Thursday, May 18, 2017

අන්තරේ පෙළපාලි සංවිධානය ගැන පසුබිමේ රහස්


අන්තරේ සහ ශ්‍රී ලංකා පොලිසිය අතර පවත්වන අන්තර් ප්‍රිම්යර් ලීග් ශූරතාවය සඳහා ඊයේ තවත් සාර්ථක තරඟයක් නිමා වුණා කියලා දන්නවනෙ. හැම ඉවෙන්ට් එකක්ම වගේ තරඟය පවත්වන කාල සීමාවට වඩා කාලයක් ඕව සංවිධානය කරන්න යනව. මේ තරඟය සංවිධානය වෙච්ච් විදිහ ගැන පොඩි විස්තරයක් ඒව ගැන දැනගන්න වෙන්නේ නැති අය වෙනුවෙන් ලියා තියන්න තමයි සූදානම.

මේ පිළිබඳව පළමු සාකච්චාවේදීම ගත්ත තීරණයක් තමයි අන්තරේ අය පෙළපාලියට දින තුනකට පෙර ඒ සඳහා සහභාගී වෙන අයගේ ප්‍රමාණය පොලිසියට දන්වන්න ඕන කියන එක. ඒකට හේතු වුණේ මීට කලින් තිබ්බ තරඟ කීපෙකම හැමෝටම හොඳට වදින්න ගහන්න කඳුළු ගෑස් මදි වෙච්ච එක. ඒ අඩුපාඩුව ගැන කථා කරපු අන්තරේ නියෝජිතය කිව්වෙ ඒ ගොල්ලො ගොඩක් වෙහෙසිලා හොයාගෙන එන අයට භුක්ති විඳින්න ප්‍රමාණවත් කඳුළු ගෑස් ප්‍රමාණයක් පොලිසියෙන් ලැබෙන්නේ නැහැ කියන එක. 


එතකොට මේ තරඟ සම්බන්ධිකරණය කරන නිලධාරියා කිව්වෙ අන්තරේ මේවට සෙනඟ අද්දන්න ගන්න උත්සාහය නොසළකා හරින එක හරි නැති නිසා කොළඹ ගබඩා වල තියෙන කඳුළු ගෑස් ප්‍රමාණය ගැන වාර්ථාවක් අරගෙන ඊලඟ තරඟයට කලින් මදි පාඩු හදාගෙන ඊයේ තිබ්බ තරඟයට හැමෝටම ඇතිවෙන්න දෙන්න ගෑස් පොලිසිය තරඟ පැවැත්වෙන ස්ථානයට අරගෙන යන්න ඕන කියල. පොලිසිය කලින් අවස්ථාවලදි  ගහපු කඳුළු ගෑස් ප්‍රමාණය පැත්තෙන් අඩුපාඩු තිබ්බ බව පිළිගෙන ඊයේ තිබ්බ එකට මඳි නොකියන්න කඳුළු ගෑස් ගහන්න පොරොන්දු වුණා.   

අන්තරේ නියෝජිතය ඉදිරිපත් කරපු ඊලඟ චෝදනාව තමයි පොලිසිය බැටන් ප්‍රහාර දෙනකොට පොඩ්ඩක් වත් රිදෙන්නෙ නැහැ කියන එක. පොලිසිය කිව්වෙ බැටන් ප්‍රහාර දෙනකොට අන්තරේ කට්ටිය දුවන වේගෙ වැඩියි, අන්තරේ ඉන්න තරුණ අය එක්ක මැදි වයසෙ ඉන්න රාළහාමිලාට දුවන්න බැහැයි කියන එකයි. ඒ ගැන දීර්ඝ සාකච්චාවකින් පස්සෙ එකඟවුනේ පොලිසියට වේගෙන් දුව දුව ගහන්න පුළුවන් රාළහාමිලා සුළු කාලයක් ඇතුලත හොයා ගන්න බැරි නිසා රිදෙන්න ගහන්න අන්තරේ කට්ටිය බැටන් ප්‍රහාර දෙනකොට දුවන වේගය පැ.කි.මි 30 ඉඳන් පැ.කි.මි 20 දක්වා අඩුකරන්න. හිමින් දුවනකොට වැඩි බැටන් ප්‍රහාර ප්‍රමාණයකුත් කන්න  අවස්ථාවක්  ලැබෙන නිසා අන්තරේ නියෝජිතයොත් ඒකට එකඟ වුණා. 

වතුර ගහනකොට හොඳ වතුර නොගහ කොලඹ නගරයේ වැසිකිළි පද්ධතියෙන් ලබා ගන්න වතුර ගහන්න පුළුවන්ද කියල සළකල බලන්න කියල ජල සම්පාදන සහ ජලා පවාහන මණ්ඩලයේ නියෝජිතයා ඉල්ලීමක් කලා. අන්තරේ කට්ටියත් ඒ ගොල්ලො වතුර හිඟය ගැන දැනුවත් නිසා ඒ යෝජනාවට සහයෝගය දුන්නා. කොළඹ නගර සභාව නියෝජනය කරපු අයගෙන් සහ සංචාරක මණ්ඩලය නියෝජනය කරපු අය ඒකට විරුද්ධ වුණා. ඒකට හේතුව මේ වැඩෙන් පස්සෙ කොලඹ නගරයේ ඇති විය හැකි දුර්ගන්ධය නිසාත් අන්තරේ වැඩ නිසා එන දුර්ගන්ධය ගැන කොලඹ පාරවල් පරිහරණය කරන අය සහ සංචාරකයො දැනටමත් පැමිනිළි කර ඇති නිසාත්. ඒක නිසා එම යෝජනාව ඊලඟ තරඟ සඳහා සළකා බල පොරොන්දුව පිට මේ තරඟයට හොඳ වතුර යොදාගන්න තීරණය වුණා. 

