Saturday, May 6, 2017

ශ්‍රී ලංකන් ගුවන් සේවය හොම්බෙන් යාම

ෂ්‍යාමන් ජයසිංහ
ෂ්‍යාමන් ජයසිංහ
ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ’ කතාන්තරය දැන් මුලූ රටම දනී. මහින්ද රාජපක්ෂගේ දස අවුරුදු පාලන කාලය ගැන තවමත් ප‍්‍රශස්ති ගයන සහ ඔහු යළි බලයට පත්වීමක් ගැන කෑමොර දෙන අයවළුන්ට යෝනිසෝ මනසිකාරය වඩවා ගැනීමට මීටත් වඩා තවත් සාක්ෂි අවශ්‍ය නොකෙරේ.
මේ සිද්ධිය වනාහී, රටක විනාශයේ විභවය පෑදූ, දුර්භාග්‍යවන්ත ආණ්ඩුකරණ මාදිලියක් පිළිබඳ ආඛ්‍යානයක එක් අංගයකි. අධිකාරීවාදී මජර තන්ත‍්‍රයන් අයාලේ ගොස් තුවාලයක් වූ විවිධ ඓතිහාසික අවස්ථාවන්ට මෙය තවත් උදාහරණයකි. එබැවින් මොනයම් හෝ පුද්ගල කෝන්තරයකින් පරිබාහිරව, අනාගතය සඳහා අදාළ කර ගත හැකි දර්ශකයක් හෝ ආදර්ශමත් අධ්‍යයනයක් වශයෙන් මෙම සිද්ධිය සියුම්ව පරීක්ෂාවට ලක් කිරීම වටනේය. මහා අසාර්ථකත්වයක් පාඩමක් කර ගත හැකි අත්දැකීමක් බවට පත්කර ගත හැක්කේ එයාකාරයෙන්ම පමණි.

