Friday, May 10, 2019

ඇත්තටම දැක්කද? 2

කහපාට ගවුමකින් සැරසුන යුවතියක්


ඇත්තටම දැක්කද? 1

කලින් ලියපු 'ඇත්තටම දැක්කද?' පෝස්ට් එක මතකනෙ. මතක නැත්තම් ලින්ක් එක උඩ තියෙනවා.  අද දෙවෙනි කොටස.

අපි හැමෝම දකින රූප වලට ආසා කරනවා ඒ වගේම සමහර දකින රූප වලට තදින් බැඳෙනවා. තවත් රූප වලට අපි අකමැතියි. ඒ නිසා ද්වේශ කරණවා. ඒ වුණාට, අපි කවදාවත්ම අපේ ශරීරයට පිටින් තියෙන රූපයක් හෝ පිටින් ඇහෙන සද්දයක් හෝ කන දෙයක රසක් දැනිල නෑ කිව්වොත් විස්වාස කරන්න පුළුවන්ද?

ඒක තමයි ඇත්ත කියල මේක කියෙව්වොත් ඔබත් පිළිගනියි. පේනවා යැයි අපි හිතන දේවල් ගත්තොත්, අපේ ඇහැට 'පෙනෙන්නේ' නැහැ. ඒකේ තියෙන්නේ කැමරාවක වගේ කාචයක් විතරයි. ආලෝකය තිබෙන වෙලාවට රූපය මත පතිත වන ආලෝක කදම්බයක් ඇහැට වදිනවා. හැබැයි ඒ එන කදම්බයේ රූපයක් නැහැ. ඇහැට වැටෙන්නේ පාට කීපයක් එහෙම නැත්නම් වර්ණ සටහනක් පමණයි. ඒ වර්ණ සටහන නිසා ඇහේ තිබෙන ස්නායු වලින් සිග්නල් එකක් යවනවා හිතට. ඒක තමයි වෙන්නේ.

අපි උපකල්පනය කළොත් හිත තිබෙන්නේ මොළයේ කියලා, එහෙමනම් මොළයේ කොටස් දෙකක් තියෙනවා. ටිකක් කම්පියුටරේ හාඩ් ඩිස්ක් එක සහ RAM එක වගේ. හාඩ් ඩිස්ක් එකේ තියෙන්නේ පරණ මතක කියලත් RAM එකේ තියෙන්නේ අර ඇහෙන් දැකපු වර්ණ සටහන නිසා ආපු සිග්නල් එකත් විතරයි කියා හිතන්න.

එතකොට වෙන්නේ RAM එක හාඩ් ඩිස්ක් එකේ තිබෙන මතකයෙන් විමසලා බලනවා. ඒකේ තියෙනවා ඔය වගේ හැඩයට ඉන්නේ ගැහැණු කෙනෙක්, ඔළුව උඩ තියෙන්නේ කොණ්ඩේ. එයා ඇඳගෙන ඉන්නේ කහපාට ගවුමක් ආදී වශයෙන්. ඒවා උපන්දා ඉඳන් අපි එකතු කරගත්තු දැනීම සහ මතක. එම මතක යොදාගෙන අර ඇහැ හරහා ආපු සිග්නල් එක යොදාගෙන රූපය හදන්නේ සිතේ. ඒ හැදෙන රූපය හැදුනේ අර ආලෝක කදම්බය ආපු තැන කියලා අපි රැවටෙනවා. ඒ අනුව තමයි අපිට ඉදිරියෙන් රූපයක් තියෙනවා කියලා අපිට හිතෙන්නේ. 

ප්‍රායෝගික උදාහරණයක් ගත්තොත් බයියෙකුයියි ටොයියෙකුයි එකට ගමනක් යනකොට රටේ අගමැතිතුමයි, විපක්ෂ නායක තුමයි දෙදෙනාම ඇවිදගෙන එනව දැක්ක කියල හිතන්න. එතකොට බයිය විපක්ශ නායක තුමා දැකල සතුටකුත්, අගමැති තුමා දැකල අසතුටකුත් ඇතිකරගන්නවා. ඒ වුණාට මේදෙනාගේම ඇස් වලට වදින්නේ එකම වර්ණ සටහන. අර පරණ මතක දැනීම ආදිය තමයි හිතට වෙනස් අදහස් දෙන්නේ. ඒවගේම ඒ රූප හන්දුණා ගන්නේත් පරණ මතක වලින්.  

