Tuesday, November 12, 2019

අන්ද්‍රා ප්‍රදේශ් ඉංගිරිස්

YS ජගන් මෝහන් රෙඩ්ඩි මහතා 



අන්ද්‍රා ප්‍රදේශ් වල නව මහ ඇමති ලෙස පත්වූ YS ජගන් මෝහන් රෙඩ්ඩි මහතා එම ප්‍රාන්තයේ පාසැල්වල උගන්වන මාධ්‍ය ලෙස ඉංග්‍රීසි භාෂාව හඳුන්වා දීමට යෝජනා කර ඇත. පළමුව එම ප්‍රාන්තයේ ඇති පාසැල් 15,000 ක එක වසරේ සිට හය වසර දක්වා ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම පටන් ගැනීමට යෝජනා කර ඇති අතර ආවුරුදු තුනකින් ඉතිරි වසර පන්ති වලටත් එය හඳුන්වා දීමට යෝජනා කර ඇත.

ලංකාවේ ඉංග්‍රීසි භාෂාව උගන්වන ආකාරයට ගණිතය වැනි තවත් විෂයයක් ලෙස ඉංග්‍රීසි ඉගැන්වීමෙන් කෙදිනකවත් හොඳින් ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට සිසුන්ට හැකි නොවන බවත්, ඉංග්‍රීසි භාෂාවෙන් වෙනත් විෂයයන් කිහිපයක් හෝ ඉගැන්වීමෙන් භාවිතාවට අවශ්‍ය පුහුණුව ලැබෙන බවත් නැවත කිව යුතු නැත. අදටත් ලංකාවේ සමහර පාසැල් වල සියළුම විෂයයන් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වෙන පංති ඇති පාසැල් ඇතත්, සියළුම සිසුන්ට විශයයන් දෙකතුනක් හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වෙන ක්‍රමයක් නැත. මුදල් යහමින් ඇති අයට ඔවුන්ගේ දරුවන් ජාත්‍යන්තර පාසැල් වලට යොමු කල හැකි නිසා භාවිතාමය ඉංග්‍රීසි දැනීම නැති කමින් අවාසියක් වන්නේ එසේ ඉංග්‍රීසි මාධ්‍ය වලට මුදල් ගෙවා තම දරුවන් යොමුකල නොහැකි අයටය.

Monday, October 14, 2019

අවුරුදු 71 ක් රටකරපු අය එපා


අවුරුදු 71 ක් රටකරපු අය එපා


මෙය අද සමහර අයට දේශපාලන පාඨයකි. බොහෝ දෙනෙක් වඩා නොසිතා එය අනුමත කරති. රට හැදීමට අවශ්‍ය වන්නේ ක්‍රමයේ වෙනසක් මිස පුද්ගලයින්ගේ වෙනසක් යන්න වටහා ගැනීම ඔවුන්ට අපහසුය. රට අසාර්ථක වීමට බලපාන විශාලම සාධකය හැමදේම නිකන් ලබා ගැනීමට බලා සිටින ජනතාව බව තේරුම් ගැනීම එම ජනතාවටම අපහසු වීම පුදුමයක් නොවේ. අද වනවිට රටේ විශාලම වියදම් වන්නේ නොමිලේ අධ්‍යාපනය, නොමිලේ සෞඛ්‍ය සහ රජයේ සේවය නඩත්තු කිරීම බව අය වැය ලේඛනයක් දිහා බලන අයකුට තේරුම් යනු ඇත. 

නිදහස් අධ්‍යාපනය රටේ ශාක්ෂරතාවය ඉහල දැමීමට පදනම් වූ බව ඇත්තකි. එහෙත් එසේ සියළු දෙනාටම නොමිලේ අධ්‍යාපනය ලබා දීම නිදහස් අධ්‍යාපනය යැයි වර නැගීම රට කරගත් මෝඩකමකි. අද රටේ ජනගහනයෙන් 75% කට නොමිලේ අධ්‍යාපනය ඔවුන්ගේ ආදායම් තත්ත්වය අනුව සුදුසු බව උපකල්පනය කළොත්, ඉතිරි 25% ටත් නොමිලේ අධ්‍යාපනය ලබා දීම සුදුසුද? ආදායම හෝ වත්කම් වලින් රටේ ඉහලම මට්ටමේ සිටින 25% න් එක් දරුවෙකුට වියදම් වෙන ප්‍රමාණය මෙන් තුන්ගුණයක පාසැල් ගාස්තු අයකර ගන්නේ නම් එම ආදායමෙන් මුළු අධ්‍යාපන වියදමම ලබා ගත හැකි නේද?

