Sunday, March 26, 2017

අති සාර්ථක ලෙස නිමාවූ තුන්වන නෙළුම්යාය බ්ලොග් ත්‍යාග ප්‍රධානෝත්සවය.

අමාත්‍ය රාජිත සේනාරත්න, මහින්ද දේශප්‍රිය මහතා, ගරු කථානයක කරු ජයසූරිය, අජිත් ධර්මකීර්ති

නෙළුම්යාය බ්ලොග් ත්‍යාග ප්‍රධානෝත්සවය ගිය වරට වඩා අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුනා. එවන් උළෙලකට සහභාගී වීමට අවස්ථාව සලසා දීම ගැන නෙළුම්යායටත්, අජිත් ධර්මකීර්ති, කල්‍යාණ මිත්‍ර ඇතුළු සංවිධායක මණ්ඩලයටත් මගේ ස්තූතිය.

ආරම්භක දේශණය කලේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මැතිවරණ ලේඛනයේ ලියාපදිංචි වීම සහ ඡන්දය පාවිච්චි කිරීමේ වැදගත්කම ගැන ඔහු සඳහන් කලා. මුල්ම ත්‍යාග කිහිපය පිරිනැමුණේ ඔහු විසින්. 

තොරතුරු පණත හඳුන්වා දීමේ පුරෝගාමී මෙහෙවරක් කල කථානායක කරු ජයසූරිය මහතාත් ප්‍රධාන ඖෂධ වල මිල පහල හෙළීමට ක්‍රියාකල සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ප්‍රවීන බ්ලොග් ලේඛක නාලක ගුණවර්ධන යන මහත්වරුනු දේශණ පැවැත්වූ අතර ඔවුන් අතින් ජයග්‍රාහකයන්ට ත්‍යාග බෙදා දීමත් සිදුවුණා. 

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා

මගේ ප්‍රියතම බ්ලොගය වන නිදහස් සිතුවිලි බ්ලොගය 2016 හොඳම බ්ලොග් අඩවිය ලෙස තේරීමත් විශේෂ දෙයක්. ඒ ගැන රවී වීරසිංහ මිතුරාට සහ රන්දිකා ප්‍රනාන්දු මහත්මියට සුභපැතුම්.

එක් අංශයකින් හොඳම බ්ලොග් ලිපියට හිමි ප්‍රථම ස්ථානය දිනාගත් වෛද්‍ය බෝධිනි සමරතුංග.


එක් අංශයකින් හොඳම බ්ලොග් ලිපියට හිමි ප්‍රථම ස්ථානය දිනාගත් නිර්මාණී.


රස වින්දනය සඳහා තිබූ අංග විශාල ප්‍රමාණයක් අතුරින් එකක් වූ ඔපෙරා අංගය. 



පෙර වසරට වඩා වෘත්තීය මට්ටමකින් මෙවර උත්සවය සංවිධානය වී තිබීම කැපී පෙනුනා. මේ ගැන කථානායක තුමාත් විශේශ සඳහනක් කලා. ශාලාව ඉතාමත් අලංකාර ලෙස සකසා තුබිණා. වෘත්තීය නිවේදකයන්, ත්‍යාග ප්‍රධානය සඳහා සහායිකාවන්, විශේශ වාදක වෘන්දයක්, සහභාගී වන්නන්ට ආහාර පාන ආදිය සලසා තිබීම විශේෂයි. රසවින්දනය සඳහා නාට්‍ය අංගයට අමතරව 'අපි මචං' කණ්ඩායමේ ගායනා අංග හතරක්, ජනායි-ප්‍රියායි ගෙන් අංග දෙකක් සහ ඉතාමන් අලංකාර ඔපෙරා අංගයක්ද ඇතුලත්වුණා. 

