![]() |
| POS terminal Use |
බස් ගාස්තු ගෙවීමට කාඩ් හඳුන්වා දීම තාක්ෂණිකව බොහෝ පිටුපසින් සිටින රටේ ගමනා ගමන ක්ශේස්ත්‍රයේ විශාල ඉදිරි පිම්මක් බව මගේ අදහසයි. මේ සමඟම තවත් පහසු තවත් පියවර කිහිපයක් ගැන සටහනක් තමයි මේ.
මේ ක්‍රමය ඉතාම ලේසියෙන් දුම්රිය සේවයට සහ රථ ත්‍රිරෝද සේවාවලට ව්‍යාප්ත කල හැකියි.
ඒවගේම කාඩ් පත් භාවිතයෙන් ලැබෙන දත්ත යොදා ගැනීමෙන් ගමනාගමන සේවා සඳහා වන ඉල්ලුම ගැන පහසුවෙන් අධ්‍යනය කිරීමෙන් සේවා දියුණු කිරීමට යොදාගත හැකියි. එමෙන්ම බස් හිමියන්ගේ අදායම තක්සේරු කිරීමට සහ බදු සඳහා ඒ දත්ත යොදාගත හැකියි. එය තව දුරටත් දියුණු කිරීමෙන් පාරිභෝගික ද්වාර (customer portal) ක්‍රමයක් හඳුන්වා දී එමඟින් බස් වල ආසන වෙන්කරවා ගැනීමට, දුමිරිය ටිකට් පත් සහ ආසන කලින් වෙන් කරවාගැනීමට ගැනීමට යොදාගත හැකියි. දුම්රිය ස්ථාන වල පිටවෙන දොරටු වලදී මෙම කාඩ් ක්රමයම යොදාගෙන ටිකට් නොමැතිව ගමන් කරන්නන් අඩු කරගැනීමට ක්‍රියා කල හැකියි.
ඒ සමඟම කාඩ් භාවිතය සඳහා බස් වලට ලබාදෙන විකුණුම් පර්යන්තයට (POS terminal) ඇති චිප් එක යොදාගෙන බස් ධාවනය කරන වේගය ගැන විස්තර ලබාගෙන අපරීක්ශාකාරීව රිය පැදවීම් ගැන දත්ත මත එවැනි ධාවන අවස්ථා සියල්ලටම දඩ නියම කිරීම කල හැකියි. මෙමගින් අපරීක්ෂාකාරී ධාවනය පැය විසි හතරෙන් නැති කල හැකියි. නිතර එසේ ධාවනය කන වාහන වල බලපත්‍ර අහෝසි කිරීමට යොදා ගත හැකියි. අනතුරකදී රථය ධාවනය වූ වේගය වැනි තොරතුරු පොලිසියට ලබා ගත හැකියි. මෙම දත්තම යොදාගෙන බස් නැවතුම් සථාන වල ස්ථාපනය කරන ඩිස්ප්ලේ මඟින් මීලඟ බසය පැමිනීමට ඇති වේලාව ප්‍රදර්ශණය කල හැකියි. බසය කොයි වේලාවේ පැමිනේවිදැයි ආතතියයකින් පසුවන මඟීන්ට මෙය විශාල මානසික සහනයකි. බොහෝ රටවල් මෙම ක්‍රමය දශක ගණනාවක සිට ක්‍රියාත්මක වේ.
මෙම ක්‍රමය ගැන තවදුරටත් ව්‍යාප්ත කිරීමට හැකියාව ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි.
එමෙන්ම මේ ගැන ප්‍රවාහන අමාත්‍යාංශය මෙන්ම ඩිජිටල් අමාත්‍යාංශයත් වැඩි උනන්දුවක් දැක්වුවහොත් තව වෙනත් කාර්යයන් සඳහා මේ ප්‍රවේශය යොදාගත හැකිවනු ඇත.

බොහොම හොඳ යෝජනාවක්. "ඩිජිටල්" අමාත්‍යාංශ වල එවුන් බුදිද මන්දා?
