Monday, July 3, 2017

පොල්මැල්ලුම් ෂානරයේ 'ප්‍රබුද්ධ' කෙටිකථා


පොල් මැල්ලුම් කථා ලියන්න කරපු ආරාධනාව  දක්ෂයො  හතර දෙනෙක් භාර ගත්තට ඒ හතර දෙනාට මගේ ප්‍රණාමය පුද කරනවා. මේ ජාතියේ එකක් නොලිව්වත් එසේ ලියන්න ගිහින් හෝ කෙටි කථා කීපයක් ලියපු බ්ලොග් ලෝකයේ ප්‍රවීණයෙක් වන රසිකලොජි  ලියන රසික සූරියාරච්චි මහතාටත් මගේ ප්‍රණාමය. ඔහුගේ කෙටිකථාවල  නිතරම මේ ආරාධනාව ගැන කියල ලින්ක් කරල තිබුණ නිසා බොහෝ දෙනෙක් එතනින් ඇවිත් ඒ පෝස්ට් එක කියවලත් තිබ්බ. 

ආරාධනය පිළිගත් රචකයන්ගේ කථා වල ලින්ක් තමයි පහත දාල තියෙන්නෙ. නොකියවපු කෙනෙක් ඉන්නවනම් කරුණාකරල ගිහින් කියවල බලන්න. 










ඊලඟට තියෙන භාරදූර කාර්‍යය තියෙනේ නිදහස් සිතුවිලි ලියන තාපසතුමා නෑ මම කිව්වේ අපේ රවී වීරසිංහ ශ්‍රීමතාණන්ට තමයි. එතුමා තමයි මේ තරඟයේ විනිශ්චයකාර තුමා. එතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ කථා වලින් පළමු, දෙවන සහ තුන්වන ස්ථාන තෝරලා දෙන ලෙස.  රවී වීරසිංහ ශ්‍රීමතාණන් තෝරාගන්නා හොඳම කථාවට රු. 15,000/=, දෙවන එකට 10,000/=, තුන් වෙනි එකට  රු. 5,000/=. තෑගි මුදල් ලබා දෙන්න පහසුවෙන්න තමන්ගේ බැංකු ගිනුම් විස්තරත් ඉක්මනටම ඊමේල් මඟින් ලබා දෙන ලෙස රචක මහත්මයන්ගෙන් ඉල්ලා සිටිනවා. 




මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

53 comments:

  1. https://wasithaya.blogspot.com/2017/06/blog-post_29.html

    නැත නැත මම දැක්ක තව එකක් තියෙනවා ඉයන්...

    ReplyDelete
    Replies
    1. ආ ඒක පොල් මැල්ලුම් නෙවෙයිදත් මන්දා

      Delete
    2. සඳූ කිව්වා වගේ මිතිලගෙත් කතාවක් තිබ්බා නේද ඉයන්.

      Delete
    3. දුමී මිතිල ගෙන අහලා කියනවද 'කානුව' කථාව මේකට අදාලද කියල. ඒකෙ පසු සටහන පැහැදිලි මදි.

      Delete
    4. ඉයන්... මේක මැල්ලුම් කතාවක්නන් නෙමේ... මම උපන්තේකට කෙටි කතා ලිව්වෙ නෑ... ඔයාගෙ මැල්ලුම් කෙටි කතා එක දැක්කෙ අන්තිම දවසෙ... ඉතින් මම හිතුවා නිකමට කෙටි කතාවක් ලියන්න... මම මේක තරඟෙකට ලිව්ව එකක්නන් නෙමේ...

      Delete
    5. බොහොම ස්තූතියි පැහැදිලි කලාට මිතිල.

      Delete
  2. මගේ නම් බැරිකම ප්‍රසිද්ධ වුනා විතරයි!

    ReplyDelete
    Replies
    1. ඒ වුණාට රසික අතින් නියම ආරක කෙටි කථා කීපයක් පළවුණානෙ.

      Delete
  3. Replies
    1. බොහොම ස්තූතියි තරිඳු ආරාධනය භාරගත්තාට.

      Delete
  4. බොහොම ස්තූතියි ඒත් අරූගේ ලෝකයෙත් කෙටිකතාවක් දාලා තිබ්බා
    https://worldofaru.blogspot.com/2017/06/blog-post_12.html

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රොමා. ඒක මිස වෙලා තිබ්බා. එකතු කලා.