අන්තරේ මතුකරපු මීලඟ කාරණාව වුණේ කඳුළු ගෑස් ගහල  බැටන් පොලු පාරවල් දෙන්නෙ කොතනදිද කියන එක. අන්තරේ ඉල්ලීම වුණේ පාරක් මැදදි ගැහුවොත් පෙළපාලියේ මැද සහ අග ඉන්න අයට ගුටි කන්න තියෙන අවස්ථාව මඟ හැරෙන නිසා හොඳ ඉඩ තියෙන විහාර මහා දේවී උද්‍යානය වගෙ තැනකදි ගහන්න කියන එක. ඒ ගොල්ලො කිව්වෙ එතකොට ඒ ගොල්ලන්ට වටේ දුව දුව වැඩි කාලයක් ගුටි කන්න ලැබෙන එකයි, හැමෝටම සාධාරණව ගුටි කන්න ලැබෙන එකයි නිසා ඒවගේ ස්ථානයක් යෝජනා කරනව කියල. එම ස්ථානය යෝජනා කරන්න අනික් හේතුව හැටියට අන්තරේ නියෝජිතයා පැහැදිලි කලේ පොලිසියෙන් ගුටි කනකොට ඒගොල්ලන්ගේ සමහර සාමාජිකයින්ට මළපහ කරන්න ඕන වෙන නිසා විහාර මහා දේවී එකේ වැසිකිළි පහසුකම් තියෙන එක ලොකු පහසුවක් කියල. මීට කලින් පාර ගහපු වෙලාවෙදි එතන වැසිකිළි පහසුකම් නැතුව කලිසමේම ගිය අයට ආපහු ගෙවල් වලට යන්න අපහසු වුනා කියලත් අන්තරේ නියෝජිතයා කිව්ව. කොහොම හරි පොලිසියත් අන්තරේ සාධාරණ ඉල්ලීම සළකා බලන්නත් විහාර මහා දේවී එක ලඟදි කඳුළු ගෑස් ගහල පොළු පාර දෙන්නත් එකඟ වුණා.

ඒකෙදි මතුවෙච්ච් තවත් කාරණයක් තමයි පොලිසිය අළුතින් පාවිච්චි කරන බැටන් පොළු වලින් ගැහුවම දවස් දෙක තුනක් යනකොට වේදනාව නැතිවෙනව කියන එක. බැටන් පොළු වර්ග සහ ඒවයේ ප්‍රමිතිය ගැන දීර්ඝ වශයෙන් සාකච්චා වුණා. පොලිසියට යන වියදම අඩුකරගන්නත් එක්ක ඒගොල්ලන්ගෙ රුහුණු විශ්ව විද්‍යාලෙ සාමාජිකයෝ හරහා අඩි හතරේ කුරුඳු පොලු පොලිසියට ලබා දෙන්න පුළුවන්ද කියල හොයල බලන්න අන්තරේ කට්ටිය එකඟ වුණා. ඒ එක්කම අත් දෙකෙන්ම කුරුඳු පොල්ලෙ කොනෙන්ම අල්ලගෙන හොඳට කොන්ඳ හරහා නෙලන්න පොලිසියේ අයට පෙරහුරුවක් ලබා දෙන්න කියන අන්තරේ යෝජනාවටත් පොලිසිය එකඟතාවය පළ කලා.

පොලිසියේ නියෝජිතයො කලින් අකමැති වුණත් අන්තරේ නියෝජිතයන්ගේ බලවත් ඉල්ලීම නිසාම එහෙම බැටන් පහර දෙන ගමන කීප දෙනෙකුටවත් පශ්චාත් භාගෙට බූට් පහරක් දෙන්න පොලිසිය එකඟ වුණා. මෙතෙන්දි පොලිසිය කිව්වෙ බීපු කිරි මතක් වෙන්න එහෙම පශ්චාත් භාගෙට බූට් පහර දෙන්න ඕන කරන යකඩ සපත්තු ගබඩා වල තියෙන්නේ සුළු ප්‍රමාණයක් නිසා දූවන අයගෙන් සියයට දහයකට වඩා කට්ටියකගේ පශ්චාත් භාගයට බූට් පහර දෙන්න භාර ගන්න මේ අවස්ථාවේ බැහැ කියල. යකඩ සපත්තු ඉක්මනින් ඕර්ඩර් කරන්නත් ඊලඟ පෙළපාලිය වෙනකොට සියයට පණහකට කට වගේ වැඩි ප්‍රමාණයකට හොඳවයින් පස්සට බූට් පහර දෙන්නත් ඕන ක්‍රියා මාර්ග ගන්නත් පොලිසිය එකඟ වුණා.
  
සාකච්චාව වසාන වුණේ ඒ ගොල්ලන්ගේ ඉල්ලීම් වැඩි හරියකට එකඟ වීම ගැන පොලිසියට ස්තූතිය පලකරමින් අන්තරේ නියෝජිතයා කල කථාවෙන්. සාකච්චාවට පස්සේ තිබ්බ තේ පැන් සංග්‍රයෙදිත් දෙපාර්ශවයම සුහදව කථා කලේ මේවගේ නිතර හමුවීම මඟින් අති සාර්ථක අන්තරේ ප්‍රිමියර් ලීග් තරඟාවලි ටික සාර්ථකව කරගෙන යන්න තියෙන හැකියාව ගැන.  

මෙන්න මේ විදිහේ දීර්ග සැලසුම් කිරීමකින් තමයි ඊයේ තිබ්බ තරඟය සංවිධානය වුණේ. ඔය ගොල්ලො ටීවී එකෙන් හරි අන්තර් ජාලයෙන් හරි බලන මේ තරඟ සාර්ථකව සංවිධානය කරන්න කොච්චර වැඩ කොටසක් පසුබිමේ කෙරෙනවද කියන එක ඕගොල්ලන්ට තේරුම් යන ඇති. ඒක නිසා ඒවගේ ක්ලිප්ස් බලනකොට පිටුපසින් ඉඳගෙන ඒවා සාර්ථකව සංවිධානය කරන්න අන්තරේ අයයි ශ්‍රී ලංකා පොලිසියයි ගන්නා මහන්සිය ගැන ඔය ගොල්ලන්ගෙ කෘතඥතාව පල කරන්න අමතක කරන්න එපා. 


මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

44 comments:

  1. Media coverage and pre after party circuses ?

    ReplyDelete
    Replies
    1. The way the process (walk/water/tear gas) repeats it self one cant help wondering whether they are choreographed

      Delete
  2. ඇත්තටම අපි නොදන්නා දේවල් කොච්චර තිරෙන් පිටිපස්සේ වෙනවද......
    ඊ ළඟ සැරේ ඔයවගේ එකක් බලනකොට ඒකෙ වෙන දේවල් තේරුම් ගන්ට මේක හොඳටම වටිනවා.....

    ReplyDelete
    Replies
    1. ඒකනේ සූටික්කා. මේ දෙගොල්ලො සෑහෙන්න මහන්සිවෙලා තමයි අපිට ශෝ එක පෙන්නන්නේ.

      Delete
  3. සැහ්.. අර වැසිකිලි වතුර වැඩෙත් ඇපෲ උනානං.. සයිට් ඔක්කොගෙම වගේ ටොයිලට් උතුරනවා..

    ReplyDelete
    Replies
    1. එක පැත්තකින් පව් කියලත් හිතෙනවා බං

      Delete
  4. අන්තරේ තවත් එක ඉල්ලීමක් උනේ එක් එක් අංශයේ දක්ෂතා දක්වන නවක ක්‍රීඩකයන් තොර ගැනීම සදහා සංවිදානය කරනු ලබන නවක වැඩ එවෙන්ට් පැවැත්වීම සදහා විස්වා විද්‍යාල වල පාලකයන්ගෙන් ඇතිවෙමින් පවතින බාධාවන් ඉවත්කර ගැනීමට සහයවන ලෙසයි, විශේෂයෙන්ම යෝජිත කක්කුස්සි බවුසර් එවෙන්ට් එක ඇතලත් කිරීම සලක බලන්නේනම් ඊට පෙර වාර්ෂික පල්වතුර බකට් කිරීමේ පෙරේහුරුව පත්වීමට පහසුකම් සපයදෙන් ලෙසයි.

    ReplyDelete
    Replies
    1. ඇණයා ඔවත් කථා වුණාලු. ඒ වුණාට මම් ලිව්වෙ ඊයෙ තරඟයට අදාල දේවල් විතරයි.

      Delete
  5. හොඳටම හිනාවුණා .... ඇත්තටම හිනාවෙන්න ඕන මොකටද කියලා ඊලඟට කල්පනා කලා. ස්තුතියි ඉයන් ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳවතිය :)

      Delete
  6. හෙහ් හෙහ් මාත් ඊයේ ඔය ළමයි ටික දැක්ක. මම නම් මාරු වුනා තරගය පටන් ගන්න කලින්.. හරි ෂෝක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පැතුම්. දැන් ලංකාවෙද?

      Delete
  7. උසාවි නියෝගයකට ගරු කරන්න ඕනේ කියන අවම දැනුම/සදාචාරයවත් නැති උන් රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මරාගෙන මැරෙන්න යනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූත්යි මනෝජ්. යමක් කරනකොට ඒකර අරමුණක් තියෙන්න ඕනනෙ. මේ අය දන්නවා උසාවි නියෝගෙත් එක්ක පෙළපාලිය කඩා කප්පල් කරන්න පොලිස්ය ක්‍රියා කරන බව. එහෙම තියෙද්දිත් ඔහෙ එනවා. මිනිස්සුන්ට හිරි හැර කරන්න. නික කථා වෙලා කරන ඉවෙන්ට් එකක් වගේ.

      Delete
  8. තව ටික දවසක් යනකොට මේ කැම්පස් කොල්ලෝ කෙල්ලෝ ගුටි කන්නේ පොලිසියෙන් නෙවෙයි පාරේ ට්‍රැෆික් එකේ හිරවෙලා බස්වල ත්‍රී වීල්වල දාඩිය පෙරාගෙන ගෙදර යන්න වලිකන සාමාන්‍ය මිනිස්සුන්ගෙන්. අන්න එදාටවත් මේ තේරුමක් නැති උද්ඝෝෂණ නවතීවි.

    ReplyDelete
    Replies
    1. මීතොටමුල්ලේ කුණු කන්දටද එදා ඒ පිරිස් මාර්ග අවහිර කරමින් 'යකා' නැටුහ. පාරේ රස්තියාදු වූ සියලු ජනතාවගේ 'සාපයන්ටද' ලක්වුහ. අවසානයේ සිදුවුයේ කුමක්ද?

      ඔවුන් ඉල්ලන්නේ යම් සාධාරණයකි. ඒවාට අපි තවදුරටත් සංවේදී වන්නට සුදානම් නැත.

      නිර්වින්දිත , අකාර්යක්‍ෂම පාලකයින් සිටින රටක මහපාරවත් පිළිතුරක් සපයාවි යයි සිතන්නට තරම් ඔවුන් 'මුග්ධ' වී ඇත. ඔවුන්ගේ ප්‍රශ්නය අපටත්,අපේ ප්‍රශ්නයේ ඔවුන්ටත්, අප දෙගොල්ලන්ගේම ප්‍රශ්න නිර්වින්දනය උන ආණ්ඩුවටත් නොපෙනීම කොතරම් අභාග්‍යයක්ද?

      ඔවුන්ගේ ප්‍රපන්චිත අසත්‍ය තුල ඔවුන් ගිලි අරගල කරති. සම්මතයකට, විසඳුමකට ගෙනයන්නට කාටවත් ඕනේ නැත! හැමෝම මස් රාත්තලම ඉල්ලති...

