Tuesday, November 12, 2019

අන්ද්‍රා ප්‍රදේශ් ඉංගිරිස්

YS ජගන් මෝහන් රෙඩ්ඩි මහතා 



අන්ද්‍රා ප්‍රදේශ් වල නව මහ ඇමති ලෙස පත්වූ YS ජගන් මෝහන් රෙඩ්ඩි මහතා එම ප්‍රාන්තයේ පාසැල්වල උගන්වන මාධ්‍ය ලෙස ඉංග්‍රීසි භාෂාව හඳුන්වා දීමට යෝජනා කර ඇත. පළමුව එම ප්‍රාන්තයේ ඇති පාසැල් 15,000 ක එක වසරේ සිට හය වසර දක්වා ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම පටන් ගැනීමට යෝජනා කර ඇති අතර ආවුරුදු තුනකින් ඉතිරි වසර පන්ති වලටත් එය හඳුන්වා දීමට යෝජනා කර ඇත.

ලංකාවේ ඉංග්‍රීසි භාෂාව උගන්වන ආකාරයට ගණිතය වැනි තවත් විෂයයක් ලෙස ඉංග්‍රීසි ඉගැන්වීමෙන් කෙදිනකවත් හොඳින් ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට සිසුන්ට හැකි නොවන බවත්, ඉංග්‍රීසි භාෂාවෙන් වෙනත් විෂයයන් කිහිපයක් හෝ ඉගැන්වීමෙන් භාවිතාවට අවශ්‍ය පුහුණුව ලැබෙන බවත් නැවත කිව යුතු නැත. අදටත් ලංකාවේ සමහර පාසැල් වල සියළුම විෂයයන් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වෙන පංති ඇති පාසැල් ඇතත්, සියළුම සිසුන්ට විශයයන් දෙකතුනක් හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වෙන ක්‍රමයක් නැත. මුදල් යහමින් ඇති අයට ඔවුන්ගේ දරුවන් ජාත්‍යන්තර පාසැල් වලට යොමු කල හැකි නිසා භාවිතාමය ඉංග්‍රීසි දැනීම නැති කමින් අවාසියක් වන්නේ එසේ ඉංග්‍රීසි මාධ්‍ය වලට මුදල් ගෙවා තම දරුවන් යොමුකල නොහැකි අයටය.

ඉංග්‍රීසි භාෂාව භාවිතා කර නැති අයව ඉංග්‍රීසි පුහුණු ගුරුවරුන් ලෙස පුහුණු කර ඉංග්‍රීසි භාෂාව විෂයයක් ලෙස තවදුරටත් ඉගැන්වෙන බව රහසක් නොවේ. ඉංග්‍රීසි භාවිතා නොකරන ගුරුවරයෙකුට තම සිසුන්ට එම භාෂාව මනාව හැසිරවීමේ නිපුණතාවය ලබා දිය හැකිද? ඉංග්‍රීසි භාෂාවෙන් වෙනත් විෂයයන් උගත් අය පසුගිය වසර කිහිපය තුල ජාත්‍යන්තර පාසැල් වලින් බිහිවී ඇත. එම නිසා ඉංග්‍රීසි භාෂාවෙන් අනික් විෂයයන් ඉගැන්වීමට හැකියා ඇති අය සොයා ගැනීම එතරම් අපහසු නොවන්නට ඉඩ ඇත. එවන් අය වසර කිහිපයකටවත් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට හැකි නම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් වෙනත් විෂයයන් ඉගැන්වීම කුඩා පන්ති වලටවත් හඳුන්වා දීම අපහසුවක් නොවනු ඇත. 

අන්ද්‍රා ප්‍රදේශ් වල නව මහ ඇමති YS ජගන් මෝහන් රෙඩ්ඩි මහතාට තමන්ගේ ප්‍රදේශයෙ දරුවන්ට අත්‍යවශ්‍යම දේ ලබා දීමට ඉදිරිපත් වීම ගැන මට ඇත්තේ ගරුවයකි. එයට හේතුව සමහර දේශපාලකයින්ට කලයුතු හරි දේ ගැන වැටහීමක් තිබුණත් පහල ස්ථර වල සිටින අය ඉංග්‍රීසි භාෂාව පහසුවෙන් භාවිතා කිරීමේ දැනීම අත්පත් කර ගැනීම දෙස බලන්නේ කුහක ඇසකින් බැවින් තමන්ගේ දරුවන්ට එය ලබා දී අන් අයට ලබා දීමට ඉදිරිපත් නොවීම සුලභ දෙයක් නිසාය. 

