අද අය වැය කථාවෙදී මුදල් ඇමති සහ ජනාධිපති තුමා කියා සිටියා බංකොලොත් රටක් ගොඩ ගැනීමට අඩුම වශයෙන් වසර 10 ක් ගත වෙන බවත් එහෙත් ඔහුට එය මාස දොලහකින් කල හැකි වූ බවත්. මේ අදහස ගැන ෆේස්බුක් එකේ කිහිපදෙනෙක් අදහස් දක්වා තිබුනා. ඒවායින් කීප දෙනෙක්ම කියා තිබුනේ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා ඉතිහාසයේ රටේ දියුණුවට විශාල වැඩ කොටසක් කර ඇති බවත්, එයින් රට බංකොලොත් බාවයෙන් මුදා ගැනීම ගැන පමණක් සඳහන් කිරීම ඔහුගේ නිහතමානිත්වය පිලිඹිබු කරන බවත්ය. ඔවුන් එම පෝස්ට් වල දක්වා ඇති පරිදි ගරු අනුර කුමාර ජනාධිපති තුමා රටට කර ඇති කාර්යභාර්ය අඩංගු ලැයිස්තුව මෙහෙමලු.
1) ලංකාවට නිදහස ලබා දුන්නේ මෙතුමා.
2) විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නෙත් මෙතුමා
3) නිදහස් අධ්‍යාපනය ලබා දුන්නේත් මෙතුමා
4) නිදහස් සෞඛ්‍ය සේවා ලබා දුන්නේත් මෙතුමා
5) වෘත්තීය කාර්මික විද්‍යාල හඳුන්වා දුන්නේ මෙතුමා.
6) අපේ රටේ විශ්වවිද්‍යාල ප්‍රමාණය වැඩිකර දුන්නේ මෙතුමා.
7) පිරිවෙන අධ්‍යාපනය ක්‍රමය හඳුන්වා දුන්නේ මෙතුමා.
9) මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ නිර්මාණය කරේ මෙතුමා.
10) කොළඹ සහ මත්තල වරාය නිර්මාණය කිරීම මේතුමා.
11). සර් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය නිර්මාණය කළේ මෙතුමා.
12) මහපොළ ශිෂ්‍යත්ව වැඩසටහන නිර්මාණය කෙරෙ මෙතුමා.
13) STF ( පොලිස් විශේෂ බලකාය) නිර්මාණය කළේත් මෙතුමා.
14) විවෘත විශ්වවිද්‍යාලය නිර්මාණය කළේත් මෙතුමා.
15) මහවැලි ව්‍යාපාරය නිර්මාණය කිරීම මෙතුමා .
16) ගල්ඔය ව්‍යාපාරය නිර්මාණය කළෙත් මෙතුමා.
17) වික්ටෝරියා / මහවැලි/ රන්දෙණිගල/ රන්ටැඹේ/ උඩවලව/වෙහෙරගල/ මොරගහකන්ද/ සේනානායක සමුද්‍රය/ වැනි මහා ජලාශ ව්‍යාපෘති නිර්මාණය කරේ මෙතුමා.
18) 30 අවුරුදු කිරුළු යුද්ධය නිමා කෙරෙත් මෙතුමා.
19) අධිවේග නිර්මාණ මෙතුමාගේමයි.
20) ත්‍රිපිටකය ලෝක උරුමයක් කෙරේ මෙතුමා.
21) සිංහරාජ වනාන්තරය ජාතික උරුමයක් කෙරේ මෙතුමා.
22). 1818 ජාතික නිදහස් සටනේ අපගේ මුතුන් මිත්තන් ජාතික වීරයන් වශයෙන් ගැසට් පත්‍රයකින් නම් කෙරේ මෙතුමා.
23) කොළඹ පෝට් සිටි එක නිර්මාණය කළේ මෙතුමා.
24). ලෝකයේ ප්‍රබල හොටෙල් ආයෝජක ආයතනයක් වන ශ්රැන්විලා සමාගම ලංකාවට හඳුන්වා දුන්නේ මෙතුමා.
25). සුව සැරිය ව්‍යාපෘතිය හඳුන්වා දුන්නෙත් මෙතුමා.
26). ජර්මානු කාර්මික පාසල නිර්මාණය කලේ මෙතුමා.
27). බණ්ඩාරනායක සම්මන්ත්‍ර ශාලාව නිර්මාණය කළේත් මෙතුමා.
28) විදේශ ආයෝජකයන්ට මහා පරිමාණ කෘෂි ව්‍යාපෘති සහා ඇගලුම් කාර්මාන්ත ආරම්භ කිරීමට අවස්ථාව ලබා දී රැකී රක්ෂා දහස් ගණනක් නිර්මාණය කර තිබෙන්නේ මෙතුමා .
