මාර්තු 25 දා හවස 3 ට බත්තරමුල්ල Waters Edge හිදී 2017 නෙළුම්යාය උත්සවය. බ්ලොග් කරුවන්ගේ දක්ෂතා අගැයීමට අජිත්, කමී, අටම් වැන්නන්ගේ උත්සාහයට එදා එහි පැමිණීමෙන් සහයෝගයක් දක්වමු.
(නෙළුම්යායට විරෝධතා දැක්වීමට පාර්ලිමේන්තු වටරවුම වෙන්කරගැනීමට අවශ්‍යනම් ඒකාබද්ධ විපක්ෂයේ රත්තරන්, ගම්මන්පිල, අළුත්ගමගේ යන අය අමතන්න. වතුර සහ කඳුළු ගෑස් නොමිලේ. විරෝධතාවයට සහභාගී වන අයට කෑම පැකට් එක සහ රුපියල් 1000/= ක් ගෙවනු ලැබේ.)
මම ත් කැමතියි විරුද්දතාවෙට යන්න.. බත් පැකට් එකයි 1000/- ලාබයි.. :)
ReplyDeleteඅරක්කු භාගෙ නැති හින්ද පාඩුයි.
Deleteඅජිත් කන්න බොන්න දෙන්නෙ මොනවද කියල අහලම තීරණය කරනවා.
DeleteCollateral damage control ගැන සේෆ්ටි මැනේජර් කෙනෙක් කන්සල්ට් කරන්නත් ඕනෙ.
මම මුකුත් දෙන්නේ නැත. එයා මයිල් නුත් නැතුව අමාරුවෙන් එන්නේ.
Deleteකෝ ගියපාර අය වැය වාර්තාව ? අනික ඕක පිට කසා ගන්න සෙට් එක කරන වැඩක් .
ReplyDeleteඑන්න නෙළුම් යායට ගල් ගහන්න. ( මල් ගහන්ඩ නෙමේ යකෝ ගල් ගහන්ඩ )
වාර්තාව සර සරාස් ගාල පෙරලනවා තාම
Deleteසුබ පැතුම් වැඩේට ....!
ReplyDelete25 මට මළගෙදරක යන්න තියනවා...
ReplyDeleteඅපේ ඇඩ්ඩින් ලොක්කත් ඔහොම තමයි...
Deleteබුවා වැඩට එන්නේ නැතුව කෝල් කරලා කියනවා හදිස්සියේ මගුල් ගෙදරකට යන්න උනා, අද එන්න වෙන්නේ නැහැ කියලා...
උඹේ මළගෙදරත් ඒකට දෙවෙනි නැහැ...
:D
Delete:)
Deleteමම එනවා වෙස් මූනක් දාගෙන.
ReplyDeleteනැත්නම් තොපි මට අම්බානක නෙලයි වටවෙලා.
- මීට සාරස
මිනිස්සු නිදහස් වෙනවා කියන ආරංචියට කුරුල්ලෝ පිහාටු අතෑරල පියාඹනවා :)
ReplyDeleteඅවුලක් නෑ,පැනල යන කුරුල්ලෝ සේරම මස් මාළු භක්ෂකයෝ වගෙයි පෙන්නේ.
Delete:)
Deleteඅපරාධ සල්ලිද මේවට ගෙවන්නේ
ReplyDeleteසම්මාන උළෙලට
ReplyDeleteඑනවානම්
රෙජිස්ටර් වෙන්ඩ
ඕනෙලු නේද ?
කී දෙනෙකුට එන්ඩ පුළුවන්ද ?
අපිත් එන්ඩද ?
අපි එනවට කැමති නැද්ද ?
අපිටත් එන්ඩ පුළුවන්නම් නොම්බරයක් ගන්නෙ කොහොමද ?
වැලිකඩ පැත්තෙ ගියානම් එතනින් නොම්මරයක් දෙනවා
Deleteවිමල් එක්ක හවුලට ඉන්නත් පුලුවන්
Deleteසුබ පැතුම්!!!!
ReplyDeleteඅයියේ.. අර ගිය සැරේ වගේ.. අවසාන කටයුතුත් හොඳින් කෙරෙනවයි...?
