Wednesday, September 30, 2015

හදවතට සමීප ගීතයක්


සාමාන්‍යයෙන් ඇසෙන ගීත වලට පපුව  ඇතුලට කාවදින්නට සමත් වුන ගීත කිහිපයක් මට ඇහිල තියෙනවා. ඒ සින්ඳු ඇහෙන කොට මට ඇතිවන්නේ විස්තර කළ නොහැකි සමීප බවක්. ඒවගේ එක ගීතයක් ගැන මීට කලින් පෝස්ට් එකක් දැම්මා.වැඩි දෙනෙක් ඒක බලල තිබුණේ නැහැ. කැමතිනම් ඒක සින්ඳුව අහලම ඉන්න.

මේකත් ඒවගේම ගීතයක්. මේක එච්චර ජනප්‍රිය වෙච්ච ගීතයක් නෙමෙයි. මේ ගීතයේ පදමාලාවත් ගායන ශෛලියත් මගේ හිත ඇතුලටම කාවැදුනා. මේක ලියල තියෙන්නේ ගොඩක් වෙලාවට පිස්සු කථා කියන එහෙම නැත්නම් පිස්සු වැඩ කරන මහාචාර්‍යය කාලෝ ෆොන්සේකා මහත්මයා. මාතලන් ගේ සින්ඩියේ කාලෝ ගැන මෙහෙම ගාථාවක් 'අර්ථ දැක්වීමක්' තාමත් තියෙනවා.

                               මාර වස්සෙකි කාලෝ න
                               පස්ස ගස්සන්න හේතු ච
                               පිච්චු සම්පත්ති කාළේ න
                               රාජා නැවත වර ය කෝ...


වෛද්‍ය වෘත්තියේ යෙදෙන එතුමාව බොහොම ලඟින් දන්න මගේ මිතුරෙක් නම් කිව්වෙ එතුමා අදහන්න වටින කෙනෙක් කියලා.  එතුමා ගීත කිහිපයක් ලියලා 'කාලෝචිත ගී' නමින් සී ඩී එකකුත් නිකුත් කරලා තියෙනවා. මේ ඇල්බමය ගැන මගේ මරණය බ්ලොග් එකේ සඳහනක් තිබුණා. 

මම කොහෙදි හරි දැක්කා මේ ගීතය මහාචාර්‍යය කාලෝ මහත්මය ලිව්වෙ එයාගෙ බිරිඳ ගැන කියල ලියවිලා තිබුණා. මේ ගීතයේ දෙවන කොටසේ විරහවක් ගැන කියවෙනවා. මම දන්නේ නැහැ එතුමාට එහෙම විරහවක් බිරිඳ සමඟ සිද්ද වුනාද කියල. සමහර විට සින්දුව ලියල තියෙන්නෙ වෙන තරුණියක් ගැන වෙන්න පුළුවන්. කොහොම වුනත් ආදරය කරපු විරහව විඳපු කෙනෙක්ට මේ ගීතය බොහෝ සමීව වෙයි.

මේ ගීතය ගායනය කරන්නේ චාල්ස් තෝමස් කියන සහෝදර තුමා කියල සමහර තැන් වල තිබුණා. තවත් තැනක තිබුණා මේක කියන්නෙ අමරසිරි පීරිස් මහත්මයා කියලා. හරියට දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ ගැන කියන්න. ඔබත් මේ ගීතය අහල බලල මම කිව්ව විදිහේ සමීප බවක් දැනෙනවානම් ඔබගේ හිතවතුන් අතරත් බෙදාගන්න. 


කොයිද කියා මන්ද කියා නොදැන ආවෙමි 
දිවි ගමනේ මගේ යෙහෙළි සොඳුර ඔබවිනි //

පෙමෙහි රසත් එහි ඵලයත් ඔබෙන් උගතිමි 
දිවි හිමියෙන් හද බැතියෙන් ඔබට පින්දෙමි// 

කොයිද කියා/

නොතිර ලොවේ විරහ දුකේ අඳුර හිමිවිනි 
මරුකතරේ සුලඟ ලෙසේ තනිව පිටවෙමි.//

කොයිද කියා/

පද රචනය මහාචාර්‍යය කාලෝ ෆොසේකා
සංගීතය
ගායනය : චාර්ල්ස් තෝමස් සහෝදර තුමා / අමරසිරි පීරිස්



 දැනිච්ච දෙයක් ගැන කමෙන්ට් එකක් දාල යන්න හිතෙනවානම් එසේ කරන්නත් ආරාධනා කරනවා. 

36 comments:

  1. පද රචනයේ නම් විශේෂත්වයක් නෑ... රෑට අහලා කොමෙන්ට් එකක් දාන්නම්..