එමිරේට්ස් ගුවන් සමාගමත් සමග එතෙක් පැවති හවුල් ව්‍යාපාරික ගිවිසුම යටතේ ‘ශ‍්‍රී ලංකා ගුවන් සේවය’ 1998 සිට සෑහෙන ලාභ ඉපැයූ බව සඳහන් ය. නාමයේ විශේෂ අලංකාරයක් නොතිබුණත්, ආඩම්බර විය හැකි ජාතික ගුවන් සේවයක් අපට තිබුණි. අපේ සංචාරක ව්‍යාපාරය දියුණු කර ගැනීමටත්, ජාත්‍යන්තර හඬක් ඇති කර ගැනීමටත් එය ඉවහල් විය. ඒ කිසි විටෙක එය අපේ ආර්ථිකයට බරක් වුණේ නැත. කාර්ය මණ්ඩලය ඵලදායී අන්දමින් සේවා නියුක්තිකව සිටි අතර, ව්‍යාපාරික යාන්ත‍්‍රණය හොඳින් වැඩ කෙළේය.
කොස්ස හට ගත්තේ කෙසේදැ යි ඔබට මතකද? වාර්තා වූ අන්දමට, එය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාන්නය රිදවූ පෞද්ගලික සිද්ධියකි. වරක් ලන්ඩන් නුවර සිට හදිසියේ කොළඹ ඒමට ඔහුට අවශ්‍ය විය. ඒ අනුව, ඔහුට සහ ඔහුගේ පරිවාර සේනාවට, ශ‍්‍රී ලංකන් ගුවන් යානයක ආසන ඉල්ලා සිටින ලදි. එහෙත් වෘත්තීයමය ව්‍යාපාරයක නීතිරීති ඔස්සේ කටයුතු කළ එම සමාගම, ඔහුගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කෙළේය. මන්ද යත්, ඔහුගේ ඉල්ලීම ප‍්‍රකාරව කටයුතු කෙළේ නම්, ඒ හේතුවෙන් තවත් මගීන් විශාල සංඛ්‍යාවක් අපහසුතාවට පත් කිරීමට සේම, සමාගමේ ව්‍යාපාරික කීර්ති නාමයට හානි පමුණුවා ගැනීමටත් සිදුවිය හැකිව තිබුූ බැවිනි. එහෙත් රාජපක්ෂ සනුහරය ඒ ගැන සිතුවේ, සී.ටී.බී. බස් රථයක් වෙනත් මාර්ගයකට හරවා ගැනීමක් මෙනි. ජාත්‍යන්තර ගුවන් සේවාවන් එසේ ක‍්‍රියාත්මක නොවේ.nishantha wickramasinghe  and his girlfriend
මේ සභාපතිවරයා සහ ඔහුගේ පෙම්වතියන් පඳුරක් පඳුරක් ගානේ පෙම් කෙළියේ, හින්දි රිදී තිරයේ තාරකාවන් මෙනි
වාර්තාවලට අනුව, මේ සිද්ධියෙන් ජනාධිපතිවරයාට හොඳටම කේන්ති ගියේය. ඉන් දින කිහිපයකට පසු, එමිරේට්ස් ගුවන් සමාගමේ අධ්‍යක්ෂවරයා වශයෙන් ලංකාවේ සිට කටයුතු කළ පීටර් හිල්ගේ වීසා බලපත‍්‍රය අහෝසි කෙරුණු අතර, ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සහ එමිරේට්ස් ගුවන් සමාගම සමග පැවති ගිවිසුම 2007 දී අවලංගු කෙරුණි. ඒ වන විට ශ‍්‍රී ලංකන් ගුවන් සේවය වාර්තා කොට තිබූ ලාභ ප‍්‍රමාණය රුපියල් බිලියන 7 ක් පමණ විය.
ඒ ඛේදනීය සිදුවීමේ සිට ශ‍්‍රී ලංකන් ගුවන් සේවය ව්‍යාපාරයක් වශයෙන් වේගයෙන් පල්ලම් බැස්සේ මහා අගාධයකටයි. වර්තමාන අගමැතිවරයාගේ විචිත‍්‍ර උපමාවකට අනුව, ඒ වනාහී, මුළු ජාතික ආර්ථිකයම පුපුරුවා හල හැකි ආර්ථික බිම් බෝම්බයක් වැන්න.
කිසිවකින් මෙල්ල නොවන ඒ සා යෝධ බලයක් ඇති ඕනෑම පාලකයෙකු තමා භාරයේ ඇති රටත් සමාජයත් තම පුද්ගලික දේපළක් වශයෙන් සැලකීම පුරුද්දකි. මෙහිදී සිදු වුයේද හරියටම එයයි. අපේ ජාතික ගුවන් සේවය රාජපක්ෂ දේපළක් විය. විශේෂයෙන් තුන් වැනි ලෝකයේ පාලකයන්, ඇමතිවරුන් සහ ඔවුන්ගේ හෙංචයියන් තම බල ප‍්‍රදේශ සළකන්නේ, ස්වකීය නින්දගම් වශයෙනි. පුද්ගල අවකාශයෙන් පොදු අවකාශය වෙන් කොට හඳුනා ගැනීමට ඔවුහු අසමත් වෙති. ඒ දෙක ඔවුන් ඉදිරියේ එකට කවලම් වෙයි. එවැනි ඇතැම් ප‍්‍රවණතා මේ යහපාලන ආණ්ඩුව යටතේ පවා දැක ගත හැකිය. දකුණු ආසියාතික දේශපාලනික සංස්කෘතීන් තුළ එම තත්වය දුරලීම පහසු නැත. උදාහරණයක් වශයෙන්, මුහුදෙන් එහා තමිල්නාඩු පාලනය හොබවන විරාජමත් ජයලලිතා දෙස බලන්න. ශ‍්‍රී ලංකාවේ ඡුන්දදායකයා තමිල්නාඩුවේ සාමාන්‍ය ඡන්දදායකයාට වඩා තරමක් උගත් ය. තරමක් දියුණු ය. එබැවින් එවැනි ජරපත් හැසිරීම් රටාවන්ගෙන් අපට වැළකී සිටීමට බැරි කමක් නැත. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනත්, අගමැති රනිල් වික‍්‍රමසිංහත්, එවැනි ප‍්‍රවණතා ලත් තැන ලොප් කිරීමට වගබලා ගත යුතුව තිබේ.
මේ ආකාරයේ පුද්ගල දේපළ අයිතියක් පිළිබඳ ඌරුව, අනතුරුව ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති ධූරයට පත්, මහින්ද රාජපක්ෂගේ මස්සිනා වන, වික‍්‍රමසිංහගේ ක‍්‍රියා කලාපයෙන්ද මොනවට පිළිබිඹු වෙයි. මේ සම්බන්ධයෙන් කරන ලද ඇතැම් පරීක්ෂණ වාර්තාවන්ට අනුව, වික‍්‍රමසිංහට ශ‍්‍රී ලංකන් ගුවන් සේවය ගැන තිබුණේ, සුරුට්ටු කඩේක හෝ පාරේ ලෑලි කඩේක අයිතිකරුවාට ඔහුගේ ව්‍යාපාරය සම්බන්ධයෙන් තිබූ හැඟීමට සමාන ආකාරයේ හැඟීමකි.
එක අතකින්, මෙවැනි භාරදූර වගකීමක් තමාගේ මස්සිනාට පැවරීමම, රාජපක්ෂ තුළ පැවති නින්දගම් ආකල්පය හෙළි කරන තවත් අවස්ථාවකි. ගසක් මැරෙන්ට පටන් ගන්නේ මුදුනේ සිට ය. සංවිධානයක්ද එසේම ය. මේ වික‍්‍රමසිංහ නැමැත්තාට තිබුණු එකම ‘සුදුසුකම’ වුණේ, ඔහු මහින්දගේ බිරිඳගේ සහෝදරයා වීමයි. අධ්‍යාපනික වශයෙන්වත්, වෙනත් නිපුණතා හෝ අත්දැකීම් සම්බන්ධයෙන්වත් කිසි සුදුසුකමක් ඔහුට තිබුණේ නැත. පරීක්ෂණ වාර්තා පෙන්වා දෙන පරිදි, මේ සභාපති තනතුර පාවිච්චි කරමින් ඔහු හැසිරී ඇත්තේ ඉතා ශෘංගාරාත්මකවයි. ඔහුගේ පේ‍්‍රමාතුර කල්ක‍්‍රියාව ඉදිරියේ, ජාතික ගුවන් සේවයේ මූල්‍ය කළමණාකරණය නොවැදගත් තැනකට ඇද වැටුණි. ඇතැම් අවස්ථාවක, මේ සභාපතිවරයාගේ පෞද්ගලික අවශ්‍යතා මත ඇතැම් ගුවන් යානයක් වෙනත් මාර්ග ඔස්සේ ගෙන යාමට ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට සිදු වුණි. මේ ආකාරයට, ශ‍්‍රී ලංකන් ගුවන් සේවය ඔහුගේ සෙල්ලම් පිටියක් බවට පත්විය. ‘ජීවිතය රස විඳින කිසි මිනිහෙක් අසාර්ථක මිනිහෙක් නොවේ’ යැයි විලියම් ෆෙදර් කියා ඇත. එය සැබෑවකි. සභාපති වික‍්‍රමසිංහ පුද්ගලයෙකු වශයෙන් අසාර්ථක නොවුණි. එහෙත් ඔහු යටතේ පැවති ජාතික ගුවන් සේවය අසාර්ථක විය. ලංකාවේ ජාතික ආර්ථිකය එයින් වලපල්ලට ගියේය.
මේ සභාපතිවරයා සහ ඔහුගේ පෙම්වතියන් පඳුරක් පඳුරක් ගානේ පෙම් කෙළියේ, හින්දි රිදී තිරයේ තාරකාවන් මෙනි. ඇත්තෙන්ම එය, සිනමා පටයකට පවා සුදුසු කතාන්තරයක් විය හැකිය. සභාපතිවරයා නටන විට, පේ‍්‍රක්ෂාගාරය ‘අම්මට සිරි’ යැයි එවිට කියනු ඇත.
එදා පැවති පාලනය විසින් මේ ජාතික ගුවන් සේවය හැසිරවූ ආකාරය, ‘මගේ පාර, මගේ කාර් එක, මගේ පෙට‍්‍රල්’ නැමැති ආකල්පය විදහා පෑ අවස්ථාවකි. එම ආකල්පය විසින් තවත් යෝධ විනාශයන් ආර්ථිකයට දායාද කෙළේය. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගනය, හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව සහ මිහින් ලංකා ගුවන් සමාගම ඉන් සමහරකි. මේ අතරට, හම්බන්තොට වරායත් ඇතුළත් බව අමතක නොකරන්න.
මේ සියල්ල, ඇස් ඉදිරියේ දැන් සක්සුදක් සේ පැහැදිළිව තිබේ. ශ‍්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳ කතාන්තරය, ව්‍යාපාරයක් පාලනය නොකළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් කළමණාකරන ඉතිහාසයට අලුත් පාඩමක් වනු ඇත.
*2016 අපේ‍්‍රල් 28 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ “SriLankan Air Nose-Dives Into Disaster” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

