Sunday, March 29, 2020

කැකිල්ලේ රජුගේ පුරෝහිතයන් සහ වියත්මග උපදේශකයන් අතර සම්බන්ධයක් තිබේද?



ප්‍රශ්ණ විසඳීමට හාස්‍යජනක විසඳුම් සහ තීන්දු තීරණ දුන් කැකිල්ලේ රජු ගැන පුරාවෘත්ත අපි අසා ඇත්තෙමු. එම ගණයටම වැටෙන  කැකිල්ලේ රජ්ජුරුවන් සහ උපදෙස් දෙන්නන් අදත් ඇති බවට කොරෝනා වසංගතය පාලනය කිරීමට සැපයෙන 'වියත්මග' විසඳුම් ගැන සිතා බැලීමෙන් පැහැදිලිවේ. ප්‍රශ්ණයකට විසඳුම් දිය යුත්තේ එම විසඳුමෙන් ඊට වඩා බැරැරුම් ප්‍රශ්ණයක් ඇතිකරවන ලෙස නොවන බව ඔබට මට තේරුණාට ඔවුන්ට එය එසේ නොවේ.

පහුගිය දින වල අසන්නට ලැබුණු වියත් තීරණ දෙකක් ගැන සලකා බලමු.

ප්‍රශ්ණය 1 - බෙහෙත් ගැනීමට ලබාගත් බෙහෙත් තුන්ඩු භාවිතා කරමින් තරුණයන් ඇඳිරි නීතිය කඩයි. 

විසඳුම - අන්තර්ජාලය හරහා පෝරමයක් පුරවා මුදණය කිරීමෙන් හෝ මාර්ග බාධක වලදී බෙහෙත් ගැනීමට යන අයගේ සියළුම විස්තර පෝරමයකට ලබාගෙන ඉන් කොටසකගේ හෝ දී ඇති දත්ත පරීක්ෂා කොට බොරු විස්තර දී ඇති අයට රුපියල් ලක්ෂයක දඩයක් සහ අවුරුද්දක සිර දඬුවමක් නියම කරන බවට ප්‍රචාරය කිරීම සහ එය ක්‍රියාත්මක කිරීම.

එම විසඳුමේ වාසිය - ඇත්තටම අසනීප අයට බෙහෙත් ලබා ගැනීමට හැකිවීම සහ කොරෝනා වලින් බේරී වෙන අසාධ්‍ය ලෙඩ වලින් ලෙඩුන් අපහසුතාවය පත්වීම හෝ මිය යෑම නොවීම.

වියත්මග විසඳුම - ඔසු සැල් හැර සියළුම ෆාමසි වසා දමා බෙහෙත් තුන්ඩුව ෆැක්ස් ඊමේල් මඟින් එවූ විට බෙහෙත් ගෙදරට එවීම. 


ප්‍රශ්ණය 2 - කොරෝනා ආසාධනය අඩු කර ගැනීමට මිනිසුන් හැකිතරම් නිවෙස් වලම නවත්වා ගැනීමේදී ඔවුන්ට අවශ්‍ය ආහාර ලබා දීම.

විසඳුම - ආහාර විකුණන වෙලඳ සැල් පමණක්  දිනකට පැය 8 ක් විවෘතව තැබීම සහ  ග්‍රාමසේවක හරහා  එක් නිවසකට එක අයකුට පමණක් පාවිච්චි කල හැකි එක ලිඛිත බලපත්‍රයක් ලබා දීම. මුරපල වලදී පොලිස් නිලධාරියා එම බලපත්‍රයේ මුරපල පසුකල වේලාව සඳහන් කිරීම. එවිට පැය ගණනක් පාරේ සිටීමට එය පාවිච්චි කිරීමට හැකි නොවේ.  එම බලපත්‍රය යොදාගෙන පාරට පැමිණීම කල හැක්කේ දින දෙකකට එක දවසක් ලෙස පැනවීම.  මෙම නීතිවලින් පැනීමට උත්සාහ කරන අයට රුපියල් ලක්ෂයක දඩයක් සහ අවුරුද්දක සිර දඬුවමක් නියම කරන බවට ප්‍රචාරය කිරීම සහ එය ක්‍රියාත්මක කිරීම. වංචාකාරී ලෙස බලපත් නිකුත් කරන ග්‍රාමසේවකයන් පරීක්ෂණයකින් පසුව තනතුර අහිමි වන ක්‍රමවේදයක් ඇතිකිරීම සහ ඒ පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම.

එම විසඳුමේ වාසිය - ඉතා දිලිඳු, කොරෝනා නිසා රැකියා අහිමිවූ, වැනි අය හැර අන් අයට ආහාර වර්ග සැපයීමට රජය හෝ අන් අය මැදිහත් වීමක් අවශ්‍ය නොවීම. එමෙන්ම කුඩා කඩ වල දෛනික වැටුපට වැඩ කල අයට සහ කඩ හිමියන්ටත් ජීවත් වීමට වැටුපක් ලාභයක් ලැබීම. කඩ විවෘත බැවින් විශාල වාහන පෝලිම් සහ කඩ වල පෝලිම් නැතිව ආහාර ප්‍රශ්ණය විසඳීම.

වියත්මග විසඳුම - සියළුම කඩ වසා ඇඳිරි නීතිය නැති පැය කිහිපයේ පමණක් කඩ විවෘත කිරීම. 


එක්කෝ වියත්මග උපදේශකයින් සිටින්නේ කැකිල්ලේ රජු ගේ උපදේශයකින් ගේ ඥාණ මට්ටමේය. නැතොහොත් ඔවුන් අපිටත් වඩා ඥාණවන්තව යම් ප්‍රමාණයක් හාමතේ හෝ හදිසි අසනීප තත්ත්ව නිසා මියගියත් කොරෝනා වලින් මිය යන්නන් අවම වුනා යැයි මැතිවරණදී යොදා ගැනීමට සැලසුම් කරනවා විය හැක.

පින්කෙත හෙල ලක්දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා /නොවේවා. (නොගැපෙන වචන කපා හරින්න )


මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

5 comments:

  1. ඇත්තටම ඔය වියත්මග විසඳුම් දුන්නේ වියත්මග සූරීන්ලා ද?

    ReplyDelete
  2. මේ සේරම කරන උන්නැහේලා, ඒවා කටින් බතල විතරයි කියා දන්නා නිසයි ප්‍රශ්න දැනුම් දීම සඳහා කිසිම දුරකථන අංකයක් දෙන්නේ නැත්තේ.

    කාර්ය සාදක මළකායේ මොකෙක්වත් තවම මහරගම පමුණුව පාරට ආවේ නැහැ.
    නීති නොතකන එව්වෝ හිටු කියලා මහ පාරේ. මාවත් අත් අඩංගුවට ගන්න, ගෙදරට ඕනේ දේවල් හොයන්න මමත් ඊයේ හවස එලියට බැස්සා.

    පරිප්පු කිලෝව රුපියල් දෙසීයට ගෙනාවේ. වෙන විස්තර ඕනේ නැහැනේ. xකිල්ලේ රජ්ජුරුවෝ දිගු කල් දිනේවා!

    අනේ දෙයියනේ, ඔබ වහන්සේලා කියා කොට්ඨාශයක් ඉන්නවා නම් මේ උපදේශක රොත්තටයි- ලොකුම ඇත්තන් කිහිප දෙනෙකුටයි කොරෝනා සාදවා දෙන්න. සුවර්, බුදු වෙන්න ඒ පින ඇති!

    ReplyDelete
  3. ඇත්තෙන්ම නැහැ .....

    ReplyDelete