Sunday, January 3, 2016

මං කවුද ඩෝ ???


කවුරුවත් සාමාන්‍යයෙන් මෙහෙම අහන්නේ නැහැ. බොහෝ වෙලාවට ඇහෙන්නේ උඹ කවුද ඩෝ?, එහෙම නැත්නම් අර තරුණ බබලත් උදවිය අත් දෙකේ දබර ඇඟිල්ලයි මහපට ඇඟිල්ලයි එකට තියාගෙන දෙපැත්තට කරකව කරකව තොදොල්වෙවී "කවුද අනේ ඔයා"? කිය අහන එක. අපි අනික් අය කවුද කියල ඇහුවට අපි, අපි කවුද කියල අහන්නෙ කලාතුරකින්. වෙනසකටත් එක්කල හිතල බලන්න ඒ ප්‍රශ්ණෙට අපි මොකද්ද දෙන උත්තරේ කියල. පොඩ්ඩක් නැවතිලා තීරණය කරන්න කවුරුහරි අපෙන් ඒ ප්‍රශ්ණය ඇහුවොත් මොකද්ද හිතට එන උත්තරේ කියල. 

හරිද? හිතුවද?  

99%ක් ම මේ ප්‍රශ්ණෙට දෙන උත්තරේට ඇතුලත් වෙන්නේ මේ වගේ දේවල් නේද? නම, ඉන්න පලාත, උගත් පාසැල හෝ විශ්ව විද්‍යාලයය, වයස, ස්වාමි පුරුෂයාගේ භාර්‍යාවගේ එහෙම නැත්නම් ආදරවන්තයාගේ  හෝ ආදරවන්තිය සමඟ සම්බන්ධතාවය, සමිති සමාගම් වල තනතුරු හෝ සාමාජිකත්වය පවුලේ විස්තර, පැලැන්තිය , පියාගේ හෝ ඔබගේ ප්‍රසිද්ධ ඥාතියෙකුගේ සම්බන්ධතාවය, කරන ව්‍යාපාරය , හදාරන පාඨමාලාව, රැකියාව කරන ස්ථානය, අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකම ,වෘත්තිය, රැකියාවේ තනතුර, වගේ දේවල් සම්බන්ධ කරගෙන නේද? 

ඔබට හැකියාවක් තියෙනවද මේ වගේ දේවල් පාවිච්චි නොකර ඔබ කව්ද? යන ප්‍රශ්ණයට උත්තරයක් දෙන්න?

මේ පෝස්ට් එකේ ඉතිරි කොටස ඔබගේ පිළිතුරු ලැබුණු පසුව. ඊලඟ පෝස්ට් එකට පෙර මම කියන්න යන අදහසට අනුව ලැබෙන හොඳම පිළිතුරට රුපියල් 5,000 ක ත්‍යාගයක් හිමිවෙනවා. එකකට වැඩි හරි උත්තර තිබුණොත් ත්‍යාගය පළමුවෙනි හරි උත්තරේට මින් භාගයකුත් ඉතිරිය අනික් හරි උත්තර අතර බෙදී යනවා. 




73 comments:

  1. මම මාතලන් මම අද එක.. මගේ එකම ආසාවත් ඒක.. කොමෙන්ට් එක පබිලිස් කරන් කොට දෙක වෙලා තිබුනොත්.. ඔන්න මට දුක...