ReplyDeleteඩිජිටල් කටින් විතරයි කරපු ඩිජිටල් මගුලක් නෑ, 2013 දී විතර ප්ලෑන් කරපු UID එක තාම නෑ, 2018 කාලේ පටන් අරගෙන ප්ලෑන් හදපු govpay එක කොවිඩ් එක්ක කල් ගිහිල්ලා දැන් දැන් ටිකෙන් ටික කරගෙන යනවා ඒත් තාම මදී
Deleteබස්සා ඔබත් තාක්ෂණය පැත්ත්ට බර නිසා තේරෙනව ඇති පොඩ්ඩක් කල්පනා කලොත් මේ වගේ තව කොච්චර දේවල් තාක්ෂණයත් එක්ක මිනිස්සුන්ගේ පහසුවට කරන්න පුලුවන්ද කියල. ඒකෙන් වෙන හොර මගඩි අඩුවෙනවට බයටද දන්නේ නැහැ තාම70 දශකයේ තාක්ෂණයෙන් තමයි ගොඩක් දේවල් දුවන්නෙ.
Deleteඇත්තටම. ලොකු පිම්මක් ගන්න පුළුවන් තාක්ෂනය මේ විදිහට සේවාවල්වලට එක්කරගන්නව නම්. කාලය, ශ්‍රමය, දූෂනය වගේ දේවල් අඩුම කරගන්නත් පුළුවන්.
Deleteඒත්... මේ ආණ්ඩුවත් හිතු තරම්, කියාපු වේගයට මේ සම්බන්ධව වැඩ නොකෙරෙන බවක් තමයි පේන්න තියෙන්නෙ. digital වලට වෙනම අමාත්‍යාංශයක් තියෙනවදත් එක්ක 😑😑
Namee ඔබ හරි. මිලදී ගැනීම්, පාසැල් වලට දරුවන් ඇතුලත් කරගැනීම් ආදී දැනට දූශණයට ගොදුරු වී ඇති දේවල් බොහොමයක් ඩිජිටල් කරන මඟින් පාරදෘශ්‍ය කල හැකියි.
Deleteකෙරෙනව නං වැඩ
ReplyDeleteදෙමු දෙමු ඉඩකඩ!
මාකුඹුරට ගොස්
බැලුවොත් වැඩකිඩ
පෙනේවි කාටත්
තියෙනා දොස් ගොඩ!
Thank you Nidhi
Deleteමට නං බස් වල යන අයව පේන්න බැහැ. මොකද එයාලා ගාව ගදයි.
ReplyDeleteඇයි මේ මිනිස්සුන්ට බස් ටිකෙට්ස් වලට යන ගාන එකතු කරලා හරි කාර් එකක් ගන්න බැරි
ඇත්ත බං ධර්මෙ කප්පං වසන්ත පල්හොරාගේ කෝටි 27ත් ගානක් ද, ඕක මොකක්ද මම උදේ කෑමටත් කෝටි තිහක් විතර වියදං කරා කියල කියන මොංගල් ඩෝබි මැටි හරක් ඉන්න ලෝකයකට බස් ගාස්තු එකතු කරලා කාර් ගන්න බැරි වෙන එකක් නෑ ඉතිං 😅🤣😂
Deleteආණ්ඩුවට වැඩ කරන්න ඕන නෑනේ බොරු බයිලා සංදර්ශන විතරයි නේ කරන්න දන්නේ, ඩෝබි සෙට් එක දාල හෑලි ලියලා නෝන්ඩි වෙනවා විතරයි
ReplyDeleteThank you
Deleteඕක ඩිජිටල් කරනවට අර බස් ගැමුණුගේ සෙට් එක විරුද්ධයි නේද. මම දැක්කා පොර මාධ්‍ය සාකච්ඡාවක් තියලා ඒකට විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. ඔතන මගේ ජනතාවට ලොකු සහනයක් තියෙනවා ලොකුම හේතුව තමයි කට්ටියට මරු සල්ලි ප්‍රශ්නේ ආයේ එන්නේ නැති එක. කොන්දොස්තරලට වගේම සමහර බස් රියදුරන්ට රිදෙන්නත් හේතුව ඕකයි. මොකද හුඟක් බස් වල කොන්දොස්තර කමකරන්නේ ඒ බසේ අයිතිකරු. ඉතිං අර නොදී ළඟ තියාගන්න මාරු කාසි වලින් ලොකු ඉතුරුවක් එයාලට වෙනවා. ඕකේ මම පැහැදිලිව දන්නේ මගේ මම පැහැදිලිව දන්නේ මගේ හිතවත් මිත්‍රවරු කීපදෙනෙක්ම ඔය රස්සාවේ ඉන්න නිසයි.
