Monday, February 26, 2018

හැලුප් !! හැලුප් !!

Help

පොඩි පහේ හැලුප් එකක් ඉල්ලන්නයි මේ පෝස්ට් එක. හැබැයි ඉතින් ඒක කරන්න පුළුවන් වෙන්නේ අඩුම වශයෙන් පැය දෙක තුනක් වියදම් කරන්න පුළුවන් කෙනෙකුට තමයි. වෙන මලදානයක් හොයනකොට අහම්බෙන් යූටියුබ් එකේ වීඩියෝ එකක් බැළුවා. ඒක කොත්මලේ කුමාර කස්සප කියල ස්වාමීන් වහන්සේ නමක් සිඩ්නි වලදි කරන දේශණයක්. මම මේක කීප වතාවක්ම ඇහුවත් තේරුම්ගන්න අමාරුයි. ඒකට හේතුව එක්කො මගේ උපන් මෝඩ කම එහෙම නැත්නම් මගේ බෞද්ධ නොවන පසුබිම වෙන්න පුළුවන්. මේ දේශණය අහන අයට නම් ඔක්කොම තේරෙනවා වගේ තමයි මට හැඟුණෙ. සමහර විට මේක සිඩ්නි වලට ගිහින් ඇහුවොත් මට වැටහෙයිද දන්නෙ නැහැ. ඒවුණාට දැන් එහෙ යන බෝට්ටු සේවය නැහැනෙ.


අන්න ඒ නිසයි ඔබ තමුන්නාන්සේලාගෙන් (copyright - JR/Ravi.W) උදව්වක් ඉල්ලන්නේ. මේක තරඟයක්ම නොවුනත් මේක අහලා ඒ කියන දේ තමන්ගෙම  වචන වලින් වෙන උදාහරණ යොදාගෙන සාරාංශයක් වශයෙන් (වචන 1,500 හෝ උපරිම 2,000 ක්) පෝස්ට් හැටියට දාන පස් දෙනෙක්ට රුපියල් 5,000 ගාණෙ තෑගි දෙන්න පුළුවන්. ඊට වඩා කට්ටිය දැම්මොත් ඒ අයටත් යමක් දෙන්න පරිත්‍යාගශීලියෙක් හෝ දෙන්නෙක් හොයා ගන්න මම උත්සාහ කරන්නම්. සමහර විට වගුවක් එහෙම යොදාගෙන මේක ඊට වඩා අඩු වචන ගණනකින් විස්තර කරන්න පුළුවන් වෙයි. ඒ වුණාට මෝඩ මට සහ ඒවගේ අනික් අයට තේරෙන්න ලියන්න ඕන.

මෙන්න වීඩියෝ එක. මේකේ 18.30 ඉඳල 1.32.00  විතර පැයකුත් විනාඩි දහයක පමණ කොටස තමයි ඔබේ පෝස්ට් එකට යොදාගත යුත්තේ. 





කොහෙ හරි අන්තර්ජාලයේ තියෙන එකක් කොපි පේස්ට් කරල දාන්න එපා.  මෝඩයා වුනාට plagiarism අල්ලගන්න ටිකක් දන්නවා. මේක අහලම ඔබට තේරෙන විදිහට ලියන්න. ඒ ලියන දේ මේ කියන දේට ගැලපෙනවද කියල බලන්න මට තේරෙන්නේ නැති නිසා ඒකට තව කෙනෙක් හොයා ගන්නම්. 

පෝස්ට් එකක් විදිහට දාන්න බැරිමනම් පමණක් ඊමේල් එකක් විදිහට එවන්න.  අනේ පින් අයිති වෙයි මාර්තු 5 ට පෙර මේ හැලුප් එක කරන්න. 



අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

52 comments:

  1. හම්මේ, ලස්සයක් තෑගී දෙනවා කිව්වත් කොහොමෙයි බණ අහන්නේ

    ReplyDelete
    Replies
    1. ඈ ලව්පූස් මේ මොකද වෙන්න යන්නේ?

      ඉස්සර නම් අරූගේ අවුල්, දර්මකීර්තිතුමාගේ පොලිටික්ස්, චෙෆාර්කිගේ කවි (තවත් තියේ ඒත් ඒ ප්‍රබුද්ද ප්‍රබුද්දිකාවන්ට තරහ යයිද දන්නෙ නෑනෙ ), ඉකොනොමැට්ටාගේ ආර්තිකය වගේ ඒවා කියවලා මෙලෝ හසරක් නොතේරී හොඳට තේරුනා වගේ කමෙන්ට් දැම්මා අපි. මේකට කමෙන්ට් දාන්න බණත් අහන්න ඕනෙනෙ. බණ ගෙදරක බෝතලයක් තිබුනොත් ඔන්න යංතං විතර දර්මය තේරෙනෙවා, මේකට මොකද කරන්නෙ?

