Monday, August 8, 2016

ගරු මහතානෙණි ඔබට නිවන් සුව.






මේ තියෙන්නේ අභාවප්‍රාප්ත විජය නන්දසිරි කලා කරුවා රූපවාහිනී වැඩ සටහනකදී ගැයූ ගීතයක්. ඔහු එම ගීතය ගයනු අසා ඔහුගේ බිරිඳ දේවිකා මිහිරාණි මහත්මිය හඬනවා. ඒ ඔහු එම ගීතය හදවතින්ම සිය බිරිඳට ගායනා කරන බව ඇයට හැඟුණ නිසා වෙන්න පුළුවන්. ඒවගේම ඔවුන්ගේ  දශක දෙකක් පමණ විය හැකි පවුල් ජීවිතය කොතරම් ආදරයෙන් සහ හැඟීමෙන් ගෙනගිය දෙන්නෙක්ද කියලත් එයින් පැහැදිලි වෙනවා. 

ශ්‍රී ලංකාවේ සම්භාව්‍ය කලා කරුවකු වූ අභාවප්‍රාප්ත විජය නන්දසිරි ගැන ලියන්න මට කිසිම සුදුසු කමක් නැහැ. ඔහුගේ කෘති නරඹලා රස වින්ඳ තවත් සාමාන්‍ය පුද්ගලයෙක් මම.

දැනට දශකයකට විතර පෙර මම සේවය කල ප්‍රසිද්ධ සමාගමක් අළුත් නිශ්පාදනයක් හඳුන්වා දුන්නා. ඒ සඳහා ප්‍රධාන ඇඩ්වටීස්මන්ට්ස් තුනක් කලා. එහින් එකක් ප්‍රහසන දැන්වීමක්. ඒක ගැන කථා කරන කොට මුලින්ම හිතට ආව නළුවා අභාවප්‍රාප්ත විජය නන්දසිරි. ඔහු පෙනී සිටිය එම දැන්වීම නිසා එම අළුත් නිශ්පාදනය ඉතාම ජනප්‍රිය වුණා. 

මගේ අදහස ඔහු නළුවකු වශයෙන් ඔහුගේ වගකීම සහ යුතුකම උපරිමයෙන් සමාජයට ඉටුකල කලා කරුවෙක් කියන එකයි. ඔහු ප්‍රහසන නිර්මාන වල වෙනමම බ්‍රෑන්ඩ් එකක් කිව්වොත් හරි. ඔහුගේ අඩුව නම් මකන්න නුදුරු කාලයේදී නම් අපහසුයි. 

ගරු මහතානෙණි ඔබගේ දක්ෂතාවයෙන් සහ කැපවීමෙන්  අපේ හිත් සතුටු කළාට ඔබට බොහොම ස්තූතියි.  ඔබට නිවන් සුව.


37 comments:

  1. ගොඩක් දුකයි .. අනපේක්ෂිත සමුගැනීමක් ... :(

    ReplyDelete
    Replies
    1. ඉයන් අද පුදුමාකාර විදියට ධනාත්මකයි!

      Delete
    2. රසික, මියගිය කලා කරුවා ගැන පළ කරන ශෝක ප්‍රකාශ වලට පිළිතුරු දීමට මට locus standi එකක් නැති නිසා acknowledge කිරීමට +++++ දැම්මා.

      Delete
  2. ඇත්තටම හද සසල කරවන සිදුවීමක්.....

    ReplyDelete
  3. බොරු නෙවෙයි.. සිංදුව අහද්දී මටත් ඇඩුනා...

    සුභ ගමන් විජේ අයියා.. අපේ ඊලඟ පරම්පරාව ගැන හිතලා පුලුවන්නම් ආයේ එන්න...

    ReplyDelete
  4. මේ අභාවය දැනගන්නකොට අදහගන්න බැරිවුනා... ඊයේ රෑත් එතුමා රගපෑව නාට්‍යක් බැලුවා... විශිෂ්ඨ ගනේ කළාකරුවෙන්...

    එතුමාට නිවන් සුව පතනවා...

    ReplyDelete
  5. "අයියෝ" කියවුනා මේ ප්‍රවෘත්තිය අහපු වෙලාවේ....
    ඔහු අති විශිෂ්ඨයෙක්... ඒකෙ ආයෙ දෙකක් නෑ..ඔහුගේ අහලකටවත් එන්න පුළුවන් ප්‍රහසන නළුවෙක් වර්තමානයේ නෑ...

    සුබ ගමන් අප හිනැහූ රසවතාණනී !

    ReplyDelete
  6. අපට සිටි රඟපෑමේ කුසලතාවයක් සැබවින්ම තිබූ නලුවන් කිහිප දෙනාගෙන් කෙනෙක්. කිසි අප්පිරියාවක් නැතුව බලා ඉන්න පුලුවන් රඟපෑමක් ඔහුට තිබුනේ. අඩුම වශයෙන් ඔහුට අනිත් බොහෝමයක් කලා කරුවන්ට අවසාන කාලයේදී අත්වුන පොදු ඉරණම අත් වුනේ නෑ කියලා මම විශ්වාස කරනවා.

