කස්ත්‍රෝ දියුණු කල කියුබාව |
මීට කලින් ලියපු පෝස්ට් එකේ කමියා ආයිමත් ලියනවට ස්තූති කරල තිබ්බා. මම ඒකෙදි කිව්ව සෙනසුරාදා පෝස්ට් දාන එකට මමත් සම්බන්ධ වෙච්ච හේතුව.නොදැක්ක අයට දැනගන්නත් එක්ක ඒක කියන්න හිතුව.
ඇයි ඉතින් වෙන ලියන්න දෙයක් මතක් වෙන්නේ නැහැනෙ.
මීට කලින් කීප දෙනෙක්ම ආයිමත් බ්ලොග් ලියන්න පටන් ගන්න උනන්දු කරන්න ඉදිරිපත් වුනා. ඒ මොකා කිව්වත් මම නම් ලියන්න ආවේ නැහැ. තට්ට මහත්තය කිව්වම ලියන්න පටන් ගත්තේ එයාව හොඳින් තියා ගන්න එක ශරීර සෞඛ්‍යට හොඳ නිසා. නෑ එය දොස්තර කෙනෙක් නෙවෙයි.ඒ වුනාට හොඳින් තියාගත්තොත් අනාගතයට හොඳ නිසා.
අර කියුබාවේ විප්ලවේ වෙලාවෙ වෙච්ච දේවල් දන්න නිසා තමයි එහෙම කිව්වේ. 1953 දි පටන්ගත්ත විප්ලවය ඉවරවුනේ 1959 ජනවාරි 1. ෆිඩෙල් කස්ත්‍රෝට බලය ගන්න හැකියාව ලැබුණ එක විශේශ හේතුවක් තමයි බැටිස්ටා පාලනයේ තිබ්බ ගසා කෑම්. අද රටේ තියෙන විදේශ විනිමය ප්‍රශ්ණෙට, තාක්ෂනික උගතුන් අඩු නිසා තාක්ෂණික අයෝජන නොඑන එකට 1979 ඉඳන් ජවිපෙ ගෙනගිය පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරන්න නොදීම බලපෑවට ඒව හංගගෙන රැස්වීම් 25,000 ක විතර කථා කරන්න සෑහෙන හොරකම් සහ නාස්ති රාජපක්ෂල කරල තියෙනවනෙ. ඉතින් ඕව කිය කිය ඉන්නව ඇර ජවිපෙ බලය අරගෙන රැකියා ඇති කරන විදිහ වත් විදේශ විනිමය හොයන විදිහ වත් ගැන කට හොල්ලන්නෙ නැහැනෙ.
කස්ත්‍රෝත් කලේ ඔහොමම තමයි. එතකොට තිබ්බ ධනවාදී ආර්ථිකය හොරකම් නැතුව දියුණු කරනව වෙනුවට බලයට ආවට පස්සේ නගර වල හිටපු මිනිස්සුන ගම දැක්කුවා උක් වවන්න. කස්ත්‍රෝ හිතුවෙ ඔක්කොම මිනිස්සු දාල උක් වවල සීනි පිටරට ඇරියම ඔක්කොම හරි කියල. ඔන්න ඕකයි එයාගෙ නිෂ්පාදන ආර්ථිකය. අවුරුදු 73 කට පස්සෙත් රට එතනමයි එහෙ තාම පාවිච්චි කරන්නෙත් 1959 ඉස්සෙල්ල ගෙන්නපු වාහන. ඒ ගොල්ලන්ගෙන් කවුරුහරි ඇහුවොත් ඇයි කස්ත්‍රෝට රට දියුණු කරන්න බැරි වුනේ කියල ඒකට කියන උත්තරය ඇමෙරිකාවෙ සම්බාධක කියලයි. කියුබාවට විරුද්ධ සම්බාධක බලපාන්නේ ඇමෙරිකානු සමාගම් වලට විතරයි. ඒ අයට ඕනනම් ජවිපෙ කියන නිෂ්පාදන ආර්ථිකය වගේ කල සීනි හරි වෙන දෙයක් හදල වෙන ඕනම රටකට අරින්න පුලුවන්. කොහොම හරි කස්තෝගෙ නිෂ්පාදන ආර්ථිකයට පින්සිද්ධ වෙන්න ඒ රටේ මිනිස්සු නම් පෝලිමක ගිහිල්ල දෙන දෙයක් කාල ඉන්නව.
ඒ වගේ කස්ත්‍රෝ ආපු ගමන් කරපු එක දෙයක් තමයි ඇමෙරිකානු ආයෝජන ඔක්කොම ජනසතු කරපු එක. එහෙම කරල කියනව ඇමෙරිකානු සමාගම් වලට කියුබාව එක්ක ගනු දෙනු කරන්න බැරිවෙන්න සම්බාධක දාපු එක නිසාලු ඒගොල්ලො එක තැන.
ජවිපෙ ඇවිල්ලත් නිෂ්පාදන ආර්ථිකයට ඉඩම් වල වවන්න කොලඹ ඉන්න විප්ලවේට විරුද්ධ අය තමයි යවනව කියන්නෙ. ජවිපෙ බලයට ආවම ඒ ගොල්ලන්ගෙ බොරු ගැනම පෝස්ට් ලියන එකෙක් විදිහට මාවත් ගාල් කඳවුරකට Concentration camp) අරිනවම තමයි.
ඔන්න ඔය වගේ අවස්ථාවක තමයි මට තට්ට මහත්තයාගේ සපෝට් එකක් ඕන වෙන්නේ. යාළු කමට ගාල් කඳවුරෙන් පැනගන්න උදව්වක් නොකර ඉන්න එක නැහැ.
ඒ නිසා හැම සෙනසුරාදම පෝස්ට් එකක් දානව.