Friday, May 13, 2022

මේ රනිල්ගේ අවසාන දේශපාලන පත්වීමද?

     මූට මේක කටපාඩම් ඇති 




 මාතලන්තුමාගේ බ්ලොග් එක  කවුද ටොයියෙක් හැක් කරලා කියලා ඔබ දැන් දන්නවා ඇති. හැකර් කෙනෙක් ගෝටාභයට බැනලා රනිල්ට ආවඩලා ඒකේ පෝස්ට් එකක් දාල.  කොහොමවුණත්  රනිල්  අගමැති වීම අද සාමාන්‍ය මිනිසුන් කිරිපිටි, ගෑස්, ඉන්ධන ආදිය නැතුව විඳින දුකෙන් එලියට එන්න අවස්ථාවක් ලැබෙයි කියල තමයි මට හිතෙන්නේ. ඒ වුණත් අගමැති තනතුර භාර ගැනීම රනිල් දේශපාලන වශයෙන් සියදිවිනසා ගැනීමක් කියලත් හිතනවා. 

අරගලය දිගටම ගිහින් හෝ 21 සංශෝධනය හරහා ගෝටාභය ජනාධිපති තනතුරෙන් ඉවත්වුණොත් හොඳයි. එහෙම නැතුව රනිල් හරහා ආර්ථික ප්‍රශ්ණ ටික මඟහැරිලා ගෝටාභය දිගටම හිටියොත් ගෝටාභය බේරූ ද්‍රෝහියා ලෙස රනිල් ගේ දේශපාලනය ඉවර වෙනවා. 21 සංශෝධනයට පෙර ගෝටාභය අයින් වුණොත් රනිල් ජනාධිපති වෙලා ඊට පස්සේ දේශපාලනය ඉවර වෙනවා. ඒත් ගෝටාභය එහෙම අස්වෙන එක වෙන්න තියෙන ඉඩ ඉතාම අඩුයි.  

ඊයේ ප්‍රවෘත්ති සාකච්චාවක් තිබ්බ ඕමල්පෙ සෝභිත ස්වාමීන් වහන්සේ සහ කාදිනල් තුමා කිව්වෙ මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම වුණේ නිර්පාක්ෂික අගමැති කෙනෙක් පත්කිරීම නිසා මේ පත්කිරීම වැරදියි කියලයි. ඒ එක්කම එයා කිව්වා සජිත් ඉදිරිපත් වෙලා ඉන්න නිසා එයාට දිය යුතුයි කියලා. මේක නිකන් හතර බීරී කථාවක් වගේ. සජිත්ට දීම මහානායක වරුන්ගේ ඉල්ලීමට එකඟ වෙන්නේ කොහොමද? ඔහු නිර්පාක්ෂිකද? අනික් එක තමයි සෝභිත හාමුදුරුවෝ අනුර එක්ක ඇවිත් මේ පත්වීම හෙලා දැක්කා. එතකොට අනුරත් අගමැති කම භාරගන්න එකඟ වුණා නේද?. එතකොට එයා නිර්පාක්ෂිකද?

මේ ජවනිකාව ගැන මගේ කියවීම නම් මේකයි. ගෝටාභය රඟපාපු විකට ජනාධිපති කම නිසා ජනතා විමුක්ති පෙරමුණට සෑහෙන දෙනෙක් එකතුවුණා. අවුරුදු දෙකකට එහාදි 3% විතරක් ගත්තු පක්ෂයකට අද වෙනකොට 30% පමණවත් ඇති කියා මම විශ්වාස කරනවා. එම නිසා ඊලඟ චන්දෙදි සජිත් සමඟ කරට කර තරඟයක් ජවිපෙට දෙන්න පුළුවන් වෙයි. හැබැයි සජිත් මේ වෙලාවෙ අගමැති කම භාරගෙන ආර්ථිකය ගොඩගන්න බදු වැඩි කිරීම වැනි දේවල් කලාම ඔහුට සාමාන්‍ය ජනතාව අතර අප්‍රසාදයක් එනවා. ඒවගේම රනිල් තරම් විදේශ ආධාර ලබාගන්න සජිත්ට බැහැ. එම නිසා ද තියෙන සමහර ප්‍රශ්ණ යම් තරමකින් හෝ එහෙමම තියෙනවා. මේ කරුණු දෙකම නිසා පොහොට්ටුවෙන් කැඩෙන චන්ද විශාල ප්‍රමාණයක් ජවිපෙට ලැබිලා ඊලඟ චන්දෙදි 50% ඉක්මවා යන්නත් පුළුවන් වෙන්න තිබ්බා. 

