Monday, September 21, 2020

නව පණත් තුන නිසා ඉන්දියාව ඉක්මනින්ම දියුණු රටක් වෙයිද?




ශ්‍රීලංකාවේ රජය ඔවුන්ගේ බහුතරය යොදාගෙන රටට 'අත්‍යාවශ්‍යම' 20 වන සංශෝධනය ගෙන එන අතරේ ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂ රජයත් ඉන්දියානු සමාජය සහ ආර්ථිකය විශාල දියුණුවකට පත්කල හැකි පණත් කීපයක් ඊයේ සම්මත කරගන්නා ලදී.

දියුණු රටවල කෘෂිකාර්මික ක්ශෙත්‍රයේ යෙදෙන ගොවියන් එමරටවල වැඩිම ආදායම් ලබන්නන් බව බොහෝ දෙනෙක් දනිත්. එහෙත් තුන්වන ලෝකයේ ගොවියන් අගහිඟ කම්වලින් සහ ණය බරින් පීඩිතව සියදිවි හාණිකරගන්නන් බවත් අපි දනිමු. ඉන්දියාවේ මේ තත්ත්වය ඇතිවීමට ප්‍රධානතම හේතුව වූයේ කෘෂිකාර්මික නිශ්පාදන විකිණිය හැක්කේ අදාල ප්‍රදේශයේ ඇති කෘෂි නිෂ්පාදන විකිණීමේ කොමිටියට පමණක් වීමයි. එම කොමිටියෙන් පත්කල මැන්ඩි (ශබ්ධ කිරීම වැරදි වන්නට පුළුවන ) mandi වරයෙකුට පමණ අදාල ගොවියා විසින් තම නිෂ්පාදන අලෙවි කල යුතුය. ගොවියාට මුදල් අඩුවූ වි මෙම මැන්ඩි වරයාගෙන් ණය ලබා ගන්නා අතර ඒවාද අධික පොලී සහිතව ගොවියාට කරන ගෙවීමෙන් අයකරගනී.

මෙම අතරමැදියන් ගොවීන් සූරාකෑමට යොදාගන්නා තව ක්‍රමයක් වන්නේ ගොවියා සැතපුම් සිය ගණනක් ගෙවා මැන්ඩි වරයා හරහා පාලනය වන ස්ථානයට තම නිෂ්පාදන රැගෙන ආ පසු ඔවුන්ගේ බඩු ගැණීම දීර්ඝ ලෙස ප්‍රමාද කිරීමය. එම නිෂ්පාදන නැවත රැගෙන යාමෙන් ප්‍රයෝජනයක් නොවන බැවින් මැන්ඩි වරයාගේ අනුදැනුම මත ක්‍රියාත්මක වන පිරිස් එම නිෂ්පාදන කුණු කොල්ලයට මිලදී ගැණීම සිදුවේ.

සංවෘත  ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක කල  රාජ්‍යයක් වූ ඉන්දියාව නිෂ්පාදනය සහ විකිණීම සඳහා වූ බලපත්‍ර ක්‍රම 1991 දී අහෝසි කර නිදහස් වෙලඳපොළක් හඳුන්වා දුන්නද, කෘෂිකාර්මික භෝග සඳහා පමණක් මෙම කොමියුනිස්ට් ක්‍රමය අද වෙනතුරු භාවිතා කිරීම 52% වූ ගොවියන් ඉතා පහත් ජීවන මට්ටමක තැබීමට හේතු වී ඇත.

ඊයේ ඉන්දියානු රාජ්‍ය සභාව අනුමත කල ගොවි නිෂ්පාදන වෙලඳ සහ වානිජ අඥාපණත 2020 , මිල සහතික කිරීම සහ ගොවිපල සේවා පිළිබඳ අඥාපණත 2020, අත්‍යාවශ්‍ය සේවා අඥාපනතට කරන ලද සංශෝධන යන පණත් ත්‍රිත්වය හරහා ගොවියන් මෙතෙක් බැඳ තිබූ බැමි සියල්ල එක් දිනකින් කඩා බිඳ දමා ඇත.