54 comments:

  1. ඉයන්,

    මේ මහන්තත්වය මේ ගුවන් සේවය පටන්ගත් J R ජයවද්දන ලොක්කටත් තිබුන මේ නිසයි ලී කවන්යු වරක් කිව්වේ තමරටේ ගුවන් නියමුවකු සමාගමේ සබාපති කිරීමෙන් ඇතිකළ ශ්‍රී ලංකා ගුවන් සේවය අසාර්ථක බවයි.

    මෙය පුද්ගලිකකරණය කලේ ධම්මසිරි සේනානායක සිටී පොදුපෙරමුණු රජයයි.


    //වර්තමාන අගමැතිවරයාගේ විචිත‍්‍ර උපමාවකට අනුව, ඒ වනාහී, මුළු ජාතික ආර්ථිකයම පුපුරුවා හල හැකි ආර්ථික බිම් බෝම්බයක් වැන්න.//

    එතුමත් පත්වී ඇති මේ කාලය ඇතුලත බෝම්බ කීපයක් පත්තුකරලා තියනවා ඉයන්.

    //මේ සම්බන්ධයෙන් කරන ලද ඇතැම් පරීක්ෂණ වාර්තාවන්ට අනුව, වික‍්‍රමසිංහට ශ‍්‍රී ලංකන් ගුවන් සේවය ගැන තිබුණේ, සුරුට්ටු කඩේක හෝ පාරේ ලෑලි කඩේක අයිතිකරුවාට ඔහුගේ ව්‍යාපාරය සම්බන්ධයෙන් තිබූ හැඟීමට සමාන ආකාරයේ හැඟීමකි.
    //

    ඇයි ඉයන් දැනට වසර 3 කට කිට්ටු මේ ආණ්ඩුව ට මෙතෙක් අඩුගානේ නඩුවක් වත් පවරන්න බැරිවෙලා තියනවා නේද ?


    //අධ්‍යාපනික වශයෙන්වත්, වෙනත් නිපුණතා හෝ අත්දැකීම් සම්බන්ධයෙන්වත් කිසි සුදුසුකමක් ඔහුට තිබුණේ නැත.//

    මෙය ගැන මොන කතාද ඔහුට අපොස සාමාන්‍ය පෙළවත් නෑ නේද ?


