Thursday, April 12, 2018

නිකං ලැබුණු බූරු ඇඳ - ආත්මීය හිඟනකම.




සල්පිටියේ ධම්මදස්සී හිමි

ලංකා ඊ නිව්ස් - 2018.අප්‍රේල්.12, ප.ව.8.20) මේ දිනවල ITN එකේ විකාශය වන ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන සහෝදරයා හි එන දෙබසක් වෙයි. එහි සඳහන් වන්නේ අපේ රටේ ජීවත්වන මිනිසුන්ගෙන් බහුතරයක් හිඟන්නු බවයි.
සැබවින්ම මේ හිඟනකම කියන්නේ ආර්ථිකමය වශයෙන් ජීවිතය පවත්වාගෙන යාමට බැරිකම නිසා හෝ තමන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමේ දී පවතින අපහසුතා නිසා ඇතිවන හිඟනකම නොවේ. එම ටෙලිනාට්‍ය යෙන් කියන්නේ අපේ රටේ මිනිසුන්ගෙන් බහුතරයක් ආත්මීය හිඟනකමෙන් පෙළෙන බවයි.

මොකක්ද මේ ආත්මීය හිඟනකම...
මගේ මිතුරෙක් දිනක් "මේ ආණ්ඩුව සමරිසි නැතහොත් සමලිංගික සේවනය නීතිගත කිරීම සදහා කටයුතු කරමින් සිටින බව ඇත්තක් දැ"යි මගෙන් විමසීය...
"ඒක ගැන නම් මං දන්නෑ... හොඳයි එහෙම කරනවා නම් ඒකේ වරදක් තියෙනවාද..?"
"වැරදියි නේන්නම්.. අපේ සංස්කෘතිය... අපේ හැදියාව... අපේ ඉතිහාසය.. ඒකට මොකද වෙන්නේ... "
“එතකොට පබාලා වාගේ අනර්කලීලා වාගේ නිළියන් පාර්ලිමේන්තුවට මහින්දගේ කාලේ ගෙන ආපු එක හොඳයිද..? කාන්තාවෝ 150ක් දූෂණය කළ සාරුවා සුනිල්, 150වැනි කාන්තාව දූෂණය කිරීමේ සතුට සැමරීම සදහා සංවිධානය කළ උත්සවයට රටේ ජනාධිපතිවරයා සහභාගි වෙන කොට ඒක සංස්කෘතියට හොඳයිද..? මං දන්නැති හින්දයි ඇහැව්වේ" මම කීවෙමි.
"ඒක කමක් නෑනේ.. ගෑනු දුෂණය වුනාට කමක් නෑනේ.. ගෑනු හදලා තියෙන්නේ ඒකටනේ... ඒක කමක් නෑනේ... ගෑනු වගේද, මේ පිරිමිනේ..".යි මගේ මිතුරා "හික්.... හික්.." ගා සිනාසෙමින් කීවේය. සැබවින්ම ඔහු නුගත් අයෙක් නොවේ. උගත් සමාජ අවබෝධයක් ඇති පුද්ගලයෙකි.
මම ඔහුට කිසිදු පිළිතුරක් නොදුන්නෙමි.
(මොහුට දිය යුතු පිළිතුර කුමක්දැයි මට තවමත් සිතාගත නොහැකිය. කරුණාකර මෙම ලිපිය කියවන පාඨකයින් සුදුසු පිළිතුර සටහන් කරනු ඇතැයි මම අපේක්ෂා කරමි..)

මගේ මිතුරාගේ කතාව තුළ මා දකින්නේ ඔහු වැනි පුද්ගලයින් හරහා මේ සමාජය තුළ තිබෙන ආත්මීය හිඟනකමයි. තමන් විශ්වාස කරන හා තමන්ට වාසි සහගත පුද්ගලයා කුමක් කළත් කීවත් එය ගැටළුවක් නොවේ. එහෙත් තමන් නොඉවසන පුද්ගලයා කරන වඩාත් යහපත් දේත් ඔහු දකින්නේ වැරදි ආකාරයටය. එයද මේ ආත්මීය හිඟනකමේ ලක්ෂනයකි.