මෙම පණත් නිසා ගොවියාට තම කැමති ගැණුම්කරුවෙකුට සහ ඕනෑම ප්‍රාන්තයකට තම කෘෂි නිශ්පාදන අලෙවි කිරීමට හැකිවේ. එමෙන්ම ආහාර නිශ්පාදන සමාගම් හෝ සුපිරි වෙලඳ පළවල් අයත් සමාගම් සඳහා කොන්ත්‍රාත් ක්‍රමය ඔවුන්ට අවශ්‍ය බෝග වගාකර සපයා දීමටද දැන් හැකිවේ. 

ඉන්දියාවේ ගොවියාට කෘෂි නිෂ්පාදනයක් සඳහා ලැබෙන මිල මෙන් කිහිප ගුණයක් පාරිභෝගිකයා විසින් ගෙවනු ලබයි. ඒඅතර විශාල අතර මැදියන් ප්‍රමාණයක් ඇති අතර ඔවුන් මඟ හැර වෙන අයකුට විකිණීම මෙතෙක් තිබූ නීතිය අනුව නීති විරෝධී විය.

2019 මහා මැතිවරණයේදී කොන්ග්‍රස් පක්ෂයත් ගොවියන් යටකර ගෙන සිටි පැරණි අණපනත් අහෝසිකරන බවට මැතිවරණ පොරොන්දුවක් දී තිබිණි. මෙම වෙනස් කම් භාරතීය ජනතා පක්ෂ රජයක් විසින් ගෙන එන විට ඊට විරෝධය දැක්වීම සඳහා ඉදිරියෙන්ම සිටින්නේ කොන්ග්‍රස් පක්ෂයයි.

ඊට අමතර විශාල ආහාර නිෂ්පාදන ප්‍රාන්ත වන හර්යානා සහ පන්ජාබ් ප්‍රාන්ත ආණ්ඩුද මෙම වෙනසට විරුද්ධව වීථි බැස ඇත. එයට හේතුව නම් අද වන තෙක් මෙම ප්‍රාන්ත වලින් නිෂ්පාදනය කරන ආහාර තොග රජයේ සංචිත ලෙස යොදා ගැනීම නිසා එමඟින් ඉන්දියානු රුපියල් බිලියන ගණනක් එම ප්‍රාන්ත වලට ලැබීමයි. ඊයේ අනුමත වූ එක් අඥාපණතක රජයේ සංචිත ක්‍රමය යුද්ධ අවස්ථාවලට පමණක් සීමා වීමත්, ගොවියන්ට ප්‍රාන්ත වල ගොවි නිෂ්පාදන මිලදී ගැණීමේ කොමිටියෙන් බාහිරව නිෂ්පාදනය විකිණීමට අවසර ලැබීම නිසාත් විශාල මුදලක් ප්‍රාන්ත රාජ්‍ය වලට නොලැබී යාමත්ය.

මට හැඟෙන ආකාරයට 1991 දී වෙලඳපොල ආර්ථිකය හඳුන්වා දීමෙන් පසු ඉන්දියාවේ සිදුකෙරුනු විශාලතම සමාජ පෙරළිය මෙයයි. 

