මම කවුද ඩෝ? - 1පෝස්ට් එකට අදාල විස්තරය දාන්න අවසර. ඒ පෝස්ට් එකට ප්‍රතිචාර දක්වමු හැමෝටම ස්තූතියි. ඒගැන විස්තර පසුව.
ජීවිත කාළයක් පුරා අපි ඔසවාගෙන යන බරක් බිමින් තියන්න පුළුවන් විදිහක් ගැන තමයි මේ පෝස්ට් එක. මේ බර බිමින් තියන්න පුළුවන් වුනොත් ඉස්සරහට ඔබගේ ජීවිත ගමන සැහැල්ලුවකින් ගෙනියන්න පුළුවන් වෙයි. කැමතිනම් උත්සාහ කරල බලන්න.
"බබාට බඩගිනියි" එහෙම නැත්නම් "බබාට අරක ඕන" යනුවෙන් තමන්ට තුන්වන පාර්ශවයෙන් සඳහන් කරන දරුවන් ඔබ දැක තියෙනවාද? මේකට හේතුව කියල කියන්නෙ 'බබා' සහ 'මම' කියන්නේ එක් එක්කෙනෙක් කියන හැඟීම කුඩා දරුවෙකුට එන්නෙ වයස තුනක් වගේ යනකොට නිසා. අපි හිතන්නේ බබාට තවම තමා කවුද යන්න තේරුමක් නැහැ කියල. සමහර අයගෙ අදහස නම් මේක භාෂා දැනීම ලැබෙනකන් වෙන දෙයක් කියල.
මගේ අදහස නම් බබා හිතන විදිහ හරි. ඊට පස්සේ අවට පරිසරයෙන් ලැබෙන අත්දැකීම් එක්ක බබාත් තමනුත් ඒ පොඩි ඇඟේ ඉන්න කෙනා බවට හිතා ගන්නවා. එහෙම උනායින් පස්සේ එම හැඟීම ගලවාගන්න හරිම අමාරුයි. දරුවා ටිකක් ලොකු වෙනකොට තව ගොඩක් දේවල් ගැන ඔහුට හැඟීම් එනව එහෙම නැත්නම් දෙමව්පියන් බලෙන්ම දෙනව. ඉපදෙන කොටම දෙන වාසගම් වලින් එම දරුවා එක පවුලක හෝ පැලැන්තියක සහ කුලයක කෙනෙක් වෙනව. ඊට පස්සේ යන පාසැල නිසා (රාජකීය විද්‍යාලයය, ආනන්ද විද්‍යාලයය ආදී වශයෙන්) අනික් දරුවන්ට සාපේක්ෂව දරුවා යම් තත්ත්වයක් (මානයක්) හිතට ගන්නව. සමහරවිට අනික් දරුවන් පයින් හෝ පොදු ප්‍රවාහන සේවා වලින් පාසැල් එනකොට මේ දරුවා පාසැල් යන්නේ පියාගේ මෝටර් රථයෙන්. පාසැලේ අනික් අය සිංහලෙන් කථා කරන විට මෙම දරුවාට ඉංග්‍රීසියෙන් කථා කරන්න තියෙන හැකියාව සහ ඒකට සමාජයෙන් පිළිගැනීමක් ලැබෙන කොට එතනත් මාන්නයක් ඇතිවෙනවා.
මෙම දරුවා ලොකු මහත් වෙනකොට තමන් යන විශ්ව විද්‍යාලය, කරන පාඨමාලාව, ආදිය විවිධ ආකාරයේ මාන්නයන් මේ පුද්ගලයා දියුණු කර ගන්නවා. මේ දේ දෙපැත්තටම වෙනවා. ඒ යන්නේ මේ දේවල් නිසා මෙම පුද්ගලයා බහු මානයෙන් වගේම හීනමානයටත් ලක් වෙන්න පුළුවන්. මෙම පුද්ගලයා බොහෝ විට ජීවිතය ගෙවන්නේ මේ ඇතිකරගත් මානයන්ට අනුකූල වෙමින්. විවාහ වන්නේ ඔහුගේ කුලයේ, ඔහුගේ ආර්ථික තත්ත්වයේ පවුලකින්. පාවිච්චි කරන වාහනය ඔහුගේ පවුලේ තත්ත්වයට ඔහුගේ වෘත්තියට ගැලපෙන එකක්. ඇඳුම් පැලඳුම් වුනත් එහෙමයි.