ReplyDeleteඅර දුම්රිය දෙපාර්තමේන්තුවෙ යූනියන් එක RDMNS App එකට විරුද්ධ වෙන්නෙත් ඔය වගේ හේතුවකට කියල මට හිතෙනව.
ඉයන් අයිය මොකද කියන්නෙ..
Thank you Mahesh.මේ වගේ දේවල් අලුතින් හොයාගන්න ඕන නැහැ. බොහෝ රටවල මේවා තියෙනවා. යමක් කරන්න ඕනකම තියෙනවනම් ඕන සිස්ටම් ටික අරගෙන ඉතාම පොඩි කාලෙකින් කරන්න පුලුවන්. බස් ගැමුනු ට නම් ආදායම් බදු අහුවෙයි කියන බය වෙන්න ඕන.
Deleteබස් ගැමුණුත් ජේවීපී එක විපක්ෂයේ ඉන්නකොට වගේ හැම එකටම විරුද්ධ වෙනවා ඒ උනාට ඒකට පදනමක් නෑනේ විරුද්ධ වෙන්න, ආණ්ඩුවට ඇත්තටම උවමනාවක් තියෙනව නම් ලේසියෙන්ම කරන්න පුළුවන්, ඩුබායි වල එහෙම බස් වල කාඩ් පේමන්ට් මීට අවුරුදු විස්සකට ඉස්සර පවා තිබුනා 2009 Dubai metro දුම්රිය සේවාව තනිකරම ඩීජිටල් කාඩ් වලින් ක්‍රියාත්මක වුණේ ඒ නිසා ලංකාවට 2025 බැරි වෙන්න හේතුවක් නෑනේ නේද ඉයන්?
Delete@ Ian
ReplyDeleteලංකාවේ ඩිජිටල්කරණය පිළිබඳව වර්තමාන නිල දේශපාලන නායකත්වය දෙන්නට පත්කරලා ඉන්නේ ජාතික ජන බලවේග රජයේ ඩිජිටල් නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ඒ වුණාට එරංග වීරරත්නගෙ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසි වෙන තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා අසෝක රන්වලගෙ කතානායක තනතුර අහෝසි වූණා වගේ
ඊයෙ පාර්ලිමේන්තුවේදී ඩිජිටල් නියෝජ්‍ය අමාත්‍යවරයා සතු Omobio (Pvt) Ltd සහ Eimsky Business Solutions (Pvt) Ltd, යන ආයතන විසින් ආණ්ඩුවෙ කොන්ත්‍රාත් අරගෙන කියලා සමගි ජන බලවේගයෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන බරපතල චෝදනාවක් එල්ල කරනවා..
එහිදී නැගී සිටින නියෝජ්‍ය ඇමැතිවරයා තමන් දැන් එම සමාගම් දෙකේ CEO ( Chief Executive Officer) තනතුරෙන් ඉල්ලා අස් වෙලා ඉන්නෙ කියලා ප්‍රකාශ කරනවා.
ඒ වගේම තමන්ගෙ සමාගම් ආණ්ඩුව සමග එම ව් ව්‍යාපෘති වලට ගිවිසුම් ගත උනේ ඔහු නියෝජ්‍ය අමාත්‍යවරයා වීමට පෙර කියලාත් ඔහු ප්‍රකාශ කරනවා.
හරිනෙ දැන් එහෙනම් ප්‍රශ්ණයක් නෑනෙ කියලා රජයේ සමාජ මාධ්‍ය ප්‍රකාශක ජාලයේ අය හිතනවා ඇති..
