළේ, ඒ අනුව, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු. 1750ක් දක්වා ඉහළ යන බව ය.

    06. මාධ්‍යවේදීන්ට සහන
    මාධ්‍යවේදීන්ට උසස් අධ්‍යාපනය ලැබීම සඳහා ශිෂ්‍යත්ව ලබා දෙන බවත්, මහල් නිවාස පහසුකම් සලසන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

    07. රාජ්‍ය සේවයට ආබාධ සහිත ප්‍රජාව
    රජයේ සේවය සඳහා බඳවා ගැනීම්වලදී 3%ක ප්‍රතිශතයක් ආබාධ සහිත ප්‍රජාවෙන් බඳවා ගැනීමට යෝජනා කෙරිණි.

    08. රාජ්‍ය සේවකයින්ට ප්‍රතිලාභ
    රාජ්‍ය අංශය සඳහා 2025 සිදුකරන ලද වැටුප් සංශෝධනවලට අනුව දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට රුපියල් බිලියන 110ක ප්‍රතිපාදන වෙන් කෙරේ.
    ඒ අනුව, 2026 ජනවාරි මාසයේ සිට සියලු ම රාජ්‍ය අංශයේ සේවකයින්ට මෙම වැටුප් ගෙවීමට කටයුතු කෙරේ.

    මේ අතර, රජයේ සේවකයින්ට ලබා දුන් දේපළ ණය යෝජනා ක්‍රමය, නව ව්‍යූහයක් යටතේ රුපියල් ලක්ෂ 50ක් දක්වා ණය ලබා ගැනීමට හැකි වන පරිදි සක්‍රීය කෙරේ.

    එහිදී පළමු ලක්ෂ 30 දක්වා 4%ක පොළී සහනයක් සහ රුපියල් ලක්ෂ 30 සිට 50 දක්වා 2%ක පොළී සහනයක් ලබා දීම සඳහා රුපියල් මිලියන 500ක් ලබා දීමට යෝජනා කෙරේ.

    09. ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම්
    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම්වලට 15%ක් පමණ අමතර පොළියක් ලබා දී තිබුණ ද 2022 සහ 2023 වසරවල ඒ වෙනුවෙන් බැංකුවලට ගෙවිය යුතුව තිබූ නමුත් මේ දක්වා නොගෙවූ හිඟ මුදල් පියවා දමනු ඇත.

    ඒ සඳහා රජය දැරිය යුතු පොළියෙන් (රජයේ දායකත්වයෙන්), නොගෙවා තිබූ රුපියල් මිලියන 10,000ක් 2025 වසරේ දැනටමත් ගෙවා ඇති අතර, ඉතිරි රුපියල් මිලියන 45,700ක හිඟ මුදල ද මෙම වසරේ දී ම සම්පූර්ණයෙන් ගෙවා දැමීමට කටයුතු කෙරේ.

    ReplyDelete
  7. 10. වාහන අලෙවියේදී සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අය කර ගැනේ
    වාහන අලෙවියේදී අය කරන සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද නිසි පරිදි අය කර ගැනීමක් සිදු නොවන බවක් නිරීක්ෂණය වන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

    එහෙයින්, ආනයනික අවස්ථාවේදී හෝ නිෂ්පාදනය කර විකිණීමේදී සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අය කර, පසු අලෙවිකරණ අවස්ථාවලදී මෙම බද්ද නිදහස් කිරීමට යෝජනා කෙරිණි.

    මෙය 2026 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

    11. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට සහන
    විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා සහන පොළියට නිවාස ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට යෝජිත ය.

    එමෙන් ම, විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වා දීමට ද යෝජනා කෙරිණි.

    12. අධිවේගී මාර්ග සංවර්ධනය
    සමස්ත මාර්ග සංවර්ධනයට 2026 වසර සඳහා රුපියල් මිලියන 342,000ක් වෙන් කර ඇති බවත්, එහිදී පහත දැක්වෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යෝජිත ය.