ReplyDeleteඒක ගිහින් අහපන් ලෝටාගෙන්. ඉයන් කාරයා ඔව්වා දන්නවැයි.
Deleteමට මගේ සල්ලි වලට බජට් හදන්න බැහැ බං . ඉයන් ගෙන්ම අහපන්.
Deleteඉයන්ගෙන් තමයි බං ඇහුවේ...
Deleteඔව් නේ වැට් 69 පිහිට තමා අපි කට්ටිය සෙට් වෙමු.
Deleteano ena apita okata enda barida.
ReplyDeleteඔන්න මටත් සම්මානයක් ඕනේ...නැත්නම් අර බත් පැකට් එකත් අරගෙන වට රවුමට යනවා
ReplyDeleteඅනිවාර්යයෙන්ම.
Deleteසිත් එකමුතුව විසි පස් වෙනි දින ගාවා
ReplyDeleteඅත්කර සුහද බව සතුටින් නැහැවේවා
ගත් උත්සාහෙ මෙවරත් ජයටම වේවා
බත්තරමුල්ල මල් සුවඳින් නැහැවේවා!!...
ජයවේවා!!!
මල් සුවඳ පොලීසියට ගියොත් ලෙඩක් වෙයි නේ...
Deleteනෑ එහෙම කියන්නෙපා අපි එයාලටත් මල් බොකේ එකක්ම දෙමු....!!
Deleteනෙලුම්වලින්ම...
Delete"දුමී"යත් එදාට එනෝ.....
Deleteසුබ පැතුම් ...
ReplyDeleteඉයන් තුමෝ..
ReplyDeleteඇත්තම කියනවනම් ඕකට මම විරුද්ද උනත් පසු දවසක ඔබ ඉහත නම් කියවූ එක නමක් නොමැතිව (මොකද එතුමා මට බල්ලා කියා ආමන්ත්‍රණය කල නිසා) අටමා කාමියා ඔබත් මාතලන් මෙන්ඩා සමග සහ තවත් බ්ලොග් ලොවේ කිහිප දෙනෙක් සමග හමු වීමක් අපේක්ෂා කරමි.🥃🔨
එදාට ගහනවා කන සාක්කුවට වැටෙන්නේ
Deleteබුදු මෙන්ඩෝ.. මට කරන උදව්වක් විදිහට පරිස්සමින් ගෙදර පලයන්. උබේ ගානෙ මන වෙනුවෙන් අටම මාතලන්ට චියර්ස් කරලා එක ෂොට් එකක් ගහපන්.. 👊🏽
Deleteටික්කෝ මලේ, උඹට සිංහල තේරෙන්නේ නැති එකට මක් කොරන්නද . "බලු කතාවක්" කිව්වා කියල චෝදනා කිරීමයි කෙනෙකුට "බල්ලෙක්" කියා ඇමතීමයි දෙකක්. "Ohege balu katahvata pilithuru" කියන හෙඩිමේ තියෙන්නේ "ඔහේගේ බලු කතාවට". ඒ කියන්නේ පහත් කතාවට. ඒකෙන් ඔහේ බල්ලෙක් කියල නැහැ නොව. ඔබතුම කිව්ව කතාව මොකක්ද කියල තුමාම දන්නවනේ. හිත රිදුන නම් සොරි. නමුත් බලු කතාවක් කියන්න පහත කටහ්වක් කලා කියන එක. මම කිව්වනේ කොපි කෝප්පයක් බොන්න හමුවෙමු. හමුවෙලා කතා කරමු එතකොට විසඳ ගන්න පුළුවන් කියල. ඔය මහතාම නොව එන්නේ නැත්තේ.
Deleteඅනිවා උබ වෙනුවෙන් අඩියක් ගැහ්නවමයි
Deleteමගේ නම ලියන්ඩ මං කරපු දෙයක් ඇතැ
ReplyDeleteසුභ පැතුම්..!
ReplyDeleteජයවේවා..!!
හයයි තිහට විතර එන්නං
ReplyDeleteඑතකොට ඉවරයිනේ
Delete//වතුර සහ කඳුළු ගෑස් නොමිලේ.// හි හී හා හා.