      මං ගැන ඉයංතුමා දන්නවද කොහෙද //මෝඩයා වුනාට// කියල ටයිටල් එකෙන්ම අමතලාම තියනවා.
      එනිසා ටක් ටික ටුක් කියලා ඉන්ටර්නෙට් එකෙන් quote එකක් දාන්නත් බෑ. මගේ ප්‍රබුද්ද "හ්ම්ම්" හෝ "+++" දාන්නත් බෑ. අනේ පත්තරමල්ලි වගේ ප්‍රාග්නයන් බ්ලොග් ලොව නැති පාඩුව !!

      Delete
    2. ඕනෙ මගුලක් (හෝ බණක්) කියල මෝඩ කම ප්‍රදර්සනය කරනවා ඔහෙ :-

      “It is a profound and necessary truth that the deep things in science are not found because they are useful; they are found because it was possible to find them.”
      ― J. Robert Oppenheimer

      ඔකෙ වචන දෙකක් විතර වෙනස් කරලා මගෙ වචන දාන්නම්. එතකොට මාත් මොනවා හරි හැලුප් එකක් කලා කියලා ඉයංතුමා තරහා නොවී ඉඳී නේ

      “It is a profound and necessary truth that the deep things in RELIGION are not SAID because they are useful; they are SAID because it was possible to SAY them.”
      - PJ

      P.S. දේශපාලකයෝ හා පූජකයෝ කියන ඒවා වැඩිය සීරියස් ගන්න එපා. (මගේ කමෙන්ට් වුනත් එහෙම තමා ඉතිං )

      Delete
    3. ප්‍රා මේ මාව අල්ල ගන්න එපා ඔන්න

      Delete
  2. Replies
    1. තඩියෝ එහෙනම් විස්තරයක් බලපොරොත්තුවෙනවා. උඹට පිං

      Delete
  3. ඕනවට වඩා ධර්මය පැත්තට යන්න එපා ඕක ලෙඩක්. අන්තීමට මැන්ටල් වෙනවා.
    සතියකට සැරයක් කරෝකේ එකක් පැත්තේ රවුමක් ගහලා නයිට් ක්ලබ් එකකට ගිහින් ආතල් එකක් ගන්න
    නිවන තියෙන්නේ එතන
    ඕක බොරු බිස්නස් එකක්..

    ReplyDelete
    Replies
    1. බන අහල වැඩක් ගන්න නෙමෙයි. මේක තේරුණේ නැහැ මාතෙ. ඒකයි.

      Delete
    2. ඈ බොල මාතේ උබ කලින් කිව්වා මතකයි උබේ නැන්දම්ම පන්සලේ අග්‍ර දායිකාවක් බව සහ උබත් ඒ වැඩ වලට ආධාර කරන බව, උබල ගෙදරදී එක කතාවක් ලෝකෙට වෙන එකක්.

      අම්මපා බෝලාගේ වැඩ !

      Delete
    3. මම පන්සල් යන්නේ කාරෙක පාක් කර ගන්න ඕන නිසා. ඉතින් ඉඳලා හිටලා හාන්දුර්වෝ එක්කත් සෙට් වෙනවා.. පෝක් ටිකක් එහෙම හදාගෙන ගිහින් දෙනවා.. ඔය පොරින් ලිකර් එකක් සුද්දෙග්ගෙන් හම්බ උනොත් දෙනවා.. නැන්දම්මත් පොඩි හාන්දුරුවන්ට එහෙම ආදරේ කලාට බුදුන් වඳින්න යන්නේ නෑ..

      Delete
  4. ෂා නියමයිනෙ..දැන් සල්ලි දීල ද බණ අස්සන්නේ.. එච්චරයි අඩු... 5000ට නම් අහන්නේ නැහැ
    5000 0000 0000 නම් අහලා ලියන්න හිතලා බලන්න පුලුවන්, රුපියල් නෙමේ ඉයන් අන්කල්, ඩොලර් හොඳේ... :D :D

    මෙහෙම ගිහින් තව මොනවා දෙන්න වෙයිද දන්නේ නෑ අන්කල්ට බණ අස්සවන්න කට්ටියට...ඇත්තටම ඇයි අන්කල් මේ සල්ලි දීලා ලියවන්නේ... :)

    ReplyDelete
    Replies
    1. ඉයන්, මිනිස්සුට අල්ලස් දීල බණ අස්සවන එකේ තේරුමක් නැ කියලා අතීතය දිහා බැලුවම හිතිලා නැද්ද.. එකම තැන පල් වෙවී ඉන්නේ නැතුව අවබෝධය කියන තැනට මිනිස්සු, මිනිස්සු විසින්ම යන නිර්මාණාත්මක දෙයක් කරන්න හිතිලම නැද්ද..

