Monday, January 8, 2018

වාහන පදවන්නන්ට ආදරයෙන්


ලඟදී ගාල්ලට යාමට අධිවේග මාර්ගය පාවිච්චි කිරීමට සිදුවුණා. බොහෝ රියැදුරන් එය භාවිතා කරන විදිහ දුටුවාම මට හිතුණේ විශාල අනතුරු ප්‍රමාණයක් එහි සිදු නොවීම අරුමයක් බවයි. මීට කලින් දෙවතාවක් මෙය පෝස්ට් කරත් නැවතත් එය පෝස්ට් කරන්නේ වාහන පදවන ඔබගේ මිතුරන් හා මෙය බෙදා ගන්නා ලෙස ඉල්ලමින්.  
විදේශ රටවල ජීවත්වන අයට මේ පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් තිබුණත් ලංකාවේ ජීවත් වන සමහර අයට සමහර කරුණු ගැන වැරදීම් සිදුවෙන බව ඔබත් දැක තිබෙන්නට පුළුවන. එවන් කරුණු කිහිපයක් ගැන කථා කිරීමට අදහස් කරමි. අඩුම වශයෙන් එක් අයකුට හෝ ප්‍රයෝජනවත් වුවහොත් මගේ උත්සාහයට වටිනාකමක් තිබීමට ඉඩ ඇත.

සුළුවෙන් හෝ අඳුරු අවස්ථාවලදී, ප්‍රධාන විදුලි පහන් දැල්වීම

ගොඩක් වාහන පාවිච්චි කරන අය අඳුරු වැටිලත් ටික වෙලාවක් යනකම් වාහන වල ප්‍රධාන විදුලි පහන් දල්වන්නේ නැහැ. සමහර විට ඒගොල්ලෝ හිතනව ඇති තමන්ට ඉතා හොඳින් ඇස් පෙනෙනවා කියන එක ප්‍රදර්ශණය කරන්න ඒක හොඳ අවස්ථාවක් කියලා. ගොඩක් රටවල් ඉර උදාවෙන් පැය භාගයක් යනතුරුත් ඉර බැසයාමට පැය භාගයකට පෙර සිටත් වාහන වල ප්‍රධාන විදුලි පහන් දැල්වීම අනිවාර්‍යයයි. කුඩා විදුලි පහන් වාහනයක පිහිටා ඇත්තේ තරමක් යටින් නිසා එය ඔබ ඉදිරියෙන් යන වාහනයේ පසුපස බලන කණ්නාඩියට පෙනෙන්නේ නැහැ. එසේ සුළු අඳුරකදී පවා ඉදිරිපස ප්‍රධාන විදුලි පහන් දැවිය යුත්තේ  අනික් වාහන වලට තමන්ගේ වාහනය පෙනීම මිසක් තමන්ට අනික් වාහන පෙනීම නොවේ.  ගොම්මන් වෙලාවට පිටුපසින් එන විශේශයෙන් අඳුරු පාට වාහන ඉදිරියෙන් යන වාහනයට පෙනෙන්නේ නැහැ. ඔබ ප්‍රධාන විදුලි ලාම්පු දල්වා තිබුනොත් පසු පස බලන කන්නාඩිය හරහා ඔබගේ වාහනය ඉදිරියෙන් යන වාහනයේ රියැදුරාට පේනවා. මෝට බයිසිකල් වලට දවස පුරා ප්‍රධාන විදුලි පහන් දල්වාගෙන ධාවනය කරන්න කියල මෑතකදී පොලිසියෙන් ඉල්ලීමක් කළා. ටික දවසක් යනකොට ඒක නැවතුනා. මෙතනදි වෙන්නෙත් අනික් රියැදුරන්ට මෝට බයිසිකල් සමහර විට නොපෙනීම වළක්වාගැනීම. පුරුද්දක් වශයෙන් සවස 5.30 සිට සහ උදෑසන 6 වන තෙක් ඔබ වාහනයක් පදවන්නේ නම් ප්‍රධාන විදුලි පහන් අඩවන් කර දල්වන්න. 

හැසඩ් ලයිට් භාවිතය

ඔබගේ වාහනේ වමට හැරවීම සලකුණු කිරීමට සහ දකුණට හැරවීම සලකුණු කිරීමට සිග්නල් ලයිට් (direction indicators) ඇත. ඊට අමතරව දෙපැත්තේම සිග්නල් ලයිට් එකවර පත්තු වීමට හැසඩ් ලයිඩ් එකක් තිබීමට පුළුවන. සමහර රියැදුරන් හතරමන් හන්දියකදී වමට හෝ දකුණට නොහරවා කෙළින් යන බව සඥා කිරීමට මෙම දෙපැත්තේම ලයිට් පත්තුවන හැසඩ් ලයිට් පාවිච්චි කරයි. එවැනි කිසිම පැත්තකට නොහරවා කෙළින් යන්නේ නම් කිසිම සඥා කිරීමක් භාවිතා නොකිරීම නිවැරදි ක්‍රමයයි . හැසඩ් ලයිට් වාහනයට සවිකර ඇත්තේ ඔබ වාහනය අනතුරකට පත්වී නතර වූ විට හෝ ඔබ හදිසි ලෙඩකු රැගෙන යන අවස්ථාවක් වැනි හදිසි ගමණක යෙදෙන බව අනිකුත් වාහන පාවිච්චි කරණ අයට දැන්වීමට පමණමයි.