Saturday, August 17, 2019

වැඩකට නැති බර ඔසවාගෙන යන්නෝ

විශාල බරක් ඔසවාගෙන යන අයෙක්

ෆේස්බුක් එකේ හෝ බ්ලොග් ලියන අය අතර එතරම් නොවූවත් සමාජයේ බොහෝ දෙනෙක් විශාල බරක් ඔළුව උඩ තියාගෙන යන අය වගේ ජීවත් වෙන් බව දැක තියෙනවාද? පාර තොටේදී දකින මැදි වියේ අය ගැන පොඩ්ඩක් නිරීක්ෂණය කරන්න. ඔවුන් බොහෝ දෙනෙක්ගේ මුහුණු වලින් පිළිඹිබු වන්නේ විශාල ප්‍රශ්ණ කන්දරාවක් දරාගෙන සිටින අය වගේ ද?

ඇත්තටම බොහෝ දෙනෙක් විශාල බරක් අරගෙන තමයි ජීවිතය ගෙනියන්නේ. ඒ කියන්නේ අති විශාල පොට්ටනි දෙකක් ඔවුන් යන එන තැන අරගෙන යනවා. මේ බර පොට්ටනි දෙක ගැන පොඩ්ඩක් හිතුවොත් ඒ බර බිමින් තියල සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් කියල ඒ අයට කියල දෙන්න.

Tuesday, May 28, 2019

ගෙදර එනතුරු





පාවී දුරක සිට ඉර අවරට යන්නා
රෑවී ළඟ ලඟම අඳුරද මතු වෙන්නා
බෑවී ඉවසීම මක, තරහක් එන්නා 
ආවී නැහැ ගෙදර තාමත් අර දෙන්නා

ගිය පසු උදේ නැගිටල දඩි බිඩි ගාලා 
අපි මෙහෙ තට්ට තනියම අත හැර දාලා 
රෑ බෝ වෙලත් ගෙදරක් ගැන නොහිතාලා 
මක් කරනවද දන් නැහැ මෙච්චර වේලා 



 මේ කවි පේලියේ තව කවි හතර පහක් තියෙනව. සත්වයකුගේ සිතිවිලි හරිම තාත්ත්වික විදිහට ලියපු කවි පේලියක්. ලියල තියෙන්නේ දෙව්ලින්දි බ්ලොග් එකේ. Winnie the Pooh ගේ ලඟම ඥාතියෙක් වෙන,  විනීත පු නමින් කමෙන්ට් දාන කෙනා.   



 මෙතනින් ගිහින් බලන්න.




මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

Friday, May 10, 2019

ඇත්තටම දැක්කද? 2

කහපාට ගවුමකින් සැරසුන යුවතියක්


ඇත්තටම දැක්කද? 1

කලින් ලියපු 'ඇත්තටම දැක්කද?' පෝස්ට් එක මතකනෙ. මතක නැත්තම් ලින්ක් එක උඩ තියෙනවා.  අද දෙවෙනි කොටස.

අපි හැමෝම දකින රූප වලට ආසා කරනවා ඒ වගේම සමහර දකින රූප වලට තදින් බැඳෙනවා. තවත් රූප වලට අපි අකමැතියි. ඒ නිසා ද්වේශ කරණවා. ඒ වුණාට, අපි කවදාවත්ම අපේ ශරීරයට පිටින් තියෙන රූපයක් හෝ පිටින් ඇහෙන සද්දයක් හෝ කන දෙයක රසක් දැනිල නෑ කිව්වොත් විස්වාස කරන්න පුළුවන්ද?

ඒක තමයි ඇත්ත කියල මේක කියෙව්වොත් ඔබත් පිළිගනියි. පේනවා යැයි අපි හිතන දේවල් ගත්තොත්, අපේ ඇහැට 'පෙනෙන්නේ' නැහැ. ඒකේ තියෙන්නේ කැමරාවක වගේ කාචයක් විතරයි. ආලෝකය තිබෙන වෙලාවට රූපය මත පතිත වන ආලෝක කදම්බයක් ඇහැට වදිනවා. හැබැයි ඒ එන කදම්බයේ රූපයක් නැහැ. ඇහැට වැටෙන්නේ පාට කීපයක් එහෙම නැත්නම් වර්ණ සටහනක් පමණයි. ඒ වර්ණ සටහන නිසා ඇහේ තිබෙන ස්නායු වලින් සිග්නල් එකක් යවනවා හිතට. ඒක තමයි වෙන්නේ.