එහෙම තියෙද්දී රනිල් ආපු නිසා සජිත්ට ඊලඟ චන්දෙදි එන්න තිබ්බ සාමාන්‍ය ජනතාවගේ විරුද්ධතාවය නො ඒම නිසා ජවිපෙ ප්ලෑන් එක වැරදුනා . ඒක නිසා තමයි අනුර කුමාර මාධ්‍ය සාකච්චා දි දී ඒක පට්ට ගහන්නේ. අනික රනිල් නිසා ඩොලර් ණය ප්‍රමාණයක් ලැබී අද තියෙන දුශ්කරතා මඟහැරෙන්නත් බදු වැඩිවීම නිසා රනිල්ව අප්‍රසාදයට පත්වෙන්නත් පුළුවන්. ඒකෙන් ජවිපෙට වෙන වාසියක් නැහැ අවාසියක් මිසක්. සජිත් වුණත් මේ අවස්ථාවේ භාර ගන්න මැලි වුණේ සහ ගෝටාභය පිලිනොගන්න කොන්දේසි දැම්මේ මේ වෙන ආවාසිය දන්නා නිසා.  ඒ නිසා මම හිතන්නේ සජිත් සහ අනුර කියන දෙදෙනාම අද මිනිස්සු විඳින දුක අඩුකරගැනීමේ අවශ්‍යතාව පැත්තක තියලා ඊලඟ චන්දෙ දිහා බලාගෙන පමණක් ආත්මාර්ථකාමී තීරණ ගත්තා කියලයි. 

එම නිසා මගේ අදහස වෙනත් කරුණු බලනොපා ඊලඟ චන්දෙදි මහජනතාවට සජිත් සහ අනුර දෙන්නාගෙන් කෙනෙක් තොරාගන්න අවස්ථාව ලැබෙනවා. ජවිපෙට ඊලඟ චන්දෙ දිනන්න ඕනනම් මගේ මේ පෝස්ට් එකේ පෙන්නා දුන්න වෙනස්කම් කරන්න වෙනවා. එහෙම වුණොත් මගේ චන්දෙත් ජවිපෙට තමයි.

රනිල් ගැන කිව්වොත් අගමැති කම භාරගැනීම රාජපක්ෂලාට සහ පොහොට්ටුවට ඔක්සිජන් ලබාදී නියත විනාශයකින් ගලවා ගැනීමක් කල බව කියන්නත් ඕන. ඒවුණාට අද සාමන්‍ය ජනතාව විඳින දුකට අඩු හෝ නැතිකිරීමට එයා අගමැති කම භාරගත්තු එක ඉතාම හොඳයි. මේ ආර්ථික ප්‍රශ්නෙන් එලියට ආවට පස්සේ නම් අදටත් මන්ත්‍රී කෙනෙක් වෙන මහින්දව ආයිමත් අගමැති පුටුවේ ඉඳවන්න ගෝටාභය ක්‍රියා කරන්න ඉඩ තියෙනවා. 2001 ආර්ථිකය පළමු වතාවට ඍණ අගයක් ගත්තහම චන්දයකින් රනිල් අගමැති වෙලා ආර්ථිකට ගොඩදැම්මායින් පස්සේ චන්ද්‍රිකා 2004 ආණ්ඩුව විසුරුවල ආයිමත් බලය ගත්තා. ආර්ථික අර්බුධයෙන් රට බේරගත්තත් නැතත් රනිල් අයින් කරලා ඊලඟ චන්දෙට කලින් ආයිමත් මහින්ද අගමැති වීමට ගොඩක් ඉඩ තියෙනවා. රාජපක්ෂල කියන්නේ ලේසියෙන් බලය අතහරින අය නෙවෙයි. මේදවස් වල වෙච්ච දේවල් ටිකක් අමතක වෙනකොට මේ දේ වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. එහෙම නොවුණත් මේ වලෙන් ගොඩ එන්න ගෝටාභය අඩුකල විකුණුම් බදු නැවත වැඩිකිරීම, නැතිකල උපයන විට බදු නැවත හඳුන්වා දීම, අදායම හංගන දොස්තරලා වැනි අය අහුවුන රඳවා ගැනීමේ බදු නැවත ඇතිකිරීම වැනි දේවල් වලින් රනිල් බොහෝ අප්‍රසාදයට පත්වෙනවා. එම නිසා නැවත ඔහු පාර්ලිමේතුවට තෝරා පත්වීමත් සැක සහිතයි. ඒ නිසයි ඔහු කලේ දේශපාලන සියදිවි නසාගැනීමක් කියල මම හිතන්නේ.  