අධිවේගී මාර්ග වලදී ධාවනය සහ ඉස්සර කිරීම

අධිවේගී මාර්ග ලංකාවට හඳුන්වාදී කාලයක් ගත උනත් ඒවා පාවිච්චි කරණ අන්දම ගැන රියැදුරන් දැනුවත් කිරීමක් එම මාර්ග භාර අධිකාරිය විසින් හෝ පොලිසිය විසින් තවමත් කරළ නැහැ.  විදේශ රටවල අධිවේගී මාර්ග පාවිච්චි කරල තියෙන අය මේ පිලිබඳව දැනුවත් උනත් මේ මාර්ගයක යන හැම වතාවකදිම වමේ මාර්ගය නිදහස්ව තිබුණත් දකුණු මාර්ගයේ ගමන් කිරීම, වෙට්ටු දමන ආකාරයෙන් ඉස්සර කිරීම සහ තරඟකාරී ලෙස පැදවීම දකින්නට ලැබෙනවා. ඔබ ඒ ගැන දැනුවත් නැත්නම් පහත කරුණු මතක තබාගන්න.

1.
ඔබගේ වාහනය ඉතා හොඳ කාර්මික තත්වයේ නැත්නම් අධිවේගී මාර්ගයකට ඇතුළු කරන්නට එපා. එසේ කිරීමෙන් ඔබ කරන්නේ ඔබගේ ජීවිතය , ඔබගේ වාහනය සහ මාර්ගය පාවිච්චි කරන තවත් ජීවිත කිහිපයක් අවධානමකට ලක් කිරීමකි. තවද අධිවේගී මාර්ගයේ වේග සීමාව පැය කිලෝ මීටර සියය නම් ඔබගේ වාහනයට හෝ ඔබට එතරම් වේගයකින් ධාවනය කිරීමට නොහැකිනම් අධිවේගී මාර්ගය පාවිච්චි කිරීමෙන් වළකින්න. එසේ කිරීමෙන් ඔබකරන්නේ පෙරමෙන් අනතුරකට අත වැනීමකි.

2.
සාමාන්‍ය මාර්ග වලදී ඉදිරි පස පමණක් සීට් බෙල්ට් පැලඳීම අනිවාර්‍යය වුනත් අධිවේග මාර්ගයකදී සියලුම මඟීන් සීට් බෙල්ට් පැලඳීම අනිවාර්‍යයෙන්ම කරන්න. තවද වාහනයේ ගෙන යා හැකි අනුමත ගණනට වඩා ගෙනියන්න එපා. අවුරුදු පහකට අඩු දරුවෙක් යනවානම් ඔහුට හෝ ඇයට බූස්ටර් සීට් එකක් අනිවාර්‍යයෙන්ම පාවිච්චි කරන්න. කිසිම විටක කුඩා දරුවෙකු ඉදිරියේ හෝ පසුපස හෝ උකුල උඩ හෝ ගෙනියන්න එපා.

3.
අධිවේගී මාර්ග යනු ඔබගේ රේස් කාර් පැදවීමේ හැකියාවන් උරගා බලන ස්ථානයක් නොවේ. ඒ සඳහා රේස් ට්‍රැක් එකක් සොයා ගත යුතුය. ඔබ ආර්ත්මාර්ථකාමී ලෙස අධිවේගී මාර්ගයක් පාවිච්චි කිරීම කිහිප දෙනෙකුගේම ජීවිත නැතිකිරීමට ගන්නා උත්සාහයක් වැනිය. එය හේතුව අධික වේගයන්වලදී වාහනය හැසිරෙන ආකාරය වෙනස්වීමත්, වැඩිපුරම සාමාන්‍ය මාර්ග පාවිච්චි කරන මිනිසකුගේ ප්‍රතික්‍රියා කාලය අධි වේගයකදී ප්‍රතික්‍රියා දැක්වීමට මදි වීමත්, මනසක් නැති යකඩ ගොඩක් වන වාහන වල ක්‍රියා විරහිතවීමක් හෝ අනිසි ක්‍රියාත්මක වීමක් හදිසියේ සිදුවීමට ඇති අවකාශයත් යන හේතුය.

