Wednesday, May 17, 2017

යහපාලන ආර්ථික දර්ශණය


(2018 මැයි 8 ලංකාදීප) “අපනයන ආර්ථිකයෙන් ශීඝ්‍ර දියුණුවකට ගොස් ලෝක වෙළෙඳපොළ අල්ලා ගැනීමට ශ්‍රී ලංකාව දැන් සූදානම්” බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඌව පරණගම-යාලගම දී පැවැසීය.
ශ්‍රී ලංකාව සමඟ තරහවී සිටි ලෝකයේ සෑම රටක්ම යහපාලන රජය යටතේ ලංකාව සමඟ යහළුවී සිටින බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, කඩිනම් ශීඝ්‍ර සංවර්ධනයක් තුළින් රාජපක්ෂ ණය ඇතුළු සියලු ණය බරින් රට මුදාගත හැකි ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කරන්නේ යැයි ද කීවේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසූයේ ඌව පරණගම-යාලගම යොවුන් අපනයන කෘෂි ගම්මානය ආරම්භ කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමිනි.
අක්කර 53ක භූමියක කෘෂි ගම්මානය ඇරඹෙන අතර, අඹ, ගම්මිරිස්, අන්නාසි, වැල් දොඩම්, කටු අනෝදා, රට කජු යන භෝග මෙන්ම මී මැසි පාලනය අපනයනය සඳහා මෙහි වගාකිරීමට නියමිතය.