Monday, May 6, 2019

පාස්කු බෝම්බෙන් වැඩක් ගමුද?


නරක දේවල් හොඳ අතට හරවා ගැනීමේ වගකීම අපිටමයි

පාස්කු ඉරිදා සිදුවීම් ගැන විවිධ අදහස් දැක්වීම් විවිධ මාධ්‍යය වල තිබුණ. මේ ගැන මගේ අදහස නම් ටිකක් වෙනස්. හැමෝම මරාගෙන මැරුණ අයට සහ පාලකයන්ට දොස් කියනව. මේ දෙගොල්ල මේ සිද්ධියට දැනුවත්ව හෝ අතපසු කිරීම් වලින් පහසුකම් සැපයීමක් (facilitate) කලත් මේ මරණ වලට වගකියන්න ඕන ඒ මැරුණු අයමයි.

බුදු දහමේ යමෙක්ගේ මරණය වෙන අවස්ථා 4 ක් ගැන උගන්වා තියෙනව. ඒවා නම් ;

1. ආයුක්ඛය - සත්ත්වයාගේ හෝ පුද්ගලයා ගේ ආයුෂ අවසන් වීම.
2. කම්මක්ඛය - සත්ත්වයාගේ හෝ පුද්ගලයා ගේ ජීවත්වීමට ඇති කර්ම ශක්තිය අවසන් වීම.
3. උභයක්කය - ආයුෂ සහ කර්ම ශක්තිය යන දෙකම අවසන් වීම.
4. උපච්ඡේදක මරණ - හදිසි කර්ම විපාක නිසා සිදුවන මරණය.


ඉහත හේතු හතරට අමතරව ඉස්ලාම් අන්තවාදීන් මරාගෙන මැරීම නිසා සිදුවන මරණ හෝ සිරිසේනගේ ඔක්තෝබර් 'විප්ලවයෙන්' පසු සරත් ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍යාංශය නොදීම නිසා ඇතිවූ මරණ කියා මරණයට හේතූන් බුදු දහමේ උගන්වන්නේ නැහැ.

Tuesday, April 30, 2019

මේක ලැබුණොත් නම් ඔක්කොම හරි

දුවල හති


අපි බොහෝ දෙනෙක් හැමදාම ජීවිතය ගෙවන්නේ නුදුරින් ඇති යමක් ගැන සිතමිනුයි. මේක තමයි මට අවශ්‍යම දෙය, ඒක ලැබුණාම මගේ ප්‍රශ්ණ ඔක්කොම විසදෙනවා. ඊට පස්සේ ජීවිතේම සතුටෙන් ඉන්න පුළුවන් කියල හැඟීමක් තමයි අපිව ලඟම තිබෙන ඉලක්කෙට දුවවන්නේ. ඒත් එහෙම වෙනවද?    

පහේ ශිෂ්‍යත්වය සමත් වුනොත් ඔක්කොම ප්‍රශ්ණ විසඳෙයි කියල අවුරුදු දහයක ළමයෙක් හිතනවා. එහෙත් සමත් වුණායින් පසුව තිබෙන ප්‍රීතිය ටික කාලයයි. ඒකෙන් පස්සෙ වෙන පාසැලක් ලැබුණොත් එතන ඉන්න ශිෂ්‍යත්වය සමත් වුණ අනික් අය දකින කොට තමන් උසස් කියල හිතපු සතුට ඉවරයි. ආයිමත් සාමාන්‍ය පෙළ විභාගෙ ලං වෙනකොට කලින් වෙච්ච දේ අමතකයි. OL ඒ 10 ක් ගත්තොත් ජීවිතේ එතනින් පස්සෙ ඔක්කොම හරි කියල හිතනවා. 

උසස් පෙළ විභාගය, සරසවියට තේරුණාම, කෙල්ලෙක් දාගත්තම,  ඩිග්‍රිය ඉවරවුනාම, රැකියාවක් ලැබුනම, විවාහවුණාම, ළමයෙක් ලැබුණම, ගෙයක් හදාගත්තම, වාහනයක් ගත්තම, ආදී වශයෙන් ඒ ඒ අවස්ථාවල නුදුරින් තියෙන ඉල්ලක්කයක් දිහා බලාගෙන යන ගමනක් තමයි බොහෝ දෙනෙක් ගේ ජීවිතය.  ඔබගේ ජීවිතයේ මේ වගේ කඩයිම් ගැන ඒවා ලබාගන්න පෙර හිතුවේ කොහොමද? අද ඒ පරණ ඉලක්ක ගැන අද හිතනකොටත් ඒවගේම වටිනාකමක් දැනෙනවද?  