4.
ඔබ ඉදිරියෙන් යන වාහනය අධිවේගී මාර්ගයට අදාල වේග සීමාවේ ගමන් කරන්නේ නම් එය ඉස්සර කිරීමට යන්න එපා. ඔබ එම වාහනයට වඩා වේගයෙන් යාමට අදහස් කරන්නේ නම් ඔබ මාර්ගයට අදාල වේග සීමාව උල්ලංඝනය කල යුතු වීම එයට හේතුවයි. ඔබ වාහනයේ කෘස් කන්ට්‍රෝල් ඇත්නම් එය අධිවේගී මාර්ග භාවිතය එය ඉතා පිටුවහලක් වෙයිවහින අවස්ථාවලදී සහ මාර්ගය තෙමී ඇති අවස්ථාවලදී කිසිම විටක කෘස් කන්ට්‍රෝල් පාවිච්චි කරන්න එපා. කිසිවිටකත් මාර්ගයේ දක්වා ඇතිවේග සීමාවට වඩා පැය කිලෝ මීටර 5 කට වඩා වේගයෙන් යන්න එපා.

5.
ඔබ ඉදිරියෙන් යන වාහනයක් ඉස්සර කිරීමට බලාපොරොත්තු නොවන්නේ නම් ගමන් කළ යුත්තේ වම් පස තිබෙන මාර්ගයේ පමණකි. එවිට ඔබට පිටුපසින් එන වාහනයකට ඔබව ඉස්සර කර යායුතුනම් ඔවුනට දකුණු පස මාර්ගය භාවිතා කළ හැක.

6. 
රාත්‍රියේදී ඔබගේ ප්‍රධාන විදුලි පහන් හයි බීම් දමා ඇත්නම් වෙනත් වාහනයක් ඔබ පසුකරණ අවස්ථාවේදීම ඒවා අඩු කරන්න. ඔබ එසේ නොකළොත් ඔහුගේ පසුකණ්නාඩියෙන් පෙනෙන ඔබගේ විදුලි පහන් වල එලිය නිසා ඔහුට ඉදිරිය නොපෙනී ගිය හොත් එම වාහනය සමඟ ඔබගේ වාහනයත් අනතුරකට භාජනය වීමට ඉඩ ඇත.

7.
ඔබ ඉදිරියෙන් යන වාහනය සහ ඔබ අතර තත්පර දෙකක දුරක් සැමවිටම තබාගන්න. මෙය අවශ්‍ය වන්නේ ඉදිරියෙන් යන වාහන හදිසියේ වේගය අඩුකළොත් ඔබට ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමට ඇතිතරම් වෙලාවක් ලබා ගැනීමටයි. මෙම තත්පර දෙක මණින ක්‍රමය නම් ඔබ ඉදිරියෙන් යන වාහනය මාර්ගයේ ඇති නිශ්චල කණුවක් පසුකර පසුව ඔබ එම කණුව පසුකිරීමට යන කාලය අතර ඔබට -වන් තවුසන්ඩ් ඇන්ඩ් වන් , වන් තවුසන්ඩ් ටූ -කීමට කාලය ඇත්නම් යැයි පිලිගැනේ. එසේත් නැත්නම් -වන් මිසිසිපි ,  ටූ මිසිසිපි- යන්න සිතින් කියා බලන්න. එය කියා අවසන් වීමට පෙර ඔබ එම නිශ්චල කණුව පසුකළොත් ඔබ වාහනය සහ එම වාහනයට ඇති පරතරය මදිය.

8.
ඔබ ඉදිරියෙන් යන වාහනය ඉස්සර කිරීමට අදහස් කරන්නේ නම් දකුණට සිග්නල් දමා තත්පර තුනක් යනතෙක් වම් මං තීරුවේම ගමන් කරන්න. එවිට ඔබේ පසුපසින් එන වාහනයට ඔබ ඉස්සර කරන්නට යනවා යන අදහස සංනිවේදනය වීමට කාළයක් ලැබේ. තත්පර තුන මැනීමට කළින් මෙන් -වන් මිසිසිපි ටූ මිසිසිපි ත්‍රී  මිසිසිපි යැයි ගනන් කල හැක. ටික දිනක් යනවිට මෙම කාල මැනීම එසේ නොකියාම ඔබට දැනීමට පුහුණු වේවි. අදාල කාළයේදී ඔබට පිටුපසින් දකුණු මාර්ගයේ වාහනයක් ඔබව ඉස්සර කිරීමට පැමිණෙනවාදැයි දැක ගැනීමට කාලය ඇතිවේ. එසේ වාහනයක් පැමිණෙනවානම් කිසි දිනෙක එම වාහනයට කළින් ඔබගේ ඉස්සර කිරීම කරන්නට උත්සාහ කරන්නට එපා. එසේ කිරීමට යාම විශාල රිය අනතුරකට අතවැනීමකි. ඔබගේ දකුණු මාර්ගයේ වාහන නොමැතිනම් තත්පර තුනක් සිග්නල් කළ පසු ඔබගේ වාහනය දකුණු මාර්ගයට ගෙන ඉස්සර කරන්න. එසේ කරන අතර ඔබගේ දකුණට සිග්නල් දීම නවත්වන්න. මෙතැන් සිට ඔබ ඉස්සර කල වාහනයේ ඉදිරිපස, රාත්‍රී කාළයේදී නම් ඉදිරිපස ප්‍රධාන විදුලි ලාම්පු දෙකම ඔබහේ පසුපස බලන කන්නාඩියෙන් පෙනෙනතෙක් ඔබ දැන් සිටින දකුණු මාර්ගයේම ඉදිරියට යන්න. ඔබ පසුකළ වාහනයේ ඉදිරිපස පෙනුනු පසු වමට සිග්නල් කරන්න. එසේ සිග්නල් කර තත්පර තුනක් ගත උන පසුව පමණක් ඔබගේ වාහනය වම් මාර්ගයට ගන්න.