      Delete
    2. ස්තූතියි රෝමා... මං ඉන්නවා කිව්වට.. හි.. හි..

      Delete
  5. රවී අයියගෙ සූටි කයියගෙ මොකක්ද ප්‍රශ්නයක් තියෙනවලු. ඒක හරිගියාම වැඩේ කරයි. හැක්..

    ReplyDelete
    Replies
    1. තාම අතුල්ලනවලුද? ස්තූතියි ප්‍රසන්න

      Delete
    2. ආපු කේන්තියට ඕක ගෙවෙනකල්ම අතුල්ලයිද දන්නේ නැහැ...

      Delete
    3. ලොක්කා, ඒක පාවිච්චි වෙලා ඇති විදිහට ගෙවෙන්න දෙයක් තියෙනවද දන්නෙ නැහැ :)

      Delete
  6. දුන්න නිසා මැල්ලුම් මලවන්න කියා
    දන්න ලෙසට ලිව්වා මම ඉවත නොයා
    මෙන්න කතා ටික තියෙන්නෙ බලනු කියා
    දෙන්න වටියි ස්තූතිය මේන් කියා......

    ස්තූතියි ඉයන්.

    ජයවේවා!!!

    ReplyDelete
  7. //එතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ කථා වලින් පළමු, දෙවන සහ තුන්වන ස්ථාන තෝරලා දෙන ලෙස//

    රවී තාපසතුමා සූටි කයියා තලාගන්න හදන්නේ ඕන් :D

    ReplyDelete
    Replies
    1. උදය ස්තූතියි මචං. රවී තාපසතුමා නිහතමානීව භාරදූර වගකීම භාරගත්තා.

      Delete
  8. තරග කාල සිමාව ඉවරද ?
    රස්තියාදු කාරයාගේ කතාව කියෙව්වා අනිත් ටිකත් කියවලා එන්නම්

    ReplyDelete
    Replies
    1. කැමති නම් ලියපන්, තරඟෙනම් ඉවරයි

      Delete
    2. මම ලියන්නේ නැහැ කියවනවා

      Delete
  9. අප්පට උඩු..මම ද එතකොට හොනරබල් ජජර්? කාල වරෙංකො..ඉස්සෙල්ලම ඉයන්ට ස්තූතියි මට කරපු මේ ගෞරවයට...ඉංගිරිසියෙං කිව්වොත් Your honour, My honour...ඒ කිව්වෙ ඔබ මට කල ගෞරවය මට ද ගෞරවයකි කියල.

    මෙයිට කලිං මම ඔය වගෙ ජජර් වැඩක් කරල තියෙන්නෙ අර ගොවි ජනපදේ සේවය කරන කාලෙ අවුරුදු කුමාරි තරඟයක් විනිස්චේ කරපු එක විතරමයි.

    හප්පච්චියේ..එතනනම් මගේ තීරණේට රැස්ව සිටි මහ ජනතාවගෙං බලවත් විරෝදයක් ආව. හූ කිව්ව කියන්නෙ එක දිගට..ඇත්තම කියනවනම් ඒ විරෝදයට සාධාරණ හේතු කාරණාත් නොතිබ්බෙම නෑ කිව්වම මොකද?

    මම ඔය මගෙ පොඩි කුච් කුච් හෝතාහේ එකක් තිබ්බ ලලනාවකට පොඩ්ඩක් විතර පක්සග්‍රාහී උනානම් තමයි.ආය මොකටද බොරු කියන්නෙ? ඔය සීන් එක උනේ බඳින්ට එහෙම කලිං හොඳේ...

    හරි එහෙනං ඒ අවුරුදු කුමාරි සීන් එකයි පොල් මැල්ලුංය කිව්වම මට මතක්වෙන සිද්දි දෙකතුනකුයි ගැන බ්ලොග් පෝස්ට් කීපයක් ලියලම තරඟෙ විනිස්චය කරමු..ඇයි අවුල්ද? නෑනෙ නේද?