    //මේ අතරට, හම්බන්තොට වරායත් ඇතුළත් බව අමතක නොකරන්න.//

    ඒ ගැනනම් මට එකග වෙන්න බෑ ඔබ සිතියමක් අරගන බලන්න දැනටත් ලෝකයේ තෙල් සැපයුමෙන් 60% ප්‍රවාහනය වන්නේ ශ්‍රී ලංකාව ඉදිරියෙන් මේවා යන්නේ සිගප්පුරුවටත් මැලේසියාවටත් නේද ? ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායේ තෙල් පිරිපහදුවක් හැදුවනම් කොච්චර ආදායමක් ඇතිකරන්න පුලුවන්ද
    ඉදිරි කාලයේ තායිලන්තයේ ක්‍රාඇල සම්පුර්ණ කලාම ශ්‍රී ලංකාව ප්‍රදාන නාවික මද්යස්තානයක් වෙනවා නේද ? මම නම් දකිනවා මහින්ද ඉතා දුෂිත බව නමුත් රනිල් ඊට වඩා කිපගුනයෙකින් දුෂිත බවයි මගේ නිගමනය.

    ReplyDelete
    Replies
    1. ලාංකික සිතුවිලි බොහොම ස්තූතියි. දකුණු පළාතේ සෑදීමට සැලසුම් කර තිබුණේ දියකඩනයත් තෙල් පිරිපහදුවත් තමයි. තෙල් පිරිපහදුව නොහදා විශාල ගොඩනැගිලි සහිත වරායක් ගොඩනැගීම තමයි ඩොලර් බිලියන ගාණක ණයක් සහ එය ගෙවීමට ආදායමක් නැති සුදු අලියෙකු ඇතිවීමට හේතුව.

      Delete
    2. ඒකතමයි ඉයන් කියන්නේ මේ රජයට තියෙන්නේ තෙල් පිරිපහදුව හදන එක විතරයි, මෙය කල වහාම ආදායම් ලබන්න පුළුවන්, මෙය නොකිරීමයි ප්‍රශ්නය, මේ රජයටත් උවමනා මෙය අසාර්ථක වියප්ප්රුතියක් කියල පෙන්වල චීනෙට කොමිස් කුට්ටියක් දීල විකුනන්න.

      අර්ජුන මහේන්ද්‍රන් කල පාඩුව මේකට පාවිච්චි කළා නම් දැන් වෙනකොට සාමාන්‍ය තරමේ තෙල් පිරිපහදුවක් හදන්න තිබුන, මේක හදපු වහාම 100% ධාරිතාවෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් මොකද ඉල්ලුම අති විශාලයි.

      Delete
  2. දැන් ජයලලිතා පාලනය හොබවන්නේ නෑ.. ඇය විරාජමාන නෑ...
    ලිපිය ලියපු කාලේ හිටියට

    ReplyDelete
    Replies
    1. උඩුවා බොහොම ස්තූතියි. මේක 2016 ලියපු එකක්

      Delete
  3. කුලී ආර්ථික ඝාතකයෝ ගුවන් තොටවල් හදන්න, මං මාවත් හදන්න, ජල විදුලිය දෙන්න වේලි බඳින්න මහ පරිමාණයෙන් දියුණුවෙන රටවලට ණය වෙන්කර දෙති. ඉන් අතලොස්සක් බලය රැක ගනිති, පොහොසත් වෙති, රටම කවදාවත් ගෙවාගත නොහැකි ණය උගුලක සිරවෙති. පරම්පරා ගණනකට ඒ බර දරන්න සිදුවෙති. එමගින් ණය හිමියෝ භුමියට පවා අවසන අයිතිවාසිකම් කියති.

    ReplyDelete
    Replies
    1. ණය උගුල පවත්තගන්න විප්ලවවදියෝ දිවිදෙති

      Delete
    2. //එමගින් ණය හිමියෝ භුමියට පවා අවසන අයිතිවාසිකම් කියති.//

      ගිණි පොලියට ණය දීල හිලව්වට ඉඩම් අයිති කරගත්ත සල්ලිකාරයො වගේ. ස්තූතියි නලීන්

      Delete
  4. ඉතින් දැන් රනිල් අවුරුදු දෙකහමාරක් විතර අගමැති නේද ? තවම කලින් කඩාවට්ටපු කියවනවා මිසක් ඒ මනුස්සය ඔය එක ආයතනයක්වත් ගොඩ දාල දුන්නේ නෑ නේද ? මහින්දලාගේ කට්ටිය නුගත් මෝඩයෝ තමයි. ඉතින් උගත් රනිල් මොකක්ද මේ අතගගා ඉන්නේ ? මේ ආණ්ඩුව වැඩ වරද්දාගත්තේ මුලින්ම. දැන් හොරු එලියේම කෝචෝක් දානවා. ඔහොම විගඩම් කරලා ඊලග චන්දෙන් ආපහු රජකපක්ෂ දිනුවොත් නම් හැබැයි ඔක්කොටම සබ්බුව කන්න වෙනවා. රනිල බේරෙයි. මේ ආණ්ඩුවට නීති විරෝධී ස්ට්‍රයික් එකක් නවත්තගන්න බෑනේ. නොදකින්. තවම එක එකාට කියල රජකපක්ෂගේ කුණු අවුස්සවනව විතරයි. ආණ්ඩුව ගත්තට පස්ස රනිලා කරපු මෝඩකම් ගැනත් පිටු ගණන් ලියන්න පුළුවන්. හවුල් ආණ්ඩු ගහන්න ගිහින් දැන් උන් එළිපිටම ඇවිත් කියනවා රනිල් එළවලා ශ්‍රී ලංකා එකෙන් අගමැති කෙනෙක් දාන්න කියල. විලි ලැජ්ජයි. රනිල් හින්දම හොදයි.