9.
ඔබගේ වාහනය යම්කිසි කාර්මික දෝශයකට පත්වී නැවතුනහොත් එය හැකිතරම් වමට ගෙන පාරේ වැඩිපුර ඉඩ ඇත්නම් වාහනය හැකිතරම් අයිනට ගෙන වාහනයේම සිටින්න. ඔබගේ වාහනයේ හැසඩ් ලයිට් දල්වන්න.කිසිම විටක වාහනයෙන් බසින්න එපා. ඔබට පාලක මධ්‍යස්ථානය ඇමතීමට අවශ්‍ය නම් පමණක් සහ එයට පාරේ සවිකල ඇති දුරකථනයක් පාවිච්චි කිරීමට අවශ්‍යනම් ඉක්මනින් එය කර නැවත වාහනය තුලටම වී සිටින්න. හුලං ගිය රෝද මාරු කිරීමට යන්න එපා. ආපදා රථ  පැමිණෙන තෙක් සිටින්න. මාර්ගයේ ගමන් ගන්නා අනිකුත් වාහන නැවැත්වීමට උත්සාහ නොකරන්න.

10.
ඔබ මාර්ග වියරුව (Road rage) ඇතිවන කෙනෙක් නම් අධිවේග මාර්ග පාවිච්චි කරන්න එපා. එසේ නැත්නම් ඔබට තරහ යන යමක් යම් රියැදුරෙක් කළොත් ඊට කිසිම ප්‍රතිචාරයක් දක්වන්න යන්න එපා. වියරුවට පත් රියැදුරන් එක් අයකුට හෝ දෙදෙනෙකුට ජීවිත ගණනක් වැනසීමට යන්නේ තත්පර කීපයක් පමණයි. කෙසේ හෝ ඉවසීම ජීවිත බේරා ගැනීමට ඉතා අවශ්‍යයි.


ඔබ මෙම උපදෙස් අනුගමනය කරන්නේ නම් ආරක්ෂාකාරී ලෙස වේගයෙන් ඔබගේ ගමනාන්තය කරා පැමිණීමට හැකිවනු ඇත.



මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

61 comments:

  1. මෙය නැවත නැවතත් සියල්ලන්ගේම අවදානය යොමුවිය යුතු ලිපියක් අයියෙ. බොහොම ස්තූතී

    ReplyDelete
  2. අගේ ඇති ලිපියක්. සාමාන්‍ය මාර්ගවලත් අපරික්ෂාකාරී ලෙස රේස් යන සමහර රියදුරන් අධිවේගී මාර්ග භාවිතා කිරීමනං බොහොම භයානක තත්වයක්.

    හොඳ වෙලාවට ඕවයෙ ත්‍රීවීල් වලට එහෙම යන්න නොදෙන්නෙ. එහෙම උනානං ජනගහන පාලනයට හොඳ විසඳුමක් හොයාගන්න තිබ්බ එතනිං. හැක්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි Praසන්ன. වෙන රටවල නම් මෝටර් සයිකල් වලට යන්න දෙනවා.

      Delete
    2. අසාදාරනයි අපිට යන්න නොදෙන එක

      Delete
    3. අසාදාරණයි අපිට යන්න නොදෙන එක

      Delete
    4. විශෙශෙන්ම දෙකක් දාපු වෙලාවක සිගරට් ගෙන්න යන්න දෙන්නෙ නැති එක

      Delete
  3. ස්තූතියි! මම 'නරක' රියදුරෙක් සාමාන්‍යයෙන්.. ඒත් බොහෝ ලෙස ප්‍රවේසම් වීමට උත්සහ ගන්නවා.. මේ උපදෙස් තමයි ඒ වෙලාවට ඔලුවට එන්නේ.. :/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කමී. එතකොට සේෆ්ටි මොලේ බලපානේ වැඩ කරන තැනට විතරද? හෙහ් හෙහ්

      Delete
    2. මේ මොනවා කියනවාද? ඌ සේෆ්ටි ගැන් බල්නනේ මාග කොම්පැනියේ විතරයි. උගේ සේෆ්ටි බැලුවාට තමුන්නැහේ පඩි ගෙවනවාද උන්නැහේට? ජීවිත්යේදි පාවිච්චි නොකරන දැනුම අර අහවල් සිථානයේ බැද්ද මිය වගේලු.

      Delete
  4. වටිනා පෝස්ට් එකක්.....