කෘෂි භෝග වගාව කරන තරුණ තරුණියන් සඳහා අක්කර තුනක නේවාසිකගාරයක් ද මෙහි ඉදි කෙරේ. උමා ඔය අසබඩ සුන්දර බිම් තීරයක ගොවිබිම පිහිටයි. උව පළාත් කෘෂිකර්ම, මහාමාර්ග හා සත්ව නිෂ්පාදන අමාත්‍ය උපාලි සමරවීර මහතාගේ සංකල්පයකට අනුව ගොවි ගම්මානය ඉදිකෙරිණ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවැසීය.
“මා බදුල්ල දිස්ත්‍රික්කයට පැමිණෙන්නේ නිලධාරීන් ඇතුළු පාක්ෂිකයන් සමඟ දිස්ත්‍රික්කය සම්බන්ධව සාකච්ඡා කිරීමටයි. අද ඌව පරණගමට පැමිණියේ ඉතා දුෂ්කර ගම්මානයක් වන යාලගමුවේ පැවැත්වෙන උත්සවයකටයි.
මේ දුෂ්කර ගම්මානයේ පැවැත්වෙන උත්සවයට සහභාගී වීමට පැමිණි ඔබ සැමට මාගේ ස්තූතිය පළමුවෙන්ම පුද කිරීමට කැමැතියි. වියළි කාලගුණය මධ්‍යයේ ද රස්නය නොතකා මෙහි පැමිණි ඔබට නැවත වාරයක් ස්තූතිවන්ත වීමට කැමැතියි.
ඌව පරණගම, වලපනේ, වියලුව යන ආසන තුන එකතුවන ස්ථානය වන මේ නොදියුණු ප්‍රදේශය දියුණු කිරීමේ කාර්යය උපාලි සමරවීර මහතා බාර ගත්තා.
උපාලි සමරවීර මහතා පාර්ලිමේන්තුවේ මෙන්ම පළාත් සභාවේ ද දක්ෂ අන්දමින් තම වැඩ කටයුතු කළා. පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යාංශය උපාලි සමරවීර මහතාට බාර දුන්නේ ප්‍රදේශයට විශාල සේවයක් කිරීමටයි. එතුමා කරන වැඩ කටයුතු පිළිබඳව සොයා බැලීමට පැමිණෙන්නැයි කිහිප වතාවක්ම මට ආරාධනා කළා. ඒ අනුවයි අද මා මේ ප්‍රදේශයට පැමිණියේ.
එතුමාගේ අරමුණ ප්‍රදේශයේ යොවුන් කෘෂි අපනයන ගම්මානය ආරම්භ කිරීමයි. ඒ සඳහා විවිධ පාර්ශ්ව විවිධ අදහස් උපදෙස් දී තිබෙනවා. ප්‍රාථමික කටයුතු අමාත්‍යාංශයෙන් ද අවශ්‍ය මුදල් ආධාර ඒ සඳහා දෙනවා. ඉදිරියේදී මේ සඳහා තවත් සැලසුම් ඉදිරිපත් කළායින් පසු මුදල් දීමට මා සූදානම් බව පැවැසීමට කැමැතියි.
තල්පිටිගල ජලාශය ඉදිවීමත් සමඟම ප්‍රදේශය විශාල දියුණුවක් ලබනවා. ජාතික ආණ්ඩුව ඇති කරන අවස්ථාවේදී සිවිල් ගුවන් සේවා හා ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා සිටියේ තල්පිටිගල ජලාශය ඉදිකර ඒ ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතිය කර ගැනීමට ආධාර උපකාර දෙන ලෙසයි. චීන රජයට මේ පිළිබඳව කතා කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැන් මුදල් අනුමත වෙලා.
තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය සාර්ථක වූ පසුව මෙහි ඉඩම්වල වටිනාකම දෙගුණයකටත් වඩා වැඩි වීමට නියමිතයි. කෘෂි අපනයන ගම්මානය මෙහි ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. සාමාන්‍යයෙන් ගම්මානවල පදිංචිකරුවන් කරන්නේ වී ගොවිතැන හෝ වෙනත් සාම්ප්‍රදායික භෝග වගා කිරීම හෝ පමණයි. නමුත් මේ ගම්මානයේ තත්ත්වය ඊට වඩා වෙනස් බව කිව යුතුයි. අපනයනයට අවශ්‍ය ගොවිතැන් මෙහි කෙරෙනවා. ශ්‍රී ලංකාව අපනයන ආර්ථිකය සඳහා සූදානම් කරනවා.
ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මීට වසර 40කට පෙර ශ්‍රී ලංකාව ලෝක වෙළෙඳපොළට එකතු කර අපනයන ආර්ථිකයේ මූලාරම්භය ඇති කළා. යුද්ධය නිසා යම් යම් පසුබෑම් ඇති වුණා. 2009 වසරේදී යුද්ධය අවසන් වූ පසු නැවතත් අපනයන ආර්ථිකයකට ගමන් කළ යුතුව තිබුණා. යුද්ධයෙන් පසුව අපේ ආර්ථිකය විනාශ වුණා. ආර්ථිකය දියුණු කරන්න ශක්තියක් තිබුණේ නැහැ.
ආර්ථිකය දියුණු කිරීම සඳහා තිබෙන එකම මාර්ගය අපනයන වෙළෙඳපොළට ගමන් කිරීමයි. ශ්‍රී ලංකාවට දැන් යුරෝපා වෙළෙඳපොළ විවෘතයි. 2003 වසරේ මා අගමැතිවරයා වශයෙන් සිටිය දී ඒ පිළිබඳ සාකච්ඡා කළා. නමුත් ඉන්පසු පැමිණි ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කළා.
බංග්ලාදේශය යුරෝපා වෙළෙඳපොළ අල්ලා ගත්තා. දැන් බංග්ලාදේශයට ගෙවුම් ශේෂයේ ප්‍රශ්නයක් නැහැ. ඕනෑ තරම් විදේශ විනිමය තිබෙනවා. අපට වඩා පස් හය ගුණයකින් බංග්ලාදේශය විදේශ විනිමයෙන් පෝසත් වෙලා. බංග්ලාදේශය ඔවුන්ගේ අවස්ථා මෙන්ම ශ්‍රී ලංකාවට ලැබුණු අවස්ථාවලින් ද ප්‍රයෝජන ගැනීම නිසා මේ දියුණුව ලබා ගැනීමට හැකි වුණා.
එකල අපට යුරෝපා වෙළෙඳපොළට පිවිසීමට තිබූ අවස්ථාව ප්‍රතික්ෂේප කළා. ඒ නිසා පසුගිය ආණ්ඩුවට රටේ ආර්ථිකය දියුණු කිරීමට නොහැකි වුණා. දිගින් දිගටම ඔවුන් ණය ගැනීමට පටන් ගත්තා. ශ්‍රී ලංකාව එතෙක් ගෙන තිබුණේ දේශීය වාණිජ ණය පමණයි. පසුගිය ආණ්ඩුව විදේශීය වාණිජ ණය ගන්නත් පටන් ගත්තා. ආර්ථිකය බංකොළොත් වුණා. අපේ ආර්ථිකයට ණය ගෙවන්න ශක්තියක් නැති වුණා. ආදායමක් තිබුණෙත් නැහැ.
ණය ගෙවීමට නොහැකි පුද්ගලයකු තවත් ණයක් ගත්විට වන්නේ කුමක් ද? ණය ගෙවීමට හැකි මට්ටමට ආදායම ප්‍රමාණවත් විය යුතුයි. නමුත් පසුගිය රජය සීමාවකින් තොරව ණය ගැනීම නිසා ණය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වුණා. ආණ්ඩු මාරුව වුණේ මෙවැනි තත්ත්වයක් තිබිය දී බව කිව යුතුය.
මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් කර ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ජාතික ආණ්ඩුව බිහි කළේ ණය උගුලෙන් ගොඩ ගැනීමටයි. ණය උගුලේ සිර වී මැරෙනවා ද නැතිනම් අපේ ශක්තියෙන් ණය උගුලෙන් ගොඩ එනවා ද කියා තීරණය කිරීමට සිදු වුණා.
පළමුවෙන්ම කළ යුත්තේ රටේ ආදායම වැඩි කිරීමයි. අප ඒ වැඩ කටයුත්ත කරමින් සිටිනවා. ආදායම් බදු නොගෙවූ පුද්ගලයන්ගෙන් ආදායම් බදු අය කර ගත්තා. වැට් බදු අය කර ගත්තා. ඊට එරෙහිවත් විශාල උද්ඝෝෂණ පැවැත්වුණා. නමුත් මේ වනවිට රජයේ ආදායම වැඩි වෙලා. ඒ  නිසා ආණ්ඩුව පවත්වා ගැනීම සඳහා ගත යුතු ණය ප්‍රමාණය අඩු කිරීමට අපට හැකියාව ලැබුණා.