ඇසීම හරහා මේක විස්තර කළොත් වඩා පැහැදිලි වෙයි. අපි ඉන්න තැනට මීටර 25 ක් ඉදිරියෙන් කෙනෙක් ගැට බෙරයක් ගහනවා කියලා හිතන්න. අපිට වැටහෙන්නේ ඒ කෙනා ගැටබෙරේ ගහනකොට එතන බෙර සද්දයක් ඇතිවෙලා ඒ සද්දේ ඇවිල්ලා කනෙන් අපිට ඇහෙනවා කියලයි. ඒත් ඇත්තටම වෙන්නේ එයා බෙරේ හමට තලනකොට හම ගැස්සීම නිසා තරංගයක් නිර්මාණය වෙන එක. ඒ තරංගයේ ශබ්දය නැහැ. නමුත් ඒ තරංගය අවකාශය දිගේ ඇවිත් අපේ කන් බෙරේ වදිනවා. එතකොට කන්බෙරේ ගැස්සෙන ආකාරයට සිග්නල් එකක් නිර්මාණය ස්නායුවක් හරහා හිතට යනවා. ඒත් හිත මේ මොකද්ද කියල දන්නේ නැහැ. හිත කලින් විදිහටම මතකයෙන් එකේ තිබෙන පරණ දැනීම සහ මතක පාවිච්චි කරලා ඒ ගහන්නේ බෙරයක්, ඒක ගැට බෙරයක්, ඒකේ තාලේ මේකයි, ආදී වශයෙන් තීරණය කරණවා. අපිට බෙර සද්දයක් ඇහෙන්නේ එතකොටයි. 

එහෙම නැතිව කනට ශබ්දයක් ඇහෙන්න හෝ එය හඳුණාගන්න හැකියාවක් නැහැ. වෙන විදිහකින් කිව්වොත් කනට මොළයක් නැහැ. ඒක ඇහේ කාචය අර වර්ණ සටහන සිග්නල් එකක් විදිහට ස්නායු හරහා හිතට ඇරියා වගේ අර තරංගය කෝඩ් කරලා හිතට යවන්නේ කන සහ කන් බෙරය. 

අපිට ඇස් දෙකක් හෝ කන් දෙකක් තියෙන නිසා ඇස් දෙකට වර්ණ සටහන් දෙකක් සහ කන් දෙකට තරංග දෙකක් එනවා. ඒ දෙක සුළු වශයෙන් එකිනෙකට වෙනස්. ඒ වෙනස තමයි එම රූපය තිබෙනවායැයි අපි හිතන  දිසාව හෝ ශබ්දය එනවා යැයි අපි හිතන දිසාව තීරණය වෙන්නේ. මේ ගැන හොඳට හිතුවොත් අපි කවදාකවත් බාහිරව රූපයක් දැකල නැහැ කියල සහ බාහිරින් ශබ්දයක් ඇහිල නැහැ කියල වැටහෙයි. රස, සුවඳ වගේ දේවළුත් මේවගේම තමයි. 

මේක තේරුණොත් අපිට තේරෙයි පරණ මතක යොදාගෙන හිතේ හදාගන්න දේවල් එක්ක තමයි අපි බැඳෙන්නේ හෝ ගැටෙන්නේ කියලා.

මේ විග්‍රහය මගේ එකක් නෙවෙයි. මේක කිව්වෙ දැනට අවුරුදු 2500 කට විතර හිටපු බුදු හිමියන්. එයා කිව්වේ ඔය වගේ නොදැකපු නො අහපු දේවල් වලට ඇලිල හෝ ගැටිල සසර දික්කරගන්න එපා කියල.






මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

19 comments:

  1. Replies
    1. හෙහ් හෙහ් ඩ්‍රැකී

      Delete
  2. 2016 දී ලියා තිබුණු 'ඇත්තටම දැක්කද? 1' ත් කියවූවා. ජීවිතයේ යතාර්ථය පෙන්වා දීම සඳහා ඉතාමත් සරලව, ඒ සමග ගැඹුරු අදහස් ඇතිව ලියා ඇති සාර ගර්භ ලිපියක් ඉයන්. ඇස සහ කණ මගින් ලැබෙන සංඥා රූප සහ ශබ්ද බවට හැරවීම ගැන කර ඇති විස්තරය පාසල්වල සාමාන්‍ය පෙළ සිසුන්ට රූප සටහන් සහිතව විද්‍යාව පාඩමක් උගන්වනවා වගෙයි. තුන්වන කොටසත් බලාපොරොත්තු එනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දයා මහත්මයා. ඇත්තටම විද්‍යාව පාඩමේ ඇහැ සහ කන ගැන කියල දෙනකොටම මේ ධර්ම කරුණත් ඇතුලත් කලා නම් ළමයින් කිහිප දෙනෙකුට හෝ ඒ ගැන හිතන්න පෙළඹිලා හොඳක් වෙයි. ඔබ තුමා කියන නිසාම තව එකක් ලියන්නම්. නැවතත් ඔබ වැනි අයෙකුගෙන් ලැබුණු ප්‍රතිචාරය අගයමඉන් ස්තූති කරනවා.