      මේ සල්ලි (especially easy money) නිසා නම් මනුස්සකම් නැති උනා මිසක් ඇති වුනේ නම් නැ ලෝකේ කොහේවත් එදත් අදත් ... ඉතිත් ඇයි අපි හෙටත් .... ඉතිරි ටික ඕන නෑ කියලා හිතුනා.

      Delete
  5. ගණන් ගන්න එපා ඉයන්, හිටු කියල පෝස්ට් වැටෙයි.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ එකක් වත් වැටෙන්නෙ නැහැ කියලද? වෙන්න පුළුවන් හැලපේ

      Delete
  6. ඕක තේරුං කරන්න ගිහිල්ල අපිට අංගොඩ නවතින්න උනොත් 5000 න් ගොඩ යන්න බැරි වෙයි බොස්.

    ReplyDelete
    Replies
    1. Praසන්ன ඇහුවද? මටත් අඥ්ඥකොරොස් වෙලා ගියා. තේරුනානම් ඊමේල් එකක් එවපන්

      Delete
  7. සල්ලි වලටවත් බණ අහන්ඩ හිත හදාගන්නෙ කොහොමද අප්පා .... අනික අප්පේ ඩේටා වලටම සෑහෙන ගානක් යයි .... ගාන ටිකක් වැඩි කරන්ඩ බැරිවෙයිද .... වැඩකුත් නැතුව නිකං ඉන්න එකේ ට්‍රයි එකක් දෙමු .... තම්බිය බණ කියුව වගේ වෙයිද මන්දා

    ReplyDelete
    Replies
    1. අටම් 5000 ක් කිව්වෙ 5 දෙනෙක් ලියයි කියල හිතාගෙන. එක්කෙනෙක් ලිව්වොත් ඉතින් 25000 ම එයාට.

      Delete
    2. මේ බනේ මට තේරෙන්නෙ නැ බං

      Delete
  8. ඉයන් තුමෝ මම පට්ට බයටම මේ පොස්ට් එක නොකියවන්න හිටියෙ. ඒත් ඔබතුමා සල්ලි වලට දෙකට නැමෙන්නෙ නැති කෙනෙක් නිසා කියෙව්ව. බැලින්නං මේ වෙන හෙල්ප් එකක්. 🙈 අනික අහල තියෙන විදිහට ඔහේ නිකං කන එක්කෙනෙකුත් නෙමෙයි. ඒකට මම ගරුකරනව.

    සාමාන්‍යයෙන් වෙන්නෙ මේකෙ ඇවුන් කරන්නෙ සත පහක් වියදං නොකර අනුන්ගෙන්ම කඩන් කාල කන්න දුන්න අතත් කපල යන එකනෙ.

    ඔය එක එකා වගේ නෙමෙයි මම ආගම ධර්මය ගැන ෆුල් ටයිම් 200% ඩෝන්ට් කෙයා. ඒත් ට්‍රයි එකක් දීල බලන්නං. දැන් මේ වැඩට යන ගමන්.

    සී යු.. ටේක් කෙයා.
    හැව් අ ගුඩ් ඩේ.
    බායි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ටික්කා. Pl try

      Delete
  9. මාර්තු 5 ට කලින් නම් බෑ. ෆුල් ඔකියුපයිඩ්. ඩෙඩ්ලයින් එක්ස්ටෙන්ඩ් කරන්න බැරිද? :D

    ReplyDelete
    Replies
    1. කල්ගත්තත් කමක් නැහැ මානවී ලියනවනම්. බොහොම ස්තූතියි.

      Delete
  10. දර්ම කාරණා සම්බන්ධයෙන් නම් කිසිම හැලුප් එකක් දෙන්න විදිහක් නෑ ඉයන් තුමෝ. සොරි වෙන්න ඕනේ....
    නොදන්න දෙමළෙට ගිහිල්ලා වරිගේ නහ ගන්න බෑ නේ..