    ReplyDelete
  5. මගෙ ඩ්‍රයිවිං අන්තිම හොඳයි ,බොරුනං මාතලංගෙන් අහන්න

    ReplyDelete
    Replies
    1. මුලයි මැදයි?

      Delete
    2. මගෙත් වාහනේකට නගිනකම් ඩ්‍රයිවින් හොඳම හොඳයි. එලවන්න ගත්තම තමයි පොඩ්ඩක් අප්සෙට්.

      Delete
  6. සෑහෙන්න වටින පොස්ට් එකක් ඉයන්. හයිවේ වගේම සාමාන්‍ය නගර සිමාවලටත් වටිනව. පමණට වඩා හොර්න් නාදය, රෝඩ් රේජ් ඕව ටේක් දැන් සාමාන්‍ය දෙයක් වෙලා. අනික දඩයක් ගැහුවහම මම අරයව දන්නව මම මෙයාගෙ මෙයා වගේ ටෝක් නම් හරි අවලස්සනයි කැතයි. තමන් කල වැරැද්ද පිලිගන්නේ නැති එකාට තව මොනවද කොරන්න බැරි ඉයන්? මේකනම් හැමෝන්ටම වටිනා ලිපියක්. මම නං ලයිසන් ගන්න බලාපොරොත්තුවක් නං නෑ ඕන්. ලයිසන් තියෙන නෝනා කෙනෙක් බඳිනව. කොහොමද මොලේ? එක ගලෙන් ටූ බර්ඩ්ස්..!! 🙃 කොහොමද ඒක? එහෙම තමයි ආස.. 😜

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ටික්කා. දැන් දන්න අය හරහා දඩ වෙනස් කරගැනීම අඩුයි කියා හිතෙනවා. ඒත් පොලිසිය ගාන අරගෙන ශේප් කිරීම සහ ශේප් කිරීමට ගාන ඉල්ලීම නම් එහෙමමයි. ඒත් ඒවගේ බලපෑම් රෙකෝඩ් කරලා එෆ්බී දාන එක නිසා ඒකත් අඩුවක් වෙයි.

      ඒක නෙමෙයි ගෑණිව ඩ්‍රයිවර් වැඩේට ගත්තම හොර ශොට් එකක් එහෙම සර්විස් කරන්න තිබුණොත් එයත් එක්කම යන්න වෙනවා. ඔහේ නම් ඉතින් හොඳ ටියුබ් සර්විස් එකක් තියෙන නිසා එච්චර ගාණක් නැතිව ඇති.

      Delete
    2. හප්පටබොල ඉයන් තුමෝ..!! මේ ටික්ක ළඟ හොර ෂොට්, ස්පෙයා වීල්ස් නැහැනෙ හිටං. එදත් එහෙමයි අදත් එහෙමයි. ලබන මාසෙ 3 වෙනිද ලොකු උත්සවයකට මට ඉන්විටේෂන් දුන්නෙ සුද්ද ගේ වයිෆ්. පාටිය සුද්දගෙ උපන්දිනේ. සුද්දට ටැටූ ෂොප් එකක් තියෙනව. කාලයක් මම සුද්දගේ පට්ට කස්ටමර්. සුද්දි මම එක්ක අවුරුදු බර ගානක් වැඩ කළා එකම ආයතනයේ. සුද්ද අන්ඩ ටෙකර් වගේ. සුද්දි වොන්ඩ වුමන්. පාටි එකට නාවොත් මාව කිඩ්නැප් කරනව කිව්ව. වෙඩි තියනව කිව්ව. මරණිය තර්ජන කළා. බයටම මම හා කිව්ව. 😜😳 පස්සෙ මම මගේ කරගන්න ඉන්න කෙනාට කෝල් කරල පාටි එකට යමු කිව්වහම එයා කිව්වෙ “හනේ මට බැහැ, මට ඕව පුරුදු නැහැ. ඔයාගෙ යාළුවො මගෙ යාළුවො නෙමෙයි නේ. ඔයා යන්න” කියල. මම ඉතිං එයාට පොදු සමාව දීල මටම කියාගත්තෙ “ගෑනු කියන්නෙ හරිම මැටි ජාතියක්, මේකත් හරියන මගුලක් නෙමේ” කියල. ළේ දුන්නට කොහොමද බොලේ මොළයක් දෙන්නෙ ඉයන්? 🤔

      Delete
    3. මචං ටික්කා, මේක විසඳන එක සිම්පල්. උඹේ කෙල්ලට කියපන් මෙහෙම. "සුද්දගෙ ගෑණි කියනවා කොහොම හරි පාර්ට්නර් එක්ක එන්න කියලා. ඒ නිසා මගේ ඔෆිස් කේ ඉන්නවා තනියම ඉන්න ගෑණු ළමයෙක්. උඹ වෙන අය එක්ක පාටි වලට යන්න කැමති නැහැ. ඒ වුණාට ඔයාට එන්න බැරි නිසා එයා එක්ක ගියාට කමක් නැහැ නේද?" කියල අහපන්. ගාල කඩා ගෙන උඹත් එක්ක පාටියට එනව ශුවර්.