වකුගඩුව අතේ තියාගෙන ගියත් කමක් නෑ

අප දන්නා පරිදි පසුගිය දශකය තුළ මේ රට වෙලාගත් දරුණුම රෝග තත්ත්වයක් වුයේ හඳුනානොගත් වකුගඩු රෝගයයි. උතුරු මැද පලාතෙන් ආරම්භ වු මෙම වකුගඩු රෝගය ඉන්පසු රටේ සෑම ප්‍රදේශයකින්ම වාර්තා විය. මේ සම්බන්ධයෙන් විද්වතුන් , ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම වෙනත් රටවල්ද පර්යේෂණ පැවැත්වුවත් නිශ්චිත හේතුවක් සොයා ගත නොහැකි විය.
සැබවින්ම පසුකාලීනව හෙලිදරව් වු කාරණය වුයේ පසුගිය රජය විසින් පොහොර සහනාධාරය යටතේ ලබා දුන් බාල පොහොර විශේෂයක් හේතුවෙන් මෙම විනාශය සිදුවු බවයි. විද්වතුන්ගේ ඉල්ලීම පරිදි එම බාල පොහොර වෙනුවට ගුණාත්මක බවින් උසස් පොහොර මිල දී ගැනීමට වත්මන් රජය මුදල් ලබා දීමට තීරණය කළේය.
අවසානයේ සිදුවුයේ කුමක්ද? බොහෝ ගොවීන් තමන් අතට පත්වු මුදල් වලින් කා බී, කුඹුරුවලට යෙදීමට පොහොර මිල දී ගැනීමට මුදල් නැතිකම නිසා ආණ්ඩුවට පලු පැලෙන්නට බැන්නේය. මේ සම්බන්ධයෙන් මේ රජයේ එක් ඇමැතිවරයෙක් කියා තිබුනේ "වකුගඩුව අතේ තියාගෙන ගියත් කමක් නෑ කියළා අපි පරණ පොහොරම දෙන්න තීරණය කළා" යනුවෙනි.
රජය ක්‍රියාත්මක කරන සියලු කටයුතු නොගැලපෙන, වැඩකට නැති , මුදල් නාස්තියක් යැයි සිතන සිතුවිල්ල ද ඉහත කී ආත්මීය හිඟනකමේ ලක්ෂණයකි.
මේ සම්බන්ධයෙන් මෑතක දී දිය හැකි හොඳම නිදසුන සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ඇති වු තත්ත්වයයි. ඇත්තටම සයිටම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ කව්ද..? වෙන කවුරුවත් නොවේ එම්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා නෙවිල් ප්‍රනාන්දුට අනුමැතිය ලබා දුන්නේ එවකට සිටි ජනාධිපතිවරයායි. ඔහු වෙනුවෙන් "මහරජානෝ" ගීතය ගැයු සහේළිට එම වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍යත්වයක් ලබා දී වෛද්‍ය උපාධිය හැදෑරීමට අවස්ථාව පවා ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ මහතායි.
නමුත් වත්මන් රජය බලයට පත් වු පසු සයිටම් සම්බන්ධයෙන් උද්ගතවු තත්ත්වය කුමක්ද? එය ආණ්ඩු පෙරළන මහා ජන විරෝධයක් බවට පත් කළේ මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයයි. පාර්ලිමේන්තුවට සයිටම් පිහිටුවීමේ යෝජනාව ඉදිරිපත් කළ දිනේශ් ගුණවර්ධන ඇතුලු පිරිසම එයට එරෙහිව අවි අමෝරා ගත්තේය. එපමණක් නොව උදේ දවල් පමණක් පන්දම් පත්තු කරගෙන මහ රෑ ද සයිටම් එකට එරෙහිව උද්ඝෝෂණය කළේය.
මහින්ද ගේ කාලයේ සයිටම් යෝජනාව ගෙන එන විට තෙමිච්ච කුකුළන් මෙන් සිටි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මිහිපිට ඇති ලොකුම ත්‍රස්තවාදය සයිටම් බවට පත් කිරීමේ සයිටම්ෆෝබියාවක් සමාජය තුළ ස්ථාපිත කළේය. අන්තිමට රෝගින්ට බෙහෙත් ටිකවත් ලබා නොදෙන තරමට මේ ෆෝබියාව දරුණු විය. සයිටම් බිහි කළ පියවරුම ඊට එරෙහිව කටයුතු කළේ මේ ආණ්ඩුවට හුස්මක් කටක් ගන්නටවත් ඉඩ නොතබිනි.
සැබවින්ම මේ පසුපස පවතින්නේ ප්‍රස්ථා පිරුලක එන "කළක දි වහ ලු- කළකදි රස වෙනවාලු" යන්නෙහි අනිත් පැත්ත නොවේද? එනම් "කළක දි රසලු- කළක දි වහ වෙනවාලු " යන්නයි.