    ReplyDelete
    Replies
    1. වැඩේ හරි... දැන් මම ගැන... ඔන්න දැන් මගේ එකම ආසාව මේ 5000 තනියෙන් ගන්න එක. ඒක වෙන එකෙකුට ගියොත් මට දුකයි.. බෙදුනොත් දුක අඩුයි.. හැබයි නොලැබුනා කියලත් අවුලක් නෑ... ඒ තමයි මම... හැබයි අදාල නැති උනත් අනික් උන් ගැනත් කියන්න ඕන.. අනික් එකෙක්වත් මම වගේ නෙමෙයි... උන් හරි අවංකයි.. නිහතමානියි.. පරිත්තාගශීලියි.. අරකයි... මේකයි.. එහෙම බැලුවම මට මම ගැනම ලැජ්ජයි...වැඩේ හරි... දැන් මම ගැන... ඔන්න දැන් මගේ එකම ආසාව මේ 5000 තනියෙන් ගන්න එක. ඒක වෙන එකෙකුට ගියොත් මට දුකයි.. බෙදුනොත් දුක අඩුයි.. හැබයි නොලැබුනා කියලත් අවුලක් නෑ... ඒ තමයි මම... හැබයි අදාල නැති උනත් අනික් උන් ගැනත් කියන්න ඕන.. අනික් එකෙක්වත් මම වගේ නෙමෙයි... උන් හරි අවංකයි.. නිහතමානියි.. පරිත්තාගශීලියි.. අරකයි... මේකයි.. එහෙම බැලුවම මට මම ගැනම ලැජ්ජයි...

      Delete
    2. බොහොම ස්තූතියි

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. රුපියල් 5,000 ක ත්‍යාගයක්?? ඕකෙන් සුජියට ෆෝන් එකක් අරන් දියන් එක ඊට වඩා වටිනවා

    ReplyDelete
  4. "You know who my father is? the wicket keeper asked.
    No, Indika moved Closer. Jaw to Jaw. "Do you"?

    Panther
    Chhimi Tenduf-La
    pp 26

    ReplyDelete
  5. මම කියල කෙනෙක් පේන්න නම් නෑ ඒත් මේ සංසාර කියන ගමනේ යන ගමන් ටික කාලෙකට තඩි බඩ ගෙඩියක් තියෙන සරීරයක් නයට වගේ අරගෙන මෙහේ කරක් ගගන අලියෙක්ගේ පිට උඩ ඉන්න පොඩී කුරුමිණියෙක්....හැමෝටම පේන්නේ අලියව. අලිය තමයි අර බඩ තඩි සරීර කූඩුව සහ ඒ සරීර කූඩුව දිහා බලාගෙන ඒ මමය කියන සංකල්පේ......
    තට්ටු 30ක් උඩ ආකාසේ ඉන්න කොට මේ අදහස කුරුමිණියාට කියල දුන්නේ ශාන්ත දාන්ත සෝවාන් පල ලබන්න ඔන්න මෙන්න කියල ඉන්න තවත් කුරුමිණියෙක්....
    5000 මදි අලින්ට නම්....!

    ReplyDelete
  6. I'm nobody. But think as a somebody

    ReplyDelete
    Replies
    1. Did you copy Ajahn. Chah? he he.
      https://en.wikipedia.org/wiki/Ajahn_Chah

      Delete
  7. මල මගුලයි...
    මට පිස්සු..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. උඹ තාප්ප ඛන්නා :D :D ඕ යේස්

      Delete
    2. බොහොම ස්තූතියි

      Delete
  8. මම ප්‍රසன்na, මම අදහන විදියට ඔය 5000 මට හම්බ වෙන්නෙ නෑ. ඒ හින්ද අර එකටම කොමෙන්ට් කරපු පරිත්‍යාගශීලියට ඒක දෙන්න කියන්න මට පුලුවන්.

    ReplyDelete
  9. මොන පිස්සුද බං?...ඔය කෙහෙම්මල් පන්දාහට මම කවුද කියල උඹට කියන්නෙ නෑ දන්නවද? ..සල්ලි වලට වැඩ කරන මිනිහෙක් නෙවෙයි මම..

    Moreover do you honestly think the answer to a so important a question like Who am I ?, a question so many philosophers from time immemorial have been trying to answer without success is worth only Rs. 5000/= eh? heh..heh..don't make me laugh Ian..please...

    ඔය පන්දාහ ගැන උඹ නොකිව්වනං මම නොමිලේ උඹට කියල දෙනව මම කවුද කියන ප්‍රශ්ණෙට පිළිතුර...එහෙමත් නැත්නම් ඒ ගැන මගේ ඇගයීම, තක්සේරුව හෝ විශ්ලේෂණය මොකක්ද කියල..තේරුණෙයි?