ප්‍රාජේ, ඉවාන්, කල්‍යාණ මිත්‍ර, බෝධිනී, තරුරසී, මෙන්ඩා, දුමී, පැරා, නලීන් දිල්රුක්ශ, ඇවිද්ද පය, හංසි, සිතුවිළි සිතූ, කසුන්, නිර්මාණී, රොමාන්තික රස්තියාදුකාරයා, කොළොම්පුරේ, සොමියා, 18 සන්නිය, තුෂාණි, විසිරි සිහින, වත්සලා විජේරත්න, තිලකසිත, කුරහන් හේන, එරන්දි, ඩිල්ශාන්, ජීවන, දමිත්, දසත සැරිසර, වැව් ඉස්මත්ත, වාසිතය ආදී විශාල බ්ලොග් හිතවතුන් හිතවතියන් සමඟ මොහොතක් හෝ සතුටු සාමීච්චියේ යෙදීමට ලැබීමත් මහත් සතුටක් වුණා.

ජයග්‍රහණය කල සැමටම මගේ සුභ පැතුම්. මීලඟ නෙළුම්යාය සම්මාන උළෙලත් මෙවර පැවැත්වූවා මෙන් අති උත්කර්ෂ උත්සවයක් සංවිධානය කිරීමට සංවිධායක මණ්ඩලයට හැකියාව ලැබේවා.





72 comments:

  1. කාලෙකට පසු ඉයන්වත් හමුවන්න ලද එක සතුටක්.

    ReplyDelete
    Replies
    1. නලින් ඔව්. කාලෙකට පස්සෙ නැවත දැකගැනීමට හැකිවීම ගැන සතුටුයි

      Delete
  2. ඉතාමත් සතුටුයි!!! නින්ද අහලකවත් නෑ.. ස්තූතියි හෘදයාංගම සටහනට.

    ReplyDelete
    Replies
    1. කමීගේ උත්සාහයේ ප්‍රථිපල ඉතා අනර්ඝයි.

      Delete
  3. සම්මාන උලෙළ ගොඩක් හොදට තිබ්බා... සම්මාන උළෙලේ සංවිධායක මණ්ඩලයට ඉදිරියටත් මීටත් වඩා අනර්ඝව උත්සව කටයුතු සංවිධානය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවායි පතමි...

    ReplyDelete
    Replies
    1. ඔබව හඳුනාගන්න ලැබීම ගැන සතුටුයි.

      Delete
  4. අපි ඊලඟ එක මීටත් වඩා පට්ට පොට් එකක තියමු.. නිකං ඩුබායි වල අර බර්ජ් අල් අ‍රැබ් වල අන්ඩර් වොටර් රෙස්‍ටුරන්ට් එක වගෙ. "Nathan Outlaw at Al Mahara"වගේ https://www.google.ae/maps/uv?hl=en&pb=!1s0x3e5f6a576f671a7b:0xe14567285e14abec!2m19!2m2!1i80!2i80!3m1!2i20!16m13!1b1!2m2!1m1!1e1!2m2!1m1!1e3!2m2!1m1!1e5!2m2!1m1!1e4!3m1!7e115!4shttps://picasaweb.google.com/lh/sredir?uname%3D100908526499048225521%26id%3D6063465727411178418%26target%3DPHOTO!5sNathan+Outlaw+at+Al+Mahara%22+-+Google+Search&imagekey=!1e3!2s-aM4wVo0l3R4/VCXB9BYZS7I/AAAAAAAAEA0/aqIOqMnY8yAWFv5I_us6z_qKfq83biQYACJkC&sa=X&ved=0ahUKEwjZ1b2hxfLSAhWDCCwKHeu4DJ4QoioIeTAO

    ReplyDelete
  5. නෑ මං මේ නිකං අදහසක් ඉදිරිපත් කොරේ මේක මරු පොට් එක සම්මාන ආතල් එකක් ගන්න .

    ReplyDelete
    Replies
    1. ගිය පාර එකයි මේකයි සංසන්ධනය කරන කොට එහෙම වෙන්නත් පුළුවන්

      Delete
  6. නළුම් යාය පැමිණි මග සතුටින් සමරමින් ඉදිිරි මග තවතවත් සරුවේවායි සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. එන අවුරුද්දේවත් ගුණසිංහ මහත්මයාව හමුවේ කියා බලාපොරොත්තුවෙමි

      Delete
    2. ඉදිරි වසරේ එන බව ගිය වසරේත් කිව්වා ඒත් නොහැකි වුනා. දැන් ඉතින් කුමක් කියන්න දැයි හිතාගන්න බෑ.මේ අභිමානවත් උත්සවයට එන අවුරුද්දේ වත් යාමට හැකිවේවායි පතනවා ඉයන්

      Delete
  7. උබ මාව අමතක කරලා ...ඇයි උබට මතක නැද්ද "මචං මම ඉයන් කියලා " උබ මට අතට අත දුන්නා...