මටත් එහෙම හිතුනා...
ඒත් ප්‍රශ්ණය පටන් ගන්නෙ දැන්...
ඔහුම ප්‍රකාශ කරන පරිදි ඔහු අදාළ සමාගම් වල ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉල්ලා අස් වෙන්නෙ ඇමතිධූරයෙ දිවුරුම් දුන් දිනයෙ..
ඒ වගේම ඔහු එහි ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉල්ලා අස් උනත් ඔහු තවමත් ඒ සමාගම්වල Share Holder කෙනෙක් කොටස් හිමිකරවෙක් කියලා ඔහුම ප්‍රකාශ කරනවා..
නීතියෙ තියෙන්නෙ තමන් සතු සමාගමක් ආණ්ඩුව සමග යම්කිසි ව්‍යාපෘතියක් හෝ ගනුදෙනුවක් වෙනුවෙන් ගිවිසුමක් අත්සන් කරලා තියෙනවානම් ඔහු මැතිවරණයට නාමයෝජනා දෙන දවස වන විට එම සමාගම්වල තනතුරු වලින් ඉල්ලා අස්විය යුතුයි කියලා.
ඒත් ඔහු තමන්ගෙ සමාගම් වල තනතුරු වලින් ඉල්ලා අස්වෙන්නෙ ඇමැති තනතුර ලැබෙන දවසෙ.
ඒ වගේම තවමත් ඔහු ඒ සමාගම්වල Share Holder කෙනෙක්..
ඒ අනුව ඔහුට මන්ත්‍රීධූරය දැරීමෙ නීත්‍යානුකූල අයිතියක් නෑ.
මේ සම්බන්ධයෙන් අතීතයේ පැහැදිලි නිදර්ශනයක් තියෙනවා.
මීට පෙර 1999 දී රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාටත් මෙවැනි චෝදනාවක් යටතේ නඩු පවරලා ඔහුට සිය මන්ත්‍රීධූරය අහිමි වෙනවා.
රාජිත සේනාරත්න මන්ත්රීධූරයෙ සිටිද්දී ඔහු රජයට දන්ත වෛද්‍ය උපකරණ සපයන ආයතනයක අයිතිය සහ කොටස්කරුවෙක් වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්රීධූරයෙ සිටිද්දී රජය සමග ව්‍යාපාර කටයුතු වල යෙදීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට 1999 සැප්තැම්බර් මාසයේදී ඩිලාන් පෙරේරා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනවා.
එහිදී පෙත්සම්කාර ඩිලාන් පෙරේරා වෙනුවෙන් විජේදාස රාජපක්ෂ සහ එස් විමලසේකර පෙනී සිටි අතර විත්තිකාර රාජිත සේනාරත්න වෙනුවෙන් කේ එන් චොක්සි සහ දයා පැල්පොල පෙනී සිටිනවා.
චොක්සි කියන්නෙ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමට දායක වුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලිබඳ විශාරදයෙක්.
1999 දෙසැම්බර් 10 වෙනිදා මෙම පෙත්සමට අදාල තීන්දුව ප්‍රකාශයට පත් කරනවා.
එහිදී ද්වී පුද්ගල විනිසුරු මඩුල්ල රාජිත සේනාරත්නගෙ මන්ත්‍රීධූරය අහෝසි කරමින් " ක්වෝ වොරන්ටෝ රිට් ආඥාවක්" නිකුත් කරනවා.
ඒත් සමගම පාර්ලිමේන්තුවෙ මහලේකම් වරයා වෙත "මන්දාමුස් ආඥාවක්" නිකුත් කරමින් රාජිත සේනාරත්නගෙ මන්ත්‍රීධූරය අහිමි කිරීම සම්බන්ධව නිසි පියවර ගන්නා ලෙස නියෝග කරනවා.
ඒ ක්‍රියාදාමයම අද නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්නටත් අදාළයි..