සමහර රටවල රජ පවුල් තියෙනවා. ඒ අය විවාහ වෙන්නෙත් වෙන රජ පවුල් වල කුමාරවරු කුමාරියො එක්ක. එහෙම නොවුනොත් රාජකීයත්වයට කැලලක්. මේක ඇත්ත නම් ඒ රජ පවුල් වල අය වෙනම පරිණාමය වෙච්ච කට්ටියක් වෙන්න ඕන. එහෙම වෙන්න බැහැ නේද? කොහෙදි හරි හැමෝටම එක වගේ මුලක් තියෙන්න ඕනනේද?
මේවා ඔක්කොම සමාජයෙන් එන දේවල් නිසා මේවා වෙනස් කරන්න හදන එක නම් වෙන්නේ නැහැ. ඒ වුනාට අපිට තනි තනියෙන් මේවා ගැන සිතා බලා ඒවා නිසා වැටෙන්න පුළුවන් වලවල් වලින් පරිස්සම්වීම කරන්න පුළුවන්.
මම කියන්න අදහස් කරන්නේ ඔබ යනු ඔබගේ ශරීරය නොවේ කියන එකයි. අපි වාහනේකට නැග්ගම අපි වාහනේ වෙන්නෙ නැතිව වගේ, අපි මේ ශරීරයට ඇතුළුවෙලා හිටියට ශරීරය කියන්නේ මේ භවය යන්න තියෙන වාහනය විතරයි. මේ වෙනකොට අර ශරීරයට දාල තියෙන බර එනම් කුලය, නම, වාසගම, පවුල් පසුබිම, පැලැන්තිය, වෘත්තීය සුදුසුකම, තනතුර, යන හැමදේම ලබා දී ඇත්තේ ශරීරයටයි. ඒ වුනාට එම මාන්නනයට අනුකූල වීමේ බර උසුලාගෙන යා යුත්තේ ඔබයි. අර බබා යනුවෙන් හඳුන්වපු පොඩි ශරීරයට මේ වෙනකොට කොච්චර බර දාලද කියල වැටහෙනවා ඇති. ඔබගේ ශරීරය කවදහරි මිය ගියාම ඔබගේ කුලය, නම, වාසගම, බලය, වෘත්තීය සුදුසුකම, හෙබවූ තනතුර, වගේ හැමදේම ඔබත් එක්කම පසට යටවෙනව. එහෙම නැත්නම් ආදාහනාගාරයේ ගින්නෙන් දැවෙනවා. පසට යටවීමෙන් හෝ ආදාහනාගාරයේ දැවීමෙන් ඔබත් දැවී යනවාද? බුදු දහම අනුව නම් එහෙම වෙන්නේ නැහැ. එතකොට ඔබ තවමත් ඉන්නවනම් ඔබට අර කුලය, තනතුර, එහෙම තාම තියෙනවද? නැහැ නේද?
මේ දේ තව දුරටත් තේරුම් ගන්න බුදු දහමේම ඉතා අගනා උදාහරණයක් දක්වා තියෙනවා. එනම් කූඹියා සහ ඇතාගේ උදාහරණය. 'මම' කියන කෙනා කූඹියා නම් අපේ ශරීරය ඇතකුට සමාන කර තිබෙනවා. කූඹියා හෙවත් 'මම' ඉන්නේ අර ඇතාගේ උඩ. එහෙම කාලයක් ඉන්නකොට 'මට' හිතෙන්නේ අර ඇතාත් මගේ ශරීරය කියලයි. අර කුලය, නම, වාසගම, පවුලේ සම්බන්ධතා, ඉඩ කඩම්, මුදල්, වෘත්තීය සුදුසුකම්, තනතුරු ඔක්කොම ලැබෙන්නේ ඇතාට. ඉතින් 'මම' නැමැති කූඹියා මේ ඔක්කොම 'මට' අයිති දේවල් මම ඉහල කුලයක, ඉහල තනතුරක් දරනවා කියලා හිතලා මානයෙක් ඉදිමීල ඉන්නවා. තවත් කෙනෙක් හිතෙන් අකමැති වුනත් සමාජයට ගැලපෙන්න අර තනතුරු ආදියට ගැලපෙන්න ඒවට අනුකූලව ජීවත් වෙන්න බොහොම මහන්සියක් ගන්නවා. මොනව කලත් ඒ ඔක්කොම අරගෙන ඇතා මැරිල ගියාම ඉතුරු වන්නේ ඒ මොනවත් නැතිව කූඹියා විතරයි.