    ReplyDelete
    Replies
    1. නම් කීපයක් හැලිලා තිබුනා. ඒවත් ඇතුලත් කලා, මෙන්ඩා.

      Delete
  8. මට නෙළුම්යාය සම්මාන උළෙල ගැන පොස්ට් එකක් ලියන්න ඕනේ කවුරු හරි පින්වතෙක් උබලගේ බ්ලොග් එකක මගේ ලිපියට ඉඩක් දීපන් ....

    ReplyDelete
    Replies
    1. දම්පාට දේදුන්නේ දාපං happymusicteam@gmail.com එකට එවපන්

      Delete
    2. උඹ ලියපන් අපි ඔක්කොම ෂෙයාර් කරන්නම්. sumithyapa@gmail.com

      Delete
    3. මං දෙන්නං

      Delete
    4. හෙට ලියන්න පටන් ගන්නවා ...එවන්නම්

      Delete
    5. අනික් හැමේකාගෙම බෝගේ කොට කොට ඉන්න එකේ උඹත් එකක් අටවා ගනිනින්කො මෙන්ඩෝ :)

      Delete
    6. කවදාවත් නැහැ මම හැමදාමත් උබලගේ ආදරණිය කෙමෙන්ට්ර් ...මමත් දෙස්ප්ලන්ය ගැන දන්න ඉටි ගෙඩියක් නැහැ ..හැබැයි උබලා සම්මාන ගන්නකොට අත්වල කරගැට එනකන් අත්පුඩි ගැහ්හ්ව්වේ බොක්කෙන්මයි ...මට බ්ලොග් එකක් නැති නිසා කවදාවත් සම්මානයක් ලැබෙන එකක් නැහැ ...එත් ඉල්ලල්ලා හරි ගන්න හිතෙනවා ඒ තරම් මම බ්ලොග් වලට ලෝබයි ..හැබැයි ඒ සම්මානේ ඇවිද්ද පයේ සුදිකයා අතින් දෙනවනම් ...ඒ මගේ ජිවිතේ සතුටුම දවස වෙයි

      Delete
    7. ඇවිද්ද පයට සවියක් වුණු මෙන්ඩා : උඹ මටත් වඩා ඇවිද්ද පයට කැමති බව මම දන්නවා. මම ඔහේ ලියලා දාන දේට, මුලින්ම සම්මානේ දුන්නේ උඹයි.

      Delete
  9. වැඩේ ඉතාම හොඳට තිබුනා ... ඇත්තටම හිතුවටත් වැඩිය හොඳයි .. ජය!!

    ReplyDelete
    Replies
    1. ඔබගේ සුභ පැතුම් යා යුත්තේ එවන් උත්කර්ෂවත් උළෙලක් සංවිධානය කල සංවිධායක මඬුල්ලටයි. ධනුවා. බොහොමත්ම ස්තූතියි.

      Delete
    2. නැතුව නැතුව .. මාත් ඉතින් පොඩියට ස්තුතියක් ලිව්වා.. හමුවීම සතුටක්.. ආයේ හමුවෙමු ..

      Delete
  10. එරන්දිගේ හස්බන්ඩා හමුවීම තමයි මට නම් ලොකුම සතුට ....බ්ලොග් නොලිව්වත් බ්ලොගේර්ස්ලට ආදරය කරන මනුස්සයෙක්

    ReplyDelete
    Replies
    1. ඌ එතන ඉඳල සුපිරි පෝස්ට් එකක් ලියල (නෙවෙයි කටින් කියල) තිබ්බ.. බ්ලොගර්ස් ලගේ සහ බ්ලොග් වල නම්වලින්.. පට්ට බුවා..