මාතෘකාවට කෙලින්ම අදාල නැතිවුණත් රනිල් කියල දේශපාලන චරිතයට කැමති කෙනෙක් ලෙස මේකත් කියන්න ඕන. ගොඩක් දෙනෙක් කියනවා රාජපක්ශලාගේ 2005-2015 කාලයේ වැරදි රනිල් යට ගැහුවා ඒ නිසා තමයි ඔවුන්ට ආපහු බලය එන්න පුළුවන් වුණේ කියලා. එතකොට 20 වන සංශෝධනයෙන් විනිසුරුවරු පත්කිරීමේ බලය ස්වාධීන කොමිසන් වලින් තමන් අතට පවරාගෙන එක දිගටම නිදොස් කර නිදහස් කරගත්ත නඩු දැම්මේ කාගේ පාලනයකදීද කියන එක ප්‍රශ්ණයක් නේද? රාජපක්ෂලාගේ වැරදි ගැන රනිල් වැරැද්දක් කලා තමයි. ඒ පොලිස් FCID අංශයක් ඇතිකර ඒවා ගැන විමර්ශණය කරල නඩු දාපු එක. අනික් නායකයෝ කලේ එහෙම නෙවෙයි. 1977 දී ජේ ආර් ජනාධිපති කොමිසමක් දාල සිරිමාවෝ කරපු දේවල් විමර්ශණය කලා. එතකොට ඒවා දවස ගානේ මාධ්‍ය වල ගියා. චන්ද්‍රිකාත් එහෙම කලා. මෛත්‍රීපාල ගේ කාලෙ පලාත්පාලන චන්දයට ඉස්සෙල්ල බැඳුම්කර ගැන ජනාධිපති කොමිසමක් දැම්ම. ඒකේ දෙන සාක්කි මාධ්‍යය ඕන ඕන හැටියට දවස ගානේ වාර්ථා කලා. මෛත්‍රීපාල බලාපොරොත්තුවුනේ යහපාලන චන්ද දායකයින් එජාපෙන් කැඩිල එයා යටතේ තිබ්බ ශ්‍රිලනිපයට චන්දෙ දෙයි කියලයි. ඒකෙන් වුනේ එතකොටත් වැඩි දෙනෙක් දැනගෙන නොහිටපු බැඳුම්කර ගනුදෙනුව අති විශාල ප්‍රචාරයක් ලැබිලා රනිල්ට මහ බැංකු හොරා කියන නොගැවිය හැකි ලෙබල් එක වැදීම.  රනිල් FCID එක ඇති නොකර කොමිසමක් මඟින් නඩු අහන්න හැදුවනන් සමහර විට රාජපක්ශලාගේ කෙරුම් මීට වඩා මිනිස්සුන්ගේ මතකය කාවද්දන්න තිබුණා. ඔහු කරන විසංවාදී දේශපාලනය එවන් වැඩ නොගැලපීම තමයි ඔහුගෙ අවාසනාව.

කොහොමවුණත් ඩී.එස්, ඩඩ්ලි, කොතලාවල, ජේ.ආර්, සහ රනිල් වැනි රටෙන් හොරා නොකා තමන්ගේ දේපලත් රටට පරිත්‍යාග කරන අය නායකත්වය දුන් මම ඇළුම්කල එක්සත් ජාතික පක්ෂ දේශපාලනය රනිල් ගෙන් අවසන් වෙනවා.       




මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

11 comments:

  1. රනිල් මගේ මතකයෙ ඉන්නෙ, අවාසනාවන්ත දේශපාලකයෙක්/ වැඩ බැරි ටාසන් කෙනෙක් හැටියටයි. ඒත් රනිල් පෞද්ගලිකව සල්ලි හොරා කෑව බවක් සඳහන් වෙන්නෙ නෑ. ඒත් "මයි වේ ඔර් හයි වේ" ප්‍රතිපත්තිය තමයි, ඔහුගේ දුර්වලතාවය. රනිල් දේශපාලනිකව සියදිවි නසාගත්තෙ, යහපාලන කාලෙදි, ඔහුට ආයෙ නැති වෙන්න දෙයක් නෑ. ඒත් රනිල්ට ආයෙ අවස්ථාවක් ලැබිලා තියනවා.