    ReplyDelete
    Replies
    1. අපිට ඕනේ උඩ රැවුලක් තියන රනිල් කෙනෙක්,

      Delete
    2. ඇනෝ සහ ඇණයා ස්තූතියි

      Delete
  5. ‘ජීවිතය රස විඳින කිසි මිනිහෙක් අසාර්ථක මිනිහෙක් නොවේ’ එකෙන්ම එකඟයි

    ReplyDelete
  6. අර වැලිඅමුණ වාර්තාවෙන් පස්සේ මොකද වුනේ?

    තාමත් ගුවන් සේවය රජයේ පාඩු ලබන ආයතනයක් පමණයි නේද?

    ReplyDelete
    Replies
    1. ඒ ගැන මම දන්නේ නැහැ රසික. අද තිබෙන ගුවන් යානා සඳහා ගෙවීම් සහ අනිකුත් කරුණු එක්ක ගොඩ ගන්න හැකියාවක් නැති බව තමයි මගේ වටහාගැනීම.

      Delete
  7. ශ්‍රී ලන්කන් එක දෙන්න කෙනෙක් තාම හොයාගත්තේ නැද්ද? නැතිනම් ව්‍යවස්ථාව ගොඩ දාගන්නකම් කල අල්ලනවද?

    ReplyDelete
    Replies
    1. කලින් වෙච්ච දේත් එක්ක ඒකට අත ගහන්න පිළිගත් ගුවන් සේවයක් ඉදිරිපත් වෙන්න තියෙන ඉඩ කඩ අඩුයි. ගුවන් සේවයක් නොවන ආයතන සහ පුද්ගලයින්ගෙන් සහ ආයතන වලින් තමයි ඉල්ලීම් ලැබිල තිබුණෙ. ඒකත් තිබෙන ණය රජය භාරගන්න පදනම මත.

      Delete
  8. මේකෙ හොඳම සිදුවීම තමයි, රාජපස්ස එන්ගලන්තෙ ඉඳන් ලංකාවට එන්න ආසන ඉල්ලපුවම පීටර් හිල් පොර ටෝක් දාල තමන්ගෙ වීසා එකත් ශ්‍රීලන්කන් ආයතනයත් අහිමිකර ගැනීම. රාජපස්ස රටේ නායකයා වශයෙන් හදිසියේ පැමිණීමට කරනලද මේ ඉල්ලීමට, මේ පාහර සුද්දා පස්ස හැරවීය. මෙය කප්පමක් නොවේ, අනික සීට් ඉල්ලන්නේ නිකන්ද නොවේ, ඉල්ලීම කරන්නේ රාජ්‍ය නායකයාය. ලංකාව පසුගාමී රටක් වුණත්, මෙය කුමන රටක වුවද සිදුවිය හැක. අනික ගුවන් ගමන් ප්‍රමාදවීම, අවලංගුවීම මහා විශාල දෙයක් නොවේ. දැන් ශ්‍රීලන්කන් ලොක්කන්වී සිටින්නේ රනිල්ගේ ගජයන්ය. ඔවුන්ටත් වෘත්තිය සුදුසුකම්වලට වඩා තිබෙන්නේ රනිල් ගජයාවීම පමණි. රාජපස්ස විනාශකළ මෙම ආයතනය පරිපාලන කළ හැක්කේ වෙනත් අන්තර්ජාතික හෝ අඩුම වශයෙන් අභ්‍යන්තර ගුවන් සේවයක ඉහල කළමණාකාරවරු වශයෙන් සේවය කර ඇති MBA වැනි අධ්‍යාපන සුදුසුකම් ඇත්තවුන්ට මිස පයිලට්ලාට නොවේ. පයිලට් කෙනෙක්වීමට මූලික අධ්‍යාපන සුදුසුකම O/L වේ, ඉන්පසු PPL ලබාගෙන අවම පුහුණු පැය ගණනින් පසු CPL ලබාගත හැකිය. ඉන්පසු ශ්‍රී ලන්කන් ආයතයේ කැඩේට් පයිලට් ලෙස වැඩ ආරම්භ කරයි. පයිලට්වූ පමණින් ශ්‍රීලන්කන් ලොක්කා වෙනවානම්, සී.ටී.බී ඩ්‍රයිවර්වූ පමණින් එහි ලොක්කා විය හැක.

    ReplyDelete
    Replies
    1. ෆ්ලයිට් එකකින් මුදල් ගෙවූ මඟීන් 40 ක් ඉවත්කර දේශපාලකයෙක් ගේ වුවමනාවට සීට් දෙන්න ගියොත් වෙන්නේ ඊට පස්සේ කාලෙ වෙච්ච දේ තමයි. ඒකට පිළිතුරක් ලෙස එවකට ලාභ ලබමින් තිබු ආයතනය නැවත ගොඩ එන්න බැරි වෙන්න බැරි වෙන්නම කාබාසිනියා කිරීම ඔබට අනුව හරි ඇති.

      Delete
    2. ඒක තමයි සීට් 40 පාඩුව කවර් කරන්න ගිහින් අන්තිමට වීසා එකයි ආයතනයයි දෙකම නැතිකර ගත්තෙ, මරු මැනේජ්මන්ට් !!

