Tuesday, March 24, 2020

නොදැනුවත් පාලකයන්ගේ තීරණ නිසා දුක්විඳිනා මහජනයා Lockdown Vs Curfew

Lockdown Vs Curfew


වේගයෙන් පැතිරෙන වසංගත රෝග වැලැක්වීමට හෝ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පාලනය වැනි හේතු නිසා ප්‍රාන්ත ආණ්ඩු හෝ මධ්‍යම ආණ්ඩු Lockdown ක්‍රමය භාවිතා කරයි. එහි බොහෝ විට 1- 4 දක්වා මට්ටම පවතී.

ලංකාවේ රජය හෝ එයට උපදෙස් දෙන වියතුන්ට මේ ක්‍රමය ගැන වැටහීමක් තියෙනවාදැයි සැකයක් උපදී. එමනිසා ඔවුන් ක්‍රියාත්මක කලේ ඔවුන්ට පුරුදු ඇඳිරි නීති ක්‍රමයයි. Lockdown ක්‍රමයේදී අද සිදුවුනා වැනි විශාල පිරිසක් ආහාර මිලදී ගැනීමට පොරකන්නේ හෝ පෝලිම් ඇතිවන්නේ නැත.  

Lockdown ක්‍රමයේදී සිදුවන්නේ එක්තරා ප්‍රදේශයකට ජනයා සීමා කිරීමයි. තමා ජීවත් වන ප්‍රදේශයෙන් ඉවත්වීමට හෝ එලියට ඒමට ඉඩ නොදේ. එහිදීත් සියළුම පාසැල් වසා දැමේ. වියලි ආහාර සැපයීම, ආහාර බෙදා හැරීම, ඖෂධ සැපයීම, සෞඛ්‍ය සේවා, විදුලිය ගෑස් ඉන්ධන වැනි බලශක්ති සේවා හැර අන් සියළුම ස්ථාන වසා දැමේ.  අත්‍යවශ්‍ය සේවාවන් නොවන සේවා ආයතන work from home ක්‍රමය භාවිතා කලයුතු අතර ගෙදර සිට කල නොහැකි ඒවා කරන ඉතා සුළු සේවක ප්‍රමාණයකට සේවයට පැමිණීමට හැකිවේ. තමන්ට පහසු අවස්ථාවක ආහාර, ඖෂධ, ඉන්ධන ආදිය මිලදී ගැනීමට යා හැකිවුවත් අන් අය සමඟ කිට්ටුවී පොකුරු වශයෙන් කථා කර කර සිටීම තහනම්වේ. ඇවිදීම වැනි දේවල් කල හැකි මුත් එක් එක්කෙනා වශයෙන් ඇවිදිය යුතුය. පිරිස් එකතුවෙන සුහද හමු, රැස්වීම්, දේවස්ථාන පූජා ආදිය පැවැත්වීම තහනම් වේ.    

ඇඳිරි නීතිය වෙනුවට Lockdown ක්‍රමය ලංකාවේ කිලෝ මීටර් කිහිපහක ප්‍රදේශ ලෙස ක්‍රියාත්මක කලා නම් ආහාර ලබා ගැනීම සහ එවන් අවස්ථාවලදී රෝග බෝවීම සිදුවීම අවම වේ. එයට හේතුව අද සිදුවුනාක් මෙන් විශාල පිරිසක් ඉතා කුඩා කාල අවකාශයක් තුල වෙලඳ සැල් කීපයකට රොක්වීමක් සිදු නොවන නිසාය. උදාරණයකට ප්‍රදාන නගර වල ආසන්න වශයෙන් කිලෝ මීටර 2 ක් දිග 2 ක් පළල සීමා ප්‍රදේශ පැනවූවානම් ඒ සීම තුල සුපර් මාකට්, එලවළු විකුණන ස්ථාන, ඉන්ධන හල්, බැංකු ආදිය තිබෙන නිසා රැකියා, විනෝද අවස්ථා සහ පාසැල් යාම හැර අන් සියළුම ක්‍රියාවන් කරගත හැක. ආහාර වර්ග, ඉන්ධන ආදිය ප්‍රවාහනය කරන අයට පමණක් එක එක ප්‍රදේශයකින් අනික් ප්‍රදේශයකට යා හැකිවේ. අන් කරුනු සඳහා එක් ප්‍රදේශයක් පසුකර අන් ප්‍රදේශයකට යාමට තම අවශ්‍යතාව දක්වා පොලිසියෙන් අවසර පත්‍ර ලබා ගත යුතුවේ. එක් ප්‍රදේශයකින් පිටවන සහ ඇතුළුවන සියළුම මාර්ග වල පොලිසියෙන් හෝ සිවිල් ආරක්ෂක බලකායෙන් මුර කපොලු පැවතිය යුතුවේ.  