ඉන්දියාවේ ජනගහනයෙන් 52% ක ප්‍රමාණයක් කෘෂිකර්මයෙන් යැපෙන නිසා ඔවුන් සිටින්නේ පහල ආදායම් මට්ටමේය. මගේ උපකල්පනය නම් මෙම නව පණත් නිසා ඔවුන්ගේ ආදායම විශාල වශයෙන් ඉහල යන බවය. තවද ඉල්ලුම සැපයුම වෙනස්වීම වැනි  හේතු නිසා මිල ගණන් වෙනස් වීමකදී මෙන් එය කුඩා කාල සීමාවකට සීමා නොවූ ආදායම් ඉහල යාමක් වෙයි. එම නිසා ඔවුන්ගේ ආර්ථික තත්ත්වය විශාල වශයෙන් ඉහල යාම සිදුවේ. එවිට ඔවුන් ඇති කරන අතිරේක ඉල්ලුම මඟින් වෙනත් භාණ්ඩ වල ඉල්ලුම ඉහල යයි. එමඟින් නව රැකියා ඇතිවීම නිෂ්පාදන ඉහල යාම, ලාභ වැඩිවීම නිසා කෘෂි නිෂ්පාදනය ඉහලයාමෙන් ආහාර ආනයනය පහල යාම වැනි ආර්ථිකයට විශාල තල්ලුවක් ලැබේ. එය තල්ලුවක් නොව අති විශාල පිම්මක් ලෙස හැඳිවීම වඩා යෝග්‍ය වේ.

ඉන්දියාව දුප්පත් රටක්ව සිට 1991 න් පසුව විශාල දියුණුවක් ලඟාකරගෙන ඇත. ගොවියන් අවුරුදු 70 ගණනක් බැඳ තැබූ බැමි ලිහා දැමීම නිසා තව දශක සුළු ගණනකින් ඉන්දියාව ලොව දුයුණු රටවලින් එකක් වන බව මගේ අනුමානයයි.

ලංකාවද 20 සංශෝධනයෙන් දියුණු රටක් වීමට ඉඩ ඇති බව සමහරක් ගේ මතයයි.




මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

21 comments:

  1. ලංකාවම කොහොම වෙතත් විස්සෙන් පස්සේ ටික දෙනෙකුගෙ නම් බිස්ස තව ලොකු වෙයි. වැඩි දෙනෙකුගෙ විස්ස පරවෙයි!

    ReplyDelete
  2. ඉයන් ආපහු ලියන එක ගැන සතුටුයි. ඉන්දියාවෙ තිබුණු ක්‍රමය ඕක නම්, ව පණත්වලින් යමක් සිද්ධවෙයි තමා. ඒත් ඔය වගේ නිදහස් වෙළෙදපොලක් තියෙන අපේ රටේ, තාමත් අතරමැදියන් තමයි ලාභ ලබන්නෙ. මට හිතෙන්නෙ මැන්ඩියෙන් මිලට ගත්තත්, මුදලාලිලා මිළට ගත්තත් වැඩි වෙනසක් වෙයි කියලා අපේක්ෂා කරන්න බැරි බවයි.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී. දැනට ගොවියාට නිෂ්පාදන අලෙවි කල හැක්කේ ප්‍රාන්ත රජයෙන් පත්කල එක් ගැණුම් කරුවෙකුට. නව ක්‍රමයෙන් ඕනම කෙනෙකුට විකිණිය හැකියි. එක් ගැණුම් කරුවෙක් පමණක් සිටින විට ඔහු සමඟ negotiate කිරීමට හැකියාවක් නැහැ. මම නම් හිතන්නේ මුලදී කුඩා හෝ වැඩිපුර මුදලක් ලැබී නව ක්‍රමය ස්ථාවර වන විට වඩා වැඩි මුදලක් ගොවියාට ලැබෙයි කියලයි.

      Delete
    2. අද තිබෙන ක්‍රමයට වෙනත් ගැණුම් කරුවන්ට ගොවියාගෙන් කෙලින්ම නිෂ්පාදන මිලදී ගන්න බැහැ. නව ක්‍රමයෙන් අන්තර් ප්‍රාන්ත වෙලඳාමත් හැකිනිසා රටේ ඕනෑම ප්‍රාන්තයක අයකුට ගොවියාගෙන් කෙලින්ම මිලදී ගත හැකියි. ලෙවල් දෙක තුනක අතර මැදියන් අයින් වන විට ගොවියාටත් බොහෝ විට අවසාන පාරිභෝගිකයාටත් වාසි වෙනවා නේද?

