Wednesday, August 23, 2017

ජංගම දුරකතනයෙන් දෙවියෝ වඩිති


බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආගමන පරිශ්‍රයේ වියට්නාම් ජාතික කාන්තාවක් හඬමින් සිටියාය. වියට්නාම භාෂාව හැර වෙනත් භාෂාවක් නොදන්නා ඇයට උදව් කිරීමට හැකි කිසිවෙක් නො විය. ඇය වියට්නාම් ජාතික කාන්තාවක් බව හඳුනාගත හැකි වූයේද ඇයගේ ගමන් බලපත්‍රය අත තිබූ බැවිනි. 

ප්‍රධාන ආගමන විගමන නිලධාරි  යාපා මහතාත් තවත් නිලධාරියකුත් දන්නා තරම් භාෂාවලින් කථා කළද පලක් නො විය. ඇයට ඒ කිසිවක් නොවැටහිණ. අවසානයේ එක් විසඳුමක් ලැබුණි. ඒ ඇය සතුව තිබූ ජංගම දුරකථනයයි. 

ශ්‍රී ලාංකික නිලධාරියා දුරකථනයේ ගුගල් ට්‍රාන්සලේටර් හරහා වියට් භාෂාවට පරිවර්තනය කර කළ යුතු දේ පෙන්වූයේය. ඇයද වහා ක්‍රියාත්මක වී ඇයට අවශ්‍ය දේ වියට් භාෂාවෙන් ලියා එය ඉංග්‍රිසියට පරිවර්තනය කර පෙන්විමට සමත් වූවාය.  

ඒඅනුව දින දෙකක් කෑමක් නැතිව වතුර පමණක් පානය කරමින් සිටින බවත් මිළඟ ගුවන් යානයෙන් වියට්නාමයට යාමට ක්‍රියා පිළිවෙළ නො දන්නා බවත් උදව් කරන ලෙසත් ඇය ඉල්ලා සිටියාය. 

ඇයට කෑමට යමක් සපයා දීමට ප්‍රධාන ආගමන විගමන නිලධාරි මහතා වහාම ක්‍රියා කළ අතර අදාළ ගුවන් සමාගම් වලටද කථාකර සියල්ල විසඳීමට හා ගූගල් පරිවර්තකය මඟින් සියලු ක්‍රමවේදයන් ඇයට දැන්විමටත් ශ්‍රී ලංකා නිලධාරීන්ට හැකිවිය. 

එය අහඹු හුදකලා සිදුවිමක්වුවත් අවසානයේ ඇය ශ්‍රී ලාංකිය නිලධාරීන්ට ස්තුති කරමින් 

සිය දුරකතනයේ සටහනක් තැබුවාය. වියට්නාම් බසින් තැබු සටහන ඉංග්‍රිසියට පර්වර්තනය වූ ආකාරය මෙසේ විය. 

"Thank you. Finally god led me to the humans."
‘‘ ඔබට ස්තුතියි, දෙවියන් අවසානයේදී මා මිනිසුන් අතරට යැව්වා‘‘ යයි එයින් කියැවිණි.

උපුටා ගත්තේ ලංකාදීප පුවත්පතිනි



මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

33 comments:

  1. අපි ඉතිං දැං කාලෙක ඉදලම ගූගල් දෙයියා කියල නේ කට ඇරල කියන්නේ. හැක්

    ReplyDelete
    Replies
    1. දෙයියෙක්ම තමයි, ස්තූතියි දේශක

      Delete
  2. ඒකනේ ගූගල් එකට දෙයියෝ කියන්නෙ නිකන්ද?

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඒකනෙ, ස්තූතියි තඩියා

      Delete
  3. අපේ සයිට් වල වැඩට එන ගොඩක් චීන්නුන්ටත් දෙන්නේ ඔය ඉන්ජෙක්ෂන් එක තමයි. සමහර ඒව කියල කියල මළ පැන්නම ඉඳල හිටල කුණුහබ්බෙන් දෙකක් කියුවම ඒවා මැන්ඩරීන් වලට ට්‍රාන්ස්ලේට් වෙන්නේ වෙන අමුතුම කුණුහරුප විදියට ..පට්ට ආතල් ඒ වැඩේ..

    ReplyDelete
    Replies
    1. බලාගෙන කමියෝ ඔය චීනුන්ගෙ අම්මලාට හු......ඟාක් සල්ලි තියෙනවා

      Delete
  4. ආවෙ කොහොමද දන්නෙ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. ඒකෙත් ඇදක් හොයනවා. :) කවුද දන්නෙ නැහැ බජට් එක හැදුවෙ. Thank you Pra Jay

      Delete
  5. අවසානේට ඇය කියා තිබෙන ඒ වචන

    ReplyDelete
    Replies
    1. ඔව් යාත්‍රාව, වෙන රටක අතරමං වෙලා ප්‍රශ්ණෙ විසඳුනාම තිබෙන් සැහැල්ලුව ඒ වචන වලින් පේනවා.