    ReplyDelete
  7. ජීවන රඟමඬලේ අපි කවුරුත් නළුවෝ. නමුත් මේ මනුස්සයා විශ්වකර්මයෙක්.

    ඔහුට නිවන් සුව ලැබේවා!

    ReplyDelete
  8. ඔහුගෙන් ඇතිවුණු රික්තය කාටවත් පුරවන්න බැරිවේවි. විජය නන්දසිරි කලාකරුවාණන්ට සුබ ගමන්.

    ReplyDelete
  9. ඉයන් අයියේ
    "ඉපදී උණුසුමෙ පින්බර ලක්බිම" සිංදුව ඇහව්ව..ලස්සනයි ..ඇත්ත ඔයා කියලා තියන ඒක අපේ ගොඩක් අය තේරුම් ගන්නේ නැති එකයි දුක

    මම
    සදු

    ReplyDelete
  10. දැන් දන්නේ ...
    ඔබ නැති කළා ලෝකය ලොකු අඩුවක්

    ReplyDelete
  11. පිස්සු හැදුන දැනගත්තු වෙලාවෙ.

    ReplyDelete
  12. නිහතමානී මිනිසෙක් මෙතරම් ඉක්මනින් මෙලොවෙන් සමුගනී කියා සිතුනේම නැත. කලාකරුවාණනි,ඔබට නිවන් සුව !!!

    ReplyDelete
  13. විජය නන්දසිරි රංගනවේදියාට නිවන්සුව ලැබේවා

    ReplyDelete
  14. බන්දුලගෙ ටෙනීලගේ දෙපිට කැපෙන කතා ,ෆාස්ට් ෆොර්වඩ් කරන සීන්,වැටෙන ගුටිකන ඒව කොමඩි විදිහට දැකපු අපිට ඇත්තටම හිනා වෙන්න පුලවන් කොමඩි කලාවක් ගෙනාවෙ විජය නන්දසිරි.ඔහු මිය යනකොට ඔහු තමයි ලංකාවෙ කොමඩි කිං.කට්ටිය හොටු පෙරනව දැක්ක අනේ මනමෙ රඟපාපු ශ්‍රේෂ්ට නළුවෙක් අන්තිමේ මෙහෙම උනා අරක මේක කියල.මට නම් ඔහු කරපු මේ දේ ලංකාවෙ රංගන කලාවෙ පෙරලියක්.කොමඩියට කොලිටියක් ගෙනල්ල ඒ වෙනකොට කොමඩි කිංලට ඇඳන් හිටපු බන්දුල ටෙනීල වගේ හාල් කෑලිවල ගොන්ජෝක් වලින් අපිව මුදෝ ගත්තු පිනම ඇති.

    ReplyDelete
  15. A beautiful man and a genuinely loving couple. I too got very emotional.

    Thanks Ian for the beutiful, heartfelt note.

    ReplyDelete
    Replies
    1. Sorry typo in last sentence, should be'beautiful'. Typed in tears.

      Delete
  16. ඔහුට නිවන් සුව ලැබේවා!++++++++++++++++++++++ Salute

    ReplyDelete
  17. මට නම් හිතෙන්නේ කෙනෙක් තමන්ගේ මෙහෙය කලා කියලා දකිනවා නම් මේ ලොකෙන් නික්මයාම දුක් වීමක් ලෙස පෙන්නේ නැ, හැබැයි කෙනෙක් හිතනව නම් ඒ කෙනාට තව දේවල් කරන්න තිබ්බ කියලා , ලද දෙයින් තියන දෙයින් සතුටු වීම හිතන්න අමාරු නම් අපිට දුක හිතෙනවා. ඒ පුද්ගලයා වෙනුවෙන් ද අපි වෙනුවෙන් ද කියලා හිතන්න මම ඔබට බාර කරනවා. මට නම් මේ ලොකේට එන කවුරුත් මෙන්න මේ දේ කරලා යන්න ඕන කියලා හිතෙන්නේ නැ. කරන දේවල් දිහා ලං වෙලා බැලුවම මොන තරන් අමාරුවෙන් ද කරන්නේ කියලා මම දකින නිසා

    ReplyDelete
  18. /* ශ්‍රී ලංකාවේ සම්භාව්‍ය කලා කරුවකු වූ අභාවප්‍රාප්ත විජය නන්දසිරි ගැන ලියන්න මට කිසිම සුදුසු කමක් නැහැ. ඔහුගේ කෘති නරඹලා රස වින්ඳ තවත් සාමාන්‍ය පුද්ගලයෙක් මම. */

    ඒක නිහතමානී කතාවකට වඩා මෝඩ කතාවක් ඉයන්. ඔහු ගේ රඟපෑම් රස විඳි රසිකයෙකු වීම තරම් වෙනත් සුදුසුකමක් කොහින්ද?

    මෙන්න මගේ අදහස්.
    http://rasikalogy.blogspot.com/2016/08/when-maname-is-defeated-again-this-time.html

    !!!