වන්නිනායක පුතා සහ ශාන් වික්‍රමසිංහ
මේ රට ඉදිරියට ගෙනයාමට නම් දැනුම පදනම් කර ගත් ආර්ථිකයක් නිර්මාණය කළ යුතුය. දැනුම යනු සිංහල භාෂාව පමණක් කියවීමේ හා ලිවීමේ හැකියාව නොවේ. අපේ සාක්ෂරතාවය මේ වනවිට සියයට 100ට ආසන්නය. එහෙත් පරිගනක සාක්ෂරතාවය හා ඉංග්‍රිසි ඇතුළු වෙනත් භාෂාවක් පිළිබද ඇති සාක්ෂරතාවය දෙස බලන විට අපි තවමත් සිටින්නේ සියයට 20-40 වැනි මට්ටමකය.
අපේ අසල්වැසි ඉන්දියාවේ පරිගණක සාක්ෂරතාවය මේ වනවිට සියයට 70 ඉක්මවා ගොස් ඇත. ඉස්සර අපි සින්දු කියන විට ජනප්‍රිය ගීතයක් වුයේ ඉන්දියාවේ සිට එන කල්ලතෝනින් පිළිබඳවයි. "ඔන්න අල්ල ගනිං පැනළා එනවා කල්ලතෝනිලා" යනුවෙනි. අද ඉන්දියාවේ සිට කල්ලතෝනින්වත් මෙරටට එන්නේ නැත. ලෝකයේ ඉහළම පරිගණක ආයතනවල සේවය කරන්නේ ඉන්දීය පරිගණක විශේෂඥයින්ය. මෘදුකාංග නිෂ්පාදනයේ හා ස්මාර්ට් ජංගම දුරකතනවලට අවශ්‍ය ඇප්ස්වලින් බහුතරයක් නිපදවන්නේ ඉන්දියාවේය.
කෝටි 150ක් පමණ වන ජනගහනයක් සිටින ඉන්දියාව දැනුම පදනම් කරගත් ආර්ථිකයක් දෙසට යද්දි 2017 වසරේ ජාතික නිදහස් දිනය සමරමින් මෝදි මහතා ප්‍රකාශ කළේ ඉන්දීය රජය 2018 අයවැය ලේඛනයෙන් වැඩිම ප්‍රතිශතයක් නව විද්‍යාත්මක සොයාගැනීම් සඳහා වන පර්යේෂණවලට වෙන් කරන බවයි.
නමුත් අපේ රටේ නොමිලේ දෙන සෞඛ්‍යයට කෝටි ලක්ෂයකට වැඩි වෙන් කරද්දී, නිදහස් අධ්‍යාපනයට කෝටි 75000කට වඩා වෙන් කරද්දි නව නිෂ්පාදන පර්යේෂණ අංශයට වෙන් කළේ රු. මි. 20කි. එයද මේ රජය යටතේ ඉදිරිපත් කළ අයවැය ලේඛනයකිනි. පසුගිය රජය සමයේ ඒ වෙනුවෙන් රු. මි. 05ක්වත් වෙන් කළේ නැත. අපේ රාජ්‍ය සේවකයින් ආන්ඩුවට බැන බැන හිටියේ "වරෙල්ලා මේ පාර ඡන්දේ ඉල්ලාගෙන.. තොපි එක්කොම ගෙදර යවනවා. අපිට ශතපහක්වත් වැඩි නොකෙරුවාට..." යනුවෙනි.
ඇත්තටම මේ ආත්මීය හිගනකමට වරින්වර බලයට පත්වු ආණ්ඩුද වගකිව යුතුය. ලාභ ජනප්‍රිතාවය උදෙසා නිකම් සිට යැපෙන්නට මහජනතාව පුරුදු කිරීමේ ප්‍රතිපලය වන්නේ මේ ආත්මීය හිඟනබව නිර්මාණය වීමයි.