      සමාජයෙන්ම එන පිලිකුලෙන්ම ඔවුන්ගේ හඬ නිහඬ වනබව වැඩි ඈතක නැතිය කියා මේ කමෙන්ටු සියල්ලෙන්ම පෙනෙන කරුණකි.

      නියාමනයක්, ජාතික ප්‍රතිපත්තියක් නැති නිසා අසරණ වෙච්ච රටක්!!!

      Delete
    2. ඔබේ කතාව ඇත්ත. විශ්ව විද්‍යාල සිසුන්ගේ උද්ඝෝෂණ බොහෝ විට දේශපාලනිකයි. මේවා මෙහයවන කිහිප දෙනෙක් හැරුණු විට බහුතරය මේවට යන්නේ විශ්ව විද්‍යාලය ඇතුලේ කොන් වීමට නොහැකි නිසා බොහොම අකමැත්තෙන්. නමුත් මීතොටමුල්ලේ සිදුවීම මෙයට වඩා සංවේදී බවයි මගේ හැගීම. ඔවුන් පාරට බැස්සේ ඔබ කියනා ලෙසම ඔවුන්ට වෙනත් විකල්පයක් නොමැති නිසා. විශ්ව විද්‍යාලය ප්‍රජාව පාරට බැස උද්ඝෝෂණය කර දිනා ගත්ත දෙයක් මා නම් දන්නේ නැත.

      Delete
    3. විශ්වවිද්‍යාල පද්ධතිය තුලම මුල්බැසගෙන ඇති 'පාලක - ශිෂ්‍ය' අරගල සැමවිටම දේශපාලනිකයි. නමුත් ඒ තුලින් රැකෙන, රකින ප්‍රජාව දේශපාලනික නොවෙන්න පුළුවන්.

      උදා: නේවාසිකාගාර ගැටළු වලට මැදිහත්වන්නේ දේශපාලනික අරමුණු නිසා වෙන්න ඉඩකඩ වැඩියි. නමුත් විසඳුමෙන් අදේශපාලනික ප්‍රතිලාභයක් ලැබෙනවා.

      විවි තුල තිබෙන ප්‍රශ්න දැක්කහම කොයි වෙලේද මේ මගුලෙන් එළියට එන්නේ කියන තරමට පීඩනයක් ඇති උනා. ( මම ශිෂ්‍ය සංගම් ඇතුලේ හිටපු නිසා දන්නවා - ආපෝ නැහැ.. කවදාවත් අන්තරේ එක්ක උද්ඝෝෂණ වලට මෙහෙයවලා නැහැ. ඒ නිසාම තමයි පිඩනේ !)

      මීතොටමුල්ල කියන්නේ සමාජයීය ප්‍රශ්නයක් කියලා වෙනස් සංවේදීතාවයකින් බලන්න බැහැ. එය සෘජුවම ජනජීවිතයට සම්බන්ධයි. වී.වී. ඇතුලේ තියෙන ප්‍රශ්න වක්‍රව ලාංකීය සමාජයට සම්බන්ධයි. ඒවා සංවේදීව හසුරවගන්න නොදන්නාකම නිසා තමයි මෙතරම් ඔඩුදුවලා තියෙන්නේ. ඒකනේ මේ දොස්තරවරු මෙතරම්ම 'දෙය්යෝ' ජාතියක් වෙලා තියෙන්නේ! ඒවා දේශපාලනික නැහැ.. තනිකරම නිලධාරීන්ගේ අසංවේදීතාවය.

      මේ තීරණ කෙලින්ම බලපාන්නේ ගුණාත්මක සමාජයක් බිහිකරන ගර්භාෂයට. ඒ කියන්නේ කළලය විකෘති උනොත් ඔක්කොම වතුරේ! ඒක නේද දැන් වෙලා තියෙන්නේ? නියාමනයක් නැති මීහරක් රැලක් වගේනේ 'උගත් බුද්ධිමත් සංවිධාන' හැසිරෙන්නේ?

      ඔවුන්ට වෛර කිරීමෙන් පලක් නැත. ඇඟිල්ල යොමුවිය යුත්තේ මිනීමරුවාට 'පමණක්' නොවේ.

      මේකත් හරියට ගමක වරදකරුවෙක් , ගම්මුන් විසින්ම අල්ලලා ගස් බැඳ මරාදමනකල් පොලිසිය බලාගෙන ඉන්නවා වගේ. සමාජය කුලප්පු වෙලා එනකල්ම මුකුත් නැහැ! ඒකට ඉතින් රජයක්, නිලධාරින් ඕනෙද?

      Delete
    4. [මේවා මෙහයවන කිහිප දෙනෙක් හැරුණු විට බහුතරය මේවට යන්නේ විශ්ව විද්‍යාලය ඇතුලේ කොන් වීමට නොහැකි නිසා බොහොම අකමැත්තෙන්.]

      මෙය ටිකක් සැක සහිතයි. ETCA වලට විරෝධය පාන්නට ගියේ කාගෙන්වත් ආපු එහෙම තල්ලුවකට නෙවෙයි වෙන්න ඕනේ ( මම නම් ගියේ නැත - දැක්කද කුහකකම? - මම ගියේ නැහැ කියලා මාව කොන් උනේ නැහැනේ අප්පා.... එක්කෝ කොන් වෙලා කියලා මට මෙලෝ ගානක් නැතුවාවද්ද?) අවන්කයෙන්ම තම තමන්ට දැනුන විදියට තමයි මම දන්නා අය නම් ඒකට ගිහින් තිබ්බේ. සැමවිටම සත්‍යයක් නොවේ. සමහරු තමන් විසින්ම මවනලද ප්‍රපංච වල ජිවත් වෙනවා.

