Saturday, May 27, 2017

දෙසවන් සොයනා ආත්මීය හඬ අපෙ සිත් හඳුණා ගත්තාලූ

නුවර  වැව අබියස කසුන් සහ සත්‍යා..ඡායාරූපය - ඉඳුවර ගුණසේකර



එන සති අන්තයේ කූඩු වෙන බ්ලොග් ලෝකේ රුවැත්තිය සත්‍යා නිර්මාණී කිරිල්ලියටත් කසුන් නයනජිත් කුකුලා සොරි කුරුල්ලාටත් කවියෙන් සුභ පැතීමක් ප්‍රේම කථා ඔස්තාද් රවී වීරසිංහ ශ්‍රීමතාණන් විසින් පල කර තියෙනවා. ඔහුගේ සුභ පැතීමේ කවියේ ඇති සෑම පැතුමක්ම බ්ලොග් ලියන කියවන අපි හැමෝගේම පැතුම බව මට විශ්වාසයි.

දුමියා වගේ ලී කොටයක් ගැන වුණත් කව් ලිවීමේ හැකියාව මට නම් පිහිටලා නැහැ. ගීතයකින් සුභ පතන්න හිතුණ නිසාත් දැන් හැම දේම ප්‍රතිචක්‍රීකරණය කරන්න පෙලඹෙන කාලයක් නිසාත් වෙනස් ප්‍රස්තුතයකින් ලියවුණත් එක්තරා ප්‍රමාණයකට නිර්මාණීටත් කසුන්ටත් අදාල කරගන්න පුළුවන් මගේ ගීතයක් ඔවුන් දෙදෙනාට ආසිරි වශයෙන් නැවත පළ කරන්න අවසර.

කලින් පෝස්ට් එකක කිව්වා වගේ  සංසාර ආදරය හඳුණා ගන්නේ පෙනුමෙන් හෝ වෙනත් දෙයකින් නොව කටහඬින් බව කරන උපකල්පනයක් තමයි මේ ගීතයට පාදක වුණේ. මට හිතෙනවා කට හඬ විතරක්ම නොව කියන දෙයින් සහ කියන විලාසයෙන් වගේම නොකියන දෙයිනුත් ඒ සංසාරගත ආදරය කසුන් සහ නිර්මාණී හඳුණාගත්තාදෝ කියා. එක දෙයක් මට විශ්වාසයි. දැකීමෙන් ඇතිවන රාගය හා වැඩිපුර බැඳෙන අනික් අයගේ බැඳීම් වලට වඩා නිර්මාණීගේත් කසුන්ගේත් ආදරය සිත් බැඳීමකින් ඇතිවන එකක් වගේම ජීවිත කාලය පුරාම පවතින එතනින් එහාටත් පතන එකක්ම වන බව.

බැඳිල ලෙහිච්ච අපි වගේ අය දන්න දෙයක් වන විවාහ ජීවිතේ හැමදාම මල් යහනාවක් නොවන නිසා එන වැට කඩොළු මට කරන්න හැකියාව තිබුණාට වඩා පරිණත භාවයකින් සහ ඉවසීමකින් සහ එකිණෙකා කෙරෙහි වන ගරු කිරීමකින්, මුහුණ දෙන්නත් ජයගන්නත් නිර්මාණිටත් කසුන්ටත් ලැබෙන්න කියන එක තමයි මගේ හදවතින්ම ඔබ දෙදෙනා වෙනුවෙන් ප්‍රාර්ථනය.




නිර්මාණී සහ කසුන් මේ ඔබ දෙදෙනාට



නොනැවතී ගලනා, අප පෙම්දම් සසරේ 
සැමදා සෙව් ඔබ දෙසවන් හඳුණයි, 
මතකය දන්නෙ නැතී, දෙනුවන් හඳුනා නැතී, 

දෙසවන් පමණක් දන්නා, 

ඒ අපේ ආදරේ 


මින් පෙර හමුවී නැති බව ඔබෙ වත 
දෙනුවන් යළි යළි දිවුරා පවසයි, 
මතකය හාරා සෙව්වෙමි ඔබෙ රුව 
මේ භවයෙදි දුටු සිතක් නොවේලු, 
මගෙ සිත දන්නා රුවක් නොවේලු.  