මේ රටේ සිටි කිර්තිමත්ම මුදල් ඇමැතිවරයෙක් වන යු.බී. වන්නිනායක මහතා ගැන ලිපියක් මම පුවත්පතකින් කියවුයෙමි. එහි සිරස්තලය වුයේ "දේශපාලකයිනි. වන්නිනායකගෙන් ඉගෙන ගනිල්ලා" යනුවෙනි.
වන්නිනායක මුදල් ඇමැතිවරයාගේ පුතා බැංකුවේ රස්සාවකට අයදුම්පතක් ඉදිරිපත් කර සම්මුඛ පරීක්ෂණයට යන තෙක් ඔහු මුදල් ඇමැතිගේ පුතා බව කිසිවෙක් දන්නේ නැත. වාසගමේ වන්නිනායක නම සඳහන් වු නිසා සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ඔහුගෙන් විමසුයේ මුදල් ඇමැතිවරයා නෑයෙක්ද කියායි.
"ඒ අපේ තාත්තා" ඔහු පිළිතුරු දුන්නේය. කළබළ වු සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය වන්නිනායක මුදල් ඇමැතිවරයාට කතා කළේය.
"සර්... සර්ගේ පුතා අපේ බැංකුවේ ඉන්ටර්වීව් එකට ඇවිත් ඉන්නවා.."
"ඉතිං.."
"ඇයි සර් අපිට කිව්වේ නැත්තේ... අපි ගන්නවනේ.."
"තමුසෙලා ඉස්සරවෙලා බලනවා ඔය මිනිහට සුදුසුකම් තියෙනවාද කියළා.. සුදුසුකම් තියෙනවා නම් ගන්නවා.. මං මොනවද කියන්නේ..."
ඒ ඒ කාලේ දේශපාලනඥයින්ගේ හැටිය. නමුත් අද ....?
තවත් දවසක් වන්නිනායක ඇමැතිවරයාගේ දියණියක් පාසලට යාමට අවශ්‍යබව ඔහු දැන්වීය. ඇය අපේක්ෂා කළේ ඇමැතිවරයාගේ නිල රථයෙන් ඇයට පාසලට යාමට හැකි බව සිතු නිසාය.
"ඔය අනිත් ළමයි යන්නේ .. ඒ වගේ බස් එකේ පළයං.. "ඇමැතිවරයා පිළිතුරු දුන්නේය..
උසස් මනස් ඇති පුද්ගලයින් කටයුතු කරන්නේ එපරිද්දෙනි. නමුත් ආත්මීය හිගනකමින් පෙළෙන්නන් කටයුතු කරන්නේ කෙසේද යන්න මා අමුතුවෙන් කිවයුතු නැත. පසුගිය කාලයේ අපේ රටේ ඇතැම් දේශපාලකයින්ගේ දරුවන් හැසිරෙන ආකාරය දෙස බලන විට ඒ බව පිළිබිඹු වේ.
එක් පුවත්පතක වර්තමාන රජයේ ඇමැතිවරයෙක්ගේ පුතෙක් සමග කළ සම්මුඛ සාකච්ඡාවක් පළවිය. රාජකීය විද්‍යාලයේ ඉගෙන ගත්තත් සාමාන්‍ය පෙළ විභාගය සමත් වන්නට නොහැකි වු මේ ගොබ්බයා විෂයයන් සියල්ල ෆේල් විය.
මාධ්‍ය වේදියා ඔහුගෙන් අසා තිබුනේ මෙවැනි ප්‍රශ්නයකි.
"ඔබ දැන් පාව්චිචි කරන වාහනය මොකක්ද?"
"දැන් මට තියෙන්නේ V-8 එකක්. මං අපේ තාත්තට කිව්වා PORCHE එකක් ඕනැ කියළා.."