      Delete
    5. මමත් ගියේ නැහැ. කොන් උනෙත් නෑ. ලෙක්චර් කට් කරගෙන යන්න තරම් වෙලාවක් සහ උවමනාවක් තිබුනේ නෑ :) ECTA ගැන තත්ත්වය ඇත්තටම මම දන්නේ නැහැ. මම මෙතන ලියුවේ මගේ මිතුරු මිතුරියන්ගේ, බැචාලාගේ අදහස් වලින් මා ඇසූ දුටු කරුණු අනුව තක්සේරුවකින්. මේ කලකට පෙර. වර්තමාන තත්වය බොහෝ දුරට වෙනස් විය හැකියි සහ ඔබ බොහෝ දුරට නිවැරදි විය හැකියි. කෙසේ වුවත් සාමාන්‍ය මහජනතාව අපහසුවට පත් කරමින් සිදුවෙන උද්ඝෝෂණ ගැන මගේ නම් ඇත්තේ බලවත් අකමැත්තක්.

      Delete
    6. ලිඛිතා

      හොඳ විග්‍රහයක්, මේ අරගල දේශපාලිනිකයි වගේම ඉතාම සාධාරණ හේතු, ප්‍රශ්න රාශියකුත් මේවාට යටින් තිබෙනවා, සයිටම් විරෝධය නම් විකාරයක්/ හුදෙක් වත්මන් මෙඩිකල් සිසුන් (රජයේ campus) අනාගතයේ පොහොසතුන් වීමේ සිහිනය රැක දීමකට කඩේ යාමක් බඳු වුවත් ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය පසුපස වෙනත් බොහෝ දේ තිබේ. ප්‍රශ්නය රජයන් විසින් කිසිසේත් මේවා විසඳීම තබා නිසිලෙස ඇඩ්‍රස් කිරීම/ තේරුම් ගැනීම වත් නොකිරීමයි.

      අන්තරය ඇතුලු ශිෂ්‍ය සංවිධානවල ක්‍රියා කලාපය අශීලාචාරයි වගේම ජවිපෙ/ පෙරටුගාමී ආදී පක්ෂවල න්‍යායපත්‍රානුකූලයි. හැබැයි සිසුන් මේවාට යන්නේ කොන්වෙන්න බයට කියන එකනම් වඳුරු කුණුහරුපයක්. එහෙම බයට යන අතිශය ආත්මාර්ථකාමි තක්කඩි ජඩයින් සුළු පිරිසක් ඇති. නමුත් ලාංකේය සරසවි පද්ධතියේ ඇති බරපතල අර්බුද මෙන්ම විවිධාකාර සමාජ ආර්ථික ප්‍රශ්න/ අනාගත රැකියා අවිනිශ්චිතතාව/ අපේක්ෂා භංගත්වය මෙන්ම වත්මන් රජයේ දූෂිත අශීලාචාර පාලනය (එදා නම් රාජපක්ෂ රෙජීමයේ මර්දනය ) ආදී ක්‍රියා සිසුන් මේවාට තල්ලු වනවා. බහුතරයක් විරුද්ධ නම් මේතරමට බලගතු ශිෂ්‍ය ව්‍යාපාරයක් නොපවතිනු ඇති. මේවා පාලකයින්ගේ වැරදි. බුද්ධිමත් දක්ෂ පාලකයන් සිටීනම් මේවා පාලනය කිරීම අසීරු නොවේ. (උදා:- යෝජිත සාම්පුර් බලාගාර ව්‍යාපෘතිය අවලංගු කොට එම මෙගාවොට් 500 කෙරවලපිටිය වැනි දැවිතෙල්/ඩිසල් වලින් විදුලිය ජනනය කරන {ස්වභාවික වායු බලාගාර බෝඩ් එකක් ඇති} බලාගාරයක් දැමීමෙන් ජාතික ආර්ථිකයට සිදුවන පාඩුව වර්ෂයකට මත්තල ගුවන් තොටුපළ වැනි ගුවන්තොටුපළවල් හතරක් සෑදීමට ප්‍රමාණවත් මුදලකි. මේ එම විදුලිය නිපදවීමට යන මුළු මුදල නොවේ - වැඩිපුර ගෙවීමට සිදුවන මුදලයි. එමෙන්ම වත්මන් රජය ඇමතිවරුන්ට අධි-සුඛෝපභෝගී නාස්තිකාර වාහන ගෙන්වීම, නඩත්තුව, ඉන්ධන ආදි ඉතින් මෙබඳු නාස්ති කරන බිලියන ගනන් විශාල නාස්තිය ආදිය අවම කරගතහොත් ඒවා අධ්‍යාපනය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ගැටලු වෙනුවෙන් යොදාගතහැකියි නේද?)

      Delete
    7. ස්තුතියි...
      තවත් යමක් එකතු කිරීමට කැමතියි. රටේ උගත්තු සහ තින්කර්ස්ලා බිහිකරන හැම තැනටම 'දුෂ්ට' දේශපාලනය කුඩම්මාගේ සැලකිල්ල යොමුකර ඇත. ඒ ඇයිද දන්නවද? උගත්තු කියන්නේ මේ තුට්ටු දෙකේ දේශපාලකයින්ට ඇත්තටම තර්ජනයක්. බලන්න අර වකුගඩු ප්‍රශ්නෙදි උගත් මිනිසුන්ගේ අදහස් වලට වෙච්ච දේ?

      ඒ නිසා මම විස්වාස කරනවා ඒ ඒ ක්ෂේත්‍රවල ඉන්න උගතුන් මේ දේශපාලන ප්‍රවාහයට එකතු වෙන්න ඕනේ කියලා. ශිෂ්‍ය ව්‍යාපාර ඒවාට හොඳයි, නමුත් ඒවාට දැන් 'ආච්චි වැහිලා'!

      හාස්‍යජනක අනෙක් කාරනාව තමයි, පොඩ්ඩක් එහෙම එකතු වෙන උගත්තු 'බත් බැලයන්' බවට පත්වෙන එක. අය්යෝ ඇස් පනාපිටම ඒවා මම දුටුවා...