Wednesday, March 27, 2019

එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට

Dear Cupid, next time hit both

බන්දුල නානයක්කාරවසම් ලියල තියෙන ශාන්ත බුලේගොඩ ගයන මේ සිංදුව අහල ඇති. මට නම් මේක අහන්න ලැබුණෙ මේ ලඟදි. මේකෙ අදහස වගේම, පදමාලාවට, සංගීතයට සහ ගායනයට මම වශී වුණා.

මේවගේම අත්දැකීමක් මට නම් නැහැ. ඒත් හොඳම මිතුරෙකුගේ ආදරවන්තියකට ඇතිවුන එක් පාර්ශවීය ආදරයක් නම් තිබුණා වගේ මතකයි.


Saturday, February 9, 2019

සහල් ආචාර්‍යය පල්ලෙවත්ත ගමලාරලාගේ ඩඩ්ලි යූනුස් තුමාට නොබෙල් ත්‍යාගය ලබා දිය යුතුයි.


ක්ෂුද්‍ර ණය ක්‍රමය (microfinance) ලෝකෙට හඳුන්වා දුන්නේ ඉහල පින්තූරයේ සිටින බංගලා දේශයේ මහාචාර්‍යය මොහොමඩ් යූනුස්. මේ ක්‍රමය ලෝකයේ බොහෝ රටවල ප්‍රචලිත වුණත්, ඒ නිසාම එක්සත් ජාතීන්ගේ සංවිධානය, නොබෙල් ත්‍යාග කමිටුව වගේ අය මේ ක්‍රමය ගැන සොයා බලා එයින් සිදුවෙන විශාල ආර්ථික වාසිය ගැන සොයාගත්තත්, එයින් සිදුවෙන හානි ගැන සොයා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ පොලොන්නරුවෙන් බිහිවුණ ශ්‍රෙෂ්ඨ උගතෙක් වන සහල්ආචාර්‍යය ඩඩ්ලි යූනුස් තුමාට.

Sunday, February 3, 2019

නිදීගෙ පන්චතන්තරේ




නිමල් දිසානායක තමන්ගේ ජීවිතයේ අත්දැකීම් සමඟ ලියන නිදීගෙ පන්චතන්තරේ බ්ලොග් එකෙන් ඉගෙන ගන්න දේවල් සහ පුළුවන් නම් අත්හදා බලන්න දේවල් බොහොමයක් තියෙනවා. ඒවගේම එකකට එකක් නොදෙවෙනි පෝස්ට් සියයක් පමණ ඔහු ලියා තිබෙනවා. සුමානයකට අඩුම ගණනෙ එක පෝස්ට් එකක්වත් එහි පලවෙනවා.

ඒවයින් ප්‍රයෝජනයක් ගන්න ඒ බ්ලොග් එක අන් අය අතර බෙදාගන්න කියල  මෙහෙම ඔහු ඉල්ලීමක් කරල තියෙනවා.

"මා ලියන ‘පංච තන්තරේ’  හැකිතාක් වැඩි පිරිසක් කියවනවාට මං කැමැතිය. ඊටත් වඩා කැමැති රසික ඔයාලා ඒ කියවන දේවලින් පල-ප්‍රයෝජනත් ගන්නවා නම්ය. "


 අපිටත් අනාගතයේ මුහුණ දෙන්න වෙන්න ඉඩ තියෙන අමිහිරි අත්දැකීමකට මුහුණ දෙමින් එම අත්දැකීම් සහ ඔහුගේ ජීවිතයේ අනිකුත් අත්දැකීම් සමුදායක්ම අන් අය සමඟ බෙදාගමින් ඔහු කරගෙන යන සේවයෙන් අපිත් ප්‍රයෝජනයක් ගනිමු. 

ගියාම ඒකේ පරණ පෝස්ට් ටිකත් කියවලාම බලන්න.



ඒ බ්ලොග් එකට මෙතනින් පිවිසෙන්න පුළුවන්.

සින්ඩිකේටර් වලටත් මේ බ්ලොග් එක එකතු කරගන්නා ලෙස ඉල්ලමි.



මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.