      Delete
    4. ඔච්චර දෙකට නැමෙන්න ඉයන් මේකි Meghan Markle නෙමෙයි නේ. හනේ බොට බැරිනං ගෙදරට වෙලා හිටහන් කියල මම යනව. පවට පිං දෙන්න බැහැනෙ හිටං 🤔 මොකද ලෝකෙ අවසාන ගෑනු පරානයත් එයා නෙමෙයි නේ?

      Delete
    5. ඔන්න බලපන් මිනිස්සු නොමඟ යවන හැටි. මට මාතලන්ද කොහෙද කිව්වා Meghan Markle ඔය හැරී කුමාරයා එක්ක එන්ගේජ් වුනාට කවදහරි බඳින්නේ අපේ ටික්කව කියල.

      Delete
    6. ඔන්න බලපන් ඉයන් තුමෝ!! මාතලන් නං නෝටි නෝටි නෝටි ඇමෙරිකා ම තමයි. මම ඕකව අල්ලගන්නන් කෝ. යකෝ කාටවත් කියන්න එපා කියලයි කිව්වෙ. මේ ටිකට ඔහෙටත් කියල හිටං. මෙව්ව විජාතික බලවේග. හුහ් බලමු එහෙනං. 🙈🙉🤣😂
      සී යු මිස්ටර් ඉයන්. ඔහේ මගෙ වෙඩිමට ඩෙෆා එන්න ඕන හොඳේ.

      Delete
  7. පසුගිය සති දෙක තුළ තුන් හතරවරක් කොට්ටාව-කඩවත අතර ගියා. මා ගමන් කළ කුලී වාහනවල රියදුරන්ගෙන් එක් අයෙකු පමණයි නිවැරදිව රිය පැදවූයේ. ඔහුත්, 100 kmph ගියේ ඉතාමත් අඩු කාලයක්. වාහනය ගැනණ විශ්වාස නැතුව ඇති. ඒවා වැඩිපුර ඇල්ටෝ වාහන.

    අම්මා සමග ගිය ගමන් දෙකේ දී ම, වාහනය ආ පසුයි දැන ගත්තේ පසුපස සීට් බෙල්ට් නැති බව!!!

    ReplyDelete
    Replies
    1. මේකට හේතුව පොලීසිය හෝ අන් ආයතනයක් අධිවේගී මාර්ගයේ ධාවනය පිළිබඳව මහජනයා දැනුවත් කිරීමට කිසිම උත්සාහයක් නොගැනීම. පොඩි රූපවාහිනී ක්ලිප් කීපයක් ඉඳහිට ප්‍රචාරයෙන් හැමෝම දැනුවත් කරන්න පුළුවන්. අධිවේග මාර්ග අළුත් එකක් නිසා එවන් දෙයක් කරන්න තිබුණා.බොහොම ස්තූතියි රසික

      Delete
  8. අංක 7, හත්පර 3 වඩා හොඳයි, තත්පර 4 ත් සමහර තැන්වල යෝජනා කරනවා.

    අංක 8 දී තත්පර 3 සිටිනවාට වඩා නිවැරදියි , බ්ලයින්ඩ් ස්පොට් එක චෙක් කරනවානම්,
    තමන්ගේ උරහිසට උඩින් දකුණු පැත්තේ පිටුපස බලන්ඩ. ඔන්න ඔය හරිය තමයි බ්ලයින්ඩ් ස්පොට් එක තිබෙන්නේ.
    අධිවේගේ නෙවේ මඳ වේගේ ගියත් ලේන් එක මාරු කිරීමට පෙර
    1. ටර්න් සිග්නල් එක දමන්න
    2. සයිඩ් මිරර් සහ රියර් විව් මිරර් වලින් බලා ලේන් එක මාරු කිරීමට ආරක්‍ෂිත යයි හැඟේ නම්
    3. දකුණේ හෝ වමේ (හරවන පැත්තේ) බ්ලයින්ඩ් ස්පොට් එක බලා එහි වාහනයක් නැත්තං ලේන් එක චේන්ජ් කරන්න
    4. එය ක්ෂණිකව නොව අංශක 1-2 ප්‍රමාණයකින් වෙන්නට ස්ටියරින් එක කපන්න ( ලොකු ඈන්ගල් ලිස්සීමට (skid) හේතු වන්නට පුළුවන)

    ReplyDelete
    Replies
    1. මේ වාහන වැරදි වලින් බොහොමයක්ම කරන්නේ Blog Posts ගැන අහලවත් නැති අය වෙන්නට පුළුවන්. ඒ නිසා මේ වගේ තොරතුරු පුවත් පත් වලට යැව්වොත් නරකද?. කොහොම වෙතත් ත්‍රී වීල් 'මල්ලිලාට' නම් ප්‍රාථමික පන්ති මට්ටමේ සිටම උගන්වන්නට සිදුවෙනවා.