    ReplyDelete
    Replies
    1. තම හැකියාවන් අවතක්සේරු කරගැනීම තරම් වෙනත් අසාධාරණයක් කෙනෙකුට තමන්ටම කරගත නොහැක. - කොහෙද යන පිස්සෙක්

      Delete
  11. මගේ බුද්ධි මට්ටමේ හැටියට ඔච්චර ලොකු දේකට අතගහන්න බෑ. ඒ නිසා පින් කැමැට්ත්තෝ පෝස්ට් දානකම් බලන් ඉදිමි

    ReplyDelete
    Replies
    1. තම හැකියාවන් අවතක්සේරු කරගැනීම තරම් වෙනත් අසාධාරණයක් කෙනෙකුට තමන්ටම කරගත නොහැක. - කොහෙද යන පිස්සෙක්

      Delete
  12. දවස් භාගයක් නිවාඩු දාල වැඩේට අත ගහන්න ඕනි.. හැබැයි බණ තේරේවිද කියල තමයි සැක.. :)))

    ReplyDelete
    Replies
    1. කලොත් නම් ලොකු උදව්වක් කමී

      Delete
  13. අමාරු වැඩක් :(

    ReplyDelete
  14. ඉයන් මේ ධර්මය හරියටම තේරුම් ගත්තු කෙනෙක්ට ඔබතුමාගේ ඔය රුපියල් 5000.00 කොලේ පේන්නේ නිකම්ම කඩදාසියක් විදියට...තවත් සරලව කිව්වොත් සතර මහා ධාතුව අඩු වැඩිව පවතින, ඒවා එක වෙලා නිර්මාණය වුනු දෙයක් විදියට...

    ඉතාම සරලව කිව්වොතින් මේ ලෝකයේ පවතින හැම දෙයක්ම හැදිලා තියන්නේ ඔය පහල තියන කොටස් හතර අඩු වැඩියෙන් මිශ්‍ර වෙලා...

    පඨවි ධාතුව: තද ගතිය, රළු ගතිය, මොලොක් ගතිය, මෘදු ගතිය යන සෑම දෙයක්ම පඨවි ධාතුවලෙස හදුන්වයි.
    ආපෝ ධාතුව: තෙත ගතිය, වැගිරෙන ගතිය, ගලායන ගතිය ඇලෙන ගතිය යන සෑම දෙයක්ම ආපෝ ධාතුවලෙස හදුන්වයි.
    තේජෝ ධාතුව: උණුසුම් ගතිය, සිසිල් ගතිය තේජෝ ධාතුවලෙස හදුන්වයි.
    වායෝ ධාතුව: හමායන ගතිය, පිම්බෙන ගතිය, සැලෙන ගතිය, ලෙලෙන ගතිය වායෝ ධාතුවලෙස හදුන්වයි.

    එහෙම බැලුවම ඔය සල්ලිත්, ඔබත්, මමත්, මේ ලෝකේ තියන හැම දේත් හැදිලා තියන්නේ ඔය ජාති හතරෙන්...

    එතකොට කවුද ඕවට නමක් දීල තියෙන්නේ?

    අපේ හිතේ තමයි හැමදේම එකින් එක වෙන් කරලා අදුරගන්න, ඒවාට අදාළ රූප සටහන් ඇදගෙන තියෙන්නේ...

    ඉයන්ව, මේ සටහන කියවන ගොඩක් අය දැකල නැතුව ඇති...ඒ නිසා ඒ අය තම තමන්ට කැමති විදියට ඔබේ රූපය ගැන හිතාගෙන ඇති...

    දැන් තේරෙනවද ඉයන් කියන කෙනාට නිශ්චිත රූපයක් නැහැයි කියල...

    සතර මහා ධාතුවෙන් හැදිලා තියන ඔබට හෝ මට, කෙනෙක් තමාට කැමති අයුරින් රූපයක් දෙනවා....

    ඇස පුරුදු පුහුනු කරලා තියෙන්නේ, තමන්ගේ ඇස් ඉස්සරහට එන රූප අඳුරගන්න... එහෙම රූපයක් අඳුරගන්නේ (සඤ්ඤා), ඇහේ තියන දැනගැනීමේ හැකියාවෙන්...ඒ කියන්නේ ඇහේ තියන විඤ්ඤාණය...එතකොට ඔබේ රූපය නොදැක්කත්, කෙනෙකුගේ ඇහට පුළුවන් කලින් අදුරගත්තු මිනිස් රූප උදව් කරගෙන, ඇහේ තියන දැනගැනීමේ ගතිය නොහොත් ඒ විඤ්ඤාණය හරහා ඔබටත් යම් කිසි රූපයක් දෙන්න...

    ඇස නොපෙනෙන කෙනෙක් එය කරන්නේ, කන, නාසය , සම, දිව හෝ , මනස හරහා ශබ්ද, රස, ගඳ/සුවඳ, ස්පර්ශ හෝ අරමුණු හඳුනාගෙන, ඒ ඒ ඉන්ද්‍රියන් වලට තියන දැන ගැනීමේ හැකියාව අනුව වෙන්න පුළුවන්....