ඒවගේම බුදු දහම සත්‍ය නම් අර ඇතාගේ කුලයන් නිලයන් පාවිච්චිකරලා අන් අයව තලා පෙලා ඇත්නම් ඒ පව් ටිකත් කූඹියා අරගෙන යනවා. ඒ නිලතල පාවිච්චි කරලා අනික් අයට උදව් කරල තියෙනවනම් ඒ පින් ටිකත් අරගෙනම තමයි කූඹියා ඇතා පිටින් බැහැලා යන්නේ. මේ ඇතාට අයිති දේවල් ගැන කූඹියා ඇතිකර ගන්නා මාන්නය නිසා අපි විවිධ ප්‍රශ්ණ ඇතිකරගන්නවා. බැන ගැනීම්, රණ්ඩු, ද්වේශ කිරීම්, නඩු හබ, වස්තු හානි නිසා ඇතිවන දුක ආදිය නිසා අපි ජීවිත කාලයේදීම අසතුටෙන් ඉන්නවා. මම කොහෙ හරි කියෙව්වා මාන්නයෙන් හිස උදුම්මාගෙන ඉන්න අය ඊලඟ බවයේදී බල්ලන් වෙලා උපදිනවා කියලා. ඒක එහෙම වෙනවාද කියන එකනම් දන්නේ නැහැ.
ටිකක් හිතලා බලන්න ඔබත් මේ කුලය, සුදුසුකම්, තනතුරු, වත්කම් වගේ දේවල් හිස උඩ තියාගෙන ඒවට අනුකූල වෙමින් යන කෙනෙක්ද? ඒවාට අනුකූල වීමට කාලය, මුදල් වියදම් කරන කෙනෙක්ද? පවුලේ කෙනෙක් දරුවෙක් ඒවාට අනුකූල නොවුනා කියලා කනස්සල්ලෙන් ඉන්න කෙනෙක්ද?පොඩ්ඩක් ඔය ඔක්කොම බිමින් තියලා හිතන්න. අර බිම දිගේ යන කූඹියෙක් වගේ අපේ ශරීරයට ඇති ඔය දේවල් නැත්නම් අපිත් නමක්, පාටක්, හැඩයක් වත් නැති සාමාන්‍ය දෙයක් /කෙනෙක් නේද?
අපිට අයිති නැති අපි මේ තාවකාලිකව ඇතුළුවී ඉන්නා ශරීරයට ලැබෙන/ලැබුන දේවල් වලින් අතරමං නොවී ජීවිතේ ගෙවමුද?
--------------------------------------------------------------------------
පහුගිය පෝස්ට් එකේ ත්‍යාගය බෙදී යා යුතු ආකාරය මට තීරණය කරන්න අමාරුයි. එම නිසා එහි කමෙන්ට් එකන් දැමූ W.M.K සමරසේකර මහත්මයාගෙන් ඉල්ලා සිටිනවා අය යා යුත්තේ කාටදැයි තීරණය කරන ලෙස. ජයග්‍රාහකයෙක් නැත්නම් එම මුදල නෙලුම්යායේ ත්‍යාගයකට උපයෝගී කරගැනීමට අජිත් මහතාට දෙමි.
සමහර කමෙන්ට් වලින් පේන්නේ මෙය කුලවාදය හෝ කුඩා දරුවන් දැඩි කිරීම ගැන හෝ ලියූවක් ලෙස තේරුම් ගෙන ඇති බවයි. මගේ සංනිවේදන නොහැකියාව ගැන සමාවී නැවත කියවා බලන්න.

බැඳීම් රැකගෙන පුළුවන් පමණට එලෙස ඉන්න බලමු..
ReplyDeleteජයවේ ඉයන්!
බැඳීම් රැකගෙන යන්න ඒ උනාට බැඳීම් කියන්නෙ මොනවද කියල තේරුම් අරගෙන
Deleteලිංතොට බණ පද
ReplyDeleteහැක්.. බබාට පටවපු බර කොච්චරද කියල පේනව නෙහ්
ඒකනෙ පව් පබා , අහ් වැරදුනා බබා ...බබා
Deleteමිනිසාගේ මනුස්සකම තාමත් කුලයට වත් පොහොසත් කම් වලට යට කරලා ඉයන්.. උද්දච්ච හිත් වලට මේවා කිවුවට තේරෙන්නැ
ReplyDeleteඒ වුනාට අපිට තනි තනියෙන් වෙනස් වෙන්න කැමතිනම් පාවිච්චි කරන්න පුලුවන් සිතිවිල්ලක් තමයි මේක.