      Delete
    3. ඇනෝ.. ව්‍යාපාරයක වැදගත්ම පුද්ගලයා ගනුදෙනුකරු මිසක් රටේ නායකයා නෙවෙයි. රටේ නායකයා කොතරම් ව්‍යාපාර අවස්තාවන් සඳහා පරිසරය සකස්කර දුන්නත් ගනුදෙනුකරු කියන පුද්ගලයා නොමැතිව ව්‍යාපාරයකට පැවැත්මක් නැහැ. එතැනදී ඒ මනුස්සයගේ වීසා බලපත්‍රය අහෝසි වුනත් ගත්තු තීරණය බොහොම නිවැරදියි. රටේ ආර්ථිකය දියුණුවෙන්න නම් ඒ ආර්ථිකයට උරදෙන ආයතන ලාභ ලැබිය යුතුයි. එහෙම නොවී පාලකයන් සතුටු කිරීමට යාමෙන් අද වෙලා තියන දේ දැක දැකත් ඒක හරි කියල කියන්න පුළුවන් ඔයාල වගේ උදවිය රටේ ආර්ථිකය නගාසිටුවන්න මුල් පුටුවල වාඩිවුන නිසා තමයි ශ්‍රී ලංකාව මේ අද තියන තත්වයට අද වැටිලා තියෙන්නේ.

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. ඇනෝ.. රාජ්‍ය නායකයා හදිසි අවශ්‍යතාවයක් වෙනුවෙන් ආසනයක් ඉල්ලීම බොහොම සාධාරණයි.. එය පිරිනැමීමට කටයුතු කිරීමට උපරිම උත්සහ දැරීමත් සිදුවිය යුතුයි. ඒත් රාජ්‍ය නායකයා පස්සෙන් වැටී විදේශගතවන බත් බැලයින්ටත් සමගම ගුවන් යානයක ආසන විස්සක් තිහක් හදිසියේ වෙන්කිරීම කල නොහැකි ගනයේ වැඩක්. රාජ්‍ය නායකයාගේ බත් බැලයින්ට ආසන විස්සක් තිහක් වෙන් කරාට පස්සේ ඒ ආසන හිමිවී තිබෙන මගීන්ට අත්වන ඉරණම සහ එයින් හානියට පත්වෙන ආයතනයේ කීර්තිනාමය වෙනුවෙන් වග කියන්නේ රාජ්‍ය නායකයාද??? මිනිස්සු ගුවන් ගමනක යෙදෙනවා කියන්නේ හන්දියේ කඩේට සීනි කිලෝ එකක් ගෙන්න යනවා වගේ වැඩක් නෙවෙයි මෝඩයෝ..

      ඊයේ පෙරද ඇමෙරිකානු ගුවන්ම සමාගක් විසින් මගියෙක් බිමදිගේ ඇදගෙන ගිහින් එලියට දැම්ම සිද්දියෙන් පස්සේ අද වෙද්දී ඒ ගුවන් සමාගමේ ගුවන් යානා මිනිසුන් රහිතව දුවන්න වෙන තැනට වැඩ සිද්ද වෙලා. ඊට අමතරව අගතියට පත් පාර්ශවයෙන් ඉල්ලන වන්දි මුදල ගෙවන්න වෙනවාමයි. ආයතනයක ලොකු ප්‍රධාන තීන්දු තීරණ ගන්නා පුද්ගලයකුගේ වගකීම තමා ආයතනය ලාභ ලබමින් පවත්වාගෙන යාම. ඒ ආයතනය එහෙම දක්ෂ මිනිසුන්ගෙන් පරිපූරණ වෙච්චි නිසා තමා ඒ කාලේ ශ්‍රී ලන්කන් එයාර් ලයින් ලාභ ලැබුවේ. ඒ කාලෙත් ඒ පුටුවේ මහින්දගේ මස්සිනා වගේ ආලපාලුවෙක් උන්නනම් එදත් ශීලන්කන් එයාර්ලයින් ලාභ ලබන්නේ නැහැ. ඇනොගේ පිලිතුරේම තියනව ඇනොට වලිගෙ කොතනද පෑගිලා තියෙන්නේ කියල.

      Delete
    6. This comment has been removed by a blog administrator.

      Delete
    7. වහල් භාශාවෙන් (කුණුහරුප ) ඇති කමෙන්ට් දෙකක් බලධාරියා කපා හරින ලදී

      Delete
  9. ඇයි ඉතින් මෙව්වට දඩුවම් නොකරන්නෙ

    ReplyDelete
    Replies
    1. දඬුවම් කරනව තියා එහෙම කිව්වත් පළි ගන්නවෝ කිය කියා පන්සල් ගානෙ ගිහිං විලාප දෙනකොට දඬුවම් කරන්න ගියොත් කොහොමට තියෙයිද?

      Delete
    2. දඬුවම් කිරීමෙන් වැඩක් වෙනවාද කියා දන්නේ නැහැ. මෙවන් පාඩු අයකරගන්න විදිහක් හෝ කෙනෙක් නැති එකයි ප්‍රශ්ණය. බොහොම ස්තූතියි අටම්.

      Delete
    3. බොහොම ස්තූතියි හැලපේ

      Delete
  10. එක නඩුවක් දැම්මද?