    ReplyDelete
    Replies
    1. //හරි එහෙනං ඒ අවුරුදු කුමාරි සීන් එකයි පොල් මැල්ලුංය කිව්වම මට මතක්වෙන සිද්දි දෙකතුනකුයි ගැන බ්ලොග් පෝස්ට් කීපයක් ලියලම තරඟෙ විනිස්චය කරමු.// ඉයන් බොලාගෙ තෑග්ග දෙන්න වෙන්නෙ ලබන ආත්මෙ තමයි.

      Delete
    2. පොල් මැල්ලුම් කුමාරි තරඟය කවද්ද?

      Delete
  10. වාව්. වාව්. මේ වැඩෙන් රස කතා ගොඩක් කියෙව්වා . ස්තුතියි ඉයන්. නියම වැඩක්. මාත් පොඩි උත්සාහයක් ගත්තා. එකක් කිරි හොද්දක් වුණා . අනිකෙ පොල් විතරයි තිබුණෙ . ඒ ගමන බාගෙට ලියලා වැඩේ අතහැරලා දැම්මා . අපිත් කැමතියි දිනුවෙ කවුද දැනගන්න ... විනිශ්චය ප්ලීස් ....

    ජයවේවා හැමෝටම......

    ReplyDelete
    Replies
    1. ඒකට කමක් නැහැ. කිරිහොද්ද පෝස්ට් කරන්න සඳවතිය. we - we නෙ

      Delete
  11. ස්තූතියි ඉයන්... මේ විදියට අලුත් බ්ලොග් කරුවන්ට උදව් කරන එකට.. රස්තියාදුකාරයා බ්ලොගයේ රෝමාටත් ස්තූතිය පුද කර සිටිනවා.. ඒ වගේම වාසිතයේ මිතිලටත් ස්තූතියි මට බ්ලොග් ලියනකොට නොදන්න සමහර දේවල් කියාදෙනවට ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අරූ කථාවක් ලිව්වට.

      Delete
  12. http://kadadasikole.blogspot.com/2017/06/111-missed-call.html?m=1

    ඉයන් මේකත් ඒ වගේ ඡානරයක්ද කියලා මට සැකයි.. පොඩ්ඩක් ගිහින් බැලුව නම්... ලිඛිතා ගේ කඩදාසිකොලයේ තිබුනේ..

    ReplyDelete
    Replies
    1. ලිඛිතා දන්නවයෑ පොල් මැල්ලුම් කථා ලියන්න.

      Delete
    2. ඒ කතාවත් ලස්සනයි.

      Delete
    3. අර ඉස්සර 'ඒ කුඩේ ගන්නේ කවදාද?' වගේ නමකින් සීරිස් එකක් ලිව්ව බ්ලොග්කරිණීටනම් පොල්මැල්ලුම් කථා ලියන්න පුළුවන්.

      Delete
    4. ඉයන්: දන්නේ නැහැ නේන්නම්.. මාව හලලා වැඩේ කරගෙන යන්න අනේ.

      Delete
  13. සෙහ්.. කලිං සමුගත්තේ නැත්තං මාත් පොල් සම්බෝල කතාවක් ලියන්න හිටියේ.. අර ජජ් කතාව ලියලා මලවලා පොල් සම්බෝල එක්ක කාලා එනකොට කවද දිනුව උන් හොයන්න වෙයිද දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ලියල ෆේස්බුක් දාන්න කමී

      Delete
  14. මම මේ ලියන්න හිතුව විතරයි. තරඟය ඉවරයි. හොඳ තේරීම් ටික. අර රවිය අර අරක පරිවර්තනය කරන්නේ කවදද දන්නේ නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. ලියන්න අජිත් අපි වෙනුවෙන්

      Delete
  15. මේ පැත්තේ එන්න බැරි උනු නිසා මේ තරගේ දැක්කෙ නෑ අය්යෙ... රවී අය්යගෙ පෝස්ටුවෙන් තමා දැනගත්තෙ... තරගෙ ඉවර උණාට කමක් නෑ... මොකද මේවගේ කතාවක් ලියන්න උත්සහයක්දරන්න හිතුනා....
    හැමදාම මේ වගේ ඉවෙන්ට් ගේනවාට ස්තුතී...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිර්මාණී. කියවන්න බලන් ඉන්නවා

      Delete
  16. තරඟෙට නැතත් පොඩි මැල්ලුමක් හදන්න ට්‍රයි කරල බලමු.