Delete++++++++++++++++++++++++
Deleteමේ අහල්ලා, අහල්ලා මගේ තාලේ...
ReplyDeleteවැඩ වැඩිත් නෑ අඩුත් නෑ එකවාගේ...
අපි ලොකුත් නෑ පොඩිත් නෑ අලි වාගේ...
මේ අහල්ලා, අහල්ලා මගේ තාලේ...
මේ සිංදුව කියන්න පුලුවන් වුනේ ජෝතිපාල මහත්තයට පමණමයි
Deleteමගේ ගුරා මම තමා
Deleteමා ඉගැන්වූ ගෝලයාද මමයි දන්නවාද
මමයි ගුරා මාගේ
කොහේ ගියත් මගේ ලොක්කා මම සියලු කාලේ
ඉගෙන ගත්තේ නෑනේ - ඉගැන්වුවෙත් නෑනේ
උගත් නැතත් මොලේ නැතත් දැනුම තියනවානේ
අයන්න නැහැ ලිව්වේ අකුරක් නැ කිවේ
ලීවේ නැතත් කිවේ නැතත් පණ්ඩිතයා මාවේ
වාද වලට යන්නේ පැරදිලා නොඑන්නේ
කොහේ ගියත් කටේ බලෙන් දිනුම ලබනවානේ
මගේ අගය දන්නේ මගේ බලය දන්නේ
කව්ද ඉතින් කවුරු නැතත් මෙමා ඉන්නවානේ ..
ගායනය -ෆ්‍රෙඩි සිල්වා
සංගීතය - ලාල් හීනටිගල
ගී පද - සිරිල් ඒ සීලවිමල
ජීවත්ව ඉන්න ටික කාලේදි නිලයෙන්,ධනයෙන්,කුලමානයෙන් මත් වෙලා හිටියත් අවසානයේ හැමෝම මරණයට පත්වෙලා,කුනුවෙලා පොලවේ පස් බවට පත්වෙලා යනව විතරයි.
ReplyDelete(හූණු තඩියකුට පිංසිද්ධ වෙන්න මගේ කම්පියුටර් පොජ්ජ දැවිලා ගිහින් මම ලොකු අමාරුවක වැටිලා ඉන්නේ බං.bios චිප් එකයි හාඩ් එකයි ඉවරයි.තවම හදාගන්න බැරිවුනා.මේ ආවේ යාලුවෙක්ගේ එකකින්)
මනෝ මන්දිර
නිකමට හිතුන ටික දවසකින් දැක්කේ නැති නිසා. ස්තූතියි මනෝ
Delete///ටිකක් හිතලා බලන්න ඔබත් මේ කුලය, සුදුසුකම්, තනතුරු, වත්කම් වගේ දේවල් හිස උඩ තියාගෙන ඒවට අනුකූල වෙමින් යන කෙනෙක්ද? ඒවාට අනුකූල වීමට කාලය, මුදල් වියදම් කරන කෙනෙක්ද? පවුලේ කෙනෙක් දරුවෙක් ඒවාට අනුකූල නොවුනා කියලා කනස්සල්ලෙන් ඉන්න කෙනෙක්ද?///
ReplyDeleteබබාට පටවන බර මදි කියල කනුකුණු ගාන සමාජයක මේ තරමට හරි බර අඩුවෙන් දාගෙන ඉන්නේ හෙණ ගේමක් දීලා...
ස්තුතියි ඉයන් මේ වගේ දේවල් කතිකාවට ගන්න එකට...
බොහොම ස්තූතියි මචං
Deleteමෝහෙන් මුළා වෙලා..
ReplyDeleteමානෙන් උදම් වෙලා...
තණ්‌හාව ක්‍රෝධ ද්වේෂ පාරේ
මිනිසා කොහේද මේ....
රත්තරන් කෙණ්‌ඩියේ සිංහ තෙල් වගේ
මිනිස් ගුණේ සැමදා බැබළේ
එය රැකීම අප උරුමේ වේ....