රන්වලගෙ කතානායක තනතුර ගැලෙව්වා වගේ විපක්ෂයට අවස්ථාවක් ලැබිලා තියෙනවා නියෝජ්‍ය අමාත්‍යවරයෙක්ව නීත්‍යානුකූලව තනතුරෙන් පහ කරන්න.
මේ රටේ පුරවැසියො විදියට අපිට තියෙන්නෙ විපක්ෂයෙ ක්‍රියාකාරිත්වය සහ නීතියෙ සාධාරණත්වය දෙස බලාගෙන සිටීම පමණයි.
අවශ්‍යයනම් ඊට කලින් නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්නට තමන්ගෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙලා නන්නත්තාර වෙලා වැලේ වැල් නැතුව ඉන්න අනුර කුමාර දිසානායකගෙ ආණ්ඩුවට පොඩි ක්‍රෙඩිට් එකක් අරගෙන දෙන්නත් පුළුවන්.. මේ ගැන ඔයාටත් විස්තර සහිතව පැහැදිලි කරන්න පුළුවන්ද?
මේ කරුණු සත්‍යනම් ඔහුට තනතුර අහිමි වෙනවා. ඒත් ඒක උසාවියක් හරහා එන නියෝගයක් විය යුතු නිසා ඒක වෙනකම් ඔහු තනතුරේ ඉඳී කියලයි මට හිතෙන්නෙ.
Deleteමේ බ්ලොග් පෝස්ට් එකේ ඉයන්ගේ අදහසත් එක්ක ලංකාවට ඩිජිටල් තාක්ෂණය සහ ඩිජිටල් ආර්ථිකය වර්ධනය කිරීම අත්‍යවශ්‍යම වී ඇති බව පිලිගත යුතුයි. මේ සඳහා පළමුවෙන්ම කළ යුත්තේ ජාතික මට්ටමේ ඩිජිටල් ප්‍රතිපත්ති සම්මත කර, එමගින් රජයේ සේවාවන් විනිවිදභාවයෙන් යුතුව ඩිජිටල්කරණය කිරීමයි. තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් (ඉක්මන් සහ විශ්වාසනීය අන්තර්ජාල ප්‍රවේශය) ග්‍රාමීය මට්ටම දක්වා පුළුල් කළ යුතුයි.
ReplyDeleteඒවගේම නව තාක්ෂණික ව්‍යාපාර දිරිමත් කිරීමට අවශ්‍ය නීතිමය සහ මූල්‍ය පරිසරයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍යයයි.
විශේෂයෙන්ම, අතිශය තරගකාරී ගෝලීය වෙළඳපොළට ගැළපෙන පරිදි තාක්ෂණික අධ්‍යාපනය නවීකරණය කළ යුතුයි.
කෙසේ වෙතත්, වත්මන් ජාතික ජන බලවේග (NPP) රජය බලයට පැමිණි දා සිට, ඔවුන් නිතරම ඩිජිටල් ආර්ථිකය ගැන පුරාජේරු කතා කළත්, සමාජ මාධ්‍ය ජාලවල බහුලව දක්නට ලැබෙන විවේචනය වන්නේ රටේ දැනට කිසිම ක්ෂේත්රයක කිසිම ප්‍රායෝගික සංවර්ධනයක් දැකගත නොහැකි බවයි. රජය ඩිජිටල්කරණය සහ විනිවිදභාවය ගැන විවිධ රසකතා කතා කළත්, තාක්ෂණය යොදා ගනිමින් පවතින ක්‍රමවේද ප්‍රතිසංස්කරණය කිරීමට ගෙන ඇති සැබෑ විප්ලවීය පියවරක් මේ වන තුරු දකින්නට නැත. මෙම හිස් පොරොන්දු සහ ප්‍රායෝගික ක්රියාකාරීත්වයේ අඩුව, අප නියෝජනය කරන රටේ තරුණ පරම්පරාව අතර දැඩි කලකිරීමක් ඇති කර තිබේ.