      Delete
    2. ඔව් මෙන්ඩා. මටත් ඒ මුහුණේ සුපුරුදු ගතියක් දැනුණා. වෙලාවක සෙට් වෙමු පොරත් එක්කත්. අපිට එදා බැරි වුණානේ.

      Delete
  11. මතභේද නැතිවුණානම්...

    ඊළඟ පාරත් නෙළුම් යාය තියෙන්න ඕන. ඒත් පිරිසක් හැලෙන්න හේතු හොයල විසඳුම් දෙන්න ඕන...
    වැඩේ හොඳයි.

    ReplyDelete
    Replies
    1. උඩුවාව හමුවෙන්න ලැබීම ගැන සතුටුයි

      Delete
    2. පදනම් විරහිත චෝදනා කිහිපයක් සහ එක බ්ලොග් කරුවෙකුගේ අසීමාන්තික වයිරය කියලයි මම හිතන්නේ. ස්තූතියි ඉයන්.,

      Delete
    3. මට උඩුවා එක්ක කථා කරන්න බැරි වුණා.

      Delete
  12. අතින් වියදම් කරගෙන, පෞද්ගලික විවේක කාළය වැයකරගෙන ලෝකෙට යමක් දෙන්න වෑයම් කරන අපි වගේ මිනිස්සුන්ට යම් වටිනාකමක් දෙන්නට මහන්සිගත් නෙළුම් යාය සංවිධායක මඩුල්ලට වගේම අනුග්‍රාහකයින්ටත් බොහෝම ස්තූතියි.

    ReplyDelete
  13. නෙලුම් සුවඳ සිරි මතකයෙ කොනක තියන්
    නෙලුම් යාය වෙත සුපැතුම් පුදමු ඉයන්.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හොඳම කවිකාරයාව හඳුනාගන්න ලැබීමත් සතුටක් දුමී

      Delete
  14. දෙපාරක් හිස නමා උබලා හැමෝටම ආචාර කරනවා අයියන්ඩිලා .....උබලා දිනුම් හැම අතින්ම සාර්ථක සම්මාන උත්සවයක්....

    ReplyDelete
  15. ලස්සන උත්සවයක්.. ජයපැන් හෙමත් බොන්න ඇති නේද?? හැක්.. ජය වේවා

    ReplyDelete
  16. පලා පල විස්තරේ දුන්නා වගේ ඔකේ බජට් එකත් දෙනවද ඉයන්{වෙන්ඩ පොලිස් }
    ඔයාට බැරිනම ඔයාගේ මෑනියන්ගෙන් හරි ඉල්ලලා ?????????

    ReplyDelete
  17. අති උත්කර්ෂවත් ලෙස පැවැත්වූ, අප ද පුදුමයට පත් කෙරූ... මේ උළෙල සංවිධානය වෙනුවෙන් ... බ්ලොග් කරුවන් වන අප වෙනුවෙන් නෙළුම් යායට මෙන්ම අපේම බ්ලොග්කරුවන් කිහිප දෙනාට ද ස්තූති කළ යුතුයි. මම හිතන්නේ තනි තනිව එක එක මතවාද පවතින බ්ලොග් ලෝකයේ... අප සැමට මෙවන් ඇගයීමක් ලැබෙන එකම උළෙල මෙය බව ය. අප සියල්ලන් එක වේදිකාවක ඇගයීම අගේ කොට සැලකිය යුතුයි. අනිත්කොන ලෙස ලියද්දී පවා දිරි දුන් සැමට ම ස්තූතියි. ඉයන් අයියා හමුවීමත් සතුටක් ! ඇත්තටම ඊළඟ බ්ලොග් සම්මාන උළෙල මීටත් වඩා සාර්ථක වෙයි. දැන් එයට මාවත් හෙළි පෙහෙළි කර තිබෙනවා නොවෙද... ලබන වර , මෙවර බ්ලොග් තෝරමින් සිටි අය අගය කළ යුතු බවයි අපි කිහිපදෙනෙක් සිතුවේ. ඔවුන්ගේ බ්ලොග් ලිපි කිසිම දවසක ඇගයීමක් වෙන්නේ නෑ. එනිසා තෝරන පිරිස වෙනස් වෙමින් ඒ සඳහා ද අවස්ථාවක් දිය යුතුයි සිතුනා. ( අටම්පහුර, කල්‍යාණ මිත්‍ර, තරු රසී, කොළඹ ගමයා වැනි බ්ලොග් ලිපි ) අපි මීට වඩා බ්ලොග් අවකාශය තුල සක්‍රීය විය යුතු බවත් සිතුනා. ෆේස් බුක් එක නිසා එය අඩුවී ඇති බවයි මගේ හැඟීම.
    බ්ලොග් ලියලා මොකටද.. මොනවද ලැබෙන්නේ කියා ඇතැම් විට ලේඛක අයම මට කියා තිබෙනවා. නමුත් බ්ලොග් කියන්නෙත් වෙනම මාධ්‍යයක් බව. ලෝකයේ බ්ලොග් ලිපි සඳහා විශාල තැනක් තිබෙන බව ලාංකික සමාජය දන්නේ නෑ... ඉතින් ලියන්නට එදා සිට දිරි දුන් අදටත් දිරි දෙන සැමට බොහෝ ස්තූතියි... මට ඊටත් වඩා සතුට බොහෝ විවිධ වූ ලියැවීම්, සිතීම් ඇති පිරිසක් බ්ලොග් ලියා ඇගයීමට ලක්වීම ගැන.