    ReplyDelete
    Replies
    1. Forget the 5000 and please give a response. Really want to know your views. PLEASE

      Delete
    2. Ian,

      Just in lighter vein Machang, don't take seriously.

      Will write on my definition of Who I am or more to the point who I am trying to be as soon as getting my wayward thoughts in some sort of an order...:)

      Delete
  10. මම කියන එක නැති කර ගන්න තමයි උත්සාහ කරන්නෙ. එබැවින් ඔබ ලබා දෙනවා යයි කියන මුදල අයත් කර ගත යුතු යයි සිතන්නෙන් නැහැ.

    සමරසේකර

    ReplyDelete
  11. ශක්තිය පවතින තවත් එක ආකාරයක් පමණයි.
    (ලෑන් කියන්නෙ කවුදැ හැබෑට..?)
    ජයවේවා..!!

    ReplyDelete
  12. මං ඇහිල්ල පොරක්...!!1

    ඇයි අප්ශැට් ද....?

    ReplyDelete
  13. දාඩිය මාන්සියෙං එදාවේල හොයාන ගෑණියි දරුපැටියයි එක්ක කාටවත් අත නොපා දෙයියනේ කියලා ජීවත් වෙන සාමාන්‍ය කොල්ලෙක්…

    ReplyDelete
    Replies
    1. මචෝ සමහරු නම් අනින්ගේ දාඩිය මහන්සියෙන් හම්බ කරගන්නවා පැත්තක ඉඳලා .... හැක්

      ජිවිතේ කතන්දරේ ඔබේ
      දා දියෙන් ලියන්නකෝ පුතේ
      වේදනා තුලින් තමයි අපේ
      වාසනා උපන්නේ සම්පතේ

      සෑමදාම මේ පොලොතලේ
      සාර වුවේ දා දියේ බලේ
      කම්මැලි උනොත් මගේ පුතේ
      නැ ලියන්නේ රන් පිටු පොතේ

      සෑම බින්දුවක්ම දා දියේ
      වාසනා ගඟක්ය ලෝකයේ
      දා දියෙන් නොතෙත් කලොත් ගතේ
      මේ පොලොතලේ හඬයි පුතේ ..

      ගායනය - මොහිදීන් බෙග්
      ගී පද - සිරිල් ඒ සීලවිමල

      Delete
    2. බොහොම ස්තූතියි

      Delete
  14. මං දෙයක් කරන් කලින් යමක් හිතන්න පුළුවන් සතෙක්.....

    ReplyDelete
  15. Realist, Perfectionist, Driven, Impulsive, Methodical, Analytical, Achiever. :P

    ReplyDelete
  16. මම හොඳ බයියෙක්.... ඇයි අවුල්ද?

    ReplyDelete
    Replies
    1. කිසි අවුලක් නැහැ. එක අපි දැනගෙන හුගාක් කල්.

      Delete
    2. ///මම හොඳ බයියෙක්.... ඇයි අවුල්ද?///
      එළ...

      Delete
    3. AnonymousJanuary 3, 2016 at 8:33 PM

      +++ :D

      Delete
  17. මා කවුදෝ කවුරුදෝ
    කොතනදෝ කෙලෙසදෝ
    කොහෙන්දෝ මට කෙසේ වැටහේදෝ ..
    මා කවුරුදෝ ..
    එක ලේ ඔබේ හා මගේ සිරුරේ
    එක සේ ගලා යන්නේ
    කෙනෙකුගේ මුණ බලා
    ඇයිදෝ සිත මැන්නේ ලොවේ
    යුතුකම් සලකා ඉටු කරනා
    අයමය ලත වෙන්නේ
    හිඳිනෙමි මම දයා
    ඔබ එවි දිනේ ලොවේ ...
    ගායනය - එච් ආර් ජෝතිපාල
    සංගීතය -එම්. කේ. රොක්සාමි
    ගී පද - කරුණාරත්න අබේසේකර
    (කවුද රජා 1976)

    ReplyDelete
  18. 5000ක් මටනම් එපා..හම්බ වෙන්නෙත් නෑනේ..