ඩිජිටල්රණයේ මූලික අරමුණක් වෙන්නේ දූෂණය සහ විනිවිදභාවය සම්බන්ධව යහපත් තත්ත්වයක් ඇතිකිරීමයි. නමුත් මේ දිනවල දැඩිලෙස කතාබහට ලක්වන හඳුන්නෙත්ති හඬපට සිද්ධිය ගැන බලද්දී පේන්නේ වෙනත් දෙයක්
ඩිජිටල් ආර්ථිකයක් ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණක් වන්නේ දූෂණය අවම කිරීමයි. එහෙත්, වත්මන් පාලනය විනිවිදභාවය ගැන කතා කරන අතරතුර, අපේක්ෂිත දූෂණ විරෝධී බවක් නොපෙන්වන බවත් යටින් දූෂණය රජකරන බවත් පෙනේ.
කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කරන හඳුන්නෙත්තිගේ යැයි කියන හඬපටය සහ ඊට අදාළව චතුරංග අබේසිංහ ඇමතිවරයා සිරස සටනේදී සිදුකළ තහවුරු කිරීම, මෙම රජයේ විනිවිදභාවය පිළිබඳව බරපතල ප්‍රශ්න මතු කරයි.
චතුරංග ඇමතිවරයා පැහැදිලි කළේ, ලයිසන් නොමැතිව හාල් ගෙන ආ ව්‍යාපාරිකයෙක් කර්මාන්ත ඇමති හඳුන්නෙත්ති සමඟ කතා කළ බවයි. හාල් ආනයනය වෙළෙඳ ඇමතිවරයාට (වසන්ත සමරසිංහ) අදාළ වුවත්, කර්මාන්ත ඇමතිවරයා සමඟ මේ පිළිබඳව කතා කළේ ඇයිද යන්න පළමු ප්රශ්නයයි. තවද, එම ව්‍යාපාරිකයා විසින්ම තමන්ගේ සල්ලි වියදම් කර ආනයනය කළ හාල් නොමිලේ බෙදීමට රජයට දී, ඒ හාල් සඳහාම තමන්ගේ අතින් රේගු බදු මිලියන 8.4ක් ගෙවීමට එකඟ වීම යන්න සිතා ගැනීමටවත් නොහැකි තරම් හාස්‍යජනක සිද්ධියකි.
ඇත්තටම සිදුවන්නේ මෙවැනි කතා මගින්, අමාත්‍යවරුන් ව්‍යාපාරිකයන් විසින් හොරෙන් ගෙන එන බඩු අත යටින් ගානක් අරගෙන රේගුවෙන් නිදහස් කර දෙන ක්‍රමවේදයන් යට ගැසීමට උත්සාහ කිරීමක් බවට සමාජයේ බහුතර ජනයාගේ මතයක් පවතී. හොරකම, දූෂණය සහ බදු වංචා නවත්වන බවට පොරොන්දු දී බලයට ආ ඇමතිවරුන්ම මෙවැනි ක්‍රියාවලට සම්බන්ධ වන්නේ නම්, මෙම ආණ්ඩුවේ ඉතිරි කෙරුවාව ගැන අමුතුවෙන් කිව යුතු නැත.
මෙවැනි සිදුවීම් හරහා මතු වන තවත් බරපතල ප්‍රශ්නයක් වන්නේ: එක බොරුවක් වසන්නට තවත් බොරු සියයක් කීවත්, එය කිසිදු විමසීමකින් තොරව පිළිගන්නා 'වහල් ප්‍රජාවක්' සිටින බවට අදාළ ඇමතිවරුන් විශ්වාස කිරීමයි. විනිවිදභාවය සහ දූෂණ විරෝධී බව ගැන කතා කරන රජයක්, මෙවැනි ප්රශ්නකාරී පැහැදිලි කිරීම් ඉදිරිපත් කරන්නේ නම්, එයින් ඔප්පු වන්නේ ඩිජිටල්කරණය මගින් විනිවිදභාවය ඇති කිරීමට ඔවුන්ට සැබෑ වුවමනාවක් නොමැති බවයි.