    ReplyDelete
  15. ඇස, කන, නාසය, දිව, සම සහ මනස කියන ඉන්ද්‍රියන් හයම (ස්පර්ශ ආයතන) උදව් කරගෙන, අපේ හිත එයාට දැනෙන විදියට, සතර මහා ධාතුව රූපයක් විදියට හදුනාගන්නවා...විවිධාකාර මනුස්ස රූප, අනෙකුත් භෞතික ආම්පන්න, ගෙවල් දොරවල්, මේ විදියට මුළු ලෝකයක්ම අපි අපේ හිත ඇතුලේ හදනවා..

    දැන් ඉයන් සල්ලි දෙනවා කීවනේ....ඉතින් කෙනෙකුට පුළුවන්, කවදාවත් නොදැකපු ඉයන්ව, අර කලින් කිව්ව විදියට රූපයක් විදියට දකින්න ...ඒ කියන්නේ එයාගේ ඇහේ ඉයන්ගේ රූප සටහන තියනවා....හැබැයි ඒ ඔබේ හැඳුනුම් පතේ තිබෙන රූපය නොවෙන්න පුළුවනි...ඒ වගේම ඔබ මුහුණ බලන කන්නාඩියක් ඉදිරිපිටට ගියාම ඔබට පෙන්නේ, ඔබේ හැඳුනුම් පතේ තිබෙන රූපය නෙවේ...ඒ එක්කම, ඔබ උදේ සහ සවස කන්නාඩියෙන් ඔබ දිහාවේ බැලුවම ඔබව පේන්නේ දෙවිදියකට වෙන්න පුළුවනි...ඔය ඔක්කොටම වඩා වෙනස් විදියකට, හිතවතෙකුට ඔබව පෙන්න පුළුවන්...කොයි තරම් වෙනස්වන සුලුයිද ?

    දැන් මේ කෙනෙකුගේ ඇහේ තියන දැනගැනීමේ හැකියාව ඇතුලේ ගොඩ නැගෙන්නේ දැකල නැති රූපයක්...අනාගතේ වෙයිද කියලවත් නොදන්නා දෙයක්....නමුත් ඒ කෙනාගේ ඇහ තියෙන්නේ මේ මොහොතේ....ඉයන් එයාගේ විඤ්ඤාණයට ඇතුල් වෙලත් ඉවරයි..

    ඔබ ඉන්නේ කොහෙද, කරන්නේ මොනවද කියලවත් නොදැන, දැන් ඔහොම කෙනෙක් ඔබව රූපයක් විදියට අදුරගෙන, නමකුත් දීල, මේ වෙලාවේ කොතන තියනවද කියල නොදන්නා රුපියල් පන්දාහත් රූපයක් විදියට අදුරගන්නවා....

    ඉන් පස්සේ ඇහෙන් නොදැක්කට, අතින් ඇල්ලුවේ නැතුවට, ඔබේ කටහඩවත් ඇහුවේ නැතුවට, ඔබ දෙන රුපියල් පන්දාහට ආසාවක් ඇති කරගන්නවා..ලෝභ චේතනාවක් ඇති වෙනවා...ඉන් පස්සේ අය්යෝ මට ඒ සල්ලි ගන්න විදියක් නැද්ද කියල දුක් වෙනවා, පසු තැවෙනවා,....ඒ කියන්නේ වේදනාව... . වේදනාව කිව්වේ දුක විතරක්ම නෙවේ, පොදුවේ ඇති වෙන සැප, දුක, උපේක්ෂා සහගත විඳීම් වලට කියන නම...

    ඒ කෙනා සතර මහා ධාතුවට රූප දීල, ඒක අඳුරගෙන, ඒ නිසා ලෝභ චේතනාවක් ඇති කරගෙන, දුක් විඳිනවා..අන්තිමේ මොකද වෙලා තියෙන්නේ ඒ කෙනා අර රුපියල් පන්දාහේ හිත අලවාගෙන එහෙමත් නැත්නම් උපාදානය කරගෙන...ඒ මනුස්සය ඔය ලෝභ චේතනාවත් එක්ක මැරුනොත්, එයාගේ මනසේ ඇතිවුන ලෝභය නමැති අරමුණ ඇති වුන ගතිය නැති වෙලා නැහැ...ඒ කියන්නේ මනසේ තිබුනු මෙමරි චිප් එක නොහොත් විඤ්ඤාණය...සතර මහා ධාතුවෙන් හැදිච්ච රූපයත්, ඔය රස පහස විඳපු ඇස් කන් ඔක්කොමත් එක්ක, පොළොවට පස් වෙලා ගියාට, අර මෙමරි චිප් දිගටම තියනවා....ඒ මෙමරි චිප් එකේ කාලයක් තිස්සේ එකතු කරගත්තු පින් පව් ඔක්කොම, ඊළගට ආයිමත් ගිහිල්ල නැවතත් සතර මහාධාතු වලින් හැදුන රූපයක තැන්පත් වෙනවා....එතකොට ඒ කෙනා ඇස, කණ, නාසය, දිව, සම සහ මනස කියන ආයතන වලට නොයෙක් දේ දැනෙන ගතිය එන්නේ කලින් කරපු දේවල් වල ප්‍රතිපල අනුව...