    ReplyDelete
    Replies
    1. .//ඔහු ගේ රඟපෑම් රස විඳි රසිකයෙකු වීම තරම් වෙනත් සුදුසුකමක් කොහින්ද?//

      I agree. Thank you Rasika

      Delete
  19. ඇහැට කඳුලක් නැගුනා...තවත් සොඳුරු මිනිසෙකුගේ නික්ම යාම...එතුමාට නිවන් සුව පතනවා...

    ReplyDelete
  20. විජය නන්දසිරිගේ අඩුව දේවිකා මිහිරාණිට පමණමයි.. (සාහසික ප්‍රකාෂයක් නොවේ.. සතියකට පසු සිඳු වන පරම සත්‍යය එයයි.)

    ජනපති අගමැති පටන් පාරේ ඉන්න හිඟන්නා දක්වා කමීඩියන්ලා ජෝකර්ලා ඉන්න රටක විජය තවත් එක්කෙනෙක් විතරයි.

    හැබයි ජනතාව ආදරය කළ කළාකරුවෙක් ලෙස විජ්ය කුමාරණතුංග, ජෝති යන අය අතරට ඔහුත් එකතු වේවී. ඒකට හේතුව ඔහු කමීඩියන් කෙනෙකු පමණක් නොව රත්තරන් හදවතක් තියෙන මනුස්සයකු වීම.

    ReplyDelete
  21. ඇත්තටම හිතට දැනෙන සමු ගැනීමක්.
    ඔහුට නිවන් සුව.

    ReplyDelete
  22. බොරුවක් උනත් කොතරම් ඇත්තක්ද
    නුඹ මුවෙන් පවසන නිසා

    අපූරු කවි පෙළක් එක්ක අළුත් බ්ලොග් එකක්

    ReplyDelete
  23. ඔහු සාර්ථක නළුවෙක්.අසා පුරුදු විහිළු කතාවක් උනත් නැවුම්ව ඉදිරිපත්කිරීමේ හැකියාවක් තිබුනා.හාස්‍යෝත්පාදක තිරකථා රචකයින් දැඩි අපහසුතාවයකට පත්වේවි ඔහුගේ අඩුව නිසා..
    ජයවේවා..!!

    ReplyDelete
  24. මේ වීඩියෝව මේ අවස්ථාවේ නැරඹීම ඇසට කඳුලක් උනවන්න හේතුවක් උනා...

    සනත් මහතාණනි ඔබට නිවන් සුව...!

    ReplyDelete
  25. සාමාන්‍යයෙන් සෝසල් නෙට්වර්ක් එකක් විදියට ලංකාවේ වැඩිපුරම ටීනේජ් බුවාලා ඉන්නේ ටුයිටර් එකේ.. ඒ වගේම තරමක් මැද වයසේ අය ඉන්නේ ෆේස්බුක් ගෲප් වල.. කොහොම වුනත් මුලු සෝසල් නෙට්වර්ක් ජාලාවන් හැම එකකම කතා වුනු චරිතයක්.. මම හිතන්නේ එහම වාසනාවක් මේ සෝසල් නෙට්වර්ක් ජනප්‍රිය වුනාට පස්සේම ලංකාවෙ කලාකාරයෙක්ට ලැබුනාම තමයි.. සමාජයේ බොහෝ පිරිසකගේ ගරු බුහුමන් ලැබීමත් එතුමාග‍ේ ලැබීමක්ම තමයි ඉතිං..

    ReplyDelete
  26. රංග කලාව ගැන වැඩිපුර නොදන්නවා වුවත් ඔහුගෙන් ගන්නට මට වැදගත් යමක් පෙනෙනවා. ඒ මරණයෙන් පසුවද, අවංක හදවත් ඇති මිනිසුන්ගේ අගය කිරීමට ලක්වීමයි. එය ඔහුගේ වාසනාව නොවේ. ඒ ඔහුගේ ජීවිත කාලයෙන් ඔහු උපයා ගත් දෙයයි. ඔහුට කල හැකි ගවුරවය නම් ඔහුගෙන් එය උගෙන අපේ ජීවිත කාලය තුල අපද එය උපයාගැනීමට උත්සහ කිරීමයි.

    ReplyDelete
  27. දුර්ලභ කලා කරුවෙක් සැබෑ දක්ශයෙක්,
    ඔහුට දුගතියෙන් තොර සසර ගමන කෙළවර අමාමහනිවන් සුවය පතමු !

    ReplyDelete
  28. ඉයන් අද පුදුමාකාර විදියට ධනාත්මකයි!

    ReplyDelete
  29. සංවේදී අවස්තාවක් !!! තම ක්ෂේත්‍රයේ ඉහලට ගිය ඕනෑම මිනිසෙකුගේ ළඟ තියෙන කතාවක්!!! .. මම මුහුණු පොතේ ෂෙයාර් කරා...

    ReplyDelete
  30. කකුල් රත් වෙනව, දාඩිය දානව...ගඳ ගහනව. ඒක නේද මේ...? මං පුංචිකාලෙ හරිම ආසයි ඒ වෙළඳ දැන්වීමට.
    නිවන් සුව විජය නන්දසිරි මහත්තයෝ...

    ReplyDelete