      Delete
  6. අන්තිම මොහොතද ඔක්කොම මතක නැතිවෙලා තියෙන්නෙ.
    මොනව උනත් නිලධාරීන්ගෙ ක්‍රියා පිළිවෙත අගනේයි.

    ReplyDelete
    Replies
    1. ඔව් Praසන්ன. ලංකාවට ආවම මතක නැතිවෙන හැදෙන්න ඇති. ස්තූතියි මචං

      Delete
  7. එවැනි නිලධාරීන් අද සමාජයේ විරළයි. ඒ කාන්තාවගේ වාසනාව ඇය අවසානයට නියූ වැනිය නිවැරදියි.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඔව් විචා දියණිය. ඇය කිවූ දෙය එම නිලධාරීන්ට ලැබුණු වටිනා ත්‍යාගයකට වඩා වටින්න ඇති.

      Delete

  8. "Thank you. Finally god led me to the humans."///////////////// +++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. අද ලෝකයේ තාක්ෂණය දියුණු වෙතී
      හොද දේ නරක දේ ඉන් සිදුවෙලා ඇතී
      අද මේ ලියට දුරකථනය දෙවියො වෙතී
      හොඳ හොඳ වැඩි හොඳය දිනකදි නරක් වෙතී...

      ජයවේවා!!!

      Delete
    2. හොඳට නරකට දෙකට ෆෝන් එකමය කියල ආදියේ කියල තියෙනවනෙ. ස්තූතියි දුමී.

      Delete
  9. කුණුහරුපෙං බැන්න එකක් වැරදිලා ට්‍රාන්ස්ලේට් වෙලාද දල්ලෑ අපේ හාමුදුරුවනේ!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උඩුවා. ආගමන විගමන නිලධාරියාට එළුවෙක් වගේ රැවුල වවලලු. Thank goat කියපු එක Thank god වගේ ෆෝන් එකට ඇහුණද දන්නෙ නැහැ තමයි.

      Delete
  10. මම දන්න විදියට ලංකාවේ ගුවන් තොටුපලේ ඔය තරම් කාර්‍යක්ෂමව සහ මානුෂීයව වැඩකටයුතු සිද්ධ වෙන්නේ නැති තරම්. මේ පුවත සත්‍යයක් නම් ඇත්තටම සතුටුයි.

    ReplyDelete
    Replies
    1. මගෙත් අත්දැකීම එහෙම තමයි. සමහර විට අපිට ඒවගේ කරදයක් නොවුන නිසා දැනගන්න අවස්ථාවක් නොලැබෙන්න ඇති.

      Delete
  11. ඉයන්,

    ඇත්තටම ඔයිට වඩා තක්ෂණය අද දියුණුයි
    https://www.youtube.com/watch?v=M8ZfR4iEwig

    මේතියෙන්නේ කතාකරනකොට පරිවර්තනය වන වැඩසටහනක්.

    ඔබ දකින්න ඇති සිංහල පවා පරිවර්තනය කරනවා.

    https://www.youtube.com/watch?v=0UmT7451fkU

    ReplyDelete
    Replies
    1. ඔව් ලංකා සිතුවිලි, මම හිතන්නේ මේ අය ඒගොල්ලො දන්න ක්‍රමයකින් මේ කාන්තාවට උදව් කරන්න බලන්න ඇති. කවුරුහරි මේ තාක්ෂණ ගැන විදේශිකයන් හා කටයුතු කරන අයට දැනුවත් කරනවනම් ප්‍රයෝජනයක් වෙයි.

      Delete
  12. ඇත්තමට මටත් ඔය ආරංචිය මුලින්ම දැනුනු ගමන් සතුටක් හිතුනා , ලංකාවේ මිනිසුන්ගේ මනුස්සකම ගැන

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනස්... ඔව් ඒකනම් ඇත්ත

      Delete
  13. කවුරු උනත් හොඳ වැඩක් කර අසරණ වූ කෙනෙහුට පිහිට වූ විට ඒ ගැන අගය කිරීම පොදුවේ සිංහල අපගේ හොඳ ලක්ෂණයක්

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔව් දයාවී මහත්මයා. බොහොම ස්තූතියි

      Delete
  14. වියට් උන් ඉංගිරිස් ඉගන ගන්නෙ නෑලු ඇමරිකාවත් එක්ක තරහට...😂

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසි කියන්නේ එංගලන්තය ප්‍රචලිත කරපු භාෂාව කියල කට්ටිය දන්නෙ නැති ඇති. ස්තූතියි සෙන්නා

      Delete
  15. මොනා උනත් අපේ නිලධාරීන්ගේ හොඳක් කියල තියෙන නිසා ඒ ගැන සතුටු වෙනවා...

    හැබැයි, මේ ලිපියේ පොඩි (හොඳ පොඩි) පරහක් දකින්න නැතුවම නෙමෙයි... ;)

    ReplyDelete
  16. ගොසිප් අඩවියකින් මේ පුවත දුටුවා...ලංකාවෙ නම යන්තං බේරුනා හොඳ නිළධාරීන් දෙපලක් නිසා...

    ReplyDelete