    රූප එකිනෙකාගේ හිතට සාපේක්ෂයි...කිසිම නියතයක් නෑ...ඔබට ලස්සන දේ මට ලස්සන නොවෙන්න පුළුවන්...ඔබ මව කියන කෙනාට නෙවේ මම මව කියන්නේ...ඔබයි මමයි දෙන්නම කෝප්පයක් දිහා බලල ඒකට කෝප්පේ කිව්වට, ඒ කෝප්පේ ඔබ ඉන්න තැනට පේන විදියයි, මම ඉන්න තැනට පේන විදියයි වෙනස්...ඇත්ත කතාව නම්, ඒ හැඩේ තියෙන්නේ අපේ ඇහේ...ඇත්තට තියෙන්නේ තද ගතියෙන් ටිකක් වැඩිපුර හැදුන, වෙනස් වන කොටස් ටිකක එකතුවක්....

    මෙන්න මේ ඇත්ත දකින්න කියලයි ඔය ධර්ම දේශනාවෙන් සරලව කියන්නේ...

    ReplyDelete
  16. කෝප්පය ඇහ ගැටෙන මොහොතෙදිම, එහි රූපයක් නැහැ කියල ඔබේ ඇහ අඳුරගෙන, එය සතර මහා ධාතුන්ගෙන් පමණක් හැදිලා තියන දෙයක් බව ඔබේ ඇහේ ඇති දැනගැනීමේ හැකියාවෙන් අවබෝධ කරගන්න පුළුවන් නම්, එය තමයි නියම අවබෝධය ලැබෙන තැන...එතනින් පසු ඔබට එය පිළිබද ඇති ආසාවන්ගෙන් පලක් නැහැ කියල වැටහෙනවා...එයට ලෝභ සිත් පහල කරගෙන පලක් නැහැ කියල වැටහෙනවා...එය බොහොම අනිත්‍ය දෙයක්, නැසෙන සුළු දෙයක් කියල වැටහෙනවා...

    අපි වටේ අපි හදාගෙන තියන ලෝකය දිහාම, එහෙම අවබෝධයෙන් බලන්න පුළුවන් වීම තමයි නිර්වාන අවබෝධයෙන් ලැබෙන්නේ...එතකොට අපිට ඇලෙන්න, ගැටෙන්න දෙයක් නෑ, මම කියල පුද්ගලයෙක් නැහැ කියල අවබෝධ වෙනවා...එහෙම කෙනෙකුට තියෙන්නේ වර්තමානයේ මේ මොහොත පමණයි...එයාගේ සියලුම දේවල් එයා කරන්නේ අවබෝධයෙන්...තමන් දරාගෙන ඉන්න කුණු සරීරය ගැන නිවැරදිව දැනගෙන, තමාගේ ඇස කන නාසය ආදී ස්පර්ශයන්, බාහිර රූප ශබ්ද සුවද ආදී දේවල් ගැටෙන මොහෙතෙදීම ඒවායේ යතා ස්වභාවය අඳුරගෙන..එතකොට අර ඇහෙන්, කනින් දැනගැනීමේ ගතිය කියනඑක ඇති වෙන්නේ නැහැ...ඒ ඔක්කොගේම යථා ස්වභාවය, හඳුනාගෙන ඉවරයි...වෙනස් වන සුළු බව වැටහිලා ඉවරයි...මෙමරි චිප් එක හිස්....ඊලග භවයක ගිහින් අලවන්න දෙයක් නැහැ.....ඒ නිසා නැවතී ඉපදීමක් නැහැ....

    එදා කෙනෙකුට ආදරය කල ඒ ඇස, කන, නාසය, මනස යනාදී සියල්ලම මිය ගිහින්, අද ඔබ ඒ ගැන හිතනවා නම්, ඒ හිතන්නේ නොපවතිනා දේවල් ගැන, අද තියන ඔබේ මනසින්....ඉතිරි වෙලා තියෙන්නේ මිය ගිය, අතීතයේ තිබුන මනසේ හැඩයක් විතරයි....ඒකයි මේ දැනෙන ගතිය නැත්නම් විඤ්ඤාණයේ තියන බරපතලකම....අද වෙද්දී ඔබ වියපත් වෙලා, නමුත් අතීතයේ බොහොම තරුනව තිබුන ඇස කන් වලින් ඇසූ, දුටු දේවල් තාමත් ඔබේ රූප සටහන් ඇතුලේ තියනවා...අද වියපත් ඇසකින් ඒ රුප සටහන් නැවත නැවත බලනවා...ලෝභය, ද්වේශය ඇති කරගන්නවා...තව කුණු ගොඩවල් මෙමරි චිප් එකේ එකතු කරනවා....නමුත් සිහියෙන් ඇත්ත ඇති සැටියෙන් දුටුවොත්, එතන පුද්ගලයෙක් ඉඳල නැහැ....ඒ සතර මහා දාතුව පුද්ගලයෙක් විදියට අරගෙන සියලුම වේදනාවන් විඳලා, ඒවා එක්ක ගැටිලා තියෙනේ අපිමය්...