      Delete
  3. මාත් ඉස්සෙල්ලම කළේ පළමු කොටස කියවලා ඉන්න එක.
    දෙකෙන්ම කියන කාරණා 'මගේ මනසේ' ඇති කරවන චිත්ත තරංගවල හැටියට නම් ප්‍රශස්තයි.

    අනේ ඉයන්. වැරදිලාවත් මහන වෙන්න නම් එපා, මහණ වුණත් බණ දේශනා කරන්න යන්න එපා.
    අපේ ගරුතර සංඝ පීතෘවරුන්ට බැරි තරම රටටම පෙනෙන්නට ගනීවි.

    ReplyDelete
    Replies
    1. නිමල් මහණ වෙන්න නම් අදහසක් නැහැ. ඒ වුණාට මේවා තේරුම් ගත්තේ පැවිදි අයගේ දේශණා කිරීම අහලා තමයි. බෞද්ධ දේශණා ක්‍රම මීට වඩා නවීන සංනිවේදන උපක්‍රම වලින් වඩා හොඳින් සංනිවේදනය කල යුතු බව පිළිගන්නවා.

      Delete
    2. ඇත්තටම දැක්කද? 1 ලිපිය දෙවනි ඔස්ට් එකට වඩා සරලව උදාහරනත් එක්ක ලියලා තියනවා කියලා හිටෙන්නේ නැද්ද?

      Delete
  4. මට පොඩි ගැටළුවක් එනවා. එතකොට අපි මීට කළිං කවදාවත් දැකලා නැති දෙයක් දැක්කොත් උදාහරණයකට කිව්වොත් පිටසක්වල ජීවියෙක් ගමු, එතකොට මොළය මොන මතක එක්කද සංසන්දනය කරන්නේ?
    මම හිතන්නේ මොළයට පෙනීම හෝ ඇසීම ගැටළුවක් නැතිව සිද්ද වෙනවා. ඒ කියන්නේ යම් ශක්තියක් ඉන්ද්‍රිය වෙත ආවම ඒ ශක්තිය ආව ප්‍රභවය ගැන යම් අදහසක් ඇති කරගන්න (ප්‍රමාණය, වර්ණය, පරිමානය වගේ ) ඉන්ද්‍රිය හා මොළය සමත්. නමුත් ඒක මොකක්ද කියලා හඳුනා ගන්න තමයි මතකය හෙවත් පූර්ව අත්දැකීම් වැදගත් වෙන්නේ. උදාහරණයකට පොඩි ළමයෙක් එයාගේ අම්මගෙ මූන දැක්කට මුළින් අම්මා කියලා අඳුරන්නේ නෑ.ඒත් කිරි දීම, සුරතල් කිරීම ආදිය එක්ක නිතර නිතර ඇගේ මුහුන දකින කොට ඒ ළමයගේ මොළයේ අම්මා කියන සංකල්පය ගොඩ නැගෙනවා.
    ප.ලි. : මම වැරදි වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. දිනුක, ඔයාගේ කමෙන්ට් එක මාවත් පිස්සු හැදෙව්වා!
      මට හිතෙන්නේ අපේ ඉන්ද්‍රිය සංවේදනා සේරම වචනවලින් තේරුම් කරන්න තරම් අපි තවමත් දැනුවත් නැහැ කියලයි.
      x කණ්ඩායමේ ලියවිලිවල කියෙව්වා වගේ මතකයි, උපදින හැටියේ ළදරුවෙකුගේ මොළය සංකල්පවලින් නිදහස්-(තොර) බවක්. දින ගතවෙද්දී එයා එකින්-එක ග්‍රහණය කරගන්නවාලු.
      තව තැන්වල මං කියවල තියෙනවා, දරු ගැබේ හිටිද්දීත් ළමයෙකු යම්-යම් දේවල් ඉගෙන ගන්නා බව. මට හොඳටම මතකයි 1985 කාලේ එංගලන්තයේදී දැකපු වාර්තා වැඩ සටහනක්. ඒ දිනවල එහෙ සමහර ගැබිණි අම්මලා හිටු කියලා- හඬ නඟා පොත් කියෙව්වා බඩේ ඉන්න දරුවන්ට උගන්වන්න.
      මාත් කිව්වේ මතක හැටියට. හොඳට දන්නා අය මොනවා කියාවිද දන්නේ නැහැ.