කේළම් කීමෙන් ඕපදූපයෙන්
රට කොටවන වැඩ අවදානම්
උඩින් මිතුරු වී යටින් හතුරු වී
උගුල් අදින්නා යයි දියවී
බොරුවෙන් රට යයි පිරිහේවී.....
රත්තරන් කෙණ්‌ඩියේ සිංහ තෙල් වගේ
මිනිස් ගුණේ සැමදා බැබළේ....
එය රැකීම අප උරුමේ වේ.....
මා හරි උගතා මා හරි ජගතා
සිතනා මිනිහා මෝඩයෙකී....
අනුන් හෙලන්නට වළක් කපන්නා
ඒ තුළ වැටිලා මිය යන්නා
කළදේ පලදේ එලෙසේ
රත්තරන් කෙණ්‌ඩියේ සිංහ තෙල් වගේ
මිනිස් ගුණේ සැමදා බැබළේ
එය රැකීම අප උරුමේ වේ....
ගී පද - සිරිල් ඒ. සීලවිමල
සංගීතය - ආර්. චන්ද්‍රසේන
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
ගැලපෙන සින්දුවක්, සිංදුවා. බොහොම ස්තූතියි.
Deleteඑහෙනම් 5000 දෙනවද ? ;-) හැක් හැක්
Deleteසිංදුවෝ …. හිනාවෙලා පණ ගියා බොල :D :D
Deleteනැතුව නැතුව අකවුන්ට් විස්තර එවන්න
Deleteම්හු තාම එවල නැහැ
Deleteමූත් එක්ක බෑ... මම දාන්න උන්නෙත් ඕක.. මම බුද්ධාගමෙත් ඔක්කොම පිලිගන්නේ නෑ.. එත් විජ්ජවටත් ගැලපෙන මෙන්න මේ දේ නම් ඕසෙට පිලිගන්නවා...
Deleteසියල්ල අනිත්‍යයි කියන දේ...
එතකොට ජීවත් වෙන්න බොහෝම ලේසියි... ජීවිතේ හරි සැහැල්ලුයි... ආත්ම ගැන නම් කිසි විශ්වාසයක් නැත...
මේ පොස්ට් එක තව ටිකක් කලින් දැම්මා නම් 5000/- ට පට්ට වටිනා කමක් දෙන්න තිබුනා ..බදුල්ලේ අපි අහිංසක පාසල් දරුවෝ සෙට් එකකට පොත් පත් අරන් දුන්නා පොඩියට ...වැඩි විස්තර හෙට යාන්හැල්ලෙන් දමයි ...
Delete'මාව මරන්න.. ඒත් මගෙ චරිතය ඝාතනය කරන්න එපා' කියලා එක ප්‍රසිද්ධ පුද්ගලයෙක් කිව්වා මතකයි.භෞතික දේවල් අතාරින්න ලේසියි.ඒත් ලෑන් කියන මේ සැහැල්ලුව විඳින්න හිත දියුණු කරගන්න එක නම් ඇත්තටම 'වැඩක්'.
ReplyDeleteගැටලුවක් දිහා තුන්වෙනි පාර්ශවයක් විදිහට එලියෙන් බලනවා කියන්නෙ ගැටලු විසඳගන්න තියෙන ලේසිම විදිහක් විදිහට ගස්ලබ්බට දැනිල තියෙන දෙයක්.
ජයවේවා..!!
අනවශ්‍ය බර බිමින් තිබබම ප්‍රශ්ණ ඔක්කොම නිකම්ම විසඳෙයි
Deleteමමත් ඔය කුළ මල, තාන්න මාන්න, දුප්පත් පොහොසත්කම් ගැන බොහොම අඩුවෙන් සලකන කෙනෙක්. ඒ නිසා මට ඒ ගැන සතුටු වෙන්න පුලුවන්.
ReplyDeleteබොහොම සතුටුයි ප්‍රසන්න
Deleteමට නම් හිතෙන්නේ බොග් අවකාසේ සුවහසක් හුදී ජනයා (තමන් ගේ ප්‍රොෆයිල් එකවුන්ට් තිබෙද්දී පවා ) ඇනෝ ඇවිත් කොමෙන්ට් දමන්නේ නියම නමින් ඇවිත් අකමැති කතාවක් කීවොත් බොග් අයිතිකාර "මම" ලාට මල පැන එම කොමෙන්ට් එක දැමූ එකා මරා කන්ට පනින නිසා බව ය...