    ReplyDelete
    Replies
    1. ලියන්න කසුන්, කියවන්න ආසාවෙන් බලන් ඉන්නවා

      Delete
  17. මේ තරගය නිසා අපට ලෝබ නැතිව කියවන්න කතා එකතු වෙනවා.

    ReplyDelete
  18. ඉස්සෙල්ලා කතා ලියල ලබන අවුරුද්දේ විතර මැල්ලුම් හදනවා. දැනට මැල්ලුම් හදපු කතා කියවල බලමු..

    ReplyDelete
  19. ෂමා වෙන්ටෝන මැල්ලුං කතන්දර විනිශ්චය මෙච්චර දවස් පමා වුනාට....:(

    මේ දවස්වල මෙහෙ රස්නෙ බොහොම අධිකයි. ඒ එක්කම හදිසි වැඩක් ඇවිල්ල අපි උදේ හතේ ඉඳලහවස හය වෙනකල් එක දිගට වැඩ. තේ වෙලාවටවත් යන්ට නෑ පෑන්ට්‍රි එකට. තේ එකත් ලඟට ගෙනත් දෙනව. දවල් කෑමත් කෑවයින් නොකෑවයින් ආපහු එනව ඩෙස්ක් එකට. ඉතිං එහෙම පැය එකොළහක් ඩෙස්ක් ටොප් ස්ක්‍රීන් එක දිහා බලා ඉඳල හවස ගෙදර ආවම ආය කම්පියුටරේ දිහා බලන්නවත් හිතෙන්නෙ නෑ.

    හරි ඒ ඇති මගේ නිදහසට කාරණා නොහොත් විත්ති වාචකය.

    දැන් තරඟෙට ඉදිරිපත් වුනු කතා හතර ගැන…... මේ පොල් මැල්ලුම් ෂානරය කියන්නෙ තනිකර ඉයන්ගෙ සංකල්පයක්. ඉතිං එහෙම උනහම ඉයන්ගෙ නිර්ණායක අනුව තමයි තරඟය විනිශ්චය කරන්න වෙන්නෙ.

    ඒ අනුව පොල් මැල්ලුං කතාවක එකිනෙකට සම්බන්ධ නොවෙන සිද්ධීන් එහෙම නැත්නම් වෙනස්ම පුද්ගලයින්ට මුහුණ දීමට සිදුවන සිද්ධීන් කිහිපයක් එක පොදු යම් සාධකයකින් එකට ඈඳී තිබීම වැදගත්.

    එහෙම බලනකොට රොමාගෙ කතාව ඒ නිර්ණායකයට ගැලපෙන්නෙ නෑ. එකම පුද්ගලයෙකුට ජීවිතේ යම් යම් අවස්ථාවන්හිදී මුහුණ දීමට සිදුවන සිද්ධීන් සමූහයක් වශයෙන් ගත්විට නම් ඔහුගේ කථාව සාර්ථකයි.

    අනිත් කථා තුන අඩු වැඩි වශයෙන් ඉයන්ගෙ නිර්ණායකයට අනුව නිර්මාණය කරල තියනව.ඒ අතරිනුත් කථාව ගලා යාමේ අනාකූලතාවය සහ ඒ සමඟ එකිනෙකාට අසම්බන්ධ පුද්ගලයින් සුමට ලෙස නිර්මාණයට යොදා ගැනීම යන කාරණා අතින් දුමීගෙ කථාව ඉතාම සාර්ථකයි.

    ඒ නිසා මගේ තීරණය මෙහෙමයි.

    1. "ජීවිතයද මේ" - දුමී

    2. "නොනවතින ජීවිත" - අරූගේ ලෝකය

    3. "එකමත් එක කතා තුනක්" - තරිඳු ලක්ෂාන්

    ReplyDelete
    Replies
    1. Congratulations!

      අර විත්ති වාක්කිය... ( මොකටද මගේ කට!)

      Delete
    2. රවී තුමා බොහොමත්ම ස්තූතියි. ඔබතුමා වෙරි බිසී වෙලාවක කරදර කිරීම ගැන සමාවන්න. ඒවුණාට විනිශ්චයට හොඳටම ගැලපෙන කෙනා ඔබ නිසා එසේ කරන්නට සිදුවුණා. නැවතත් හදවතින්ම ස්තූතියි.

      Delete