    මන් හිතනවා ඔය ධර්ම දේශනාව කරන්න ඇත්තේ ලබුනෝරුව ආරන්යේ, මාන්කඩවල සුදස්සන හාමුදුරුවන්ගේ, ගෝල ස්වාමින් වහන්සේ කෙනෙක් කියලා...

    ඔබ මුදල් ගැන සඳහන් කලේ මොන අරමුණකින් වුනත්, බෞද්ධ දර්ශනය වටහා ගැනීම මුදලින් කල හැකි දෙයක් නෙවේ...

    ReplyDelete
  17. මං පැහැදිලි කරන්න උත්සාහ කලේ සම්පුර්ණ ධර්ම දේශනාවම නෙවේ...එහි පණිවිඩය පමණයි....නමුත් මේ ලියල තියන දේවල් යන්තමින් හරි වටහාගෙන, එය නැවත කිහිප සැරයක් ඇහුවොත් යම් අවබෝධයක් ඒවි...බොහොම වටිනා ධර්ම දේශනාවක් අපිත් එක්ක බෙදා ගත්තට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. පොකුරු බොහොම ස්තූතියි. ගොඩක් ඉගෙනගත්තා. මෙය විස්තර කිරීමට මුදල් දීමක් ගැන කිව්වේ සසරින් එතෙරවූ අනාඨපීණ්ඩික සිටුතුමාගේ පුතාගේ කථාවේ හරය වැනි යමක් වේදැයි බලාපොරොත්තුවෙන්. මෙය පවත්වා ඇත්තේ ඔස්ට්‍රේලියාවේ පර්ත් වල. දේශණා කරන ස්වාමීන් වහන්සේ කොත්මලේ කුමාර කස්සප. එම වහන්සේ මාන්කඩවල සුදස්සන හාමුදුරුවන්ගේ අග්‍ර ගෝල ස්වාමීන්වහන්සේ.

      මේක බ්ලොග් පෝස්ට් එකක් හැටියට ඔබගේ බ්ලොග් එකේ දැම්මොත් ගොඩක් පිං. නැවතත් ස්තූති පොකුරු.

      Delete
  18. අනේ තෑගි වුවමනා නැහැ. ඒත් මේ ලින්ක් එක දුන්නාට ස්තූතියි. පොකුරු අක්කා දිගු සටහනක් ලියා තියෙන්නේ. තව අය අදහස් පළ කරන්නට ඇති. ඒ තරමට නොවුණත් වටහා ගත් තරමින් සටහනක් ලියන්නට මාත් උත්සාහ කරන්නම්.

    බෞද්ධ දර්ශනය තේරුම් ගන්න මට වැඩිපුරම උදව් කරපු පොතක්, අචාන් චා හිමියන්ගේ වනාන්තරයේ ගසක්. නිකමට සඳහන් කළේ මාමා ඒ පොත කියවා නැත්නම් සොයාගෙන කියවනු ඇතැයි සිතෙන නිසා!

    ReplyDelete
    Replies
    1. වැසි බොහොම ස්තූතියි. ඔබ වැනි ප්‍රඥාවන්තියකට කල හැකිම දෙයක්. මුදල් එපානම් ඔබ නම් කරන චැරිටි එකකට දෙන්න පුළුවන්.

      Delete
  19. බණ අහපු එවුන් එතැනම ක්‍ෂණයකින් රහත් වෙලා!
    ඒකයි ලිපි නැත්තේ!!

    ReplyDelete
    Replies
    1. බුදු දහමේ විදිහට රහත් වෙලාද? සිංහල භාෂාවෙ පාවිච්චියේ විදිහට රහත් වෙලාද දන්නෙ නැහැ නේද රසික.

      Delete
  20. මට අනේපිඬුසිටුවරු සිටු තුමා කහවනු දෙනව කියල එයාගෙ පුතාව ධර්මය අහන්න යොමු කරපු එක මතක්වුන ඉයන් මාමෙ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. ඔව් ඒවගේ එකක් තමයි.