ඒ තාත්තා දුශ්කර පළාතකින් දේශපාලනයට පැමිණි අඩුම තරමින් පාපැදියක්වත් නොතිබුනු අන්ත අසරණ දුප්පත් පවුළක අයෙකි.. ඒත් ඔහුගේ පුතා....
වරක් ශාන් වික්‍රමසිංහ මහතා මෙවැනි කතාවක් කීවේය. ඔහුගේ TNL නාලිකාව පුළුල් කර ගැනීම සඳහා එක්තරා බැංකුවකින් ණය මුදලක් ඉල්ලීය. ඒ 2001- 2003 එක්සත් ජාතික පක්ෂ රජය සමයයි. එවකට අගමැතිවරයා වුයේ රනිල් වික්‍රමසිංහ මහතායි.. ශාන් මහතා සිය මළනුවන් වන අගමැති රනිල්ට බැංකුවකින් ණය මුදලක් ඉල්ලා ඇති බව කීවේය.
රනිල් බැංකුවේ සභාපතිට කතා කළේය.
" ශාන් වික්‍රමසිංහ ණයක් ඉල්ලලා තියෙනවාද? "
"ඔව් සර්.. අපි ඒකට අනුමැතිය දුන්නා.. සර් කියනවා නම් අදම දෙන්න පුලුවන්" සභාපතිවරයා වෙව්ලමින් පිලිතුරු දුන්නේය.
"නෑ.. මං කිව්වේ.. ඒක ඉක්මනට දෙන්න කියළා නොවෙයි.. ඊට ඉස්සරවෙලා බලන්න ඒවා මේ මනුස්සයාගෙන් අය කරගන්න පුලුවන් තරමට ආදායමක් තියෙනවාද කියළා..."
ශාන්ට කියන්නට දෙයක් නැතිව කට ඇරගෙන බලා සිටියේය.. නමුත් ඔහු උත්සාහය අත්හැරියේ නැත. ප්‍රතිපත්තිගරුක නාලිකාවක් වශයෙන් TNL නාලිකාව තවමත් නිරුපද්‍රිතව සිය විකාශ කටයුතු මෙහෙයවයි.රනිල් තමන්ගේ සහෝදරයාගේ අවශ්‍යතාවන්ටවත් තම දේශපාලන බලය පාවිච්චි කළේ නැත.
එහෙත් පසුගිය රජවරු රට පාලනය කළ අවදියේ කළ කී දෑ දැන මා අමුතුවෙන් කිවයුතුව නැත. එහෙත් වැදගත්ම දෙය නම් ඔවුන් කළ කී දෑ මතකයේ තිබෙන පුද්ගලයින්ම නැවත වරක් එම දුෂකයින්වම බලයට ගෙන ඒමට යත්න දැරීමට තරම් ආත්මීය හිඟනකමකින් පෙලීමයි.
ලංකාඊනිව්ස් හි පළව ඇති ඡායාරූප දෙකක් ගැන මම ඔබගේ අවදානය යොමු කරමි. එක් ඡායාරූපයක දැක්වෙන්නේ හමුදානිලධාරියෙකුගේ බිරිඳක් රෙදි තෝරන තෙක් ඇයට කුඩයක් උසුලාගෙන සිටින සොල්දාදුවෙකුගේ ඡායාරූපයකි. අනෙක් ඡායාරූපයේ දැක්වෙන්නේ තම ස්වාමි පුරුෂයා වන අගමැති රනිල් වික්‍රමසිංහට සෙවන සැලසීමට තම සුරතින් කුඩය උසවා සිටින මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිණියයි. ආත්මීය හිගනකමේ හා උසස් මානසිකත්වයේ වෙනස අවබෝධ කර ගැනීමට එම ඡායාරූප දෙක හොදම සාක්ෂියකි.