      Delete
    3. මං අදහස් කළේ, රාජ්‍ය ඒකාධිකාරය වෙනුවට පෞද්ගලික කතිපයාධිකාරයක් එයි කියලා. දැනට ලංකාවෙ වෙන්නෙ ඒකනෙ. ඒක නැතිවෙන්න නං ගොවියන් සමුපකාර ක්‍රමයක් වගේ දේකට එකමුතු වෙන්න ඕනෙ. එතකොට කේවෙල් කිරීමේ බලය ඔවුන්ට ලැබෙනව - ෆොන්ටෙරා වගේ...

      අපි බලමු මොනව වෙයිද කියල ඉස්සරහට, නේ?

      Delete
  3. නිදී, ප්‍රා ජේ ස්තූතියි. සමහර කමෙන්ට් වලට රිප්ලයි බටන් එක වැඩ නොකරයි

    ReplyDelete
  4. මූනු පොතෙන් මා මෙය කියෙව්වෙමි. ඔවුන් හා අප කොතැනද?

    ReplyDelete
    Replies
    1. අපිට නැතිවුණත් මිලියන සියගණනක් ගොවියන් සිටින ඉන්දියාවේ මෙය සිදුවෙනු දැකීම සතුටක්.

      Delete
  5. ඔය කියුවට ඉන්දියාව හැදෙන රටක් නෙවෙයි.. එහෙ අවුරුදු තිහක ගැටයෙකුට අගමැති වෙන්න නිදහසක් තියෙනවද? වෙන රටක ඉඳල ඉම්පෝර්ට් කරපු මොළ නැවකට ලෝක් සභාවට තියා ඉන්දියාවේ ප්‍රාදේශීය සබාවටවත් ඉල්ලන්න පුලුවන්ද? ඉතින් කොහොමද දියුණුයි කියන්නේ?

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කමී. දැන් ඔය ලෝකෙ ගෝලෙ සහ සිතියම් තියෙන්නෙත් උඩ බැලි අතටනෙ. හරි පැත්තට තිබ්බනම් ලංකාව ඉන්දියාවට වඩා ඉදිරියෙන්.

      Delete
  6. දේශපාලනයේදි ආර්ථික කාරන වලට මුල්තැනදීමේ පුරුද්දෙන් සිංහලයා නිදහස්විය යුතුයි. බලන්න ලංකාවේ වතු දෙමල සහෝදරයන්වත් චන්දය දීමේදි ආර්ථිකය ගැන හිතනවද? සිංහලයෝ විතරයි ඒි ගැන හිතන්නේ. මට හරි ලැජ්ජයි ඒක ගැන.

    බිරිතානි අධිරාජ්‍යයට යටත්වීම නිසා ඉන්දියාවට මහත් වාසියක් වුනා.
    ඉන්දියානු බමුණන්ට වසර 2000ක් තිස්සේ ඕනෑකලේ ඉන්දියාව එක්සත් කරන්න.
    ඔවුන් හින්දු ආගමත් සංස්කෘත බසත් කුල ක්‍රමයත් හැදුවේ ඒ අරමුනෙන්.
    අවසානයේ එය කලේ බිරිතානියන් විසිනුයි.

    නමුත් බිරිතානියන් සිංහලයාට කලේ කුමක්ද? සිංහල ජාතිය සිංහල ජනවර්ගය දක්වා පහතට දැම්මා. සියළු ජනවර්ග සිංහල ජනවර්ගය හා සමතැනට ගෙනාවා. දම්පල් තුමා මේ කාලකන්නි තත්වය ගැන අපට අනතුරු ඇඟෙව්වා මතක ඇති.

    සිංහලන්ගේ අරමුන වියයුත්තේ සිංහල රට නැවත ලබාගැනීම මිස
    ශ්‍රී ලංකාව නැමති ඇංග්ලිකන් ක්‍රිස්තියානි රට දියුනුකිරීම නොවෙයි.