    මධ්‍යම අධිවේගී මාර්ගය – පළමු අදියර

    මේ වන විට අතරමග නවතා තිබු අධිවේගී මාර්ග අතරින් විශේෂයෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස ඉදි කිරීම සඳහා මූල්‍ය පහසුකම් සපයා ගැනීම පිළිබඳව ද තීරණයකට එළඹී ඇති අතර කඩවත-මීරිගම අධිවේගී මාර්ග කොටසේ සංවර්ධන කටයුතු සඳහා 2026 වසර සඳහා රුපියල් මිලියන 66,150 ක් වෙන් කර තිබේ.

    මධ්‍යම අධිවේගී මාර්ගය – තුන් වන අදියර

    මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා වන තෙවන අදියරෙහි පොතුහැර සිට රඹුක්කන දක්වා කොටසේ ඉදිකිරීම් 2027 වර්ෂයේ මුල් කාර්තුවේ අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 10,500 ක් වෙන් කර ඇත. තවද, එම අදියරෙහි රඹුක්කන ගලගෙදර කොටසෙහි ඉදිකිරීම් කටයුතු රාජ්‍ය මූල්‍ය අවකාශය කෙරෙහි ද අවධානය යොමු කරමින් දේශීය අරමුදල් යටතේ ආරම්භ කිරීමට යෝජනා කෙරේ. ඒ සඳහා, මාර්ග සංවර්ධන අධිකාරිය ලබාගෙන ඇති ණය මුදලින් ඉදිරි වර්ෂයන්හිදී ගෙවිය යුතු ණය මුදලෙහි කොටසක් මෙම වසර තුළදී ගෙවා අවසන් කිරීම නිසා ඉදිරි වර්ෂයේදී ඉතිරි වන ප්‍රතිපාදන සහ තවත් අතිරේක ප්‍රතිපාදනයක් ද ඇතුළුව රුපියල් මිලියන 20,000ක ප්‍රතිපාදනයක් සලසා දීමට යෝජනා කෙරිණි.

    කටුගස්තොට – ගලගෙදර මාර්ග කොටස

    එමෙන් ම, කටුගස්තොට සිට ගලගෙදර දක්වා වන මාර්ග කොටස ද පුළුල් කිරීමට අවශ්‍ය අධ්‍යයන කටයුතු ද ලබන වසරේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. එසේ ම මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකිරීමට සමගාමීව මහනුවර නගරය වෙත ප්‍රවේශ වන මාර්ග කිහිපයක් පුළුල් කිරීම සහ වැඩි දියුණු කිරීමට මෙවර අයවැයෙන් ප්‍රතිපාදන සලසා ඇති අතර එමඟින් මහනුවර නගරයේ රථවාහන තදබදය යම් පමණකට අඩු කිරීමට අපේක්ෂා කෙරේ.

    කුරුණෑගල – දඹුල්ල යෝජිත අධිවේගී මාර්ගය

    කුරුණෑගල – දඹුල්ල යෝජිත අධිවේගී මාර්ගය සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු අවසන් කිරීම සඳහා රුපියල් මිලියන 1,000ක් වෙන් කෙරේ.

    රුවන්පුර අධිවේගී මාර්ගය කහතුඩුව සිට ඉංගිරිය දක්වා පළමු කොටස

    රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුව සිට ඉංගිරිය දක්වා කිලෝ මීටර් 25ක අධිවේගී මාර්ග කොටසේ ඉදිකිරීම් සඳහා ඉඩම් අත්පත් කර ගැනීමට රුපියල් මිලියන 1,500ක් වෙන් කෙරේ.

    13. රාජ්‍ය සේවයට සේවකයින් 75,000ක් බඳවා ගැනේ
    රාජ්‍ය සේවයට 75,000කට ආසන්න පිරිසක් බඳවා ගැනීමට අනුමැතිය ලබා දී තිබේ.

    අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාව පවත්වාගැනීම සඳහා සිටිය යුතු තාක්ෂණික නිලධාරීන්, නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන්, ආදායම් නිලධාරීන් වැනි තනතුරු මීට ඇතුළත් වේ.