ලබන වසරේ පමණක් අපට ගෙවීමට ඇති දේශීය ණය ප්‍රමාණය රුපියල් කෝටි අනූ හයදහසයි. මෙසේ ගෙවිය යුතුව තිබෙන්නේ 2007, 2008, 2009 වසරවල ගත් ණයයි. ඊළඟ වසර හතරේ දී ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය ඩෙලර් කෝටි එක් දහස් පන්සීයක් වෙනවා. තද අව්වට ක්ලාන්තය හැදුණේ නැතත් ණය මුදල ගැන ඇසූ විට ක්ලාන්තය හැදෙනවා.
ණය බර කළමනාකරණය කර ගනිමින් රට දියුණු කළ යුතුයි. 2020 වනවිට ණය ගෙවීමට හැකියාව ඇති ශක්තිමත් ආර්ථිකය බිහි කිරීම අපේ අරමුණයි. එක් පැත්තකින් අප ක්‍රමානුකූලව රජයේ ආදායම වැඩි කර තිබෙනවා. අනෙක් අතින් තරුණ තරුණියන් සඳහා රැකියා බිහි කළ යුතුයි. අප එය කරන්නේ කෙසේ ද?
ණය ගන්නවා නම් එය ගෙවීමටත් හැකියාවක් තිබිය යුතුයි. ඒ සඳහා අපනයන ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළින් පමණක් මුදල් සොයා ගන්න හැකියාවක් නැහැ. යුරෝපා වෙළෙඳපොළ, ඉන්දියා වෙළෙඳපොළ, චීන වෙළෙඳපොළ අල්ලා ගෙන අපනයන ආර්ථිකය දියුණු කළ යුතුයි. එසේ කළවිට ඊළඟ වසර දහයේ දී වුවත් ණය ගත්විට ඒ ණය පහසුවෙන්ම ගෙවා දැමිය හැකි තත්ත්වය උදා වෙනවා.
එදා මහින්ද රාජපක්ෂ ණය ගනිද්දී අත්පුඩි ගැසූ මාධ්‍ය වෙන්නේ කුමක්දැයි අද අපෙන් අසනවා. රාජපක්ෂ ගත් ණය ගෙවා දැමීම සඳහා තවත් ණය ගැනීමට අද අපට සිදු වෙලා. ඒ තත්ත්වය දිගින් දිගටම ගෙන යෑමට හැකියාවක් නැහැ. ණය උගුලට මුහුණ දීම සඳහා ශක්තිමත් ආර්ථිකය ඇති කළ යුතුයි.
අපේ ආර්ථිකය ශක්තිමත් විය යුත්තේ වර්තමානයේ ගන්නා ණය ගෙවා දැමීමට පමණක් නොවෙයි. පසුගිය වසර දහයේදී ගත් ණය ගෙවා දැමීමට ශක්තිය තිබිය යුතුයි. එසේ නම් කඩිනම් ශීඝ්‍ර සංවර්ධනය ආරම්භ කර අප ගන්නා ණයත්, පසුගිය වසර දහයේ දී ගත් ණයත් ගෙවීමට හැකි තත්ත්වය නිර්මාණය කළ යුතුයි.
මේ කාර්යය පසුගිය වසරේ නොකළේ ඇයි දැයි බොහෝ අය විමසනවා. පසුගිය වසරේදී අපට ජාතික ආදායම වැඩි කර ගැනීමේ කාර්යබාරයට මුහුණදීමට වුණා. පළමුවෙන්ම අප රටේ ආදායම වැඩි කරගත යුතුයි. එය සාර්ථක වී ඇති නිසා දැන් අපට සංවර්ධනයට යා හැකිව තිබෙනවා. මුළු රටම
අපනයන ආර්ථිකය මගින් පොහොසත් කර සංවර්ධනය ළඟා කර ගැනීම අපේ අරමුණයි.
ලෝක වෙළෙඳපොළ අපේ වෙළඳපොළ බවට පත්කර ගත යුතුයි. ඌව පරණගම, වැලිමඩ, බදුල්ල, කොළඹ වෙළෙඳපොළවල් තරග කරන්නා සේ ලෝක වෙළෙඳපොළ සමඟ අද අප තරග කළ යුතුයි. සිංගප්පූරු වෙළෙඳපොළ, ප්‍රංශ වෙළෙඳපොළ, ශැංහයි වෙළෙඳපොළ සමග තරග කළ යුතු තත්ත්වයන් ඇති කළ යුතුයි. අපට ඒ ශක්තිය තිබෙන බව ඇඟලුම් කර්මාන්තයෙන් පෙන්නුම් කළා. තේ කර්මාන්තයෙන් ද ඒ ශක්තිය පෙන්නුම් කර තිබෙනවා.
කර්මාන්ත, සංචාරක, ව්‍යාපාර ආදී සියල්ල අපනයන ආර්ථිකය බවට පත්කර විශාල සංවර්ධන ව්‍යාපාරය ක්‍රියාත්මක කරනවා. යුරෝපා වෙළෙඳපොළ අල්ලා ගැනීමට යළිත් අපට හැකියාව ලැබෙනවා. මේ පිළිබඳව අප යුරෝපා සංගමය සමඟ සාකච්ඡා කළා. යුරෝපා වෙළෙඳපොළට පිවිසීම සඳහා යුරෝපා සංගමය අපට භාණ්ඩ 6600කට සම්පූර්ණ බදු සහන දුන්නා. ප්‍රතික්ෂේප කළ තීරු බදු සහන සියල්ල දැනට අපට ලැබී තිබෙනවා.