    සජිත්, අනුරගෙ කටින් බතල-ලිස්සන ප්‍රතිපත්තියත් එක්ක, කවුරු හරි මේක බාරගන්න ඕනෙ. රනිල්ගේ ඔටු මුරන්ඩුකම, යම් පමණකට නම්‍යශීලීවෙලා, ජනමතයට කන්දෙනවා කියල හිතෙනවා. ඒත් තාම හරියටම කියන්න අමාරුයි.( රනිල් හැමදාම පෙනී හිටියෙ ඔහුගෙ ප්‍රභූ පන්තිය වෙනුවෙන් විතරයි)

    ReplyDelete
    Replies
    1. වැඩ බැරි ටාසන් කෙනෙකු නම් නෙවෙයි. ඔහුට ගැලපෙන අය අවශ්‍යයි. චරිත රත්වත්තේ භාණ්ඩාගාර ලේඛම් ලෙස සිටින විට ඔවුන් දෙදෙනා තමයි 2001 රටෙ ගොඩගත්තේ. චරිත රාජ්‍ය සේවයේ කිසිම නව පත්වීමක් කරනන් දුන්නේ නැහැ. එමනිසා ඔහු එජාපෙ දේශපාලකයන් අතර ජනප්‍රිය චරිතයක් නෙවෙයි. අගමැති තනතුරක් දරණ කොට මන්ත්‍රී සහය අවශ්‍යයි. ඒ නිසා තමයි ඔහුට the best president Sri Lanka never had කියන්නේ.

      Delete
  2. ආයෙ ඉයන් ස්ක්‍රීයව ලියන එක ගැන සතුටුයි. අපේ දේශපාලන මතවාද වෙනස් විය හැකියි, ඒත් සංයමයක් ඇතුව, සනවාදයක් ගෙන යෑම තමයි වටින්නෙ. ඔබ ආයෙ ලියන එක වැදගත් වන්නේ ඒ නිසයි.

    මේ බ්ලොග් එකේ අවුල් ගොඩක් තියනවා. කමෙන්ට් කොටාගෙන යද්දි, හුටස් ගාලා වාෂ්ප වෙනවා. (සමහර විට, ඔබට එක දිගට කිඹිහෞං යනවත් ඇති😉)
    සමහර වෙලාවට, රිප්ලයි ඔබන්න දෙන්නෙත් නෑ. මේ වගේ ප්‍රශ්ණ එන්නෙ, තර්ඩ් පාටි "ජාවා ස්ක්‍රිප්ට්" නිසයි. හැකි නම්, ඒවගෙ එල්ල ගත්ත "ගැජට්ස්" අයින් කරලා බලන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බස්සා තුමා. ඔබතුමාට පුළුවන් නම් මේ බ්ලොග් එකේ එහෙම දේවල් එල්ලිලා තියෙනවද කියල බලල කියන්න. මම ඒවා ගැන වැඩිය දන්න කෙනෙක් නෙවෙයි.

      Delete
  3. මොන අහේතුවක්ද මන්දා මම රනිල් වික්‍රමසිංහ මහතාට කැමති නෑ.
    ඒත් ඔහු අනිත් ගොඩ දෙනාට වඩා ජාත්‍යන්තරය කැමති කෙනෙක් කියලයි මට පෙනෙන්නේ. දැනීමත් වැඩි කෙනෙක්. ඒ වගේම නූල් සූත්තර වලටත් හපනෙක් කියල මතක් වෙනවා...
    මේ වතාවෙවත් එතුමාගේ නූල් සූත්තර වැඩ කරලා, පොහොට්ටුව දමනය කරගෙන වැඩ පෙන්වල රටට යහපතක් කරන්න ඉඩ ලැබේවායි පතනවා.

    බස්සා කියල තියෙනවා වගේ ඉයන් ලිවීමට කාර්යක්ෂම වෙලා නේන්නං!

