මෙච්චර කාලයක් යමෙක් මිය යනවා කියන්නේ කලාතුරකින් වෙන දෙයක් ලෙස හිතන්න තමයි අපේ හිත පුරුදුවෙලා තියෙන්නේ. පසුගිය සති කීපයේ වෙන රටවල සිදුවෙන දේවල් දොහා බලනකොට වැටහෙනවා මිය යනවා කියන එක එතරම් අහම්බෙන් සිදුවෙන දෙයක් නොවන බව. අපි බොහෝ දෙනෙක් අපිට කිට්ටු හෝ හිතවත් කෙනෙක් මිය ගියොත් අපි කරන දේවල් සහ අපේ වගකීම ගැන අවබෝධයක් තියෙනවා.
එතකොට අපි මිය ගියහොත්? එහෙම වුනොත් අපේ යැපෙන්නන්ට සහ අනික් අයට සාමන්‍යයෙන් කරන්න වෙන දේවල් වලට අමතර වැඩිපුර කරදර එහෙම ඉතුරු කරල යන්න වෙයිද?
ඉකොනොමැට්ටා බ්ලොග් එකේ තිබ්බ කරුණක් නිසයි මේක ලියන්න හිතුණේ. බොහෝ බටහිර රවවල වැඩි දෙනෙක් තමන්ගේ වයස මොකක් වුනත්, තමන් හදිසියේ මියගියොත් තමන් ගේ වත්කම් බෙදී යායුතු ආකාරය අන්තිම කැමති පත්‍රයකින් ලියල තියෙනව. ඒවගේම තමන්ගේ මරණය ගතයුතු ආකාරයත් එහෙම ලියනව. මරණය ගන්න එක කෙසේ වෙතත් අන්තිම කැමති පත්‍රයක් නොතිබුණොත් වත්කම් එක්තරා ගණනකට වඩා වැඩිනම් අඹු දරුවන්ට යන්නට පෙර බූදල් නඩුවක් හරහා යායුතුයි. එය ඔබ ඔවුන්ට කරන විශාල කරදරයක්. අන්තිම කැමැත්තක් නැති අවස්ථාවල යැපෙන්නන් අතර බෙදා ගැනීමේ ප්‍රශ්ණ ආවොත් විශාල කාලයක් ඔවුන්ට නඩු කියන්න වෙනවා වගේම ඔවුන් අතර බැඳීමත් නරක් වෙනවා. ඒ නිසා එහෙම නොලියපු කෙනෙක් ඉන්නවනම් තමන්ගේ වත්කම් ප්‍රමාණය මොකක් වුනත් එහෙම ලියල තියෙන එක ජීවත් වෙලා ඉන්න අයට ලොකු සහනයක්.
මම නීතිය ගැන එතරම් දන්නේ නැහැ. එහෙත් මම හිතන විදිහට මෙය ක්‍රම දෙකකට කරන්න පුළුවන්. එකක් නීතීඥයෙක් හරහා. අනික මිතුරන් පස් දෙනෙක් හරහා. මේක හරිද වැරදිද තව ඒ ගැන දැනගතයුතු මොනවද කියල නීතීඥ වරයෙක් හෝ වරියක් අන් අයගේ යහපත තකා ලියනවනම් හැමෝටම වැදගත්.
තව එකක්. ඔය අන්තිම කැමැත්ත ලියල තියල තියෙන තැනින් සීල් කරපු කවරයක ඊමේල් අකවුන්ට් සහ පාස්වර්ඩ්, ෆේස්බුක්, සහ බ්ලොග් පාස්වර්ඩ් එකත් තිබ්බොත් ඔබට හදිස්සියේ යන්න වුනොත් වෙන කාට හරි ඇවිත් අපිව දන්න අයට දන්වන්නත් පුළුවන්.
සූටික්කා ඔය ජීමේල් වගේ දේවල් වල ජීවිත වෙලා ඉන්දෙද්දිම කරල තියන්න ඕන ටිකක් ගැන හොඳ විස්තරයක් මෙතන දාල තියෙනවා .