දෙනුවන් පමණක් දුටු භවයන්හී, 
නොදැනී උණුසුම මග හැරුණත් පෙම, 
දොඩමලුවූ හැම භවයකදී 
දෙවන් සොයනා ආත්මීය හඬ 
අප සිත් හඳුණා ගත්තාලූ, 
දෙනෙතින් හිනැහී, දෙතොලින් ලංවී 
හදවත් අතිනත ගත්තාලූ.



මේ ගීතයේ සංගීතය සහ ගායනය නවරත්න ගමගේ ශූරීන්






මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

29 comments:

  1. සුබ පැතුම් කස්සා සහ නිර්මාණිට.

    ReplyDelete
    Replies


    1. ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි
      විෂ්ණු බ්‍රහ්ම මෙහෙසුරු දෙවි පිහිට පතන්නයි
      තවිල් නදින් සවන් පිරෙන්නයි
      කොකු මඟරා නළල දිලෙන්නයි ...//

      කුල කතකගෙ සුරතුර බඳු සුරත ලබන්ඩයි
      තල් වැට බිඳ නිල් වන රොදකට යා ගන්ඩයි
      පතිනිය මිස පාක්කුඩම් කිසිත් නොගන්ඩයි
      පෝරුව පිට සිටුවා කර මාල බඳින්ඩයි

      කෝවිල කොත් කැරලි කැලුම් නෙත දැවටෙන්නයි
      දීප ධූපයෙන් දිවි මග සුවඳ කරන්නයි
      පිච්ච මලින් යහන සැදෙන්නයි
      රාධා ක්‍රිෂ්ණ පෙමින් වෙලෙන්නයි

      අතපැන් වත්කොට සුළැඟිලි එකට බඳින්ඩයි
      තැලි පිළි අන්දා පෙර කුල සිරිත රකින්ඩයි
      බුලත් හුරුළු දී නෑයන් අවසර ගන්ඩයි
      සිලෝ හඬින් පාවඩ පිට කැන්දන් යන්ඩයි

      Delete
    2. //පතිනිය මිස පාක්කුඩම් කිසිත් නොගන්ඩයි//

      කසුන ලොකු දෑවැද්දක් ඉල්ලුව කියල උඹ නේද කථාව ඇරියෙ?

      Delete
    3. චැඃ , කාටවත් කියන්න එපා. එහෙමලු වුනේ හැක්

      Delete
    4. චැඃ , කාටවත් කියන්න එපා. එහෙමලු වුනේ හැක්

      Delete
  2. කසුනා පටංගන්නේ පරෙයියන්ටත් හාල් කවලා බව අපි බුකියේ දැක්කෙමි. මගුලට කිට්ටුව ගංවතුර ගැලීමෙන් පෙනීයන්නේ මනමාලිය කුඩාකාලයේ කිරිකැඳ බී ඇති බවය. කසුනා මටත් මංගල්ලේ දවසට එන්ට කියා ආරාධනා කලත් එන්නට බෑ කියා උගේ හිත පාරන්නට මට සිදුවිය. කසුන්-නිර්මානී දෙන්නා වෙනිං වෙලාවක හම්බුවෙන්නට අපි එන්නීය. කසුන් නිර්මාණී යුවලට අපේ සුභාහිංසන මෙයින් පිරිනමමු!

    ReplyDelete
  3. කවි ලියන්න බැරි උනාට
    කවියක් කියල හිතා ගන්න.
    දිවිය පුරා එකට ඉන්න
    ඔබ හට සුබපැතුම් මෙන්න.