    ReplyDelete
  19. මේක හරියට කඩ්ඩෙන් මයිසෙල්ෆ් ගැන වෙනස් ව්දිහකට කියන්න කිවුවා වගේ වැඩක් නේ.

    ReplyDelete
  20. අහෝ දෙවුදත් නොදුටි මොක්පුර. සද පෙන්නපුවහම ඇගිල්ල දිහා බලන කට්ටිය තමයි වැඩි. මොනවා උනත් ඔලුවේ වැඩකරන්නේ දෙනවයි කිව්ව රුපියල් 5000.

    ReplyDelete
  21. මම ලියන්න දෙයක් හිතුවා හිතුවා . අන්තිමට මටත් මෙහෙම හිතුනා 'මම කවුද ඩෝ? '

    ReplyDelete
  22. ඉයන්ගේ පාඨකයෙක්. (මෙතැනට අදාළ දෙය එපමණයි!) මෙයට ටිකක් කිට්ටුවෙන් යන දෙයක් ලියන්න හිටියා. එය පසු දිනයක ලියැවෙයි.

    ReplyDelete
  23. ඔන්න ඕක මාතලන්ටම දීල ෆෝන් එක සින්දුවට දීපන්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි Ajith, පිළිතුරු ප්‍රමාදයට සමාව දෙන්න.

      Delete
  24. මම රසික.
    රසික සූරියආරච්චි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි, Rasika පිළිතුරු ප්‍රමාදයට සමාව දෙන්න.

      Delete
  25. මම දැන් ඔය 5000 ගන්න විදිහක් හිතන එකෙක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි Kammala 'Double' , පිළිතුරු ප්‍රමාදයට සමාව දෙන්න.

      Delete
  26. මං දැක්ක සීවී වල එහෙම දාල තියෙනව ප්‍රොෆයිල් කියල එකක්. ඒකෙ කියනව මං කවුද කියල, හැබැයි වෘත්තීයමය පැත්ත. ඒ අනුව බලමු මං කවුද කියල...

    මං, හැම විදිහකම දැනුම ගැන පිපාසයක් තියෙන, කුතුහලය සහිත, පරණ දේවල්ට ආස, එක එක දේවල් එකතු කරන්න ආස, කම්මැලි, රසවිඳන්න ආස, බයගුළු, තමන් සහ තමන්ගෙ උං වෙනුවෙන් ඉදිරියට එන, අභියෝග බාර ගන්න කැමති, දවසින් දවස භෞතිකව දියුණු වෙන්න කැමති, වැඩක් පටන් ගන්න අකමැති, පටන් ගත්ත වැඩේ ඉවර කරන කම් නවත්තන් නැති, ඔන්න ඔය වගේ බුවෙක්...

    ReplyDelete
  27. මම නෑ.. හුග කාලෙක ඉදලම

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි Deshaka, පිළිතුරු ප්‍රමාදයට සමාව දෙන්න.

      Delete
  28. මම
    I think . therefore I am.

    ReplyDelete
  29. මම යනු පිළිතුරක් සොයාගනු නොහැකි සංකීර්ණ සංකල්පයකි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිහිංසා, පිළිතුරු ප්‍රමාදයට සමාව දෙන්න.