නිකම් ලැබුණු බූරු ඇඳ සහ ජනාධිපතිකම

කෙසේ වුවද මම මේ ලිපිය අවසන් කරන්නේ දිනක් මගේ ගුරුවරයෙක් සම්බන්ධයෙන් වු සිදුවීමකිනි.
මගේ ගුරුවරයා මා ඉගෙනගත් ප්‍රදේශයේ විශාල නිවසක් ඉදි කළේය. ඔහුට තවත් එවැනි නිවසක් ඔහුගේ උපන් ගමේද විය. දිනක් ඔහු මා සමග අපේ ගමේ නිවසට ගියවිට අසල්වැසි වියපත් මිනිසෙක් මගේ ගුරුවරයා හමුවීමට පැමිණියේය.
"සර්.. මං පුංචි බඩුවක් ඉල්ලාගන්ඩ ආවේ.."
"මොකද්ද. මාමා.. දෙන්ඩ පුලුවන් දෙයක් නම් දෙන්නම්.."
"අනේ සර්.. අර සර්ගේ ගේ පිටිපස්සේ මුරුංගා ගහට හේත්තු කරලා තියෙන කබල් බූරු ඇඳ මට දෙනවද.. බිම පැදුරේ බුදියලා මගේ මුලු ඇඟම රිදෙනවා.. මං වයසක මනුස්සයානේ.. පිං සිද්ධවෙනවා සර්..."
"අනේ මාමා තරහා වෙන්ඩ නම් එපා.. ඒක මට ඕනැ..ඒක දෙන්න බැහැ"
අර වයසක මනුස්සයා කිහිප විටක්ම පෙරුත්ත කළේය.
අවසානයේ මගේ ගුරුවරයා "හරි.. මම ඒක දෙන්නම් .. හැබැයි පොරොන්දුවක් උඩ.. කවදාහරි මං ඉල්ලපුවාම ඔය බුරු ඇඳ මට ආපහු ඕනෑ.."
"හරි සර්.. මං දෙන්නම්" කියමින් වයසක මනුස්සයා පිළිකන්නට ගොස් කබල් බුරු ඇඳ කරා තබා ගත්තේ හරියට දන්ත ධාතුන්වහන්සේ රැගත් ධාතු කරඬුව මහත් භක්තියෙන් ඔසවාගෙන යන හස්තිරාජයෙක් පරිද්දෙනි..
"ඇයි සර්.. සර්ට මොකටද ඔය කබල් ඇඳ"……….. මම ඇසීමි..
"නෑ .. මට ඕක ඕනැ නෑ.. හැබැයි මං නිකම්ම දුන්නානං ඔය මනුස්සයාට ඕකේ අගයක් නෑ.. දැං මං ඕක ඉල්ලයි කියළා ඔය ඇඳ පරිස්සම් කරනවා.. යමක් අපි දෙන්න ඕනැ ඒකේ අගයක් තියෙන විදියට.. නැත්නම් ඒක ගත්ත මිනිහට ඒකේ අගයක් තේරෙන්නේ නෑ..."
එම සිද්ධිය සම්බන්ධයෙන් මට මතක් වුයේ ජනාධිපතිකම වැනි අපේ රටේ තිබෙන ඉහළම තනතුරත් නිකම්ම ලැබෙන කොට එහි අගයක් නැත.
ආත්මීය හිඟනකම ගැන ස්වාධීන රූපවාහිනි සේවයේ සහෝදරයා නාට්‍යයයේ දෙබස අපිට කියන්නේ සෑම මිනිසෙකුටම අගයක් ඇතිව වටිනාකමක් ඇතිව ජීවත් වීමට නම් අපේ රට වෙලාගත් මේ ආත්මීය හිඟනකම තුරන් කිරීමත් අවශ්‍ය බව නොවේද..?
සල්පිටියේ ධම්මදස්සී හිමි

මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

28 comments:

  1. Replies
    1. බොහොම ස්තූතියි මානවී

      Delete
  2. ආත්මීය හිඟනකම. ඔව් ඒක නිසා අපි අපිම බැට කනවා

    ReplyDelete
  3. ඔබටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා....
    එල ද බ්‍රා මෙන්ඩා, සදු සහ පොඩි මෙන්ඩා..

    ReplyDelete
  4. නිකං දෙන දේක අගයක් නෑ කියන කතාවනං සහතික ඇත්ත. අනික එහෙම දුන්නම ගත්ත උං හැමදාම බලාගෙන ඉන්නෙ නිකං හම්බවෙනකල්.

    ඉයන් සහ පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  5. රටත් දින දින අගාදයටම පිරිහිලා ඇද වැටෙනවා
    අදත් කවදත් හෙටත් විසඳුම ලැබේදැයි සැක හිතෙනවා
    අලුත් අවුරුදු සිරිය ඇවිදින් රටම දැන් ගිල ගන්නවා
    ඔබත් ඇතුළුව හැමදෙනාටම මෙයින් මම සුභ පතනවා....

    ජයවේවා!!!

    ReplyDelete
  6. නිකන් දෙන දේවල අගයක් නැහැ කියන එක ඇත්ත . සුභ නව වසරක්

    ReplyDelete
    Replies
    1. Wish you a great new year too, ajith

      Delete
    2. ආපහු පාරක් මේ පොස්ට් එක කියවන මෙ කෙමෙන්ට් එකත් එකතු කරන්න හිතුනා...නිකන් දේන දේ අගයක් නැතුවම නෙමයි අයියන්ඩි...ඒක ලබන කේනට සහ ඉන් ප්‍රොයජන ලබන අනිකුත් අයට ඒ දෙ ගොඩක් වටිනවා...ඒ දෙ නොලබි යනකොට ඒ දේ වල අගය දැනේනවා වැඩි..

      Delete
  7. ඉයන්, ඔබට සහ පවුලේ සියලු දෙනාටම සුබ නව වසරක් වේවා!
    ඔබ කියන 'ආත්මීය හිඟන කම' පටන් ගත්තේ කොයි කාලයේද? මෙයත් සමහර දේශපාලකයින් හිස උදුම්මා ගෙන කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් නොවේද? ඔවුන් එසේ කරන විට අඳ බාල දේශපාලන ගැත්තන්ද 'ලොක්කන්' කරන දේම කරන්නට යාම නිසා 'ආත්මීය හිඟන කම' ටිකින් ටික පිළිකාවක් වගේ සමාජයේ මුල් බැස ගනිමින් තිබෙනවා. මෙම පිළිකාව සමාජය මුළුමනින්ම ගොදුරු කරගැනීමට පෙර වහාම පිළියම් යෙදිය යුතු බව නම් පරම සත්‍යයයක්.

    ReplyDelete
  8. නිකන් දෙන කිසිම දෙයක අගයක් නැති නිසා තමයි මේ රට මේ තත්වයේ තියෙන්නේ. අගය ඇති වන්නනම් සහභාගීත්වය වටිනාකම තේරුම් කරවන්න ඕන. ඔබේ ගුරුවරයා සමග 100 % එකඟ වෙමි.
    විචාරක දියණිය

    ReplyDelete
  9. නිකන් දෙන නිසා නෙමේ නිකන් "ගන්න" නිසා...නොමිලේ දෙන ඕන දෙයක් අර ගන්නේ නැති මිනිස්සු හැදුනා නම් ඉවරනේ...:) :)

    ReplyDelete
  10. බොහොම ස්තුතියි ලිපිය පළ කලාට...