    ReplyDelete
    Replies
    1. මම ඒක දකින්නේ මෙහෙමයි. 1990 විතර වෙනකන් මහජනයට තිබුනේ සමාජවාදී හෝ ධනවාදී ආර්ථික ක්‍රම අතර තේරීමක්. සිරිමා මැතිණිය ධනවාදී ක්‍රමයක් ගෙනගියා නම් අද රනිල්ට වෙන දේ ජේ ආර් ටත් වෙනවා. පක්ශ දෙකම එක ප්‍රතිපත්ති වුණාම ඔවුන් වෙන ක්‍රම වලින් ප්‍රතිවාදියාට පහර දෙනවා. උදාහරණයට 1999 මැතිවරණයේ කිසිම වැඩක් බැරි චන්ද්‍රිකා බොහෙඔ වැඩ කල හැකි රනිල් පරද්දනවා. ඒකට හේතුවක් නම් රනිල් වැඩ බැරි කෙනෙක් යැයි ගෙනගිය ප්‍රචාරය. රනිල්ගේ තිබෙන ලොකු දුර්වල කමක් තමයි ප්‍රතිප්‍රහාර එල්ල නොකිරීම සහ එවන් අත යට ගේම් නොදීම. උදාහරණයකට මහින්ද වැනි වැඩ බැරි සහ ඉතා වංචනික චරිත සංනිවේදනය හරහා උස්සා තියෙනවද? ආසන්නම අවස්ථාව ගෝටාභය. ඒ සුමට බොරු ප්‍රචාර වලින් සාමන්‍ය ජනයා මුලා වෙනවා. තමන්ගේ රටේ අනාගත ආරක්ෂාව වෙනුවෙන් යුක්‍රේනක ආක්‍රමනය කල පූටින් නරක මිනිහෙන් කියා තමයි ලෝකයේ වැඩි දෙනෙක් කියන්නේ. ඒවගේම තමන්ගේ රටට නීති විරෝධී සංක්‍රමණිකයින් එනවට විරුද්ධව ක්‍රියා කල ට්‍රම්ප් ජාතිවාදියෙක්. ප්‍රාචරණයේ බොරුවෙන් පිට දකින්න අමාරෞ නිසා වෙන දෙයක් තමයි ඒ.

      Delete
  4. //රනිල් ගැන කිව්වොත් අගමැති කම භාරගැනීම රාජපක්ෂලාට සහ පොහොට්ටුවට ඔක්සිජන් ලබාදී නියත විනාශයකින් ගලවා ගැනීමක් කල බව කියන්නත් ඕන. ඒවුණාට අද සාමන්‍ය ජනතාව විඳින දුකට අඩු හෝ නැතිකිරීමට එයා අගමැති කම භාරගත්තු එක ඉතාම හොඳයි.// මේක තමයි මගෙත් මතය..

    ඉවසීමෙන් බලාගෙන ඉන්න වෙනවා ටික කාලයක් හැමෝගෙම දේශපාලන මතය අඩියක් පස්සට අරගෙන මේ වෙලාවේ. Hope for the best!

    ReplyDelete
    Replies
    1. ඔව් කමී. අඩුම ගාණෙ මාස දෙකක් වත් දිය යුතුයි. ඒවුණාට රනිල් මේ ප්‍රශ්නෙන් රට ගොඩ දැමීම ජවිපෙට අවාසියි. එම නිසා ජවිපෙ ක්‍රියාකාරීන් සහ සහයෝගය දෙන්නන් තමයි කොහොම හරි ඒක වලක්වන්න බලන්නේ. ස්තූතියි මචං

      Delete
  5. පත්වීම හෝ ඇත්තටම පත්කිරීම තමයි නිවැරදි වචනය

    කිසිසේත්ම, තේරී පත්වීම නම් නොවේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රසික

      Delete
  6. ලිපියක් ලියන්න හිතන් ඉන්නවා. පරක්කු වුනා මරණයක් නිසා. අවසන් පරිච්චේදය එහම මගේ මතය. හුඟක් අය අ රනිල් රාජපක්ෂලා බේරා ගත්ත කියන එක විශ්වාස කරන්නේ ජවිපෙ නිසා. එහමම නැහැ. බැදුම්කර කතාවට මයිත්‍රී රනිල්ව ඇතුලට දාන්න ගිය නිසා වුන දෙයක් ඒක. බැදුම්කරේ වුනත් හැමෝම ඊට කලින් ඉඳන් කරපු ස්ටෝක්මාකට් ගැහිල්ලක් රනිල් අහු වුනාට. ඒවා කොච්චර කීවත් දැන් කිසි කෙනකේ පිලි ගන්නේ නැති නිසා වඩක් නැහැ. මගෙන් ප්‍රා ඒ කාලේ ඇහුව ඇයි සජිත් ට අකමැති කියල. සජිත් කියන්නේ තීරණ ගන්න කෙනෙක් නෙමේ. අනිත් අය කියන විධිහට වැඩ කරන කෙනෙක් විතරයි. ගෝටා වෙනුවට එදා සජිත් ආව කියල වෙන දෙයක් නැහැ. දැන් ඉතින් ලිපිය ලියන්නම වෙනවා

    ReplyDelete