Monday, September 10, 2018

ගයිඩ් වැඩක්

සුධීක කිව්වයින් පස්සෙ ගයිඩ් වැඩේ නොකර ඉන්නත් හිතුව. ඒවුනාට සමහර ලිපි දැක්කම ඒව ප්‍රසිද්ධ නොකර ඉන්න අමාරුයි.  මේ ලිපි දෙකම කියවන්න.



ඔහු තාමත් තමන්ගේ අතීතයේ එල්ලිලා ඉන්නවා මිසක වෙන දෙයක උවමනාවක් තිබුන්නෑ. තමන්ගේ මිය ගිය පෙම්වතිය ගැන කියවමින් හිටියේ ඔහු අන්ධ භක්තිකයෙන් වගේ ප්‍රේමය අදහමින් ජිවිත් වෙනවා කියලායි මට හිතුනේ. කොහොමටවත් පුද්ගලයෙක්ව අතීතයෙන් අපේ ඉතිහාසයෙන් ගලවලා දාන්න බැහැනේ. මට ඔහුට කියන්න තිබුණේ දැන් අවුරුදු දෙකකට කලින් රිය අනතුරකින් තාත්තයි මගේ සහෝදරයයි මිය ගිය පුවත විතරයි. ඒක ඔහුට ලොකු කම්පනයක් උනේ නෑ. වෙන පිරිමි වගේ මාව සනසන්න ඕන උනේත් නෑ. මමත් එහෙම සැනසීමක් බලාපොරොත්තුවෙන් කිව්ව දේකුත් නෙවෙයි. නිහඬව ඉන්න බැරි තැනකදි කිව්වා විතරයි.

ඔය කොටස තිබ්බෙ මෙන්න මේ කථාවෙ


උදේ පිඹින නලාවට , මායි මල්ලීයි ඉස්පිරිතාලේ කුස්සිය ගාව සියඹලා ගහ ගවට දුවන්නේ පැරකුම් ටින්කිරි හිස් ටින් එකත් අරගෙන.......
තාත්තා පාන් බාගයකුයි, සම්බෝලයි, කිරිතේයි දෙනවා.....
ඒ එයාගේ ඩයට් එකලු.

අපි දෙන්නා එකත් අර ආපහු එන්නේ කාර්වල.......
මල්ලීගේ කාර්එකේ ඇංජීම මගේ එකට වඩා හොදයි.......
ඒ හින්දා මුලින්ම  කෝටස් එකට යන්නේ මල්ලී......
හැබෑයි මගේ ගාව තිබ්බ පාන් මල්ල ඇතුලෙනේ පානුයි සම්බෝලයි තිබ්බේ....
සමහරදාට ජෑම් ගාපු පානුත් තිබ්බා.



දෙවෙනි කොටස තිබ්බේ මේකෙ



මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

11 comments:

  1. කොහෙන්ද බං මේවා හොයාගන්නේ......

    ඒත් මම දුකේම හිටිය එකෙක් නිසා , දැන් දුක ආවර්ජනය කරන්නේ නැහැ. ඒත් ඒවා අමතක නැහැ. ජීවිතය කියන්නේ අවසාන අරක්කු වීදුරුව වගේ. හිස් කරොත් මත් වෙයිද....එහෙම නැත්නම් මදිවෙයිද වගේ....

    මචං ඉයන්...... මේවා වාඩිවෙලා කතා කරන්න ඕන සබ්ජෙක්ට් බං...

    දවසක හමුවෙමු
    හමුවී හිනැහෙමු
    හිනැහී වැළපෙමු
    අපි ආයේ.........

    ReplyDelete
    Replies
    1. අරූ, එදා හමුවීම කෙටි වැඩි වුනා. ආයිමත් අවස්ථාවක් ලැබෙයි

      Delete
  2. ගියා, කොමෙන්ට් කළා, ෆලෝ කළා. ස්තුතියි.

    ReplyDelete
  3. මේ දෙකම මගේ බ්ලොග් රෝලේ තියෙනවනේ. ඒත් මේ පොස්ට් දෙකම කියවල තිබුනේ නෑ. මේ ටිකේ මේ වගේ ගොඩක් ඒවා මඟ හැරුනා.. ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. කමී බිසී වගේ. බ්ලොග් නිසා පස්සෙ හරි කියවන්න පුළුවන්නේ

      Delete
  4. දෙකටම ගියා. දෙකම නියමයි ඉතින්. සුධිකයා තවම් ලියනවද? දැක්කේ නැහැ කාලෙකින්

    ReplyDelete
  5. " පිය සමර " ස්තූතී ඉගියට ඉයන්

    ReplyDelete
  6. කවුරු එපා කිව්වත් කමක් නැහැ ඉයන්. ඔයා ගයිඩ් වැඩේ කරන්න. හැමෝටම හැම දේම කරන්න බැහැනේ. මෙදා සැරේ එක්කං ගිය දෙපොළටම ආයේ යනවා! ස්තුතියි පාර පෙන්නුවට!

    ReplyDelete
  7. ස්තූතියි

    ReplyDelete