මෙම යෝජනාවට විරුද්ධ අදහස් පලකල දේශපාලකයින් දෙදෙනෙකුගෙන් ඔහු ප්‍රශ්ණ කර තිබුණේ ඔවුන්ගේ දරුවන් සහ මුණුපුරු/මිණිපිරියන් අධ්‍යාපනය ලබා ගත්තේ කුමන මාධ්‍යයෙන්ද? යන්නයි. එයින් හැඟෙන්නේ ලංකාවේ මෙන් දේශපාලකයින් තමන්ගේ දරුවන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දී, පොදුවේ හැම දරුවාටම එය ලබා දීමට  ගනා උත්සාහයන් වැලැක්වීමට 'ජාතිය හෝ මව්බස' වැනි සටන් පාඨ අපයෝජනය කරන බවයි. 

අදාල ප්‍රවෘත්තිය කියවීමට මෙතනින් යන්න.





මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

35 comments:

  1. ඒක හොඳ තීරණයක්.. ලංකාවෙත් ක්‍රියාත්මක විය යුතුම දෙයක්.. ඉංග්‍රීසි වලට අමතරව තවත් එක ජාත්‍යන්තර බාශාවක්වත් උගන්වනවනම් තවත් හොඳයි...

    ReplyDelete
    Replies
    1. අන්ද්‍රා ප්‍රදේශ් වලට වත් migrate වෙමු. හෙහ් හෙහ්. Thank you Senna

      Delete
  2. ලංකාවේ මෙන් දේශපාලකයින් තමන්ගේ දරුවන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දී, පොදුවේ හැම දරුවාටම එය ලබා දීමට ගනා උත්සාහයන් වැලැක්වීමට 'ජාතිය හෝ මව්බස' වැනි සටන් පාඨ අපයෝජනය කරන බවයි.

    මේක කසිකබල් මාක්ස්වාදී කතාවක්. ලංකාවතුල අධ්‍යාපන මාධ්‍ය සිංහල / දෙමල කිරීමේ ගෞරවය/ නින්දාව හිමිවිය යුත්තේ දේශපාලඥයන්ට නෙමෙයි. දේශපාලඥයෝ කලේ ජනමතයට කන්දිම පමණයි.
    ගෞරවය/ නින්දාව හිමිවිය යුත්තේ හෙල හවුල, ගුණපාල මලලසේකර වගේ අයටයි. ගුණපාල මලලසේකර එයාගේ ශබ්දකෝශයේ පෙරවදනට ලියාතිබෙන අන්දමට එයා ඉංග්‍රිසි එපා කියලා නෑ.

    ReplyDelete
    Replies
    1. //'ජාතිය හෝ මව්බස' වැනි සටන් පාඨ අපයෝජනය කරන බවයි.

      එහෙනම් කාටහරි කියන්න පුළුවන්ද අපයෝජනය නොකර හරියට කරන විදිය.

      ඔය කියන්න හදන්නේ ජාතිය ආගම මව්බස වැඩක් නෑ. කාලා,බීලා, නටලා, බඩු ගහලා, ගබ්සා කරලා නයිපනික්කියා වගේ මැරිලා පලයව් කියලාද?

      හැමදේම ආර්ථික විද්‍යාවට ගැලපීම කසිකබල් මාක්ස්වාදී ක්‍රියාවක්.

      Delete
    2. ඔබ කියන එක හරි. නමුත් ඒක ඕන අයට. මේ ලඟදි පෝස්ට් එකක් දැක්කා අර සංවර්ධන කොරිඩෝවේ අයට ඇමෙරිකානු ග්‍රීන් කාඩ් දෙනවනම් ලංකාවෙ අය ඒකෙ තෙරපිල මැරිල කියල. දුප්පත් මිනිස්සු දුප්පත් කමේ තියනේ 'නිදහස්' කියල කියාගන්න අධ්‍යාපන ක්‍රමය. දුප්පත් මිනිස්සුන්ට රජයේ විශ්ව විද්‍යාලෙ නැති වුනාම පෞද්ගලික සුදුසුකම් ගන්න සල්ලි නැතිකම. ඒ වගේම එකක් තමයි මෙතන. ඉංග්‍රීසි කථාකරන්න පුලුවන් අය මොන විභාගෙ අසමත් වුනත් මෙහෙ හරි පිටරටක හරි රස්සාවක් ගන්නවා. බැරි අයට මැද පෙරදිග හරි කොරියාව හෝ ජපානයට පණින එක විත්‍රයි. නැත්නම් මෙහේ කුලී වැඩ.