      Delete
    2. MAata ee kathava kiyanna puluvanda dana ganna

      Delete
  21. ඉයන්, ඔක්කොටම කලින් මේ ලින්ක් එක දුන්නට බොහෝම පින්.
    මම මේ හාමුදුරුවන්ගේ බණක් අහලා තිබ්බේ නැහැ.

    මේක තෙරුම් ගන්න ඔබට කතෝලිකයෙක් ලෙස අපහසුයි කිව්වාට මේක අති බහුතරයක් බෞද්ධයන්ටත් තෙරුම් යන එකක් නැහැ. එහෙම කිව්වේ මම මාර පොරක් කියන්න නම් නෙවෙයි.

    මේ දේශනාවේ හරය වටහා ගන්න නම් යම් මූලික දැනුමක් හා යන්තමින් හෝ අවබෝධයක් තිබිය යුතුයි ඒ පංචෞපාධානස්කන්ධය හා පටිච්ච සමුප්පාදය ගැන.

    මේ කියන්නේ බුදු දහමේ ඇති ඉතාම බැරෑරුම් ස්ථාන දෙකක්.

    මම ඔය දෙකෙන් පංචෞපාධානස්කන්ධය ගැන යම් තරමකින් හිතලා තියෙන නිසා උන් වහන්සේ ගේ දේහනාව තුලින් පොඩි දේවල් ටිකක් තේරුම් ගත්තා. ඒත් උන් වහන්සේ කියන සම්පූර්ණ දෙයම නම් වටහා ගත්තේ නැහැ කියන එකයි මගේ අදහස.

    හැබැයි ඔබ මේ ගැන ඔබට ගැටළු සහිහ තැන් ගැන යම් කිසි විස්තරයක් කරනවානම්, ඒ ගැන යම්කිසි සාකච්චාවක් අපිට ගොඩ නගා ගත හැකි වේවි. එසේ නැතිව මම මේඅ තේරුම් ගත් හැටි ගැන ඔබට දීර්ගව ලිපියක් ලියා එවීමෙන් හෝ බ්ලොග් පෝස්ට් එකක් දැමීමෙන් නම් පලක් නොවේවි.

    මොකද මේ ධර්ම කාරනා ඇසීමේදී පවා අපි ස්වාධීනයි අපි එකිනෙකාගේ ස්ංස්කාර අනුව අපි වටහා ගන්න දේ වෙනස් වෙනවා. එකිනෙකා එකම වේදනාවට එහෙම නැති නම් මේ හාමුදුරුවෝ කියන ඇසට වැටෙන රූපයට දරන්නේ වෙනස් වී සංඤ්ඤාවන්. ඉතින් අපි කනෙන් ඇහුවේ ඒ හාමුදුරුවන්ගේ හඬ කෙරෙහි වූ අපේ වටහා ගැනීමත් ඒ ආකාරමයි.

    එනිසා ඔබට හෝ යමෙකුට මෙය වටා ගත යුතුනම් කල යුතු වන්නේ මෙය යම් තරමකින් හෝ වටහා ගත කිහිප දෙනෙකු හා සංවාදයක යෙදීමයි.

    ඔබේ ඩෙඩ් ලයින් එක පහුවෙලා පිළිතුරු දුන්නට සමාව භජනය කරන්න. නයිට් ටයිම් ඩේටා පාවිච්චි කරලා වීඩියෝ එක ඩවුන්ලෝඩ් කර ගත්තේ අද උදෙයි.

    ReplyDelete
  22. උත්සහයක් දෙන්නම් අයියේ අම්මට කියලා.පින් මේ ලින්ක් එක දුන්නට

    ReplyDelete
  23. උබ කියනවනම් ඉටින් ට්ර්යි එකක් දිලා බලනම්...සල්ලි නැතත් අඩියක්වත් අරන් දියන්කො...

    ReplyDelete
  24. ඔපීසීයේ වැඩ අස්සේ තමයි බ්ලොග් එකක් බලලා කියවලා කමෙන්ට් එකක් එහෙම දාන්නේ ඒකත් ඉතිං පෙරුම් පුරලා පුරලා හවා හඳ දකිනවා වගේ තමයි සිද්ධ වෙන්නේ. ඒ අස්සේ දී ඉයන් කියනවා බන අහන්නලු. හැබැයි ඉතිං හොඳ වෙලාවට අපිට යු ටියුබ් බ්ලොක් කරලා හින්දා ඉයන්ගේ ලිපියයි පොකුරු වැසි ලියපු දිගම කමෙන් තුන හතරයි කියෙව්වා. දැන ලත්ත දේවල් වලට දෙන්නටම පිං

    ReplyDelete