      Delete
    2. දිනුක සහ නිමල් බොහොම ස්තූතියි. දිනුක ඕනම යමක් පළමු වතාවේදී දැක්කාම තමයි ඒ පිලිබඳව මතකය හැදෙන්නේ. පිටසක්වල ජීවියෙකුට වඩා අපි ලුනු උදාහරණයකට ගමු. කවදාවත් ලුනු කාල නැති කෙනෙක් ලුනු රස දන්නේ නැහැ. හැබැයි ඔහු පාට ගැන කලින් දන්නවා නම් එය සුදු පාට දෙය කියා හඳුනා ගන්නප්‍රමාණ මිණුම් ගැනත් එහෙමයි. තමන්ගේ උස ගැන වැටහීමක් තිබෙන කෙනෙක් තමයි දැකපු දේ තමන්ට වඩා විශාලයි කියල දැන ගන්නේ. කුඩා දරුවෙක් ගේ මතක ඇතිවන්නේ ටිකින් ටික. උහුට ලැබෙන උනුසුම පලමු වරට දැනුනු පසු එයින් ඔහු සතුටක් ලැබුණොත්, ඔහු හොයන්නේ ඒ සතුට. ටිකින් ටික එය දෙන කෙනාට ඔහු බැඳෙනවා. ඒ හැම එකකම පළමු අවස්ථාවක් තිබෙනවා. ඊට පෙර එය කුමක්දැයි ඔහු දන්නේ නැහැ.වා. ඔහු කලින් කුඩු වගේ තිබෙන දේවල් දැක තිබෙනවානම් එය සුදුපාට කුඩක් කියා හඳුනා ගන්නවා.

      ප්‍රමාණ මිණුම් ගැනත් එහෙමයි. තමන්ගේ උස ගැන වැටහීමක් තිබෙන කෙනෙක් තමයි දැකපු දේ තමන්ට වඩා විශාලයි කියල දැන ගන්නේ. කුඩා දරුවෙක් ගේ මතක ඇතිවන්නේ ටිකින් ටික. උහුට ලැබෙන උනුසුම පලමු වරට දැනුනු පසු එයින් ඔහු සතුටක් ලැබුණොත්, ඔහු හොයන්නේ ඒ සතුට. ටිකින් ටික එය දෙන කෙනාට ඔහු බැඳෙනවා. ඒ හැම එකකම පළමු අවස්ථාවක් තිබෙනවා. ඊට පෙර එය කුමක්දැයි ඔහු දන්නේ නැහැ.

      Delete
    3. නිමල් මමත් ඔය බඩේ ඉන්න ළමයින්ට පොත් කියවනවා කියන එක අසා තිබෙනවා. කොහොමත් එක්තරා මට්ටමකට මෝරපු කලලයකට යම් දේවල් වලට සංවේදී තාවක් ඇතිවෙනවා කියල කියනවා. මම ඒ ගැන ගොඩක් දන්නේ නැහැ. ඒ වුණාට මව සතුටෙන් සිටීම ආදිය කලලයට හොඳයි ආදී දේවල් මමත් කියවා තිබෙනවා. ඊටත් වඩා ගස් වලට සංගීතය මඟින් උත්තේජනයක් දෙන්න පුළුවන් කියලත් අහල තියෙනවා.