    ReplyDelete
  4. Replies
    1. මේකේ තේරුම එදාට අඩියක් ගහලම කියලා දියන්

      Delete
  5. හදවතින් විඳි සොඳුරු සෙනෙහස අර්ථවත් කරනට සිතා
    අහසකින් නිර්මාණි සමගම කසුන් එයි අතැඟිලි පතා
    සෙනෙහසින් සුභ මංගලම් ජය කියා දුමියත් කවි ගොතා
    උණුහුමෙන් දෙමි අසිරිවාදය ඉදිරි ගමනට සුභ පතා....

    ආරාධනාවට අනුව එදාට එන්න බැරිවුණත් සහෝදර දෙහදට දුමී හදවතින්ම සුභපතනවා.

    ඉයන්ගේ ගීතයත් අපූරුයි. ඉයන් ගීත රචකයෙක් බව දන්නේ අදයි.

    ජයවේවා!!!

    ReplyDelete
  6. ලස්සන පෝස්ටුව ඉයන්. ගීතයත් ලස්සනයි. ටිකක් ගැඹුරු කටහඬක්. කසුන් නිර්මානි දෙදෙනාට සුභ පැතුම්.
    https://www.youtube.com/watch?v=wb9JLTsvv04 (nivaradi sinduva)

    ReplyDelete
  7. කසුන් - නිර්මාණි, දිගුගමනකට සුභ පැතුම්...

    ජ ය වේ වා !!!

    ReplyDelete
  8. උබගේ ගීතය සමග ඒ දෙන්නට සුබ පැතුම් ...

    ReplyDelete
  9. අපි වගේ අය දන්න දෙයක් වන විවාහ ජීවිතේ හැමදාම මල් යහනාවක් නොවන නිසා..........
    කට ඇරපන් උබගේ කටට ගල් කාලක් වක් කරන්න ...හැමදේටම වගේ මේ කසාද සහ්තිකෙටත් කල් ඉකුත් දිනයක් තිබුනම් කියලා වෙලාවකට මටත් හිතෙනවා...
    මේවා කසුන් හිතට ගන්න එපා..
    ඉයන්ලා අපි වගේ ගෘහස්ථ ප්‍රචන්ඩත්වයට අහුවුන අයට හිතෙන දේවල්

    ReplyDelete
  10. වෙන්ඩ යුවළට සුබ පැතුම්!!!

    ගීයේ අරුත නම් ක්‍රිප්ටික්.

    ReplyDelete
    Replies
    1. ආදරය කියන එකත් ඒවගේනෙ :)

      Delete
  11. මමත් හදවතින්ම ප්‍රාර්තණා කරනව කසුන් අයියටයි නිර්මානිටයි සුබම සුබ සතුට පිරි සාර්තක යුග දිවියක් වේවා කියල.

    ReplyDelete
  12. කසුනා සමග නිර්මාණිට වාසනාවන්ත යුග දිවියකට පතනෙමි ආසිරි පැතුම් !!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  13. ගීතය හරිම ලස්සනයි අය්යේ...

    පෝස්ටුවටත්, ගීතයටත් ඒ වගේම සුභ පැතූ හැමදෙනාටමත් ස්තුතී...

    ReplyDelete
  14. ලගදිම විවාහපත්වන්නට සුදානම් වන සහෘද බ්ලොග්කරුවන් වන කසුන් සහ නිර්මාණී යුවලටත් කොලොම්පුරෙන් සුබ පැතුම්.

    ReplyDelete
  15. ගීතමය සුබ පැතුමක් ... හරිම අපූරුයි...

    කසුන්ටත් නිර්මාණිටත් ඔන්න අපිත් හදවතින්ම සුබ පතනවා ...

    ReplyDelete
  16. අයියෝ... මම මගුල් ගෙදර දවසට දාන්න පෝස්ට් එකක් ලියන් ඉද්දි මෙයාලා හැමෝම දැන්ම ලියලනේ...

    කොහොමවුණත් ලස්සන සින්දුව...

    ReplyDelete
  17. සුබ මංගලම් දෙන්නාටම...!

    ReplyDelete
  18. කුකුළාට සහ කිරිල්ලිට බොක්කෙන්ම සුභ පැතුම්

    ReplyDelete
  19. නිර්මානි නංගිට සුභ පැතුම්

    ReplyDelete