    ReplyDelete
    Replies
    1. ඔබ වැනි multi faceted වෘත්තිකයෙකු හඳුනා ගන්නට ලැබීම ඉමහත් භාග්‍යක්. පොදුවේ වෛද්‍ය වරුන් ගැන ඇති මගේ ආකල්පය කිසිසේත් අදාල නොවන වෛද්‍යතුමියක්. . උළෙලේ සාර්ථකත්වය නොයෙකුත් ඇණුම් බැණුම්, අපහාස මැද එය සංවිධානයට කළ අයට යායුතුයි. බොහොම ස්තූතියි බෝධිනි.

      Delete
    2. බොහොම ස්තුතියි මේ ප්‍රතිචාරයට බෝධිනී නංගි

      Delete
  18. ළඟටම ඇවිත් කතා කරන කල් දැක්කෙ නෑ. හමුවීම සතුටක්.

    ReplyDelete
    Replies
    1. හමුවීම සතුටක් හෙන්රි

      Delete
  19. ජීවන් එක්ක ඉන්න පොටෝ එකක් දැක්කා බුකියේ...

    ReplyDelete
  20. වැඩේ නියමෙට ගිහින් තියෙනව.
    එන්න බැරි උනා.
    ජයවේවා !

    ReplyDelete
  21. ජ ය වේ වා !!

    ReplyDelete
  22. සම්මාන ලැබූ හැමෝටම හද පිරි සු'පැතුම්... එන්න බැරි වීම ගැන දුකයි ලබන පාර සොඳුරු බ්ලොග් කරුවන් හැබැහින් දැක ගන්න පෙරුම් පුරනවා.

    ReplyDelete
  23. සම්මාන ලැබූවන්ට උණුසුම් සුභපැතුම්..!! මිත්‍රසම්පයෝගී සම්මානය ලැබූ ඔබටත් ජය..!
    ජයවේවා..!!

    ReplyDelete
  24. නෙළුම් යාය සංවිධායක මණ්ඩලයට උණුසුම් සුබ පැතුම්. වැඩේ වෘත්තීය මට්ටමින් පැවැත්වීමට වෙහෙස වුනු සියල්ලන්ටම ලොකු ගෞරවනීය බවක් ගෙන දෙමින් වැඩසටහන නිමා වුනා.
    මීලඟ වතාවෙත් බොහොම ආදරණීය ඉසව්වකින් හමුවෙමු.

    ReplyDelete
  25. ඉවාන් මොනවා කියනවද වැඩේ වෘත්තීය මට්ටමින් පැවැත්වීමට කාමියා කියාපු ඉවෙන්ට් මැනේජ්මන්ට් එකේ කට්ටියව
    හොයාගෙන ඉන්දියාවේ බොලිවුඩ් එකේන් එනවලු උපදෙස් ගන්න කොහොමද එක කලේ කියලා .අපිනම් දැක්කා

    ReplyDelete
  26. බයික්කෙක හැප්පිලා මට එන්ට බැරි වුනා ඒත් බැලුවා....
    ගොඩේ කතා ....