      Delete
    2. හැට්ටර් සර්. මේ තත්පර 3 මම ඉගෙන ගත්තේ විදේශ රටක තියෙන උපදෙස් වලින්. තත්පර 4 වඩා හොඳ වෙයි. Blind spot එක ගැන පරීක්ෂාකාරී වීමත් අති වැදගත්. බොහොමත්ම ස්තූතියි.

      Delete
    3. දයාවී මහත්මයා ඔව් ඒකත් ඇත්ත. මම අරින්නම්

      Delete
    4. Road Safety වල 10 Commandments කියල තියෙනවා.. වෙලාවක පොස්ට් එකක් දාන්නම්..

      Delete
    5. බොහොම ස්තූතියි කල්‍යාණ මිත්‍ර. Looking forward to it.

      Delete
  9. අදිවෙගි මාර්ගයෙදි අපෙ අයගෙ එලවිල්ලනම් අන්තිමයි මචො...මම ගොඩක් දුරට අදිවෙගි මාර්ග දෙකෙම බස් එකෙ යන්වා..ඒ වෙලවට දකින සම්හර දෙවල් නිසා හිතේනවා ඒ සම්බන්දව මිට වඩා ලොකු දනුවත් කිරිමක් ඔනී කියලා..ලයිසන් එක ගන්න කොට ඒ සබන්දව දැනුවත් කිරිමක් එකතු කරානම් හොදයි කියලා හිතෙන්වා .

    මම වාහන එලවන්කොට වත්තෙ එලෙවත් හැරවිමෙදි සිග්නල් දානවම්යි....ඒකත් අපෙ අය අමතක කරන දෙයක් නෙද

    ReplyDelete
    Replies
    1. මෙන්ඩො උඹ යන්ඩ තිබුනේ ලංගම ඉස්පෝට් මීට් එකක් බලන්ඩ.
      මීටර් 800 දුවනකොට වංගුවේදී වම් අත යනවා ගියර් එකට.
      අම්මප සහතික ඇත්ත.

      Delete
    2. "මෙන්ඩො උඹ යන්ඩ තිබුනේ ලංගම ඉස්පෝට් මීට් එකක් බලන්ඩ.
      මීටර් 800 දුවනකොට වංගුවේදී වම් අත යනවා ගියර් එකට.
      අම්මප සහතික ඇත්ත" කාලෙකින් අහපු පට්ට ජෝක් එකක්..මේකනම් බුකියට කොපි කරනවා උඹේ නමත් එක්කම අමනාප වෙන්න එපා

      Delete
    3. අම්මෝ විට්ටරයෝ බොරු කෙලින්ඩ එපා

      Delete
    4. හැට්ටර් මම උබගෙ බ්ලොග් එක පැත්තට ගියා..අදයි දන්නෙ උබ බ්ලොග් එකක් ලිඅයන්වා කියලා
      එල ද බ්‍රා මෙන්ඩා

      Delete
  10. ඉයන්, බොහොම වටින ලිපියක්.
    අපේ රියදුරන්ගේ දැනුවත් විය යුතු තැන් බොහෝමයි.

    දිනක් මද අඳුරු වෙලාවක මම ත්‍රී වීල් එකක යමින් හිටියා. පාරේ බොහෝමයක් වාහන වල ලයිට් දමාගෙන යන අතරේ ඇතැමුන් ලයිට් නොදමා ගියා.

    මා ගිය ත්‍රීවීලරයේ රියදුරු මාත් සමග බනිනවා මුන්ට පිස්සු නේද සර් මෙච්චර හොඳට පාර පෙනෙද්දී ලයිට් දාගෙන යනවා කියලා.

    මම ඔහුට ඒ වෙලාවේ කියා දුන්නා ලයිට් දමාගෙන යන්නේ තමන්ගේ ආරක්ශාවට අනෙක් අයට තමන්ව පෙනෙන්න විතරයි. නැතුව පාර පෙනෙන්නට නෙවෙයි කියල.

    ඒකත් ඇත්ත තමයි කියල පිළිගත්තත් එහෙම කලාද කියල නම් දන්නේ නැහැ.

    අධි වේගී මාර්ග වල අවසානයේ තනි තීරුව බවට පත් වන තැන් වලදී (විශේෂයෙන් කඩවතදී ) ඇතැමුන් ඉදිරියෙන් යන වාහනය ඉස්සර කරනවා අනෙක් රියදුරාව සම්පූර්ණයෙන්ම අසරන කරමින්. ඊයේත් රජයේ කැබ් රථයක් මා සිටි රථය එතැනදී පසු කරා රිය පැදවී මගේ මිතුරා අසරන කරමින්.

    ReplyDelete
    Replies
    1. ඔව් නයනේ. ගොඩක් අය හිතන්නේ ගොම්මන් වෙලාවට ලයිට් නොදා යාම තමන්ගේ ඇස් පෙනීමේ හැකියාව ප්‍රදර්ශණය කරන්න පුළුවන් අවස්ථාවක් කියලා. පොලිස්යෙන් මේ දැනුවත් කිරීම නොවෙන නිසා අපිට හැකි පමණින් වත් රියැදුරන් දැනුවත් කරමු.