මෙවැනි අතිශය දූෂිත ගනුදෙනු සිදුවන විට, ඒවා යට ගැසීමට ඇති පහසුව, සැබෑ ඩිජිටල් විනිවිදභාවයකට වර්තමාන NPP රජයේ ඇති සැබෑ 'දැඩි අකමැත්ත' පෙන්නුම් කරයි. ඩිජිටල් සිහින සැබෑ කර ගැනීමට නම්, පළමුව දේශපාලන කැමැත්ත සහ ප්‍රායෝගික විනිවිදභාවය රට තුළ ස්ථාපිත කළ යුතුයි.
ඔබ හරි. මිලදී ගැනීම්, පාසැල් වලට දරුවන් ඇතුලත් කරගැනීම් ආදී දැනට දූශණයට ගොදුරු වී ඇති දේවල් බොහොමයක් ඩිජිටල් කරන මඟින් පාරදෘශ්‍ය කල හැකියි.
Deleteමේක හොද වැඩක් . ඉක්මනටම කරන්න ඕන දෙයක්.
ReplyDeleteThank you
Deleteඉයන් එංගලන්තයේ අලුත් නීතියක් ගෙනල්ලා තට්ටයෙක්ට තට්ටයා කියලා අපහාස කරන එක ලිංගික අතවර විදියට ගණන් ගන්න පුළුවන් බවට, දැනට එංගලන්තේ මම දන්න නොම්මර එකේ වොෂින්ටන් කෙනෙක් ඉන්නව grade 1 registered washing machine, පොරට තට්ට කොට ඩෝබියා කියලා පොරගේ සැබෑ වටිනාකම් (qualifications) ගැන විස්තර එක්ක කමෙන්ට් එකක් දැම්මොත් මොකක් වෙයිද කියල හොයල බලල කියන්න පුළුවන්ද?
ReplyDeleteඔබ ආරක්ෂිතද ඉයන්? ලංකාවේ අපේ අම්මලා තාත්තලා ඉන්නව පෞද්ගලිකව කතා කරල හොයල බලනව ඒත් ඒ අයටත් අපටත් හරියටම රටේ තත්ත්වය ගැන විස්තර සහිතව දැනගන්න ඕනේ,
ReplyDeleteඒත් කිසිම පැහැදිලි තොරතුරක් එන්නේ නැහැ. සුළි කුණාටුව වැඩි වෙනව ද? අඩු වෙනව ද? කොහාට යනව ද? ගංවතුර තත්ත්වය කොහොමද? ආපදා කොහෙද වෙලා තියෙන්නේ? කී දෙනෙක් මැරිල ද? කී දෙනෙක් අතුරුදහන් වෙලා ද? කී දෙනෙක් අවතැන් වෙලා ද? අවතැන් අය කොහෙද ඉන්නේ? නිවාසවල හිරවෙලා ඉන්නවද? කන්න තියෙනවද? කවුද සම්බන්ධීකරණය කරන්නේ? කිසිම තොරතුරක් නැහැ නේද? බස් ගාස්තු කාඩ් වලින් ගෙවීමට සහ ඩිජිටල් ක්‍රමයට ගෙවීම් කරන එක වගේම ඊටත් වැඩිය වටිනවා තාක්ෂණික දියුණුව යොදාගෙන ආපදා වලින් ජනතාව සුරක්ෂිත කිරීමට සහ ආපදා කළමනාකරණ කිරීමට නමුත් එහෙම මොනවත් කරන්නේ නෑ නේද?
මතකද ඡන්දෙට ඉස්සර අනුර දිසානායක රැස්වීම්වල පුන පුනා ප්‍රකාශ කළේ නවීන තාක්ෂණය යොදාගෙන ආපදා කළමනාකරණය කරනවා කියලා රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව දැඩිලෙස විවේචන එල්ල කලා ඒත් දැන් බලයට ආවාට රනිල් කරපු ඒවායින් සීයෙන් එකක් වත් කරලා තියෙනවා ද?
අද මාධ්‍ය වල හැමතැනම තිබෙන විදියට මේ වතාවේ 2016ට වඩා විශාල මට්ටමකට බරපතල අභාග්‍යසම්පන්න ගංවතුර තත්ත්වයක් එනවා කියල කියනවා.