    ReplyDelete
    Replies
    1. එහෙනම් සමහරවිට සංගීතයත් ගායන විලාශයත් එක්ක එන හැඟෙමක් වෙන්න ඇති. අහලම බලන්න. බොහොම ස්තූතියි

      Delete
    2. මේ ගීතයේ රහ තියෙන්නේ, ගායකයාගේ මාදුර්ය වූ හඬෙහිත්, ලඟන්නා සුළු සරළ සංගීතයෙහි හා තනුවෙහිය...

      Delete
    3. බොහොම ස්තූතියි මචං ආයෙත් ඇවිත් සිංදුව ඇහුවට. ඔව් තනුවයි කට හඬයි පොඩි පහෙ මෝහනයට සිත පත් කරනව වගේ කියල මට හිතුනෙ.

      Delete
  2. මේක අමරසිරිගෙ කියලයි මට හිතෙන්නෙ. කටහඬනම් අමරසිරිම තමයි.

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නෙ එහෙමයි. ඒ ගැන හරියටම හොයාගෙන එඩිට් කරන්නයි ඉන්නෙ.

      Delete
  3. මම සිංදුව ඇහුවා .අමරසිරි පීරිස්ගේ කටහඩම තමයි නේද ?.නිකමිම පද පේලි ටික බලනකොට නොදැනෙන සමීප බවක් සිංදුව අහනකොට දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. පද බොහොම සරල උනත් ගීතයේ අමුතු මන්මත් වන ගතියක් තියෙනවා නේද? මනෝ බොහොම ස්තූතියි.

      Delete
  4. ගීතය ගායනා කරන්නේ නම් අමරසිරි පීරිස් බවයි මටත් හිතෙන්නේ . මමනම් මෑත කාලීනව අමරසිරි පීරිස් මහතාගේ ගීත වලින් කැමති
    "සඳ කැන් ඇවිදින් සුපිපුණු කුසුමන් සිඹිනා නිසල රැයේ" ගීතයට ,,

    ඔය පහලින් මං එකතු කරලා තියෙන පද දෙක (හෝ ඒ වගේ තව පද පේලියක්) එකතු කරලා මේ ගීතය යුග ගීයක් ලෙස ගැයුවා නම් හොඳ නැද්ද?

    කොයිද කියා මන්ද කියා නොදැන ආවෙමි
    දිවි ගමනේ මගේ යෙහෙළි සොඳුර ඔබවිනි //

    පෙමෙහි රසත් එහි ඵලයත් ඔබෙන් උගතිමි
    දිවි හිමියෙන් හද බැතියෙන් ඔබට පින්දෙමි//

    කොයිද කියා/

    නොතිර ලොවේ විරහ දුකේ අඳුර හිමිවිනි
    මරුකතරේ සුලඟ ලෙසේ තනිව පිටවෙමි.//

    නොතිර ලොවේ තිර ලෙස පෙම ඔබට පුදනෙමි
    තනි නැත ඔබ දිවිකතරේ සවිය මම වෙමි //

    කොයිද කියා/

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙනව යුග ගීයක් වුනානම් හොඳයි කියල. අවාසනාවකට මේක මම ලියපු එකක් නෙමෙයි. බොහොම ස්තූතියි ඉවාන්.

      Delete
    2. ඔබේ පද ටිකත් නියමයි. මම පුලුවන් නම් ඒ ටික යවන්නම් මහාචාර්‍යය තුමාට

      Delete
    3. ඉවාන් අහල බලන්න අමරසිරිගෙ හීන ගේන හැම රෑකම කියන සින්දුව

      Delete
  5. මට නම් ඔය ඉහලින් කමෙන්ට් වල වගේ මේක අමරසිරි පීරිස්ගෙද කියන්න තරම් දැනුමක් නෑ.

    සින්දුවක් පපුවට වදින්න ඒ හා බැඳි පෞද්ගලික අත්දැකීමක් තිබිය යුතුමයි. ඒක එකිනෙකාට වෙනස් විදියට බලපාන්නේ. එහෙම සින්දු මටත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒකියන්නෙ ඩූඩ් ලව් කරල පැරදිලා නෑ කියන එකද? ශහ් හරි වාසනාවන්තයෙක්නෙ. ස්තූතියි ඩූඩ්

      Delete
    2. පිස්සුද බං? මං කාපු බූට් වලින් සපත්තු කඩයක් දාන්න පුලුවන්

      Delete
    3. හ හා ඩූඩ්. එහෙනම් අපි ඔක්කොම එක බෝට්ටුවේ.

