ඒ නිසා මම තට්ට මහත්මයා ලියල තියෙන ජැක්සන් ඇත්නනී ගේ අනතුර මිය යාම ගැන මගේ අදහස ලියන්න හිතුවා.
සත්ත්ව ලෝකයේ තමන්ගේ ඇත්ත හැඟීම හංගාගෙන වෙන දෙයක් පෙන්නන්න හැකියාව තියෙන්නේ මනුස්සයන්ට විතරයිනේ. ඒ කියන්නේ තමන්ගේ වරිගයේ අන් සතෙක්ව නොමඟ යවන එක කරන්න පුළුවන් මනුස්සයෙකුට විතරයි. ඉතින් සාමාන්‍ය ජීවිතයේදී අපිට දැනගන්න අහන්න ලැබෙන අය ගැන ඒ අය කියන කරන දෙයින් ඒ අය ගැන යම්කිසි අදහසක් අපි ඇතිකරගන්නවා. ඒ පුද්ගලයා ගැන ඊට පස්සේ අහන්න දකින්න ලැබෙන දේවලින් අර පළමුවෙන්ම ඇතිකරගත්ත අදහස තව දුරටත් තීව්ර වෙනවා එහෙම නැත්නම් වෙනස් වෙනවා. මෙහෙම අදහස් වෙනස් වීමක් නොවෙන්නේ තමන්ගේම මව්පියන් සහෝදර සහෝදරයින් සහ දරුවන් ගැන පමණයි. ඒකට හේතුව ඔවුන් හෝ අපි උපන් දවසේ සිටම ඔවුන්ව ලඟින්ම ඇසුරු කරන නිසා පමණක් නෙවෙයි. ඒකට හේතුව ඔවුන්ට වාසියක් හෝ අවාසියක් නැති අවස්ථා වලදීත් ඔවුන් සමඟ ඇසුරු කර තිබීම. අන් අය ඒ කියන්නේ තමන් විවාහ වෙන කෙනා, ජීවිතයේ හමුවන යහළුවන්, රැකියා වලදී හමුවන අය, අපි බැඳෙන කලා කරුවන් වගේ සහ ක්‍රීඩකයින් වැනි අය ඔවුන්ගේ මුල් හැසිරීම අනුව තමයි අපි බැඳෙන්නේ. ඒ වගේ අය හා අපි බැඳෙන්නේ ඔවුන්ගේ යටි අරමුණු, හැබෑම ස්වරූපය, ගැන අඩු දැනීමක් එක්ක.
මේ වගේ බැඳෙන අය ගැන ඇති අපේ අදහස සමහර විට විවිධ ස්වරූපයෙන් ආදරයක් බවට පත්වෙනවා. එහෙම ආදරයෙන් බැඳෙන අයගෙන් අපි සාධාරණ යැයි නොපිලිගන්නා දෙයක් සිදුවුණොත් ඒක වෛරයක් දක්වාම යන්න පුළුවන්.
මගේ ජීවිතයේ එහෙම සිදුවුණ දේවල් නම් මගේ කලින් බිරිඳ, නීලා වික්‍රමසිංහ, සහ ජැක්සන් ඇත්නනී. මෙතනින් නීලා ගැන කිව්වොත් වියෝගී ගීතයෙන් පටන් ගෙන ඇය අහිංසක කලාකාරියකගේ භූමිකාවක් රඟපෑවා. ඇය කිවූ ගී වල අදහස සහ ආදරණීය බව නිසා මම ඇය හා බැඳුණා. ඇය ගයන්නේ ඇගේ අදහස් නොව ගීත රචකයයෙකුගේ අදහස් පමණයි කියල දැනගෙන හිටියත් ඒ ගීත නිසා මගේ හිතේ මැවුණ අහිංසක ආදරවන්තියකගේ චරිතය නොදැනුවත්ම ඇගේ චරිතය හැටියට මට හිතෙන්න ඇති. මම මෙහෙම බැඳිච්ච කෙනෙක් 2015 චන්දෙ අවසානයේදී 'ගහල හරි ගන්න තිබ්බනේ' කියපු ක්ලිප් එකෙන් මෙගේ හිතේ ඇය ගැන තිබ්බ ප්‍රතිරූපය කඩාගෙන වැටුනා.