      මේ ලිපියේ අන්තර්ගතයෙන් එහාට මම ලියන්නේ නැහැ. මට කවදාවත් පාටක් තිබ්බේ නැහැ. පාටක් තියෙන තැනක උනත් මම ඉගෙනගත්තදේට නිගාදෙන විදියට කතාකරන්න තාම මට බැහැ.

      සයිටම් වල ප්‍රශ්නයක් තිබෙනවා. ඒක මුන් කියන එක නෙවෙයි. ප්‍රමිතිගත නොකිරීම! එය සයිටම් වලට විතරක් නෙවෙයි වෛද්‍ය සභාවේ ඉඳන්මයි තියෙන්නේ....! ඉතින් වැටත් නියරත් ගොයම් කානම්????

      Delete
    8. මෙතැන තියෙනවා මම අදහස් කරන දේ යම් ප්‍රමාණයකට

      අපි හිනාවෙන්නේ අපිටමයි

      Delete
    9. ලංකාවේ දේශපාලඥයන් වෘත්තීයවේදීන් ගුරුවරුන් හෝ වෛද්‍යවරුන් දැන් නොමැත.

      දැන් තිබෙන්නේ දේශපාලක මාෆියාවන්, ඇකඩමික් මාෆියාවන්, ටියුෂන් වලට පොරකන ගුරු මාෆියාවන් ළමුන් ඇතුලත් කරගැනීමේදී මුදල් හෝ ලිංගික අල්ලස් ඉල්ලන විදුහල්පති මාෆියාවන්, සහ වෛද්‍ය මාෆියාවන් පමණකි.

      මේවා මෙසේ තියෙද්දී අදුරේ නැතිවුන් යතුල ලයිට් කණුව යට සොයනවා මෙන් පුද්ගලික විශ්විද්‍යාල වලට එරෙහිව , හලාල් වලට එරෙහිව, හෝ ඉන්දියාවට එරෙහිව බොරුවට පෙළපාලි යමින් පිකට් කරමින් ඉන්නට කැමති සාක්ෂරතාවය 95% පමණ ඇති ජනතාවක්ද අපට සිටී.

      ඔබද මමද ඇතුළුව මුළු ලංකික සමාජයම පුනරුත්ථාපනය වෙනවා නම් හොදයි.

      ලංකාව දියුණු කරන්න දැන් ඉතුරු වෙලා තියෙන ලේසිම විදිය තමයි ඔයත් මමත් ඇතුළුව මේකේ ඉන්න ඔක්කොම මිනිස්සු ටික අයින් කරලා අලුතෙන් වෙන කොහෙන් හරි මිනිස්සු ටිකක් ගෙනත් දාන එක. වෙන විදියක් නම් නෑ වගේ.

      Delete
    10. උගත්තුන්ගේ එකතුවෙන ප්‍රවාහ ගැන මොකට කියනවද ඉතින් වයිස් චාන්සලර්ලා ටික දැක්කම ඇති.

      අපිට දියුණු වෙන්න අවශ නම් අපි නොදියුණු බව අපි විසින්ම පිළිගැනීම කල යුතුයි. වහසිබස් දෙඩීමෙන් දියුණු වෙන්න බෑ.

      යම් ක්‍රමයක් නොසුදුසු බව අපිට පෙනෙනවා නම්, එය වෙනස් විය යුතුය කියන ඒක ඉගෙන ගතිපු දේට නිගා කිරීමක් නෙවෙයි. අපිත් ආවේ ඒ ක්‍රමය තුලින් වීම නිසා විතරක් ඒක හරි වෙන්නේ නෑ. වැරදි නම් මම කලත් මගේ අම්ම තාත්තා කලත් වැරදි මිස ඒ මගේ අම්ම තාත්ත නිසා වැරැද්ද හරි වෙන්නේ නෑ.

      මම නම් විශ්වාස කරන්නේ උසස්පෙළ සිටම නොමිලේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නවතා දමන්න සැලසුම් හැදිය යුතුයි කියල. ඔය පිස්සෝ කුලප්පු වෙලා කියන විදියට අද හෝ හෙට නෙවෙයි. තව අවුරුදු 40 කින් වගේ කාලයකදී අපේ සමජයේ ආර්ථික තත්වය ඊට සුදුසු වේවි. රජය මැදිහත් වීමෙන් නොමිලේ දෙන්න ගියාම වෙන සංතාසියට හොදම උදාහරණයක් තමයි අද රජයේ පාසල් වල උසස් පෙළට වෙලා තිබෙන්නේ. ඒවගෙන් යැපෙන කූඩැල්ලෝත් නඩත්තු කරන ගමන් අපි අතිනුත් අයෙත් වියදම් කරන්න ඕනේ ඒ දේටම හරියට වැඩේ කරගන්න. දැන් නම් එහෙන් මෙහෙන් යුනිවර්සිටි ෆස්ට් ඉයර් එකටත් හෝම් විසිටින් ටියුෂන් හැදීගෙන එනවා. උසස්පෙළ වුන දේ වේවිද මන්දා.

      Delete
    11. AnonymousMay 19, 2017 at 11:26 AM
      [ලංකාව දියුණු කරන්න දැන් ඉතුරු වෙලා තියෙන ලේසිම විදිය තමයි ඔයත් මමත් ඇතුළුව මේකේ ඉන්න ඔක්කොම මිනිස්සු ටික අයින් කරලා අලුතෙන් වෙන කොහෙන් හරි මිනිස්සු ටිකක් ගෙනත් දාන එක. වෙන විදියක් නම් නෑ වගේ.]

      හිට්ලර් පවා හිතුවා නේද ඔය වගේ?? ඒ කියන්නේ අපිව තල්ලු වෙන්නේ එතනටද? ඒක වෙන්න ඇති 'ඒකාධිපතියෙකු' වෙනුවෙන් රටක හඬක් නැගෙන්නේ සහ ඒ වෙනුවන් පෙළගැහෙන්නේ...