ඇඟලුම් භාණ්ඩ පමණක් නොව තවත් භාණ්ඩ රැසක් තීරු බදු සහනයට අයත් බව කිව යුතුයි. ඒ අතර අඹ, අන්නාසි, ගම්මිරිස් ආදියත් යුරෝපයට යැවීමට උපාලි සමරවීර මහතා කල්පනා කරලා. යුරෝපය අපට උපකාර කරනවා. ඔවුන් අපට සම්පූර්ණ වෙළෙඳපොළ දුන්නා.
අප දැන් ලෝකයේ සෑම රටක් සමඟම මිතුරු වී සිටිනවා. යුරෝපය පමණක් නොව ඉන්දියාව, ජපානය, චීනය, සිංගප්පූරුව ආදී රවටල් ද අපේ හොඳ මිතුරන් බවට පත්වෙලා.
ජපානයට හා ඉන්දියාවට යෑමට මට අවස්ථාව ලැබුණා. ඔවුන් අපේ දියුණුවට විශාල වශයෙන් උපකාර කරනවා. ප්‍රධාන නගර දියුණු කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීමට ආධාර කිරීමට, කොළඹ වරාය තවත් දියුණු කිරීමට, කොළඹ වරායට උතුරින් තවත් වරාය ඉදිකිරීමට, කටුනායක ගුවන් තොටුපොළ දියුණු කිරීමට, කොළඹ සැහැල්ලු දුම්රිය මාර්ගය ඉදිකිරීමට, මෙරටට හොඳ තාක්ෂණය දීමට, මහනුවර අලුත් නගරය බවට පත් කිරීමට, ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මෙන්ම අපගේ රූපවාහිනී නාලිකා ඩිජිටල්කරණය කිරීමට ජපානය එකඟවී සිටිනවා.
ත්‍රිකුණාමලය සංවර්ධනය සඳහා සහභාගී වීමට සූදානම් යැයි ඉන්දියාව පවසනවා. ලංකාව හා ඉන්දියාව එක්වී ත්‍රිකුණාමලයේ ව්‍යාපෘති රැසක් දියුණු කිරීමට ඉන්දීය රජය කැමැත්ත පළ කළා.
ත්‍රිකුණාමලය තෙල් ගබඩා හවුල් ව්‍යාපාරය ලෙස දියුණු කිරීම ඉන් එක් ව්‍යාපෘතියක් බව කිව යුතුයි. එයින් ශ්‍රී ලංකාවේ තෙල් සංස්ථාවට කිසිදු හානියක් වන්නේ නැහැ. තෙල් ගබඩා කර ඉන්දියාවට විකිණීමේ අවස්ථාව එවිට අපට ලැබෙනවා. එහි අප කර්මාන්තශාලා ඇති කරනවා. ඒ අවට විශාල දියුණුවක් ඇතිකළ යුතුයි. ඒ දියුණුවේ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාව සමඟ ඒකාබද්ධ කමිටුව පත් කරනවා. ජපානයත් ඒ කාර්යය සඳහා එකතු වෙනවා.
සූර්යතාප විදුලි බලාගාරයක් සාම්පූර් ප්‍රදේශයේ ඉදිකිරීමට ඉන්දියාව ක්‍රියා කරනවා. ඊට අමතරව ඉන්දීය රජය විසින් කෙරවලපිටියේ එල්.එන්.ජී. විදුලි බලාගාරය ඉදි කරනවා.
ජපාන ආයෝජකයන් විසින් තවත් විදුලි බලාගාරයක් ඉදිකිරීමට නියමිතයි. විදුලි බලාගාරය සඳහා එල්.එන්.ජී. ගෑස් ගැනීම සඳහා අවශ්‍ය පාවෙන පර්යන්තය ඉන්දියාව ලංකාව හා ජපානය එක්ව ක්‍රියාත්මක කරනවා.
උතුරේ ආර්ථිකය දියුණුකිරීම සඳහා ඉන්දියාවෙන් සහයෝගය ලැබෙනවා. මන්නාරමේ සිට වවුනියාවට, වවුනියාවේ සිට ත්‍රිකුණාමලයට, ත්‍රිකුණාමලයේ සිට දඹුල්ලට අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා සැලසුම් සකස් කරන කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
දකුණු පළාතේ ඉන්දීය ආයෝජන සහිතව වෙළෙඳ කලාපයක් ඉදිකිරිමට ඉන්දීය සමාගම සූදානම්ව සිටිනවා. කළුතර අක්කර දහසක වෙළෙඳ කලාපය ඉදිකිරීම සඳහා තායි සමාගම පැමිණ සිටිනවා.