ReplyDeleteඒක ඇත්ත සා රස, ප්‍රොෆයිල් එකෙන් හෝ ඇනෝ ඇවිත් කුණුහරුප යොදා නොගෙන පණිවිඩ කරුවා නොව පණිවිඩය ගැන තර්ක කරන සුළු ප්‍රමාණයක් වන අයට මල පැන කන්නට කඩා පැණීම 'මම' ලා නොකළ යුතුය යැයි මම සිතමි.
Deleteඅදහස ඔබේ.ලිපියත් ඔබේ. තෑග්ගත් ඔබේ. ඉතින් ඒකට කරන දෙයක් තීරණය කිරීමත් ඔබටම බාරයි. ආයෙ මොකටද ඒකට හවුලක්? කෙහෙල් කැන කපුවා නම් කර තියාගෙන යන්නත් එපායැ.
ReplyDeleteසමරසේකර
ඒකත් ඇත්ත නේන්නම්. බොහොම ස්තූතියි සමරසේකර මහත්මයා
Deleteසරලව, සැහැල්ලුවෙන්, ඕනි තරමට කාලා බීලා ඉන්න පුළුවන්නම් ඒ ඇති මට පෞද්ගලිකව. පොඩි අවුලකට තියෙන්නෙ අපි එල්ලගත්තු කොකු ටිකක් තියෙනවා වටේට. එව්වට එහෙම බෑ...........
ReplyDeleteකොකු ටික හිතෙන් ගැලෙව්වත් ඇති
Deleteමම කියන්නේ සමාජ සත්වයෙක්, අපි විශ්වාස කරන්න ඕන අපට තියෙන අයිතියම අනෙකාටත් තියෙනව කියල. ඒ වගේම අපිට පුලුවන් වෙන්න ඕන සාමුහිකව එකතුවෙලා සියලු දෙනාටම යහපත් වෙන ක්‍රමවේදයක් සකස් කිරිමට
ReplyDeleteමම තනිවම හොද වීම තුලින් සමාජය වඩා යහපත් වේය කියල අපිට හිතන්න පුලුවන් හැබැයි සමාජ යතාර්තයන් පවතින්නේ අපිට යහපත් වෙන්න පුලුවන් විදිහට නෙමෙයි. සමාජය විසින් මම කියල පෞද්ගලික දෙයක් නිර්මාණය කරනව. ඊට පස්සේ අපිට නොදැනුවත්වම එය පිටුපස්සේ යන්න වෙනව. මට මගේ පුද්ගලිකත්වයට යට වෙන්න සිද්ධ වෙනව මම වටා මට බලපෑම් කරණු ලබන කණ්ඩායම් නිසා.
මිනිස්සුන්ට පුලුවන් සිහින ලෝකයන් තුලදි සියලු දෙනාම සමානයි කියල හිතන්න හැබැයි අපි යම්කිසි දෙයක් කර ගැනීමට යාමේදි ප්‍රායෝගිකව ඒක මග හරිනව. මම හිතින් කුලය, ජාතිය, ආගම අත්හැරියට මට වෙනත් ගැහැණියක් සහ මගේ අම්ම සමානයන් ලෙස සලකන්න බැහැ. අනෙක් දරුවන් සහ මගේ දරුව සමානයි ලෙස සිතිමට පුලුවන් වුනට ක්‍රියාකරද්දි මේව පොඩ්ඩක් එහාට මෙහාට වෙනව. එතකොට අපිට පුලුවන් වෙනව පාරේ නිදා ගන්න මිනිසෙක් මගේ යාලුවෙක් සේ නොසලකා ඉන්න. මට පාරේ ඉන්න දරුවෙක් දැක්කහම මගේ ගෙදරට ගෙනැල්ල මගේම දරුවට වගේ සලකන්න හිතෙන්නේ නැහැ. අපි සමාජය මගේ සහ මගෙන් බාහිර කියල නොදැනුවත්ව වෙන්කර ගන්නව
අපිට පුලුවන් මොකක්ද? මම කවුද?, මට තියෙන අවශ්‍යතාවයම අනෙකාටත් තියෙනවනම් පොදු සමාජ සම්මුතියක් සකස් විය යුතුයි. ඒ සදහා අපි යම් දෙයක් සිදුකල යුතුයි කියල සිතන්න වෙනව. යම් සමාජයක් විසින් එම සමාජයේ සියල්ලන්වම සමාන ලෙස සලකා අධ්‍යපනය දෙනවනම් ඉයන් යෝජනා කරන විදිහට පෞද්ගලික අධ්‍යපන කඩ දැමිමේ අවශ්‍යතාවය නැතිවෙලා යනව. 350000කින් 25000ක් තොරා ගන්න තරගකාරිත්වය නැතිවෙලා යනව.