      Delete
    3. දුප්පත් අයත් දන්නවා ඉංග්‍රීසි කතා කරන්න හැකියාවක් ලැබෙන අයට තිබෙන වාසිය. ඒ වුනාට ඒ අයට ජාත්‍යන්තර පාසැල් යන්න සල්ලි නැහැ. අය සිංහලෙන් ඉගෙන ගන්න වුන් ඔක්කොම සිංහල භාෂාවෙන් ගන්න ප්‍රයෝජනය මොකද්ද? හැමෝම සාහිත්‍යධරයො වෙනවද? ඉන්දියාවෙත් කරන්න ඕන දේ කරන තත්වෙකට එනකොට එක කට්ටියකට ඉංග්‍රීසි අධ්‍යාපනය වහ.

      Delete
    4. //ඔය කියන්න හදන්නේ ජාතිය ආගම මව්බස වැඩක් නෑ. කාලා,බීලා, නටලා, බඩු ගහලා, ගබ්සා කරලා නයිපනික්කියා වගේ මැරිලා පලයව් කියලාද?//

      මම එහෙම එකක් කියල නැහැ. සිංහලෙන් ඉගෙන ගන්න එවුන් කාලා, බීලා, නටලා, බඩු ගහලා ඉන්නෙ නැත්ද? ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්ත වුන් විතරද ඒවා කරන්නේ. අනේ හුකේ කිව්වලු.

      Delete
    5. අන්තෝනි, මොකද 'ඉංග්‍රීසි' වචනේ දැක්ක ගමං ඉත්තෑවො දුවන්න ගත්තේ.
      ඔහෙටත් නලින් සිල්වාට වගේ සුද්දෙක් ප්‍රශ්චාත් භාගේ ක්‍රීඩා කළාද

      Delete
    6. අන්තෝනි,.........ඔහෙගෙ කුහකකම හොදට පෙනෙනවා...සින්හලවලට ආගම්ට ඉහලම ලකුනු තිබුනත් සම්මුක පරික්සහනෙය්දි ඉන්ග්‍රිසියෙන් උත්තර දි ගන්න බැරුව ගියෝත් පසුව දැනුම් දෙන්නම් තමයි...
      යකෝ හරකෝ..කවුරුහරි හොද දෙයක් කියනකොට ඒ මනුස්සයා ගැන හිතෙ කහට තියාගෙන කෙමෙන්ට් කරන්නේ නැතුව හරි දෙ කතා කරපන්

      Delete
  3. //ලංකාවේ ඉංග්‍රීසි භාෂාව උගන්වන ආකාරයට ගණිතය වැනි තවත් විෂයයක් ලෙස ඉංග්‍රීසි ඉගැන්වීමෙන් කෙදිනකවත් හොඳින් ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට සිසුන්ට හැකි නොවන බවත්, ඉංග්‍රීසි භාෂාවෙන් වෙනත් විෂයයන් කිහිපයක් හෝ ඉගැන්වීමෙන් භාවිතාවට අවශ්‍ය පුහුණුව ලැබෙන බවත් නැවත කිව යුතු නැත.// අපාට් සෝවියට් දේශයේදී රුසියානු භාෂාව ඉගැන්වුවේ මෙහමයි. අදටත් රුසියන් හොඳට කතා කරන්නේ (අවුරුදු 25 ගිහිල්ලත්) ඒ නිසයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත්. ඒක විතරයි එකම සාර්ථක ක්‍රමය.

      Delete
  4. ඉයන්, ඉතාම කාලෝචිත අදහසක්. ඒ කාලේ අපටත් ඉංග්‍රීසි ඉගැන්නුවේ එක විෂයයක් විදිහට විතරයි දැනගත්තු මෙලෝ මල දානයක් නැහැ. හැබැයි එක දවසක් ඉංග්‍රීසි නාට්‍යයකත් රඟපෑවා දෙබස් කටපාඩම් කරගෙන. මතක් වෙනකොටත් හිනහයි. අපේ පන්තිවලින් ඉංග්‍රීසි තේරුම් අරන් හිටියේ නැහැ 5 දෙනෙකුවත්!