29). දේශීය ගොවියන් සඳහා ආර්ථික මධ්‍යස්ථාන නිර්මාණය කෙරෙ මෙතුමා.
30) නොරොච්චෝලේ සුළං බලාගාරය නිර්මාණය කළෙත් මෙතුමා.
31) ගම්උදාව /ගම්පෙරළිය වැනි කෙටි කාලීන වේගවත් සංවර්ධන නිර්මාණය කළේ මෙතුමා.
32) පාසල් සහ විශ්වවිද්‍යාලවල අනද්ය කාර්ය මණ්ඩලය නිර්මාණය කළෙත් මෙතුමා.
33) විද්‍යා පීඨ නිර්මාණය කළෙත් මෙතුමා.
34).යොවුන් සේනාංක සහ තරුණ සේවා ආයතනය නිර්මාණය කළෙත් මෙතුමා.
35) ශ්‍රී ලංකාව තුළ ආයෝජන කලාප නිර්මාණය කළේත් මෙතුමා.
36). පක්ෂ අරමුදලින් පාසල් වලට බස් ලබා දුන්නෙත් මෙතුමා.
37) මහින්ද වොදය තාක්ෂණික විද්‍යාගාර පාසල් තුල නිර්මාණය කරෙත් මෙතුමා.
38) ශ්‍රී ලංකාවට සෝලා ව්‍යාපෘතිය හඳුන්වා දුන්නෙත් මෙතුමා.
39) ශ්‍රී ලංකාව තුළ හරිත කෘෂි ව්‍යාපෘති හඳුන්වා දුන්නෙත් මෙතුමා.
40) පාසල් දරුවන්ට නිල ඇඳුම් නොමිලේ ලබාදීමේ නිර්මාණයත් මෙතුමාගේමයි.
මට තියෙන එකම ප්‍රශ්ණය මේ පෝස්ට් එක දාපු අය එතුමාගෙන් වෙච්ච තවත් ඉතා වැදගත් කාර්යභාර කීපයක්ම හිතාමතාම මඟ ඇරල තියෙන එක.
මම දන්න පරිදි 1971 රජයට විරුද්ධව ක්‍රියාත්මක වෙච්ච්ච ත්‍රස්තවාදී කැරැල්ල මැඩ පවත්වා තවත් ජීවිත හානි වැලැක්වීමට අනුර කුමාර ජනාධිපතිවරය ක්‍රියා කලා. ඒවගේම 1988/89 කැරැල්ලෙන් රජයේ දේපල රැක ගැනීමට ඒ වගේම රජයට අනුබද්ධ සේවකයින් සහ හමුදා නිලධාරීන්ගේ ජීවිත රැක ගැනීමටත් ඒතුමා විශාල කාර්යභාරයක් ඉටුකලා.
ඒවගේම 1818 කැරැල්ලට ඔහු විසින් දුන් දායකත්වයත් අතිමහත්. බොහෝ දෙනෙක් නොදන්නා දෙයක් තමයි කැප්පෙටිපොල දිසාවෙ, වාරියපොල ශ්‍රී සුමංගල හිමියන් වැනි ඉදිරියෙන් සිටි අය පිටුපස්සේ ඉඳන් ක්‍රියාත්මක වුන අදිසි හස්තය අනුර කුමාර ජනාධිපති තුමා කියන එක.
ඇත්තටම මේ ගැන තිබ්බ සමහර ෆේස්බුක් කමෙන්ට්ස් දැක්කම ඇතිවන්නේ දුකක්. කෙනෙක් කියල තිබ්බ ගරු ජනාධිපතිතුමා අවුරුදෙන් ගොඩගත්ත රට නම් කර දොර දෙකේ ටෙලිවිශන් එකක් දිනාගන්න කියලා. ඒකට රැවටිච්ච මම දොර දෙකේ ටෙලිවිශන් එහෙ තියෙනවද කියල පිටරටක ඉන්න අජිත් ධර්මකීර්ති මහත්තයගෙන් අහල නෝන්ඩි වුනා.

කියෙව්වා. 😮🤣😋
ReplyDeleteඕකට කියන්නෙ තක්කඩියා කියලා නෙමේද පුතා...හෙටානිද්දා අලුතෙන් ලියවෙන ඉතිහාස පොක්වල ඕවා ඔහොම ලියවුනොත් පුදුම වෙන්නත් එපා.. මෙයාට ඒ තරමටම නිශ්ශන්කමල්ලේෂියාව.