කොරෝනා පාලනයට සුදුසුම ක්රමය ඇඳිරි නීතිය නොව lockdown ක්රමය යැයි මෙයින් ඔබට වැටහෙනු ඇත. මේ තීරණ ගන්නා මැති ඇමතීන්ට බොහෝ විට නොමිලේම ගෙදරටම ආහාර ආදිය සල්ලි කාරයන් එවනවා වෙන්නට ඇත. ඔවුන්ගේ අවශ්‍යතා සඳහා අන්තේවාසිකයන් හා දැසිදස්සන්ද ඇති තරම් ඇත. එමනිසා පොඩිමිනිසා මෙවන් අවස්ථාවල මුහුණපාන ප්‍රශ්ණ ඔවුන්ට නොතේරේ. ඔවුන්ට එවන් හැඟීමක් ඇත්නම් රටවල් මෙවන් අවස්ථාවල ආදිකාලයේ සිට මුහුණ දුන් කරම ගැන සොයාබලා උපරිම ප්‍රතිඵල ලබා ගත හැකි Lockdown ක්‍රමය පවත්වන්න ඉඩ තිබිණි. එසේ කලා නම් බැසිල් රාජපක්ෂ නායකත්වය දෙන කමිටුවකින් එලවලු හා ආහාර ගෙදරට බෙදා දෙනවා වැනි ප්‍රායෝගික නොවන කතා කීමට සිදු නොවන්නට ඉඩ තිබිණි. බැසිල්ගේ එලවලු බෙදීමත් අර දිනෙශ් ගුණවර්ධන එයා පෝට් එකේ කොරෝන යන්ත්‍ර සවි කලා වගේ එකක් වෙයි. කොහොමත් බිලියනයක් විතර කීප දෙනෙක් ගෙ සාක්කුවට යයි. එලවලු බෙදනවා ටී වී එකෙත් පෙන්නයි.  මූණු පොතේ Lockdown ඉල්ලා සිටින විට ඔවුන් අසා ඇති ඇඳිරි නීතියක් කරන්නේ ඒ නිසා විය හැක. 




මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

8 comments:

  1. ඉයන් ඔබ හරියටම හරි. අද මිනිසුන් පොදි කාපු හැටි දැකලා තමයි කියන්නේ හෙට සිට ජංගම සැපයුම් සේවා යොදන බව. සාමාන්‍ය ම්නිස්සු නම් එහෙම වෙන බව කලින්ම දන්නවා. මෙයාලට ඒකවත් හිතාගන්න බැහැ.

    අපේ ලොක්කන්ගේ හැටි පෙනුනානේ බොරලුගොඩ මහත්තයා එයාර්පෝට් එකේ කොරෝනා හොයන මැෂින් හයි කරලය කියලා මාස දෙකකට කලින් කිව්ව එකෙන්.....

    ReplyDelete
    Replies
    1. ඒ වගේ අයගෙන් වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද නිමල්. සමහර විට ඇත්ත මිලට වඩා දහ ගුණයක් ගෙවල මහන මැසිමක් වගේ එක හයි කරන්නත් ඇති. එහෙම කලා කියලා ප්‍රසිද්ධියත් ගනී. නමුත් එම ක්‍රමය බොරුවක් වුනත් ඒවාට ඔවුන් වගකීම බාරගත යුතු ක්‍රමයක් නැහැනෙ.

      Delete
  2. A sensible AND useful post about the current situation. Very rare nowadays.

    ReplyDelete
  3. ඔය Lockdown කිරීම ගැන අපගේ දේශපාලකයින්ට නම් කිසිම අවබෝධයක් නැතුවා ඇති. සමහර අය Flattening the curve කී විට තමන්ගේ තඩි බඩ ගෙඩිය දිහා බලනවා. මේ තීරණාත්මක අවස්තාව කළමනාකරණය කිරීම සඳහා භාරදී තිබෙන ප්‍රශස්ත පුහුණුවක් ලබා තිබෙන නායකයින් මේ ගැන දන්නවා ඇතිනේ.

    ReplyDelete
  4. මේකට මම යමක් ලියන්න හිටියත් නිකන් හිටියා. ඇඳිරි නීතිය පැනෙව්වා කලින් වැඩි බව පිටරට ඉන්න පි හැමෝටම පේනවා. කීවොත් ෆේස්බුක් එකේ ඉඳන් බැනුම් අහන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ ලොක්ඩවුන් පැණෙව්වා පරක්කු වැඩියි. නාම යෝජනා වලට පෙර එක අන්තයක ඉඳලා නාම යෝජනා වලින් පසුව අනික් අන්තයට ගියා

      Delete