වයඹ වෙළෙඳ කලාප තුනක් ඉදිකරීමට නියමිතයි. මීට අමතරව හම්බන්තොට, වැල්ලවාය ප්‍රදේශවලත් වෙළෙඳ කලාප ඉදි කෙරෙනවා. ජාතික ආදායම වැඩි කරන අතර ඉතිරි සංවර්ධන කටයුතු සැලසුම් කරමින් සිටිනවා. කෘෂිකර්මාන්තය දියුණු කිරීමට ඉන්දියාවෙන් ආධාර දෙන බවට පොරොන්දු වුණා.
අපනයන කෘෂිකර්මාන්තය දියුණු කර මත්තල ගුවන් තොටුපොළින් අපේ භාණ්ඩ එතෙර යැවිය හැකි වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා ඉන්දියාවේ සහයෝගය ගන්නවා. වතුකරයේ ජනතාවට  නිවාස ඉදිකිරීමට උතුරේ ජනතාවට නිවාස තැනීමට ඉන්දීය සහයෝගය ලැබෙනවා.
මීට අමතරව අපේ ශක්තියෙන් දකුණේ අක්කර දහසකට වැඩි ප්‍රමාණයක සංචාර කලාප ඉදිවෙනවා. හලාවත ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් තවත් සංචාරක කලාපයක් ඉදිවෙනවා. බදුල්ල, බණ්ඩාරවෙල ප්‍රදේශවලත් වෙළෙඳ කලාප මෙන්ම සංචාරක කලාප ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. මහනුවර නගරය විශාල සංචාරක මධ්‍යස්ථානය බවට පත් වෙනවා. එමෙන්ම සංස්කෘතික ත්‍රිකෝණය ආශ්‍රිතව ද සංචාරක කර්මාන්තය දියුණු කරනවා.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා චයිනා මර්චන්ට් සමාගම එක්ව හම්බන්තොට වරාය දියුණු කිරීමේ තවත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ දියුණුව මේ ප්‍රදේශයටත් ගලා එනවා.
සෑම සංවර්ධන සැලසුමක්ම ගෙන ආවේ අපනයන ආර්ථිකය කරා යාමටයි. අපේ නිෂ්පාදන  එවිට ලෝක වෙළෙඳපොළේ  විකිණීමට හැකියාව ලැබෙනවා. ශ්‍රී ලාංකිකයන්ගේ ආදායම එවිට ඉහළ යනවා. එමෙන්ම ජාතික ධනය ඉහළ යනවා. දළ දේශීය ආදායම දෙගුණ තෙගුණ වෙනවා.
දුප්පත්කම තුරන් කර තරුණයන් සඳහා රැකියා බිහි කර ඉදිරියට යන ව්‍යාපාරය ජාතික රජය විසින් ක්‍රියාත්මක කරනවා. අප ආරම්භ කරන්නේ අපනයන ආර්ථිකයේ සංවර්ධනයයි.
අප ජාතික ආදායම ශීඝ්‍රයෙන් වැඩි කළා. හැමදාම හිඟන්නන් වශයෙන් ඉන්න හැකියාවක් නැහැ. අපනයන ආර්ථිකය මගින් ලෝක වෙළෙඳපොළට ඇතුළු විය හැකි ආර්ථිකය අප නිර්මාණය කරනවා.
1977 වසරේ නිදහස් ආර්ථිකය ආරම්භ කරද්දී අපට කිසිවක් තිබුණේ නැහැ. ඇඟලුම් කර්මාන්තය  නැහැ. 1977ට පෙර තිබූ රෙදි හැඳින්වූයේ ‘ඝණ්ඨාර මාර්ක්’ රෙදි යනුවෙන් බව වැඩිහිටියන් දන්නවා. අද වනවිට අප ඉහළ ප්‍රමිතියෙන් යුතු රෙදි ලෝකයට අපනයනය කරනවා.
එමෙන්ම විශාල වශයෙන් රබර් ටයර් හදනවා. මේ කර්මාන්ත පස් ගුණයකින් පමණ වැඩි කිරීම අපේ අරමුණයි. අප ළඟ වාද බේද නැහැ. සියලු දෙනා එකතු වී වසර 5කින් ඉදිරියට පනිමු. ඊට පසුව පක්ෂය ලෙස බෙදී තරග කරන්න හැකියි.
ජාතික ආණ්ඩුව නිර්මාණය කිරීමේ ප්‍රධාන අරමුණ ණය උගුලේ හිරවී තිබූ රට ඉන් බේරාගැනීමයි. ඒ කාර්යය සඳහා අපනයන ගම්මානයෙන් ලැබෙන උපකාරයට ද ස්තුතිය පළ කළ යුතුයි” යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.

මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

10 comments:

  1. ඔය කියන දිනය වෙනකොට මම දිනමිණ හිටියොත් හෙඩිම මේ පුවතට, ඌව පරණගම ට යොවුන් අපනයන යම්මානයක්, මම ලංකාදිපයේ නම් හෙඩිම තව එකක් මම දිවයිනේ නම් මේ සේරටම වඩා වෙනස් හෙඩිමක්.
    කොහොම වුවත් ඉයන් නිවුස් එක ගහලා තියෙන්නේ රජයේ පත්තරයකට ඕන විදියට. අවුලක් නෑ අරකත් මාම ගේ පත්තරේනේ ඒකටත් මේ ඉන්ටෛා් එක හරියන්නත් ඇහැකි එදාට.

    ReplyDelete
  2. කපටි දේශපාලකයන් උත්සව අමතලා දෙසන සුරංගනා කතා ඉයන් ගෙඩි පිටින් ගිලිනවා වගේ...ඔය හැමෝගෙම සුරංගනා කතා යතාර්තයක් වුනානම් අද අපි ඉන්න ඕ්නා සුරලොවක.

    ReplyDelete
  3. මේ ඔක්කොමත් හරි කියමුකෝ ඉයන්.. ඒත් ඉතින් මේ සා ආර්ථික දැක්මක් තියන අගමැති තුමා පාර්ලිමේන්තුවේ ඉන්න අම්බරුවන්ගේ ගමන්බිමන් වෙනුවෙන් වාහන වලට මේ සා මුදල් කන්දරාවක් වෙන්කරන්නේ රටේ ණය බර ගැන අමතක වෙලාද?

    කෘෂිකර්මය ගැන කතා කරනවානම් මම මෙහෙම ලියන්නම්.. මම උපකල්පනය කරනවා ඉයන් ඕනෑතරම් දියුණු රටවල සංචාරය කරලා තිබෙන බව. ඒ සංචාරයක් අතර දියුණු රටක සුපර් මාර්කට් එකකට ගොඩවෙන වෙලාවට ඒ රටවල විකුනන්න තියන එළවලු සහ කෘෂි නිෂ්පාදන දැකගන්න පුළුවනි. අපේ රටේ කෘෂිකාර්මික නිෂ්පාදන සහ විදේශ රටවල කෘෂිකාර්මික නිෂ්පාදන සංසන්දනය කරාම මම හිතන්නේ නැහැ විදේශීය වෙළඳපොල එක්ක අපේ රටේ කෘෂි නිෂ්පාදන වලට තරඟ කරන්න පුළුවනි කියල. කෘෂි අපනයන දියුණු කරන්නනම් විදේශීය වෙළඳපොලේ තිබෙන කෘෂි නිෂ්පාදන හා කරටකර යන්නට නිෂ්පාදන තිබිය යුතුයි. මම ලකාවට ආපු වෙලාවට ලංකාවේ තියන සුපිරි වෙළඳසල් වලට ගොඩවෙන වෙලාවේදී දකින කෘෂි නිෂ්පාදන සහ විදේශයේදී දකින කෘෂි නිෂ්පාදන වල වෙනස අහස පොලොව තරම්.

    මම පුද්ගලිකව හිතන්නේ නැහැ වර්තමාන පාර්ලිමේන්තුවේ ඉන්නා පක්ෂ විපක්ෂ දෙකෙහිම විදේශීය කෘෂි වෙළඳාම ලංකාව වෙත අද්දාගනීමට තරම් දක්ෂයකු සිටිනවා කියා.