ReplyDeleteකයියනායක කියන්නේ නිකන්ද මිනිහට
ReplyDeleteඅයවැය මෙහෙමයි:
ReplyDeleteරජය හිඟන්නගෙ පාත්තරේ දක්වා හැම යටිබඩකින්ම පුළුවන් තරම් බදු සූරා කනවා. කිසිවක් අඩු කර නැහැ. අඩු කරන්නෑ යකෝ, පුළුවන් දෙයක් කරපල්ලා කියල ජනතාවට මැසේජ් එකක් දෙන අයවැයක්. ඒ විතරක් නෙමෙයි, බලන් හිටපියව්, එදා විරුද්ධ වුණාට මෙදා ඉන්දියාවත් එක්ක සෙට් වෙලා ඩිජිටල්කරණය කරලා තොපේ ආදායම් ඔක්කොම අපේ රේඩාර් එකට දාගත්තට පස්සෙ බලපල්ලකො කියල තමයි සිග්නල් එක දුන්නෙ.
ඒ වගේම තමයි, බදු සල්ලි බදු ගෙවන එවුන් වෙනුවෙන් වියදං කරන්නෙත් නැහැ. තොපි ණය අරන් මෙච්චර කල් ආතල් ගත්තා මදිද, දැන් ඉතින් නොකා නොබී හරි ණය ගෙවපියව් කියන සිග්නල් එක තමයි දෙන්නෙ. තොපි අපව බලයට පත් කරගත්තනෙ, අපි ණය ගෙවනවා, බලන් හිටපියව්. සමාජවාදී කතා අදාළ නැහැ. බලය තමයි වැදගත්. අපි යන්නේ කොයි පාරේ - යන්න තියෙන එක පාරේ - රනිල් ගියෙත් ඒ පාරේ - අපිත් යනව ඒ පාරේ.
අපි පාලකයන් වශයෙන් අමාත්‍යාංශ වාහනවල යනවා. නැති එවුන්ට ඩබල් කැබ් දෙනවා. අනෙක් එවුන් පර්මිට් නම් ඉල්ලන්න එපා. පර්මිට් කතා ඉවරයි. බොක්කෙන්ම ජයවේවා කියල තමයි මට ඒ ගැන නම් කියන්න තියෙන්නෙ. රජයෙන් කන්නන්ගේ පාරිභෝජනවාදයේ දිනක ජය නියත ලොතරැයිය තමයි පර්මිට් එක. ඒක නැති කිරීම කියන්නෙ සිස්ටම් චේන්ජ් තමයි. හැබැයි ඉතින් වාහනවල බදු මට්ටම ඉහළ නිසා සාධාරණව හම්බ කරලා නම් වාහන ගන්නවා බොරු. අහු නොවී කුඩු, අයිස් විකුණගන්න තමයි වෙන්නෙ. අහු වුණොත් සොරි තමයි. බදාගන්න එන්නෙ නැතිලුනෙ.
පොදු ප්‍රවාහනයත් ඔහොමම තමයි. ඔය යන විදියට බස්වල, කෝච්චිවල පලයල්ලා. ශ්‍රීලන්කන් එක අපි ගොඩගන්න බලනවා. බැරි වුණොත් විකුණනවා. දැනට ගන්න කෙනෙකුත් නැහැ.
රස්සා, වැඩි පඩි ඉල්ලගෙන එන්න එපා. දැක්කනෙ දාපු නෝන්ඩිය ඒ කාලෙ තමන් කියපු කරපු දේවල් හා දැන් වෙනස ගැන. අම්බිකාලට සොරි තමයි මේ සැරෙත්. මතකද පසුගිය අයවැය කතාවෙදිත්. කිව්වා, වතු කම්කරුවන්ගේ යෝජිත රු. 1,700ක වැටුප ලබා දීමට රජය මැදිහත් වන බව.
ඔන්න මහපොළ වැඩි කරලා දුන්නා. අන්තරේ එන්න එපා නටන්න.
පළාත් සභා ඡන්ද නෑ. ඕනැ නම් විපක්ෂෙ එවුන් නීති හදා දීපල්ලා. පළාත් සභාවලට කටුව ගහන්න ජවිපෙ සිරිසේනට ඔපීනියන් දීපු කතා දැන් අදාළ නැහැ.
අයවැය කතාවේ හරය ඔන්න ඔහොමයි. අනෙක් සුරංගනා කතා හැබෑ වුණොත් හොඳයි. පහුගිය පෙබරවාරියේ කියපු සුරංගනා කතා කීයක් හැබෑ වෙලාද කියලා, 1 කමෙන්ටුවේ තියෙන ලැයිස්තුව පරීක්ෂා කරලා බලලා, මේ සුරංගනා කතා ගැන තීරණයකට එන්න.