      Delete
  6. මට ඇහෙන විදිහට නම් මේ අමරසිරි පීරිස් තමයි. කාලෝ ෆොන්සේකාගේ දේශපාලන ආගමනය, ඔහුගේ කලා ජීවිතයට ඍණාත්මක බලපෑමක් එල්ල කළා කියා මා හිතනවා. ඔහු අති දක්ෂ ගුරුවරයෙක්.

    ReplyDelete
    Replies
    1. විවිධ හැකියාවන් සහ සමහර නොහැකියාවන් ඇති කෙනෙක්. බොහොම ස්තූතියි විචාරක

      Delete
  7. මම මේ සිංදුව මේ ඇහුවමයි බං..

    ReplyDelete
    Replies
    1. එෆ් එම් ස්ටේශන්ස් මුදලට ජනප්‍රිය කරපු නැති ඒවා :) තෑන්ක්ස් මචං

      Delete
  8. ඔය සිංහල බ්ලොගර්ස් එකට මේවා පොස්ට් කරන්නේ නැත්තේ ඇයි ? මගේ බ්ලොග් රෝල්ට එල්ල ගන්නම්.

    ReplyDelete
    Replies
    1. අජිත් බොහොම ස්තූතියි. අර පේජ් එකේ අරමුණ වෙන එකක් නිසා මගේ පෝස්ට් දැම්මෙ නෑ. බොහොම ස්තූතියි බ්ලොග් රෝලට දාගත්තට.

      Delete
    2. සිංගල බොලර්ස් ඒ මොක්කුද ඉයං

      Delete
    3. ෆේස් බුක් පේජ් එකක්

      Delete
  9. ඇහුව එක නං ඇහුව
    සිංදුව ගතියට දැනුන. ඒත් කාගෙද කියල කියන්න නං අමරසිරි පීරිස් ගෙනුයි චාල්ස් තෝමස් ගෙනුයි අහන්නම වෙනා

    ReplyDelete
    Replies
    1. හහා ඔව් බං යූ ටියුබ් එකේ මේ නම් දෙකම තියෙනව. බොහොම ස්තූතියි ආවට

      Delete
  10. ඉයන්ගේ අඩවියට ගොඩවෙලා තිබුනත් සින්දුත් අහලම මොකුත් ලියන්නම් කියල හිටි නිසා ඒ වැඩේ ප්‍රමාද වුනා. මේ සින්දුව මිහිරියි. මට හිතෙන්නෙම අමරසිරි පීරිස් තමයි කියන්නේ කියලා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තිලක සිත. බොහොම සතුටුයි ඔබ සින්දුව රසවින්දා නම්.

      Delete
  11. පද පෙළ වඩාත් අර්ථාන්විත කරල තියනවා මේ ගැඹුරු කටහඬින්. සංගිතයද බොහොම සනම්‍ය අයුරින් පවතිනවා. ඇත්තම කිව්වොත් මේක අහන්න හොදම මලක් ගහලා තනියම ඉන්න වෙලාවක. පට්ට ලෝකයකට පියැඹුවෑකි. දැනට මේ අහන්නේ කාර්යාලයේ කාර්ය බහුලත්වයත් ඝෝෂාවත් එක්කයි. එනිසා රසය විදිමි අද හෙටම.
    ඒ කොහොම වුනත් හිතට වදිනවා ගීතය.
    ගායනය නම් හිතන්න අමාරුයි. අරමසිරි පීරිස් මහත්මාගේ හඬට බොහෝ සෙයෙින් සමානයි

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත නලීන්. බඹර පදමට සිටින විටක තමයි ඕනම සංවේදී ගීතයක උපරිම රසය විඳින්න පුළුවන්. බොහොම ස්තූතියි සැම දාම මේ පැත්තට එනවාට.

      Delete
  12. ඉයන් අලුත් අලුත් සින්දු අහන්න දෙනවා ස්තූතියි :)

    ReplyDelete
    Replies
    1. ඔබ රස වින්ඳානම් මට සතුටුයි. ඒවගේම ඔබට බොහොම ස්තූතියි.

      Delete
  13. ඇයි බං උඔව / බ්ලොග් එක අදුර ගන්න මෙච්චර පරක්කු වුනේ?

    ReplyDelete
    Replies
    1. ආවනේ බං කවදහරි. උඹ පෝස්ට් ඔක්කොම ටික කියවපු එක ගැන මට හරි සතුටුයි.

      Delete
  14. hada thath nelawu mihiraki sadisi ama mee. memihira apa hata puda kala obata pin demee.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඉන්දුමතී. ආදරයෙන් පිලිගන්නවා බ්ලොග් එකට

      Delete