      Delete
  11. වටිනා උපදෙස් ටිකක් ඉයන්! ගෙදර අයත් එක්ක යනකොට මම සෑහෙන්න හොඳ රියදුරෙක්. තනියම යනකොට නම් මළ පනින ගතිය වැඩියි.

    ReplyDelete
  12. බොහොම වටිනා උපදෙස් මාලාවක්. මං ඉන්න රටේ වහින වෙලාවට හෙඩ් ලයිට් අනිවාර්යයි.. වහින වෙලාවට හෙඩ් ලයිට් නොදා ගියොත් Moving Violation එකක් වෙනුවෙන් දඩයක් හිමිවෙනවා අනිවාර්යෙන්.

    ReplyDelete

  13. හරි වැදගත් ලිපියක්. මමත් යම් යම් දේ ඉගන ගත්තා මේ ලිපියෙන්. මේ කියපුවාට අමතරව තවත් ඩෙයක් කියන්න කැමතියි. වහින වෙලාවක රිය පදවනවානම් පාරේ යන්න පුළුවන් උපරිම වේගයෙන් යෑම වලකින්න, ඊට මදක් අඩුවෙන් රිය පදවන්න. උදාහරණයක් විදියට, පැයට කිලෝමීටර 100ක වේගන් යන්න පුළුවන් අධිවේගී මාර්ගයේ පැයට කිලෝ මීටර 90ක හෝ 85ක වේගයෙන් රිය පදවන්න. එසේ නැති වුනොත් මාර්ගය ලිස්සායාම නිසා ඔබගේ වාහනය අනතුරකට ලක්වීමේ අවදානම වැඩියි. මම දන්න නංගි කෙනෙකුගේ වාහනය එවන් අනතුරකට ලක් වෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මෙත්මා. ඔව් පාර තෙමී ඇති අවස්ථාවල අදාල වේගයට වඩා අඩුවේගයකි යෑම කලයුතුමයි.

      Delete
    2. සහතික ඇත්ත...කටට ගල් කාලක් වක් කරන්න ඔනෙ..ඔන්න අද හවසත් ගාලු අදිවෙගි එකෙ වැන් එකක් පාරෙන් එලියට පැනලා
      එල ද බ්‍රා මෙන්ඩා

      Delete
    3. මගේ කටතනම් ගල් කාලක් වක් කරේ නැති උනාට කමක් නෑ.

      Delete
  14. ජිවිතේ යාත්‍රාව බ්ලොග් එක ගැන උබ මාතා අයියන්ඩිගෙ බ්ලොග් එකෙ දාලා තිබුනා ...ඒකට තව පොඩි ප්‍රසිද්දියක් දිපන්...ඒක එල බ්ලොග් එකක්
    එල ද බ්‍රා මෙන්ඩා

    ReplyDelete
  15. ඔබේ මේ ලිපිය ගොඩක් වටිනවා පාරට ගියාම තමයි රියදුරු මහතුන් කරන වැරදි පේන්නේ. ඔබේ මේ සමහර උපදෙස් දකින විට මට මගේ පියා මතක් වෙනවා. ඔහු ගමන් කරනවිට හුඟක් දේවල් කියලා දෙනවා.ඒවා අහලා නෙවෙයි කියලා දෙන්නේ. ඔහුත් එක්ක ජීවත් වීම ඉස්කෝලෙක ඉන්නවා වගේ තමා. හැබැයි ඔහුත් වේගෙන් යන්න හරි කැමතියි. ඒ අතර කවුරු හරි කැත විදියට ඉස්සර කරොත් ඒ එයාගේ අවසානේ තමා. කෙසේ වෙතත් අලුතින් රියදුරෙක් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට හොඳ ලිපියක් වගේම තමන්ගේ රිය ධාවනය පිලිබඳ දෙපාරක් හිතන්න පුළුවන් පෝස්ට් එකක්.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. //ඒ අතර කවුරු හරි කැත විදියට ඉස්සර කරොත් ඒ එයාගේ අවසානේ තමා. //

      හිතාගන්න පුළුවන්. බොහොම ස්තූතියි විචාරක දියණිය

      Delete
  16. Normally currently it advised to turn on your car lights every time you drive. Not only at evening or dawn . this because same reason you described. To seen by other drivers. This why modern cars has day time running light. My car don't have day time running lights therefore I turn on parking lights when I drive

    ReplyDelete
    Replies
    1. Thank you Mayura. Yes modern high end cars have automatic daytime lights. I hope soon the lower end models will also come with that feature.

      Delete
  17. වටිනා ලිපියක් .ස්තුති යි

    ReplyDelete
  18. ඔබේ කොමෙන්ටුව හරහා පාර හොයාගෙන ආවේ .

    හරිම වටිනා ලිපියක් .
    තුති වේවා , හැමෝම එක්ක බෙදා ගත්තට

    ReplyDelete