      Delete
    12. AnonymousMay 19, 2017 at 11:32 AM
      [යම් ක්‍රමයක් නොසුදුසු බව අපිට පෙනෙනවා නම්, එය වෙනස් විය යුතුය කියන ඒක ඉගෙන ගතිපු දේට නිගා කිරීමක් නෙවෙයි. අපිත් ආවේ ඒ ක්‍රමය තුලින් වීම නිසා විතරක් ඒක හරි වෙන්නේ නෑ. ]

      මම නිගා දෙනවා කිව්වේ මාව උගත්කමට ගෙනාපු ප්‍රවාහයට නෙවෙයි. මම කිව්වේ මම 'ඉගෙනගත්තු දේට' ඒ කියන්නේ වරද සහ නිවරද වෙන්කර ගැනීමට මම ඉගෙනගත්ත හැටි ආදියට. නැතුව නොමිලේ ලැබුණු අධ්‍යාපනය ගැන නෙවෙයි.

      [මම නම් විශ්වාස කරන්නේ උසස්පෙළ සිටම නොමිලේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නවතා දමන්න සැලසුම් හැදිය යුතුයි කියල. ]

      එකඟයි. නොමිලේ ලැබෙන අධ්‍යාපනය (නිදහස් අධ්‍යාපනය නොවේ) ගොඩක් දෙනෙක්ට වටින්නේ නැහැ. එහෙම වටිනාකමක් ලැබෙන විදිහට පරිසරය සකස් වෙන්නෙත් නැහැ. එකනේ දොස්තරලා කියන්නේ ඔවුන් මහන්සි වී පාඩම් කරපු තරමට ඔවුන්ට විශේෂ වරප්‍රසාද හිමිවිය 'යුතුයි' කියලා. මට ඔවුන් සමග ඇරියස් එකක් නැහැ. නමුත් මේ කතාව හරිම භයානක හාස්‍යයක් තමයි ගෙනෙන්නේ.

      [ ඔය පිස්සෝ කුලප්පු වෙලා කියන විදියට අද හෝ හෙට නෙවෙයි. තව අවුරුදු 40 කින් වගේ කාලයකදී අපේ සමජයේ ආර්ථික තත්වය ඊට සුදුසු වේවි.]

      ඕනෙම දෙයක් වෙනස් කරන්න හදනකොට විරෝධයක් එනවා. ඒ තමයි හැටි. ලංකාවේ නම් විරෝධය කියන්නේ හුළඟක් හය්යෙන් හැමුවත් ඒකටත් විරුද්ධයි තත්වයේ නිසා විරෝධය අන්තිම අසික්කිතයි. සම්පුර්ණයෙන් එය ඉවත් කරන්න එකපාර බැහැ. ඕනෙම දෙයක් සමාජගත කරනවිට එය සෙමෙන් සෙමෙන් සිදුකිරීමෙන් හානිය අවම වෙනවා වගේම සමාජයට ලැබෙන ප්‍රතිලාභ ඉහල යනවා, මිනිස්සුන්ට අනුගත වෙන්න කාලය ලැබෙනවා. ඒ නිසා ඒ දේවල් එක රැයෙන් කරන්න බැරි එක ඇත්ත. නමුත් දීර්ඝ කාලින සැලසුමක් ඇතුව කරන්න ඕනේ. පාලකයා වෙනස්වනවිට වෙනස් වන දෙයක් නම්, ඇති භයන්කරයි! එකනේ මේ සයිටම් එකට වෙලා තියෙන්නේ. ජාතික ප්‍රතිපත්තක් නැහැ, එහෙම එකක් හදන්න කාටවත් ඕනේ කමක් නැහැ.


      [දැන් නම් එහෙන් මෙහෙන් යුනිවර්සිටි ෆස්ට් ඉයර් එකටත් හෝම් විසිටින් ටියුෂන් හැදීගෙන එනවා. උසස්පෙළ වුන දේ වේවිද මන්දා. ]

      කැම්පස් එකේ පලවෙනි අවුරුද්දට ටියුෂන් යන එක මෙඩ්ඩොන්ට සහ ඉන්ජෝන්ට තිබ්බ මීට අවුරුදු 10කටත් කලින් ඉඳල. ඒක තමයි ඇත්ත. අනික් ක්ෂේත්‍ර වලට දැන් අලුතෙන් ඇවිල්ලද කියන්න නම් මම දන්නේ නැහැ. ඒක අලුත් මැජික් එකක් නෙවෙයි. ඒකෙන් පේනවනේ ඒ සිසුන්ගේ තත්වය කොහොමද කියලා. කැම්පස් එක ඇතුලෙත් කුප්පි දැමිල්ල කරනවා.
      උසස්පෙළට වෙච්ච දේ ?? අමුතුවෙන් වෙන්න දෙයක් නැහැ. ඒක කැම්පස් එකටත් ඇවිත් තියෙන්නේ. වැඩිදෙනා ඉතින් අර රොබෝ ටයිප් තමයි. නමුත් පිළිගන්න ඕනේ ඒ අතුරේ තාමත් අපි රෝල් මොඩල් ලෙස සලකන සිසුන් ඉන්නවා. උන්ට රට පවා එපා වෙන විදියට තමයි 'බහුතරය' වැඩ කරන්නේ.

      බහුතරය හැමවිටම නිවැරදි නැත කියන ආකල්පේ තමයි මම ඉන්නේ. ඒක හැමතැනටම ඇත්තක්.

      මේ ලිපියේ අන්තර්ගතයට වඩා වෙනස් පැත්තක් නිසා තවත් ලියන්න ඕනේ නැහැ කියලා හිතනවා.

      බොහොම ස්තුතියි අපහාස නැති සාරවත් කතාබහක් කලාට...