    ලුෆ්තාන්සාව සැපද?

    ReplyDelete
    Replies
    1. නඩු දැමීමෙන් නැතිවුණ මුදල් ලැබෙනවාද?

      Delete
    2. එහෙමනම් ආණ්ඩුව වෙනස් කරන්න අපි ජන්දේ දුන්නෙත් අපරදේනේ.මේවාට විරුද්ධව නඩු දාන්න ඕනේ.නැතිනම් ඒ වරද මේ ගොල්ලෝ අනුමත කෙරුවා වෙනවානේ.

      Delete
    3. මනෝජ්, එකඟයි.
      නැති වූ මුදල් ආපසු නොලැබුනත් යහපාලනයට චන්දය දුන් වැඩි දෙනෙක් බලාපොරොත්තු වූ එක දෙයක් ඇත. ඒ තමා "වරදට දඬුවම".

      Delete
  11. දේශපාලකයෝ තමන්ගේ හෝ සමීපතමයින්ගේ සුඛ විහරණය උදෙසා රාජ්‍ය සම්පත් විනාස කරති. උන්ටත් වඩා රටට ශාපයක් වන උන්ගේ බත් බැලයන් තම හාම්පුතුන්ගේ දොස් සඟවා ගුණ ගායනා කරමින් පෙර දේශපාලකයන්ගේ වැරදි පමණක් පතුරුවමින් ජනතාව රැවටිමෙහි යෙදී සිටිති.

    ReplyDelete
  12. ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගමේ පුර්වගාමියා වන ‘එයාර් ලංකා' සමාගමේ පලමු සභාපතිවරයා වන කපිතාන් රඛිත වික්‍රමනායක මහතා අසාර්ථක අයෙකු විය. ඔහුව පත්කර ගැනීම සඳහා එවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා එවක සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූ මහතාගෙන් පුද්ගලයෙකු ඉල්ලා සිටි විට ලී ක්වාන් යූ මහතා පවසා ඇත්තේ කිසි කලෙක එම ධූරය සඳහා ගුවන් කපිතාන්වරයෙකු පත්කර නොගන්නා ලෙසයි. ඔහු ඒ බව සිය චරිතාප්‍රදානයේද සඳහන් කොට තිබේ. නමුත් ඊට සවන් නොදුන් ජේ.ආර්.ජයවර්ධන මහතා තම පුත්‍රයාගේ හිතවතෙකු වන කපිතාන් රඛිත වික්‍රමනායක මහතා ඒ සඳහා පත්කර ගන්නා ලදී. නමුත් ඔහුගේ වාසනාවට සාමාන්‍යාධිකාරී ධූරය සඳහා පත්කර ගැනුනේ සිංගප්පූරු එයාර් ලයින් සමාගමේ මූල්‍ය පරිපාලක කුලසේකරම් මහතායි. 1978 වසරේ සිට 1982 දක්වා සිංගප්පූරු ජාතික කුලසේකරම් මහතා එයාර් ලංකා සමාගම පලමු වසර 4 තුලදීම ලාභ ලබන ආයතනයක් බවට පත්කර ලීය. එහි ප්‍රශංසාව හිමිවූයේ කපිතාන් රඛිත වික්‍රමනායකටය. නමුත් 1982 වසරේ කුලසේකරම් මහතා නැවතත් එයාර් ලංකා සමාගමේ තම කොන්ත්‍රාත්තුව අවසන් කොට නික්ම ගිය පසු එයාර් ලංකා සමාගම ඇද වැටීමට ලක්වී කපිතාන් රඛිත වික්‍රමනායකගේ පරිපාලන දුර්වලතාවය මැනෙවින් ප්‍රදර්ශනය විය.

    ReplyDelete
    Replies
    1. එමිරේට්ස් කළමණාකරණය යටතේ ලාභ ලබමින් තිබි සමාගම හිතුවක්කාරයෙන් පවරාගෙන පාඩු කිරීම ගැනයි මේ ලිපිය. රඛිත වික්‍රමනායක ගේ පාලනය සාර්ථක එක නොවුන බව ඇත්ත. ඒත් ගොඩ එන්න බැරි වලක වැටුණේ නැහැ.

      Delete
  13. ඈ ඉයන්,

    අර අජිත් ඩයස් ගැනයි සුරේන් රත්වත්ත ගැනයි සඳහන් කරලා ශ්‍රීලන්කන් ගැන ලංකා නිව්ස් වෙබ් එකේ ගිය ලිපි ටිකත් දැම්මොත් හොඳ නැද්ද? ඉයන් රෙදි අඳින්නේ ලැජ්ජාවටද මදුරුවො කනවටද?

    ReplyDelete
    Replies
    1. ඉයන් කියන්නෙ රනිල් වහලෙක්, මහින්දගෙ වහල්ලු එක්ක බලනකොට වෙනසක් නෑ.

      Delete
  14. All CEOs since Peter Hill are Ian's fellow Royalists, Chairman during Emirates time is his boss- how can Ian be objective, let's cut him some slack eh

    ReplyDelete
    Replies
    1. ++++++

      Peter Hill was a good man. What happened was Tim Clark, CEO of Emirates at the time personally interfered in the matter when President Rajapaksa asked for those seats. Don't forget that this was in the time of the budget debate in parliament and there was a huge fuss about a so-called "regime change". Clark, a British national with links to the British government, wanted to obstruct President Rajapaksa as much as possible on his trip back home. No wonder that the president got pissed.