අපිට මම තනියම හොද වෙනව. සල්ලි, හැකියාව, දක්ෂතාවය තියෙන මිනිහට තමන් කැමති විදිහට හිටපු දෙන් සල්ලි, හැකියාව, දක්ෂතාවය නැති මිනිහ නැති විදිහට හිටපු දෙන් කියල මම හොද වෙනව කියල හිතුවට අපිට තනියම ඒ ගමන යන්න අමාරුයි. අපිව මගදි වෙන වෙන තැන්වල පටලවනව.
ඔබ කියනව වගේම //සමහර රටවල රජ පවුල් තියෙනවා. ඒ අය විවාහ වෙන්නෙත් වෙන රජ පවුල් වල කුමාරවරු කුමාරියො එක්ක. එහෙම නොවුනොත් රාජකීයත්වයට කැලලක්. මේක ඇත්ත නම් ඒ රජ පවුල් වල අය වෙනම පරිණාමය වෙච්ච කට්ටියක් වෙන්න ඕන. එහෙම වෙන්න බැහැ නේද? කොහෙදි හරි හැමෝටම එක වගේ මුලක් තියෙන්න ඕනනේද?//
ඔව් අපි හැමෝම එකම මුලකින් ඇවිත් තියෙන්නේ එහෙනම් අපි හැමෝම මේ සියලු බෙදිම් අහෝසි කරමින් නැවත එක් මුලකට යන්න ඕන. ඒක කරන්නේ කොහොමද කියන එක අපි අපිම හිතන්න ඕන
උඹ හරි ලස්සන පැත්තක් ගැන කතා කරනවා.... අපි හැමෝම (අඩු වැඩි වශයෙන් හැමෝම) ජීවත් වෙනවා වෙනුවට කරන්නේ විකාරයක්...... ජීවිතේ අන්තිම කාලෙට ගිහිල්ලා (හදිස්සියේ නොමලොත්) අපි ගත කරපු ජීවිතය ගැන පසු තැවෙනවා... අනේ අපි කරේ බොරුවක්නේ කියලා තේරෙන්නේ ඒදාට........
ReplyDeletehttp://wp.production.patheos.com/blogs/hindu2/files/2015/03/quote.jpg
ReplyDeleteකුලමල තරාතිරම් ගැන හිතන එක එක අතකට තේරුමක්ම නැති දෙයක්. ඒකෙන් අන්තිමේ තමන්ය කියලා ලැබෙන මෙලෝ දෙයක් නෑ. හුදෙකලාව මිස.
ReplyDeleteරෙද්දෙ කුලේ
ReplyDelete;ඔය හු**** හි්න්දම තමා මගෙ ලවටත් කෙලවුනේ අම්මප ඕව ඔලුව උඩ තියං මේ විසිවන සතවරුසෙ ස්මාර් පෝං පාවිච්චි කොරන හැතිකරේකුත් ඉන්නව නෙ
සිරාවටම ඉයන් ඔක්කම අප්‍රසන්නයි
එහෙම කියන්ඩ එපා බල්ලෝ ගන්නකොට පෙඩිග්රි බලන්ඩ හොදයි ගෑනු ගන්නකොට නරකයි ....හැක ..හැක
Deleteබල්ලගේ ජාතකේ හොයන්නේ ඌ බල්ලා නිසා.ඒත් ගෑනිගේ හරි මිනිහගේ හරි හොයන්නේ ....?
Deleteකටුස්සාගෙන් මේගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් වැටිලා
Deleteඅලේ මල්ලන්නෑ අප්පා.දාන කමෙන්ටුත් එකයි.කමෙන්ට් වලට දාන රිප්ල්යිත් එකයි.මටනම් කුණු හරප වගේ
Deleteකුල මල බැඳි යදමින් අත බැඳිලා
Deleteගම වටකර අවමන් දැළ එළලා...
එනමුදු ඉර හඳ පවතිනා තුරු
මා ඔබගෙයි මගෙ දෙයියෝ.....
ගජමුතු දල සද්දන්ත කුලේයා
මොළකැටි මුතු මල දිළිඳු පැලේයා
අහසට පොළොවක් මැදිවෙලා නිසා...