      Delete
    13. //ඒක වෙන්න ඇති 'ඒකාධිපතියෙකු' වෙනුවෙන් රටක හඬක් නැගෙන්නේ සහ ඒ වෙනුවන් පෙළගැහෙන්නේ...//

      ඒකාධිපතියෙක් මිනිස්සුන්ට ඕනේ වෙන්නේ කවුරුවත් තමුන්ට තමන් අවංක නැති නිසා නේද ?

      හේ හේ .....ඒකාධිපතියෙක් වුනත් ඉතින් මේ ජරා ක්‍රමය ඇතුලේ අපිත් එක්කම ජරාජීරණ වුන එකෙක් නම් වැඩක් නෑ. ඒකාධිපතියෙක් වුනත් ඉතින් පිටින් එකෙක් තමයි ගෙන්න වෙන්නේ.

      හිට්ලර් උත්සාහ කලේ ඉන්න ටික අයින් කරලා පිටින් ගෙනත් දාන්න නෙවෙයි නේ. හිට්ලර් ගේ කරමේ මෙහෙට හරිය එකක් නෑ. නෝවා දුව ඉතුරු කළා වගේ තියේවි. LOL

      Delete
    14. තමන් ඇතුලතින් වරද නිවරද විනිශ්චය කරනවා කියන එක ඉතින් සාපේක්ෂයි නේද හරියට සර්ව ජන ඡන්ද බලය වගේ. තම නැණ පමණින් කොයි එක තෙරුවත් හරි.

      නිගරුවක් කියන්න බෑ ඉතින් එක පාරට.

      (ඒ විනිශ්චය අනුව බාහිර ක්‍රියා නැංවීම නෙවෙයි මං කියන්නේ. ක්‍රියාවට නැංවීම ඉතින් නීතිය කියන සම්මතය හරි කියන එකේ ඉගෙන තමයි ශිෂ්ඨාචාර ගත සමාජේ ඉතින් කරන්නේ වෙන්නේ නේද ? )

      Delete
    15. [ඒ අතුරේ තාමත් අපි රෝල් මොඩල් ලෙස සලකන සිසුන් ඉන්නවා. උන්ට රට පවා එපා වෙන විදියට තමයි 'බහුතරය' වැඩ කරන්නේ.]

      රෝල් මොඩල් කොහොම වුනත් ඉතින් වැඩක් කරන්න පුළුවන් එකෙක් දැක්කම බයවෙන තැනුත් තියෙනවා අපේ යුනිවර්සිටි සිස්ටම් වල. මං කියන්නේ ස්ටුඩන්ට් ලා ගැන නෙවේ.

      ස්ටාෆ් රික්රුට්මන්ට් වලදී කරන දේවල් දැක්කම පණ යනවා. අරය ඉන්ටවීව් අවොත් කැන්සල් කරනවා වගේ විහිලු උඩ තමයි රික්රුට්මන්ට් දුවන්නේ. සාමාන්‍ය අවුට් ස්ටැන්ඩින් රිසර්චර් කෙනෙක් දැක්කම එහෙම නම් ඉතින් කොහේ රෝල් මොඩල් තියාගෙන්නේ ? වැඩේ වෙලා තියෙන්නේ ඉන්ටර්නල් පොලිටික් ලොකුයි නේ හයර් එඩියුකේෂන් පොලිසි එකට වැඩිය. යුනි වල විතරක් නෙවෙයි පබ්ලික්ලි ෆන්ඩඩ් ප්රිවටලී ඔපෙරටෙඩ් ඉන්ස්ටිටියුට් එකකුත් තියෙනවා නැෂනල් පොලිසිඑකේ කැලේ දාල ඉන්ටර්නල් පොලිටික්ස් උඩ රුවිතෙට යන.

      ඕවා ගැන නම් ඉතින් කොහොමත් කතා කරලා වැඩක් නෑ තමයි.

      Delete
  9. කියලා වැඩක් නැත. මේ දේවල්වලින් ජනතාවට වන අපහසුතාව.....

    ReplyDelete
  10. Aththatama mewa narambana apita mechcharakal nikamatawath hithune nahane mewa sanwidanaya karanna koyi tharam mahansi wenawada kiyala!

    ReplyDelete
  11. එල ද බ්‍රා ...
    අපිට නොමිලේ මෝඩ ආතල් දෙන අන්තරේ අයියලට අපේ මෙව්වා එක ..
    මගදී සෙට් උනොත් මමත් දෙනවා පොලු පාරක් මගේ සහයෝගය පෙන්නන්න

    ReplyDelete
  12. සඳරුවා ලියන්නෙත් නැතිඑකේ ඉයන් මේ ලියපු එක නං බොහෝම අගෙයි.
    අම්මේ තාත්තේ මල්ලියේ නංගියේ මාමේ කියල පටන් අරගෙන දෙක වදිනකොට අනේ බුදු රාලාමි හයියෙන් ගාන්ඩ එපෝ කියා කියා දුවන කොට කෝමද ආතල් එක ඉයන් සෑර්.

    මා කියවූ හැන්රි සෑර්ගේ කොමෙන්ට් එකක කවුදෝ කෙනෙක් ලියා තිබුණා, ලංකාවේ බොහොම දේ අරගලවලින්ම ලබාගත්තා කියා. අනික කොළොඹ පෙලපාලිගියා කියා ට්‍රැෆික් ප්‍රශ්න ඇතිවෙන්නේ නැතැයි කියාත්. මෙතන බලන්ඩ

    ReplyDelete
  13. ඉයන්තුමා කින්ඩි දානවා කියලා ඔහොම්මම දාන්න එපා අප්පා. ඇඬෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරහන්, මේ සාකච්චාව ඇත්තටම වෙච්ච එකක්. ටේප් එකත් මම ඇහුවා. හැක්

      Delete
    2. What????? Are you serious ???

      Delete
  14. Ian, are you in police 👮 department now....?

    ReplyDelete
    Replies
    1. No Mathe , found a tape containing this discussion , lol

      Delete