ෆේස්බුක් එකේ එක එක මිනිස්සු දාන වීඩියෝ පේනවා. රට ගන්න දෙයක් නැහැ වගේ. චැනල්වල මහාචාර්යලා ගෙන්නලා ලොකු කථා කරනවා පේනවා. ඒවායේ පෙන්වන්නේත් ෆේස්බුක් එකේ යන වීඩියෝමයි. කිසිම සංවිධානයක් නැහැ. මාලිමාවේ උන් ටික නම් සැප පුටුවල වාඩි වෙලා කයිය ගහලා වොයිස් කට් දෙනවා පේනවා. බහුතර ජනතාව උන්ගේ අම්මා මතක් කරලා බනිනවා. එක නිශ්චිත නිල ප්‍රකාශකයෙක් නැහැ. හැමෝම උන්ට හිතෙන දේවල් මාධ්‍ය ඉස්සරහා කියවනවා. හඳුන්නෙත්ති හෙලිකොප්ටරෙන් ගිහිල්ලා කියනවා මල්වතු ඔය මඩකලපුවෙන් මුහුදට වැටෙනවලු. ගොන් හරකා. මේ වගේ හරක්ට වඩා පොල්පිතිවලින් කපන හරක් හොඳයි
මොරගහකන්ද උතුරලා ගිහිල්ලා පාලම කැඩිලා ගිය පින්තූරයක් වටේ යනවා. බණ්ඩාරනායක ගුවන් තොටුපොළ එකම පිස්සන් කොටුවක් වගේ කියලා මිත්‍රයෙක් කීවා. ඔක්කොම අවුල් වෙලා. එක්කෝ සිද්ධ වෙලා තිබෙන විනාශය අප හිතනවාට වඩා මහා දරුණුයි. එක්කෝ ආණ්ඩුව ඇත්ත හංගනවා. අරගලය දවස්වල විනාඩි පහෙන් පහට වෛරී ජෙපි නිව්ස් එවපු ඩොලර් එසැන දැන් සද්දයක් නැහැ නේද? ඉතින් ඔයාවත් කියන්න… ඔයා සහ ඔයාගේ ආදරණීයයන් සුරක්ෂිත ද? දෙවියන් වහන්සේ අපව ආරක්ෂා කර දෙන සේක්වා! ආමේන්!
Thank you Johan, ඔව් සුලිසුලඟ ගැන 12 දා දැනුවත් වෙච්ච දවසෙ ඉඳන් ජලාශ වල වතුර ටික ටික මුදා හැරලා භාගයක් වත් හිස්කරල තිබ්බනම් එමි වතුරෙන් ලොකු ප්‍රමාණයක් රඳවගන්න තිබ්බ. එහෙමනම් මේ වගේ විනාශයක් වෙන්නේ නැහැ. ඉක්මනටම ඒ ගැනත් බොරුවක් කියයි. ජීවිත සහ දේපල නැතිවෙච්ච අය ගැන දුකයි.
Delete@ඉයන්
ReplyDeleteමේ වීඩියෝ ක්ලිප් එක බලන්න මේකේ ලංකාවේ ආණ්ඩුව නවීන තාක්ෂණය භාවිත කරන ආකාරය ගැන විස්තර සහිතව ලස්සනට පැහැදිලි කරනවා
https://www.youtube.com/watch?v=jeuQ2ikRzDE#
මම හිතන්නේ බස් ගාස්තු වැඩි කිරීම ගැනත් මේකේ විස්තර ප්‍රයෝජනවත් වේවි
බැලුවා. ස්තූතියි. හොඳම කොටස පෝස්ට් එකකට 30,000 ක් සහ කමෙන්ට් එකට සත විස්සක් ගෙවන ආරංචිය. මට හිතුණා වැඩ බැරි කමින් මෙච්චර හානියක් වෙලත් හෝදන ඩෝබිල දකින කොට.
Deleteලංකට් ඉයන් මොකද තත්වේ
ReplyDelete++++++++++
ReplyDelete