    ඉංග්‍රීසි තියෙනවා නම් අද පරම්පරාවට ගන්න පුළුවන් දැනුම් සම්බාරයක්ම තියෙනවනේ!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිමල්. දැනුම සහ අවස්ථා විතරක් නෙවෙයි ලොකු ආත්ම විස්වාසයකුත් එනවා.

      Delete
  5. අන්ද්‍රා ප්‍රදේශ් ඉංගිරිස් = අණ්ඩර ඉංග්ලිෂ්

    ReplyDelete
    Replies
    1. රසික, අන්ඩර දෙමළ කියන එකට අන්ද්‍රා ප්‍රදේශ් සම්බන්ධයක් තියෙනවාද?

      Delete
    2. තෙලඟු from අන්ද්‍රා ප්‍රදේශ්

      //The Nayak Kings were of Telugu origin who practiced Shaivite Hinduism and were ... They spoke Tamil, which was also used as the court language in Kandy ...//
      https://www.wikiwand.com/en/Kingdom_of_Kandy

      Delete
  6. මාත් කැමති අදහසක් පෞද්ගලිකව...

    ReplyDelete
  7. අන්ද්‍රා ප්‍රදේශ්,ගුජාරාටි වගේ ප්‍රන්තවල ඉන්දියාවේ අනිකුත් ප්‍රන්ත වලට වඩා අධ්‍යාපන මට්ටම හොඳයි කියනවා නේද ?

    ReplyDelete
    Replies
    1. Thank you Manoj. I am not sure. But India is way ahead of Sri Lanka.

      Delete
  8. ඔය ඉස්කෝලේ උගන්නන ඉංග්‍රීසි පීරියඩ් එකත් කට් කරලා ඉන්න එක තමා ගොඩක් ළමයි කරන්නේ. මේ වැඩේ තමා ලංකාවෙත් කරන්න ඕනේ.

    ReplyDelete
  9. අන්ද්‍රා පුදේශයේ දේශපාලඥයෝ හිතනවා ඇති අනේ අපි අපේ ලමයින්ට ඉංග්‍රීසියෙන් උගන්නලා අපේ ජාතියට මොනතරම් වැරැද්දක් කලාද කියලා.
    ඒ මිනිස්සු ඒ නිසා ඒකට විරුද්ධ ඇති.
    මහඇමති තවම කොල්ලා නිසා අත්දැකීම් අඩු ඇති.

    අනිත් අතට ජාතිකවාදය කියන්නේ දන්සැලක් නෙමෙයි. ඒ වගේම සමාජවාදයකුත් නෙමෙයි.
    සමහරුන්ට වැඩියෙන් කැපකිරීම් කරන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. බලන්න මුලතිව් ගුරුන්ද විහාරය සම්බන්ධ ගැටළුව.
      දෙමළ පෙරකදෝරුවෝ, නඩුකාරයෝ, නිලධාරි, පිටරට දෙමෙල්ලු ජාතිවාදය අවුස්සනවා.
      යම් හේතුවකින් නැවතත් ත්‍රස්තවාදයක් ආවොත්, ඔ්කුන් එකෙක්වත් ජාතිය වෙනුවෙන් මැරෙන්න යනවද?
      මැරෙන්නේ දුප්පත් දෙමෙල්ලු.

      නමුත් දුප්පත් දෙමෙල්ලු එකෙක්වත් මේ කාරනය ගැන මීක් ගානවද?
      අන්න ඒක තමා දෙමළගේ තියෙන වැදගත්කම.
      දෙමලාගෙන්වත් ඉගෙනගනියව්.

      Delete
    2. ඇන්ටනි, මට තියෙන ප්‍රශ්නේ, විමලසිරි, ගම්මන්ලිප, ඇයි රතන සාදු, පැලෝපීය චන්න, බටහිර වයිර නලින්, ගුණදාස අමර, ගෙවිඳු කෂ්ටිය ඔව්වට කතා කරන්නේ නැත්තේ. ඔහේගේ විතරක් ඉත්තෑවො දුවන්නෙ ඔහෙටත් නලින් සිල්වාට වගේ සුද්දෙක් ප්‍රශ්චාත් භාගේ ක්‍රීඩා කළාද.