මේ කාලයේ වැඩි වුනත් ඕනම අවස්ථාවක අපිට මේ ජීවිතෙන් යන්න වෙන්න පුළුවන්. එහෙම අකල් මරණය නොවුණත් එහෙම වුනොත් ඇතිවිය හැකි කරදර අඩු කරගන්න සැලසුම් කරන එක වරදක් නැහැනෙ.
මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.
//ඔය අන්තිම කැමැත්ත ලියල තියල තියෙන තැනින් සීල් කරපු කවරයක ඊමේල් අකවුන්ට් සහ පාස්වර්ඩ්, ෆේස්බුක්, සහ බ්ලොග් පාස්වර්ඩ් එකත් තිබ්බොත් ඔබට හදිස්සියේ යන්න වුනොත් වෙන කාට හරි ඇවිත් අපිව දන්න අයට දන්වන්නත් පුළුවන්//
ReplyDeleteඒවා නම් එහෙම තියන්න ඕනෙ නෑ..... වෙනමම option එකක් තියෙනවා, අපි නැති කාලෙක account control එක වෙන කෙනෙකුට යන විදිහට. එතනදි එහෙම control එක යන්නෙ කොච්චර කාලෙකට පස්සෙද කියලා දාන්න පුලුවං. ඒ කියන්නේ මාස තුනක් account එකට log උනේ නැත්තං අර මුලින් කියපු nominate කරපු කෙනාට e-mail එකක් ගිහින් account එකට log වෙන්න chance එක දෙනවා.
මේ ගැන මම දැනගෙන හිටියේ නැහැ. සූටික්කා පුලුවන්ද මේ ගැන පෝස්ට් එකක් දාන්න? මම දන්නවා ෆෙස් බුක් එකේ අන් අයට අදාල තැනැත්තා මියගියා කියල එම පිටුව ස්මාරක පිටුවක් කරන්න කියල ඉල්ලන්න පුලුවන් කියල.
Deleteමේකේ ප්‍රධාන අරමුණ අන්තිම කැමති පත්‍රයක් ලියන්න උනන්දු කරන එක. ඔබ එකක් ලියලාද?
ලොක්කා කියපු හින්දම ලිව්වා.....
Deletehttp://sutikkaa.blogspot.com/2020/04/blog-post.html
ස්තූතියි සූටික්කා. කියෙව්වා. මේ පෝස්ට් එකට ලින්ක් එකත් දැම්ම.
Delete//අපිව දන්න අයට දන්වන්නත් පුළුවන්//
ReplyDeleteහුටා........ දැන්නෙ ඒ ටික දැක්කෙ. ඒ වැඩේ කරන්ඩ වෙන්නෙ නෑ, මම කියපු විදිහට. එතකොට පරක්කු වැඩියි.
අනිත්ම කැමැත්ත ලියන්න පුළුවන් නම් හොඳයි දේපළ වැඩි අයට
ReplyDeleteවිචාරක දියණිය
ලඟක් වෙනකන්ම බූදල් නොවන වත්කම් සීමාව තිබ්බේ ලක්ෂ 5 ට. අද කුඩා හරි ඉඩමක් තියෙනවනම් ඒ ලක්ෂ 5 සීමාව පනිනවා. වත්කම ලක්ෂ 5 ට වඩා වැඩි නම් ඒවා ජීවත්ව සිටින අයට යන්නේ උසාවියක බූදල් නඩුවක් හරහා. මේ ලක්ෂ 5 සීමාව වෙනස් වී නැත්නම් ඊට වඩා වටිනාකමක වත්කම් තිබෙන අය අන්තිම කැමති පතක් ලියන එක හොඳයි.
Deleteකාලෝචිතයි. කොරෝනා නිසා මරණානුස්සතිය වැඩෙන නිසා වඩාත් වටිනවා.
ReplyDeleteThank you Nidhi
DeleteThanks Thadi
ReplyDelete+++
ReplyDeleteස්තූතියි ඉයන්
ReplyDeleteදැනුවත් උනා
ReplyDelete