    ReplyDelete
    Replies
    1. ලංකාවත් ඉංග්‍රීසීන් යටත් කරගන්න පෙර එක රාජ්‍යයක් වශයෙන් තිබුණද? 1922 ඉදන් තිබූ දෙමල රාජ්‍යය ඉල්ලීම නොදී 1924 ඉඳන් තිබූ මුස්ලිම් රාජ්‍යය පමණක් දීමෙන්, ලංකාවේ ඒකීය බවත් රැකගන්න උදව් වුනේ ඉංග්‍රීසි අධිරාජ්‍ය වාදීන් තමයි. ඉරොද් වෙන්කට් රාමසාමි ප්‍රමුඛ දමිලයන් ලංකාවේ උතුරත් ඇතුළුව ලබා ගැනීමට උත්සාහ කල දමිල රාජ්‍ය ගැන මෙතනින් කියවන්න .

      Delete
  7. සමාජවාදී රාජ්‍යයක් වූ ඉන්දියාව?????ඉන්දියාව කොයි කාලෙද සමාජවාදී වෙලා හිටියේ

    ReplyDelete
    Replies
    1. සමාජවාදී ලේබල් එකක් වත් තිබුණෙ නැත්ද? මම වඩාත් අදහස් කලේ සංවෘත ආර්ථික ක්‍රමයක් කියල එකයි. ස්තූතියි අජිත්

      Delete
    2. සංවෘත හෝ මිශ්‍ර ආර්ථික ක්‍රමයක් කීව නම් වඩා නිවැරදියි. සිරිමාවෝ යටතේ ලනක්වේ තිබ්බේ මිශ්‍ර රතික ක්‍රමයක් නමුත් ඒ කාලේ හා ජේ ආර් යටතේ පවා ලංකාව වඩා සමජවදියි. ගොඩක් රටවල් විශේෂයෙන් කියුබාව වගේ රටවල් ජේ ආර් ගේ (විවෘත ආර්ථිකය තිබ්බත් ) කාලේ පවා ලනව සමාජවාදයට බර රටක් හැටියට සැලකුවේ. ප්‍රධානම හේතු දෙක නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය, විශාල රාජ්‍ය තන්ත්‍රය (රජයේ රැකියා), නිලධාරීන්ට වාහන පර්මිට් ක්‍රමය වගේසමාජවාදී ප්‍රතිපත්ති. ඉන්දියාවේ ඉන්දිර යටතේ වත් නිදහස් සෞඛ්‍ය සේවයක් තිබ්බේ නැහැ.

      Delete
    3. මැන්ඩි ක්‍රමය (අස්වැන්න අතරමැදියට ගෙනත් දීල අතරමැදිය විශාල ලාභයක් ගෙන විකිණීම ) කොමියුනිස්ට් ක්‍රමයක් කියල හැඳින්වුයේ කේරලය (කොම්යුනිස්ට් පක්ෂය පාලනය අකරණ නිසා වෙන්න ඇති ). නමුත් සමාජවාදී රටවල එහෙම ක්‍රමයක් තිඑබ්බේ නැහැ. මොකද ගොවියට කිසිම දෙයක් විකුනන්න බැහැ. ඒවා අයිති සමුහ ගොවිපලට. ඒවා තමයි සම්බන්ධ කරලා තිබ්බේ. ඒ ක්‍රමය අසාර්ථක වුනේම ඒ නිසා. සමුහ ගොවිපලවල මැනේජර් වරු අමු හොරු.

      Delete
  8. ලන්කාවේ ගොවියන්ට හම්බ වෙන්න ඕනි ගොඩක් දේවල් හම්බ වෙන්නෙ වෙනත් අයට

    ReplyDelete
  9. ආර්තික මද්දස්තන රට වටේ තිබුනත් ඒවගේ ඉන්න අතරමැදැයෝ තමයි තවමත් අපේ රටේ ගොවියාට ලාබයක් නොදේන්නේ...අඩුම තරමේ ගොවියා ගෙනත් බාර දෙන නිශ්පාදනයට එදා දවසේ සල්ලි ගෙවන්නේ නැහැ..විකිනුනෝත් තමයි සල්ලි දෙන්නේ...

    ReplyDelete