ReplyDeleteඅපිත් එනවා.. :)
ReplyDeleteඅපි දෙකටම යනවා.
ReplyDeleteපැකේජ් එක හොදයි දෙකටම සහභාගි වෙනවා
ReplyDeleteහැබෑට ඔව් නේන්නං මාත් එනවා එහෙනං :) :) කෑමත් එක්ක 1000ක් නේ???
Deleteස්තූතියි ඉයන්.
ReplyDeleteඉස්තුති කරන්න එපා අජිත් අයියන්ඩි මේක ඔයා මුලික උනාට අපේ දෙයක් ...ඒ වෙනුවෙන් අපි කරන දේවල් මදි කියලා මට හිතෙන්නේ ..කමියගෙන් අහලා මම එදාට වේලාසනින් එනවා උදව්වක් ඕන උනොත් කරන්න බලාගෙන
Deleteස්තූතියි මෙන්ඩා. මුලික වුනෙත් මම විතරක් නෙමේ.
Deleteඉයන්
ReplyDeleteමේ බ්ලොග් කාරයින් බොහෝ විට කථා කරන විවෘත්ත ස්වභාවයට කැමැති නිසා මමත් බ්ලොග් කියවන්නෙක් වුනා. ඒ වගේම දේශපාලන විචාර වලදීත් තමන් දරන මතය නියෝජනය කරමින් ඒත් සත්‍ය වාදීව කථා කරන බොහෝ දෙනෙක් මම මෙතැනදී දැක්කා. උදාහරණ ලෙස මාතලන්, වෛද්‍ය රුවන්, අජිත් ධර්ම වැනි අය දැක්විය හැකියි.
ඒත් ඔබගේ ආරාධනාවේදීම ඊනියා යහපාලනයට කඩේ නොයන උන්ව පහත් තලයකට ඇද දමා අපහාසාත්මක භාශවකින් එය කිරීම කොතරම් සාධාරණද?
ඒකාබද්ධ විපක්ශයේ වැඩ පිලිවෙල හෝ එහි සිටිනා අයගේ තත්වය කුමක් වුවත් ඒකාබද්ධ විපක්ශයට පාර්ලිමේන්තුව තුල සලකන ආකාරය පැහැදිලි ලෙසම ජන මතය විකෘත්ති කර පවත්වාගෙන යන ප්‍රජාත්න්ත්‍ර විරෝධී අමන වැඩක් ලෙස මම දකිමි.
මා තුලද නෙළුම්යාය බැලීමට ඒමේ කැමැත්තක් තිබුනත් මේක දුටු විට එතැනදීත් සැබ ජන මතය අවමානයට පත් කිරීම් හා අපුල දනවන දේශ්පාලන කථා අසන්නට සිදු වේයැයි සිතෙනවා.
එම නිසා මා එම අදහස අත්හැර දැමීමට තීරණය කලා.
මේ දැනුවත් භාවය ලබා දුන්නාට ඔබට තුති
නයනේ ම්ම හිතන්නේ ඒක අපහාසයට නොව උපහාසයකට කියූවක් කියල. එක්තර බ්ලොග් අඩවි ම්කිහිපයකින් නෙළුම් යාය සංවිධානයට උපහාසාත්මක යැයි දැඩි අපහාසාත්මක භාෂාවකින් කතා කෙරෙනේවනේ. මේ පොඩි පිළිතුරක් වෙන්නත් ඇති. මේක ඒ තරම්ම දරුණුවට ගන්න එපා . මම හිතන්නේ දේශපලන කතා නොකෙරේවි කියල. එදාට ප්‍රධාන දේශනය කරන්නේ මහින්ද දේශප්‍රිය මහත්මයා. ඔහු ස්වාධින බවයි මම නම් හිතන්නේ. හැකිනම් එන්න.
Deleteඑන්න අපි එදාට දේශපාලනය කතා නොකර අඩියක් ගහමු
Deletehow to participate this? Do I have to register for it? How about ticket prices?
ReplyDeleteසහභාගී වන අයට වතුර සහ කඳුළු ගෑස් නොමිලේ.
Delete