    ReplyDelete
    Replies
    1. ඔබ හරි. වතුර කඳුලක් නැති ඊශ්‍රායලය පිටින් වතුර ගෙන්වා මහා පරිමාන කෘෂි කර්මාන්තයේ යෙදෙනවා. කම්කරුවන් අපේ රටවල් වලින් ගෙනියනවා ලක්ෂ ගණන් වැටුප් ගෙවනවා. නිෂ්පාදන අපනයනය කරලා ලාබත් ගන්නවා. අන්න ඒ දියුණු කෘෂිකර්මාන්තයටයි අපත් යා යුත්තේ. මේ ගැන හොඳ ලිපි කීපයක්ම ලිව්වා රයිගම් අඩවියේ.

      Delete
  4. අප ළඟ වාද බේද නැහැ. සියලු දෙනා එකතු වී වසර 5කින් ඉදිරියට පනිමු. ඊට පසුව පක්ෂය ලෙස බෙදී තරග කරන්න හැකියි..
    රෙස්ප්ර්ට් සර්

    ReplyDelete
  5. පුදුම සුන්දර සිහිනයක්නේ ඉයන් දැකලා තියෙන්නේ. අනේ මේවා අපේ ජීවිත කාලේදී සැබෑ වෙනවනම් කොච්චර දෙයක්ද හැබෑට :)

    ReplyDelete
  6. ගුඩ් මොර්නින්ග් .

    ReplyDelete
  7. Me comments dala tiyena samahara mahathwaru wage aya nisa thama lankawa develop karanna amaru, pasugami adahas thiyena ayata mewa sihina wage thama eth mewa thama api dakinna ona sihina saba karaganna puluwan sihina. Apita eka paratama hama ratak ekkama compete karanna ba thama eth api kohen hari patan ganna ona. Korea ,China wage ratawal Japan, America wage ratawal ekka compete karanna ba kiyala production kare nathuwa hitiyanam e ratawal ada inna thathwe na.apita meka karanna puluwan hondama udaharanaya thama ranila kiwwa wage angalum karmanthaya.eka patan gannakota ape rate nishpadana loke anith ratawala thathwayata thibune na ,passé api lokaye vishalama brand walata angalum sapayana thathwayata awa.ape buddimathunge theerana nisa dan e thathwaya apen gilihila bangaladeshaya indiawa paththata yamin pawathinawa.
    Mama danna wyaparikayek innawa kurumba wathura saha mada bottle kara loka welanda polata sapayana kenek.eka patan ganna kalin godak aya eyata q weth oka heenayak thailanthaya wage ratawala mahaparimanayen oya wade karana company ekka compete karanna kawadawath ba kiyala.ada ema wayaparaya thailanthaye company ekka karata kara tharanga karanawa.
    Me wage sihina dakala ewa saba karaganna api hamoma ekathu wela wada kle nathnam (hamoma ekathu wela ? sihinayak ) thawa awrudu 50kinuth apita wenne “balanna anith ratawal ewath ekka apita compete karanna ba” wage moda comment blog wala kota kota inna thama.

    ReplyDelete
    Replies
    1. ඇනෝ.. ඔබතුමාගේ අදහස එක්ක එකඟයි.. ඒත් මේ පවතින දේශපාලන රාමුව ඇතුලේ තනතුරු වලට පත්වෙන්නේ දේශපාලකයාට කඩේ යන හෙන්චයියෙක් මිසක් ඒ තනතුරට සුදුස්සෙක් නෙවෙයි. ඒ නිසා අපිට මේ දේවල් වලින් සාර්ථකත්වයක් ලබන්න බැහැ. සියල්ලටම කලින් කල යුත්තේ ගොට්ටාට තනතුර ලැබී සුදුස්සා එලියට විසික්වෙන ක්‍රමය වෙනස් කිරීම නේද. ආසන්නම උදාහරණය ශ්‍රී ලංකන් එයාර්ලයින්.. පහුගිය ආණ්ඩුවේ උනත් ඒවායින් යමක් ඉගෙනගතයුතුයි නේද.

      Delete
  8. ඉයන්තුමා අපනයන ගම්මාන සංකල්පය ප්‍රාෙයා්ගිකද දැන්. මේවත් අර රජයේ ගොවිපල තත්වයටම වැටෙන්න වැඩි කල් යන එකක් නෑ.

    ReplyDelete