Thursday, July 12, 2018

මරු බ්ලොග් එකක්



පහසුවෙන් ගලා යන විදිහට ලියන එක අමුතුම දක්ෂකමක්. ඒවගේ ලියවිලි කියෙව්වට දිග වුණත් කියවීමේදී මහන්සියක් දැනෙන්නේ නැහැ. සමහර ලියවිලි කියෙව්වම සමහර විට ඒකෙ තිබ්බ දෙබස් මතක හිටිනව. එහෙම නැත්නම් කථාව මතක හිටිනව. ඊට අමතරව ලියවිල්ලෙ ආකෘතිය මතක හිටින ලියවිලි හරිම දුලබයි.

මේ ලක්ෂණ දෙකම මට දැනිච්ච පෝස්ට් එකක් මෙතන තියෙනවා. ඉහත ලක්ෂණ දෙකම නැතිවුනත් කියවීමේ පහසුව සහිත පෝස්ට් කීපයක් තියෙන බ්ලොග් එකක් ඒක. බ්ලොග් ලෝකයට අමුත්තෙක් වුණත් මේ තැනැත්තා ලිවීම අතින් අති පරිණත බව පැහැදිලියි. කීප දෙනෙක් ගිහින් තිබ්බත් වැඩි දෙනෙක් දැල නැහැ කියල හිතන නිසා මෙතන දැම්මේ. 

වෙලාවක් තියෙන විට ගිහින් බලන්න.


මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

12 comments:

  1. ගියා ඒ පැත්තෙ.. අමුතු වෙනසක් තියනවා තමා
    ජයවේවා..!!

    ReplyDelete
  2. ඔව්. හුරු බ්ලොග් එකක් ඒක. ඉයන් බ්ලොග් එකේ ලියනවා අඩුයි වගේ..

    ජයවේවා!!!

    ReplyDelete
  3. අපිනම් එහෙ කාලෙකට කලින්ම ගියා...ඇත්තටම හොද බ්ලොග් එකක්....වැඩේ කියන්නේ මේ බ්ලොග් එකට මොකද උනේ...?

    ReplyDelete
  4. මාත් ගියා. ස්තුතියි අයියන්

    ReplyDelete
  5. සුපිරි ඔත්තුවක්.. කොනක ඉඳල කියවගෙන එන ගමන්.. තැන්කියු වේවා!

    ReplyDelete
  6. බොහොම ස්තූතී ඉයන්...
    ප්‍රවීණයෙක් ගෙන් මෙහෙම වචනයක් අහ ගන්න එක තරම් වාසනාවක් වෙන කොයින්ද? :)
    ආයෙත් ගොඩ වෙන්ට මගෙ පල්හෑලි බලන්ට :)

    ReplyDelete
  7. ස්තුතියි ඉයන්, ඒක හරි අපූරු ලියවිල්ලක්. ග‌ොඩක් ආසාව‌ෙන් කියවේවා.

    ReplyDelete
  8. ගිහිං බැලුවා. දැන් ඔබතුමාත් ගයිඩ් කෙනෙක් වෙලා එහෙනං. මම ලියන්නම් අපේ ගමේ ගයිඩ්ලා ගැන පොස්ට් එකක්.

    ReplyDelete
  9. ඔන්න මාත් ආව කාලෙකින්.. :)
    ඒ පැත්තට ගිහින් බලල එන්නම් ඉයන් අයියා..

    ReplyDelete
  10. ස්තූතියි

    ReplyDelete