    ReplyDelete
  27. බයික්කෙක හැප්පිලා මට එන්ට බැරි වුනා ඒත් බැලුවා....
    ගොඩේ කතා ....

    ReplyDelete
  28. හමුවන්න ලැබීම සතුටක්...

    ReplyDelete
  29. සම්මාන ලැබුන හැමෝටම සුබපැතුම්

    ReplyDelete
  30. ශුභ පැතුමි.

    ReplyDelete
  31. ඉයන් තුමනි
    මෙමෙ ලිපියේ පලමු පින්තුරයේ රාජිත සහ මැකෝ මහතුන්ට මැදින් වාඩිවී සිටින තුමා කවුද ?

    අමාත්‍ය රාජිත සේනාරත්න,---------------------- මහින්ද දේශප්‍රිය මහතා, ගරු කථානයක කරු ජයසූරිය, අජිත් ධර්මකීර්ති

    ReplyDelete
    Replies
    1. පණ්ඩුක කීර්තිනන්ද මහතා

      Delete
    2. නීති උපදේශක පණ්‌ඩුක කීර්තිනන්ද?????? මේ Xකයා මොකටද එතැනට

      Delete
  32. ලඟටම ඇවිත් කතා කරනකන් දැනගෙන හිටියෙ නෑ... හරිම සතුටුයි හැබැහින් දැකලා කතා බහ කරන්න ලැබීම.
    ඒ වගේම සුන්දර හෝරා කීපයක් ගතකරන්න ලැබීම ගැන නෙළුම් යායේ හැමෝටමත් ස්තූතිවන්ත වෙනවා...

    ReplyDelete
  33. තුන්වන නෙලුම් යායට සහබාගී වෙන්න ලැබීම ගැන තියෙන්නේ ලොකු සතුටක්... ඒ වගේම හමු වෙන්න ආසාවෙන් හිටපු ගොඩක් අය හම්බුනා.. ලඟටම ඇවිත් කතා කළා...
    නෙලුම් යාය සංවිධායක මඩුල්ලට ස්තුතී...

    ReplyDelete
  34. මම සහභාගී වූ පළමු බ්ලොග් සම්මාන උළෙල. ඉයන් අය්යා අදුනාගැනීමට ලැබීම සතුටට කරුණක්. අටමා මාතලන් ගුරුතුමා හිටියේ නෑ. ඒ ගැන කණගාටුයි. සංවිධායක මණ්ඩලය ඇතුලු මේ කාර්යට වෙහෙස වූ සියලු දෙනාට ස්තුතියි.

    ReplyDelete
  35. වෙනස් සහ/හෝ විරුද්ධ මත කොයිතරම් තිබුනත් ඔතන තිබුන වැදගත්ම දේ තමන්ගේ ශ්‍රමය, මුදල් හා කාලය වැයකරගෙන තම ලිවීමේ තෘප්තිය හා පාඨකයන්ගේ කියවීම හැර වෙන කිසිම ප්‍රතිලාභයක් නොලබන බ්ලොග්කරුවන්ට තමන්ගේ ලිවීම ගැන රෙකග්නිෂන් එකක් සහ අගය කිරීමක් ලැබුන එක. සමහරුන්ට එය අවශ්‍ය නොවනවා ඇත. සමහරුන්ට එය ස්වාධීනත්වයට හානියක් යයි සිතෙනවා ඇත. සමහරුන් දෙන්නේ ඇයි? දෙන්නේ කවුද? ඇයි ඒ? කියා අසනවා ඇත. ඒ එක එක්කෙනාගේ මත හා හැඟීම් අනුවය.
    ඔය විදිහට දෙනවාට පක්ෂ හා විපක්ෂ විපක්ෂ කිසිවෙක් කවුරුවත් වැරදි නැත. ඒ මිනිසුන්ට විවිධ මතවාද තිබෙන නිසාය. එයට රණ්ඩු කර ගත යුතු නොවේ.
    කැමති අය දුන්නා කැමති අය ගත්තා. අමාරුවෙන් බ්ලොග් ලියන පොඩි මිනිස්සුන් කීපදෙනෙක් මෙයින් ලොකු සතුටක් ලැබූ බව මා දැක්කා. අපේ පණ්ඩිත egoistic කතා පසෙකින් තිබ්බොත් අපිට පේනවා තම කැප කිරීමට හා හැකියාවට අගය කිරීමක් ලැබීම නිසා අහිංසක ලෙස සතුටුවන පිරිසකුත් ඉන්නවා කියා.