      Delete
  30. මම කියන්නේ සමාජ සත්වයෙක්, මට අනිත් මිනිස්සුන්ගෙන් පරිභාහිරව පැවැත්මක් නැහැ එනම් තනි මම කියල හදුන්වන්න පුලුවන් කෙනෙක් නැහැ, මාව හදුන්වන්න වෙන්නේ වෙනත් දෙයක් සමග බැදීමකට ලක් කරල. උදාහරණ විදිහට මම බස් රථයක යන කොට මගියෙක්, පාරේ යන කොට පදිකයෙක්, ගෙදර ඉන්න කොට තාත්ත කෙනෙක්, දරුවෙක්, සැමියෙක්.
    මට හිතන්න පුලුවන් වෙලා තියෙන්නේ, මම හිතන විදිහ තිරණය වෙන්නේ මම මේ වෙනකම් ලබපු අත්දැකිම් වලින් සහ අනිත් මිනිස්සුන්ගේ අත්දැකිම් හුවමාරු කරගැනිමෙන්. ඒ නිසා මම කියන්නේ සමාජය විසින් නමක් දිපු, තනතුරක් දිපු, කිරිම සදහා රාජකාරියක්, වැඩ කොටසක් පවරන ලද, සමාජයේ පැවැත්ම සදහා පවතින එක් අංශුවක්.
    සමාජයේ බහුතරයක් වගේම මම මට වෙනස් වෙන්න පුලුවන් මම වටේ සමාජය වෙනස් කරන්න පුලුවන් කියල හිතන මනුෂයෙක්

    ReplyDelete
    Replies
    1. ඔබ බලන පැත්තේ ඇත්තක් තියෙනවා. දෙවෙනි කොටසේ මම හිතන විදිහ තියෙනවා.

      Delete
  31. මම වෙන කවුරුවත් නෙවෙයි. මටම අනන්‍ය වූ මම.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විචාරක, පිළිතුරු ප්‍රමාදයට සමාව දෙන්න.

      Delete
  32. මම දන්නෙත් නැහැ මම කවුද කියල. ඉතින් කොහොමද මම ලියන්නේ මම ගැන. මම තවම හොයනවා මාව හඳුනා ගන්නේ කොහොමද කියල මමම. මට හම්බ වුනොත් මම කියන්නම් මේ තමා මම කියල.

    ReplyDelete
    Replies
    1. සොයන්නාට තට්ටුවේ කියල තමයි ඩිංගි මහත්තය කිව්වෙ :)

      Delete
  33. මෙන්න මේ ගීතයට පොඩි එවුන් නම් හරි ආසයි

    සී සී කඩ විසිරුණු සිතිවිලි
    දිය බුබුලේ නලියන පෙණ කැටි වා..ගේ..නැතිවැ
    හුදකලාවෙ තනිවී සිටියම...
    සිහින ආකරේ කට වැටුනා වගේ...නිමක් නෑ...

    මොහොතින් මොහොතට ගෙවෙනා කාලය..
    දැනෙනවා කාටත් එක විදියට..
    ගිනියම් ඉර....සඳ සිසිලස....
    අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද...
    ගී ඇති ලොව...සිතුවම් කල...
    අතරේ අහනව බලනවා මේ අපි කවුරුද...

    ඉර බැස යන ගොම්මන් යාමේ..
    තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ..හෝ...
    ගලා හැලෙන රිද්මේ නැහැවී...
    ඇදි යන්නෙ ඈතින් ඈතට පාවී..සුලග සේ..

    මොහොතින් මොහොතට ගෙවෙනා කාලය..
    දැනෙනවා කාටත් එක විදියට..
    ගිනියම් ඉර....සඳ සිසිලස....
    අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද...
    ගී ඇති ලොව...සිතුවම් කල...
    අතරේ අහනව බලනවා මේ අපි කවුරුද...

    ගිනියම් ඉර....සඳ සිසිලස....
    අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද...
    ගී ඇති ලොව...සිතුවම් කල...
    අතරේ අහනව බලනවා මේ අපි කවුරුද...

    ගායනය : WAYO (සංගීත් විජේසූරිය)
    පද රචනය : සේනක බටගොඩ
    සංගීතය : සේනක බටගොඩ

    ReplyDelete
    Replies
    1. යූ ටියුබ් එකේ ඇහැව්වා. ස්තූතියි සුදීක

      Delete