      Delete
  10. ඉයන් සෑර්,

    ඉන්දියාවේ බොහෝ භාෂා සංස්කෘත බේස්ඩ් නේ.

    නමුත් සෑර් දෙමළ, තෙලිඟු (ආන්ද්‍ර භාෂාව), මලයාලම් (කේරළ භාෂාව) හා කන්නඩ (කර්ණාටක භාෂාව) හතරම ද්‍රවිඩ මූලයක් සහිත භාශා. බොහොමයක් එකම හෝ ලඟින් යන අන්දමේ උච්චාරණ ඒවායේ තිබෙනවා.

    ඉතින් සෑර් තෙලිඟු වලින් කතාකරනකොට ටිකක් දෙමල වගෙයි නමුත් දෙමල නොවේ. පැහැදිලිව තේරෙන්නේ නැහැ. You know what I mean.

    ඔන්න ඔතනිනුයි සෑර් අණ්ඩර දෙමළ කතාව හැදිලා තියෙන්නේ.

    අපේ පාරිභාෂික ෂබ්ධමාලා වචන ගැන කියන්ඩ ඕනේ නෑනේ සෑර් ඒ නමම ඉතින් අණ්ඩර දෙමලනේ.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
  11. බුකියත් නැතිවුනා නං අපේ එවුං ඉංගිරිසි අකුරු ටිකවත් ඉගෙන ගන්න උනන්දු වෙන්නෙත් නෑ. ආණ්ඩුවෙන් නොකලට උනන්දුව ඇති එකාට ඉංග්‍රීසි ඉගෙන ගන්න බැරිකමකුත් නෑ.

    ReplyDelete
  12. මේක මෙහෙම සරලව විසඳන්න පුවවන් මාතෘකාවක් නොවේ. 56ට කලින් අපේ රටේ ඉංග්‍රිසි අධ්‍යාපනයක් තිබුණා. සිංහලයා රජවුණා කියලා 1956 අංක 33 පණතේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව පිහිටෙවුවා . ආණ්ඩුක්‍රම වයවස්ථාවේ 4 වන පරිච්ඣේදයේ භාෂාව පිලිබඳ සඳහන් වෙන්නේ මෙහෙමයි. සිංහල හා දෙමළ රාජ්‍ය භාෂා වන අතර ඉංග්‍රීසි බාෂාව සන්දාන භාෂාව වේ. එහෙනම් ජාතින් අතර සුහදත්වය හා ඇතිවුණ ප්‍රහ්න නැවත ඇතිනොවන්නට නම් ඉංත්‍රිසි භාෂාව දියුණු කළ යුතුය.
    විචාරක දියණිය

    ReplyDelete
  13. අපටත් දවසක ඉරපායා දෝ....

    ReplyDelete
  14. මම අහලා තියනවා කතාවක් ඇත්තද දන්නේ නැහැ...බන්ඩාරනයක මහත්තයා ප්‍රදාන බස සින්හල කරලා ඉට පෙර පාසල්වල තිබුනු ඉන්ග්‍රිසි ඉගැන්විමේ ක්‍රමය කඩාකප්පල් කරා කියලා..

    ReplyDelete
  15. මගේ පොඩි එකා 5 වසරෙදි ඒ පන්තියෝ ලමයින්ගේ අම්මලා එකතු වෙලා ප්‍රින්සිපල්ට කියලා ශිශත්වේ ඉවර වෙනකන් ඉන්ගිසි ටිචට කියන්න කියලා ඒ පිරියඩ් එකත් අනිත් ටිච්ර්ලාට දෙන්න කියලා...
    ඒ උනාට අම්මලාගේ බලාපොරොත්තුව ලමයව ඉන්ගිරිසියෙන් උගන්වන පාසලකට ඇතුලත් කරගැනිම

    ReplyDelete
  16. අනිකුත් විශයන් ඉන්ග්‍රිසියෙන් උගන්වනවනම් වෙනම විශයක් ලෙස ඉන්ගිරිසි උගන්වන්න උවමනාවෙන්නේ නැහැ නෙද

    ReplyDelete