    ReplyDelete
  11. කතාව ඇත්ත ඉයන්... අඩු වැඩි වශයෙන් ඩී ඇස්, බණ්ඩාරනායක යුගයෙත් මේ ආත්මීය හිඟනකම තිබුණු බව මට හිතෙනව

    ReplyDelete
  12. The difference between a politically and socially civilized country and a banana republic.

    ReplyDelete
  13. ශාන් අයියට නය දෙන වෙලාවෙ බැංකුවට කතාකරල ඇහුව වගේ මහබැංකුවට යාළුව වැඩේ දෙනකොටත් නැවැත්තුව නම් තමා හොද . දානවනෙ අම්මප මේ වගේ පෝස්ට්. ලොකු පුතා ආවොත් මඩු වලිගෙන් තලනව හිටං .

    සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!

    ReplyDelete
  14. හිතන්නට යමක් ඉතිරි කල වටිනා ලිපියක්.

    ReplyDelete
  15. //අපේ අසල්වැසි ඉන්දියාවේ පරිගණක සාක්ෂරතාවය මේ වනවිට සියයට 70 ඉක්මවා ගොස් ඇත.//
    This goes on to prove that there simply is no cure for personal insecurity (හීනමානය). Where did you find this 70% computer literacy rate figure for India? Did you just conjure it up to be higher than the value for Sri Lanka, so that you can make Sri Lanka look bad and IMPOSE your own insecurity on the readers of this piece as well? The real computer literacy rate of India is less than 6% (2016).

    ReplyDelete
  16. හැමෝටම ආයුබෝවන්, මම මාර්ක් මිලී. විලියම්ස් ඩේවිඩ්ගෙන් මට ලැබුණු උපකාරයට සාක්ෂි දීමට මෙම මහා සංසදයට නැවත පැමිණීම ගැන මම ඉතා සතුටු වෙමි. මගේ හිටපු ස්වාමිපුරුෂයා මා මත පනවා ඇති ණය හා මූල්‍ය බැඳීම්වලින් තොර වීමට මට තවත් ණය මුදලක් අවශ්‍ය විය. මිතුරන්ගෙන්, පවුලේ අයගෙන් සහ මගේ බැංකුවෙන් පවා උපකාර පැතීම ඇත්තෙන්ම නරක ය, නමුත් මගේ ණය ලකුණු ඇත්තෙන්ම නරක බැවින් කෙනෙකුට මට උදව් කළ හැකිය. ඒ නිසා මම මගේ පරිගණකය සමඟ සැරිසැරූ අතර ඩේවිඩ් විලියම් ණයක් සඳහා උදව් කළ බවට මිනිසුන්ගෙන් සාක්ෂි කිහිපයක් මම දුටුවෙමි, පසුව මම ඔහුගේ ඊමේල් {Personalloanesay@gmail.com in හි සම්බන්ධ කර ගැනීමට තීරණය කළෙමි, පසුව මට ඔවුන්ගෙන් විද්‍යුත් තැපෑලක් ලැබුණු අතර මම මගේ මගේ කොටස පිළිබඳ හොඳම ප්‍රශ්නය මගේ පුදුමයට කරුණක් නම්, ඔවුන් මා ඉල්ලා සිටි ණය මුදල මගේ ගිණුමට මාරු කළ අතර දැන් මගේ ණය අවලංගු කිරීම ගැන මම ඉතා සතුටු වන අතර මා සහ මගේ පවුල රැකබලා ගැනීම සඳහා ඉතිරි මුදල සමඟ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත්තෙමි. ඔබට ණයක් අවශ්‍ය නම්, හොඳම ණය දෙන්නා වන ඩේවිඩ් විලියම්ස් ඔහුගේ විද්‍යුත් තැපෑලෙන් අමතන්න: Personalloanesay@gmail.com

    ReplyDelete