    ReplyDelete
  8. ඔබගේ මිත්‍රයා ක්‍රිෂාන් බාලේන්ද්‍ර -�https://www.ft.lk/front-page/Budget-2026-extends-unprecedented-economic-discipline-Ceylon-Chamber-Chief/44-784061#

    ReplyDelete
  9. පදිංචියට ධනවාදී රටවල්වලට ගිය අය එහෙ ඉඳන් මෙහෙ සමාජවාදෙ හදන්ට ට්‍රයි කරන්නෙ ඇයි ?

    පදිංචියට ධනවාදී රටවල්වලට ගිය මිනිස්සුන්ට එහෙදි මෙහෙ වගේ ආන්ඩුවෙන් දෙන සුබසාධනෙන් උලාකකා ඉන්න බෑ, එහෙදි ජීවත්වෙන්න නම් වැඩකරන්න ඕන.. ඒ වගේම එහෙදි අපෙ අය දෙවන ගනයේ පුරවැසියො පිරිසක්. මේ අයට එහෙ මුල් පුරවැසින් අතින් කෙයාර් නොකිරීම් වගේ දේවලුත් සිද්ද වෙනව. එතනදි පිටස්තර බවක්, යම් හීනමානයක් මේ අයට දැනෙන්ට ගන්නවා.

    එතකොට මෙහෙන් එහෙට ගිය අපේ කට්ටියගේ ඔළුවේ වැඩකරන්ට ගන්නවා මෙහෙම මනෝ විකාරයක්.. “ලංකාව කේතුමතියක් වෙලා තිබ්බ නම් අපිට වැඩට මෙහෙට එන්න වෙන්නෙ නෑ. බටහිර එවුන්ට, අරාබිකාරයන්ට, ජපනුන්ට, කොරියොන්ට තමා වැඩ හොයාගෙන ලංකාවට එන්න වෙන්නෙ.. එහෙම උනා නම් අපි මහේශාක්‍ය සහ උන් අපේ ගාව දෙවන පුරවැසියො වෙලා වැඩ..”

    මේකට ඊළඟට හොයාගන්නවා ලංකාව කේතුමතියක් කරන්ට දුන්නෙ නැති හතුරෙක්..

    ඒකට අහුවෙන්නෙ ප්‍රබාකරන්, හිටපු පාලකයෝ, වගේ අරුං මුන් තමා…

    එහෙ ස්වදේශිකයො මුන්ව පීච්චං කරන්ට කරන්ට ලංකාව ස්වර්ගයක් කරන්ට දුන්නෙ නැති ප්‍ර්‍රබන්ධ දුෂ්ඨයාට එරෙහි බොක්කෙ වෛරය පැහැවන්ට ගන්නවා.. “වයින් බෝතලයක්ම බිව්ව” කියන හාදයගෙ ගෝත්‍ර වාක්‍යවල මූලය එන්නෙත් එතනින්.

    ඇත්තටම ගත්තම කේතුමතී මඟුල පැත්තකින් තිබ්බත් ලංකාව තරමක හෝ දියුණු රටක් බවට පත්කරන්ට බැරි උනේ විදෙස් ආයෝජකයන්ට සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනයට රට ඇතුලට එන්ට නොදී පලිගහගහ අරගල කරපු, පොලොවෙ පස්කාපු ජාතික හා ජාතිවාදී වම්මු නිසා..

    ලංකාවේ පාලකයො කියන්නෙත් ලංකාවේ ජනතාවගෙම කොටසක්.. උන් දෙන්නෙත් මේ අන්දොස් ජනතාව ඉල්ලන දූපත්වාදී සුබසාධන දේශපාලනයම මිස වෙන එකක් නෙමේ..

    හොරකම කියන එකත් සන්දර්භගත ජනතා ගතිකයක්.. මේකෙ මොකා ආන්ඩු බලය ගත්තත් ටික කාලයක් යනකොට උන් හිටපු උන්ට වඩා පට්ට හොරු වෙනවා..

    ReplyDelete