    බ්ලොග් කරුවෙක් නොවන මං ගියේ වෙන මොකවත් නිසා නෙමෙයි සංවිධායකයින් හා සම්මානවලට නිර්දේශ ලැබූවන් අතර මගේ මිතුරන් කීපයක් සිටිය නිසා. ඒත් ගියාට පස්සේ මං දැක්කා සම්මාන ලැබීමෙන් අහිංසක සතුටක් හා දිරි ගැන්වීමක් ලැබූ වයසින්, මූල්‍යමය අතින්, සමාජ මට්ටමෙන් අධ්‍යාපනයෙන් අඩු හා වැඩි අය සිටිය බව. එයින් මා සතුටක් ලැබුවා. වැදගත් වන්නේ දෙන්නේ කවුද කියන එක නෙමෙයි ලබන්නේ කවුද මොන නිර්මාණවලටද කියන එක බව හොඳින්ම තේරුනා.
    බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. මම ආවේ මේ බ්ලොග් ඔක්කොම මගේ කියලා මම හිතාගෙන ඉන්න නිසා ....උබ බිසී නිසාද මන්දා වෙනදා වගේ මම එක්ක කතා කරේ නැහැ

      Delete
    2. // අමාරුවෙන් බ්ලොග් ලියන පොඩි මිනිස්සුන් කීපදෙනෙක්//

      මෙන්න මේ ගොඩට මමත් අයිතියි. මගේ අමාරුව තියෙන්නේ ආර්ථිකය පැත්තෙන්ම නොවේ. වෙලාව පැත්තෙන්. මේ කමෙන්ට් කරන වෙලාවම බලන්න.

      Delete
    3. Mr.Mendis, මං කන කොටත් කතා කලානෙ. රෑත් කතා කලා. ඒත් ඔබතුමාට විශාල ඕඩියන්ස් එකක් හිටියනෙ රෑ. එනිසා වැඩිය බැරිවුනා. සොරි. ඊලඟ දවසෙ අනිත් එවුන්ට කලින් මං කතා කරන්නම් :-D

      Delete
  36. ලස්සන දවසක්.හමුවීමට ලැබීම ගැන සතුටුමි.ඔබට සුභපතමි

    ReplyDelete
  37. අපේ සහෘද්ධයන් සියල්ල සිටියානම් හොඳයි කියලා හිතෙනවා. වැඩේ හොඳයි. පහුගිය දෙකත් එක්ක සැසඳීමේදී මුල්‍ය දායකත්ව ඉහළින්ම තිබුණා. මා සේවය කරන ආයතනය ඒ සඳහා යම් දායකත්වයක් ලබා දීම සතුටක්. එහි ප්‍රවර්ධන විධ්යාක තුමා මා හමු වී සම්මාන ලැබූ බව දැක සතුටට පත් වූවා. පැමිණ ඔහු මුණගැසෙන ලෙසටත් ආරාධනා කළා.

    ReplyDelete
  38. සියලු සම්මානලාභීන්ට සුබ පැතුම්....!

    ReplyDelete
  39. හමුවීමට මෙන්ම කතාබහ කිරීමට ලැබීම සතුටක්

    ReplyDelete
  40. මා වැනි ආධුනීක බ්ාලාග්කරුවන් ප්‍රවීනයින්ව හඳුන්වාදීමේ වැඩපිළිවෙලක් ඊලඟ සම්මාන උළෙලේදී සංවිධානය කරනවානම් හොඳයි.

    ReplyDelete
  41. ස්තූතියි ඉයන්.

    ReplyDelete