      Delete
    2. Thank you Ano. If anyone had an issue with the CEO he could have requested Emirates to appoint someone else. What he did was to takeover and running a national asset to the ground? Great reasoning.

      Delete
  15. සුරේන් රත්වත්ත කොල්ලුපිටියේ, ශාන්ත තෝමස් ප්‍රාථමික පාසලේ, හත වසරේ පටන් මගේ පාසල් මිතුරෙකි. ඔහුට තිබුනේ අහස් යාත්‍රා පිස්සුවකි. එය ඔහුගේ විනෝදාංශයද විය. ඔහු චිත්‍රයට නැගුවේත්, එකතු කලේත් අහස් යාත්‍රාවන්ය. විෂය ලකුණු වලින් ඔහු පංතියේ පළමු පස්දෙනා අතර විය. අප දෙදෙනාම රාජකීය විදුහලට ඇතුලු වූ පසු ඔහු ගණිත අංශය තෝරගත් අතර, ඔහු ගණිත පංති පහෙන් හොඳම සිසුන් සිටි MS1 පංතියේ සිසුවෙක්ව සිටි බව මට මතකය. උසස් පෙළ ඉහළින්ම සමත් වු ඔහු, තමා මහත් සේ ළැදි කළ, (Passion) ගුවන් නියමු ශිල්පය හැදෑරීමට විදේශ ගතවිය. ඔහු මෙරටට පැමිණියේ, එමිරේට්ස් ගුවන් සමාගමේ ඉහළම නිළයක් අතහැර දමා බැව් මම හොඳහැටි දනිමි. අපේ රටේ අයට, අපේ අයගේ අගයක් නැති බව කියවන්නට ලැබීම අභාග්‍යකි. ඔහුට ඇති පවුල් පසුබිම සමඟ, ඔහු ඩුබායිවලම එමිරේට්ස් ගුවන් සමාගමේ සිටියේ නම්, ඔහුගේ ජීවිතය මීට වඩා සාර්ථක වනු ඇති බව මගේ හැඟීමයි.

    ReplyDelete
  16. මහින්දට බණිමින් සිටියාට සිදුවුනු පාඩුව පියවෙන්නේ නැත.වැරදිකරුවන්ට දඬුවම් දියයුත්තේ නැවත වැරදි කිරීම වැළැක්වීමටය.හැකිනම් පාඩුව පියවා ගැනීමද කළ හැක.නමුත් රනිල් මෛත්‍රී දෙපලට රට ගොඩගන්නවාට වඩා පක්ෂය ගොඩ ගැනීම වැදගත් වී ඇත.රටේ හැමෝම බලා ඉන්නේ ශ්‍රීලනිප හෝ එජාප රජයක් එන්නේදැයි යන්න මිස රට දියුණුවන ආකාරය ගැන නොවේ.

    ReplyDelete
  17. ඉයන්

    මමත් දකිනවා මහින්ද ඉතා දුෂිත බව නමුත් රනිල් ඊට වඩා කිපගුනයෙකින් දුෂිත බවයි මගේ නිගමනය;

    //ඉතිහාසයේ වෙනත් කිසිදු වසරක නොකල තරමේ මුදලක් 2015-2016 වසර දෙකේදී මහ බැංකුව විසින් අලූතින් අච්චු ගසා ඇති බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා සදහන් කරයි.

    ඒ මහතා බැදුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කියා සිටියේ අර්ජුන මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිගේ උපදෙස් මත පූර්ණ වෙන්දේසි ක්‍රමයක අනුව මහ බැංකුව කටයුතු කිරීමෙන් මෙතරම් විශාල මුදල් ප‍්‍රමාණයක් අච්චු ගැසීමට සිදුවූ බවයි.

    මහ බැංකුව මින් පෙර කිසිදු වර්ෂයක මෙතරම් මුදලක් අච්චු ගසා නැති බවද ඔහු එහිදී සදහන් කලේය.//

    ReplyDelete
  18. මං නම් මේලෝ හසරක් දැනන් හිටියේ නෑ.. ඉයන් මාමේ...

    ReplyDelete
  19. මෙවැනි මට්ටමේ අපරාධ සදහා වත්මන් ආණ්ඩුවත් කරනුයේ මුනිවත රැකීමම පමණකි...
    හරිනම් මුන් එකෙක් වත් මේ වෙනකොට සිටිට්ය යුත්තෙ නිදැල්ලෙ නොව මහ උළු ගෙදරය

    ReplyDelete
  20. මහින්දගේ ආණ්ඩුව දූෂිතයි. ඒකට එකෙන්ම එකඟයි. ඒත් මේ ආණ්ඩුවත් ඒකට දෙවැනි නෑ. පෙර වැරදි වලට දඬුවම් දීම, වැරදුණු තැන් නිවැරදි කර ගැනීමට උත්සාහ කිරීම සහ ඒ වැරදි තමන් විසින් නැවත නොකිරීම පවතින රජයක වගකීම වේ. පරණ ආණ්ඩු කළ වැරදි හුවා දැක්වීමෙන් පමණක් ඒ වගකීමෙන් නිදහස් විය නොහැක.

    ReplyDelete