      Delete
    4. මම ඉගෙන ගත්තු තවත් විෂයයක් ගැන මෙතැනදී මතකය අවධි වෙනවා. ඒ Artificial Intelligence කියන එක. මෙකෙදී උගන්වනවා Neural Network කියළා තියරියක්. ඒකෙන් විස්තර කරන්නේ මොළේ තියෙන නියුරෝන කොහොමද දේවල් ග්‍රහණය කර ගන්නේ කියන එක. එතැනදී Supervised Learning, Unsupervised Learning කියළා දෙකක් උගන්වනවා. එකක් තමයි දෙයක් කියා දීමෙන් ඉගෙන ගැනීම, අනෙක් කියා දුන් දේ මත තවත් දේ උකහා ගැනීමට වර්ධනය කර ගන්නා දැනීම. උදාහරණයකට අපිට වැඩිහිටියෝ අන්න කුරුල්ලෙක් කියළා උගන්වනවා. අපි ඒ ළමයට උගවන්නේ නෑ කුරුල්ලෝ කියන්නේ පියාඹන අය කියළා. නමුත් ළමයා තේරුම් ගන්නවා කුරුල්ලෝ කියන්නේ අත්තටු(තේරුම දන්නේ නැති වුණත්) ගාහලා පියාඹා යන කොටසක් කියළා. අන්න ඒ වගේ තමයි මේ කොටස් දෙක ක්‍රියාත්මක වන්නේ. ඉතිං මේ ළමයා වවුලෙක් දැක්කත් කුරුළු ගණයට දා ගනන්වා. ඉතිං පිටසක්වල ජීවියෙක් අත් දෙකක්, කකුල් දෙකක්, ඔලුවක් සහිතව ආවොත් අපි හිතන්නේ මේ වෙනත් මනුෂ්‍ය වර්ගයක් කියළා. නිට්ටෑවා කියන සතා ගැන වුණත් පහුගිය කාලේ ඇති වුණු උනන්දුව මෙන්න මේ තෝරා ගැනීමේ පරස්පරතාවය නිසා ඇති වුණු එකක්. මොකද ස්වරූපය මිනිසාට සමානයි. නමුත් තිරිසන් ලක්ෂණ පෙන්නුම් කරනවා. බුදු රජාණන් වහන්සේ කිවුවේ මොනම දෙයක් වත් අන්තවාදයට යමින් සොයන්න යන්න එපා කියළා. මොකද කෙළවරක් දකින්න නොලැබෙන නිසා.
      මම ඉයන්ට ප්‍රොෆයිල් දෙකක් තියෙනවා කියළා, වැරදි නිගමනයකට ආවා. මොකද මම දැකලා තිබුණේ මේ ප්‍රොෆයිල් පින්තූරය. එතැනදී මම දිනය බලන්නේ නැතිව මේ පින්තූරය දිහා බලලා හිතනවා මෙයා ප්‍රොෆයිල් දෙකකින් ඉන්නවා කියල. නමුත් වෙලා තියෙන්නේ පින්තූර දෙක කාළ දෙකකදී මාරු කිරීම. ඒකත් හරියට ඇඳුම වගේමයි. අපිට මුලින් වැදුණු රූපය එක්ක තමයි අපි සංසන්දනය කරන්නේ. අපි ඒකත් එක්ක පූර්ව නිගමන ගොඩක් ඇති කර ගන්නවා. ඒවා සමහරවිට ඉවත් කර ගන්නත් බෑ සමහරවිට.

      Delete
    5. සුදීක බොහොම ස්තූතියි දීර්ඝ පැහැදිලිකිරීමට

      Delete
    6. අම්මාගේ බඩේ ඉන්න බබා අම්මා කත කරනකොට විතරක් නෙමෙයි..එයාට ආදරය කරන අය (තාත්තා, අයියා ) කතා කරනකොට සන්වෙදි වෙනවා (බන්ඩිය උස්සලා දගලලා පෙන්නනවා)..අත්දැකිමෙන් කියන්නේ...මේ දවස්වල මම ඒ අත්දැකිම විදිනවා

      Delete
  5. In the world of safe hues, like black, red and white, yellow shouts: "Look at me. I'm happy!"

    JOY SEWING

    ReplyDelete
  6. මුලු ලිපියේම වටිනාකම නැතිකරන්වනේ උබ දාලා තියන පොටෝ එක...ඉල්ලපන්කෝ මගෙන් දෙන්නම් පොටෝ කහ පාට ගවුම් විතරක් නෙමෙයි කහ පාට බ්‍රා පැන්ටි ඇදපු ඒවත්

    ReplyDelete
  7. මෙක අර ආලෝකය ශබ්දය ගැන කියවෙන විද්‍යා පාඩමට සම්බන්ධයි වගේ . බොරු කියන්න ඔන නෑ මට විද්‍යාව එච්චර බෑ
    විචාරක දියණිය

    ReplyDelete
  8. ලිපි දෙකම කියෙව්වා. යමක් සිතීමට පොළඹවන මෙවන් ලිපි දිගටම ලිවීමට ඔබට සිතේවා.

    ReplyDelete
  9. හරි කතා තමයි ඉයනුත් කියන්නේ. එතකොට අපිට මොකුත් ඇහිලත් නෑ, අපි මොකුත් දැකලත් නෑ. අඩුම තරමේ රසක්වත් දැනිලා නෑ. හරියට, ගෙවල් කියල දේවල් ලෝකෙ කොහෙවත් නෑ වගේ. තියෙන්නේ වැලි ටිකකුයි, උළු, ගඩොල් ටිකකුයි, පස් ටිකකුයි විටරයි වගේ.

    මොනා උනත් මේ විදියට සරලව තේරෙන විදියට විග්‍රහ කරලා බලන එක වටිනවා. එයින් හිතේ ඇතිවෙන එකම එක ගැටීමක් හරි ලිහිල් වෙනවා නම් ඒක වටිනවා.

    ReplyDelete