හමුවන තැන් අසිපත් දිදුලායා
මට ම ලැබේ දැයි හිත විමාසායා
මුතු නැති මුතු අසරණ වෙලා නිසා...
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : නිරංජලා සරෝජිනී
This comment has been removed by the author.
ReplyDeleteමෙතන මම කමෙන්ට් කිරීම නොසුදුසු නිසා ප්‍රාජේ විසින් කමන්ට් කරන ලදී.
ReplyDeleteපන්දාහකට ගිය කලක්..
ReplyDeleteකුල බේද එපා..
මහන්තත්ව එපා..
ආගම් බේද එපා..
ජාති බේද එපා..
5000ත් එපා..
ඔය කුල මල අනවශ්‍ය බර.ඔහොම කුල,ම,ජාති වලට බෙදිලා ඉන්න කම් මේ රට ගොඩ ගන්නත් බැහැ.
ReplyDeleteමල මගුලයි...
ReplyDeleteජ ය වේ වා !!!
ඇස,කන,නාසය ,දිව,ශරීරය හා මනස කියලා අපේ ඇඟ ඇතුලේ ආයතන 6ක් තියෙනවා.රුප,ශබ්ද,ගන්ධ,රස, විඳීම සහ බාහිර ආයතන 6කුත් තියෙනවා. ඇසින් රුප බලා,කනෙන් ශබ්ද අසා, නාසයෙන් ගඳසුව්ඳ විඳ,දිවෙන් රසබලා,ශරීරයෙන් පහස විඳ,මනසින් සිතුවිලි හිතා, ඒවා මගේ කර ගැනීම සහ මම ඒවා තුල සිටිනවා යයි සිතීම අවසානයේ දුකටම හේතුවක් වන්නේ මීළඟ අවස්ථාවේදී අපට සිදුවන්නේ කුමක්ද යන්න නොදන්නා නිසාය. එබැවින් මම මගෙන් විය යුතුය යයි මම සිතමි. එහෙත් එය එතරම් පහසු කරුණක් නොවේ.
ReplyDeleteසමරසේකර
යම් මිනිසෙක් ජාතිමානයෙන් තද වූයේ ධන මානයෙන් තද වූයේ කුලමානයෙන් තද වූයේ සිය නෑයන් ඉක්මැ සිතා ද, එය පිරිහෙන පුඟුල්හුගේ දොරයි.
ReplyDeleteපරාභව සූත්‍රය
මම හිතන්නේ ඉයන්ස් ඩෙන් කියන එකේ මේකේ තේරුම තියෙනවා.
ReplyDeleteIan, minissunta karanna barima de thamai ellan enna dewal ewath karanna barikama,
ReplyDeletemokada oowa ewath kala yuthui kiyana sithuwilla ena kaalaya wanawita galawanna (galawenna) bari tharamata godaak dewal api ellagena ewarai.
ehemath puluwannam eath ethin kalaathurakin kenek thamai.
නියම විහජ්ජවාදී ලිපියක් ....
ReplyDeleteමගේ ඊනියා ඥාන විභාගයට අනුව මම,මනස,ශූන්‍ය මෙන්ම නිවන යන්නකුත් නෑ ...
නෙලුම් යායට දෙනවට වඩා අර අරමුදල හැදුවොත් නරකද?
ReplyDeleteඔබේ අලුත් ලිපි කියවන්න කැමති නැති මාතෘකා ඇත්තමයි. මේ ලිපිය ලියලා තියෙන විදියට මම කැමතියි. ඒ වගේම ස්තූතියි.බුදු දහම කිතු දහම තුල තිබෙන සමහර මෙවැනි ප්‍ර්‍රායෝගික දේවල් ජීවිතයට එකතු කරගන්නවා.ඒත් මo ඔහේ ජීවත්වෙන කෙනෙක් බර්ත් සෙටිෆිකෙට් එකේ ආගමක් නැති එක ගැන සතුටුයි. නිතරම මo බබා බබාට ලැබිලා තියෙන අනවශ්‍ය බර අඩුකරගන්න උත්සහ කරනවා. ( ඩයට් කරනවා නෙමේ අනේ) ඒ නිසා ව්‍යවස්ථා ගැන ලියන අතර මේවත් ලියන්න.
ReplyDeleteMeka maru ian. Patta
ReplyDeleteMeka maru ian. Patta
ReplyDelete